ඡායාරූපය: ඊසානදිග කෙන්යාවේ පඳුරක් මත කාන්තාර පළඟැටියෝ සංවාසයෙහි යෙදෙති. කාන්තාර පළඟැටියන් ලෝකයේ සියලුම සංක්‍රමණික පළිබෝධ විශේෂ අතුරින් වඩාත්ම භයානක ලෙස සැලකෙන්නේ වේගයෙන් ප්‍රතිනිෂ්පාදනය කිරීමට, දිගු දුර සංක්‍රමණය වීමට හා භෝග විනාශ කිරීමට ඇති හැකියාව නිසාය. (@ FAO / Sven Torfinn / FAO)
කාන්කෘතාර පළගැට් කෘමින්ගේ රංචු නැගෙනහිර ඉතියෝපියාව, අසල්වැසි සෝමාලියාව පුරා පැතිරෙමින් කෙන්යාව කරා විහිදෙමින් සිටින අතර පෙර නොවූ විරූ පරිමාණයකින් කලාපයෙහි පුරා බෝග, තණබිම් සහ වනාන්තර විනාශ කරයි.
මෙය සමස්ත උප කලාපයේම ආහාර සුරක්‍ෂිතතාවයට තර්ජනයක් වන ජාත්‍යන්තර මට්ටමේ අර්බූදයක් බවට පත්ව තිබේ” යැයි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ක්වොන් ඩොන්ගු මහතා පවසා තිබේ.
ෙකලාපයේ බලධාරීන් මේ වන විටත් පාලන ක්‍රියාකාරකම් ආරම්භ කර ඇති නමුත් . නමුත් තර්ජනයේ පරිමාණය හා හදිසිභාවය නිසා එම රටවලට බාහිර ආධාර අවශ්‍යවී තිබේ.
වසර 25 ක් තුළ ඉතියෝපියාව සහ සෝමාලියාව මුහුණ දී ඇති දරුණුතම පළඟැටි පැතිරීමට හේතු වී ඇත්තේ පසුගිය වසරේ අග භාගයේ අසාමාන්‍ය ලෙස ඇද හැලුණු අධික වර්ෂාව ය. කෙන්යාවෙහි මේ වනාහී වසර 70කට පසු ඇති වූ දරුණුතම වසංගතය යි.
දිනකට කිලෝමීටර් 150 ක් ගමන් කළ හැකි පළගැටි රංචු කෙන්යාව හරහා ගමන් කරන අතර දකුණු සුඩානය හා උගන්ඩාව දක්වා ව්‍යාප්ත වීමට ඉඩ තිබේ. මධ්‍යම අප්‍රිකාවේ රුවන්ඩාව පවා පූර්වාරක්ෂක පියවර ගැනීමට පටන් ගෙන තිබේ.
මේ අවස්ථාව වන විටත් රංචු සංඛ්‍යාව බහුගුණ වෙමින් පවතින බවත් ජුනි මාසය වන විට ඒවා 500 ගුණයකින් වැඩි විය හැකි බවත්” ලෝක ආහාර සංවිධානය පවසයි.
පළඟැටියන් ඔවුන්ගේ ඊනියා “දැවැන්ත” අවධියට පරිණත වන විට, උන් කෑමදාසයන් බවට පත්වේ. ඕනෑම වෘක්ෂලතාදික් උන් කෑමට ගනී. දිනකට ඔවුන්ගේ ශරීර බර මෙන් ප්‍රමාණයක් කෑමට ගනී. එක් කුඩා පළගැටි රංචුවකට කෘමීන් මිලියන 150 ක් අඩංගු විය හැකිය.
ඊසානදිග කෙන්යාවේ එක් සුපිරි පළගැටි රංචුවක් වර්ග කිලෝමීටර් 2,400 ක් තරම් වසාගෙන අතර, මිලියන 84 කට පමණ ජනතාව පෝෂණය ආහාර ප්‍රමාණයක් දිනක දී කා දැමීමට හැකි බවට ගණන් බලා තිබේ.
දැනටමත් මිලියන ගණනක් ජනයා දැඩි කුසගින්නෙන් පෙළෙන කලාපයක ග්‍රාමීය ජීවනෝපායන්ට බරපතල ලෙස තර්ජනයක් වන කාන්තාර පළඟැටියන්ගේ වසංගතය මැඩපැවැත්වීම සඳහා ඩොලර් මිලියන 70 ක් පොරොන්දු වන ලෙස ලබන සතියේ රෝමයේ පැවැත්වෙන පරිත්‍යාගශීලීන්ගේ සමුළුවක් ඉල්ලා සිටිනු ඇත.
කෘමි නාශක ඉසින ගුවන් යානා හයකට මසකට වර්ග කිලෝමීටර් 1,000 ක් ආවරණය කළ හැකි නමුත් අතර මේ වන විට ඉතියෝපියාව සහ කෙන්යාව සතුව ඇත්තේ ඉසින ගුවන් යානා හතරක් පමණකි. සෝමාලියාවේ ඇති අනාරක්ෂිත භාවය ඕනෑම ආකාරයක පාලන පියවර අවදානම් බවට පත් කරයි.
තීරණාත්මක කාරණයක් වන්නේ සම්බන්ධීකරණයයි. පළගැටි රංචු ජාතික සීමාවන්ට අවනත වන්නේ නැත. එබැවින් ඉසින ගුවන් යානා දේශසීමා තරණය කිරීමට ඉඩ දීම සඳහා ගිවිසුම් ඇති කර ගත යුතු ව තිබේ
මෙම රටවල් නියඟයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති අතර පසුගිය වසරේ අගභාගයේදී ගංවතුරට ගොදුරු විය. පළඟැටියන් යනු තවත් බරකි. දැනටමත් ජීවත් වීමට අරගල කරන ග්‍රාමීය ප්‍රජාවන් යථා තත්ත්වයට පත් කිරීම මෙමගින් වඩාත් අපහසු වේ.
ඉතියෝපියාවේ සමහර ප්‍රදේශවල සියයට සියයක්ම බෝග පාඩු සිදුවී ඇත. තවත් සමහර ගොවීහු, පළඟැටියන් කඩ වදින බව දැන නියමිත කාලයට පෙර අස්වැන්න නෙළා ගත්හ. පළඟැටියන් මේ වන විට එරටේ ආහාර කලාපය වන රිෆ්ට් නිම්නය දෙසට ගමන් කරමින් සිටී.
මාර්තු සිට මැයි දක්වා වර්ෂාව ඇද වැටී වෘක්ෂලතාදිය සරැ වී බිත්තර දැමීමට පොළව තෙත්වන විට පළගැටි වසංගතය මහා පරිමානව ඉහළ යනු ඇත. වසංගතය දැන්ම පාලනය කර නොගත හොත් දීර්ඝ කාලීන ප්‍රතිවිපාක ඇති වන බව ද ලෝක ආහාර සංවිධානය පවසයි.
ජුනි මාසයේදී, කලාපයේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණය ස්වාභාවික විවේකයක් ලෙස ක්‍රියා කරනු ඇත, නමුත් ඉතියෝපියාවේ සහ සෝමාලියාවේ සමහර ප්‍රදේශවල එය තෙත් වන අතර පළඟැටියන් රංචු නැවත උත්පාදනය කිරීමට එය ඉඩ සලසනු ඇත.
රටිිිින් රටට පැතිරීම පෙන්වන ජායාරූපයක් මෙන්න:
ඉතියෝපියාව
අෆාර්, අම්හාරා, ඔරොමියා, සෝමාලි, ටයිග්‍රේ සහ දක්ෂිණ ජාතීන්, ජාතිකත්වයන් සහ ජනතා කලාපවල වර්ග කිලෝමීටර් 2,350 කට වැඩි භෝග, තණබිම් සහ වනාන්තර පළගැටි ආවරණයට හසුව තිබේ. වේගයෙන් ගමන් කරන රංචු ඉතියෝපියාවේ හඳුනා නොගත් ප්‍රදේශවලින් මෙන්ම සෝමාලියාවේ යාබද ප්‍රදේශවලින් ද රටට පැමිණේ.
සෝමාලියාව
සෝමාලිලන්ඩ්, පුන්ට්ලන්ඩ් සහ ගල්මුදුග් යන ප්‍රදේශවල හෙක්ටයාර දස දහස් ගණනක ඉඩම් පීඩාවට පත්ව ඇති අතර කෙන්යානු දේශ සීමාව අසල ගාර්බහාරේ ප්‍රදේශයේ පරිණත රංචු සිටිති.
නොමේරූ රංචු (තවමත් ප්‍රජනනය කළ නොහැකි) දකුණට හර්ෂබෙල්, ජුබාලන්ඩ් සහ නිරිතදිග ප්‍රාන්තවලට සංක්‍රමණය වී ඇත.
වාසිදායක පාරිසරික තත්ත්වයන් සැලකිල්ලට ගෙන කාන්තාර පළඟැටියන් උතුරේ අඛණ්ඩව වර්ධනය වී දකුණට සංක්‍රමණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉදිරි මාස හය තුළ හෙක්ටයාර 100,000 කට වඩා වැඩි සෘජු පාලනයක් යටතට ගැනීම අවශ්‍ය වනු ඇත
කෙන්යාව
විශාල නොමේරූ රංචු ඊසානදිග දකුණේ සිට වජීර් සහ ගරිසා දක්වාත්, බටහිරින් ඉතියෝපියානු දේශ සීමාව දක්වාත්, නිරිත දෙසින් කෙන්යාවේ කන්දට උතුරින් මධ්‍යම ප්‍රදේශ දක්වාත් ව්‍යාප්ත වෙමින් පවතී. අවදානමට ලක්ව ඇත්තේ රිෆ්ට් නිම්නය සහ තුර්කානා ප්‍රාන්තය ය. රංචු ඉතියෝපියානු දේශ සීමාව දිගේ බටහිර දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන අතර ඉන් සමහරු දකුණට ටනා ගංගා රට දෙසට යා හැකිය.
උතුරේ සමහර රංචු නැවත දකුණු ඉතියෝපියාවට සංක්‍රමණය වී ඇති අතර අනෙක් ඒවා දැන් පරිණත වී සති දෙකකින් බිත්තර දමනු ඇතැයි අපේක්ෂා කැරේ.
දකුණු සුඩානය
ලෝක ආහාර සංවිධානයට අනුව, වයඹදිග කෙන්යාවේ සිට ගිනිකොන දෙසින් (කපෝටා නැගෙනහිර සහ ඉලේමි ත්‍රිකෝණය) “රංචු කිහිපයක්” පැමිණීමේ ඉහළ අවදානමක් ඇත.
උගන්ඩාව
වයඹදිග කෙන්යාවේ සිට ඊසාන දෙසින් දිස්වන රංචු කිහිපයක් “මධ්‍යස්ථ අවදානමක්” ඇති කරයි.
thenewhumanitarian හි පළවූ Obi Anyadike විසින් ලියන ලද ලිපියක් ඇසුරින් ශ්‍රී ලංකා බ්‍රීෆ් විසින් සම්පාදනය කරන ලදී.