Thursday, March 28, 2024

ඥාණසාරගේ ටිකිරි මොළේ: ඉන්දියානු ජාතික කොඩිය ගැන වල්බූත – මෙත්සිරි අම්බලන්ගොඩ

බොදු බල සේනා නායක ගලබොඩඅත්තේ ඥාණසාර නැවත වරක් සිය ටිකිරි මොළය එලියට දමා තිබේ. කොළඹ ප්‍රකාශයට පත් කැරෙන වෙබ් අඩවියකට ඥණසාර කියා ඇත්තේ ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය වෙනස් කළයුතු බවත් එහි ඇති ජනවාර්ගික වර්ණ තීරු ඉවත් කළ යුතු බවත් ය. ඊට උදාහරණයක් දෙමින් ඥාණසාර කියා ඇත්තේ එලෙස ජන වාර්ගික ප්‍රජාවන් සඳහා වෙනම තීරු ඇති කල යුතු නම් ඉන්දියාව වැනි බොහෝ ජනවාර්ගික ප්‍රජාවන් ජිවත්වන රටකට ජාතික කොඩියක් නිර්මාණය කළ නොහැකි බවයි. කෙටියෙන් ඥාණසාර කියන්නේ මෙරට ජාතික කොඩියෙහි නියෝජනය විය යුත්තේ බුදු දහම සහ සිංහල ප්‍රජාව පමණක් බවයි.

විවිධ ජනප්‍රජාවන් ජීවත්වන ලෝකයේ බොහෝ රටවල්හි ජාතික කොඩි නිර්මානය කර ඇත්තේ කිසිදු ජනවාර්ගික නියෝජනයක් නිරෑපනය නොවන ලෙසට ය. ප්‍රධාන ජනවර්ග තුනක් ජිවත්වන ස්විස්ටර්ලන්ත ධජයෙහි ඇත්තේ රතු පසුබිමෙහි සුදු කුරුසය කිසිදු ආගමක් හෝ ජනවර්ගයක් නියෝජනය නොකරයි.

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය වශයෙන් සිංහලේ කොඩිය යැයි කියැවෙන ධජය අනෙක් ජනවාර්ගික ප්‍රජාවන් සඳහා වර්ණ කොළ සහ තැඹිලි තීරු දෙකක්ද ඇතිව යොදා ගන්නා විට උතුරෙහි පැවැති දෙමළ රාජධානි විසින් යොදා ගන්නා ලද ධජයන් ද තිබුණි. නල්ලූර් රාජධානියේ කොඩියේ සිටියේ ගවයෙකි. වත්මන් ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය පැහැදිලිවම පදනම් වි ඇත්තේ ජනවාර්ගික සහ ආගමික නියෝජනයන් පදනම් කොට ගෙනය.

ඉන්දියාව ගැන බොදු බල සේනා ඥාණසාර කට අරින්නට පෙර අඩුම වශයෙන් බුදුන් උපන් දේශයේ ජාතික කොඩියේ ඉතිහාසය ගැන අබමල් රේනුවක තරම් අවබෝධයක් හෝ ලබා ගත්තා නම් නරකද? ඉන්දීය ජාතික කොඩියෙහි ඇති ඉහලින්ම ඇති කහ වර්ණ තීරුවෙන් අදහස් වන්නේ දේශයේ ශක්තිය සහ දිරිමත් භාවයයි. මැද ඇති සුදු තීරුව සාමය, සත්‍යය සහ ධර්ම චක්‍රයෙන් යුතුය. මෙම ධර්ම චක්‍රය බදු සමය වැළඳගත් අශෝක අධිරාජ්‍යයාගෙන් පැවැත එන්නකි. පහළින්ම ඇති හරිත වර්ණය භූමියෙහි සෞභ්‍යාගය, වර්ධනය සහ සුභදායක බව නියෝජනය කරයි.

විවිධ ජනවර්ගයන් ජීවත්වන බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී දේශයන්හි ජාතික කොඩි නිර්මානය වී ඇත්තේ එක්කෝ සියලු දෙනා නියෝජනය කැරෙන සංකේත යොදා ගැනීම මගින් හෝ හුදෙක් කවර හෝ තනි ආගමික හෝ ජනවාර්ගික සංකේත පමණක් යොදා ගැනීම මගින් නොවේ.

ඉන්දියානු ජාතික කොඩියෙන් ඉගෙන ගැනීමට බොදුබල සේනා ඥණසාරට කැමැති නම් ඔහු යෝජනා කළ යුත්තේ ශ්‍රී ලංකාවේ වත්මන් ජාතික කොඩිය සහමුලින්ම වෙනස් කිරීම මිස දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් නියෝජනය කැරෙන කොළ සහ තැඹිලි වර්ණ තිරු ඉවත් කිරීම නොවේ

Archive

Latest news

Related news