Friday, May 3, 2024

කෝවිඩ්-19 ලොවපුරා වසරක් පැවතිය හැකියි.- සිංගප්පූරුවේ විදේශ ඇමති

ඡායාරූපය: මුහුණු ආවරණ විකිණීමට ඇති බව දැක්වෙන සිංගප්පුරුවේ දැන්වීමක්.

නව කෙරෝනා වෛරසය දැන් ගෝලීයව ව්‍යාප්ත වී ඇති බැවින්, අවම වශයෙන් වසරක්වත් පවතිනු ඇති තත්වයකට මුහුණ දීමට ලොව පුරා රටවල් සූදානම් විය යුතු බව සිංගප්පූරුවේ විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා සා තිබේ.

හු කියා ඇත්තේ දැන් “ආසියාවෙන් ඔබ්බට ඉරානය, ඉතාලිය සහ එක්සත් ජනපදය වැනි රටවලට ව්‍යාප්ත වීමෙන් පසුව මෙම රෝගය ලෝක ව්‍යාප්ත වී ඇති බවයි.

ශ්‍රී ලංකාවෙහි  දෙසියකට වැඩි පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවා ඇති අතර කෝවිඩ්-19 අසාදනය වූ එක් රෝගියකු දැන් කොළඹ බෝවන රෝග රොහලෙහි ප්‍රතිකාර ලබයි. රෝගය පැතිර ගියහොත් මහා මැතිවරණය පැවැත්වීම සළකා බලන්නට සිදුවන් ඇතැයි අදාළ බලධාරීහු ප්‍රකාශ කර තිබේ. කෙරෝනා වෛරසය පැතිරයාම දැකක දැකත් කල් තබා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හුදු දේශපාලන වාසි ගැනීම සඳහා මහජන සෞඛ්‍යය බිල්ලට දීමක් බව සමාජ මාධ්‍යයන්හි විවේචන ඉදිරිපත්ව තිබේ.

මේ අතර චීනයේ වෛරසයේ පැතිරීම එහි නරකම තත්ත්වය පසු කර ඇතයි අන්තර් ජාතික පුවත් වාර්තා සඳහන් කරයි.

චීනය යථා තත්ත්වයට පත්වීමේ ලෝකයේ පළමු රට බවට පත්විය හැකි බවත් එම වාර්තා දක්වයි.

එක්සත් ජනපදයේ කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව 1000 දක්වා ඉහළ ගොස් ඇති බවත් මේ අතර වාර්තා වේ. හඳුනාගත් රෝගීන්ගේ සංඛ්‍යාව ඉරිදා සිට මේ වනවිට දෙගුණයක් වී තිබේ.

එරට තිස් එක් දෙනෙකු රෝගයෙන් මියගොස් තිබේ.

කොරෝනා වයිරසය පසුගිය පැය 24 තුළ ඉතාලියේ තවත් පුද්ගලයින් 168 දෙනෙකු බිලි ගත්තේ ය. රට තුළ පැතිරීම ආරම්භයේ සිට එක් දිනක් තුළ වාර්තා වූ වැඩි මරණ සංඛයාව මෙය වේ.

මිලියන 63 ක ජනතාවක් සිටින රටක් වන මුළු ඉතාලියම දෙදෙිනට පෙර නිරෝධායනයකට යටත් කරන ලද්දේ පුද්ගලයන් 631 දෙනෙකු මියගොස් 10,000 කට අධික සංඛ්‍යාවක් වැළඳුන තත්වයක් යටතේ වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා  පියවරක් ලෙස ය. නමුත් මුලු රටක්ම නිරෝධායනය කිරීම දිගටම පවත්වා ගත නොහැකි වනු ඇතැයි විචාරකයෝ පවසති.

චීනයෙන් පිටත කෝවිඩ්-19 වසංගතයෙන් දරුණු ලෙස පීඩාවට පත් වූ රටක් වන දකුණු කොරියාව මාර්තු 10 දා සති දෙකක් තුළ පළමු වරට නව රෝගීන් 150 කටත් වඩා අඩු සංඛ්‍යාවක් වාර්තා කළේය.

කොරියානු රෝග මර්දන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන සඳුදා ආසාදන 131 ක් වාර්තා කළ අතර දැන් එය 7,513 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ගෝලීය වශයෙන්, කෙරෝනා වෛරසයෙන් පුද්ගලයින් 4,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර රෝගීන් 113,000 කට වැඩි සංඛ්‍යාවකට එය බෝ වී තිබේ. ලොව පුරා පුද්ගලයින් 64,000 ක් පමණ මේ වන විට සුවය ලබා ඇත.

Archive

Latest news

Related news