Monday, May 20, 2024

ලේක් හවුසියේ හිටපු කතුවරයකුට එල්ල වූ බරපතල ලිංගික අපචාර චෝදනා නිහඩතාවයේ කුමන්ත්‍රණයට බිලිවෙයි!

2010 -2017 කාලයෙහි ආණ්ඩුවේ මුද්‍රිත ජනමාධ්‍ය ආයතනය වන  ලේක් හවුසියේ සේවය කළ  ජනමාධ්‍යවේදිනියන්  දෙදෙනෙකු විසින් එහි සේවය කළ කතුවරයකුට බරපතල ලිංගික අපචාර චෝදනා එල්ල කර තිබේ.

මෙම ජුනි 18වනදා ට්වීට් සටහනක් මගින් සරා කැල්ලපත නම් මාධ්‍යවේදීනිය කියා සිටියේ  ප්‍රවෘත්ති කාමරයේ දී, කෑම කාමරයේදී, කොරිඩෝවෙහිදී සහ ප්‍රවාහනයේදී  සිය පුද්ගලික අවකාශයට පැමිණි ජනමාධ්‍යවේදීන් විසින් සිය සිරුර ගැන අවමන් සහගත කතා කීමට පුරුදුව සිටි බවයි.

සාරා කඅල්ලපතගේ සිදුවීමට ටිවීට කිහිපයක් අනෙක් ටිවීට මෙහි ඇත Sarah Kellapatha @saararrr

තමා ඇඟට හිර වෙන ජීන්ස් සහ ලෝ-කට් ටී ෂර්ටයක් ඇඳ සිටීම ගැන එම කතා තමා කනස්සල්ලට පත් කළ බවයි.

ඔවුන්ගේ සිතැඟි පරිදි ජනමාධ්‍යවේදීනියන්ගේ කකුල් සහ සිරුර ගැනත් ඔවුන් කොපමණ ලිංගික ආකර්ශණයක් නෙහොත් සෙක්සිද යන්නත් කීමට කිසිදු පැකිළීමක් පිරිමි ජනමාධ්‍යවේදීන් නොපෙන්වූ බවත් ඇය සඳහන් කළාය.

වරක් එක් ජනමාධ්‍යවේදියකු සාමාන්‍ය කතා බහකදී තමා දූෂණය කරන බවට තර්ජන කළ බවත් ඔහු දැන් නීතිඥයකු වශයෙන් දීර්ඝ කාලයක් චෝදනා ඉදිරිපත් නොකර රදවා සිටින වෙනත්  නීතිඥයකු වෙනුවෙන් පෙනී සිටින බවත් ඇය සඳහන් කර තිබුණි. ඇය එම සටහන ලියා තිබුණේ එම නීතිඥයා එකී නඩුවට සහභාගි වී එළියට එන ඡායාරූපයක් දැකීමෙන් පසුය.

සාරා කැල්ලපත විසින් ඉංග්‍රිසි බසින් ප්‍රසිද්ධ කරන ලද ප්‍රකාශය:සාරා කැල්ලපත ප්‍රකාශය

එම චෝදනාවට පිළිතුරු වශයෙන් XXXXX නම් නීතිඥයකු දීර්ඝ සටහනක් ඔහුගේ ට්විටයකට එක් කර තිබුණි. ඔහු කවරකු දැයි හෙළිදරව් වූයේ එමගිනි.  පුහුල් හොරා කරින් දැනුණි.

සතියකට  පෙර තිබූ එම ට්වීට පිටුව දැන් සම්පූර්ණයෙන්ම මකා දමා තිබේ. එම නීතිඥයා නමින් දැන් ටිවීට පිටුවක් නැත. සිය පිළිතුරෙහිදී ඔහු තමා පිළිබඳව විදේශයක පළවන ඉංග්‍රිසි භාෂා වෙබ් අඩවියක පළ වූ ලිපි දෙකක් ද උපුටා දක්වා දක්වමින් තමා එවැනි තර්ජනයක් නොකළ බව ප්‍රකාශ කර තිබුණි.

සාරා කැල්ලපතගේ ටිවීටයට සහාය දක්වමින් ලේක් හවුසියේම ඩේලි නිව්ස් පුවත් පතෙහි කාලයක් ශිෂ්‍යත්වධාරිනියක ලෙස කටයුතු කර තිබූ  ජොර්දනා නරින් නම් මාධ්‍යවේදිනියක එම නීතිඥයා, කුතුවරයකු වශයෙන් සේවය කළ අවධියේ තමාට ලිංගික තෙරපුමක් එල්ල කළ බවත් තමාගේ කිසිදු අනුමැතියකින් තොරව තමා සමඟ රාජකාරි කටයුතුවලට පවා එක්වූ බවත් ඇය කියා සිටියාය.

ජොරදානා නරීන් විසින් තබන ලද ට්වීට සටහන සහ එය සනාථ කරමින් ඇයට පෙර ඩේලිනිව්ස් පුවත් පතෙහි සේවය කල තවත් මාධ්‍යවේදියකු විසින් තැබු සටහන අනෙක් ටිවීට මෙහි ඇත -Jordana Narin @JordanaSophie

ඇය එම චෝදනා ඉදිරිපත් කළේ  පිටු ගණනාවක ප්‍රකාශයක් අන්තර් ජාලයට මුදා හැරීම මගිනි. ඇමෙරිකානු ජාතික තරුණියක  වූ ඇය වයස 22 සිට දස වසරක් තරම් මෙරට වාසය කර තිබුණි.

වරක් තමා පුවතක සොදුපත් සම්බන්ධ කාරණයක් ඔහුගෙන් විමසා සිටි විට ප්‍රවෘත්ති කාමයේ සිටි සියලු දෙනාටම ඇසෙන සේ “නිතරම සෙක්ස් ගැන අහන්නේ  මොකද” කියා තමා මහත් අපහසුතාවයකට පත් කළ බවද ඇය කියා සිටියාය.

සිය ප්‍රකාශය තහවුරු කිරීම ඇය තමා ලේක්හවුසියේ සේවය කළ කාලයේ අත් අකුරින් ලියන ලද  සිය දිනපොතෙහි පිටු ගණනාවක්ද අන්තර් ජාලයට මුදා හැරියාය. එම සටහන්හි පැහැදිළිවම එම ලිංගික අතවර ගැන සඳහන් වී තිබේ.

ජොර්දානා නරීන් ප්‍රසිද්ධ කළ එකළ ඇය ලියූ සටහන් පොතේ පිටුවක්

එපමණක් නොව ශ්‍රි ලංකාවේ ප්‍රවෘත්ති කාමර වල පමණක් නොව ඇමෙරිකානු ප්‍රවෘත්ති කාමර වලද මෙවැනි අපචාරයන්ට ජනමාධ්‍යවේදිනියන්  මුහුණ දෙන බව ඇය කියා සිටියාය.

එම සටහන්හි මෙම නීතිඥයාගේ නම මකා දමා තිබූ නමුත් අතපසුවීමකින් දෝ එක් තැනක ඔහුගේ නම  සදහන් වී තිබේ.

මුලින්ම ප්‍රවෘත්ති කාමරයේ ලිංගික අපවාර පිළිබද ප්‍රශ්ණය ඉස්මතු කළ සාරා කැල්ලපතට පිළිතුරු වශයෙන් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබූ නීතිඥයාගේ නමද එයම වේ.

මෙම ට්වීට සංවාදයට එක් වූ ශාලා ඉල්හම් නම් තවත් ජනමාධ්‍යවේදිනියක් කීවේ දැන් වසා දමා ඇති පුවත්පතක සිටි කතුවරයා තමා ලිංගිකව කෙළෙසන බවට තර්ජනය කළ බවයි.

ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති කාමරයන්හි ජනමධ්‍යවේදිනියන් ලිංගික අපචාරයන්ට මුහුණ දෙන බව එම සංවාදයට එක් වූ තවත් කිහිප දෙනෙකුම කියා සිටියහ. එම සටහන් වලදී එකී ලිංගික අපයෝජනයන් නිසා තමන් මහත් මානසික පිඩනයන්ට මුහුණ දුන් බවත් දිගටම එකී මානසික ආතතීන් සමඟ ජීවත්විමට සිදුව ඇති බවත් ඔව්හු කියා සිටියහ.

ප්‍රවාත්ති කාමරයේ ලිංගික අපයෝජන පිළිබඳව තවත් ජනමාධ්‍යවේදිනියන් දෙදෙනෙකු විසින් තැබු ටිවීට සටහන්

හිටපු මානව හිමිකම් කොමසාරිස්වරියක වන අම්බිකා සත්කුණනාදන් මෙම සංවාදයට එක් වෙමින් “පුද්ගලයින්ගේ තරාතිරම හෝ දේශපාලන තත්වය නොසළකා මෙවැනි හෙළිදරව් කිරීම් කළ යුතු බවට තර්ක කළාය. මෙම අවස්ථාවෙහි අනීතිකව සිරගත කර සිටින මානව හිමිකම් නීතිඥයකු වෙනුවෙන් පෙනී සිටින නිසා ඉහත කී හිටපු කතුවර නීතිඥයාට මෙම අවස්ථාවෙහි මෙම චෝදනාව නොකළ යුතු බවට කැරෙන තර්කය වැරදි බවටද අම්බිකා තර්ක කළාය.  ප්‍රධාන සතුරා සමඟ කැරෙන සටනට බාධා විය හැකි යැයි යන තර්කය මත මෙවැනි ප්‍රශ්ණ අතහැරිය විට ඒවා කිසි දිනෙක ආමන්ත්‍රණය නොකෙරනු ඇතැයි ඇය තවදුරටත් තර්ක කළාය.

අම්බිකා සත්කුණනාදන් තැබු ට්වීට සටහන් මාලාවන පළමුවැන්න. එයට ලැබී ඇති දුර්වල ප්‍රතිචාරයෙන් පෙන්වන්නේ ශ්පි‍රි ලංකා ට්වීට අවකාශයේ පිරිමි අධිපත්‍යයි. ඇයගේ ට්වට මෙහි තිබේ: Ambika Satkunanathan @ambikasat
·

මෙම චෝදනා පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මුලදී කී නමුත් දැන් කියන්නේ එවැනි පරීක්ෂණයක් අනවශ්‍ය බවයි.

මෙම සංවාදය සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ ට්වීට සමාජ ජාල අවකාශයේ සිටින ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන්, ජනමාධ්‍යවේදිනියන් සහ මානව හිමිකම් ක්‍රියාකාරිනියන් සහ ක්‍රියාකරුවන් අතලොස්සක් පමණි.

මේ සම්බන්ධයෙන් කතුවැකියක් පළ කරන ලද්දේ රොර් roar.media නම් වෙබ් අඩවිය පමණි. එය මෙහි කියවිය හැක. Editorial: We Condemn All Forms Of Harassment, Sexual Harassment, And Abuse of Power 

( තමන් මුහුණ දුන් ලිංගික අපචාරයන් පිළිබඳව) සිය කතා විස්තර කිරීමට ඉදිරිපත් වී සිටින ජනමාධ්‍යවේදීනියන්ගේ ආරක්ෂාව ගැන පමණක් නොව, එසේ කීමට ඉදිරිපත් නොවන ඕනෑම ලිංගික දිශානතියක් සහිත හෝ නිහඬව ඕනෑම ආකාරයකින් බලයේ සිටින අය විසින් කරනු ලබන අපයෝජනයන්ට මුණ දෙමින් සියලු දෙනා ගැන සිය කනස්සල්ල එය විසින් පළ කර තිබුණි.

ඉංග්‍රිසි භාෂා පුවත්පත් දෙකක් මේ පිළිබඳව ලිපි පල කල අතර වඩා සම්පූර්ණ ලිපියක් පළ කරන ලද්දේ ඉන්දියාවේ හින්දු පුවත් පත විසින් පමණි.

කණගාටුවකට මෙන් එම වෙබ් අඩවියේ සිංහල හෝ දෙමළ භාෂා පිටුවල එය පළ වුයේ නැත.

ඊටත් වඩා ප්‍රවෘත්ති කාමරවල සිදුවන මෙවැනි අපචාරයන් ගැන හොදින්ම දන්නා එවැනි අපචාරයන් සිදුවූ පුවත්පත් පවා මෙම සිදුවීම නිහඩතාවයේ කුමන්ත්‍රණය මගින් යටපත් කළාය. මෙරට අනි බොහෝ වෘත්තීන් මෙන්ම ජනමාධ්‍යවේදයද පිරිමි ආධිපත්‍ය සහිත ක්ෂේත්‍රයකි.

අන්තර් ජාතික ජනමාධ්‍ය සංවිධාන ප්‍රවෘත්ති කාමරයේ ලිංගික අපයෝජන පිළිබඳව විශේෂ වාර්තා පවා ඉදිරිපත් කර ඇති මෙවැනි කාලයක එම සංවිදාන වල ශ්‍රී ලංකා ාමාජිකත්වය දරන ශ්‍රී ලංකාවේ කිසිදු ජනමාධ්‍ය සංවිධානයක් මෙම ප්‍රශ්ණය ඉදිරියට ගත්තේ හෝ එකී හෙළිදරව් කිරීම් කළ ජනමාධ්‍යවේදිනියන් වෙනුවෙන් පෙනී සිටියේ නැත.

මෙරට ද ක්‍රියාත්මක ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීනගේ සංගමය නොහොත් අයි එෆ් ජේ විසින් ප්‍රවෘත්ති කාමරයේ ලංගික හිංසනයන් වාරිතා කිරීමට මඟපෙන්වීම් පවා ප්‍රසිද්ධ කර තිබේ. එයඉංග්‍රිසි බසින් මෙහි ඇත: IFJ_Guidelines_for_Reporting_on_Violence_Against_Women_EN

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශයක් වන ෆේස් බුක් පිටුවල මේ ගැන වචනයක් හෝ ලියා තිබෙනු නොදුටුවෙමි.

ශ්‍රි ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන හෝ ඒවා විසින් පවත්වා ගෙන යන ජනමාධ්‍ය හෝ මෙම ජනමාධ්‍යවේදිනියන් විසින් හෙළිදරව් කරන ලද ස්ත්‍රීන්ට එරෙහි දුෂ්ඨත්වය ගැන කතා කළේ ද නැත. ඇත්ත වශයෙන්ම නම් රාජ්‍ය නොවන සංවිධාන ක්ෂෙත්‍රයද ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ගැන කතා කරන්නේ් ව්‍යාපෘති පිටුවල පමණය. ප්‍රායෝගිකව ඒවා පිරිමි අධිපත්‍ය දිගටම පවත්වා ගෙන යෑමේ මෙවළම් වේ.

මෙරට ප්‍රජාතනත්‍රවාදය යනුවෙන් ක්‍රියාත්මක වන්නේද පිරිමි අධිපත්‍ය පවත්වා ගැනීමේ ව්‍යාපෘතියක්  බව මෙම සියලු කරුණු යළිත් තහවුරු වී තිබේ.

අසෝක ජයවර්ධන විසිනි.

Archive

Latest news

Related news