Tuesday, July 16, 2024

මෙන්න දිවයින පත්තරය සිය දිවි හානි කරගන්නා අන්දම විකුණන හැටි!

අසෝක ජයවර්ධන විසිනි.

පසුගිය ඉරිදා (ඔක් 01) දිවයින පුවත්පතෙහි සිය දිවි නසා ගැනීමක් වාර්තා කර තිබුණේ මියගිය පුද්ගලයා මිය යන්නට සිතූ සැටි පවා රචකයා විසින්ම දිවැසින්  දුටු ලෙසින් සඳහන් කරමිනි. එමගින් සිය දිවි හානිකර ගැනීමට පෙර සිතිය ුයුත දේ පවා දිවයින පුවත්පත විසින් අලෙවියට තිබා තිබේ. එපමණක්  නොව කිසිසේත්ම වාර්තා නොකල යුතු කරුණූ ගණනාවක් තලුමරමින් රචකයා විසින් ඉදිරිපත් කරන්නේ ද මිය ගිය පුද්ගලයාට හෝ ඔහුගේ ඥතීන්ට කිිසිදු ගරුසරැවක් දක්වන්නේ නැතිවය.  ජාතිය ආරක්ෂා කර ගැනිමට පෙනී සිටිනවායැයි කියන පුවත් පතක් මෙළෙස සිිත් තැවුලට පත් තරැණයින් සිය දිවි නසා ගැනීමට පොළඹවන කතා ලියා පළ කරන්නේ අලෙවිය ඉහළ නංවා ගැනීීමට නොව අන් කුමකටද?

වසරකට තුන් දහසකට වඩා සිය දිවි නසා ගැනීම්  සිදුවන එමෙන් පස් ගු‍‍‍‍‍‍‍ණයක් වත් සිය දිවි නසා ගැනිමට තැත් කරන රටක ජනමාධ්‍ය සදාචාරය යනු මෙයද? ජාතිවාදය අලෙවි කරන පමණටම දිවයින කර්තෘ විකුණන්ට පුලුවන් හැම දෙයක්ම සිය පත්තර පිටුවල පළ කරන්නෙ තුට්ටු දෙකකවත් ලැජ්ජාවක් නැකි නිසා විය යුතුය.

සිය දිවි නසා ගැනීම රසකරමින් වාර්තා කර අවසානයේ තරුණයින් මෙවැනි පියවර නොගත යුතුයැය වාක්‍යයක් පළ කර තිබීමෙන්ම පෙනෙන්නේ මෙම වරද කරන්නේ  දැන දැනම බවයි.

පහත පළ වන කොටස් උපුටා ගෙන දක්වා ඇතතේ මෙම වාර්තාකරණයේ ඇති භයානක කම පෙන්වා දිමටය.  එහි එන නම්ගම් ලේඛකයා විසින්ම මකාදමන ලදී.

බ්ලූ වේල්  නමැති මාරාන්තික පරිගණක ක්‍රීඩාව ගැනද ඔහු අධ්‍යයනය කරමින් සිටියේය. එයින් මිනිසුන් කරගන්නා හානි, මැරෙන අයුරු අන්තර්ජාලය තුළ ඔහු නිතරම සොයා බැලුවේය. ඒවා නැරැඹීමත් සමඟ ඔහුගේ මානසික තත්ත්වය තව තවත් පිරිහීමකට ලක්‌වුණි.  ( රවකයාට මිය ගිය පුද්ගලයාගේ සිත කියැවිමට හැකියාවක් තිබූණිද?) 

මෙම සිද්ධිය නිසා XXXXX ජීවිතය මොන තරම් අවුල් වුණාද කියතහොත් සමහර දිනවල ඔහු තමාගේ රූගත කිරීම්වලට පවා සහභාගි වූයේ නැත. විරහ ගීත අසමින් මත්පැන් සහ මත්පෙති භාවිතා කරමින් දුක තුනීකර ගැනීමට ඔහු උත්සාහ කළේය. එහෙත් එය අනුවණ ක්‍රියාවක්‌ බව පෙන්වා දීමට තරම් කෙනෙක්‌වත් ඔහු ළඟ නොසිටියේය. (ළඟ කොනෙකු නොසිට බව රචකයා දන්නේ කොහොමද?)

xxxxx ජීවිතය එපා වී තිබුණි. ඔහුගේ මානසික තත්ත්වය බිංදුවටම වැටී තිබුණි. එලෙස ජීවත් වීම මහ කරදරයක්‌ ලෙස ඔහුට හැඟුණි. කෙලෙස හෝ ජීවිතය නැතිකර ගැනීමට ඔහු තීරණය කළේය. ( ජීවිතය එපා වූ විට කළ යුතු දේ දිවයින පත්තරය කියා දෙන සැටි)

එදින xxxxxපදිංචිව සිටි xxxxx කුලී නිවසේ විශාල සාදයකි. xxxxx කිහිප දෙනෙක්‌ එයට සහභාගි විය. මත්පැන් සහ මත්පෙති ආදියද එහි තිබුණි. මානසිකව අවුල් වී සිටි දසුන් එදින ඇතිවන තුරු මත්පැන් පානය කළේය. සාදය ඉවර වූ පසු ඔහු නින්දට ගියේ පසුදින තම ජීවිතය හානිකර ගන්නවා යන ස්‌ථිර අරමුණ පෙරදැරි කරගෙනය. ( නින්දට යෑමට පෙර සිතු දේ දිවයින රචකයා  දිවැසින් දුටු අයුරු )

පසුදින එහි සිටි අනෙක්‌ xxxxx කටයුතු සඳහා එම කුලී නිවසින් බැහැර වූහ. එම නිසා xxxxx නිවසේ තනි විය. ඔහුට ජීවිතය එපා වී තිබුණි. එදින කෙලෙස හෝ දිවිනසා ගන්නා බවට ඔහු තීරණය කළේය. ( දිවි නසා ගැනීම වර්ණනා කරන අන්දම, සහ ඛේදවාචකයක් කතන්දරයක් බවට පත් කිරීම)

තම දිනපොතේ පිටුවක්‌ ඉරාගත් ඔහු මෙලෙසින් කෙටි ලිපියක්‌ ලිව්වේය. “xxxxxවන මාගේ සිය දිවි හානිකර ගැනීම මා විසින්ම මාගේ වුවමනාවට සිදුකර ගන්නා නිසා මේ සඳහා කිසිම පුද්ගලයකු වගකීමට අවශ්‍ය නැත. මම මාගේ මානසික පීඩනය දරා ගැනීමට නොහැකි නිසා මේ තීරණය ගනිමි” එයට පහළින් සම්පූර්ණ නම ලියා ඔහුගේ අත්සනද තබා තිබුණි. ( කළ යුතු දේ කියා දෙන සැටි, මානසික පීඩනය වැඩි නම් කළ යුත්තේ මෙය යැයි මෙමගින් හඟවන්නේ නැත්ද?)

එලෙස ලිපිය ලියූ ඔහු සියදිවි හානි කරගන්නා ආකාරය ගැන කල්පනා කළේය. එම මොහොතේ ඔහු සිටියේ පියවි සිහියෙන් නොවේ. විවිධ ක්‍රම කල්පනා වුවද අවසානයේ ඔහු එල්ලී මැරීමට තීරණය කළේය. ( දිිවයින රචකයා ඛේදවාචකය රස කතාන්තරයක් කරන හැටි)

එම තීරණය ගත් මොහොතේ සිට ඔහුගේ සිත තවත් අවුල් ජාලාවක්‌ බවට පත් වූවේය. සිතට දැනෙන එම මානසික පීඩනය දරා ගැනීමට නොහැකි තැන එම නිවසේ තිබූ ගෘහභාණ්‌ඩ ආදිය පොළොවේ ගසා කුඩුපට්‌ටම් කළේය. ඉන්පසු විනාඩි කිහිපයක්‌ නිවස තුළ උමතුවෙන් මෙන් ඇවිද්දේය. ( තව දුරටත් දිවැසින් දැකීම නොහොත් වෙළදාම පිනිස කතා ගෙතිමක් නේද?)

දැන්නම් හොඳටම ඇති ජීවත් වුණා. මැරෙන එක සැපයි කියා ඔහුට සිතෙන්නට ඇත. ඒ අනුව කාමරයට ගිය ඔහු ඇඳ ඇතිරිල්ලක්‌ රැගෙන සාලය දෙසට පැමිණියේය. ඒ එල්ලී මැරීම සඳහා ය. ඒ සමඟම තමාගේ සිය දිවි නසා ගැනීම වීඩියෝ කළ යුතු යෑයි ඔහුට සිතුණි. ඒ අනුව තම ජංගම දුරකථනයෙන් වීඩියෝ වන ආකාරයට සකසා එය සාලය පසෙකින් තැබුවේය. (සම්පූර්ණයෙන්ම අනවශ්‍ය සහ භයානක වාර්තාකරණයකි. සිය දිවි නසා ගැනීමේ වාර්තාකරනයේ ප්‍රධානතම ආචාරධර්මය නම් ආකාරය වාර්තා නොකිරීමයි. එනමුත් මෙහිදී දිවයින පුවත්පත කරන්නේ ආකාරය තලු මර මරා වාර්තා කිරිීමය)

සාලයේ තිබූ විදුලි පංකාවට ඇඳ ඇතිරිල්ල දමා එහි එල්ලී ගෙල වැලලා ගෙන සියදිවි හානි කර ගැනීමට ඔහු උත්සාහ කළේය. xxxxx පළමු උත්සාහය අසාර්ථක විය. යළි මඳ වේලාවක්‌ කල්පනා කළ ඔහු එතැනින් නික්‌මී මුළුතැන්ගෙය බලා ගියේය. එය ජංගම දුරකථනයේ කළ වීඩියෝ පටයේ පැහැදිලිව සඳහන් වී තිබුණි. ( ජනමාධ්‍ය ආචාර ධර්ම ගැන දිවයින කර්තෘට අල්ප මාත්‍ර දැනීමක් නැති කම පෙන්වන තවත් උදහරණයකි. මේ විස්තර කුමක් සඳහාද?)

විනාඩි දෙක තුනක්‌ ඇතුළත යළි සාලයට පැමිණි ඔහු පෙර පරිදිම ගෙල වැලලා ගැනීමට උත්සාහ කළේය. එවර මාරයාගෙන් ගැළවීමට xxxxx  නොහැකි විය. 

 

 

Archive

Latest news

Related news