Thursday, May 2, 2024

රනිල්, සම්පන්දන්, අනුර කුමාර, මංගල, පාටලී, රවුෆ්, පොන්සේකා ඇතුළු 21 දෙනෙකුට දඩුවම් කරන සේ ජනපති කොමිසම නිර්දේශ කරයි!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංනය කලේයැයි වෝදනා කොට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ තවත් 21 දෙනෙකුට ඬුවම් පැනවීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පිහිටුවන ලෙස ජනාධිපති රාජපක්ෂ විසින් පිහිටුවන ලද දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන කොමිෂන් සභාව යෝජනා කර තිබේ.

ජේ.ආර්. ජයවර්ධන රජය විසින් හිටපු අගමැතිනි සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලද්දේ එවැනි විශේෂ ජනාධිපති කොමිසමක් මගිනි. එම අවස්ථාවෙහි සිරිමා බන්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම පිනිස ජනතා විමුක්ති පෙරමුණ ද සාක්ෂි දුන්නේය. දැන් ජනාධිපති රාජපක්ෂ යටතේ එවැනි කොමිසම පරීක්ෂනකට ජවිපෙ නායක අනුර කුමාර දිසානායකද යටත් කළ යුතු යැයි යෝජනා වී තිබේ.

යහපාලන රජය යටතේ ක්‍රියාත්මක වූ දූෂණ විරෝධී කමිටුව සහ දූෂණ විරෝධී ලේකම් කාර්යාලය පිහිටුවීමේදී ඔවුන්ගේ කාර්යභාරය සම්බන්ධයෙන් දේශපාලනඥයින් සහ තවත් සිවිල් පුද්ගලයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංනය කර ඇති බව ජනාධිපති කොමිසම විසින් තීරණය කර තිබේ.

ආණ්ඩුක්‍ර ව්‍යවස්ථාව උල්ලංනයර ඇතැයි දඩුවම් පැමිණවිය යුතු අය අතර අතර ආර්.සම්පන්දන්, අනුර කුමාර දිසානායක, මංගල සමරවීර, පාටලි චම්පික රණවක, රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා,  ජයම්පතී වික්‍රමරක්න, ජේ.සී.වැළිඅමුණ සහ සමන් ඒකනායක ද වේ.

මෙම පුද්ගලයින්ට  දඩුවම් ලබාදීම පිළිබඳව පාර්ලිමේන්තුවට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නව ජනාධිපති කොමිසම පත් කළ යුතු බව කමිටුව නිර්දේශ කර තිබේ.

එවැනි කමිටුවක නිර්දේශ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ජන්දයෙන් සම්මත විය යුතුය. මුස්ලිම් සහ දෙමළ මංත්‍රීවරුන්ගේ සහාය නැතිව මෙම ආණ්ඩුවට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් නැත.

මෙම ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසමෙහි ප්‍රධානියා වූයේ විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න. දැන් ඔහු අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති වේ.

විනිසුරු උපාලි අබේරත්න සම්බන්ධයෙන් පසුගිය සතියෙහි වික්ටර් අයිවන් විසින් මෙසේ කරුණු ඉදිරිපත් කර තිබුණි.

නීතිපති සරත් සිල්වා සිය විවාහක බිරිදගෙන් දික්කසාද නොවී ඔහු සමීපව අසුරු කල. රසායන ඉන්ජිනේරුවකු ගේ බිරිදක් සිය පර අඹුව බවට පත් කරගනිමින් ඇය සිය නිවසේ තබාගනිමින් අනාචාර ජීවිතයක් ගත කලේය.

එම ඉන්ජිනේරුවා සරත් සිල්වාද වගඋත්තර කරුවකු කරමින් සිය බිරිදට එරෙහිව දික්ක්සාද නඩුවක් පැවරුවේය. ඒ වන විට සරත් සිල්වා වැඩ කලේ අභියාචනා අධිකරනයේය. මේ නඩුව ඇසූ විනිසුරුවරයා දිසා විනිසුරු උපාලි අබේරත්න වන අතර එහීදී සරත් සිලවාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහු ක්‍රියා කර තිබූ අකාරය නීති විරෝධී වූවා පනනක් නොව පීඩාකාරි හා නින්දා සහගත වී යැයි කිව හැකිය.

රසායන ඉන්ජිනේරුවා ඒ ගැන අධිකරණ සේවා කොමිෂම වෙත ඉදිරිපත් කල පැමිනිල්ලක් මත කොමිෂම ඒ ගැන පරීක්ෂනයක් පවත්වා උපාලි විනිසුරුවරයා වැරදිකරු කොට ඔහු අධිකරණ සේවයෙන් ඉවත් කොට මෙමෙ නඩුවේදී ඔහු අනුගනය කර තිබූ නීතිවිරෝධී සහාසික ප්‍රතිපත්තිය මත ඔහුට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීමට උපදෙස් දෙන වාර්තාවක් නීතිපති වෙත යවා තිබුනි.

එම පරීක්ෂනය සිදු කර තිබුනේ තිස්ස බණ්ඩාරනායක හා ආචාර්ය මාක් ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකර විනිසුරුවරුන් දෙදෙනා විසිනි. සරත් සිල්වා නීතිපතිධූරයට ඒමත් සමග ඒ වාර්තාව ද යට ගසා දිසා විනිසුරු උපාලි අබේරතන ආරක්ෂාකර දැඩි පිළිවෙතක් අනුගමනය කලේය.

මෙම විනිසුරුවරයා අන් කවරෙකුවත් නොව යහපාලන ආණ්ඩු කාලයේදී සිරිසේන ජනාධිපතිවරයා එම ආණ්ඩුවේ දූෂ ගැන සොයන්නට පත් කල ජනාධිපති කොමිෂමේ සභාපතිවරයාද ඉන්පසු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දේපාලන පළිගැනීම් ගැන සොයා බලන්නට පත්කල ජනාධිපති කොමිෂමේ සභාපතිද ඉන්පසු අතුරුදහන්වුවන්ගේ කාර්යාලයට පත්කල ප්‍රධානියාද වන උපාලි අබේරත්න වේ.

මේ අතර නීතිඥ සන්ගමයේ හිටපු සබාපතිවරුන් ගේ සම්මේලනයක් රැස්වී මා එම තිදෙනාට එරෙහිව එල්ලකර තිබෙන චෝදනා සාකච්චාවට ලක් කොට ඒ ගැන කරුනු සොයා බලන පරීක්ෂන යක් ඉල්ලා සිටියේය.

ඒ අනුව අධිකරණ සේවා කොමිෂම අභියාචනා අධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රී පුද්ගල පරීක්ෂන මණ්ඩල දෙකක් පත් කලේය. උපාලි අබේරතන පිළිබද පරීක්ෂනයේදී ඔහු චෝදනාවලට වරද පිළිගත්තේය.”

එහි තවත් සාමාජිකයකු වූ හිටපු පොලිස්පති චන්ද්‍ර ප්‍රනාන්දු දැන් පොලිස් කොමිසමේ සභාපත මෙන්ම ජනාධිපති රාජපක්ෂ විසින් පසුගිය සතියෙහි පත් කරන ලද මානව හිමිකම් කෙළසීම් පිළිබද වාර්තා විමර්ශන කමිටුවේ සභාපතිවරයකුද වෙයි. වන්ද්‍රා ප්‍රනාන්දු මහ මැතිවරණ ගණනාවකදීම රාජපක්ෂවරුන් වෙනුවෙන් ප්‍රසිද්ධියේම කටයුතු කළ බවට චෝදනා ලැබ සිටී.

Archive

Latest news

Related news