Monday, May 20, 2024

ආණ්ඩුව ගේන්න යන සමාජ මාධ්‍ය පාලනයේ සිංගප්පූරු මාදිලිය

සිංගප්පූරු ආණ්ඩුවේ   මුල්‍ය පාලනය ප්‍රශ්ණ කළ පොස්ටුවකට සිදුවූ දේ.

ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි නියාමනය කිරීම සඳහා දෙසතියක් ඇතුළත නීතිරීති පනවන බව ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල කියා තිබුණි. ඒම සාකච්චාවටම සහභාගි වෙමින් ඇමැති ජී.ඒල්.පීරිස් කියා තිබුණේ ඒම පනත සිංගප්පූරුව විසින් හදුන්වා දී ඇති ඒ් හා සමාන නීතිය හදාරා මෙම නීතියද සකස් කළ යුතු බවයි.

මාර්ගගත අසත්‍යන් සහ ගුන්ඩු පිළිබද පනත [Protection from Online Falsehoods and Manipulation Act (POFMA)] යනුවෙන් හැදින්වෙන එකී පනත ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට වැට බැදීමක් බව අන්තර් ජාතික සංවිධාන ගණනාවක්ම පෙන්වා දී තිබේ.

පැරිස් නගරයෙහි මූලස්ථානය පිහිට‌ා ඇති “දේශසීමා රහිත වාර්තාකරවෝ” නම් සංවිධානය කිසා සිටින්නේ මෙම පනත ඒ්කාධිපතිවාදී ඒකක් බවයි.

නිව්යෝක් නගරය මූලික කරගත් ජනමාධ්‍යවේදීන් ආරක්ෂි කිරීමේ කමිටුව The Committee to Protect Journalists කියා සිටියේ මෙම නීතිය මගින් පාලක පක්ෂය නොරුස්නා අදහස් උදහස් මර්දනය කිරීමට ආයුධයක් ලැබෙන බවයි.

එසේ නමුත් සිංගප්පූරු රජය කීවේ මෙම පනත ගෙන එන්නේ ව්‍යාජ පුවත් මැඩලීමට බවයි.

මෙම පනත සිංගප්පූරුවෙහි සම්මත කරන ලද්දේ 2019 මැයි මාසයේදීය. ඒය බලාත්මක වී මාසයක් යෑමට පෙර ඔස්ට්‍රේලියාවෙහි සිට සිංගප්පූරුව සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය වෙඩ් අඩවියකට ඒ‍එරෙහිව පියවර ගන්නා ලදී. එහි පේස් බුක් අඩවිය තහනම් කරවීමට සිංගප්පූරු බලධාරීහු සමත් වූහ.

ආණ්ඩුවේ මුළ්‍ය කටයුතු හැසිරවීම ගැන ප්‍රශ්ණ කරමින් සමාජ මාධ්‍යයෙහි සටහනක් තැබූ විපාක්ෂික දේශපාලනඥයකුට එරෙහිවද ඒ් සමගම පියවර ගනු ලැබිණ. ඔහු විසින් කරන ලද ප්‍රකාශය ව්‍යාජයක් බව දැක්වෙන සටහනක් ඒම පුවත් උඩින් ඇලවීමට ඔහුට බල කරන ලදී. පසුව තමා වරදක් කළ බව පිළිගැනිමට ඔහුට සිදු විය. එසේ නොවී නම් Brad Bowyer නම් එම දේශපාලනඥයාට දස වසරක සිර දඩුවමක් අත්වීමට හොඳටම ඉඩ තිබුණි.

සිංගප්පූරුවෙහි පිහිටුවා ඇති මාධ්‍ය සංවර්ධන අධිකාරිය නම් ආයතනය විසින් එරට අන්තර්ජාලය සහමුලින්ම පාලනය කරයි. එරට නිදහස් මාධ්‍ය අවකාශයක් නැත. මෙවැනි තවත් මර්දනකාරී පනතක් ගෙන ඒනු ලැබූයේ එවැනි පාලනයක් ද තිබියදීය.

ඇමැති ජී.ඒල්.පීරිස් සිංගප්පූරුවෙන් ඉගෙන ගන්නා පාඩම කුමක්දැයි න් දැක බලා ගන්නට අපට අවස්ථාව සැලසෙනු ඇත්තේ ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ නියාමන පනත ඒළියට ආදාටය. .

 

 

 

 

 

 

Archive

Latest news

Related news