Wednesday, January 15, 2025

ලංකාවේ උසාවි වලින් හා ජනපති සමාවෙන් නිදොස්කොට නිදහස් කළ අය සුදොනෝද ?

රත්නපුර ප්‍රදේශයේදී තරංගා ගන්කන්ද නැමති කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව මත කොළඹ මහාධිකරණය මගින් රත්නපුර සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ වන ඇන්ටන් තෙන්නකෝන්ට මරණීය දණ්ඩනය නියම වූයේ 2007 වසරේදීය. මිනීමැරීම සිදුකළ ඇන්ටන් හා ඔහුගේ පුතු සමග අයථා සම්බන්ධයක් තිබීම හා එය හෙළිවීම මෙම ඝාතනයට මුල්වූ හේතුවයි. නමුත් 2010 වසරේදී මහිංද රාජපක්ෂ විසින් ඇන්ටන් තෙන්නකෝන් ජනපති සමාව යටතේ නිදහස් කළේය.

මාධ්‍යවේදී රිචර්ඩ් ද සොයිසා කොළඹ කොස්වත්තේ දී පැහැරගෙන යනු ලැබුවේ ඔහුගේ මව වන මනෝරානී සරවනමුත්තු මහත්මිය ඉදිරිපිටදීය. තම පුතු පැහැරගෙන යෑමට පැමිණි පොලිස් අධිකාරී රොනී ගුණසිංහ ඇතුළු පොලිස් නිළධාරින් පස් දෙනෙකු විසිනි. 1990 පෙබරවාරි 18 වැනිදා රාත්‍රියේ රිචඩ් සොයිසාගේ නිවසට 32 ශ්‍රී 4748 කොළපාට ජීප් රථයෙන් පැමිණි පොලිස්‌ අධිකාරි රොනී ගුණසිංහ ඇතුළු කණ්‌ඩායමක්‌ ඔහුව පැහැරගෙන යනු ලැබීය. ඔහුව පැහැරගත් පිරිස රිච්ඩ්ට වද දී හිසේ පසුපසට සහ උගුරට වෙඩි තබා හෙලිකොප්ටරයකින් සිරුර ගෙන ගොස් මහ මුහුදට අතහැර තිබේ. පසුව ඔහුගේ මළ සිරුර කොරළවැල්ල කොරළවැල්ල මුහුදු තීරය අසළට ගොඩගසා තිබූණි. පසුව එක්තරා රූපවාහිනි වැඩ සටහනකදී රොනී ගුණසිංහ දැකීමෙන් තම පුතු පැහැරගත් ඝාතකයා හඳුනා ගනු ලැබීය . පසුව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව නඩුව ආරම්භ වූ අතර ඇසින් දුටු සාක්ෂි හා තම පුතු පැහැරගෙන ගොස් ම\රා දැමූ සාහසික ඝාතකයින් පවා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී පවා හඳුනාගත්තද නඩු විභාගයේදී එල්ල වුණ දේශපාලන බලපෑමට තීන්දුව ඇකිළුනි. ඔවුන් සියළු දෙනාම නිදොස් කොට නිදහස ලැබීය .

ස්විඩන් ජාතික තරුණියක් ඝාතනය කිරීම සිදුවූයේ රෝයල් පාර්ක් නිවාස සංකීර්ණය තුළදීය. එම ඝාතනයේ වරදකරු වූ ජූඩ් ශ්‍රමන්තට ජනාධිපති සමාව ප්‍රදානය කිරීම තනිකරම මුදල් ගණුදෙණුවක් මත සිදුවිය. එම ගණුදෙනුව පිටුපස සිටියේ අතුරැලියේ රතනය. පසුව මෙම ජනපති සමාව යළි උසාවිය හමුවේ අභියෝගයට ලක්වූ අතර යළි ඝාතකයාට මරණ දඬුවම පැනවීය. ඒ වනවිට ඔහු රටෙන් පළාගොස් තිබුණි. සිරිසේන හා රතන මිලියන ගණනක් හම්බකර ගැනීම පමණක් ඉතිරි විය.

යාපනය, මිරුසුවිල් ප්‍රදේශයේදී 2000 වසරේ දෙසැම්බර් 20 වැනිදා ඝාතනයට ලක්වු දරුවන් තිදෙනෙකු ඇතුලු සිවිල් වැසියන් අට දෙනෙකුගේ මරණය සම්බන්ධයෙන් හමුදා සෙබළෙකු වූ සුනිල් රත්නායකට එරෙහිව කොළඹ මහාධිකරණය විසින් 2015 ජූනි 25 වන දින චෝදනා 13 කට මරණ දඬුවම පමුණවන ලදී. ජාත්‍යන්තරව කථා බහට ලක්වූ කුප්‍රකට සිදුවීමට උසාවියෙන් දඬුවම් හිමි වුවද පසුව ගෝටාභය විසින් ජනපති සමාව ලබා දුනි.

2015 ජනාධිපතිවරණ සමයේදී කහවත්තේදී මිනිසෙකුට වෙඩි තබා ඝාතනය කළ චොකා මල්ලී නොහොත් ප්‍රේමලාල් ජයසේකරට මරණ දඬුවම හිමිවිය. එහෙත් මරණයට පත් පුද්ගලයා පවා අවමානයට ලක්කරමින් චොකා මල්ලි අභියාචනාධිකරණයෙන් නිදහස ලැබුවා පමණක් නොව පාර්ලිමේන්තුවටද ඒමට අවසර දුන්නේ හිටපු කථානායක මහිංද යාපාය. නමුත් සරත් ෆොන්සේකාට නිදහසින් පසුව පාර්ලිමේන්වට ඒම වැළැක්වූයේ චමල් රාජපක්ෂය.

2012 නොවැම්බර් 09 වැනි සිකුරාදා වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවන් පිරිසක් ලැයිස්තුවකට අනුව වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳ නඩුවේ ප්‍රධාන චූදිතයකු වන පොලිස් පරීක්ෂක රංගජීව නෙවමාල් හා හිටපු වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරී එමිල් රංජන් ළමාහේවා ට එරෙහිව මිනීමැරීමේ චෝදනා යටතේ නඩු පවරන ලදී . පසුව පැවති නඩු විභාගයේදී සාක්ෂි පරස්පර විරෝධි යැයි කියා පොලිසියේ අංක එකේ මිනීමරුවෙක් වන රංගජීව නිදොස්කොට නිදහස් කරනු ලැබීය. එහෙත් ඝාතනයට අනියමින් සහය දුන් හා ඝාතනය කළ අය රංගජීවට හඳුන්වා දුන් එමිල් රංජන් හට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මරණීය දණ්ඩනය පිරිනැමීය . පසුව ඔහුද අභියාචනාධිකරණයේදී නිදොස් කොට නිදහස ලැබීය. මෙම මි|නී|මරුවන් දෙදෙනාටම උසස්වීම් සමග රැකියාව හිමිවිය.

බන්ධනාගාරයට රංගජීව හා එස්ටීඑෆ් භටයින් කඩා පනින්නේ රාජපක්ෂ පවුලේ මනදොළ සැපිරීමටය. කෝට්ටේ හාමුදුරු දෙනම ඝාතනය කරපු හර්ෂ මංජු ශ්රී යනු දුටුගැමණු කඩුව සෙවූ තරුණයාය. ඔහු විසින් රාජපක්සලාගේ පටි රෝල් කරන බවට පවසා සතියක් යෑමට පෙර රංගජීව හා එස්ටීඑෆ් භටයින් වැලිකඩට කඩා වැදී චැපල් වාට්ටුවේ රඳවා සිටි මංජු ශ්රී බන්ධනාගාර පුස්තකාලය අසලට රැගෙන ගොස් දුටු ගැමුණු කඩු සෙවූ රාජපක්ෂ සිත සුව පිණිස පරසක්වල ගැසීය. ඉන් පසුව කොළඹ කුඩු අධිකාරිය මෙහෙයවූ රාජපක්ෂ හිතවාදී කුඩු කඳවුරේ කෙරුමා වූ දුමින්ද සිල්වාට එරෙහි පිරිස තෝර තෝරා රංගජීව ඇතුළු පිරිස වෙඩි තැබුවේය. මේ පිළිබඳව ඇසින් දුටු සාක්ෂි 9 ක් තිබියදී රංගජීව පළමුවද රංජන් ළමාහේවා දෙවනුවද නිදොස් කොට නිදහස් විය.
මෙම අපරාධකරුවන් නිදොස්කොට නිදහස් වූයේ නීතිපති දෙපාර්තමේන්තුවේ සටකපටකම් හා ජනපතිවරුන්ගේ අමණකම් මත මිස අපරාධකරුවන්ගේ සුජාතබව නිමා නොවන බව මතක් කරමි.

✍️ රසල් බණ්ඩාරවත්ත FB

Archive

Latest news

Related news