Sunday, May 19, 2024

අරාබි රටවල් දෙකක් සයිනොපර්ම් එන්නත ලද අයට පයිසර් බයොන්ටෙක් තෙවැනි මාත්‍රාවක් නිර්දේශ කරයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය විසින් චීනයේ නිශ්පාදිත සයිනොෆාර්ම් එන්නත  මුලින් ලබා දුන් අයට ෆයිසර් /බයෝ එන්ටෙක් (පීඑෆ්ඊඑන්), කොරෝනා වයිරස් එන්නත ලබා දීම ආරම්භ කර තිබේ.

මෙම  ගල්ෆ් රාජ්‍යයන් සිය රටවැසියනට සහ සහ වදේශික පදංචිකරුවන්ට සයිනොෆාර්ම් එන්නත ලෝක සෙෘඛ්‍ය සංවිධානය විසින් එය අනුමත කිරීමට පෙරම ලබා දන්නේය. නමුත් දැන එම රටවල් සයිනොපර්ම් එන්නතෙහි දීර්ඝ කාලීන වලංඟුභවය සැක කරමින් පයිසර් බයොන්ටෙක් එන්නත ලබා දීමට තීරණය කර තිබෙන බව ඊයේ රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

මෙයට පෙර සී සෙල්ස් රාජ්‍ය ද එවැනිම පියවරක් අනුගමනය කළේය.

බහරේනය මේ වන විට එරට විශාලතම ආසාදන රැල්ලට එරෙහිව සටන් කරන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි මාස හතකට පෙර COVID-19 රෝගීන් සිටියාට වඩා දෙගුණයක් වාර්තා වී තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබියේ සයිනොපරම් දෙවැනි එන්නත ලබා මාස හයක් ගතවූ අයට  පයිසරි බයොන්ටෙක් එන්නත දැන් ලබා දෙනු ලැබේ.  එය ලබා දෙන්නේ  ප්‍රතිශක්තිය ඉහළ නැංවීමටය.

පයිසර් බයොන්ටෙක් සහ මොඩර්නා එන්නත් ලබා දුන් උතුරු ඇමෙරිකාවෙහි හෝ යුරෝපයේ එවැනි තෙවැනි එන්නත් මාත්‍රාවක් ලබා දීමට යෝජනා වී නැත. ඇස්ට්‍රාසෙනකා ලබා දුන් බ්‍රිතාන්‍ය වසය 50 ට වැඩි සහ මාත්‍රා දෙකම ලද සියල්ලන්ටම ‌පයිසර් බයොන්ටෙක් තෙතෙනි මාත්‍රාවක් ලබා දීමට කටයුතු කරයි. ඒ් එළඹෙන නත්තල් සමයේ දී යළී වසංගතය පැතිරීම වළක්වනු සඳහාය. ඒරට දැනටමත් පයිස්ර් බයොන්ටෙක් ඒන්නත් මිලියන 100ක් අනුව් කර තිබේ.

මුලින් ලබා ගත් එන්නතට අමතරව වෙනස් එන්නතක් ප්‍රතිශක්තිය ඉහළ නංවා ගැනීමට ගත හැකි නමුත්  ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තිකයන් නිර්දේශ ඉදිරිපත් කර නැත.

ලෝක සෞඛ්‍ය සංවිධානයද මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නැත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර වන අබුඩාබියෙහි දෙසැම්බර් මාසයේ සිට සයිනොෆාර්ම් එන්නත සාමාන්‍ය ජනතාවට ලබා දෙන ලද නමුත් ඉන් සමහර ප්‍රතිග්‍රාහකයන්ගේ ශරීර වල  ප්‍රමාණවත් ප්‍රතිදේහ නොමැති බව සොයා ගෙන තිබේ.  ෆයිසර් / බයෝ එන්ටෙක් එන්නත අප්‍රේල් මාසයේ සිට තෙවැනි මාත්‍රාවක් ලෙස භාවිත කිරීමට ආරම්භ කර නැත්තේ ඒ නිසාය.  ඒ සඳහා තෙවැනි සයිනොපර්ම් මාත්‍රාවක් ලබා දීමටද දැන් සිදු කැරේ.

මේ අතර සීමිත ප්‍රකාශිත සායනික දත්ත ප්‍රමාණයක් මත  මැයි මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් හදිසි අනුමැතිය ලබා දුන් සිනොෆාර්ම් එන්නතෙහි කාර්යක්ෂමතාව පිළිබඳ විවිධ මත පළ වී තිබේ..

තවත් වාර්තාවලින් කියැවෙන්නේ සයිනෝෆාම් එන්නත ඉහළ ආරක්ෂාවක් සපයන නමුත් වයස අවුරුදු 50 ට වැඩි, තරබාරු හෝ නිදන්ගත රෝග ඇති අයට ඔවුන්ගේ දෙවන සයිනෝෆාම් මාත්‍රාව ලැබීමෙන් මාස හයකට පසු පයිසර් බයොන්ටෙක් මාත්‍රාවක් ලබා ගැනීම යෝග්‍ය බවයි.

බහරේනය ක්‍රියා කර ඇත්තේ එම උපකල්පනය මතය.

වීනයේ නිශ්පාදිත සයිනොපර්ම් එන්නත සමබන්ධයෙන් තෙවැනි වටයේ පරීක්ෂන ප්‍රතිඵල චීනය විසින් තවම ප්‍රසිද්ධ කර නැත. එම එන්නත විශාල ළවශයෙන් ලබා දුන් බ්‍රසීලය සහ තුර්කිය එහි සාර්ථක්වය ගැන දක්වා ඇති වාර්තා වන්නේ පිළිවෙළින් සියයට 83ක් සහ සියයට 57කි.  චිලී රටෙහි එය සියයට 67කි.

එන්නත ලබා දුන් බෙහෝ රටවල් එන්නත ලබා ගත් පුද්ගලියින් ස්වේච්ජාවෙන් කැඳවා ප්‍රතිදේශ පරීක්ෂා කරනු ලැබෙන නමුත් සෞඛ්‍ය සේවය සහ පරිපාලනය දේශපාලන අවුල් ජාලාවක් වී ඇති ශ්‍රී ලංකාවෙහි එවැනි පරීක්ෂාවක් කැරෙනු ඇතැයි සිතීම උගහටය.

කෙසේ වෙතත් කොවිඩ් එන්නත් තවම පවතින්නේ හදිසි පාච්ච්චිය සඳහා යන අනුමැතිය යටතේ පමණි. කිසිදු එන්නතක් පිළිබඳව දිර්ඝ කාලීන පර්යේෂන තවම සිදුව නැත. බෙහෝ විට කලක් යන තුරු වාර්ශිකව කොවිඩ් එන්නතක් ලබා දීමට සිදුවනු ඇතැයිද මත පළළුි තිබේ.

 

Archive

Latest news

Related news