Wednesday, April 24, 2024

දරුවන් සහ වතුකර ජනයා බාගයක්ම දුප්පත්; වැඩිහිටියන් නරකම තත්වයක; හම්බන්තොටත් අන්තිමයි – නවතම යුනිසෙප් වාර්තාවක් කියයි

ඡායාරූපය යුනිසෙෆ් වාර්තාවෙනි.
සුනන්ද දේශප්‍රිය.
ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගෙන් අඩක් පමණ බහුමාන දරිද්‍රතාවයෙන් පෙළෙන අතර අතදරුවන් අඩක් මන්දපෝෂණයෙන් පෙළෙන බව යුනිසෙප් ආයතනයේ නවතම වාර්තාවක් දක්වයි.
මෙය මෙරට වඩාත්ම ආර්ථික වශයෙන් දුබලතම ජනගහනය අවදානමට ලක් කළ රාජපක්ෂ ආර්ථික විනාශයේ ප්‍රතිඵලයකි.
අවුරුදු 4 ට අඩු දරුවන්ගෙන් 33.4%ක් බහුමාන වශයෙන් දිළිඳු වන අතර බර අඩු හෝ වර්ධනය අඩපණ වී ඇත. ළදරුවන්ගෙන් අඩක් පමණ (මාස 11 දක්වා) මන්දපෝෂණයෙන් පෙළේ. මන්දපෝෂණය  විසින් එම දරුවන්ගේ කායික මානසික සෞඛ්‍ය නරක තත්වයකට පත් කරයි. සිව් හැවිරිදි කණ්ඩායමෙන් 16.4% කට මුල් ළමාවිය සංවර්ධනය අහිමි වේ.

දරුවන් සියයට 42ක් බහුමාන දුගී බාවයේ

යුනිසෙප් ආයතනය විසින් කරන ලද  බහුමාන ළමා දරිද්‍රතාවය පිළිබඳ ශ්‍රී ලංකාවේ පළමු අධ්‍යයනයෙන් හෙළි වන්නේ අත දරුවන්ගේ  සිට අවුරුදු 5 දක්වා ළමුන්ගෙන් 42.2% ක් දරිද්‍රතාවයේ පසුවන බවයි.
එම කාණ්ඩයට අයත් දරුවන්ගෙන්  අවම වශයෙන් බස් නැවතුම්පොළකින් විනාඩි 15 ක් දුරින් සිටින නිවසක ජීවත්වන 32.9% ද සහ ප්‍රාථමික හෝ ද්විතීයික පාසලකට අවම වශයෙන් විනාඩි 30 ක් දුරින් පිහිටි නිවසක ජීවත්වන  24.4% දරුවන් සඳහා ආරක්ෂිත පානීය ජලය නැත.
මෙම නිගමනයන්ට පැමිණ ඇත්තේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ජීවන තත්ත්වය සහ ළමා සංවර්ධනය සහ ඊට අනුරූප දර්ශක 12 මත පදනම්වය.

සිව් වියැති දරුවන් ලක්ෂ අටක අනාගතය අනතුරේ

2021 ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව සිව් හැවිරිදි දරුවන් මිලියන 1.9 ක් මෙරට සිටින අතර ඔවුන් අතර දැරියන් 943,000 ක් වේ.
මෙම සොයා ගැනීම්වලින් අදහස් වන්නේ එම වයස් කාණ්ඩයේ  දරුවන් 801,000 කට වැඩි පිරිසක් බහුමාන දරිද්‍රතාවයෙන් පෙළෙන බවයි.
එසේම, සෑම ශ්‍රී ලාංකිකයන් හය දෙනෙකුගෙන්ම එක් අයෙක්, එනම් මිලියන 3.53ක්  දුප්පත් ය. දුප්පත්කමෙහි නරකම තත්වයෙහි සිටින්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ය.
නිදන්ගත මන්දපෝෂණය හේතුවෙන් ළමුන්ගේ වර්ධනය අඩාල වේ. එවැනි අඩාලවීමක් නිසා වයසට වඩා බරින් අඩු  දරුවෙකු ඉතා කෙටි වන අතර ආපසු හැරවිය නොහැකි ශාරීරික හා සංජානන හානිවලට ගොදුරු විය හැකිය. බර අඩු දරුවෙකු යනු ඔහුගේ වයස අනුව බර අඩු දරුවෙකි. එවැනි දරුවෙකු කුරු වීම, වර්ධනය අඩාල වීම හෝ දෙකටම මුහුණ දිය හැකිය.

තත්වය තවත් නරක් වෙනවා

මෙම තත්ත්වය ශ්‍රී ලංකාව තුළ සැලකිය යුතු ලෙස නරක අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ආර්ථික අර්බුදයට පෙර පවා, ළදරුවන් 5 දෙනෙකුගෙන් 2 දෙනෙකුට අවම පිළිගත හැකි ආහාර වේලක් ලබා දී නොමැති අතර ආර්ථික අර්බුදය විසින් එම සංඛ්‍යාව ඉහළ යවා තිබේ.
මෙම නව යුනිසෙෆ් අධ්‍යයනයෙන් පෙන්නුම් කරන්නේ වයස අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන් සහ අවුරුදු 5-17 අතර දරුවන් දුප්පත්ම ජන කණ්ඩායමට අයත් වන බවයි.

වැඩිහිටි ජනයාගේ අසරණ තත්වය

ජ්‍යෙෂ්ඨයන් අතර බහුමාන දරිද්‍රතාවය 17.9%ක් වන අතර, අවුරුදු 5-17 අතර 5-17 දරුවන් අතර එය 16.9%කි. බොහෝ වැඩිහිටියන් නිදන්ගත රෝගයන්ට ගොදුරු වී සිටින බවද වාර්තාව දක්වයි.
මතුවන අඳුරු චිත්‍රය නම් දුප්පත් පවුල්වල දරුවන් මන්දපෝෂණයට ගොදුරු වීමේ වැඩි අවදානමක් දරන අතර ඔවුන්ගේ වර්ධනයට හා ඉගෙනීමට බාධා ඇති වන බවයි. එමගින් සමාජයේ අසමානතා ඉහළ යනු අතර දුගී ජනයා එම විශම චක්‍රය තල සිරවනු ඇත.
සෞඛ්‍ය පහසුකම්, පාසල්, පිරිසිදු ඉවුම් පිහුම් ඉන්ධන සහ සුරක්ෂිත පානීය ජලය සඳහා ප්‍රවේශය නොමැතිකම පිළිබඳව ඉක්මන් පියවර ගැනීමේ වැදගත්කම වාර්තාව සටහන් කරයි.
දුර බැහැර පළාත්වල දරිද්‍රතාවය බෙහෙවින් නරක ය. මෙරට දුගි ජනයා කණ්ඩායමෙහි සැම දස දෙනකුගෙන් අට දෙනකුම ජීවත් වන්නේ ග්‍රාමීය ප්‍රදේශවලයි.
බහුමාන දුගී බාවයේ සිතියම යුනිසෙෆ් වාර්තාවෙනි

රාජපක්ෂ ව්‍යාපාති පුස්කත්දී ජනයා දුකේ

රාජපක්ෂ රාජධානිය වන හම්බන්තොට දුප්පත්කම අතින් ඉහළින් සිටී. එය තවත් එවැනි ප්‍රදේශයක් වන මාතලේට වඩා නරකය. රාජපක්ෂවරුන් හම්බන්තොට කරන ලද මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති එහි ජනයාට කිසිදු සෙතක් ගෙන දී නැත. එම ව්‍යාපෘති දැන් පුස් කන අතර එහි සියයට 20ක් ජනයා  බහුමාන දුප්පත්කමෙහි ගිලී සිටිති.
ශ්‍රී ලාංකිකයින්ගෙන් 65.8% කට ආරක්ෂිත පානීය ජල ප්‍රභවයක් නොමැති බවත් 58.4% කට පිරිසිදු ආහාර පිසීම සඳහා ඉන්ධන නොමැති බවත් ජාතික බහුමාන දර්ශකය අනාවරණය කරයි.
ජනයාගෙන් 38.9% කට නිවසකට අවශ්‍ය (රූපවාහිනී, රෙදි සෝදන යන්ත්‍ර, ශීතකරණ, කෘෂිකර්මය/ධීවර උපකරණ ආදිය) වත්කම් නැත. 34.3% කට ආසන්නතම බස් නැවතුම හෝ ප්‍රාථමික හෝ ද්විතීයික පාසල වැනි මූලික පහසුකම් සඳහා ප්‍රවේශයක් නොමැත.
ගැහැණු හා පිරිමි ළමුන්ගේ දරිද්‍රතා මට්ටම් අතර සංඛයාමය වශයෙන් සැලකිය යුතු වෙනස්කම් නොමැත.
ඡායාරූපය යුනිසෙප් වාර්තාවෙනි

සමිති නායයින් සැප විදින වතුකර ජනයාගේ සියයට 51 දුගී

වතුකර ප්‍රදේශ දරිද්‍රතාවයේ තෝතැනි වන අතර මෙම ප්‍රදේශවල සිටින ජනයාගෙන් අඩකට වඩා (සියයට 51.3) දරිද්‍රතාවයෙහි ගිලී ජීවත් වේ.
ඊයේ පෙරේදා වතුකම්කරු කොන්ග්‍රසයේ ප්‍රධානියා නැගෙනහිර ආණ්ඩුකාරයා ලෙස පත් කරන ලද අතර එහි තවත් නායකයකු ඇමැති දූරයක් දරයි. එම සංගමයේ ප්‍රධානියා වූ සෞම්‍යමූර්ති තොන්ඩමන් සෑම ආණෟඩුවක් යටතේම ඇමැති තනතුරු ලබා ගනිමින් ජවාරම්කාර ලෙස ජීවත් විය.
දිස්ත්‍රික්කවල දරිද්‍රතා මට්ටම කොළඹ සියයට 3.5ක් වන විට නුවරඑළියේ සියයට 44.2 දක්වා සැලකිය යුතු ලෙස වෙනස් වේ.
සියයට 25කට වැඩි ජනගහණයක් බහුමාන දුගී බාවයේ ජීවත්වන දිස්ත්‍රික්ක වන්නේ වවුනියාව, මන්නාරම, රත්නපුරය, මොණරාගල, බදුල්ල සහ නුවරඑළියයි.
ශ්‍රී ලාංකිකයන් දුප්පත් වන්නේ කෙසේද සහ ඔවුන්ට අහිමි වන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමට උපකාර වන සොයාගැනීම් සහිත ‘ශ්‍රී ලංකාවේ බහුමාන දරිද්‍රතා දර්ශකය 2019 ප්‍රතිඵල: ජාතික සහ ළමා විශ්ලේෂණය’ වාර්තාව සකස් කර ඇත්තේ ඔක්ස්ෆර්ඩ් දරිද්‍රතාවය සහ මානව සංවර්ධන මුලපිරීම (OPHI), යුරෝපා සංගමය සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එක්ව UNICEF විසිනි
සුනන්ද දේශප්‍රිය/ 23.05.2023

Archive

Latest news

Related news