Sunday, July 21, 2024

නව කොරෝනා හෙවත් වූහාන් රෝගයේ අ යනු ආ යනු සහ පරෙස්සම කෙසේ ද යත් – වෛද්‍ය කයාත්‍රි පෙරියාසාමි

ඡායාරූපය: කටුනායක ගුවන් තොටුපළෙහි මගීන් සහ සේවිකාවන් මුඛ ආවරණ පැළද ( Photo from a AFP tweet)

ලොව පුරා භීතියේ හා කම්පනයේ රැළි නංවන වර්තමාන ගෝලීය සෞඛ්‍යාරක්ෂාව වන්නේ වුහාන් රෝගය හෝ එහි වඩාත් ප්‍රචලිත නාමය වන කොරෝනා වයිරසය යි. ප්‍රවෘත්ති හෝ සමාජ මාධ්‍ය නිසා ඇති වන භීතිකාව තුළට අප ලෙහෙසියෙන් හසුවන නමුත් මෙම වසංගතය මැඩපැවැත්වීම වඩා වැදගත් වන්නේ ඉවසීම සහ පූර්වාරක්ෂාව ක්‍රියාත්මක කිරීම යි. දැනට මරණ වාර්තා වි ඇත්තේ මූලික වශයෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය අවදානමට ලක්ව තිබූ පුද්ගලයින් අතුරින් බව සඳහන් කිරීම ද වැදගත් ය.

වෛද්‍ය පර්යේෂකයන් විසින් 2019 නව කොරොන වයිරස් (nCoV) ලෙස නම් කර ඇති, වුහාන් රෝගය ඇති වන්නේ විශාල කිරීටක වෛරස් පවුලකිනි සූර්යයාගේ කොරෝනයට සමාන එහි පටලයෙන් නෙරා එන කරල් හා සමාන බැවින් කොරොනා යන නමින් එය සදහන් වේ. අප දන්නා පරිදි මෙම වෛරස් පවුලේ වික්‍රියා විසින් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවේ සිට මැදපෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය (MERS) සහ දරුණු උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය (SARS) වැනි දරුණු ශ්වසන රෝග දක්වා වන ශ්වසන රෝග ඇති කරයි.

සතුන් තුළ බහුලව දක්නට ලැබෙන මෙම වයිරසයෙහි කලින් හඳුනා නොගත් වික්‍රියාව (strain ) දැන් මිනිසාගෙන් මිනිසාට ව්‍යාප්ත වන බව පෙන්නුම් කරයි. මෙම රෝගය පුපුරා යාමේ සම්භවය දැවැන්ත සජීවී මුහුදු ආහාර සහ චීනයේ වුහාන් හි ඇති සත්ව වෙළඳ පොල යැයි උපකල්පනය කරනු ලැබේ.

රෝගයේ ළකුණු

වයිරස වැළඳී ඇති රෝගීන් බොහෝ විට පැමිණිලි කරන්නේ වියළි කැස්සක්, උණ සහ හුස්ම ගැනීමේ අපහසුතාවන් ය. ඒවා ඒවා නියුමෝනියාව කරා සහ ශරීර අභ‍්‍යන්තර අවයව දුර්වලවීම දක්වා වර්ධනයය විය හැත වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා නොගත හොත් ඉන් මරණය පවා ඇති විය හැකි ය. දින 2 සිට 14 දක්වා පැවතිය හැකි පුර්ව රෝග කාලයකින් පසුව රෝග ලක්ෂණ මතු වීමට පටන් ගන්නා අතර රෝගියාගෙන් මෙම කාලය තුළ ද අන් අයට බෝ ිය හැකි ය. එම අවස්ථාවෙහි කැරෙන ප්‍රතිලෝම ට්‍රාන්ස්ක්‍රිප්ටේස් පීසීආර් පරීක්ෂණයකින් ( reverse transcriptase PCR test ) වෛරසය ශරීරගතව ඇත්ැයි සනාථ කරගත හැකි අතර, ශ්‍රී ලංකා වෛද්‍ය බලධාරීන මෙම විශේෂිත වික්‍රියාව පරීක්ෂානය කළ හැක.

බෝ විය හැකි සැටි

කිරීටක වයිරසය ශරීර ගතව තැයි සැක කෙරෙන්නේ රෝගියාට පසුගිය දින 14 තුළ චීනයේ සංචාරය කළ ඇත්නම් හෝ වුහාන් අසනීපයෙන් පෙළෙන අයෙකු සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූයේ නම් පමණි. කැස්ස සහ කිවිසුම් යාමෙන්, ශ්වසන ජල බිඳිති හරහා හෝ රෝගී වූවන් ස්පර්ශ කිරීමෙන් හෝ ආසාදිත පුද්ගලයාගේ ශාරීරික තරල හරහා හෝ එක් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට එය බෝ විය හැක. මූලික වශයෙන්, රෝගියෙකු සමඟ යම්කාලයක් සම්බන්ධතා පැවැත්වීම යන්නේන සිප ගැනීම, බදා ගැනීම, කෑම බීම භාජන බෙදාගැනීම, අඩි තුනක් ඇතුළත රෝගී අයකු සමඟ කතා කිරීම සහ යමෙකු කෙලින්ම ස්පර්ශ කිරීම යනාදිය අදහස් වේ. සමීප සම්බන්ධතා යන්න්නට පසුකර ඇවිදීම හෝ පොරොත්තු කාමරයක් හෝ කාර්යාලයක් තුළ කෙටි කාලයක් වාඩිවී සිටීම වැනි ක්‍රියාකාරකම් ඇතුළත් නොවේ.

මෙම සමීප සම්බන්ධතා පැවැත්වීම පොදු ප්‍රවාහනයේ දී , සේවා ස්ථානයක දී , අධ්‍යාපන ආයතනයක දී හෝ ආහාර ගැනීමෙන් පවා සිදුවිය හැකිය. එබැවින් ගත යුතු පූර්වාරක්ෂාවන් මෙසේ දැක්විය හැකි ය.

  • මුහුණු ආවරණ පැළඳීමේ පුරුද්දට ඇතිකර ගැනීම.
  • කිවිසුම් යාම හෝ කැස්ස ඇති පුද්ගලයින් සමඟ සමීප සම්බන්ධතා අවම කිරීම.
  • මධ්‍යසාර මත පදනම් වූ සනීපාරක්ෂකක් රැගෙන යාම.
  • නිතර අත් සේදීම.
  • හොඳින් පිසූ ආහාර නිවසේදී අනුභව කිරීම වඩාත් සුදුසුය.
  • වෛරස් වඩා වේගයෙන් පැතිර යා හැකි එම ස්ථානයන්ට අත්වලින් වෛරස් සම්ප්‍රේෂණය වීම නතර කිරීම සඳහා පිටත සිටියදී සිය මුහුණ, ඇස් හෝ මුඛය අධික ලෙස ස්පර්ශ කිරීමෙන් වැළකී සිටීම.

පාසැල් යන දරුවන් සිටින දෙමාපියන් පරෙස්සම් විය යුතු අතර ඉහත සඳහන් පරිදි පූර්වාරක්ෂාවයන් අනුගමනය කළ යුතුය. කෙසේ වෙතත්, සැක සහිත තත්වයක් තිබේ නම්, එය පාසල් අධිකාරියට වාර්තා කර නිරෝධායනය පිළිබඳ උපදෙස් සඳහා රැඳී සිටින්න. කිරීටක වයිරසයෙන් පෙළෙන රෝගීන් සිටින දෙමව්පියන් දින 10 ක් පවුලේ අයව නිවසේ තබා ගත යුතුය.

වැදගත්ම ආරක්ෂාව

සේ වෙතත්, වඩාත් ම වැදගත් දෙය නම්, ඔබ නිරෝගීව සිටීම ය. සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම, නිතිපතා ව්‍යායාම කිරීම, නිසි නින්දක් බා ගැනීම, හැකි තරම් ජලය පානය, ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීමට ප්‍රයෝජනවත් ය. දුම්පානයෙන් සහ අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් වළකින්න. ඔබ දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝගවලින් පෙළෙනවා නම්, එම රෝගී තත්වයන් හොඳින් රැකබලා ගන්න. මෙම වෛරසයට ගොදුරු වන බොහෝ දෙනා කලින් දුර්වල සෞඛ්‍ය තත්වයෙන් පසු වූ අයයි.

ප්‍රතිකාර සම්බන්ධයෙන් කිව හැක්කේ, කොරෝනා නෙහොත් කිරීටක වයිරස් රෝග ඉබේම යහපත් බවට හැරෙන බවයි.

ප්‍රතිජීවක ෂධ කිරීටක වයිරස සඳහා ඵලදායක නැත. දැනට පවතින ප්‍රතිවයිරස ද ක්‍රියා කරන බවක් නොපෙනේ. දරුණු ලෙස රෝගාතුර වූවන් සඳහා ප්‍රතිකාර සඳහා ආධාරයකි. රෝගීනට, තත්වය යහපත් වන තුරු රෝහල්ගත වීම සහ වාතාශ්‍රයබා ගැනීම අත්‍යවශය ය. ශක්තිමත් ප්‍රතිශක්තියක් ඇති බොහෝ වැඩිහිටියන්ට දරුණු රෝග ලක්ෂණ පහළ නොවේ. වැඩිහිටියන් වැනි දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අයට සහ දියවැඩියාව, පිළිකා සහ වෙනත් ආසාදන වැනි රෝගාබාධ ඇති අයට රෝගය වැළදුණහොත් තත්වය නරක අතට හැරෙනු ඇත.

මේ වන විට, වසංගතය මැඩපැවැත්වීම හා පැතිරීම වළක්වා ගැනීම සඳහා වන සම්බන්ධීකරණ කටයුතු සඳහා ජනාධිපති කමිටුවක් පත් කර තිබේ. රට තුළට පැමිණෙන පුද්ගලයින් පරීක්ෂා කිරීම සඳහා ගුවන් තොටුපළෙහි හි ස්ථානයක් පිහිටුවා ඇත. නිරෝධායනය සහ ප්‍රතිකාර සඳහා සැක සහිත පුද්ගලයින් ඇතුළත් කිරීමට අයි ඩී එච් රොහළෙහි ඒකකයක් පිහිටුවා ඇත. කිරීටක වයරස් පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ඒකකය සතුව දැන් අංග සම්පූර්ණ උපකරණ සහ මානව සම්පත් තිබේ. රට තුළට ඇතුළු වන සියලුම ස්ථාන ආවරණය කර ඇති අතර රෝගය පැතිර ගිය හොත් එය පාලනය කිරීමට ප්‍රධාන රෝහල් කිහිපයක් සූදානම් කර තිබේ.

ඔබ වුහාන් අසනීපය වැළදීතැයි සැක කරන්නේ නම් සහ රෝගී බවත් දැනෙන්නේ නම්, රෝග ලක්ෂණ පෙන්වීමට දින 2-14 ගතවන බැවින් අන් අයට නිරාවරණය වීම වළක්වා ගැනීමට හැකි තරම් දුරට නිවසේ රැඳී සිටින්න.

පළමුවෙන්ම ඔබේ පවුලේ වෛද්‍යවරයා අමතන්න. ඔහු හෝ ඇයගේ මඟ පෙන්වීම මත බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනය අමතන්න. මෙම හදිසි අවස්ථාව සමඟ කටයුතු කිරීම සඳහා රජයේ තොරතුරු ඇමතුම් අංක මෙසේ ය: 071-0107107; 011 3071073.

(වෛද්‍ය කයාත්‍රි පෙරියාසාමි: එම්බීබීඑස් (එක්සත් රාජධානිය), එම්ආර්සීපී (එක්සත් රාජධානිය), අන්තර් වෛද්‍ය විද්‍යාව පිළිබඳ සහතික ලත් මණ්ඩලය (ඇමරිකා එක්සත් ජනපදය) උපදේශක වෛද්‍යවරියක් වන අතර කොළඹ 03 පිහිටි සෞඛ්‍ය සම්පන්න ජීවිත දියවැඩියා සායනයෙහි නිර්මාතෘ ද වේ.)

The ABCs of the Wuhan illness නම්න් Dr. Kayanthri Periyasamy විසින් ජනවාරි 31වන දින ඩේලි එප් ටී පුවත් පතෙහි පළ කරන ලද ලිපියෙහි සිංහලානුවාදය හ්‍රී ලංකා බ්‍රිෆ් වෙතිනි.

Archive

Latest news

Related news