ජායාරූපය: සමරවීර මහතා වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය විසින් පැවැත්වූ ‘මාධ්‍යයේ දේශපාලනය‘ නමැති සම්මන්ත්‍රණයෙහි කතා කරයි, සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ ජායාරූපයෙහි වම් පස සිටී.
ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍ය සම්ප්‍රදායක් බිහි කිරීමට පොරොන්දු වී බලයට පැමිණී රනිල් – සිරිසේන ආණ්ඩුවේ මාධ්‍ය ඇමැතිවරයා වන මංගල සමරවීර පසුගිය 06 දින කොලඹ පැවැති ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයකදී මෙසේ කියා සිටියේය. ඒ වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය විසින් පැවැත්වූ ‘මාධ්‍යයේ දේශපාලනය‘ නමැති සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි.
‘‘ රජයේ ජනමාධ්‍ය පෞද්ගලික ජනමාධ්‍යට වඩා සාධාරණව අද ප්‍රවෘත්ති ලබා දෙනවා. නමුත් අපි කියල තියෙනව ගැහුවොත් පොඩ්ඩක් ගහන්න කියල. අපටත් මොකක් හරි කියන්න අයිතියක් තියෙනවනෙ.‘‘
මෙමගින් ඉතා පැහැදිලිව කියැවෙන්නේ රාජ්‍ය ජනමාධ්‍ය ආණ්ඩුවේ අතකොළුවක් ලෙස පාවිච්චි කරන බවයි. මේ වනාහී ඉතා පැහැදිලිවම පොදු දේපල අපහරණය කිරිමකි. රාජ්‍ය මාධ්‍ය ආණ්ඩුවේ දේශපාලන උපාංගයක් නොව හුදෙක් ආණ්ඩුව භාරයේ ඇති පොදු දේපලකි. එම පොදු දේපල ඒවාට අයත් නීතිමය රාමව යටතේ වැඩ කළ යුතුය. එම කිසිම ආයතනයක පාලන නීතීිරීති වල ආණ්ඩුවට ගැහුවොත් ගහන්න යැයි කියා නැති අතර මාධ්‍ය ඇමැතිවරයාට එවැනි උපදෙස් දීමට අයිතියක් ද නැත.
සමරවීර මහතාාගේ දේශණයෙහි ලංකා ඊ නිව්ස් වාරණය කිරිම ගැන සඳහන් “ලංකා ඊ නිවුස් තහනම ගැනත් වචනයක් කියන්නම්. අද කිසිම වෙබ් අඩවියක් තහනම් කරන්න බැහැ. තහනම් කරන්න උත්සාහ කිරීමත් පසු බෑමක් විතරයි. කිසියම් වෙබ් අඩවියක් තාක්ෂණයෙන් යම් කලකට හෝ නවත්තන්න පුළුවන් වුණත් ප්‍රොක්සි වෙබ් අඩවි හරහා ඒව කියවන්න පුළුවන්. ලංකා ඊ නිවුස් එකේ ලිපි මම තාමත් කියවනව ඒ විදියට. ඒ නිසා වාරණය කියන එක 21 වැනි සියවසට අදාළ කාරණාවක් නෙවෙයි” කොටස ගැන ඊ නිව්ස් කතුවර සදරැවන් සේනාධීර මෙසේ සඳහන් කර තිබේ:
‘‘සමරවීර මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු ජනමාධ්‍ය ඇමැති ලෙස ලජ්ජා විය යුතුය. ප්‍රොක්සි හරහා රටේ මාධ්‍ය කියැවීමට ජනමාධ්‍ය ඇමැතිටත් සිදුව ඇත්නම් ඔහු ජනමාධ්‍ය ඇමති ධූරයෙන් ඉල්ලා අස්විය යුතුය. ඒ අන් කිසිවක් නිසා නොව තමා යටතේම ජනමාධ්‍ය නිදහස වළලා තිබෙන බව තමන්ම පිළිගන්නා නිසා ය. “
සමරවීර මහතාගේ සම්පුර්ණ කතාව පහත පළවේ:
“මේ දේශනය ගැන කල්පනා කර කර ඉන්න අවස්ථාවේ මට පොතක් කියවන්න ලැබුණ Constructive news කියල. ඒක එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අමෙරිකා එක්සත් ජනපදය එක්ව කළ සමීක්ෂණයක්. එහි සඳහන් වෙන්නේ 2017 අවුරුද්දේ ජනතාවට විශ්වාසවන්තම වෘත්තියන් පිළිබඳවයි. ඉහළින් ම සඳහන් වන්නේ හෙද වෘත්තිය ඊළගට වෛද්‍ය වෘත්තිය. අන්තිම කෙළවරේ සඳහන් වෙනවා දේශපාලනය. ඒක එහෙයි මෙහෙයි කියල වෙනසක් නැහැ අපි කවුරුත් ඒක පිළිගන්න දෙයක්. නමුත් ඊට උඩින් තියෙන්නෙ ජනමාධ්‍යවේදීන් කියලයි. අපි දෙගොල්ලොම වගේ එක ම බෝට්ටුවක ඉන්නෙ. ඇමරිකාවෙ නෙවෙයි මෙහෙ සමීක්ෂණයක් කළත් මේ හා සමාන ප්‍රතිචාරයක් ලැබෙයි කියල මම හිතනවා. දේශපාලනඥයන්ට වගේ ම ජනමාධ්‍යවේදීනුත් විශ්වාසය අඩුවෙන් දිනාගත්ත පිරිසක් බවට පත් වෙලා තියෙන්නෙ ඇයි කියල අපි සමීක්ෂණය කරන්න ඕනෙ. ජනමාධ්‍ය කියන්නෙ රටක් පවත්වාගෙන යන ප්‍රධාන කුලුනක්. දේශපානඥයො කඩාවැටෙද්දි ජනමාධ්‍ය කියන කුලුනත් කඩාගෙන වැටෙනවා නම් ප්‍රජාතන්ත්‍රවාදයකට විශාල පහරක් එල්ල වෙන්න පුළුවන්.
වෙබ් අඩවියක පුවතක් පළ වෙන්නෙ යන්නෙ තත්පර කිහිපයක් නිසා වෘත්තීය ජනමාධ්‍යවේදීනුත් ඒ සමග තරග කරන්න යාමෙන් සත්‍ය යට යනව ද කියන දේ ගැනත් අපි හිතන්න ඕනෙ.
මට මතක් වෙනවා ප්‍රවීණ පුවත්පත් කලාවේදී ගුණදාස ලියනගේ මහතා ලියපු ශ්‍රී ලංකාවේ පුවත්පත් මෙල්ල කිරීම කියන පොතේ වාක්‍ය කිහිපයක්. ‘රජයක් මගින් යම් රටක පුවත්පත් පාලනය කරයි නම් එය එම රටේ නිදහසේ අවසානයයි. එමෙන් ම පුවත්පත් පළ කිරීමට සම්බන්ධ භාරදූර ජාතික වගකීම්වලට ගරු නොකර යම් පුවත්පත් පළ කරයි නම් එය ද රටක නිදහසේ අවසානයයි. ඒ වගේ ම එතුම ඒ පොතේ අන්තිමට මෙහෙම ලියනවා. නිදහස් රටක් නිදහස සුරක්ෂිත කර ගැනීම සඳහා ඇති හොඳ ම මාර්ගය නම් ආණ්ඩුව සහ පුවත්පත අතර පවතින ගැටුමයි. එය ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට අත්‍යාවශ්‍ය දෙයකි. දෙපක්ෂය සදාකාලික සටන් කරනවා විනා යම් විදියකින් එක් පක්ෂයක් ජයග්‍රහණය කළහොත් එය ප්‍රජාතන්ත්‍රවාදයේ පරාජයයි. දේශපාලනයේ සහ ජනමාධ්‍යයේ ගැටුම ප්‍රජාතන්ත්‍රවාදයට අත්‍යාවශ්‍ය සාධකයක්. ගැටුමක් තියෙන්නෙ ඕනෙ. අපි දෙගොල්ලො කරට අතදාගෙන රාජකාරි කරන්නෙ ගියොත් අපි දෙගොල්ලගෙම වැඩේ හරියට සිද්ධ වෙන්නෙ නෑ. අපට මතකයි පසුගිය යුගයදි ජනමාධ්‍යයට වඩා රජය කොතරම් ශක්තිමත් වුණා ද, ජනමාධ්‍යවේදීන් කී දෙනෙක් අපට අහිමිවුණා ද කියල. ඒ නිසා ම ජනමාධ්‍යයන් රජයේ හීලෑ ගෝලබාලයන් ලෙස කටයුතු කරපු කාලයකුත් තිබුණ. නමුත් අපට යළිත් වතාවක් ඒ තත්ත්වය සමබර කරන්න අපට පුළුවන් වුණා මේ පසුගිය අවුරුදු දෙක හමාරක කාලය තුළ. තොරතුරු දැනගැනීමේ පනත වැනි පනත් අපි සම්මත කරගෙන, ජනමාධ්‍යවේදීන්ට තමන්ගෙ මතය ඕනෑම විදියකට පළ කිරීමට අවස්ථාව ලබා දීල තියෙනවා. තහංචි මොකුත් ජනමාධ්‍යවේදීන්ට දාල නැහැ.
ඊයේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයේ දී එතුම ඇහුවෙ කාටත් තේරෙන දෙයක්. ලෝකයේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් බොහෝ පිරිසක් පැමිණිලා, ජනමාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකාවේද විතරක් නෙවෙයි ලෝකේ කිසිම රටක ද බාධා පැමිණිවීමට එරෙහිව සාකච්ඡා කරපු උත්සවේ කෝ අපේ ජනමාධ්‍යවේදී මහත්වරු. නමුත් මේ කර්තෘවරුන් ම මාධ්‍ය නිදහස නැති කිරීමට වගකිව යුත්තන් ම යළි වතාවක් කරළියට ගේන්න දිවා රෑ වැඩ කරනවා.
රජයේ ජනමාධ්‍ය පෞද්ගලික ජනමාධ්‍යට වඩා සාධාරණව අද ප්‍රවෘත්ති ලබා දෙනවා. නමුත් අපි කියල තියෙනව ගැහුවොත් පොඩ්ඩක් ගහන්න කියල. අපටත් මොකක් හරි කියන්න අයිතියක් තියෙනවනෙ. නමුත් එදා වගේ අපේ විරුද්ධවාදීන්ගේ අම්මල තාත්තල මතක් කරල බනින්නෙ නෑ. ඒකාලෙ ගුවන්විදුලි සංස්ථාවේ හිටිය මහත්තයෙක් එයා මගෙ අම්ම මතක් කරල තියෙනවා සිය වතාවකට වඩා, මට නපුංසකයා කියල තියෙනව දෙසිය වතාවකට වඩා. ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්තිවලින් පස්සෙ තිබුණ තවත් ඒ වගේ වැඩසටහනක්.
ලංකා ඊ නිවුස් තහනම ගැනත් වචනයක් කියන්නම්. අද කිසිම වෙබ් අඩවියක් තහනම් කරන්න බැහැ. තහනම් කරන්න උත්සහ කිරීමත් පසු බෑමක් විතරයි. කිසියම් වෙබ් අඩවියක් තාක්ෂණයෙන් යම් කලකට හෝ නවත්තන්න පුළුවන් වුණත් ප්‍රොක්සි වෙබ් අඩවි හරහා ඒව කියවන්න පුළුවන්. ලංකා ඊ නිවුස් එකේ ලිපි මම තාමත් කියවනව ඒ විදියට. ඒ නිසා වාරණය කියන එක 21 වැනි සියවසට අදාළ කාරණාවක් නෙවෙයි,”
අද නිදහස් ජනමාධ්‍යයට ප්‍රධාන තර්ජනයක් වී ඇත්තේ විශේෂයෙන්ම අන්තර්ජාලය තුළින් බොරු ප්‍රවෘත්ති විකාශ කිරීම බවත් ඒ සඳහා ට්‍රෝයි නමින් හඳුන්වනු ලබන මුදල් ගෙවන කණ්ඩායම් යොදාගන්න බවත් ජනමාධ්‍ය ඇමැතිවරයා හෙළිදරව් කළේය. සැබෑ මිනිසුන්ගෙන් සැදි ‘ට්‍රෝයි‘ මෙන්ම කිසිදු අයකු නැති ‘බොට්ස්‘ නමින් හදුන්වන එකක්ද මෙම ක්‍රියා සඳහා යොදාගන්නා බවත්, ශ්‍රී ලංකාවේ දේශපාලනයට බලපෑම් කිරීම සඳහා යොදා ගන්නා මෙබඳු ඒකක වැඩි ප්‍රමාණයක හඳුනාගැනීමේ අංක ඇත්තේ ලිබියාවේ, රුසියාවේ හෝ පැරණි සෝවියට්දේශයට අයත්ව තිබූ නැගෙනහිර යුරෝපීය රටවල බව සමීක්ෂණයකදී හෙළි වූ බව ජනමාධ්‍ය ඇමැතිවරයා හෙළිකළේය. ශ්‍රී ලංකාවේ දේශපාලනයට බලපෑම් කිරීම සඳහා යොදාගන්නා මෙම ව්‍යාජ ඒකක වැඩි ගණනක සේවය ලබාගන්නේ නාමල් රාජපක්ෂ බව තමා වගකීමෙන් කියන බවද ජනමාධ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.