Tuesday, April 16, 2024

ඡායාරූප කතාව: දරුවන් කදු හා ගස් නගින ලෝකයම දුටු ලංකාවේ “මාර්ගගත අධ්‍යපනය”

උස් එළිමනක තාවකාලිකව අටවා ගත් අධාරකයක සුදු පුවරුවත් තබා ඉදිරියෙහි ඇති පරිඝනකයකට කත‌ා කරමින් මාර්ගගත අධයාපනය ලබා දෙන මෙම හිමිනමගේ ඡායාරූපය සුදේශ් සිල්වාගේ මුහුණු පොතෙනි.

පහත පළවන  මෙම ඡායාරූප කතාව දෙදිනකට පෙර පළ කරන ලද්ද‌ේ The Associated Press (AP) නම් ලාභ නොලබන ඇමෙරිකානු පුවත්සේසේ විසිනි. පහත සඳහන් ඡායාරූප සහ  පුවත් කතාව  ශ්‍රී ලාංකික ඡායාරූඵ ශිල්පි ඒරංග ජයවර්ධන විසිනි. මෙම ජායාරූපමය කතාව ලොව බොහෝ ජනමාධ්‍ය විසින් උපුටා පළ කරන ලදී.

බෝහිටියාව නම්  මෙම දුර බැහැර පිහිටි  මෙම ගම්මානයෙහි  මාර්ගගත පාසල් පාඩම් ලබා ගැනීම සඳහා කිලෝමීටර් තුනකට වඩා ඝන පඳුරු මැදින්  යාමට දරුවන්ට සිදුවෙයි. දරුවන් 45 දෙනෙකු සමඟ ගුරුවරයන් දෙදෙනෙකු  කිලෝමීටර් දෙකක් තරම් උස කන්දකට නගිති.

ගුරඅවරයකු ගසකට නැග පාඩම් උඩුගත කරයි.

ගමේ වෙසෙන සිසුන්  තම ගුරුවරුන් විසින් එවන ලද මාර්ගගත පාඩම් බාගත කිරීම සඳහා එක්ව ගමන් කරයි.

සෑම කෙනෙකුටම ජංගම දුරකතන හෝ හෝ ලැප්ටොප් පරිගඝනක නොමැත. විටෙක ළමයින් හතර දෙනෙකු  හෝ පස් දෙනෙකු එක් උපාංගයක් බෙදා ගනිති.

මවක් සිය දියණියට පාඩම් බලා ගැනීමට ජංගම දුරකථනය අල්ලා ගෙන සිටී.

මෙම දරුවන්ගේ  දෙමව්පියන් බොහෝ විට ගොවීන්ය.  බොහෝ විට දරුවන් සමඟ යති. තම හයවන ශ්‍රේණියේ පුතා සමඟ එන එච්.එම්. පත්මිනි කුමාරි පවසන්නේ දරුවන් දිනකට දෙවරක් පර්වතයට නගින බවත් ඔවුන්ගේ ආරක්ෂාව සැළකීම දෙමාපියන්ට විශාල බරක් බවත් ය.

පාඩම් අවසන්ව කන්දෙන් පහළට බසින දරුකැළ

දිවයිනේ මධ්‍යම-නැගෙනහිර කොටසේ පිහිටි ගමට මූලික පහසුකම් නොමැත. එහි දරුවන් අධ්‍යාපනය ලැබුවේ රජයේ පාසලක ය. එනම් කිලෝමීටර 16 ක් දුරින් පිහිටි එය දැන් වසා ඇත.

දරුවන් පාඩම් අවසන් කර එනතුරු මා පියෝ රැකවල් ලා ගෙන සිටිති.

මෙහි සිට කිලෝමීටර 60 ක්  ඈතින් පිහිටි ලුනුගල ගම්මානයේ වැඩිහිටියන් පාසල් ළමුන් වනාන්තර රක්ෂිතයක පිහිටි කඳු මුදුනක පිහිටි ගසකට ගෙන යයි. එය අඩි 30 ක් පමණ උස වන අතර අන්තර්ජාල ඒ කරා ළගා වෙයි. ඔවුන් තම ගෙදර වැඩ උඩුගත කිරීමට සහ පාඩම් සැලසුම් බාගත කිරීමට  ගසට නගිති.

2020 මාර්තු මාසයේ සිට බොහෝ දුරටම ශ්‍රී ලංකාවේ පාසල් වසා දමා ඇත. බලධාරීන් පවසන්නේ සියළුම දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා සෑම උත්සාහයක්ම ගන්නා බවයි.

නමුත් ලංකා ගුරු සංගමයේ ප්‍රධානියා වන ජෝසප් ස්ටාලින් පවසන්නේ ශ්‍රී ලංකාවේ සියයට 40 ක් මිලියන 4.3 ක සිසුන්ට මාර්ගගත පන්ති සඳහා සහභාගී විය හැකිය. බහුතරයකට උපාංග හෝ  අන්තර් ජාල සම්බන්ධතාවයට ප්‍රවේශය නොමැත.

ශ්‍රී ලංකා බ්‍රීෆ් පසු සටහන: මෙවැනි පහසුකම් පවා නැති දස දහස් ගණනාවක් දරුවන්ට දැන් වසර එකහමාරක් තරම් කාලයක් කිසිදු අධ්‍යාපනයක් ලැබී නැත. යහපත් ජිවිතයක් සඳහා සාමණ්‍ය ජනයාගේ දරුවන්ට තිබූ එකම මාර්ගය වූ අධ්‍යාපනය විනාශ වන්නට දී රාජපක්ෂ ආන්ඩුව කරබාගෙන ඉදී. ඇති හැකි අයගේ දරුවන්ට කොවිඩ් ව්‍යසනය මගින් තව තවත් වරප්‍රසාද ලබා ගැනීමට අවස්ථාවක් ලබා දී ඇති අතර සාමාණ්‍ය ජනයාගේ දරුවන් ගැන උනන්දු වන්නේ ගුරු සංගම් පමණි.

 

 

Archive

Latest news

Related news