Friday, March 29, 2024

මහ මැතිවරණයේ ස්ත්‍රිය‌ට නොමැති තැන නාම යෝජනා ඇසුරෙන් විමසා බැලීමක්

සිරිමා බණ්ඩාරනායකගේ ජයග්‍රහණයත් සමඟ 1960 දී ශ්‍රී ලංකාව ලොව ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය බිහි කළ අතර, 1994දී ලෝකයේ ප්‍රථම කාන්තා ජනාධිපතිවරියකද බිහි කළ බවට අපි උදම් අනමු.

එසේ නමුත් මෙම සිදුවිම් දෙකම අර්ධ සත්‍යයන් පමණය. සිරිමා බණ්ඩාරනායක දේශපාලනයට පිවිසියේ ස්වකීය දේශපාලන මැදිහත්වීම් නිසා නොව ඝාතනය කරන ලද සිය සැමියා වූ අගමැති බණ්ඩරනායකගේ බිරිද වූ නිසාය. චන්ද්‍රිකා කුමාරතුංග නම් වූ ඇය ද බන්ඩාරණායක පවුලෙනි. එසේ නමුත් චන්ද්‍රිකා කුමාරතුංගට ස්වකීයම වු දේශපාලනයක් තිබුණි.

ශ්‍රි ලංකා දේශපාලනයේ පාර්ලිමේන්තු මංත්‍රීවරියන් බවට පත් වූ බොහෝ දෙනෙකුට එම අවස්ථාව ලැබුණේ ස්වකීයම වූ දේශපාලන සමාජ ක්‍රියාකාරිත්වයන් නිසා නොව දේශපාලනයේ නියුතුව සිටි සිය මාපියන්ගේ හෝ විවාහක පුරුෂයින්ගේ වියොවින් පසු එම පවුල් බලයේම දිගුවක් ලෙසය.

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති නාමයෝජනා ලැයිස්තු දෙස කා බලන විට පෙනෙන්නේ ස්ත්‍රී නියෝජනය ඉහළ නැංවීම සඳහා දකුනේ සිට වම දක්වාත් බහුතර පක්ෂ සිට සුලුතර පක්ෂ දක්වාත් කිසිදු ප්‍රමාණවත් උත්සාහයක් දරා නැති බවය.

ාර්ලිමේන්තුව විසුරුවා ඇති නිසා පවතින භාරකාර ඇමැති මණ්ඩලයේ පිරිමි 15 දෙනෙක් වන අතර ඇත්තේ එකම එක ස්ත්‍රියකි.

2015-2020 දක්වා පැවැති අටවන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙහි ස්ත්‍රී නියෝජනය වුාය් 5.7% කි. ඉදිරි මැතිවරණය විසින් ද එම තත්වයම පවත්වා ගනු ඇති බව පෙනෙන්ට තිබේ.

ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයක් ඇසුරෙන් පාර්ලිමෙන්තුවෙහි නියෝජනය වන ප්‍රධාන පක්ෂ විසින් ඉදිරි පත් කර ඇති ස්ත්‍රීන් සංඛාව දෙස බලමු.

කොළඹ මැතිවරණ දිස්ත්‍රික්කය සම්පුර්ණ අපේක්ෂක/අපේක්ෂිකා ලැයිස්තුව 22කි.

එජාපය ස්ත්‍රීන් තිදෙනෙකු ඉදිරිපත් කරයි: එනම් සුනේත්‍රා රණසිංහ, චන්දිමා විජේගුනවර්ධන සහ අජන්තා පෙරේරා. ජාික ජන බලවේගය ස්ත්‍රීන් දෙදෙනෙකු නම් කර තිබේ. එනම් සමන්මලී ගුරුසිංහ සහ නිරුපා සේරසිංහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (ශ්‍රිලපොපෙ) ඉදිරිපත් කරන්නේ කාන්ති කොඩිකාර පමණකි. සමගි ජන බලවේගය හිරුනිකා පේමචන්ද්‍ර පමණකි.

සම්පුර්ණ අපේක්ෂක/අපේක්ෂිකා ලැයිස්තුව 22ක් වන මහනුවර දිස්ත්‍රික්කය සදහා ප්‍රධාන පක්ෂවලින් නම් කර ඇත්තේ ස්ත්‍රී්න් තිදෙනෙකු පමණි. එජාපයෙන් ශ්‍රීමා කොන්ගහගේ, ාතික ජන බලවේගයෙන් මංගලිකා සමන්මලි ජයසේකර සහ ශ්‍රිලපොපෙ චන්ද්‍රිකා සේනරත්න වශයෙනි. සමගි ජන බලවේගය බිංදුවකි.

දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තත්වය ද කිසිදු වෙනසක් නැත.

සම්පූර්ණ අපේක්ෂක/අපේක්ෂිකා ලැයිස්තුව 12ක් වන ගාලු දිසාව සඳහා ජාපය සහ සමගි ජන බලවේගය කිසිදු ස්ත්‍රී අපේක්ෂිකාවක නම් කිරීමට අපොහොසත් වී ඇත. ජාතික ජන බලවේගය අපේක්ෂකාවන් දෙදෙනෙකු ඉදිරිපත් කර තිබේ. ඔවුන් නම් චම්පා සුමුදු කුමාරි සහ සුසාන් ීරකුමාරි වේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක් අපේක්ෂිකාවක් එනම් ගීතා කුමාරසිංහ ඉදිරිපත් කර තිබේ.

සම්පූර්ණ අපේක්ෂක/අපේක්ෂිකා ලැයිස්තුව 12ක් වන මාතර දිස්ත්‍රික්කය සදහා එක් අපේක්ෂිකාවක හෝ නම් කිරීමට සමත්ව ඇත්තේ ජාතික ජන බලවේගය පමණි. එනම් සරෝජා සාවිත්‍රි පොල්රාජ් ය.

සම්පූර්ණ අපේක්ෂක/අපේක්ෂිකා ලැයිස්තුව 12ක් වන බදුල්ල දිසාවෙහි තත්වයද ඊට සමානය. එහි දී එක් අපේක්ෂිකාවක හෝ නම් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පමණකි. ඇය ඔෂාඩි හේවාමද්දුමය.

සම්පූර්ණ අපේක්ෂක/අපේක්ෂිකා ලැයිස්තුව 12ක් වන රත්නපුර දිස්ත්‍රික්කය සඳහා අපේක්ෂිකාවන් සිව් දෙනෙකු ඉදිරිපත්ව තිබේ. එජාපය රුවිනි තක්ෂිලා අබේමාන්න නම් කර තිබේ. පොදු ජන පෙරමුණ, අපේක්ෂිකාවන් දෙදෙනෙකු ඇතුළත් කර ඇත. එනම් වත්මන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි සහ මුදිතා ප්‍රිෂාන්ති. සමගි ජනබලවේගය හිටපු අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරාල ඉදිරිපත් කරයි. ජාතික ජන බලවේගයෙන් අපේක්ෂිකාවක නැත.

සම්පූර්ණ අපේක්ෂක/අපේක්ෂිකා ලැයිස්තුව 12ක් වන අනුරාධපුර දිස්ත්‍රික්කයෙහි එජාපය සහ සමගි ජන බලවේගය පිළිවෙලින් කුසුම් රත්නායක සහ හිටපු අමාත්‍ය චන්ද්‍රානි බන්ඩාර නම් කර තිබේ. වෙනත් කිසිදු ප්‍රධාන දේශපාලන පක්ෂයක් අපේක්ෂිකාවක නම් කර නැත.

සම්පූර්ණ අපේක්ෂක/අපේක්ෂිකා ලැයිස්තුව 10ක් වන යාපන දිසාවෙහි අපේක්ෂකාවන් දෙදෙනෙකු තරඟ වදිති. ඒ එජාපයෙන් විජයකාල මහේෂ්වරන් සහ ශ්‍රිලනිපයෙන් බවධරානි රාජසිංහම්. දෙමළ ජාතික සන්ධානය සම්පුර්නයෙන්ම පිරිමි ලැයිස්තුවකි.

ම්පූර්ණ අපේක්ෂක/අපේක්ෂිකා ලැයිස්තුව 13ක් වන කලුතර දිසාව සඳහා එජාපයෙන් පොදු පෙරමුණෙන් සහ සමගි බලවේගයෙක් එකද අපේක්ෂිකාවක් හෝ ඉදිරිපත් තර නැත. ජාතික ජන බලවේගය සුජිවා නිරෝශිනී සහ ඔෂානි උමංගා යන අපෙක්ෂිකාවන් දෙදෙනා ඉදිරිපත් කර තිබේ.

සම්පූර්ණ අපේක්ෂක/අපේක්ෂිකා ලැයිස්තුව 08ක් වන මඩකලපුව දිස්ත්‍රික්කය සඳහා කිසිදු ප්‍රධාන දේශපාලන පක්ෂයක් විසින් කිසිදු අපේක්ෂිකාවක නම් කර නොමැත. එකම එක අපේක්ෂිකාව වන මංගලේෂවරි ශංකර් නම් කර ඇත්තේ ටීඑම්වීපී පක්යෙනි.

සම්පූර්ණ අපේක්ෂක/අපේක්ෂිකා ලැයිස්තුව 13ක් වන මහනුවර දිසාව සඳහා එජාපයෙන් ඉදිරිපත් කර ඇත්තේ ශාන්තිනී කෝන්ගහගේ පමණි. ජාතික ජන බලවේගයෙන්ද මංගලිකා සමන්මලී ජයසේකර පමණකි. පොදු පෙරමුණෙන් ද චන්ද්‍රිකා සේනාරත්න පමණකි. සමගි බලවේගය පිරිමි ලැයිස්තුවකි.

සම්පූර්ණ අපේක්ෂක/අපේක්ෂිකා ලැයිස්තුව 08ක් වන මාතලේ දිසාව සඳහා ඉහත කී කිසිදු පක්ෂයකින් අපේක්ෂිකාවක් ඉදිරිපත් කර නැත.

සම්පූර්ණ අපේක්ෂක/අපේක්ෂිකා ලැයිස්තුව 11ක් ව නුවරඑළිය දිසාව සදහා ඉහත කී පක්ෂ හතර අතරින් අපේක්ෂිකාවන් ඉදිරිපත් කර ඇත්තේ සමගි ජන බලවෛ්ගය පමණි. ඒ දුලාංජලී මැණිකේ හේරත් සහ අසෝකා ප්‍රියන්තය.

මෙරට සෑම පක්ෂයක්ම කතාවට කියන්නේ තමන් ස්ත්‍රී පුරුෂ සමානභාවය සදහා පෙනී සිටින බවයි. නමුත් මෙම කිසිදු පක්ෂයක් දේශපාලනයෙහි ස්ත්‍රී නියෝජනය ඉහළ නැවීම සඳහා කිසිම ලෙසකින් උනන්දුවක් දක්වන්නේ නැත. ඇත්ත වහයෙන්ම සෙසසිමලුම පක්ෂ තුළ ඇත්තේ ස්ත්‍රීන් පහත් කොට සළකන පුරුෂ මූලික දේශපාලනයකි.

ස්ත්‍රීන්ට දේශපාලනයට පැමිණිය හැකි පරිසරයක් පක්ෂ තුළ නිර්මානය කිරීමත් වැඩිවැඩියෙන් ස්ත්‍රීන් දේශපාලන ක්‍රියාකාරිත්වයට ගෙන ඒම පිනිස විශේෂ වැඩසටහන් ඇති කිරීමත් දේශපාලන පක්ෂයන්හි සියලුම මට්ටම්වලදී ස්ත්‍රී නියෝජනාය තුනෙන් එකක් විය යුතු බවට පක්ෂ අභ්‍යන්තර නීති පැනවීමත් ඇතුළු පුලුල් වැඩ සටහනකින් තොරව ශ්‍රී ලංකාවෙහි දේශපාලනය තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇතිකළ නොහැක.

Archive

Latest news

Related news