Thursday, April 25, 2024

හරියටම 61 වසරකට පෙර  අකලට නිවාදැමූ අප්‍රිකානු ගිනිසිලුව: පැට්‍රික් ලුමුම්බා – රංජිත් හේනායක ආරච්චි

මගේ ජීවිතයේ මුලින්ම  සිත ඇදී ගිය විදේස දේශපාලන කාරණයක්  වූයේ මට යන්තම් වයස දහයක් හෝ එකොළහක් වන විට අප්‍රිකාවේ නිදහස් කොංගෝවේ නායකයා වූ පැට්‍රික් ලුමුම්බා මරා දැමීම පිළිබඳ ප්‍රවෘත්තියයි.

(Patrice Lumumba යන ප්‍රංශ භාෂා නමෙහි ප්‍රංශ උච්චාරනය පැට්රිස් ලුමුම්බා යනු වවද ඉංගිසියට එය ප්‍රැට්‍රික් ලුමුම්බා ලෙස උච්චචාරනය කෙරෙයි.)

ඉතා ළාබාල අවධියේ සිටියා වුවත්, ඒ වන විට ලංකාවේ අද මෙන් පැතුරුණු මාධ්‍ය ජාල නොතිබුණා වුවත්, පුවත්පත් විසින් සහ ගුවන්විදුලියෙන් මෙම සාහසික දේශපාලන ඝාතනය පිළිබඳව ලංකා සමාජයේ සංවේදනයක් ඇති කරන ලදී. අධිරාජ්‍යවාදී බලවේග විසින් නිදහස් කොංගෝවේ නායකයා වන ලුමුම්බා මරා දැමීම අප සමාජයට ද යම් අයුරින් බලපෑමක් ඇති කල අතර මා වැනි කුඩා ළමයින්ට පවා එම දේශපාලන ඝාතනය මනසට දනවන ආකාරයකින් වාර්තා විය.

කොංගෝවට නිදහස ලැබෙන්නේ 1960 ජූනි 30 වෙනිදා ය. ඒ තාක් එය බෙල්ජියමේ යටත් විජිතයක් ලෙස පැවතුනි. නිදහස් කොංගෝවේ පළමුවෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් තේරී පත් වන අගමැතිවරයා පැට්‍රික් ලුමුම්බාය. ඔහු රටට අලුත් යුගයක්, රටේ ජනතාවට රටේ සම්පත් වලින් ප්‍රයෝජන ගැනීමට අවස්ථාව සලසා දීම ගැන කතා කළේය. අදිරාජ්‍යවාදී බලවේග අත තිබූ ප්‍රධාන ධනෝපායන මාර්ග රජයට පවරා ගෙන රටේ දියුණුව සඳහා යොදා ගන්නා බව පැවසීම ඔහු තමන්ට මරණ සහතිකය ලියා ගැනීමක් බවට විය.

ඔහු නොබියව අධිරාජ්‍යවාදයට මුහුණදී මට ක්‍රමවේදයන් පිළිබඳ සොයා බැලීමත්, යටපත් කිරීමට එරෙහිව නොබියව කතා කිරීමත්, අධිරාජ්‍යවාදීන් සමග හවුලේ ජාතික සම්පත් හොරා කෑමට එකඟ නොවීමත් ඔහුගේ ජීවිතය ඉතා කෙටි කාලයකින් අවසාන කිරීමට අධිරාජ්‍යවාදී බලවේගයන්ට හේතු සැපයීය.

බෙල්ජියමේ අධයාපනය ලබා පැමිණි ලුමුම්බා බොරු චෝදනා මත පොලිස් අත්අඩංඟුවට ගන්නා ලදී. https://theafricanhistory.com/

කෝංගෝව නිදහස්  දිනයේ කතා පැවැත්වීමට දී තිබුනේ විවිධ සුදු අධිරාජ්‍යවාදී බලවේග නියෝජනය කළ පුද්ගලයින්ට පමනි. බෙල්ජියම් රජු එහිදී කතා කරමින් ඔවුන් “කොංගෝව දියුනු” කල අයුරුත් කොංගෝව “සභ්‍යත්වයට” ගෙන ආ අයුරත් වර්ණනා කළේය. නිදහස් දින වැඩසටහනට අනුව ලුමුම්බාට එදා කතා කිරීමට අවස්ථාවක් සකස් කර නොතිබුණි. නමුත් බලයෙන්ම කතාවක් ලබා ගත් ඔහු විශාල ආන්දෝලනයක් ඇති ඛල කතාවක් එහි දී කළේය: “උදෑසනත්, දහවලත්, රාත්‍රියේත් නොනවත්වා අපිව පාච්චලයට ලක්කිරීම, අපහාසයට ලක් කිරීම, යටපත්  කිරීම, වදයට ලක්කිරීම, පහරදීම ආදී මේ සියලු දෙයම අපට ඉතා හොඳින් හුරුය. ඒ අප නීග්‍රෝවරු ලෙස පහත් ලෙස හඳුන්වමින්. ඒ වගේම මර්දනකාරී රජයට එකඟ නොවූ, එයට එරෙහිව නැගූ අපේ රටේ ජනයා මරා දමන ලද සහ සමූල ඝාතනයන් කරන ලද අයුරු අප අමතක නොකරන්නෙමු. අපේ රටේ ජනතාව යටපත් කිරීමට සහ ඔවුන් සූරා කෑමට මතුවට අපි ඉඩ නොදෙන්නෙමු.”

බෙල්ජියම් රජුගේ පුද්ගලික දේපලක් ලෙස තිබූ කොංගෝවට නිදහස ලබා දුන්නද නිදහස් කොංගෝ වැසියන් ගොඩ නැගෙනු දැකීම ඔවුන්ගේ පැතුම නොවීය.

එදා ලුමුම්බා කල කතාව නිසා ඔහුව මරා දැමීමට අධිරාජ්‍යවාදී බලවේග සනිටුහන් කර ගත් බව එසේ නැත්නම් ඔහුගේ කතාවම ඔහුට මරණ සහතිකය ලියා තැබූ බව පසුව එලිදරව් විය. මාස තුනක වැනි කෙටි කාලයකට පසු කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කරනු ලැබූ ඔහු තවත් මාස තුනක පමණ කාලයක් සැඟවෙමින් ජීවත් වූ අතර ඔහුගේ දරු දෙදෙනා සහ බිරිඳ ඊජිප්තුවේ තානාපතිවරයාගේ සහාය ඇතුව ඊජිප්තුවට වෙනත් නම් වලින් ගියේය. ඔහුගේ දරු දෙදෙනා හැදී වැඩෙන්නේ ඊජිප්තුවේ මෙම තානාපති සබඳතා මැද ඊජිප්තුවේ යටත් විජිත විරෝධී නායකයා වූ  නසාර්ගේද සහාය ඇතුවය. ලුමුම්බා අග්‍රාමාත්‍යවරයා වශයෙන් ඇත්තෙන්ම තම රාජකාරිය කරනු ලැබුවේ මාස තුනක් පමණි. ඉන්පසු ඔහුට පලාගොස් සැඟවීමට සිදුවිය.

බෙල්ජියමෙන් ගිය රහස් තානාපති පණිවිඩ මගින් කියා තිබුනේ ලුමුම්බා යනු “යක්ෂයකු” බවත් වහාම “විනාශකල යුතු” බවත්ය.  1961 ජනවාරි 17 දා වන විට ඔහුව මරා දමන ලදී.

ලුමුම්බා මරා දැමීමට එක්සත් ජාතීන්ගේ සංවිධනයද හවුල් වූ බවට චෝදනා නැඟිණි. ලොව පුරා ඔහුගේ මරණයට විරෝධය පෑම් ඇති විය. ශ්‍රී ලංකාවේ ද ඇමෙරිකානු තානාපති කාරයාලයේ කොඩිය බිමට ඇදදැමිමට විරෝධතාකරුවෝ සමක් වූහ. එලෙස කොඩිය බිමට දැමූ සටන්කාමියා පසුව ලුමුම්බා යන අනවර්ථ නාමයෙන් හැදින් වින. මොණරාගල වැසියකු වූ ඔහු 1971 කුරුල්ල සම්බන්ධ වී සිරගත විය.

ඔහුව පැහැරගෙන ගොස් මරා දමන ලද්දේ ඇමෙරිකානු චරපුරුෂ සේවය වූ  සී. අයි. ඒ. කණ්ඩායමක් විසිනි. එම කණ්ඩායම  ඔහු ඝාතනය කර වළලා දමන ලදී.  ඉන් පසු ඔහුගේ මලමිනිය බෙල්ජියන් යටත් විජිත පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින්  ඒ වැළලූ තැනින් ගොඩ ගෙන රැගෙන ගොස් කැලයේ දී කෑලිවලට කපා ඇසිඩ් භාජනවල ගිල්වා සම්පුර්ණයෙන් දිය කර දමන ලදී. ඔහුව ඇසිඩ් වතුරෙහි දිය කල පොලිස් භටයන් ඔහුගේ දත් දෙකක් පමණක් ගලවා තබා ගන්නා ලදී.

බෙලජියමේ පොලිස් බාරයෙහි සීල්තබා තිභූ එම දත් 2020 සැප්තැම්බරයේදී අද කොංගෝවේ ජීවත්වන ලුමුම්බාගේ පවුගට ලබා දෙන ලෙස බෙල්ජියම් අධිකරණයක් නියෝග කළේය.

ඒ ඔහුගේ මෘත දේහයට පවා අධිරාජ්‍යවාදීන් තිබූ බිය නිසාය. එදා සිට අද වන තුරු ම ඒ නිසාම පැට්‍රික් ලුමුම්බා යන නම මුළු අප්‍රිකාවේ පමණක් නොව ලෝකයේ අධිරාජ්‍ය විරෝධී සෑම මිනිසෙකුගේම හදවත් තුළ තැන්පත් වී තිබේ. ඔහුගේ නාමයෙන් මොස්කව් වල සහයෝගිතා විශ්වවිද්‍යාලයක් සෝවියට් රජය විසින් නම් කරන ලදී. මේ ජනවාරියට පැට්‍රික් ලුමුම්බා අතුරුදහන් කර වසර 61කි.

බෙල්ජියමේ යටත් විජිතයක් ලෙස පැවතුණ කොංගෝව විශාල භූමි භාගයකට ද හිමිකම් කියනු ලැබීය. දියමන්ති ආකර, ඇත් දළ, රත්තරන් ආකර, උරාන්, තඹ ආකර සහ රබර් කොකෝවා වැනි වගාවන් මෙන්ම තවත් එවැනි විශාල ඛනිජ සම්පත් වලට හිමිකම් කියූ නමුත් යටත් විජිතවාදය තුල එදා කොංගෝ ජනයා එදා ජීවත් වූයේ අන්ත දරිද්‍රතාතාවයෙහිය.

අධිරාජ්‍යවාදීන්ගේ උවමනාවන් සඳහා රබර් වතුවල වැඩ කිරීම සහ දියමන්ති සහ අනිකුත් ආකර වල වැඩ කිරීම සඳහා ඔවුන් මිනිසුන් යොදා ගනු ලැබුවේ තුට්ටු දෙකේ දීමනාවකට නැත්නම් වහලුන් ලෙසය. තම වැඩ කොටස් හරියට ඉටු නොකර වැරදි කළවුන්ට අත පය කැපීම වැනි දඬුවම් දෙමින්, හිපපොටේමස් කසයෙන් පහර දෙමින් වධයට ලක් කර මිය ගිය කොංගෝ ජාතිකයින් ප්‍රමාණය මිලියන දහයකට වැඩි යයි සලකනු ලැබේ.

1925 උපත ලද පැට්‍රික් ලුමුම්බා උපතින් මධ්‍යම පන්තියට හිමි අයෙකු වූ අතර රටෙහි ඇති වූ විවිධ කැරලිවලට ඔහුට මුලින් සම්බන්ධයක් නොවීය. තැපැල් සේවයේ නිලධාරියකු ලෙස සේවාවට පත්වූ ඔහු රටෙහි නිලධාරීන් සඳහා වූ ක්ලබ් එකට යෑමටත් පතපොත කියවීමටත් විශාල ලෙස තම කාලය වැය කළේය.

පැට්‍රික් ලුමුම්බා සිය දියණිය ජුලියානා සමඟ

ක්‍රමයෙන් ඔහු දේශපාලනය මිනිසකු බවට පත් විය. ඒ වන විට කොංගෝවේ මිලියන 15ක ජනගහනයකට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා සිටි ප්‍රමාණය වූයේ තිස්දෙනෙකි.   ඔහු එයින් එකකු විය. කෙසේ වුවත් ඉතා දියුණු මනසකට සහ දක්ෂ කථිකත්වයකට හිමිකම් කියු ඔහු ක්‍රමයෙන් දේශපාලන වශයෙන් නිදහස සඳහා අරගලයේ කොටස්කරුවකු බවට පත් විය.

කෙසේ වුවත් එදා යුරෝපයේ “අප්‍රිකාවේ ලෙනින්” ලෙස හැඳින්වූ පැට්‍රික් ලුමුම්බාගේ දිවිය ඉතා කෙටි කාලයකින් අවසන් වන්නේ මොබුටුගේ දීර්ඝකාලීන ඒකාධිපතිවාදයට එරට යටත් කරමිනි. සියලු ධන සම්පත් සොරා කන මොබුටු 1997දී රටේ ජනතාව නැගී සිට පලවා හැරියේය. ඔහු ප්‍රංශයට පළා එන අතර ජීවිතයේ අවසාන කාලය තවමත් ඔහු ප්‍රංශයේ ගත කරයි.

ජුලියානා ලුමුම්බා, පැට්‍රික් ලුමුම්බාගේ දියණිය සිය පියාගේ මරණ සම්බන්ධයෙන් යුක්තිය ලබා ගැනීමට තවමත් සටන් කරයි.

එදා යම් ආකාරයකින් ලුමුම්බා මරා නොදැමූවානම් කොංගෝ ජනතාවගේ අනාගතය අද මේ අයුරින් නොපවතින්නට ඉඩ තිබුණි. සම්පූර්ණ ස්වර්ග රාජ්‍යයක් වෙත ගමන් නොකළද  මොබුටු වැනි ඒකාධිපතියන් යටතේ දරිද්‍රතාවයට ඇද දැමූ, දේශපාලන සහ ජාවාරම්කාර පංතිය විසින් රාජ්‍ය දේපළ කොල්ල කන රටක් ලෙස නොව ඊට වඩා දියුණු මිනිසුන් සහ සමාජය දියුණු මට්ටමක සමාජයක් කොංගෝවට හිමිවීමට ඉඩ තිබුනි.

කොංගෝව සම්පූර්ණයෙන් එම විනාශකාරී ග්‍රහණයන්ගෙන් මිදී නොමැති බව අද එහි පවතින දේශපාලනය දෙස බැලීමේදී පෙනී යයි. ස්වභාවික සම්පත් අතින් අනූන වු නමුත් කොංගෝව අදත් අප්‍රිකාවේ දුප්පත් රාජ්‍යකි.

ඊජිප්තුවට පලාගිය ලුමුම්බා ගේ දියණිය සහ පුතා ඊජිප්තුවේ හොඳින් හැදී වැඩුණි  ලුමුම්බා ගේ දියණිය වන ජුලියානා ලුමුම්බා වැඩිදුර අධ්‍යාපනයට පැරිසියට එන පැමිණ ඉන්පසු බෙල්ජියමේ දී ද  අධ්‍යාපනය ලබා අද වන විට නැවත කොංගෝවට ගොස් එහි දේශපාලනයේ කොටස්කාරියක්  බවට පත් විය. අද ඇය සමාජ ක්‍රියාකාරිනියක් විදිහට එහි ජීවත් වෙයි.

 

 

Archive

Latest news

Related news