Tuesday, July 16, 2024

ශ්‍රී ලංකාවේ යුක්තිය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය කණගාටුදායක ලෙස ප්‍රමාදයි – මහ කොමසාරිස් සෙයිඩ්ගේ වාර්තාව

ජායාරූපය: ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට ශ්‍රී ලංකා ධජය.©s.deshapriya.

ශ්‍රී ලංකාවේ සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමයේ මන්දගාමීත්වයත් පසුගිය අපරාධ ආමන්ත්‍රණය කිරිම සඳහා සමස්ත  උපාය මාර්ගයක් නැතිකමත් විසින් කල් පවත්නා සාමය, ප්‍රතිසන්ධානය සහ ස්ථාවරබව සඳහා වන ගාමකත්වය පීළිපැන්නවිය හැකි බව මහ කොමසාරිස් ශ්‍රී ලංකාව පිළිබඳ සිය වාර්තාවෙන් කියා සිටියි.

මෙම මස 22දින දැනට පැවත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 34 වන සැසි වාරයේදී සාකච්ජා කිරීමට නියමිත එකි වාර්තාව පසුගිය සිකුරාදා ප්‍රකාශයට පත් කරන ලදී. මෙම වාර්තාව 2015 සැප්තැම්බර් මානව හිමිකම් කවුන්සිලය මාසයෙහිදී ශ්‍රී ලංකාවේ සම දායකත්වයෙන් යුතුව සම්මත කරන ලද යෝජනාව ක්‍රියාත්මක කිරීමෙහි ප්‍රගතිය වාර්තා කිරීම සදහා එම යෝජනාව විසින්ම ඉල්ලා සිටින ලද්දකි.

සෙයිඩ් විසින් 22දින කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත එම වාර්තාව ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම් සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය ප්‍රසංසාවට ලක් කරයි. එසේ නමුත් සංක්‍රමණීය යුක්තිය පිළිබඳව දෙන ලද පොරොන්දු ඉටු කිරීම කණගාටුදාක ලෙස මන්දගාමී යැයි ඔහු ප්‍රකාශ කරයි.

‘‘ මාස 17කට පෙර ගැටුම් සමයෙහි ශ්‍රී ලංකාවෙහි සිදු කරන ලද දරුණූ මානව හිමිකම් කෙළෙසීම් ගැන අප විසින් දීර්ඝ වාර්තාවක් ඉදිරිපත් කරන ලද අවස්ථාවෙහි ශ්‍රී ලංකාන්ඩුවෙන් සහ එහි ජනතාවගෙන් සැබැවින්ම මූලධාර්මික වෙනසක් සඳහා ලැබි ඇති මෙම ඉතිහාසීය අවස්ථාව පැහැර නොහරින්නැයි මම ඉල්ලා සිටියෙමි” යැයි සෙයිඩ් එම වාර්තාවෙන් කියයි.

‘‘ ශ්‍රී ලංකා ඉතිහාසයෙහි එළඹ ඇති මෙම තීරණාත්මක අවස්ථාව අත හැරිය නොහැරිය හැකි එකකි. ශ්‍රී ලංකාන්ඩුවෙන් සහ එහි මහජනයාගෙන් මා ඉල්ලා සිටින්නේ ප්‍රතිසන්ධානය සමඟම යුක්තිය ඉටු කිරීමද මූලිකත්වයක් බවට පත් කරන ලෙසත් එමගින් පසුගිය අපරාධයන් සම්බන්දයෙන් නිසි පියවර ගෙන ඒවා යළි ඇතිවීම වළක්වන ලෙසය” යැයි ඔහු තවදුරටත් කියයි.

පිටු 17කින් යුතු මෙම වාර්තාව දිර්ඝ වශයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳව කරුණු සඳහන් කරන අතර නිගමන සහ නිර්දේශයන්ද ඉදිරිපත් කරයි.

මෑතදී ප්‍රසිද්ධියට පමුණුවන ලද ප්‍රතිවිචාරණ කාර්ය සාධක බලකායේ වාර්තාව පිළිගන්නා ලෙසත්, ප්‍රතිසන්ධාන වැඩ සටහන පිළිබඳව මහජන අවබෝධය ඇති කිරීමට සන්නිවේදන ව්‍යාපාරයක් අරඹන ලෙසත් ශ්‍රී ලංකාවෙහි කාර්යාලයක් ආරම්භ කිරීමට එක්සත් ජාතිතීන්ගේ මානව හිමිකම් කාර්යාලයට ආරාධනා කරන ලෙසත්, යුද හමුදාව විසින් අල්ලා ගෙන ඇති සියළුම පුද්ගලික ඉඩම් ආපසු දීමට ඉහළ ප්‍රමුඛත්වයක් දෙන ලෙසත් දෙමුහුම් අධිකරණයක් පිහිටුවීමට අවශය නීති සම්පාදනය කරන ලෙසත් එම නිර්දේශ ශ්‍රී ලංකාවට කියා සිටී.

එමෙන්ම මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවලට එය නිර්දේශ කරන්නේ තව දුරටත් ශ්‍රී ලංකාව සමඟ සාධනීය ගනුදෙනුවක නිරත වන අතරම ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් එම රටවලට පැමිණෙන  අවස්ථාවන්හිදී අන්තර් ජාතික නීතිය පාවිච්චි කර ඔවුන්ට නඩු පැවැරීමට ක්‍රියා කරන ලෙසත්ය‍.

එමෙන්ම වර්තාව වර්තමානයෙහි ශ්‍රී ලංකාවෙහි සිදුවන මානව හිමිකම් කෙළෙසීම් ද පෙන්වා දෙයි. ඒ අතර මානව හිමිකම් ක්‍රියාධරයින්ට කැරෙන තර්ජන ගර්ජන, පොලීසියේ අනිසි ක්‍රියා සහ වධහිංසා පැමිණවීම් ද ඇතුළත් වේ.

Archive

Latest news

Related news