Friday, March 29, 2024

හෙජාස් හිස්බුල්ලා: හැම ඍතුවකුටම සරිලන නීතිඥයෙක් – ගෙහාන් ගුණතිලක

ශ්‍රී ලංකාවේ මාරාන්තික පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් වසරක් ගත වී ඇත. වින්දිතයින්, දිවි ගලවා ගත් අය සහ සාමාන්‍ය ජනතාව තවමත් පිළිතුරු බලාපොරොත්තුවෙන් සිටිති. වගවීම සඳහා වූ බලාපොරොත්තු රහිත ඉල්ලීම් මධ්‍යයේ, ප්‍රකට මුස්ලිම් නීතියෙකු වන හෙජාස් හිස්බුල්ලා හදිසියේම හා අනපේක්ෂිත ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්භාරයට පත්කර ඇත.

මට හේජාස් මුණ ගැසුණේ මා සහභාගී වූ පළමු පාසල් විවාද තරඟාවලියේදී. ඔහු ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය පිළට නයකත්වය දුන් අතර මම කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය නියෝජනය කළෙමි. අපේ කණ්ඩායම ඒ වසරේ අවසන් මහා තරගයට පිවිසියේය. මට හේජාස් මතකයේ ඇත්තේ අනුහසකින් සහ විශ්වාසයකින් යුතුව තර්කයක් ඉදිරිපත් කිරීම සඳහා වූ දුර්ලභ ගුණාංගය සතුවූ උග්‍ර තරඟකරුවෙකු ලෙස. ඔහු අපූරු හාස්‍යක්ද මිත්‍රශීලී විහිළු කිරීමට හැකියාවක් ද තිබුණි. තෝමියානුවන් විය යුතු පරිදිම එම වසරේ ජයග්‍රාහකයින් බවට පත් විය.

සිත් කාවදින දෙය නම්, එදින එහි සිටි තරුණ විවාදකරුවන් අට දෙනාගෙන් පස්දෙනෙකු නීතියින් බවට පත්වීමයි. නෛතික සහෝදරත්වය තුළ අපගේ ප්‍රජාව අපට හමු විය.

අවුරුදු කිහිපයකට පසු මට නැවතත් හෙජාස්ව මුණගැසුණි. මම අභියාචනාධිකරණය ඉදිරියේ තර්ක කළ පළමු නඩුවේදීය. හෙජාස් රජය නියෝජනය කළ අතර මම උසස්වීම් අපේක්ෂා ක ඇතැම් රාජ්‍ය නිලධාරීන් නියෝජනය කළෙමි. ඔහුගේ නීතිය පිළිබඳ උසස් දැනුමත් සහ ඒත්තු ගැන්වීමෙහි ඉහළ නිපුණතාවයක් මට සිහිවෙයි. නමුත් එම අවස්ථාවේදී මට ඔහුගේ තවත් ලක්ෂණයක් දැකගත හැකිවිය. ඔහුගේ උනන්දුව වූයේ හුදෙක්ම තර්කය දිනා ගැනීමට නොවේ. යුක්තිය සඳහා ගැඹුරු කැපවීමක් මම ඔහු තුළ දුටුවෙමි. ඔහු තමා සළකා ගත්තේ හුදෙක් රාජ්‍ය නියෝජිතයෙකු ලෙස නොවේ. යුක්ති නිලධාරියෙකු ලෙස.

හෙජාස්ගේ නීති වෘත්තිය අර්ථවත් වී ඇත්තේ යුක්තිය සඳහා වූ මෙම කැපවීම ගිනි. නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත් වූ පසු ඔහු පෞද්ගලික නීති වෘත්තියට ඇතුළු විය. ඔහු ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රබල හා ශූර ආරක්ෂකයෙකු වෛරය හා ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන්ගේ විවෘත ප්‍රකාශකයෙක් බවට පත්විය.

වැදගත්ම දෙය නම්, ඔහු සෑම පාර්ශවයකම ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහි ප්‍රමුඛ ක් වීමය. හෙජාස් නිරන්තරයෙන් සියළුම ආකාරයේ අන්තර් ආගමික හා අන්තර් වාර්ගික වෛරයට හා ප්‍රචණ්ඩත්වයට එරෙහිව පෙනී සිටියේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ගෙවුණු දිනයන්හිදී, එකී තුච්ච අපරාධ ප්‍රසිද්ධියේ හෙළා දුටු පළමු අය අතර හේජාස් ද විය. ‘පහර දුන් අය මෝඩයන් ලෙස මියගිය මෝඩයන් බව සනාථ කිරීම’ සඳහා වෛරය ප්‍රතික්ෂේප කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය. එතැන් පටන් ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රජාවන් අතර සංහිඳියාව සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරී භූමිකාවක් ඉටු ඉටු කළේය.

පසුගිය සති කිහිපය තුළ, අපි කුරිරු උත්ප්‍රාසය දුටුවෙමු: මහජන මතය නම් අධිකරණයෙහි දී ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිව නැගී සිටි නීතියෙකු‘අන්තවාදියෙකු’ ලෙස අපහාස කැරෙමින් තිබේ. වැරදිකරු බව ඔප්පු වන තුරු නිර්දෝෂී යැයි සැළකීමට ඇති මූලික අයිතිය මෙම අධිකරණ සේවකයාට අහිමි වී තිබීම අදහාගත නොහැකි තරම්ය. ඔහු තවමත් විනිසුරුවරයෙකු හමුවට ඉදිරිපත් කර නැත. ඔහුගේ නීතියින්ට ඔහු හමුවීමට අර්ථවත් අවස්ථාවක් ලබා දී නොමැත.

විනිසුරුවරයෙකුට හෙජාස්ව විභාග කිරීමට අවස්ථාවක් ලැබීමට පෙර (ඔහුගේ නඩුව සම්බන්ධයෙන් නියෝගයක් ලබා දීම කෙසේ වෙතත්), ඔහුට එරෙහි දරුණු හා අගතිගාමී මාධ්‍ය කථිකාවක් මගින් ඔහුව ‘වැරදිකරුවකු’ ලෙස ප්‍රකාශයට පත් කැරෙමින් තිබේ.

ඇත්ත වශයෙන්ම හෙජාස් මහජන මතය විසින් විනිශ්චයකට ලක් කැරෙන්නේ නම්, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ඔහුගේ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් මතු වන කරුණු කිහිපයක් සලකා බලමු. ඉහත කී අගතිගාමී ආඛ්‍යානය තුළ මෙම කරුණු දක්නට ලැබෙන්නේ නැති තරම්ය.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සාමය ආරක්ෂා කිරීමට හෙජාස් පෙරමුණ ගෙන සිටියේය. 2018 ඔක්තෝම්බර් මාසයේදී රට ව්‍යවස්ථා අර්බුදයකට ඇද දැමූ බව සිහියට ගන්න. පාර්ලිමේන්තුව නීති විරෝධී ලෙස විසුරුවා හැරීම සම්බන්ධ නඩුවේදී මැතිවරණ කොමසාරිස් මහාචාර්ය රත්නජීවන් හූල් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටි නීතියා හෙජාස්ය. ජනාධිපතිවරයාගේ ක්‍රියාව ව්‍යවස්ථා විරෝධී බව අධිකරණයට ඒත්තු ගැන්වූ ප්‍රමුඛ නීතියින් අතර ඔහු ද විය. ඉතිරිය ඉතිහාසයයි. හෙජාස්ට අපි ආපසු ගෙවීම අනවශ්‍ය කෘතවේදීීතාවයක් දැක්විය යුතුයි. ශ්‍රී ලංකාවේ බිඳෙන සුළු ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට උදව්වීම සම්බන්ධයෙන් අප හෙජාස්ට ණය ගැතිවෙමු.

හේජාස්, පූජ්‍ය ගලබොඩඅතේතේ ඥණසාර හිමි සම්බන්ධ නඩු ගණනාවක පෙනී සිටියේය. 2014 අළුත්ගම ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් මෙම බෞද්ධ යතිවරයාගේ වෛරී කථාව සම්බන්ධ කටයුතු කරන මූලික අයිතිවාසිකම් අයදුම්පත් වල නීතියා ඔහුය. හෙජාස්, පූජ්‍ය ගලබොඩඅතේතේ ඥණසාර හිමිට එරෙහි අධිකර අපහාස නඩුවක නීතියා ද වේ.

නීතිහෙජාස් හිස්බුල්ලා’ ගැන ඔබ සිතන විට, ඔහු ගැන මාධ්‍ය තුළ පින්තාරු කර ඇති පින්තූරය විවේචනාත්මකව පිළිනොගන්න. මෙම පින්තූරය ඔහු ගැන අප දන්නා දේට සමානකමක් තිබේදැයි ඔබගෙන්ම විමසන්න. අපේ රටේ ව්‍යවස්ථා ඉතිහාසයේ වැදගත්ම අවස්ථාවක මැතිවරණ කොමසාරිස්වරයකු වෙනුවෙන් පෙනී සිටි නීතියා ඔහුය. ඔහු බොහෝ අවස්ථා වලදී වෛරය හා ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන් නිර්භීතව ආරක්ෂා කළ නීතියා වේ. ප්‍රබල හා බලගතු පුද්ගලයන්ට මුහු දී ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිව වෙහෙස නොබලා පෙනී සිටි නීතියා ඔහුය.

අපි හෙජාස් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම නිසි සන්දර්භය තුළ තැබූ පසු, එය සැබවින්ම කුමක් දැයි අපි දැකීමට පටන් ගනිමු: නීති වෘත්තියේ යහපත්ම අයකුට කැරෙන අශෝභන ප්‍රහාරයකි. මෙම කුරිරු ඬුුවමට හේතුව අන්තවාදියකුවීම නොව ඊට එරෙහිව කටයුතු කිරීම. මේ වනාහී හුදෙක් ප්‍රබල දේශපාලන විරුද්ධවාදීන් සිටින පුද්ගලයෙකුට කැරෙන අයුක්තිසහගත සැලකීමක් සම්බන්ධ සිද්ධියක් නොවේ. එය ශ්‍රී ලංකාවේ දිශානති වෙනසක කූටප්‍රාප්තියයි: එහිදී අන්තවාදීන්ට සමාව ලැබෙන අතර අන්තවාදයට එරෙහිව හඩ නැගූවන් සිරගත කැරේ.

මා සාමාජිකයෙකු වීමට ලැබීම වරප්‍රසාදයක් ලෙස සලකන වෘත්තියෙහි හෙජාස් හිස්බුල්ලා ද කොටස්කරුවෙකි. අපේ යෞවන කාලයේදී ඔහුට හමු වූ තවත් බොහෝ අය මෙන් මා ද මෙම වෘත්තියට සම්බන්ධ වීමට තීරණය කළ හේතුවෙහි එක් කොටසක් ඔහුය. තවත් බොහෝ දෙනෙක් එයට සම්බන්ධ වීමට අදත් හෙටත් හේතුවක් ලෙස ඔහු පවතිනවා ඇත.

(Hejaaz: A lawyer for all seasons නමින් Gehan Gunatilleke විසින් www.ft.lk පුවත් පතට ලියන ලද ලිපියෙහි සිංහල පරිවර්ථනය ශ්‍රි ලංකා බ්‍රිෆ් වෙතිනි)

Archive

Latest news

Related news