ජායාරූපය: යාපනයේ පුස්තකාලය අසළ යුද හමුදාව ඉදිකළ වෙසක් තොරණ; credit: Garikaalan Twitter .
යුද හමුදාව කිළිනොච්චියහි වෙසක් සැරසිළි කිරීම ප්‍රශ්ණ කරමින් මා යැවූ ටිවීට් පණිවිඩයක් විමල් වීරවංසට සම්බන්ධ වෙබ් අඩවියක පළ කිරීමෙන් පසු ඉතාම අසභ්‍ය වචන මුහුණූ පොතෙහි පුරවමින් ඝෝෂාවක් ඇති කර තිබේ.
මා ට්වීට් පණිවිඩයෙහි ලියුවේ මෙයයි: ‘බෞද්ධයන් නැති කිළිනොච්චියේ යුද හමුදා වෙසක් සැරසිළි! කඳවුරු ඇතුලේ කරගත්තනම් නේද හොද? ආගමික ආක්‍රමණයක් වගේ දෙයක්!’
මගේ අදහස විවේචනය කිරීමට ඇති අයිතිය පිළිබඳ ප්‍රශ්ණයක් නැත. මා ලියා ඇති ශෛලිය ප්‍රහාරත්මක එකක් ද නොවේ. එහි ඇත්තේ සාකච්ජාමය ප්‍රවිශ්ඨයකි.
ඊට විරුද්ධව මුහුණූ පොතෙට එක් කරන ලද එක් කොමෙන්ටුවක ඇත්තේ හමුදාවට චාන්ස් එක්ක ගැනීම පිනිස මා විවාහ වී සිටින ගැහැණිය ඔවුන්ට බාර දිය යුතු බවයි.
මේ මහත්වරු වෙසක් දිනයෙහි යුද හමුදාවෙන් බලාපොරොත්තු වන්නේ එවැනි සේවාවක්ද? මේ යුද හමුදාවට ගරු කිරීමක්ද? නැත. මේ වනාහී හුදු ජාතිවාදයෙන් විකෘති වූවන්ගේ ඝෝෂාවක් පමණකි.
තවත් සමහරුනට මගේ පස්ස පැත්තේ රස බැලීමට ද අවශ්‍ය වී තිබේ. තවත අයෙකුට අනුව මෙරට දෙමළ සහ මුස්ලිම් සියළු දෙනාම බලහත්කාර අධෝමුඛ සංසර්ඝ ප්‍රචන්ඩත්වයට ලක් කළ යුතුය. තවත් කොමෙන්ටුවකින් කියන්නේ යුද හමුදාව කඳවුරු ඇතුලේ නොව වෙසක් උත්සවය පැවැත්විය යුත්තේ මගේ (මියගිය) මවගේ යෝනිය තුළ බවයි. තවත් අයෙක් එම අසභ්‍ය වචන ලියා ඇත්තේ තම දරුවන්ගේ ජයාරූප සිය සංකේත රූපය ලෙස යොදා ගනිමිනි. මේ සියලු දෙනාම මෙම අශීලාචාර වෛර බසින් ලියා ඇත්තේ සිය නමද සහිතවය! (ලිපය අවසානයේ ඒ සමහරක් කොමෙන්ටු මුහුණූ පොතෙන් උපුටා ගෙන අලවා ඇත)
මෙසේ තිත්ත කුණූහරැප ලියන අය සිතා සිටිනනේ තමන් බුද්ධාගමෙහි ආරක්ෂකයින් යැයි කියා විය යුතුය. බුදු දහම ආරක්ෂා කිරීම පිනිස මේ මහත්වරුන්ට ඇත්තේ තිත්ත කුණු හරුප නම් ඒ විසින් පෙන්වන්නේ සාදචාරයක් ද දුරාචාරයක්ද යන්න තර්ක කිරීමට තරම් දෙයක් නොවේ.
මේ කුණු හරුප ලියූ සියලු දෙනාම වීරවංශ වෙබ් අඩවියේ පාඨකයන් බව පෙනේ. එම අඩවියෙහි මෙවැනි අශික්ෂිත බසින් මෙරට බොහෝ දේශපාලනඥයින්ටද පහර දෙනු ලැබේ. කිසිවක් තේරුම් කර දිය නොහැකි එවැනි මහත්වරුන්ට පිළිතුරු දීමෙහි තේරුමක් නැත.
නමුත් එක් දෙයක් පැහැදිළිය. වීරවංශවාදීන් බලවට පැමිණිය හොත් ශ්‍රී ලංකාවේ ඇති විය හැකි මිනීමරු දේශපාලනය මෙම කොමෙන්ටු මගින් ඉඟි කරන බවය.
ප්‍රශ්ණය කිසිදු බෞද්ධයකු නැති කිලිනොච්චියෙහි සහ තවත් පෙදෙස්හි දෙමළ ජනතාවගේ හැගීම් ගැන නොසළකා යුද හමුදාව ඔවුන්ගේ නොවන ආගමක් ප්‍රචාරය කිරීමයි. අප කල්පනා කළ යුත්තේ එයින් ඇති වන්නේ විශ්වාසයක් ද අවිශ්වාසයක්ද යන්නයි.
දැනටමත් දෙමළ සහ ඉංග්‍රීසි සමාජ ජාලයන්හි මෙම ප්‍රශ්ණය බොහෝ අය විසින් නඟා තිබේ. දෙමළ වෙබ් අඩවි වාර්තා කරන්නේ මෙය දෙමළ ජනයා මත පතුරුවන බෞද්ධාගමික ආක්‍රමණයක් බවය. සිංහලයින් පමණක් වෙසෙන ප්‍රදේශයකට කතෝලික හමුදා ජෙනරල්වරයකු පැමිණ මහා ලොකුවට හමුදා බලයෙන් නත්තල් සැමරුමක් කළ හොත් කුමන හැගීමක් ඇති වෙයිද කියා කල්පනා කර බලන්න. කිළිනොච්චියෙහි දෙමළ ජනයාගේ හැඟිම් තේරුම ගත හැක්කේ එවිටය.
දෙමළ ජනයා අතර පොදු වශයෙන් යුධ හමුදාව ගැන කැමැත්තක් නැත. 1989 – 90 කාලයෙන් පසු බොහෝ සිංහල ජනයා අතර ද එවැනිම හැගීමක් තිබුණි. දෙමළ ජනයාගේ ඉඩ කඩම් අක්කර දහස් ගණනින් තවම ත්‍රිවිධ හමුදාව ආපසු බාර දී නැත. අතුරුදහන්වූ දසදහස් ගණනාවක් සිය ඥාතීන් ඉල්ලා උතුර පුරාම දෙමළ ජනයා දැන් දෙමාසයක් තරම් උද්ඝෝෂණයන්හි යෙදී සිටිති.
දෙමළ ජනයාගෙන් අල්ලා ගෙන තිබෙන ඉඩම් යුද හමුදාව විසින් බුදුන්ගේ දැක්ම අනුව මේ වෙසක් උත්සවය වෙනුවෙන් ආපසු බාර දුන්නේ නම් කිලිනොච්චිය සරසරනවාට වඩා මහත් ආනිසංස ලබා ගැනීමට නොතිබුණිද? අද උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ ප්‍රශ්ණය වෙසක් උත්සවය නොවේ. උදුරාගෙන තිබෙන සිය ඉඩකඩම්, අවුරාලමින් ඇති සිය නිදහස සහ අතුරුදහන් වූ සිය දරුවන් ගැනය.
එවැනි තත්වයක් යටතේ යුද හුමදාව වෙසක් උත්සවය සඳහා දෙමළ ජනයා ජීවත්වන පෙදෙස්හි සැරසිළි කිරීමෙන් එම ජනයා තුළ ඇතිවන හැගීම ආගමික බලහත්කාරයක හැගීමක් නොවේද? යුද හමුදාවේ බෞද්ධ පිරිස්වලට වෙසක් උත්සවය සැමැරීමට අයිතියක් තිබේ. එනමුත් එම උත්සවය බෞද්ධ නොවන ජනයා මත පැටවීමට එයට අයිතියක් නැත. යුද හමුදා සෙබලුන් විසින් සිය ආගමික උත්සව පැවැත්වීම සිදු විය යුත්තේ නිල ආයතනික මට්ටමෙන්ද පුද්ගලික මට්ටමෙන්ද යන්න සාකච්ජා විය යුතු කරුණකි. යුද හුමුදා පිරිස් ද කල්පනා කළ යුත්තේ තමන් විසින් දෙමළ පෙදෙසේහි කරන විශාල වෙසක් සැරසිළි නිසා දෙමළ ජනයා කුමන හැගීමක් ඇති කර ගන්නේ ද යන්නයි. මෙම සැරසිළි නිල යුද හමුදා කාරියක් ද? සොල්දාදුවන්ගේ පුද්ගලික කැමැත්තක්ද? සංහිදියාව කරා වූ පියවරක්ද? නැත්ද?
ඇත්ත වශයෙන්ම නම් ආගම සහ යුද හුමුදාව ද අයත් වන ජය අතර තිබිය යුත්තේ අතේ දුර සම්බන්ධයකි. සෑම රජයකටම ආගමට අනුකූල නොවන දේ කිරීමට හෝ එවැනි දේ නියාමනය කිරීමට සිදුවෙයි. සතුන් මැරීම බුදු දහමට එකඟ නැත. නමුත් රජය එම කාරියට අත හිත දෙයි. රජය මර්දනයේ උපකරණයකි. එවැනි ආයතනයක් සමඟ ආගම සම්බන්ධ වන්නේ කෙසේද?
අද වෙසක් උත්සවය ද දේශපාලනඥයින්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ වාසනාවක් බවට පත්ව තිබේ. එය මහජනයාට අයත් නැත. කිළිනොච්චියේ දිස්ත්‍රික් ලේකම් කාරයාලය විසින් මෙම වෙසක් උත්සවය සඳහා පවත්වාගෙන යන දන්සැළක් සම්පූර්ණයෙන්ම හිස්ව තිබෙන දර්ශණ දෙමළ සමාජ ජාලයන්හි සංසරණය වෙයි. ඉන් මෙරටට ලැබෙන්නේ හොඳ නමක්ද?
ශ්‍රී ලංකාවට එක් ජනතාවක් ලෙස ඉදිරියට යෑමට නම් අත්‍යවශ්‍යම සාධකය යුක්තිය සහ සහජිවනයයි. සිංහල , දෙමළ , මුස්ලිම් ජනයා තුළ යුද්ධය නිසා ඇතිවූ අවිශ්වාසයන් අහෝසිකිරීමයි. තුවාල සුව කිරිමයි. යුද්ධයේ එක් පාර්ශවයක් වූ මුලික වශයෙන්ම සිංහල බෞද්ධ වන යුද හමුදා පිරිස් දෙමළ ජනයා ජිවත් වන සහ බෞද්ධයින් නැති පෙදෙස්හි බෞද්ධාගමික උත්සව ඉහළින් පැවැත්වීමෙන් ඊට ලැබෙන්නේ රුකුළක් ද නැත්ද යන්න කල්පනා කර බලන්න.
මුහුණූ පොතේ ලියා තිබූ කොමෙන්ටු කිහිපයක් පහත දැක්වේ.
Hemantha Wickramage camp eka etule newei ube ammage ahawal eka etule karaganna tibune. geri balla
Idhusara Hemal Wasalabandara Wal ballo budu hamuduruwange Nirmala darmayata sima maim ne eka denaganin doller kakko kadaura ethule newei yako api Sinhala demala Muslim kristhiyani hemoma Ada mulu lankawama sarasaddi pahara thirisano thoge mole kachalda balapan amanaya tho rata idan kegahanne warenko lankawata face to face Katha karanna onna balapiya thota labana wesak poya wenakanwath Inna wenne thoge miniyath keli keli wela thowa merenne
Pradeep Kavinda Kotuwegedara NGO වලට ඕනේ ප්‍රශ්න ජාතීන් අතර ආගම් අතර නැත්නම් පැවැත්මක් නෑ සල්ලි නෑ. උතුරේ පල්ලියේ සෙට් එක මෙහෙම කියලා ෆෝම් කලාම උන් ඒවාට හානි කරයි දැවෙන ප්‍රශ්යනක් නිර්මානය වෙයි. එකවුන්ට් වලට සල්ලි වැටෙයි. යුද්ධය නොමැති වීමෙන් වැඩි පුරම අනාත වූයේ NGO ය. අපි ආයේ යුද්ධයක් පටන් ගනිමු
Ranil Tharanga Herath මොකද හුත්තෝ කියන කැරී කතා,මෙක බෞද්ද රටක් මුලූ රටම බෞද්ද කොඩී වලින් සැරසුවත් තොට මොකද,දෙමල ,තම්බීන්ගේ පුකේ අරින්න ඔන කැරී බලු හැත්ත
Ranil Tharanga Herath උබ බැදන් ඉන්න නාකී හුත්තිගේ කිම්බ අස්සේ සැරසිලි කරානම් කාටවත් පෙන්නේ නැ චාන්ස් එකක් දිපන් ආමී එකට