Tuesday, May 7, 2024

රජ පවුලේ අම්මල තාත්තල පුතාල එකතුවෙලා මිනී මරපු රටක් ද මේක‍ ? – සුනන්ද දේශප්‍රිය

( පරීක්ෂණය පිණිස ගොඩ ගත් තාජුඩීන් දේහය පසු පස යන මුස්ලිම්වරු, ලංකාදීප ජායාරූපය)

හක්කේ බොදු රුස්, බොක්කේ දඩ මස්.

රාජපක්ෂ හැම පෝයකට ම ශිරන්ති සහ දරු පවුල සමඟ සිල් ගත්තේ ය. එසේ සිල් සමාදන්වෙනු රෑපවාහිනියෙන් රටටම පෙන්නුවේ ය.

එනමුත් බොක්කේ තිබුණේ දඩමස් ය. ඒ දඩමස් එළියට එන්න ගත්තේ ජනවාරි 08 දා කොන්ද වැදුනු පා පහරින් පසු ය. දැන් හක්කේ බොදු රුස් වියළී ගොස් බොක්කේ තිබූ දඩ මස් එලියට එමින් තිබේ.

මේ අරභයා ඇති හොඳම උදාහරණයක් නම් රගර් කීඩක වසීම් තාජුඩින්ගේ මරණය යි.

රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් දැනට හෙළිදරව් වී ඇති කරුණූ කවර හෝ ප්‍රජාතන්ත්‍රවාදී රටක රාජ්‍ය නායකයකුගේ පවුලක් සම්බන්ද වූ බවට අසන්නට ලැබි ඇති භයානකම මිනී මැරුම විය හැකිය.

තාජුඩීන් ඝාතනය කිරීමට ජනාධිපති ආරක්ෂක අංශයේ තිදෙනෙකු හවුල් බව කීවේ ඇමැති සේනාරත්නය. ජනාධිපති ආරක්ෂක අංශය නොහොත් පීඑස්ඩිය යනු ජනාධිපති රාජපක්ෂගේ විශ්වාසවන්තම හමුදා පිරිස විය. එය තිබුණේ ඔහුගේ බැල්ම යටතේ ය.

රාජපක්ෂ පුත්‍රයකුගේ ළදක් හා පැටලෙන්නට ගියේ යැයි ඇමැති මර්වින් සිල්වා පුත් මාලකට පහර දුන්නේ එම පිඑස්ඩිය ම බව කියනු ලැබේ. එම පහර දීම සිදු වූ ඔඩෙල් රථ ගාලේ සවිකර තිබූ රැපවාහිනි කැමරා විසින් සටහන් කර ගත් එම ප්‍රහාරයේ දර්ශණ මකවා දමන ලදී.

දැන් ඒ පී එස්ඩිය ම රාජපක්ෂ පුත්‍රයකුගේ පෙම් කතාවට සම්බන්ධ තරුණයකු යැයි වාර්තා වන වසිම් තාජුඩින් ඝාතනයට සම්බන්ධ බවට වාර්තා වේ.

ඉන් පෙනෙන්නේ ජනාධිපති රාජපක්ෂගේ ආරක්ෂක බලකාය රාජපක්ෂ දරුවන් වෙනුවෙන් මැරකමේ යවන ලද බවය.

ඊළගට අම්මා ශිරන්තිය‍ රාජපක්ෂය ය. 2011 වසරේහිදී ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය පුදුමාකර ලෙස ශිරන්ති රාජපක්ෂගේ සිරිලිය පදනමට සිය සංචිතයෙන් ඩිපෙන්ඩර් රථයක් නොමිලයේ ම ලබා දුන්නේ ය. දැන් රහස් පොලිස් වාර්තා සඳහන් කරන්නේ වසීම් තාජුඩීන් කිරුලපොන දී පැහැර ගැනීමට පැහැර ගැනීමට යොදා ගන්නා ලද්දේ එම WP – KA 0642 දරණ ඩිපෙන්ඩරය බවයි. වාහනය ලබා ගෙන ඇත්තේ කාන්තාවන් සහ දරුවන්ගේ සෞඛ්‍ය නගා සිටිවීමට යැයි කියා ය. නමුත් සිදුව ඇත්තේ මවකගේ දරුවකු ඝාතනය පිනිස එය යොදා ගැනීම ය.

( ශිරන්තිගේ පදමනට එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් ද නොමිලයේම ඩිපෙන්ඩර් රථ දෙකක් ලබා දී තිබුණි. රතු කුරුසය මෙළෙස වෙනත් ආයතනවලටත් වාහන නොමිලයේ ලබා දී තිබේ ද?)

ශ්‍රී ලංකා රතුකුරුසය එම වාහනය ආපසු ඉල්ලා ගත්තේ ද නැත. අන්තිමේදී එම වාහනය ආපසු ලබා ගන්නා ලද්දේ රාජපක්ෂ ජනාධිපතිධුරයෙන් පහ වී තාජුඩීන් ඝාතනන යළි ඉස්මතු වීමට පෙර 2015 ජනවාරි 20 දා ය‍.

රස පරීක්ෂක වාර්තාවවට අනුව තාජුඩීන් මරා දමා ඇත්තේ වධහිංසා පැමිණවීමෙන් පසු ය. තුවක්කුවකින් මෙන්ම උල් ආයුධයකින් කරන ලද පහරදීම්හි ලක්ෂණ මළ සිරුරේ තිබී ඇත.

පෙම් පළ හිලව්වේ වාඩුව ගැනීමට පවුලක්ම එකතු වූයේ එසේ ය. සිය පුරුෂයා හෝ බිරිඳ හෝ අනියම් පෙමක පැටලුනු කල පවුල් පිටින් ඝාතනය කරන අශිෂ්ඨ සහ දුෂ්ඨ මිනීමරුවන් සහ මෙම ඝාතනය අතර ඇති සමාන කම පුදුමාකර ය.

ආසියාවේ ආශ්චර්‍ය යැයි මහින්ද රාජපක්ෂ කීවේ ඔන්න ඔය වාගේ සැහැසිකම් වලට ද?

‘රජ පවුල’ සතුටු සාමිචී දොඩන අවස්ථාවක මෙම ඝාතනය ගැන කොතරම් උජාරුවෙන් කතා කරන්නට ඇත් ද? වධහිංසා පැමිණවූ ආකාරය කීමට පීඑස්ඩී මරුවන් කැදවන්නට ඇත් ද?

උජාරුවෙන් කරන්නට ඇති කතා බහක අඩංඟු වන්නට ඇති සමහරක් කරුණු මෙසේ විය නොහැකි ද?

2012 මාර්තු මාසයේ දී වසිම් තජුඩීන්ගේ මරණය රාජපක්ෂ පාලනය විසින් හදිසි අනතුරකින් වූ එකක් ලෙසට ව්‍යාජ පොලිස් වාර්තාවක් ඉදිරිපත් කළ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගේ පුහු වීරකම්.

එම පොලිස් වාර්තාවට අනුකූල වන පරිදි ව්‍යජ මරණ පරික්ෂණ වාර්තාවක් ද ඉදිරිපත් කළ හදිසි මරණ පරික්ෂකට දිය යුතු පඩුරු පාක්කුඩම්.

මරණය සම්බන්ධයෙන් නිසි විද්‍යාත්මක පරීක්ෂණය වූ රස පරීක්ෂක වාර්තාව පමා කිරීමට කළ යුතුව තිබූ බලහත්කාරකම්.

අනතුර සිදු වී වාහනය ගිනි ගෙන ඇතැයි පොලිසිය කී කතාව එළෙසම වාරතා කළ පඩ මාධ්‍යකරුවන්ට දිය යුතු සංතෝශම්.

තාජුඩින්ගේ මුදල් පසුම්බිය අනතුර සිදු වූයේයැයි කී නාරාහේන්පිටට කිලෝ මිටර එකහමාරක් එපිට තිබී ගැනීම ගැන විධිමත් පරීක්ෂනයක් කිරීම වැළැක්වීමට ගත යුතු පියවර.

අන් කවර හෝ රටකදී මනුෂ්‍ය ඝාතනයක් සම්බන්දයෙන් රාජ්‍ය නායක පවුලකට අදාළව මෙවැනි අපරාධ සාක්ෂි ලැබී තිබුනේ නම් පවුල පිටින්ම දේශපාලනයෙන් ඉල්ලා අස්වීමට තරම් වසීම් තාජුඩීන් ඝාතනය බරපතල කරුණකි.

ශ්‍රී ලංකාවේ දී ඒ දිනය උදාවනු ඇත්තේ අගොස්තු 17 දාට ය‍

Archive

Latest news

Related news