නිදහස් වෙලද කලාප ඇතුලු පෞද්ගලික අංශයේ කම්කරුවන් ගෙන් ලාභ කිකරු ශ‍්‍රමය මත පදනම්ව කරන ශ‍්‍රම සූරාකෑම මර්ධනය අති විශාලය.
නිදහස් වෙලද කලාප සහ ඇගලූම් ක්ෂේත‍්‍රය සියයට 80ක් පමණ අති බහුතරය අවුරුදු 18ත් 25ත් අතර තරුණ කාන්තාවන් වේ. මේ අතරින් බොහෝ දෙනා ඈත ගම්බද පලාත්වල සිට නගරයට සංක‍්‍රමනය වුවන්ය.
2016 ජනවාරි වන විට අලූත්ම සංඛ්‍යා ලේඛන වනුයේ පහත පරිදිය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඤආයෝජන මණ්ඩල නීතියේ 17 කොටසට අනුව අනුමත වූ ව්‍යාපෘති%.
කලාපය තුළ පිහිටා ඇති වාණිජමය වශයෙන් ක්‍රියාත්මක වන ඇගළුම් සහ ඇඟළුම් නොවන ව්‍යාපෘති.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය [ආයෝජන මණ්ඩල නීතියේ 17 කොටසට අනුව අනුමත වූ ව්‍යාපෘති]
කලාපය තුළ පිහිටා ඇති වාණිජමය වශයෙන් ක්‍රියාත්මක වන ඇගළුම් සහ ඇඟළුම් නොවන ව්‍යාපෘති
අපනයන සැකසුම් කලාප
/ කාර්මික උද්‍යාන (EPZ /IP)
ඇඟළුම් ඇඟළුම් නොවන එකතුව
මල්වත්ත 2 1 3
බියගම 21 41 62
කටුනායක 37 49 62
කොග්ගල 15 10 25
මීරිගම 1 9 10
හොරණ 1 17 18
මාවතගම 7 1 8
පොල්ගහවෙල 3 2 5
වතුපිටිවල 8 11 19
මිරිජ්ජවිල 1 3 4
පල්ලෙකැලේ 7 5 12
සීතාවක 23 6 29
මුළු එකතුව 126 155 281
– මූලාශ්‍රය: MIs/BoI / 06 01 2016
මෙතෙක් දිනාගත් කම්කරු අයිතිවාසිකම් ඇත්නම් ඒ සියල්ල දිනාගත්තේ කම්කරුවන්ගේ සංවිධානගත වීම තුලින් මිස හාම්පුතුන් හෝ රජයන් විසින් ඒවා බන්දේසියක තබා කම්කරුවන් වෙත පිරිනැමු නිසා නොවේ. එම නිසා කම්කරුවන්ගේ සාමුහික එකමුතුවිම තුලින් මෙන්ම සංවිධාන ගත වි ශක්තිමත් බලයක් ගොඩ නගා ගත හැකි විම තුලින් අයිතිවාසිකම් දිනාගත හැකි වනු ඇත.
මෙම කම්කරු ස්ති‍්‍රන්ට බලපාන්නාවු ප‍්‍රධාන ප‍්‍රශ්ණ වන්නේ, නිවාඩු, වැටුප්, සෞඛ්‍ය, ටාගට්, අතිකාල සහ ප‍්‍රවාහන ආදීයයි.
අවම වැටුප 13500 යි
පෞද්ගලික අංශයේ කම්කරුවන්ගේ ජාතික අවම වැටුප රුපියල් 10000ක් ලෙස පිලිගැනෙන අතර එය පනතක් මගින් නීතිගත කල එකකි. 2005 අයවැය සහන දීමනා පනතින් රුපියල් 1000ක් සහ 2015 අයවැය සහන දිමනා පනතින් ලැබුනු රු2500 සමග එකතු කල විට පෞද්ගලික අංශයේ කම්කරුවන්ගේ අවම වැටුප 13500ක් වේ. මෙම වැටුප් වැඩිවීම් අද වන විටත් සමහර හාම්පුතුන් විසින් කම්කරුවන්ට නිසි ආකාරයෙන් ලබා දෙන්නේ නැත. මෙහිදී අවම වැටුප නොගෙව්වොත් නීතිය ඉදිරියට යා හැකි බව කම්කරුවන් විසින් අවබෝධ කර ගත යුතුව ඇත.
සෞඛ්‍ය ප‍්‍රශ්ණ
එක දිගට පැය 12ක් හිටගෙන වැඩ කිරිම නිසා ලෙඩරෝග වලට ගොදුරු වු කම්කරු ස්ත‍්‍රින් බොහෝය. අධික රශ්ණය ( ප්‍රෙෂින් මැෂින්*, නහර ගැටගැසිම්, කකුල් ඉදිිමීම් ආදිය වෙි
උදා වශයෙන් කටුනායක නෙක්ස්ට් ආයතනය
බියගම හාන්ස් ලංකා ආයතනය
කොග්ගල එක්තරා ආයතනයක නිශ්පාදන ඵලදායිතාවය සහ කාර්යක්ෂමතාවය වැඩි කිරිම සදහා අත්හදා බැලිීමක් ලෙස හිටගෙන මහන ක‍්‍රමයක් ඩාන්සින් මොඩියුලය නමින් හදුන්වා දී ඇත. මෙහිදී එක් කම්කරු සහෝදරියක් මැෂින් 5 ක වැඩ කල යුතුය.
සේවිකාවෝ පවසන්නේ හිටගෙන වැඩ කිරීම නිසා ඔවුන් නොයෙකුත් ලෙඩරෝග වලට ගොදුරු වි ඇති බවයි. මෙම තත්වය සැලකිල්ලට ගත් අප ආයතනය දීර්ඝ කාලයක් එක දිගට හිටගෙන වැඩ කිරීම තුලින් රෝගාබාධාවලට ලක්වීම පිලිබදව සමිීක්ෂනයක් කරමින් සොයා ගත් දත්ත අනුව එක දිගට හිටගෙන පැය 10 ක් 12 ක් වැඩ කිරිමට සිදු වී ඇති කම්කරුවන්ට අමතර විවේක කාලයක් ලබා දෙමින් විවේක කාල ප‍්‍රතිපත්තියක් හැදිමට යොමුවන ලෙස කර්මාන්ත හිමියන්ට යෝජනා කර ඇත.
කම්කරු දෙපාර්තමේන්තුවෙන් කරන ලද සමික්ෂනයකින්ද ඔප්පු වී ඇත්තේ නිදහස් වෙලද කලාපවල වැඩ කරන කම්කරු ස්තී‍්‍රන් සියයට 60ක් ඇනිමියා නමැති රෝග තත්වයෙන් පෙලෙන බවයි.
මෑන්පවර් ශ‍්‍රම සූරාකෑම
ශ‍්‍රමය සූරාකෑමේ උපරිමය කවරේද එය මෑන්පවර් කොන්ත‍්‍රාත් ක‍්‍රමයට බදවා ගන්නා මෑන්පවර් කම්කරුවන් දැන් ට‍්‍රැෆිකින් බවට පත් වි ඇත. ස්ථිර කමිකරුවන්ට ලබා දෙන කිසිම වරප‍්‍රසාදයක් මෑන්පවර් කම්කරුවන්ට නැත. රු. 30000 ක ඇබෑර්තු වෙලද කලාපවල තිබෙන බව පවසන පාලකයින් සේවකයින් ස්ථිරව බදවා නොගෙන මෑන් පවර් සේවයේ යොදවයි.
කම්කරු අයිතිවාසිකම්වලට මෙන්ම රැුකියාවේ සුරක්ෂිතතාවයටත් බරපතල තර්ජනයක් එල්ල කර ඇති මෑන් පවර් ඒජන්සි කරුවන් පැය 12ක් වැඩගෙන රුපියල් 800ක් හෝ 900 ක් දිනපතා වැටුප් ගෙවයි.
උදාහරණ වශයෙන් බියගම එක්තරා ග්ලවුස් නිශ්පාදන ආයතනයක්
මෙම ග්ලවුස් ආයතනයේ ඉහල කළමනාකාරිත්වය නිශ්පාදනය සහ කාර්යක්ෂමතාවය වැඩි කිරීමට යයි පවසමින් ස්ථිර සේවකයින් අඩු කර මෑන් පවර් සේවකයින් යෙදවිමට තීරනය කරන ලදී. මෑන්පවර් ආයතනයක වැඩ කල සාමාන්‍යාධිකාරිවරියක් මානව සම්පත් කළමනාකාරවරිය වශයෙන් ග්ලවුස් ආයතනයට බදවා ගන්නා ලදි. විනාඩියට ග්ලවුස් ජෝඩු 60 ක් පැක් කල කම්කරුවන්ට විනාඩියට ග්ලවුස් ජෝඩු 75ක් පැක් කරන්න මෙහිදි නියම කෙරිනි. කම්කරුවන් එසේ කල නොහැකි යයි පැවසු විට ඔවුන් වෙනුවෙන් වෘත්තීය සමිතිය පෙනි සිට ඔව්න් වෙනුවෙන් මාස 4 ක වැඩ වර්ජනයක් කලේය. ආයතන බලධාරින් මීට පිළිතුරු ලෙස වැඩවර්ජනය කළ සේවකයින් 350ක් අස් කොට සේවකයින් අස්කලදාට පසු දින ඒ වෙනුවට මෑන් පවර් සේවකයින් 350 ක් බදවා ගන්නා ලදි. මෙහිදී පාලන අධිකාරිය තම සේවකයින්ගේ රැුකියාවේ සුරක්ෂිතභාවය නැති කිරීම, වැඩ වර්ජන කිරීමට නීතියෙන් තියන අයිතිය අහිමි කිරීම, වෘත්තීය සමිතියක සාමාජිකත්වය ගැනීමේ අයිතිය අහිමි කිරීම සහ අයි එල‘ ඔි 87, 98 ප‍්‍රඥාප්ති උල්ලංඝනය කිරීම ආදී සේවකයින්ගේ මානව හිමිකම් විශාල වශයෙන් උල්ලංඝණය කරන ලදී.
වර්තමානයේ පොදු කම්කරු පන්තියට බලපාන්නාවු කාරණයක් වනුයේ කාර්මික ආරවුල් පනත් වල සංශෝධන ගෙන ඒමට සුදානම් වන බවට තොරතුරු ලැබි තිබීමයි. එම සංශෝධන කවරේද යන්න දැනුම් දෙන ලෙස වෘත්තීය සමිති විසින් ඉල්ලා ඇත. එම සංශෝධන සම්මත කල යුත්තේ ජාතික කම්කරු උපදේශන සභාවට ඉදිරිපත් කර සාකච්ඡුා කිිිරිමෙන් පසුවය.
අද වනවිට වෘත්තිය සමිති මර්දනය කිරිමේ දඩබ්බර පිලිවෙතක් පාලකයින් විසින් අනුගමනය කරමින් සිටි. නමුත් රජය මේවා වැලැක්විම සදහා කටයුතු කරන්නේ නැත.
තවත් එක් උදාහරනයක් වනුයේ කටුනායක අයි සි එල් ආයතනයේ වෘත්තිය සමිති ශාඛාවක් හැදිමෙන් අනතුරුව අස්වෙන ලෙස කියා කම්කරුවන්ගෙන් බලහත්කාරයෙන් ලියුම් ගන්නා ලදී. සුපරීක්ෂකවරුන් පාවිච්චි කොට ඔවුන්ව යොදවා ස්වාධින වෘත්තිය සමිතිය යනුවෙන් ලියාපදිංචි කර වෙනත් වෘත්තිය සමිතියක් හදන ලදී. අතිකාලය අඩු කරන බව, පැමිනීමේ දිමනා අඩු කරන බව, මාරු කරන බව පවසමින් කම්කරුවන් බය කර එම වෘත්තිය සමිතියට බැදෙන ලෙස බලපෑම් කොට ඇත.
Image: www.industriall-union.org
– ස්තුතිය ඉන්ෆෝම් ආයතනයට