Friday, November 22, 2024

මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා යෝජනාව ගැන ඇමෙරිකාව හා අනුග්‍රාහක රටවල් පසුගාමී පිළිවෙතක – හියුමන් රයිට්ස් වොච්

ජායාරූපය: ශ්‍රී ලංකික මානව හිමිකම් ක්‍රියාධරයින් දෙදෙනෙකු වන ප්‍රෙඩී ගමගේ සහ සන්ධ්‍යා එක්නැළිගොඩ ජානීවාහි මානව හිමිකම් කවුන්සලයේ 34 වන සැසිවාරය අතරතුර පැවැති සමාන්තර රුස්වීමක කතා කරමින් වගවීම සහ යුක්තිය සහතික කිරීම ආණ්ඩුවේ වගකීම බව පෙන්වා දෙන ලදී. (c)සුනන්ද දේශප්‍රිය.

දශකයක පමණ කාලයක් තිස්සේ පැවති එ්කාධිපති පාලනයෙන් අනතුරුව පැවති මැතිවරණයෙන් ශ‍්‍රී ලංකාව සුවිශේෂී වෙනස්කම් බොහොමයක් අත්විඳින්නට වූ අතර 2006 සිට පැවති මහින්ද රාජපක්ෂ රජය පරදවා පිහිටවූ නව රජයේ ජනාධිපතිවරයා ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වූ මෛත‍්‍රීපාල සිරිසේන මහතා දිවුරුම් දුන් අතර එම රජයේ අග‍්‍රාමාත්‍යවරයා ලෙස  දිවුරුම් දෙනු ලැබුවේ දිගු කලක් විපක්ෂ නායක තනතුර හෙබවූ රනිල් වික‍්‍රමසිංහ මහතාය.

මාධ්‍ය සහ සිවිල් සමාජ කණ්ඩායම් වෙත මෙතෙක් පනවා තිබූ සීමාවන් ඉවත් කිරීම, විධායකයේ බලතල සීමා කිරීම සඳහා වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන එ්ම සහ අධිකරණයේ ස්වාධීනත්වය ප‍්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා වූ පියවරයන් ගැනීම ආදිය නව රජයේ ප‍්‍රමුඛ කාර්යයක් බවට පත් විය. රාජපක්ෂ පාලනය තුළ දක්නට තිබුණු ප‍්‍රහාරාත්මක හා ප‍්‍රචණ්ඩ ප‍්‍රවේශය වෙනුවට, ජාත්‍යන්තර ප‍්‍රජාව සමග විවෘත සංවාදාත්මක ප‍්‍රවේශයක් අනුගමනය කිරීම සහ මානව හිමිකම් සංවිධානය සමග සුහදශීලී ලෙස  ගනුදෙනු කිරීම හරහා ගැටලූ විසඳා ගැනීමට අවතීර්ණ වීම නව රජය තුළ දක්නට ලැබුණු ප‍්‍රශංසාත්මක ලක්ෂණයකි.

කෙසේ වෙතත් පොලීසිය විසින් පුද්ගලයින් හිංසනයට පත් කිරීම ඇතු`ඵ ආරක්ෂක අංශ විසින් පවත්වාගෙන යනු ලබන දණ්ඩනයෙන් වැළකී සිටීම වැළැක්වීම සඳහා ප‍්‍රමාණවත් පියවරයන් ගැනීමට රජය පොහොසත් වී නොමැත. මෙම ලිපිය කෙටුම්පත් කෙරෙන අවස්ථාව වනතුරු ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත පරිච්ýන්න කිරීම සඳහා අවශ්‍ය කිසිදු පියවරයන් රජය විසින් ගෙන නොමැත. එම පනත අවලංගු කරන බවට දී තිබූ පොරොන්දු මෙතෙක් ඉටු වී නොමැත. ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටිනු ලැබූ රැඳවියන් 200 ක් පමණ දෙනෙකු විසින් ආරම්භ කරන ලද මාරාන්තික උපවාසය කරණ කොට රජය විසින් පසුගිය නොවැම්බර් මාසයේදී එම සිරකරුවන්ගෙන් කිහිප දෙනෙකු ඇප මත මුදා හරින ලද අතර තවත් පිරිසක් පුනරුත්ථාපනය සඳහා යොමු කරන ලදී. ඉතිරි සිරකරුවන් සම්බන්ධයෙන් අධිකරණමය ක‍්‍රියාමාර්ග ගන්නා බව ප‍්‍රකාශ වී ඇත.

ශ‍්‍රී  ලංකා රජය 1983 වසරේ සිට 2009 වසර දක්වා කාලසීමාව තුළ බෙදුම්වාදී එල් ටී ටී ඊ සංවිධානය සමග පැවති ගැටුම් වලදී දෙපාර්ශ්වය විසින්ම සිදු කරන ලද බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිලිබඳව වාර්තාවක් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය විසින් පසුගිය අගෝස්තු මාසයේදී එළිදක්වන ලදී. 2014 මාර්තු මස පැවති මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා සම්මුතියක් මගින් මෙම වාර්තාව සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දෙන ලද අතර එ් තුළ නීතිවිරෝධී ප‍්‍රහාර, ඝාතන, බලහත්කාරයෙන් පැහැර ගෙන යාමේ, වද හිංසනයන් පැමිණවීම, ලිංගික ප‍්‍රචණ්ඩත්වය සහ මානුෂීය සහන කටයුතු වල නියැලි  පුද්ගලයන් හට එල්ල කරන  ලද ප‍්‍රහාර ඇදී මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ සිදුවීම් සවිස්තරාත්මක ලෙස  ඇතුලත් කොට ඇත.

අදාල වාර්තාව නිකුත්වීමක් සමග යුධ සමය තුළ සිදුවූ අපයෝජනයන් පිළිබඳ විමර්ෂණය කොට එකී සිද්ධීන්ට සම්බන්ධ පුද්ගලයන් හට දඬුවම් නියම කිරීම සහ ශ‍්‍රී ලාංකීය අධිකරණ රාමුවක් තුළ  විදේශීය විනිසුරුවරුන් සහ අධිචෝධකයින් ඇතුලත් කිරීම ආදිය ඇතුලත් වාර්තාවේ ප‍්‍රධාන නිර්දේශයන් ක‍්‍රියාත්මක කිරීම සඳහා ශී ලංකා රජයෙන් ඉල්ලා සිටිමේ යෝජනා සම්මතයක් මානව හිමිකම් කමිටු සභික රාජ්‍යයන් විසින් අනුමත කරන ලදී.

මාධ්‍යවේදීන් බලහත්කාරයෙන් අතුරුදන් කරවීම සහ  ඝාතනය  කිරීම් ආදී යුධසමය තුළ සිදුවූ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ සිද්ධීන් කිහිපයක් සෘණාත්මක ලෙස  විමර්ශනය කිරීමට මේ සමග ශ‍්‍රී ලංකා රජය කටයුතු කළේය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන
නව රජය විසින් පසුගිය ජුනි මාසයේදී  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව 19 වැනි සංශෝධනය ගෙන එන ලදී. එම සංශෝධනයේ අරමුණ වූයේ විධායක ජනාධිපති ධූරයේ බලතල සීමා කිරීම සහ පොලිස් අධිකරණ, මානව හිමිකම් සහ මැතිවරණ කොමිසම් සභා ආදී ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමයි. අදාල සංශෝධනය, එය  හඳුන්වා දෙනු ලැබූ අවස්ථාවේදී තිබූ පරිදි දිගු කාලීන දැක්මක් සහිත නොවුවත් විධායක ජනාධිපතිවරයාගේ ධූර කාලය දෙවරකට සීමා කිරීම සහ අග‍්‍රාමාත්‍යවරයාගේ බලතල ඉහළ දැමීම ආදී  විධිවිධාන එ් තුළ අන්තර්ගත විය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවක් පත් කළ බවත් එමගින් උක්ත ස්වාධීන කොමිෂන් සභා සඳහා අවශ්‍ය සිදුකිරීම් සිදු කරනු  ලැබීමත් සැප්තැම්බරයේදී රජය නිවේදනය කරන ලදී.  රාජපක්ෂ පාලනය තුළ අකර්මන්‍යව පැවති මානව හිමිකම් කොමිෂන් සභාව සඳහා දීර්ඝ කාලයක් තිස්සේ මානව හිමිකම් වෙනුවෙන් හඬ නැගූ විද්වතුන් පත් කරන ලදී.

මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම සහ බලය බෙදා හැරීම පිළිබඳ වැඩිපුර ව්‍යවස්ථාමය සංශෝධනයන් ගෙන එන බවට රජය ප‍්‍රතිඥ දී තිබේ.

අතීතයේ සිදුවූ  අපයෝජනයන් වෙනුවෙන් වගවීම
රජය සදහ එල්. ටී. ටී. ඊ  සංවිධානය විසින් සිදු කරන ලද පුද්ගල පහරදීම්, ඝාතනයන්, අතුරුදන් කරවීම්, ස්ත‍්‍රී දූෂණයන් සහ ලිංගික අපයෝජනයන්, යුධ කටයුතු සඳහා බලහත්කාරයෙන් ළමුන් බඳවා ගැනීම සහ ජාත්‍යන්තර මානුෂීය සහන බෙදා හැරීම වැළැක්වීම ආදී ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම සහ අනෙකුත් උල්ලංඝනයන් පිළිබඳ සිද්ධීන් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ 2014 වාර්තාව මගින් ප‍්‍රකාශයට පත් කරන ලදී.

බරපතල උල්ලංඝනයන් පිළිබඳ  විස්තර ඇතුළත් වාර්තාව මගින් දේශීය හා ජාත්‍යන්තර විමර්ෂකයින් සහ අධිචෝදකය්න ඇතුළත් ‘දෙමුහුන්‘ අධිකරණයක් ස්ථාපිත කිරීමට, යුධ අපරාධ, මානව වර්ගයාට එරෙහිව සිදු කරන ලද අපරාධ, පුද්ගල ඝාතන සහ  බලහත්කාරයෙන්  අතුරුදන්කරවීම් පිලිබඳ නීති සකස් කිරීමට සහ වගවීමේ ක‍්‍රමවේදයක් ලෙස  වගකීම් ආඥ පැනවීමට අවශ්‍ය නිර්දේශ නිකුත් කරන ලදී.

මා. හි. පි.ම. කො. කා. වාර්තාව මත පදනම්ව, ශ‍්‍රී ලංකා රජයේ අනුමැතිය මත මානව හිමිකම් කවුන්සිලය මගින් සම්මුති යෝජනා සමමතයක් පිලිගනු ලැබූ අතර  ස්වාධීන ශ‍්‍රී ලාංකික විමර්ශකයන් සහ අධිචෝදකයන් මෙන්ම ජාත්‍යන්තර විනිසුරුවරුන්,  අධිචෝදකයන්, නීතිඥයන් සහ විමර්ශකයන් ඇතුළත් විශේෂ අධිකරණයක් ස්ථාපිත කිරීමට එමගින් නිර්දේශ කරන ලදී. අධිකරණයේ කාර්යභාරය  සහ විදේශීය විනිසුරුවරුන්  සහ අධිවෝචකයින් සංඛ්‍යාව ඇතුලත් උක්ත අධිකරණය ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කිරීමේ බලය යෝජනා සම්මතය මගින් ශ‍්‍රී ලංකා රජය වෙත පවරන ලදී. එතැන් පටන් ශ‍්‍රී ලංකා රජය විසින් මෙම යෝජනාවලිය සහ සත්‍යය සහ ප‍්‍රතිසංධානය පිළිබඳ කොමිෂන් සභා යෝජනාව සම්බන්ධයෙන් රට පුරා විසිර පවතින සිවිල් සමාජ සංවිධාන වල යොජනා සහ අදහස් ලබා ගැනීම සඳහා යොමුව තිබේ.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සහ සාක්ෂිකරුවන් සහ වින්දිතයන් ආරක්ෂා කිරීමේ  නීතියට සංශෝධන එක් කිරීම ආදී ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ගණනාවක්, මෙම යෝජනාවලිය හරහා  ශ‍්‍රී ලංකා රජය විසින් පිලිගෙන ඇති අතර ඉඩම් අහිමි වූ පුද්ගලයින් හට තම නිත්‍යානුකූල ඉඩම් වෙත යලි පිවිසීමේ අයිතිය, රටේ උතුරු හා නැගෙනහිර පලාත් තුළ සිවිල් ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධ යුධ හමුදා සම්බන්ධයන් අවසන් කිරීම, සිවිල් සමාජ, මාධ්‍ය සහ සුළුතර ආගමික කණ්ඩායම් සාමාජිකයන් වෙත එල්ල වූ ප‍්‍රහාර විමර්ශනය කිරීම සහ පළාත් වෙත බලය විමධ්‍යගත කිරීම  ආදී වැදගත් කරුණු ගණනාවක් ආමන්ත‍්‍රණය කිරීම වේගවත් කිරීමටද රජය  සිය එකඟත්වය ලබා දී ඇත.

බලහත්කාරයෙන් අතුරුදන් කරවීම් පිලිබඳ විශේෂ කාර්යාලයක්, සත්‍යය, යුක්තිය සහ ප‍්‍රතිසංස්ථානය පිළිබඳ කොමිෂන් සභාවක් සහ වන්දි පූර්ණය පිලිබඳ කාර්යාලයක් ස්ථාපිත කිරීම අදාල යෝජනාවලිය තුළ ඇතුළත් ප‍්‍රධාන එකඟතාවයන් වේ. එසේම 2009 වසරේදී සකස් කොට අවසන් කරන ලද නමුත් ප‍්‍රකාශයට පත් නොකරන ලද වාර්තාවන්ද ඇතු`ඵව මානව හිමිකම් උල්ලංඝනයන් පිලිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා කාණ්ඩ දෙකක් රජය විසින් එළිදක්වන ලදී.

මෙම කාර්යාල ස්ථාපිත කිරීම  පිලිබඳ මූලික පියවර ලෙස  රජය විසින් පසුගිය නොවැම්බර් මාසයේදී මහජන අදහස් ලබාගැනීමේ ක‍්‍රමවේදය සැලසුම් කරන ලදී.

රජයේ ආරාධනය මත පසුගිය නොවැම්බරයේදී බලහත්කාරයෙන් සහ අස්වේච්ඡුතාවයෙන් අතුරුදන් කරවූ පුද්ගලයන් පිලිබඳ එ. ජා. ක‍්‍රියාකාරී කණ්ඩායම ශ‍්‍රී ලංකාවට පැමිණිියේය. අතුරුදන්වීම් සම්බන්ධයෙන් වන වගවීම සම්පූර්ණයෙන්ම පාහේ නොමැතිවීම සහ වින්දිතයන් හට සිදුවූයේ කුමක්ද යන්න දැනගැනීම සඳහා වූ ශක්තිමත් ක‍්‍රමවේදයක් නොමැති වීම උක්ත කණ්ඩායමේ නිරික්ෂණයට ලක් විය. එසේම එම කණ්ඩායම මුණ  ගැසුණු ඇතැම්  පුද්ගලයන් වෙත ආරක්ෂක හමුදා සාමාජිකයන් පැමිණ  එම සාකච්ඡුා පිලිබඳ ප‍්‍රශ්න කිරීම  පිලිබඳව කණ්ඩායම සිය ප‍්‍රසාදය පළ කර සිටියේය.

නව හමුදාපතිවරයා ලෙස  රජය විසින් පසුගිය මැයි මාසයේදී පත් කරන ලද නිලධාරියා මින් පෙර කටයුතු කොට තිබුණේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳව විශේෂයෙන් කතා බහට ලක් වූ හමුදා ඛණ්ඩයක ප‍්‍රධානියකු ලෙසයි.  යුද්ධයේ අවසන් වසර දෙකක කාලය තුළ යුධ හමුදාවේ 57 වන බලකායේ ප‍්‍රධානියා ලෙස  මේජර් ජෙනරාල් ජගත් ඩයස් කටයුතු කළ අතර ඔහු හමුදාපති ලෙස  උසස් කිරීම තුලින් මෙම රජයත් පසුගිය රජය මෙන් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් වගකීමෙන් ආරක්ෂා කිරීමට කටයුතු කරන්නේද යන සැකයක බරපතල ලෙස  මතු වී ඇත.

පොලිස් වද හිංසා සහ පීඩා කිරීම්
‘පාපොච්චාරණයන්‘ ලබාගැනීමට මෙන්ම පුද්ගලික වෛරය හෝ මුදල් ලබාගැනීමේ අභිප‍්‍රායෙන් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයන් හට පොලිසිය මගින් දිගින් දිගටම වදහිංසා පැමිණවීම සහ පීඩා කිරීම  දැනක් දැන් බහුලව දක්නට ලැබෙන්නකි. වදහිංසා වැලැක්වීම සඳහා අවශ්‍ය නීතිරීති ශ‍්‍රී ලංකාව තුළ ඇතත් පොලිස් නිලධාරින් සහ පොලිස් ප‍්‍රධානීන් විසින් සිදු කරනු ලබන ඉහත අන්දමේ කටයුතු වෙනුවෙන් විනය ක‍්‍රියාමාර්ග හෝ සාපරාධී නීතිය යටතේ ක‍්‍රියාමාර්ග ගැනීම තවමත් ශ‍්‍රී ලංකාව තුළ තහවුරු වී නැත.

විවිධ වධහිංසා සහ පීඩා කිරීම් සිදු කරන ලද නිලධාරීන් තවමත් කිසිදු දඬුවමකට යටත් නොවී නිදහසේ පසුවන අතර කිහිප දෙනෙකු පමණක්  වෙනත් පොලිස් ස්ථාන වෙත මාරු කොට යවා තිබේ. මාධ්‍ය විසින් අනාවරණය කරන ලද බරපතල සිද්ධීන්ට සම්බන්ධ නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව පමණක් නීතිය ක‍්‍රියාත්මක කොට ඇත.  එවන් සිදුවීම් වලදී පවා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්  වගවීමට ලක් කොට තිබුණේ නැත.
වදහිංසාවන්ට ලක්වූ පුද්ගලයින්හට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට යුක්තිය සහ සාධාරණත්වය ලබාගැනීම වෙනුවෙන් ඉතා දුෂ්කර ක‍්‍රියාවලි හරහා ගමන් කිරීමට සිදු විය. විශේෂයෙන් ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජනයාට මෙය ඉමහත් කටුක අත්දැකීමක් වූයේ එකී ක‍්‍රියාවලී හරහා සාධාරණත්වය හා යුක්තිය අපේක්ෂා කිරීමේදී දැවැන්ත මුදල් කන්දරාවක් වියදම් කිරීමට ඔවුන්ට සිදුවූ බැවිනි. හිංසා පීඩාවන්ට පත්ව නැවත ගම් බිම් වලට පැමිණි පුද්ගලයින තමන් අත්විඳි ගැහැට අන්‍යයන්ට පැවසීය.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ දේශපාලනික  ඕනෑ එපාකම් මත සිදුවන වදහිංසා කිරීම්

ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත සමාලොචනයට ලක් කිරීමට සසහ අවලංගු කිරීමට ශ‍්‍රී ලංකා රජය එකඟ වුවද එ් වෙනුවට ත‍්‍රස්තවාදය වැළැක්වීමේ වෙනත් නීති රීති හඳුන්වා දෙන බව එය ප‍්‍රකාශ කරන ලදී. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා හෝ අධිකරණ ක‍්‍රියාවලි වලින් තොරව එල්. ටී. ටී. ඊ සැකකරුවන් ඉතා දිගු කාලයක් තිස්සේ රඳවා ගෙන සිටී.

රඳවා ගෙන සිටිනු ලබන සියළු පුද්ගලයින් සිටින තැන් ඔවුන්ගේ පවුල්වල ඥතීන් වෙත දන්වන බවට පොරොන්දු වුවද බොහෝ  පවුල්වලට එවන් තොරතුරු තවමත් ලැබී නොමැති අතර ඇතැම් පුද්ගලයින් ජීවතුන් අතර සිටීද යන්නවත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් තවමත් නොදනී.

නිශ්චය නොකරන ලද  ‘නීතිවිරෝධී කටයුතු‘ වෙනුවෙන් වරෙන්තුවක් නොමැතිව පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමටත් අධිකරණයකට ඉදිරිපත් කිරීමෙන් තොරව මාස 18ක කාලයක් දක්වා රඳවා තබා ගැනීමටත් ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ හැකියාව ඇත. වරදක් සහිතව චෝදනා ඉදිරිපත් කිරීමට රජය බැඳී නොමැත. කිසිදු වරදක් නොමැතිව ඇතැම් රැඳවියන් වසර ගණනාවක් තිස්සේ රඳවා තබාගෙන ඇත. එසේම වදහිංසා කිරීම් ආදී වැරදි සහගත ක‍්‍රියාවන් වෙනුවෙන් රජයේ නිලධාරීන්ට එරෙහිව නඩු පැවරීමද මෙම නීතිය හරහා අවශ්‍ය වන්නේ නැත.

‘පාපොච්චාරණයන්‘ ලබාගැනීම වෙනුවෙන් වද හිංසාවන්ට පැමිණවීම බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම හා නීතියෙන් පරිබාහිරව සිදු කෙරන ඝාතනයන් ආදී විවිධ නීතිවිරෝධී ක‍්‍රියාවන්ට ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත පසුගිය වසර ගණනාව  පුරාම ඉඩකඩ සලසා දී ඇත. යුද්ධය අවසන් වීමෙන් පසුව පවා මෙම නීතිය ක‍්‍රියාවේ යොදවා ඇති අතර විශේෂයෙන් බලහයත්කාරයෙන් නැවත සිය රට පැමිණි දේශපාලන රැුකවරණ අපේක්ෂා කරන්නන් ඇතු`ඵ එල් ටී ටී ඊ සංවිධානයට සබඳකම් ඇතැයි සැක කෙරෙන පුද්ගලයින් රද`වා තබා ගැනීමට වත්මන් රජය විසින්ද මෙම නීතිය ප‍්‍රයෝජනයට ගෙන ඇත. කොළඹ සහ වෙනත් ප‍්‍රදේශ වල ඇති ත‍්‍රස්ත ක‍්‍රියා විමර්ෂණ අංශ කාර්යාලය තුළ විවිධ වධහිංසා සහ ලිංගික හිංසනයන් සිදුව ඇති අතර, ඇතැම් නිල නොවන රැුඳවුම් කඳවුරු තුළ ද එවන් සිදුවීම් බහුලව සිදුව ඇත.

ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටිනු ලබන දමිළ රැඳවියන් සම්බන්ධයෙන් ගත යුතු පියවර ඇතුලත් සැලසුමක් රජය විසින් නොවැම්බර් මාසයේදී නිවේදනය කරන ලදී. මෙම ලිපිය කෙටුම්පත් කෙරෙන අවස්ථාව වන විට බලධාරීන් විසින් රැඳවියන් 39 දෙනෙකු ඇප මත මුදා හැර ඇති අතර 99 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කොට ඇත. කෙසේ වෙතත් පුනරුත්ථාපනය සඳහා ඔවුන් යොමු කරන ලැබූ ස්ථාන  තවමත් පැහැදිලිව ප‍්‍රකාශ කොට   නොමැත.  ඉතිරි රැඳවියන්ට එරෙහිව අධිකරණමය පියවර ගැනීමට රජය පොරොන්දු වී ඇත. ‘‘මරණ සහතික‘‘ වෙනුවට ‘අතුරුදහන් වූ‘ ලෙස  දැක්වෙන සහතික අතුරුදන් වූ පුද්ගලයින් වෙනුවෙන් නිකුත් කිරීමට රජය පියවර ගෙන ඇත. මේ හරහා අතුරුදන් වූ පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින්  හට විවිධ ප‍්‍රතිලාභ ලැබීමට අවස්ථාව උදාවන අතර පවුල්වල  සාමාජිකයින් හට යම් මානසික සහනයන් මෙන්ම ඉදිරි විමර්ශන කටයුතු `සදහා ඉඩකඩ ද සැලසේ.

විගමණික ශ‍්‍රමිකයන්
මිලියනයකට අධික ශ‍්‍රී ලාංකිකයන් විදේශයන්හි සේවයේ නිරත වෙයි. ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන්ගෙන් තුනෙන් එකක් පමණ ගෘහ සේවයේ නිරත අතර ඔවුන්ගෙන් අතිමහත් බහුතරයක් කාන්තාවන්ය. විදේශයන්හිදී ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිණිස රජය විසින් විවිධ පියවර ගෙන තිබුනද තවමත් ඔවුන් දීර්ඝ රාජකාරි කාලයක්, විවේකයක් රහිතව සේවයේ කිරීම්, වැටුප් ප‍්‍රමාදවීම් හෝ නොලැබීම්, සේවා ස්ථානයටම පමණක් සීමා වීම්, වාචික, ශාරීරික හා ලිංගික අපයෝජනයන් ආදියට ලක් වෙමින් පවතී.

ලිංගික නැඹුරුව හා ලිංගික අනන්‍යතාවය
‘අස්වාභාවික‘ ලිංගික ක‍්‍රියාවන්, ‘බරපතල නිර්ලජ්ජිත ක‍්‍රියාවන්‘ සහ ‘අනන්‍යතාවය සැඟවීම‘ තුලින් රැවටීම ශ‍්‍රී ලංකාවේ නීතිය අනුව සාපරාධී ක‍්‍රියාවකි. අදාල ආඥපනත ආදී අනෙකුත් නීති හරහා පොලිසිය විසින් පුද්ගලයින් පීඩාවට ලක් කරයි.  මෙමගින් ඔවුන් ඉලක්ක කරනුයේ ඛඨඊඔ ප‍්‍රජාවයි. ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ‘ලිංගික නැඹුරුව හෝ ලිංගික අනන්‍යතාවය හේතුවෙන් පුද්ගලයින් වෙන් කොට සැලකීමට හා පීඩාවට පත්වීම වැලැක්වීම‘ යන වගන්තිය යටතේ සෑම ශ‍්‍රී ලාංකිකයෙකුටම සමාන ආරක්ෂාව තහවුරු කොට ඇති බව ශ‍්‍රී ලාංකික බලධාරීන් විසින් 2014 වසරේදී එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම වෙත ප‍්‍රකාශ කරන ලදී.  එනමුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හෝ වෙනත් නීති මගින් උක්ත  තත්ත්වයන් මත පුද්ගලයින් හට අවශ්‍ය ආරක්ෂාව සැලසෙන්නේ නැත.

ප‍්‍රධාන ජාත්‍යන්තර ක‍්‍රියාධරයින්
පොදු රාජ්‍ය මණ්ඩලීය සහ විදේශීය විනිසුරුවරුන්, අධිචෝදකයින් සහ විමර්ෂකයින්ගෙන් සමන්විත විශ්වාසනීය වගවීම් යාන්ත‍්‍රණයක් ස්ථාපිත කිරීමට ශ‍්‍රී ලංකාවට ආරාධනය කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ඔක්තෝබරයේදී එ්කාබද්ධ යෝජනාවක් සම්මත කරන ලදී. එක්සත් රාජධානිය,  ඇමෙරිකා එක්සත් ජනපදය, මැසිඩෝනියාව, මොන්ටනීග්‍රෝ, ඔස්ටේ‍්‍රලියාව සහ තවත් රටවල් කිහිපයක් එම යෝජනාවේ අනුග‍්‍රාහකයින් වේ.

එම යෝජනාව සම්මුතියෙන් සම්මත වූ පසු ඉන්දියාව  ඊට සහයෝගය නොදැක්වූ ප‍්‍රධාන රටවල් යෝජනාව විසින් මතු කොට දැක්වීය.

කෙසේ වෙතත් යෝජනාව ක‍්‍රියාවට නැංවීමේදී එහි අධීක්ෂණ කටයුතු සිදු කිරීම තහවුරු කිරීමට  අවශ්‍ය පියවර ගැනීමට අනුග‍්‍රාහක රටවල් මෙතෙක් අපොහොසත් වී තිබේ. යෝජනාව පිලිබඳ වාචිකව ඉදිරිපත් කිරීමත්, 2016 ජුනි මාසයේ පැවැත්වෙන මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ 32 වන සැසියේදී සිදුකිරීමටත් එය ක‍්‍රියාවට නැංවීම  හා 34 වන සැසියේදී ඉදිරිපත් කිරීමටත් යෝජනාව විධිවිධාන සපයා ඇත. බහුතර ජාත්‍යන්තර අධීක්ෂණයක් ඇති කිරීම හා වගකීම නිරූපනය කිරීම ආදී වැදගත් කරුණු සම්බන්ධයෙන් වන භාෂාව යොදා ගැනීම පිළිබඳව ඇ එ ජ සහ අනෙකුත් අනුග‍්‍රාහක රටවල් පසුගාමී පිලිවෙතක් අනුගමනය කරන බව පෙනී යයි.

– Human Rights Watch

Archive

Latest news

Related news