Thursday, March 28, 2024

සිංගප්පුරුව, ‌කොවිඩ්19 සහ ආරක්ෂිත පියවර: මෙන්න රාජ්‍ය නායකයකු කතා කරන හැටි!

පසුගිය සෙනසුරාදා සිංගප්පූරු අගමැති ලී ෂියැන් ලොං විසින් රටවැසියන් අමතා කරන ලද මේ කතාව අප පළ කරන්නේ රාජ්‍ය නායකයකු අර්බූද අවස්ථාවක දී ජනයා අමතන ආකාරයත් ආණ්ඩුව විසින් ගනීමට නියමිත පියවරයන් දින හතරකට පෙර ක්‍රමාණුකූලව කල් තබා දැනුම් දුන් අන්දමත් මෙමගින් පෙනී යන බැවිනි.

ප්‍රිය රටවැසියනි,

සුබ සැන්දෑවක්.

මා අවසන් වරට ඔබ සමඟ කොවිඩ් 19 සම්බ්නධයෙන් කතා කළේ සති තුනකට පෙර ය.

එතැන් සිට දිනපතා නව රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට පටන් ගෙන තිබේ. අපට හමුවූයේ දවසකට නව අසාදිතියින් 10 කට වඩා අඩුවෙනි. එහෙත් පසුගිය සති දෙක තුළ, අපගේ උපරිම උත්සාහය නොතකා, දිනපතා නව අසාදිතයින් 50 කට වඩා වාර්තා වී තිබේ. මුලදී, අසාදනයන් ඇතිවුණේ බොහොමයක් විදේශයන්ගෙන් ආ අය අතරය.එළෙස වැඩි වශයෙන් ආපසු පැමිණියේ සිංගප්පූරු ජාතිකයන්ය . ඊට පසු ගිය සතියේ අපට තවත් දේශීය අසාදිතයින් හමුවෙන්න පටන් ගත්තේ ය.

තවද, අප සාර්ථක ලෙස අසාදිතයින්ට තිබූ සම්බන්ධතා සොයාගැනීම් කරත්, දැන් වාර්තාවන සිද්ධීන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් සඳහා, එම අසාදිතයාට වෛරසය බෝවූයේ කොහෙන්ද, කාගෙන්ද යන්න අප දන්නේ නැත. මෙයින් තේරුම් යන්නේ ආසාදනය වී ඇති නමුත් හඳුනාගෙන නොමැති පුද්ගලයින් බොහෝ පිරිසක් සමාජයේ සිටින බවයි. ඔවුන් නොදැනුවත්වම වෛරසය වෙනත් බෝ කරනවා වෙන්න පුලුවන්.

[title]අපේ කණස්සල්ල[/title]

පසුගිය දින කිහිපය තුළ, විදේශීය සේවක නේවාසිකාගාරයන්හි අසාදිත පොකුරු කිහිපයක් ද, සාත්තු නිවාසයක පොකුරක් ද අපි  සොයා ගත්තෙමු. මෙය අපට මහත් කනස්සල්ලක් ඇති කරයි. ඒ විශාල පිරිස් නේවාසිකාගාරවල සහ සාත්තු නිවාසවල එකට එක්ව වාසය කරන නිසයි.

තනි අසාදනයක් ඉක්මනින් විශාල අසාදිත පොකුරකට මඟ පාදන්න පුලුවන. එපමණක්ම නෙවේ. සාත්තු නිවාසයන්හි සිටින රෝගීන් අය බොහෝ දුරට වයස්ගතයි. දුර්වලයි. ඒ නිසාම වෛරසයට ගොදුරු වීමේ අවදානම වැඩියි.

පසුගිය සති කිහිපය තුළ තත්වය නරක අතට වර්ධනය වෙත්ම, අපගේ ආරක්ෂිත දුරස්ථභාවය පවත්වා ගැනීමේ පියවර ක්‍රමයෙන් ඉහළ නංවා තිබේ. සිංගප්පූරු වැසියන් මේ තත්වයට හොඳින්, සන්සුන්ව හා වගකීමෙන් යුතුව ප්‍රතිචාර දක්වා තිබේ. ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේදී යම් යම් වෙනස්කම් සිදු කරන්නට සිදුවුවත් එකට එක්ව වැඩ කිරීමෙන්, අපි මෙම වයිරසය පුපුරා යාම පාලනය කර ඇත්තෙමු.

[title]සාකච්ජා කර ගත් තීරණ[/title]

නමුත් වර්ධනයේ ප්‍රවණතාවය දෙස බලන විට, අප තව දුරටත් පියවර නොගතහොත් තත්වය ක්‍රමයෙන් නරක අතට හැරෙනනු ඇතැයි හෝ තවත් විශාල අසාදිත පොකුරක් මතුවී දේවල් ගැට්ටටම තල්ලු වනු ඇතැයි මම කණස්සලෙන් පසුවෙමි. මම මේ පිළිබඳව බහු අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය සමඟ සාකච්ඡා කළෙමි.

ඉදිරි සති කිහිපය තුළ සීමා කිරීම් දැඩි කිරීම වෙනුවට, මේ අවස්ථාවෙහිදීම උග්‍රවන ආසාදන වළක්වා ගැනීම සඳහා තීරණාත්මක පියවර ගත යුතු බවට අපි තීරණය කළෙමු. එබැවින් දැන් අපි සැලකිය යුතු මට්ටමේ දැඩි පියවර ගන්නෙමු.

මෙය පරිපථ කඩනයකට සමානය. එය විශාල වයිරස පිපිරීමක් ඇතිවීමේ අවදානම අඩු කිරීමට උපකාරී වනවා ඇත. තවද අපගේ අසාදිත සංඛ්‍යා ක්‍රමයෙන් පහතට ගෙන ඒමටද එය උපකාරී වෙයි. එවිට සමහර පියවරයන් ලිහිල් කිරීමට අපට ඉඩ සැලසෙනවා ඇත.

මෙම පරිපථ කඩනය මුලදී මාසයකට අදාළ කරමු. මා ඔබට කථා කිරීම අවසන් වූ විගසම කාර්ය සාධක බලකාය පුවත්පත් සාකච්ඡාවක් පවත්වනවා ඇත.

කෙසේ ‌වෙතත් මම ඔබට ප්‍රධාන කරුණු කියන්නම්. පළමුව, අත්‍යවශ්‍ය සේවා සහ ප්‍රධාන ආර්ථික අංශ හැරුණු විට අපි බොහෝ සේවා ස්ථාන වසා දමමු. ආහාර ආයතන, වෙළඳපල සහ සුපිරි වෙළඳසැල්, සායන, රෝහල්, උපයෝගිතා, ප්‍රවාහන හා ප්‍රධාන බැංකු සේවා විවෘතව පවතිනවා ඇත. ඒවා අත්‍යවශ්‍ය සේවාවන් ය.

අප, මූලොපායික හෝ ගෝලීය සැපයුම් දාමයක කොටසක් හෝ වන ආර්ථික අංශ කඩාකප්පල් නොකළ යුතුය . මෙම කර්මාන්තවල සේවය කරන පුද්ගලයින්ට ආරක්ෂිතව දුරස්ථ පියවරයන් අනුගමනය කරමින් දිගටම රැකියාවට යා හැකිය. නමුත් වෙනත් බොහෝ වැඩබිම් වසා දැමිය යුතුව තිබෙි.

කවර අයකුට හෝ නිවසේ සිට වැඩ කළ හැකි නම්, ඔහු හෝ ඇය එසේ කළ යුතුය. එහෙත් ඉදිකිරීම් ස්ථානවල සහ නැව් අංගනයන්හි විදේශීය ශ්‍රමිකයන් ද ඇතුළුව අනෙක් අයට එසේ කරන්නට නොහැකි ය. මෙම කම්කරුවන් ජීවත් වන්නේ නේවාසිකාගාරවලය. ඔවුන් රැකබලා ගැනීමට අපි කටයුතු කරමු.

මෙම පියවර ලබන අඟහරුවාදා සිට බල පැවත්වෙනවා ඇත. අපේ ශ්‍රම බලකායයෙන් බහුතරය නිවසේ රැදී සිටින බව තහවුරු කිරීමටත් අනෙක් අය සමඟ කායික සම්බන්ධතා පැවැත්වීම හැකි තරම් අඩු කරන බව සහතික කිරීමටත් අපට සිදුවනවා ඇත.

දෙවනුව, අපගේ පාසැල්වල සහ උසස් අධ්‍යාපන ආයතනවල පූර්ණ ගෘහස්ථ ඉගෙනුම සඳහා ද අපි යොමු වෙමු. අපි මේ සතියේ දී එක් දිනක ගෘහස්ථ ඉගෙනුම ආරම්භ කළෙමු. ඉග්න්වීමේ ගැටලු විසඳාගැනීමෙන් පසු මෙය සුමටව සිදු වෙයි. ලබන බදාදා සිට ඇරඹෙන ගෘහස්ථ ඉගෙනුම ක්‍රියාවට නැංවීම සඳහා අධ්‍යපන අමාත්‍යාංශය පාසල් සමඟ කටයුතු කරනවා ඇත.

සියලුම පෙර පාසල් හා ළමාගාර මධ්‍යස්ථාන ද වසා දමනු ඇත. එසේ නමුත් දිගටම වැඩ කිරීමට සිදුවන සහ විකල්ප පියවර යොදා ගත නොහැකි දෙමාපියන්ගේ දරුවන්ට සීමිත සේවාවන් සැපයීමට අපි පියවර ගන්නෙමු.

තෙවනුව, ගමන් බිමන් යාම සහ කණ්ඩායම රැස්වීම් නතර කිරීම සඳහා අපි දැඩි සීමාවන් පණවමු.

[title]කරුණු තුනක්[/title]

එය කරුණු තුනකින් යුතුය.

පළමුව, හැකි තරම් නිවසේ රැඳී සිටින්න.

දෙවනුව, ඔබේ නිවසින් පිට අය සමඟ සමාජගත වීමෙන් වළකින්න. එකට එක්වීම් ඔබේ පවුලේ අයට පමණක් සීමා විය යුතුය. ඔබ නිවසේ නැති ඔබේ විස්තිර්ණ පවුල, විශේෂයෙන් ඔවුන් වැඩිහිටි හෝ අවදානමට ලක්ව සිටින අය නම්, වෙත යාමෙන් වළකින්න.

තෙවැනිව, අත්‍යවශ්‍ය දේ සඳහා පමණක් පිටතට යන්න. ඔබ අත්‍යවශ්‍ය සේවා හෝ ප්‍රධාන ආර්ථික අංශයක සේවය කරන්නේ නම් පමණක් වැඩට යන්න. පිටතට යෑම වෙළඳපොලෙන් ආහාර මිලදී ගැනීමට හෝ අවන්හල් පිසූ ආහාර මිලදී ගැනීමට නැතහොත් අසල්වැසි උද්‍යානයක ව්‍යායාම කිරීමට සීමා කරන්න. ඒ හැම විටම අන් අයගෙන් ආරක්ෂිත දුරක් තබා ගන්න.

මෙම පියවරයන්හි හරය නම වන්නේ අප සියල්ලන්ම කායික සම්බන්ධතා අවම කර ගැනීමයි. අප පිටතට නොගියහොත්, අපි අන් අය සමඟ සම්බන්ධ වීමෙන් වැළකී සිටියහොත්, වයිරසයට පැතිරීමට නොහැකි වනවා ඇත. එය එතරම්ම සරල ය.

[title]අපේ පුරුදු වෙනස්කර ගමු[/title]

එනමුත් මෙය කිරීම බොහෝ අමාරු බව මම දනිමි. ප්‍රායෝගික කාරණයක් ලෙස,  වෙළද පොළවල් හෝ මස්, මාලු, පළතුරු සහ එළවලු වෙළඳපොලවල් වැනි ස්ථානවල, විශේෂයෙන් සති අන්තයේ එය ජනාකීර්ණ වන විට, ආරක්ෂිතව දුරස්ථභාවය පවත්වා ගැනීම දුෂ්කර ය. අප සියලු දෙනා අපගේ පුරුදු වෙනස් කර ගන්නෙ නම් එය උපකාරයක් විය හැකි ය.

නිදසුනක් වශයෙන්, රංචු ගැසීම් වැළැක්වීම සඳහා සති අන්ත වෙනුවට සතියේ දිනවල අපගේ පොළවල් කළ හැක. එකට රැස් නොවී සිටීමට ජනතාව වඩා ධෛර්යමත් කිරීම සඳහා අපි වඩාත් ආරක්ෂිත දුරස්ථ තානාපතිවරුන් යොදවන්නෙමු. එබැවින් කරුණාකර ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න.

මනෝවිද්‍යාත්මක හා සවේදීභාවයන් නිසා ආරක්ෂිත දුරස්ථභාවය පවත්වා ගැනීම දුෂ්කර වෙයි. එය අපගේ නිසඟ මිනිස් හැඟීමට පටහැනිය. සමාජගත වීමට, අප කතා කරන අය සමඟ ලංව සිටීමට, මිතුරන්ගේ සහ පවුලේ අයගේ ඇසුරෙන් උණුසුම හා සැනසීම ලැබීම අපේ ස්වභාවයයි. මම මෙය සම්පූර්ණයෙන්ම තේරුම් ගතිමි.

[title]සමාජ දුරස්ථභාවය බැරෑරුම්ව ගන්න[/title]

නමුත් මෙම කාල පරිච්ඡේදය තුළ අප සියලු දෙනා සමාජ දුරස්ථභාවය අතිශයින් බැරෑරුම් ලෙස ගත යුත්තේ මන්දැයි ඔබ ද තේරුම් ගන්නවා ඇතැයි යැයි මම බලාපොරොත්තු වෙමි.

වෛරසය සම්ප්‍රේෂණය කිරීම මන්දගාමී කිරීමට ඇති එකම පලදායී ක්‍රමය මෙයයි. එමගින් එමඟින් අපගේ සංඛ්‍යා ක්‍රමයෙන් පහතට ගෙන ආ හැකිය. අපගේ පවුල් ආරක්ෂාකාරීව තබා ගැනීමටත්, විශේෂයෙන් අපගේ ජ්‍යෙෂඨයන් රෝගාතුර වීමෙන් ආරක්ෂා කිරීමටත් හොඳම ක්‍රමය එයයි. එබැවින් අප විසින් සිදු කර ඇති වේදනාකාරී පියවරයන් කරුණාකර ඉවසා සිටින්න.

සිංගප්පූරුවේ සිටින සෑම කෙනෙකුම කොවිඩ් 19 යෙන් ආරක්ෂා කර ගැනීම අප සෑම කෙනෙකුටම කළ හැකි හා කළ යුතු දෙයකි. මෙම ප්‍රධාන පියවර ගැනීමට අපට අවශ්‍ය වන්නේ ඇයිද යන්න පැහැදිලි කිරීම සඳහා මම අද ඔබ සමඟ කෙලින්ම කතා කිරීමට තීරණය කළෙමි. එමෙන්ම සියලු දේ හොඳින් සිදුවනු ඇති බව අපි ඔබට සහතික කරමු.

මෙම වෛරසයට එරෙහිව සටන් කිරීමට අප සැඟවී සිටින හෙයින්, අප සැමට මෙම නව තත්වයට මුහුණ දිය හැකි වන පරිදි අත්‍යවශ්‍ය සේවාවන් දිගටම ක්‍රියාත්මක වනු ඇත. මෙම කාල පරිච්ඡේදය තුළ සහ ඉන් ඔබ්බට අපට ජීවත් වීමට ප්‍රමාණවත් ආහාර සැපයුම් අප සතුව ඇත. ඔබට තවමත් සුපිරි වෙළඳසැලේ හෝ මස්, මාලු සහ පළතුරු වෙළඳපොලේ යෑමට හැකිය. සති ගණනනාවකට තරම් තොග ගබඩා කිරීමට ඔබ ඉක්මන් නොවිය යුතුය. ඔබට තවමත් ඔබේ ප්‍රියතම වෙළඳසැලෙන් හෝ කෝපි කඩයෙන් ආහාර මිලදී ගත හැකිය. එසේ වෙතත් ඔබේ මිතුරන් සමඟ පිටත ගොස් ආහාර භුක්ති විදිනු වෙනුවට පිටතින් කෑම ගෙනැවිත් ඔබට පවුලේ අය සමඟ කෑම ගත හැකිය.

මෙම පියවර අපගේ සේවකයන්ට සහ ව්‍යාපාරවලට දැඩි ලෙස බලපානු ඇති බව මම දනිමි. මෙය දැනටමත් ඔවුන්ට ඉතා දුෂ්කර කාලයකි. මේ කාලය තුළින් යළි නැගිටීමට අපි ඔවුන්ට උදව් කරන්නෙමු. සඳුදා පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය අගමැති හෙන්ග් විසින් කලින් අයවැය දෙකෙන් සපයා ඇති ප්‍රමාණයට අමතරව පවුල් හා ව්‍යාපාර සඳහා අමතරව ලබා දෙන සහාය ප්‍රකාශයට පත් කරනු ඇත. නිවෙස් හිමියන් විසින් දේපල බදු සහන සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ කුලී නිවැසියන්ට ලබා දිය යුතු බවට අපි නීති සම්පාදනය කරන්නෙමු. කුලී ගෙවීම, ණය ආපසු ගෙවීම හෝ වැඩ නිම කිරීම වැනි යම් ගිවිසුම්ගත බැඳීම් කල්දැමීමට ව්‍යාපාරවලට සහ පුද්ගලයන්ට ඉඩ දීම සඳහා නව තාවකාලික නීති සම්මත කරන්නෙමු.

[title]මුහුණු ආවරණ ගැන අලුතෙන් සිතීම[/title]

මෙම පරිපථ කඩනය ක්‍රියාත්මක කිරීමට අමතරව, මුහුණු ආවරණ පිළිබඳ අපගේ උපදෙස් ගැනද අපි නැවත සිතා බලමු. මේ දක්වා රජය සාමාන්‍ය ජනතාවට උපදෙස් දී ඇත්තේ ඔබට මුහුණු ආවරණයක් පැළඳිය යුත්තේ ඔබට සුවයක් නොමැති නම් පමණක් බවත් එමගින් ඔබේ විෂබීජ වලින් අන් අයව ආරක්ෂා කරන බවත්ය. මෙය පදනම් වූයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්‍රෝග ව්‍යාප්තියක් නොතිබුණි. එබැවින් කොවිඩ් 19 අසාදනය වූ කවරකු හෝ මහම දී ඔබට හමුවීමට සහ රෝගය වැළදීමට ඉඩක් නොතිබුණ තරම් ය. එසේ වුවද, රජය සෑම නිවසකටම ඔබ අසනීප වුවහොත් භාවිතා කිරීමට සහ ජනතාවගේ මානසික සහනය පිනිස ශල්‍ය වෙස් මුහුණු හතරක් ලබා දුන්නෙමු.

දැන් තත්වය වෙනස් වෙමින් පවතී. අපි දැන් සිතන්නේ ප්‍රජාව තුළ සමහර හඳුනානොගත් අසාදිතයින් තවමත් විශාල පිරිසක් නොවුනත් කිහිප දෙනෙකු සිටිය හැකි බවයි. කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන ආසාදිත පුද්ගලයෙකුට වයිරසය අන් ගැතිරවිය හැකි බවට සාක්ෂි දැන් අප සතුව තිබේ.

මුහුණු ආවරණ පිළිබඳ ගැටළුව ලෝක සෞඛ්‍ය සංවිධානය සමාලෝචනය කරන්නේ මේ නිසා ය. එක්සත් ජනපද සීඩීසී ද එසේ ය. එබැවින් මුහුණු ආවරණ පැළඳීමෙන් අපි තවදුරටත් ජනයා අධෛර්යමත් නොකරමු. ඔබට වයිරසය වැළදී ඇති නමුත් එය නොදන්නේ නම් මුහුණු ආවරණයක් පැළඳීම අන් අය ආරක්ෂා කිරීමට උපකාරී වේ. මේ මගින් ඔබගේ ජල බිඳිති ඔබ වෙත පමණක් තබා ගැනෙනවා.

විශේෂයෙන් ඔබ වැඩිහිටියෙක් නම් හෝ පවතින රෝගී තත්වයන් නිසා අවදානමට ලක්විය හැකි අයකු නම් හෝ එමගින් ඔබව වඩා හොඳින් ආරක්ෂා කර ගත හැකියි. සැබවින්ම අවශ්‍ය පුද්ගලයින් සඳහා ශල්‍ය මුහුණු ආවරණ ආරක්ෂාකරගැනීමට අපට තවමත් අවශ්‍යය. ඒ් සායන සහ රෝහල්වල සෞඛ්‍ය සේවකයින් සඳහා ය. අනෙක් සියල්ලන්ටම, සමාජයෙහි දී, නැවත භාවිතා කළ හැකි මුහුණු ආවරණ වැනි විකල්ප මඟින් අමතර ආරක්ෂාවක් ලබා දෙනවා ඇති. එබැවින් මෙම ඉරිදා සිට රජය විසින් සියළුම නිවෙස් සඳහා නැවත භාවිතා කළ හැකි මුහුණු ආවරණ බෙදා හරිනවා ඇත.

මේ අතර, බොහෝ ප්‍රජා කණ්ඩායම් විසින් වැඩිහිටියන් හා අවදානමට ලක්වියහැකි අය සඳහා නැවත භාවිතා කළ හැකි මුහුණු ආවරණ සාදා බෙදා හැර ඇත. මෙම උත්සාහයන් මම අගය කරමි. ඔවුහු අපගේ ප්‍රජා හැඟීම සහ සැලකිල්ල පෙන්වති. නමුත් මතක තබා ගන්න, මුහුණු ආවරණ ඇතිව හෝ මුහුණු ආවරණ නැති වුවත් ඔබ දිගටම අත් සේදීම කළ යුතු ය. එමෙන්ම අනෙක් පුද්ගලයින්ගෙන් ආරක්ෂිත දුරක් තබා ගත යුතුය.

[title]ඉදිරි සති ලෙහෙසි නැත[/title]

ඉදිරි සති කිහිපය ඉතා වැදගත්ය. මෙම පියවරයන්ගෙන් පසු වුවද, ඉදිරි දින කිහිපය තුළ අසාදිත ගණන තවත් ඉහළ යනු ඇත. ඒවා කලින් ආසාදනය වූ අය විය හැකිය. ඔවුන් තවමත් රෝග ලක්ෂණ පෙන්නුම් කර නොමැති හෝ සිය වෛද්‍යවරයා හමුවීමට ගොස් නැති වීමට පුලුවන. නමුත් අප අපගේ උත්සාහයන් දිගටම කරගෙන ගියහොත්, සති කිහිපයක් ඇතුළත අපට අසාදිත සංඛ්‍යාව පහත හෙලීමට හැකි වී වඩා හසුරුවාගත හැකි තත්වයකට පත්වීමට පුලුවන. කොවිඩ් 19 වෙතින් සෑම සිංගප්පූරු ජාතිකයෙකුම ආරක්ෂා කිරීමට අපි උපරිම උත්සාහය දරමු. පසුගිය මාස දෙක තිස්සේ බොහෝ අය වෙහෙස මහන්සි වී වැඩ කරමින් සිටිති. ඒ අපගේ හෙදියන් සහ වෛද්‍යවරුන්, අපගේ සම්බන්ධතා සොයා යන්නන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන් ය. ඔවුන් සියලු දෙනාගේ උත්සාහය හා කැපකිරීම් වලට අපි ස්තූතිවන්ත වෙමු.

දැන් අප සියල්ලන්ම ඔවුන් සමඟ පෙරමුණට එක්වීමට බඳවාගෙන ඇතිවාක් වැන්න. මෙය දීර්ඝ සටනක් වනු ඇත. නමුත් මෙම සටනින් ජයගත හැකි රටක වෙත්නම් ඒ සිංගප්පූරුවයි. අපට සම්පත් තිබේ. අපට අධිෂ්ඨානයක් ඇත. අප සමගිය. මේ කාලයෙහි එකිනෙකාට උදව් කිරීම තුළින්, අපි ජය ගමු. ශක්තිමත්ව නැගී සිටිමු.

(සිංහල පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි)

Archive

Latest news

Related news