( දෙමළ යුද වින්දිතයිනගේ ප්‍රශ්ණ විසදීමට ආණ්ඩුවට තව කොච්චර කල් යයිද)
ඊ.එම්.බී. මැණිකේ.
ප්‍රසන්න විතානගේ නම් වූ සිනමා වේදියාගේ ‘ඔබ නැතුව ඔබ එක්ක’ සිනමා පටය පසු ගිය දින වල බොහෝ කතා බහට ලක් වූ චිත්‍රපටියකි. මේ ලිපියේ අරමුණ චිත්‍රපටිය ගැන විචාරයක් කිරීම නොවේ. සිනමා පටය සම්බන්ධයෙන් විවිධ අදහස් දරති. කෙසේ වෙතත් එහි මුඛ්‍යාර්ථය වශයෙන් මතු වී පෙනෙන්නේ තිස් අවුරුදු යුද්ධයට මැදි වූ කණ්ඩායම් අතර පළුදු වී විශ්වාසය තවමත් යලි ගොඩ නැගී නැති බවයි. එනම් ශ්‍රී ලංකාවේ යුද්ධය නිමා වී වසර 6ක ගෙවී ඇති
නමුත් සිංහල හා දෙමළ ජාතීන් දෙක අතර ඇති සැකය බිය සහ අවිශ්වාසය තුරන් වී නොමැති බවයි.
මෙහි ලියැවෙන්නේ වෙනත් දෙයකි. එනම් ඔබ සමඟ මා එක්ක යන්නයි. අප බැලිය යුත්තේ අද විසදිය යුතු සහ ඉක්මනින් විසඳිය හැකි ප්‍රශ්ණ මොනවා ද යන්නයි.
නිදහස් ලංකාවෙහි ඉතිහාසය පුරා මෙරට දෙමළ ජනතාවගේ දේශපාලන ප්‍රශ්ණ විසදීමට අවස්ථා ගණනාවකදීම ප්‍රයත්න දරන ලද නමුත් විවිධ හේතූන් උඩ ඒවා අසාර්ථක වූ බව අපි දනිමු.
දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව වශයෙන් පිළිගෙන වසර 30කට ආසන්ව වුවද තවමත් දෙමළ භාෂා ප්‍රවීනත්වය ඇති රාජ්‍ය සේවකයින් දුලභය.
දශක ගණනාවක් පුරා අවතැන්ව සිටින දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්ණය තවත් දැවෙන ප්‍රශ්ණයකි.
යාපනය ප්‍රදේශයේ අවතැන් කදවුරු 32ක යුද්ධයෙන් අවතැන් වූ පවුල් 1328කට අයත් පුද්ගලයන් 4737 දෙනෙකු ජීවත් වන බව පුනරුත්තාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී. එම් සිවාමිනාදන් මහතා ඔක්තෝබර් 07 වන දා පාර්ලිමේන්තුවේදී පවසා තිබුණි. සැප්තැම්බර් 07 වන දා ධීවර සහයෝගීතා ව්‍යාපාරය සහ තවත් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එකතුව සංවිධානය කර තිබූ සමුළුවකදී ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ සභාපති හර්මන් කුමාර කියා තිබුණේ ඔවුන් කළ සමීක්ෂණ වලදී 1990 වසරේදී අවතැන් වූ යාපනය දිස්ත්‍රික්කයේ 30000ක් පමණ වැසියන් නැවත පදිංචි කර නොමැති බවට වාර්තා වන බවයි.
උතුරුකරයෙන් මුස්ලිම් ජනතාව පළවා හැරීමේ 25වන සංවත්සරය පසුගිය දිනක පැවැත්වුනි. 1995 සිටම යාපනය ශ්‍රී ලංකා රජයේ හමුදා යටතෙහි තිබි ඇති මුත් මෙම මුස්ලිම් ජනයා යළි පදිංචි කිරීමට ආණ්ඩුව අසමත් වි තිබේ. ඔවුන්ගේ ඉඩ කඩම් පවතින්නේ අධි ආරක්ෂක කලාපයන්හි නොවන බැවින් මෙකී නොසැළකිල්ලට ආරක්ෂක හේතූන් ඉදිරිපත් කළ නොහැකිය.
එමෙන්ම වසර ගණනාවක් පුරා සිරගෙවල්හි රඳවා සිටින 300යකට ආසන්න දෙමළ දේශපාලන සිරකරුවන් පිළිබද ප්‍රශ්ණය විසදීමට ද නව ආණ්ඩුව මේතාක් සමත් වී නොමැත. එම ප්‍රශ්ණය දෙස බැලීමට හෝ ඔවුන් උපවාසයක් ආරම්භ කරන තුරු ආණ්ඩුව කල් මැරුවේ ය.
යුද්ධය නිසා වැන්දඹුවවන් බවට පත් දහ දහස් ගණන් ස්ත්‍රීන් උතුරු නැගෙනහිර ජීවත් වෙති. දකුණෙහි සිටින යුද වැන්දඹවනට සිය යුද හමුදා සැමියන්ගේ වැටුප ලැබෙන නමුත් උතුරු නැගෙනහිර වැන්දඹුවනට එවැනි කිසිදු ස්ථිර ආදායම් මාර්ගයක් නැත.
දකුණෙහි දි මෙන් නොව උතුරෙහි ගමන් කරන විට අක්කර සිය ගණන් පුරා පැතිර පවතින යුද හමුදා කඳවුරු දැක්ක හැකි ය. මෙම ඉඩම් බෙහොමයක් යුද්ධයෙන් පසු හමුදාව අල්ලා ගත් ඒවා ය.
දේශපාලන විසදුමක් සැපයීමේ සිට දෙමළ ජනතාවගේ එදිනෙදා ප්‍රශ්ණ විසදීමට නම් ආණ්ඩුවට හදිසි සහ පුලුල් වැඩසටහනක් අවශය ය. කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය වැන්නක් අද උතුරු නැගෙනහිර සම්බන්ධයෙන් අවශය ය
එවැනි වැඩ සටහනක මූලික අංග විය හැකි කරුණු ගණනාවක් සිවිල් සමාජ ව්‍යාපාර විසින් දැනමත් මතු කොට තිබේ. ඒවා මෙසේ ගොනු කළ හැකි ය.