Saturday, April 27, 2024

ආර්ථික අර්බූදය හමුවේ මෙරට පාසැල් හැර යාමේ සහ අඩු වයස් විවාහ අවදානම ඉහළට – සමීක්ෂන වාර්තාවක්

Image courtesy of Africa Press. 

සේ. පියවර්ධන විසිනි.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් දරුවන් පාසල් හැර යාමේ අවදානමකට මුහුණ දී සිටින අතර වතුකරයේ පවුල් දැනටමත් දැරිය නොහැකි දුෂ්කරතා  නිසා අධ්‍යාපනය අතරමග නතර කර ඇති බව ජාත්‍යන්තර රතු කුරුස සම්මේලනය සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජය විසින් කරන ලද නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

දිස්ත්‍රික්ක 11 ක නිවාස 2,871 ක් සහ වතු අංශයේ කුටුම්භ 300 ක් සමඟ සිදු කරන ලද අධ්‍යයනයෙන් හෙළි වී ඇත්තේ සහභාගී වූවන්ගෙන් සියයට 60 ක් තම දරුවන් අතහැර දැමීමේ අවදානම වැඩි වීමේ බියක් පෙන්නුම් කරන බවයි.

සමීක්ෂණය සිදුකළ අංශ තුනෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ වතු ක්ෂේත්‍රයටය. සමීක්ෂනයට භාජනය කරන ලද  වතු 10ක නිවාස 300 න් සියයට 7ක් දැරිය ආර්ථික දුෂ්කරතා නිසා  තම දරුවන්ගේ අධ්‍යාපනය දැනටමත් නතර කර ඇති බව ප්‍රකාශ කර ඇත.

2022 වසරේ මුල් භාගයේ සිට ඇති වූ දැඩි ආර්ථික අර්බුදයක් සමඟ ඉන්ධන හිඟයක් ඇති වූ අතර, පොදු ප්‍රවාහනයට බලපෑම් එල්ල වූ බැවින් දරුවන්ට සහ ගුරුවරුන්ට දිනපතා පාසලට පැමිණීමට නොහැකි වූ අවස්ථා කිහිපයකදී පාසල් නැවත වසා දැමීමට සිදුවිය.

Covod-19 වසංගතය හේතුවෙන් 2020 වසරේ මුල් භාගයේ සිට පාසල් වසා දැමීම හේතුවෙන් මෙරට අධ්‍යාපන පද්ධතිය අවුල් වී ඇති අතර, ගුරුවරුන්ට ළමුන් සඳහා විෂය නිර්දේශය සම්පූර්ණ කිරීමට නොහැකි වී තිබේ.  මේ අතර ග්‍රාමීය ප්‍රදේශවල පවතින තාක්‍ෂණික හිඩැස හේතුවෙන් අථත්‍ය පන්ති අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට අපොහොසත් වී ඇත.

මෙරට නීතියට අනුව වයස අවුරුදු 16ට අඩු සියලුම දරුවන්ට අධ්‍යාපනය ලැබීම අනිවාර්ය වන අතර වයස අවුරුදු 18ට අඩු සියලුම දෙනා දරුවන් ලෙස සැලකේ.

පවතින මුදල් කඩාවැටීමේ ආර්ථික දුෂ්කරතා නිසා පවුල් දිළිඳු වීමත් සමඟ ගැහැණු ළමයින් අඩු වයසින් විවාහ වීමේ අවදානම වැඩි වී ඇති බව ද එම  සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.

“ආර්ථික තත්ත්වය යහපත් නොවන්නේ නම් ඉදිරි මාස 3 සිට 6 දක්වා කාලය තුළ අඩු වයසින් විවාහ වීමට පවුල් සලකා බලන්නේද?”  යන්න ප්‍රතිචාර දැක්වූවන්ගෙන් විමසන ලදී.

එයට ප්‍රතිචාර ලෙස මුළු කුටුම්භවලින් සියයට 51 ක් කියා සිටියේ ගැහැණු ළමයින් වයස අවුරුදු 18 සම්පූර්ණ වීමට පෙර විවාහ කර දීමේ අවදානම වැඩි බවය.

ශ්‍රී ලංකාවේ පවතින සමාජ ආර්ථික අර්බුදයේ බලපෑම් සොයා බැලීම සඳහා මෙම සමීක්ෂණය සිදු කර ඇත.

ගැඹුරු වන ආර්ථික අර්බුදය විසින්  බඩගින්නේ සිටීම, ජීවිතාරක්ෂක ඖෂධ මිලදී ගැනීම හෝ දරුවන් පාසල් යැවීමට මුදල් සොයා ගැනීම  අතරින්  හද කම්පා කරවන තෝරා ගැනීමට ලාකිකයිනට සිදු වෙමින් ඇති බව සමීක්ෂන වාර්තාව සඳහන් කරයි.

ජාත්‍යන්තර රතු කුරුස සහ රතු ක්‍රෙසන්ට් සමිති සම්මේලනය (IFRC) විසින් මෙරට දිස්ත්‍රික්ක 25 න් 11 ක සිදු කරන ලද එම අවශ්‍යතා තක්සේරුවකට අනුව සමීක්ෂණයට ලක් කරන ලද නිවාස 2,900 කට වඩා වැඩි සංඛ්‍යාවකින් 96% ක් වර්තමාන අර්බුදයෙන් යම් ආකාරයකින්  ආහාර ප්‍රශ්ණයද අතුළුව  පීඩාවට පත්ව  සිටී. අනාරක්ෂිත බව, සෞඛ්‍යය, ජීවනෝපාය සහ පෝෂණය ප්‍රධානතම උත්සුකයන් අතර වේ. පිරිහෙන කායික ආරක්ෂාව  මෙන්ම වර්ධනය වන කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි හිංසනය ද එහිදී කැපී පෙනී තිබේ.

අධික පිරිවැය, ආදායම් ආතතිය හෝ  ආදායම්නොමැතිකම හේතුවෙන් ආහාර සඳහා ලබා ගැනීමේ දුෂ්කරතා නිසා කනස්සල්ලට පත්වන ගැටලු පැතිර පවතින බව එම සමීක්ෂන වාර්තාව අනාවරණය කරයි. උද්ධමනය සහ ජීවනෝපායන් අහිමි වීම සහ වාර්තාගත ලෙස ඉහළ යන ජීවන වියදම නිසා සාර්ථකව ජීවත්වීමට ඇති හැකියාව කෙරෙහි දෙගුණයකින් පහළ  ගොස් තිබේ. ආදායම් අහිමි වීම සැලකිය යුතු ආහාර අනාරක්ෂිත භාවයක් ඇති කරන අතර උද්ධමනය විසින් ඖෂධවල මිල ඉහළ නංවන අතර ඉන්ධන පිරිවැය අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශ වීම වළක්වයි.

(ඉංග්‍රිසි බසින් පළ කරන ලද වාර්තා ගණනාවක් ඇසුරෙන් සකස් කරන ලදී. සමීක්ෂන වාර්තාව තවමත් ප්‍රසිද්ධ කර නැත)

Archive

Latest news

Related news