Friday, April 19, 2024

රජයේ රෑපවාහිනියේ රාජපක්ෂවාදී ප්‍රචාර වාර්තාව මැකෝ අතට

ජනාධිපතිවරණයේ රාජ්‍ය මාධ්‍ය හැසිරීම පිළිබද නිරීක්ෂණ (වාර්තා – 1)  ඉදිරිපත් කරමින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් යවන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකාහි විධායක අධ්‍යක් එස්. රනුග්ගේ නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සහතික කිරීම සදහා රාජ්‍ය මාධ්‍ය මගින් නිරවද්‍ය, සමබර, අපක්ෂපාතී හා අපාක්ෂික තොරතුරු ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව පිළිබදව මැතිවරණ කොමසාරිස්වරයා වශයෙන් ඔබතුමන්ගේ උපදෙස්/උපමාන නිකුත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් සේ සිය ආයතනය මගින් කරන ලද නියැදි නිරීක්ෂණයෙන් ලැබී ඇති ප්‍රතිඵල අනුව පෙනී යන බව ප්‍රකාශ කරයි.

ඔහු තව දුරටත් ප්‍රකාශ කරන්නේ මහජන මුදලින් නඩත්තු වන රාජ්‍ය මාධ්‍ය ආයතන සමතුලිත හා අපක්ෂපාතීභාවයකින් යුතුව ක්‍රියා කරමින් ජනාධිපතිවරණයේදී මහජනාවට දැනුම්වත් තීරණයක් ගැනීමට සුදුසු වේදිකාවක් සැකසිය යුතු බව බැවින් මැතිවරණ කොමසාරිස්වරයා විසින් කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවයි. එකි මෙම මූලික අධ්‍යයනයේදී අවධානය යොමු කර ඇත්තේ  රජයේ රූපවාහිනී නාලිකා අතරින් තෝරා ගත් අහඹු නියැදියක ප්‍රධාන සිරස්තල කෙ‍රෙහි පමණකි.

ජනාධිපතිවරණයේ රාජ්‍ය මාධ්‍ය හැසිරීම පිළිබද නිරීක්ෂණ (වාර්තා – 1)

රාජ්‍ය දේපළ අයථා ලෙස භාවිතා කිරිමෙන් සිදුවන මහජන මුදල් නාස්තිය අවම කිරිමේ අරමුණින් ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය (TISL)  ක‍්‍රියාත්මක කරන පොදු දේපළ රැකගැනිමේ වැඩසටහන යටතේ, රාජ්‍ය මාධ්‍යවල හැසිරිම පිළිබ`දව මෙම මාධ්‍ය නිරීක්‍ෂණ මගින් අවධානය යොමු කරනු ලැබේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී රජයක් ජනතා අවශ්‍යතාව මත ක‍්‍රියාත්මක වන්නක් බවත් ඒ අනුව මහජන මුදලින් නඩත්තු වන රාජ්‍ය මාධ්‍ය ජනතා සුබ සිද්ධිය සඳහා භාවිත විය යුතු බවත් අපගේ පරම විශ්වාසයයි.

සම්මත වෘත්තීය ප‍්‍රමිතීන්ට අනුව රාජ්‍ය මාධ්‍ය එහි වගකීම ඉටුු කරනු වස් නිරවද්‍ය, සමබර, අපක්ෂපාතී හා අපාක්ෂික ආකාරයෙන් තොරතුරු ලබා දෙන්නේද? විවාදය සහ සාකච්ඡුාව සඳහා සුදුසු මහජන වේදිකාවක් සැපයීම මගින් ඡුන්දදායකයාට දැනුම්වත් තීරණයක් ගැනීම සඳහා ඉඩ ප‍්‍රස්ථා සලසන්නේද? යන කරුණු කෙරෙහි මෙම අධ්‍යනයේදි විශේෂ අවධානයක් යොමු කරනු ලැබේ. මෙම අධ්‍යයනය සඳහා යොදාගන්නා ක‍්‍රමවේදය මගින් මාධ්‍යවල අන්තර්ගතය සහ එහි අර්ථ ගුණාත්මකව සහ ප‍්‍රමාණාත්මකව විශ්ලේෂණය කරනු ලැබේ. මෙහිදී ජනමාධ්‍යයේ පිළිගත් ප‍්‍රමිතීන් සහ ආචාර ධර්මානුකූල මාධ්‍ය භාවිතය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරේ.

මෙම අධ්‍යයනය සඳහා ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, සීමාසහිත ශ‍්‍රී ලංකාවේ එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම (ලේක්හවුස්) හා ස්වාධීන රූපවාහිනී ජාලය (අයිටීඑන්) නිරීක්ෂණය කරනු ලබන අතර මෙහි පහත දැක්වෙන්නේ ඒ අතරින් රූපවාහිනිය සහ අයිටීඑන් විකාශනයන්ගෙන් අහඹු ලෙස තෝරාගත් අන්තර්ගතයන් කිහිපයක සම්පිණ්ඩනාත්මක විශ්ලේෂණයකි.

මැතිවරණ සමයේ රාජ්‍ය මාධ්‍ය හැසිරීම පිළිබඳව නිරීක්ෂණ සිදුකරමින් වරින්වර මෙවැනි වාර්තා ඉදිරිපත් කිරීමටත්, මැතිවරණය අවසානයේ ඒ පිළිබඳව පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීමටත් පොදු දේපළ රැකගැනීමේ වැඩසටහනේ මාධ්‍ය නිරීක්ෂණ කණ්ඩායම අපේක්ෂා කරයි.

මෙම වාර්තාවේ අපගේ නිරික්‍ෂණ පිළිබඳ ඔබගේ ප‍්‍රතිචාර හා ජනාධිපතිවරණයේ රාජ්‍ය මාධ්‍ය භාවිතය පිළිබ`දව ඔබගේ නිරික්‍ෂණ අප වෙත යොමු කරමින් මෙම කාර්යය වඩාත් සාර්ථක කරගැනිමට ඔබටත් දායක විය හැකිය.

පහත දැක්වෙන්නේ රජයේ විද්‍යුත් රූපවාහිනී නාලිකා වන ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය සහ චැනල් අයි ඉංග‍්‍රීසි නාලිකාවේ රාත‍්‍රී ප‍්‍රවෘත්ති විකාශයේ ප‍්‍රධාන සිරස්තල ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා සඳහා වෙන් වී ඇති ආකාරයයි.

MR එක්සත් ජනතා නිදහස් සන්ධානයේ (වත්මන් ජනාධිපති) සම්බන්ධ පුවත්

MS නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ (පොදු අපේක්ෂක) සම්බන්ධ පුවත්

Other News    සෙසු පුවත්

ජාතික රූපවාහිනී ප‍්‍රවෘත්ති – සිංහල (රාත‍්‍රී 8)

රෑපවාහිනී පුවත්

එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයාට සිය පක්ෂයේ අදහස් ඉදිරිපත් කිරීම වෙනුවෙන් දින හතේම ප‍්‍රධාන සිරස්තල අතර ඉඩක් වෙන්ව ඇතත් සෙසු ජනාධිපති ධුර අපේක්ෂකයන් අතරින් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයාට හැර වෙනත් කිසිදු අපේක්ෂකයකුට ප‍්‍රධාන සිරස්තල අතර එවැනි ඉඩක් වෙන්වී නොමැති බව නිරීක්ෂණය වේ. නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයාටද එම අවස්ථාව හිමිවී ඇත්තේ එක් දිනයකදී (දෙසැම්බර් 16) පමණි.

චැනල් අයි (ඉංග‍්‍රීසි) පුවත් රාත‍්‍රී 09.00

වැනල් අයි නිව්ස්

එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයාට සිය පක්ෂයේ අදහස් ඉදිරිපත් කිරීම වෙනුවෙන් දින හතේම ප‍්‍රධාන සිරස්තල අතර ඉඩක් වෙන්ව ඇතත් සෙසු ජනාධිපති ධුර අපේක්ෂකයන් අතරින් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයාට හැර වෙනත් කිසිදු අපේක්ෂකයකුට ප‍්‍රධාන සිරස්තල අතර එවැනි ඉඩක් වෙන්වී නොමැති බව නිරීක්ෂණය වේ. නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයාටද එම අවස්ථාව හිමිවී ඇත්තේ දින හතරකදී පමණි.

මේ සියළු දිනවලදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයාගේ ප‍්‍රතිරූපය වර්ධනය කිරීම සඳහා වන ශීර්ෂ පාඨ සහ දර්ශන යොදා ඇති බව නිරීක්ෂණය වන අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ අප්ක්ෂකයා වෙනුවෙන් වෙන්ව ඇති සිරස්තල සහ දර්ශනවලදී අපේක්ෂක ප‍්‍රතිරූපය ඍණාත්මකව ඉදිරිපත් කරන අවස්ථා පැවති බව නිරීක්ෂණය විය.

ස්වාධීන රූපවාහිනී සිංහල පුවත් රාත‍්‍රී 7.00

ITN News

එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයාට සිය පක්ෂයේ අදහස් ඉදිරිපත් කිරීම වෙනුවෙන් දින හතේම ප‍්‍රධාන සිරස්තල අතර ඉඩක් වෙන්ව ඇතත් සෙසු ජනාධිපති ධුර අපේක්ෂකයන්ගෙන් කිසිවෙකුට ප‍්‍රධාන සිරස්තල අතර එවැනි ඉඩක් වෙන්වී නොමැති බව නිරීක්ෂණය වේ.

එස්. රනුග්ගේ, විධායක අධ්‍යක්ෂක,

ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා

(original Image from https://stephenkellycreative.wordpress.com)

Archive

Latest news

Related news