Monday, July 15, 2024

ඒකාබද්ධ ප්‍රකාශනය: අධ්‍යාපනය පුද්ගලීකරණයට එරෙහිව උතුරු – දකුණූ විද්‍යර්ථතීයෝ එක්වෙති!

අප ඉන්නේ පැවැත්ම පවා තර්ජනයට ලක්වන ආකාරයේ ආර්ථීක අර්බුදයක් මැදය. දිනෙන් දින වැඩිවන ණය බර මධ්‍යයේ අවිනිශ්චිත අනාගතයක් පිළිබඳ සැකසංකා හා බැඳුණු සමාජ-දේශපාලනික ව්‍යසන සමඟ අප දිගටම පොර බදන්නෙමු. පසුගිය වසර කිහිපය තුළ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කරන ලද යෝජනා තුළින් අධ්‍යාපනය සමාජමය දේපලක් හැටියට දැකීමේ මෙරට භාවිතය වෙනස් කරන්නට අර ඇඳීම පිළිබඳව විශ්ව විද්‍යාල කථීකාචාර්යවරු වශයෙන් අප සැලකිළිමත් වන්නෙමු.

රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය අපකීර්තියට පත් කිරීමේ ව්‍යාපෘතිය සමඟ මෙම ප්‍රතිසංස්කරණ යෝජනා බැඳී පවතින බව අප පෙන්වා දෙන්නේ කෝපයෙන් යුතුවය. රාජ්‍ය විශ්ව විද්‍යාල වලට වෙන්කරන අරමුදල් කප්පාදු කරන අතරේ සියළු විරෝධතා ප්‍රචණ්ඩකාරී ලෙස මර්දනය කිරීම ද රජය සිදු කරයි. බදුගෙවන ජනතාවගේ මුදල් අපතේ හරිමින් විරෝධතා ව්‍යාපාර වල නිමග්න වන බව පැවසෙන විශ්ව විද්‍යාල සිසුන්ගේ ඡායාරූප මාධ්‍ය පුරා සැරිසරයි. ඉහළ මට්ටමේ දේශපාලකයින් රාජ්‍ය විශ්ව විද්‍යාල වල සිසුන් සේවා නියුක්තියට නුසුදුසු බව චෝදනා කරන්නේ ඔවුන් අවශෝෂණය කරගැනීම සඳහා ප්‍රමාණවත් රැකියා වෙළඳපොලක් නොමැති බව කිසිදු සඳහනක් නොකොටය. මේ ආඛ්‍යාන නිසා මෙම ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව පමණක් නොව, ගත හැකි එකම ක්‍රියාමාර්ගය බවටද මතයක් සමාජයේ සමහර කොටස් අතර මුල්බැස ගනිමින් පවතී. එහෙත් මෙවැනි ප්‍රතිසංස්කරණ නිසා ඇමෙරිකාව හා එක්සත් රාජධානිය වැනි රටවල උසස් අධ්‍යාපනයට සිදුව ඇති හානිය අරබයා ඇති සාක්ෂි පිළිබඳ එහිදී සාකච්ඡා නොවේ.

මෙහි නවතම යෝජිත ප්‍රතිසංස්කරණය වන්නේ ළඟදීම පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිත ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවයි. මෙය කිසිදු ආකාර අදහස් විමසීමකින් තොරව, අදහස් සඳහා විවෘත ආරාධනයක් පමණක් නිකුත් කරන ලදුව ආරම්භ කළ ක්‍රියාවලියකි. මෙමඟින් ප්‍රාථමික, ද්වීතීයික හා තෘතීයික අධ්‍යාපනයේ සිදුකිරීමට නියමිත වෙනස්කම් තුළින් මෙරට ජනතාවගේ හදවත් වලට සමීප නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියේ පදනම තර්ජනයට ලක්කරයි. යෝජිත ප්‍රතිසංස්කරණ වලින් පාසල් අධ්‍යාපනය සම්බන්ධ බොහෝ වෙනස්කම්ද යෝජනා කොට තිබුණත්, මෙම ප්‍රකාශයේ අරමුණ වන්නේ තෘතීයික අධ්‍යාපනය අරබයා යෝජනා කරන වෙනස්කම් වලට අවධානය යොමු කිරීමයි.

ව්‍යුහය සහ ආණ්ඩුකරණය

මෙම යෝජනා වලට අනුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට ජාතික උසස් අධ්‍යාපන කොමිසමක් ස්ථාපනය කෙරෙනු ඇත. ඒ ඔස්සේ රාජ්‍ය හා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සියල්ල එක් අධිකාරියක් යටතට ගෙන එනු ඇති අතර, එතුළ පෞද්ගලික අංශයට සැළකිය යුතු බලයක් හිමිවනු ඇත. මේ ප්‍රතිපත්ති රාමුව තුළ රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වාගෙන යනු ලබන අධ්‍යාපන පද්ධතිය පුළුල් කිරීම සඳහා කිසිදු කැපවීමක් දක්නට නොලැබේ. එහෙත් පෞද්ගලික අංශයට වෙන්කෙරෙන අරමුදල් සහ ලබාදෙන සහන පිළිබඳව එහි පැහැදිලිව දක්වා තිබේ. දැනටමත් හිඟ තත්වයේ පවතින රාජ්‍ය අංශයේ සම්පත්, ලාභය මූලික කරගත් පෞද්ගලික තෘතීයික අධ්‍යාපනයට හැරවීමේ ක්‍රමයකි මෙය. ඇත්තෙන්ම මෙම ප්‍රතිපත්ති රාමුවේ මූලිකම අරමුණ ” රාජ්‍ය නොවන හවුල්කරුවන්ගේ සහභාගීත්වයෙන්, විශේෂයෙන්ම පොදු-පෞද්ගලික හවුල්කාරීත්වයන් තුළින්”  (පිටුව 28) උසස් අධ්‍යාපනයෙහි ලා පෞද්ගලික අංශයේ භූමිකාව ප්‍රසාරණය කිරීමයි.

තෘතීයික අධ්‍යාපනය සඳහා අරමුදල් සම්පාදනය

වත්මනේ තෘතීයික අධ්‍යාපනය වෙත ප්‍රවිෂ්ටය ලබාගන්නා සිසුන් සංඛ්‍යාව ඉතා අඩු බවට දුක්වන රජය (යෝජිත ප්‍රතිපත්ති රාමුවේ එය උසස් පෙළට මුහුණ දෙන සිසුන්ගෙන් 8.9% ක ප්‍රමාණයක් බවට සාවද්‍ය ප්‍රකාශයක්ද සිදුකරයි), 2022 වසරේදී අධ්‍යාපනයට වෙන්කොට ඇත්තේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.2% ක් පමණක් බව ලෝක බැංකු වාර්තා වලට අනුව පෙනේ. එය ලෝකයෙන්ම අධ්‍යාපනයට වෙන්කොට ඇති දෙවැනි අඩුම ප්‍රතිශතයයි. මෙම ආයෝජනය සඳහා රජයට අවශ්‍යතාවයක් ඇති බව පෙනෙන්නට නැත. ඒ වෙනුවට මෙම ප්‍රතිපත්ති රාමුව තුළ රජය යෝජනා කරන්නේ ” පවතින සම්පත් නැවත බෙදාහැරීම, රාජ්‍ය නොවන ක්‍රියාධරයින් සමඟ හවුල්කාරීත්වයන් තුළින් අමතර සම්පත් ලබාගැනීම, සහ පෞද්ගලික පරිත්‍යාග වලින් සම්පත් ලබාගැනීම”  (පිටුව 4) යන ක්‍රම ඔස්සේ එම ආයෝජන අවස්ථා සාධනය කරගැනීමයි.

මෙම ප්‍රතිපත්ති රාමුවෙහි යෝජනා කොට ඇති අරමුදල් සම්පාදනය කිරීමේ ක්‍රමය රජයේ විශ්ව විද්‍යාල වල වත්මනෙහි පවතින ක්‍රමය සම්පූර්ණයෙන්ම පෙරලා දැමීමකි. ඊට අනුව රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා අරමුදල් තුන් ආකාරයකින් සම්පාදනය වනු ඇත: රජයෙන් ලැබෙන ප්‍රතිපාදන, පාඨමාලා ගාස්තු ආදිය තුළින් සිසුන් දක්වන දායකත්වය සහ විශ්ව විද්‍යාලයෙන් සම්පාදනය කරගන්නා අරමුදල් යන ඒවාය. තනි තනි පාඨමාලා සඳහා වෙන්වන අරමුදල් ප්‍රමාණය තීරණය වනු ඇත්තේ ඒවාට බැඳෙන සිසුන්ගේ ප්‍රමාණය මතය. මෙම මාදිලිය තුළ රාජ්‍ය සහ පෞද්ගලික විශ්ව විද්‍යාල සියල්ලටම සිය පැවැත්ම සහ අරමුදල් සඳහා තරඟ වැදීමට සිදුවනු ඇත.

අධ්‍යාපනයට ප්‍රවේශය

ඓතිහාසිකව, ද්විතීයික හා තෘතීයික මට්ටමේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය නිසා විෂමතා අඩුවීම මෙන්ම දරිද්‍රතාවයෙන් බැටකන ජනතාවට ඉන් මිදීමේ මාර්ගයක් විවර වීමද සිදුවිනි. මේ තුළින් මධ්‍යම පාන්තික බොහෝ දෙනා ප්‍රයෝජන ලබා තිබේ. සමහර අධ්‍යයන පාඨමාලා වල පවත්වා ගන්නා දිස්ත්‍රික් කෝටා මෙන්ම වෙනත් එවැනි ව්‍යුහාත්මක වෙනස්කම් වලට සංවේදී ප්‍රතිපත්ති නිසා ස්ත්‍රී-පුරුෂ භාවය, පන්තිය, කුලය, ප්‍රාදේශීය අනන්‍යතාවය වැනි සාධක වල බලපෑමෙන් තොරව විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ප්‍රවේශය ලබාගැනීමේ හැකියාව සිසුන්ට ලැබී ඇත. එය රටේ සමාජ යුක්තිය ප්‍රවර්ධනයෙහිලා ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරයි. නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තියේ පැවැත්ම සඳහාද නිදහස් අධ්‍යාපනය වැදගත් වන්නේ එමඟින් සෞඛ්‍ය සේවයට අවශ්‍ය වෘත්තිකයන් අඩු මිලකට නිර්මාණය කරන හෙයිනි.

සිය අරමුදල් ස්වයංව සම්පාදනය කරගැනීම නව ප්‍රතිපත්තියට අනුව විශ්ව විද්‍යාල වල වගකීමක් බවට පත්වන නිසා, යම් දෙනලද අවස්ථාවක විශ්ව විද්‍යාලයක් මඟින් ලබාදෙන පාඨමාලා එම මොහොතේ වඩාත්ම ඉල්ලුමක් ඇති පාඨමාලා බවට පත්වනු ඇත. ඒවාට ඇදී එන සිසුන්ද නාගරික ඉහළ මධ්‍යම පාන්තික සිසුන් වනු ඇත්තේ, රැකියා වෙළඳපොල තුළ වැඩි වාසියක් ඇති ඔවුන්ට විශ්ව විද්‍යාල වලට බඳවා ගැනීම් වලදී වැඩි ප්‍රමුඛතාවයක් ලැබෙනු ඇති නිසාය. යෝජිත ජාතික උසස් අධ්‍යාපන කොමිසම විසින් විදෙස් සිසුන් ආකර්ෂණය කරගැනීම සඳහා වීසා බලපත්‍ර නිකුත් කිරීමත්, උපාධිය ලබාගැනීමෙන් පසු ලංකාව තුළ රැකියා අවස්ථා සම්පාදනය කිරීමත් අරමුණු කිරීම තුළ මෙම ගැටළුව තවදුරටත් තීව්‍ර වනු ඇති බව පෙනී යයි (පිටුව 26).

විශේෂ අවශ්‍යතා ඇති සිසුන් සම්බන්ධයෙන් හැරෙන්නට, මෙම ප්‍රතිපත්ති රාමුව තුළ සමාජ විෂමතා ආමන්ත්‍රණය කිරීමේ ක්‍රමවේදයක් දක්වා නොමැත. අධ්‍යාපනය සඳහා අරමුදල් සම්පාදනය කරගැනීම සිසුන්ගේ වගකීමක් බවට පත්වූ විට, ඒ සඳහා රජයේ දායකත්වය එන්න එන්නටම අඩුවනු ඇත. ඉහළ යන අධ්‍යාපන වියදම් වල තේරුම වන්නේ කාලයක් යනවිට ධනවත් පවුල් වලින් පැමිණෙන සිසුන් අධ්‍යාපනයට වැඩි ප්‍රවේශයක් ලබාගනු ඇති බවයි. ඒ තුළින්, පවතින සමාජ අසමානතා තවදුරටත් තීව්‍ර වේ.

මෙවැනි ප්‍රතිපත්තියකින් දැවැන්ත ප්‍රතිවිපාක ඇති වේ. අප දන්නා නිදහස් අධ්‍යාපනය වියැකී යනු ඇත. අධ්‍යාපනයට ඇති සමාන ප්‍රවේශය අහිමි වූ විට සමාජයේ ආන්තික කණ්ඩායම් වලට ප්‍රගමනය සඳහා පවතින ස්වල්පයක් මාර්ග වලින් එකක්ද වැසී යනු ඇත. මෙම ප්‍රතිපත්ති රාමුවෙන් නාගරික ඉහළ මධ්‍යම පාන්තික, දැනටමත් වෙනත් විකල්ප පවතින කණ්ඩායම් වලට බලපෑමක් නොවේ. සමාජ ස්ථායිතාව වෙනුවෙන් කරදර වන පිරිස, නිදහස් අධ්‍යාපනය වියැකී යන්නට හැරීමෙන් ඇතිවන දැවැන්ත අස්ථාවරත්වය අවබෝධ කරගත යුතුය.

යෝජිත ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට අප තදින් විරුද්ධ වියයුතු අතර, අධ්‍යාපනය සම්බන්ධ කිසිදු ප්‍රතිසංස්කරණයක් යෝජනා හෝ ක්‍රියාත්මක කිරීමට පෙර පුළුල් වශයෙන් අදහස් විමසීම් සිදුකළ යුතු බවට අවධාරණයද කළයුතු වේ.

අත්සන් කළේ:

1. A. K. ඩේවිඩ්, විශ්ව විද්‍යාලය.  පේරාදෙණිය
2. A. M. නවරත්න බණ්ඩාර, (හිටපු) විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
3. අහිලන් කදිරගාමර්, විශ්වවිද්‍යාලය. යාපනයේ
4. අනුරුද්ධ කරුණාරත්න, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
5. අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය, විශ්වවිද්‍යාලය. ශ්‍රී ජයවර්ධනපුරය
6. අනුෂ්ක කහඳගම, කලින් විශ්වවිද්‍යාලය. කොළඹ
7. අර්ජුන පරාක්‍රම, සම්මානිත මහාචාර්ය, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
8. අරුණි සමරකෝන්, විශ්වවිද්‍යාලය. රුහුණ
9. අතුලසිරි සමරකෝන්, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
10. ආශා එල්. අබේසේකර, (හිටපු) විශ්වවිද්‍යාලය. කොළඹ
11. අවන්කා ප්‍රනාන්දු, විශ්ව විද්‍යාලය. කොළඹ
12. අයෝමි අයි. ඉරුගල්බණ්ඩාර, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
13. B. D. R. ප්‍රසන්ත, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
14. B. M. H. S. K. Banneheka, Univ. පේරාදෙණිය
15. බරණ ජයවර්ධන, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
16. භාතිය රත්නායක, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
17. චමත්ක දේවසිරි කාරියවසම්, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
18. කැමේනා ගුණරත්න, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
19. චාමික ඒ සිල්වා, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
20. චම්මික මල්ලවාරච්චි, විශ්ව විද්‍යාලය. දෘශ්‍ය හා රංග කලාව
21. චාරුදත්තේ බී. ඉලංගසිංහ, විශ්ව විද්‍යාලය. දෘශ්‍ය සහ රංග කලාව
22. චතුරිකා මුණසිංහ, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
23. චින්තක චන්ද්‍රකුමාර, විශ්ව විද්‍යාලය. කොළඹ
24. ක්‍රිෂාන්ත අබේසේන, කැලණිය විශ්වවිද්‍යාලය
25. Crystal Baines, (හිටපු) Univ. කොළඹ
26. දයාපාල තිරාණගම, (හිටපු) විශ්වවිද්‍යාලය. කැලණිය
27. දෙව්මිණි අමුණුගම, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
28. ධම්ම දිසානායක, කොළඹ විශ්ව විද්‍යාලය
29. ධනුක බණ්ඩාර, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
30. දිලීප විතාරණ, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
31. දිල්රුක්ෂි අබේසිංහ, කොළඹ විශ්ව විද්‍යාලය
32. දිල්මි තාරකා, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
33. දිමගි පිටවල, කලින් විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
34. දිනුක විජේතුංග, කොළඹ විශ්ව විද්‍යාලය
35. එරන්දික ද සිල්වා, කලින් විශ්වවිද්‍යාලය. යාපනය
36. ඒ ජනාර්ත්, නැගෙනහිර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව
37. එෆ්. එම්. නවාස්තීන්, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
38. ෆර්සානා හනිෆා, විශ්ව විද්‍යාලය. කොළඹ
39. ෆසීහා අස්මි, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
40. G. D. U. P. K. Gamage, Univ. පේරාදෙණිය
41. ගමේල සමරසිංහ, විශ්ව විද්‍යාලය. කොළඹ
42. ගණනාත් ඔබේසේකර, කලින් විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
43. ගංගානී චන්දිමා සමරවීර, විශ්වවිද්‍යාලය. රුහුණ
44. ගයනි නවරත්න, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
45. ගයත්‍රි විජේකෝන්, විශ්වවිද්‍යාලය. කොළඹ.
46. ගීතිකා ධර්මසිංහ, විශ්වවිද්‍යාලය. කොළඹ
47. ගිහාන් ද චිකේරා, (හිටපු) විශ්වවිද්‍යාලය. කොළඹ
48. එච්. ශ්‍රියානන්ද, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සම්මානනීය මහාචාර්ය
49. හර්ෂණ රඹුක්වැල්ල, (හිටපු) ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
50. හසිනි ලේකම්වසම්, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
51. හසින්ත විජේසේකර, සබරගමුව විශ්වවිද්‍යාලය. ශ්‍රී ලංකාව
52. හසිත පතිරණ, විශ්වවිද්‍යාලය. කැලණිය
53. හිනිදුම සුනිල් සෙනෙවි,  සබරගමුව විශ්වවිද්‍යාලය. ශ්‍රී ලංකාවේ
54. ඉෂාෆා ඉල්ලියාස්, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
55. ජේ. ප්‍රින්ස් ජෙයදේවන්, විශ්ව විද්‍යාලය. යාපනයේ
56. ජයදේව උයන්ගොඩ, සම්මානිත මහාචාර්ය, විශ්ව විද්‍යාලය. කොළඹ.
57. Jennifer Edama, Univ. පේරාදෙණිය
58. ජිනසේන හේවගේ, කලින් විශ්වවිද්‍යාලය. රුහුණ
59. K. K. G. Randula, Univ. කොළඹ
60. කේ.එම්.එස්.විමලසිරි, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
61. කල්ප රාජපක්ෂ, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
62. කමල් වාසල, විශ්ව විද්‍යාලය. මොරටුව
63.  කමනි සිල්වා, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
64. කංචුක ධර්මසිරි, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
65. කසුන් ගජසිංහ, (හිටපු) විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
66. කෞෂල්‍යා ආරියරත්න, විශ්වවිද්‍යාලය. කොළඹ
67. කෞෂල්‍යා පෙරේරා, විශ්වවිද්‍යාලය. කොළඹ
68. කේතකී නාගහවත්ත, විශ්වවිද්‍යාලය. කොළඹ
69. ක්‍රිෂාන්ත ෆෙඩ්රික්ස්, විශ්ව විද්‍යාලය. කොළඹ
70. ක්‍රිෂ්මි අප්සරා, විශ්ව විද්‍යාලය. පේරාදෙණියේ
71. කුමුදු කුසුම් කුමාර, කලින් විශ්වවිද්‍යාලය. කොළඹ
72. ලහිරුකා මධුවන්ති, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
73. ලියනගේ අමරකීර්ති, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
74. M. A. Nuhman, කලින්  විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
75. එම්. එම්. අලිඛාන්, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
76. මධාරා කරුණාරත්න, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
77. මධුභාෂිනී දිසානායක රත්නායක, විශ්වවිද්‍යාලය. ශ්‍රී ජයවර්ධනපුරය
78. මධුරංග කළුගම්පිටිය, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
79. මධුෂානි රන්දෙණිය, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
80. මහේන්ද්‍රන් තිරුවරන්ගන්, විශ්ව විද්‍යාලය. යාපනය
81. මහීම් මෙන්ඩිස්, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
82. මනෝජ් අලවතුකොටුව, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
83. හාමුදුරුවෝ. මුතුකැලියාවේ ඉන්දරතන, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
84. එන්. ගෆූර්දීන්, කොළඹ විශ්ව විද්‍යාලය
85. නදීෂ් ද සිල්වා, විවෘත විශ්වවිද්‍යාලය. ශ්‍රී ලංකාවේ
86. නෙවිස් මොරායිස්, විවෘත විශ්ව විද්‍යාලය. ශ්‍රී ලංකාවේ.
87. එන්.ජී.ඒ. කරුණාතිලක, විශ්වවිද්‍යාලය. කැලණිය
88. නිකොලා පෙරේරා, විශ්වවිද්‍යාලය. කොළඹ
89. නීරා වික්‍රමසිංහ, (හිටපු) විශ්වවිද්‍යාලය. කොළඹ
90. නිර්මාල් රංජිත් දේවසිරි, විශ්වවිද්‍යාලය. කොළඹ
91. නිශානි ජයවීර, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
92. පී. අයිංගරන්, විශ්ව විද්‍යාලය. යාපනයේ
93. පබා සුරවීර, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
94. පමුදිත හේරත්, කලින් විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
95. පවිත්‍රා ඒකනායක, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
96. පවිත්‍රා ජයවර්ධන, විශ්ව විද්‍යාලය. කොළඹ
97. ප්‍රභාත් ජයසිංහ, විශ්ව විද්‍යාලය. කොළඹ
98. ප්‍රදීප් පීරිස්, විශ්ව විද්‍යාලය. කොළඹ
99. ප්‍රියන්ත ෆොන්සේකා, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
100. R. T. ගමලත්, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
101. ආර්. අංගම්මන,  විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
102. රාජන් හූල්, කලින් විශ්ව විද්‍යාලය. යාපනය
103. රාජිත රණසිංහ, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
104. රමණී ජයතිලක, කලින් විශ්වවිද්‍යාලය. කොළඹ
105. රමේෂ් රාමසාමි, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
106. රමිලා උසූෆ්, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
107. රම්‍යා කුමාර්, විශ්ව විද්‍යාලය. යාපනය
108. රංජිනී ඔබේසේකර, කලින් විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
109. රොහාන් ලක්සිරි, විශ්වවිද්‍යාලය. රුහුණ
110. රුහානි පෙරේරා, විශ්වවිද්‍යාලය. කොළඹ
111. Rumala Morel, Univ. පේරාදෙණිය
112. රූපිකා රාජකරුණා, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
113. රූත් සුරේන්ද්‍රරාජ්, විශ්ව විද්‍යාලය. කොළඹ
114. S. සිවසේගරම්, කලින් විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
115. S. Arivalzahan, Univ. යාපනය
116. සචිනි මාරසිංහ, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
117. සහනි සිටුබණ්ඩාර, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
118. සමල් විමුක්ති හේමචන්ද්‍ර, විශ්වවිද්‍යාලය. කොළඹ
119. සමන් ධර්මකීර්ති, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
120. සමන් පුෂ්පකුමාර, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
121. සමුද්‍රිකා සිල්වා, විශ්ව විද්‍යාලය. කොළඹ
122. සඳරුවන් සුබසිංහ, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
123. සරලා එමානුවෙල්, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
124. සරත් විතාරණ, විශ්ව විද්‍යාලය. කැලණිය
125. සසංක පෙරේරා, (හිටපු) විශ්වවිද්‍යාලය. කොළඹ
126. සසිනිඳු පටබැඳිගේ, (හිටපු) විශ්වවිද්‍යාලය. යාපනය
127. සෞම්‍ය ලියනගේ, විශ්වවිද්‍යාලය. දෘශ්‍ය හා රංග කලාව
128. සාවිත්‍රි ගුණසේකර, සම්මානිත මහාචාර්ය, විශ්ව විද්‍යාලය. කොළඹ
129. සාවිත්‍රි කුමාර්, සම්මානිත මහාචාර්ය, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
130. සීතා බණ්ඩාර, විශ්වවිද්‍යාලය. කැලණිය
131. සෙල්වරාජ් විශ්විකා, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
132. ශලිනි විජේරත්න, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
133. ශාමල කුමාර්, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
134. ශනිල් විජේසිංහ, විශ්ව විද්‍යාලය. කොළඹ
135. ශෂිකලා ඇසැල්ල, විශ්ව විද්‍යාලය. කැලණිය
136. ෂර්ලි එල් විජේසිංහ, විශ්ව විද්‍යාලය. කැලණිය
137. ශ්‍යාමනී හෙට්ටිආරච්චි, විශ්වවිද්‍යාලය. කැලණිය
138. සිරි හෙට්ටිගේ, සම්මානිත මහාචාර්ය, විශ්ව විද්‍යාලය. කොළඹ
139. සිරිමා ගජමෙරගෙදර, (හිටපු) රජරට විශ්වවිද්‍යාලය. ශ්‍රී ලංකාව
140. සිතුමිණි රත්නමලාලා, විශ්වවිද්‍යාලය. මොරටුව
141. සිවමෝහන් සුමති, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
142. සුදේශ් මන්තිලක, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
143. සුපූර්ණ කුලතුංග, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
144. ටී. සනාතනන්, විශ්ව විද්‍යාලය. යාපනය
145. තස්නීම් හමීඩ්, විශ්ව විද්‍යාලය. කොළඹ
146. තිරු කන්දියා, කලින් විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
147. උදාරි අබේසිංහ, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
148. හාමුදුරුවෝ. උඩුහාවර ආනන්ද, විශ්ව විද්‍යාලය. කොළඹ
149. උන්නති සමරවීර, විශ්වවිද්‍යාලය. කොළඹ
150. උපුල් අබේරත්න, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
151. උවින් ආරියරත්න, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
152. වරුණි ගනේපොල, (හිටපු) විශ්වවිද්‍යාලය. කොළඹ
153. වසන්ති තේවනේසම්, සම්මානිත මහාචාර්ය, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
154. විහඟ පෙරේරා, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
155. විජය කුමාර්, සම්මානිත මහාචාර්ය, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
156. විසාකේස චන්ද්‍රසේකරම්, විශ්ව විද්‍යාලය. කොළඹ
157. Vivimarie Vanderpoorten, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
158. වර්ෂි එස් දන්දෙණිය, විශ්ව විද්‍යාලය. පේරාදෙණියේ
159. ඩබ්ලිව්.ඩී.එන්.එස්.එම් තෙන්නකෝන්, වයඹ විශ්වවිද්‍යාලය. ශ්‍රී ලංකාව
160. විජිත් රොහාන් ප්‍රනාන්දු, විශ්වවිද්‍යාලය. කැලණියේ.
161. W. M. M. P. හුළුගල්ල, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
162. W. M. T. P. ආරියරත්න, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
163. ඩබ්ලිව්.ටී.එල්.එස්. ප්‍රනාන්දු, සබරගමුව විශ්වවිද්‍යාලය. ශ්‍රී ලංකාවේ
164. යසස් කුලසේකර, විශ්වවිද්‍යාලය. පේරාදෙණියේ
165. යුෂානි අලහකෝන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

Archive

Latest news

Related news