Sri Lanka Brief
#PressPollSL

#PressPollSL

  • මෛත්‍රීගෙන් සහ රනිල්ගෙන්  විග්නේශ්වරන් අසන  ප්‍රශ්ණය Read more >

    මෛත්‍රීගෙන් සහ රනිල්ගෙන් විග්නේශ්වරන් අසන ප්‍රශ්ණය

    ( බිස්වාල් හමුව නව ආන්ඩුවට පක්ෂ ඇමෙරිකානු පිළිවෙත තමාට පසක් කල බව විග්නේහ්වරන් කියයි) පසුගිය වසරේ අවසන් මස පැවති සභාවාරයේදී සිවාජිලිංගම් මන්ත්‍රීතුමාට මා පොරොන්දු වුයේ අවශ්‍ය තොරතුරු ලබාදුනහොත් මා ඊට සෘජුව මැදිහත්ව වර්ග සංහාරය පිලිබඳ යෝජනාව සුදානම් කර මේ සභාවට ඉදිරිපත් කරන බව ය. ලංකාවේ ජීවත්වන දෙමළ ජනයාගේ අයිතීන්, අභිලාෂයන්, අවශ්‍යතාවයන් හා ඔවුන්ගේ අනාගතය වැනි […]

  • යෝෂිත රාජපක්ෂ පැන්නේ ජවිපෙ ලිපියට බයේ Read more >

    යෝෂිත රාජපක්ෂ පැන්නේ ජවිපෙ ලිපියට බයේ

    හිටපු ජනාධිපති රාජපක්ෂ පුත් යෝෂිත රාජපක්ෂ අද අලුයම ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ආරක්ෂක ලේකම්වරයාට යවන ලද ලිිපියකට බියෙන් බව දැනගන්නට තිබේ. එම ලිපියෙන් ජවිපෙ කියා සිටින්නේ නාවික හමුදාවේ ලූතිනන් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව විමර්ශනයක් පැවැත්වෙමින් තිබියදී ඔහුට නිවාඩු අනුමත කර විදේශ ගත වීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් විරෝධය පල කරමිනි. එමෙන්ම රාජකාරියේ යෙදී […]

  • මොහාන් පීරිස්, අන්තර් ජාතික පරීක්ෂණය සහ ඉදිරි මඟ – මංගල  සමරවීර Read more >

    මොහාන් පීරිස්, අන්තර් ජාතික පරීක්ෂණය සහ ඉදිරි මඟ – මංගල සමරවීර

    ගිය වසරේ ආරම්භ කෙරුණු ජාත්‍යන්තර පරීක්ෂණයක් එහි අවසානයට ලඟා වෙමින් තිබේ. වහාම සංයුක්ත පියවර ගනිමින් අපේ අධිකරණයේ විශ්වසනීයත්වය යළි ස්ථාපිත නොකරන්නේ නම්, මේ ජාත්‍යන්තර පරීක්ෂණයේ ප‍්‍රතිඵල හේතුවෙන් අපේ සන්නද්ධ හමුදා සාමාජිකයන්ට සහ වෙනත් සිවිල් වැසියන්ටත් ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරියේ පෙනී සිටීමට සිදුවනු ඇත. අද අප මුහුණදී සිටින මේ දුෂ්කර තත්වයට මගපෑදුණේ, විශ්වාස කටහැකි දේශීය විමර්ශන යාන්ත‍්‍රණයක් […]

  • නැවතත් ශීලාචාර මිනිසුන් ලෙස ලෝකය හමුවේ – රංජිත් හේනායකආරච්චි Read more >

    නැවතත් ශීලාචාර මිනිසුන් ලෙස ලෝකය හමුවේ – රංජිත් හේනායකආරච්චි

    එක්දහස් නමසිය අසූ ගණන් වන විට ලෝකය ලංකාව හදුනාගෙන තිබුනේ අවිහිංසාව මුල්කරගත් ආගමකට හිමිකම් කියන සිනාසෙන මිනිසුන් සිටින දිවයිනක් වශයෙනි. එමෙන්ම තමනට නිවාඩුවක් ගත කිරීමට යාමට සුදුසු මනරම් දේශයක් ලෙසද මොවුන් එය හැදින්වීය. මගතොටේදී හෝ වැඩකරන තැනකදී අප මුණ ගැසුණු විට අප හා කතා කළ මිනිසුන් අප ලාංකිකයින් බව දැනගත් විට අපේ රට ගැන කතා […]

  • කොළඹ දින සියය ගතවෙත්දී ජයකුමාරි දින 331කට රිමාන්ඩ් Read more >

    කොළඹ දින සියය ගතවෙත්දී ජයකුමාරි දින 331කට රිමාන්ඩ්

    චොව් ඩෝග් විසිනි – බාලේන්ද්‍රන් ජෙයකුමාරි අද(10) දහවල් කොළඹ, මහේස්ත්‍රාත් අධිකරණය වෙත නැවතත් ඉදිරිපත් කළ පසු මහෙස්ත්‍රාත්තුමිය දැනුම්දුන්නේ ලබන 24(පෙබරවාරි) දක්වා නැවතත් ජෙයකුමාරි රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසය. ජෙයකුමාරි, ත්‍රස්ථ විමර්ශණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අදට දින 331ක් ගතවේ. අත්අඩංගුවට ගැනීමෙන් පසු බූස්ස රැදවුම් කදවුරේ රදවා තැබීමෙන් පසු ඇයව පසුගිය දා රිමාන්ඩ් බන්ධනාගාර ගත කලාය. […]

  • දේශපාලන මදුසමයේ අවසානයක ආරම්භය! – නිලන්ත ඉලංගමුව Read more >

    දේශපාලන මදුසමයේ අවසානයක ආරම්භය! – නිලන්ත ඉලංගමුව

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ අරලගන්විල පැවති උත්සව සභාවක් අමතමින් රටේ පවතින වත්මන් තත්වය ගැන විස්තර කළේය. එහිදී ඔහු කියා සිටියේ මහා පරිමාණයෙන් දූෂණ සහ වංචා කළ අයවලුන්ට එරෙහිව සිදුවන කටයුතු ප්‍රමාද වීම ගැන ඔහුටද ප්‍රශ්ණයක් වී ඇති බවයි. බැලූ බැල්මට එය සාමන්‍ය ප්‍රකාශයක් වන නමුත් ඉන් කියැවෙන දේශපාලනය ගැඹුරු යැයි සිටිතේ. සැබවින්ම රටේ පවතින […]

  • නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා වන සාකච්ඡා පත්‍රිකාව

    ජනාධිපතිවරයා * ජනාධිපතිවරයා රාජ්‍යයේ නායකයා ය. විධායකයේ ප්‍රධානියා ය. සියළු හමුදාවල සේනාධිනායකයා ය. අගමැතිවරයා පත් කිරීමේදී හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉල්ලා සිටින අවශ්‍යතාවයන් පරිදි හැරුණු කොට ජනාධිපතිවරයා ක්‍රියා කළ යුත්තේ අගමැතිවරයාගේ හෝ අගමැතිවරයා විසින් බලය පවරනු ලබන වෙනත් ඇමැතිවරයෙකුගේ උපදේශය යටතේය. * දැනට පවතින ව්‍යවස්ථාවේ 33 වැනි වගන්තියේ කාර්යයන් හැරුණු කොට ජනාධිපතිවරයා විසින් ජාතික සමගිය සහ […]

  • විධායක ජනාධිපති ක‍්‍රමය සම්පූර්ණයෙන් අහෝසි නොකරන්නැයි බලපෑම් – ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න Read more >

    විධායක ජනාධිපති ක‍්‍රමය සම්පූර්ණයෙන් අහෝසි නොකරන්නැයි බලපෑම් – ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

    වාමාංශික පක්ෂ දෙකේ නායකයන් ඡන්දෙන් පස්සේ කටයුතු කරන ආකාරය විශාල ප‍්‍රශ්නයක්. මට කොමියුනිස්ට් පක්ෂයේ ඩිව් ගුණසේකර සහෝදරයා සහ තිස්ස විතාරණ සහෝදරයයි මුණගැහුණා ඒ දෙන්නා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මුණ ගැසී එන අවස්ථාවක. ඒ වෙලාවේ ඩිව් ගුණසේකර සහෝදරයගෙන් මම ඇහුවා ”අපේ නම් දිගටම පාක්ෂිකත්වය තහනම් කරනවා. ඔයගොල්ලන්ගේ විසම්මුතික පිරිස ගැන මොකද කියන්නේ?” කියලා. ඔහු කිව්වා ”නෑ නෑ […]

  • අත්අඩංගුවේ මිය ගිය මාරිමුත්තුගේ මරණය ගැන පරීක්ෂනයක් ඕනෑ -ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ Read more >

    අත්අඩංගුවේ මිය ගිය මාරිමුත්තුගේ මරණය ගැන පරීක්ෂනයක් ඕනෑ -ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ

    ඉකුත් 31 වන දින තලවකැලේ නගරයේදී තලවකැලේ පොලීසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකු වූ විසි හැවිරිදි මාරිමුත්තු මනෝජ් නැමැති සැකකරු පොලීස් අත්අඩංගුවේ සිටියදී මියයෑමේ සිද්ධිය පිළිබඳව අප දැඩි කණස්සල්ලයට පත් වෙමු. මෙම මරණය පිළිබඳ පොලිස් ප්‍රකාශණයේ දක්වා ඇත්තේ මෙම සැකකරු ජීප් රථයෙන් රැගෙන යාමේදී ජීප් රථයෙන් පැන දුවගොස් ජලාශයකට පැන මරණයට පත් වූ බවය. එහෙත් […]

  • මහින්දගේ පරාජය සහ බලය තහවුරු කර ගැනීම – කලණ සේනාරත්න

    නොවැම්බර් මාසයේ මුල් සති කිහිපය වන විටත් පෙනෙන්ට තිබුණේ, අඩු වශයෙන් තව අවුරුදු හයකටවත් මහින්ද රාජපක්ෂ බලයේ සිටීමට නියමිතව සිටි බවකි. එහෙත් 2015 ජනවාරි 8 වැනි දා ඔහු තම මාධ්‍ය පිරිවර සමග ඡන්දය පාවිච්චි කිරීමට යන විට, අවසාන තීන්දුව කුමක් වෙත් දැ යි ඔහුට පවා දැනුණු සෙයක් පෙනෙන්ට තිබුණි. ගත වූ දශකයක කාලය තුළ කිසි […]

  • වාසුදේවගේ මහින්දාගමනය යක්ෂාවේශයකි – සුනන්ද දේශප්‍රිය Read more >

    වාසුදේවගේ මහින්දාගමනය යක්ෂාවේශයකි – සුනන්ද දේශප්‍රිය

    ( දේශය කාටූනයෙනි) වාසුදේව නානායක්කාර අවසානයේදී හැව අර තිබේ. දැන් ඔහුගේ සැළැස්ම රාජපක්ෂ විධායක අගමැති ලෙස බලයට ගෙන ඒමට ය. ඒ සඳහා ඔහුට අපූරු හවුල්කරුවෝ දෙදෙනෙකු සිටිති. ඒ අවස්ථාවාදයෙන් අගතැන් පත් වීරවංශ සහ ගම්මන්පිල ය. මෙම පෙරමුණට එක් වන බව කියන දිනේශ් ගුණවර්ධන මහතා එවැනි ජරා දේශපාලනඥයකු නොවේ. ‘මහින්දාගමනයට ඔබ සූදානම් ද’ යනුවෙන් රුස්වීම් මාලාවක් […]

  • වර්තමාන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ ගැන රාජපක්ෂ සිතන්නේ කුමක්ද? – රංග ජයසූරිය Read more >

    වර්තමාන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ ගැන රාජපක්ෂ සිතන්නේ කුමක්ද? – රංග ජයසූරිය

    (නිදහස් දින සංදර්ශන පා ගමන) ගත වූ සති තුන තුළ රටේ ඇති වූ වෙනස්කම් කොහෙත්ම සිතා ගැනීමටත් නොහැකි තරම් ය. වර්තමානයේ සිදුවෙමින් පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ ගැන ඇත්තෙන්ම රාජපක්ෂ හිතන්නේ කුමක්ද? එම වෙනස්කම්, මීට මාස දෙකකට පෙර හීනෙන්වත් සිතාගත හැකිව තිබූ දේවල් නොවේ. ජ්‍යෙෂ්ඨතම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා වන ශ‍්‍රී පවන් තමාගේ ජ්‍යෙෂ්ඨත්වය මත අගවිනිසුරු පදවියට පත්වෙතැ යි […]

  • ඕමන්ත මුරපොළ නිහඩවී උතුරු සභාවට නව ලේකම්වරයෙක් එයි Read more >

    ඕමන්ත මුරපොළ නිහඩවී උතුරු සභාවට නව ලේකම්වරයෙක් එයි

    (පුසතකාල ජායාරූපයකි) වවුනියාව ඕමන්ත සීමා මුරපොළේ සෝදිසි කටයුතු අද 2 දින සිට නවතා ඇතැයි ග්ලෝබල් ටැමිල් නිවිස් අද වාර්තා කළේ ය.  යුද කාලයදී ආරක්‍ෂක හේතු මත ඉදිකළ මෙම සෝදිසි මුරපොළ වසර ගණනක් තිස්සේ ක්‍රියාත්මකවූ අතර වවුනියාව ඕමන්ත සීමා මුරපොළ හරහා ගමන් කරන සාමාන්‍ය වැසියන්, රාජ්‍ය සේවකයන් සහ විදේශිකයන්ද දැඩි අපහසුතාවලට මුහුණ දුන් බව ද එස […]

  • සිංහල වාර්ගික ජාතිවාදී විකල්ප අවකාශය සීමා කළ යුතුයි – ජයදේව උයන්ගොඩ Read more >

    සිංහල වාර්ගික ජාතිවාදී විකල්ප අවකාශය සීමා කළ යුතුයි – ජයදේව උයන්ගොඩ

    (ජායාරූපය : සිනමාඩෙටිඑල්කේ) වාර්ගික ජාතිකවාදී දේශපාලනයේ අනාගතය කුමක් විය හැකි ද? යන්න ලංකාවේ වර්තමාන දේශපාලනයේ මතුවන තරමක් යට ගොස් ඇති, එහෙත් වැදගත් ප‍්‍රශ්නයකි.”වාර්ගික-ජාතිකවාදය” යනු ජනවාර්ගිකත්වය පදනම් කරගෙන ගොඩනැගෙන ජාතිකවාදී දේශපාලනයයි. සිංහල, දෙමළ, මුස්ලිම් යනු ලංකාවේ සමාජය ගොඩනැගී ඇති ප‍්‍රධානතම ජනවාර්ගික-ජාතිකවාදී පද්ධතීන් තුනයි. පසුගිය ජනාධිපති මැතිවරණය ආශ‍්‍රිතව බලන විට, ජනවාර්ගික ජාතිකවාදී දේශපාලනය සම්බන්ධව ගොඩ නැගී තිබුණු […]

  • නිදහස් දිනය අර්ථවත් කිරීමට යෝජනා Read more >

    නිදහස් දිනය අර්ථවත් කිරීමට යෝජනා

    ( නෙළුමි පොකුණ ජාතික රඟහල ලෙස නම් කරනු!) කුමාර අලගියවන්න විසිනි– එළඹෙන නිදහස් දනය වඩා අර්ථවත් කිරීම පිනිස ගත හැකි වැදගත් නමුත් ලෙහෙසි පියවර ගණනාවක් දක්වමින් ජනමාධ්‍යවේදි කුමාර අලගියවන්න විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියක් පහත දැක්වේ.  

  • නව අගවිනිසුරු සමානාත්මතාවයේ සංකේතයක් – උතුරේ මහ ඇමති Read more >

    නව අගවිනිසුරු සමානාත්මතාවයේ සංකේතයක් – උතුරේ මහ ඇමති

    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කනගසබාපති ශ්‍රීපවන් ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරුවරයා ලෙස පත් කිරීම රජය ශ්‍රී ලංකාවේ සියලුම ජාතීන්ට සමානාත්මතාවකින් යුතුව සලකන බවට ඉඟියක් පලවීමක් බව උතුරු පළාත් මහා ඇමති.වී.විග්නේස්වරන් ප්‍රකාශ කරයි. ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණ නව අගවිනිසුරුවරයා වශයෙන් කේ. ශ්‍රීපවන් පත් කිරීමට රජය ගෙන ඇති තීරණය තුලින් රටේ නීතිය හා සාධාරණය පැහැදිලිව ඉස්මතු වන බවත් ඒ තුළින් ශ්‍රී […]

  • රාජපක්ෂගේ ඒ ජනවාරිය සහ මෛත්‍රීපාලගේ මේ ජනවාරිය Read more >

    රාජපක්ෂගේ ඒ ජනවාරිය සහ මෛත්‍රීපාලගේ මේ ජනවාරිය

    ( පරාජිත විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් පොන්සේකාට එල්ල කළ තර්ජන  සහ අත්අඩංඟුවට ගැනීම රාජපක්ෂ දෙවැනි ධුර කාල මර්දනයේ අැරඹුම විය) සුනන්ද දේශප්‍රිය විසිනි- තමාට නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව ඉවරයක් නැතිව වද දෙන්නේ යැයි පරාජිත අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා පසුදාක ලිපියක් ප්‍රසිද්ධ කරමින් කියා සිටියේ ය. එම ලිපිය ලියා ඇත්තේ මාධ්‍ය මගින් ඔහුට එරෙහිව නඟා […]

  • ශිරානිට බණ කියන රාජිත සේනාරත්න නීති ගරුක ද?  – සුනන්ද දේශප්‍රිය Read more >

    ශිරානිට බණ කියන රාජිත සේනාරත්න නීති ගරුක ද? – සුනන්ද දේශප්‍රිය

    හිටපු අගවිනිසුරුවරිය වූ ශිරානි බන්ඩාරනායකට විරැද්ධව ජනාධිපති රාජපක්ෂ ගෙන ආ දෝශාභියෝගය සාධරණ කිරීමට නව ආණ්ඩුවේ ප්‍රකාශක වන දැන් රාජිත සේනාරත්න ඉදිරිපත්ව සිටී. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වශයෙන් බලයට පත් වූයේ රාජපක්ෂ පාලනය විසින් ශිරානි බන්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව පැනවූ අනීතික සහ නිනිදිත දෝශාභියෝගයට විරුද්ධව පෙළ ගැසුණු නීති ප්‍රජාවේ සහාය ද ඇතිව බව රාජිත සේනාරත්නට අමතක පාට ය. අගවිනිසුරුවරියට […]

  • ජනාධිපති සිරිසේනගේ ජායාරෑප ශිල්පියා රාජපක්ෂ ගෝතයෙක්: මෙන්න සාක්ෂි Read more >

    ජනාධිපති සිරිසේනගේ ජායාරෑප ශිල්පියා රාජපක්ෂ ගෝතයෙක්: මෙන්න සාක්ෂි

    ( සුදත්  සිල්වා ගත් මරණයේ සළකුණ ජායාරූපය) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිප ජායිරූප ශිල්පියා ලෙස පත් කර ගෙන ඇති සුදත් සිල්වා රාජපක්ෂ රෙජිමයේ ඇට්ටන් බැහැපු ගෝතයකු බවට අප මෙය පෙර කල හෙළිදරව්ව දැන් අයිටිඑන් රූපවාහිනී සේවකයන් විසින් කරුණු සහිතව පෙන්වා දී තිබේ. සුදත් සිල්වා සිය මස්සිනා සමඟ එක්ව වෙළද දැන්වීම් මගින් මිලියන ගණනින් ගසා […]

  • රාජ්‍ය මාධ්‍ය දේශපාලන අධිකාරයෙන් ඉවත් කරන ලෙස ලංකා ජාත්‍යන්තරය ඉල්ලයි Read more >

    රාජ්‍ය මාධ්‍ය දේශපාලන අධිකාරයෙන් ඉවත් කරන ලෙස ලංකා ජාත්‍යන්තරය ඉල්ලයි

    නිවෙදනයක් නිකුත් කරන ‘ශිෂ්ඨ සම්පන්න සමාජයක් උදෙසා වූ ලාංකීය ජාත්‍යයන්තරය‘ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහසත හවුරු කිරීමට නම් රාජ්‍ය පාලික ජනමාධ්‍ය දේශපාලන අධිකාරියෙන් ඉවත් කොට මහජන සේවා පදනමක් මත පිහිටුවිය යුත් බව අවධාරණය කරයි. නව රජයේ සාධනී්‍ය පියවරයන් අගය කරන එම නිවේදනය ජනාධිපතිවරණය තුළ මහා ජනයාට දෙන ලද පොරොන්දු එළෙසම ඉටු කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කරයි […]

  • අසව්! අසව්! නලින්ද සිල්වාගෙන් ‘පාපොච්චාරනයක්’ Read more >

    අසව්! අසව්! නලින්ද සිල්වාගෙන් ‘පාපොච්චාරනයක්’

    අරාබි වසන්තය ඇවිදින් හේමන්තය ඉදිරියට – නලින් ද සිල්වා  විසිනි පසුගිය 8 වැනි දා මෙරටට අරාබි වසන්තය උදාවිය. එය වසන්තයක් වන්නේ රටට නොව බටහිරයන්ට, ඔවුන්ගේ අනුගාමිකය ඊනියා උගතුන්ට හා දෙමළ ජාතිවාදීන්ට ය. අප වැනි නූගතුන්ට, සාමාන්‍ය ජනයාට දැඩි ශීත කාලයකට ඉදිරියේ දී මුහුණ දීමට සිදුවනු ඇත. ජාතිය පාවාදුන්නෝ දෙමළ ජාතිවාදීන් සමග පෙම් කෙළියේ පසුවෙති. ඔවුන්ගේ […]

  • නීතිය ක්‍රියාත්මක වූ දාට රාජපක්ෂට කොලඹ ගෙදර දොර ඇරේවි !- රංජිත් හේනානායකආරච්චි Read more >

    නීතිය ක්‍රියාත්මක වූ දාට රාජපක්ෂට කොලඹ ගෙදර දොර ඇරේවි !- රංජිත් හේනානායකආරච්චි

    ( රාජපක්ෂට ඇරෙන කොළඹ ගෙදර) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් තමාටත් ත පවුලේ අයටත් මඩ ගැසීමේ ව්‍යාපාරයක් දියත් කර ඇති බව පවසයි. ‘කාට හෝ එරෙහිව විෂමාචාර චෝදනා ඇත්නම් ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පිලිගත් ක්‍රියාමාර්ග ඇත. නමුත් මෙතන සිදුවන්නේ ජනමාධ්‍ය හරහා ද්වේශ සහගත මඩගැසීමක් බව කිව යුතුය’ මහින්දගේ ඉහත ප්‍රකාශය කියවූ මිනිසුන්ට සිනාව […]

  • නැගෙනහිර මිලිටරි ආණ්ඩුකාරවරයා වෙනුවට ඔස්ටින් ප්‍රනාන්දු Read more >

    නැගෙනහිර මිලිටරි ආණ්ඩුකාරවරයා වෙනුවට ඔස්ටින් ප්‍රනාන්දු

    (නැඟෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන ලද ඔස්ටින් ප්‍රනාන්දු මහතා) නැඟෙනහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද, උතුරු සහ ඌව පළාත් 06 සඳහා ද නව ආණ්ඩුකාරවරු පත් කොට ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් නැඟෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස ඔස්ටින් ප්‍රනාන්දු, සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස බී.එම්.ඒ.ආර්. පෙරේරා, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සුරංගි එල්ලාවල, උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස එච්.එම්.ඩී.එස්. පලිහක්කාර, උතුරු […]

  • ජාතික විධායක කමිටුවේ අද වාර්තාව ( වීඩියෝ) Read more >

    ජාතික විධායක කමිටුවේ අද වාර්තාව ( වීඩියෝ)

    (පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස් වධ දී මියයාමට අතහැර දැමීමෙන් පසු) ජාතික විධායක කමිටුව අද රුස්වී ගත් තිරණ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා වීඩියෝ ප්‍රකාශයක් මගින් ප්‍රසිද්ධ කර තිබේ. එම ප්‍රකාශයට අනුව දින සියයේ වැඩ පිලිවෙළ සාර්ථක කර ගැනීමට හැති යැයි කම්ටුව විශ්වාශ කරන බවත් පසුගිය කාලයේ සිදු වූ පැහඅර ගඅනීම් සහ අතුරුදහන්වීම් සම්බන්ධයෙන් කඩිනම් […]

  • හෙට ප්‍රමාද වැඩියි – රංජිත් හේනායකආරච්චි Read more >

    හෙට ප්‍රමාද වැඩියි – රංජිත් හේනායකආරච්චි

    කිසි දිනෙක සෙලවිය නොහැකි බලයක් ලෙස පෙනී සිටි මහින්ද කල්ලියේ බලය එහි විරුද්ධවාදීන්වත් එමෙන්ම මේ රටේ ජනතාවවත් මේ අයුරින් පෙරලා දැමිය හැකි යැයි නොසිතූ ආකාරයකින් මහින්දලා අතින් බලය ඉවතට ගෙන දැන් සති 2 ක් ඉක්ම ගොසිනි. බලය පෙරලීමට මුල්වූයේ යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය මත පාලනය සහ දූෂණය වැනි හේතූන්ය. අලුතින් බලය අතට ගත් අය දැන් ඔවුන්ගේ […]

  • රන් ජාවාරම: ශිරන්ති රාජපක්ෂට එරෙහිව වාස් ගුණවර්ධන බිරිඳ අල්ලස් කොමිසමට Read more >

    රන් ජාවාරම: ශිරන්ති රාජපක්ෂට එරෙහිව වාස් ගුණවර්ධන බිරිඳ අල්ලස් කොමිසමට

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වූ ශිරන්ති රාජපක්ෂට එරෙහිව  නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට පැමිණිලි කර තිබේ. තිබේ. නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මේ වන විට සිටින්නේ මිනි මැරුමක් සම්බන්ධයෙන් සැක පිට රිමාන්ඩ් බන්ධනාගාරයේ ය. ඇයගේ පැමිනිල්ලෙන් කියවෙන්නේ හිටුප ජනාධිපති රාජපක්ෂ බිරිද රුපයල් කෝටි 500ක  නිති විරෝධී රත්තරන් ගනු දෙනුවකට සම්බන්ද […]

  • මැතිවරණ ක්‍රමය වෙනස් නොකලොත් ‘හොරු සමඟ හෙළුවෙන් ‘ Read more >

    මැතිවරණ ක්‍රමය වෙනස් නොකලොත් ‘හොරු සමඟ හෙළුවෙන් ‘

    ( හොරු පිසදා හරින්න නම් ක්‍රමය වෙනස් කරන්න) ටී.එම්.ප්‍රේමවර්ධන විසිනි– කෙතරම් නරක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වුවත් හොඳ මිනිසුන් අතට පත් වූ විට සිදුවිය හැකි හානියට වඩා, කෙතරම් හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වුවත් නරක මිනිසුන් අතට පත් වූ විට සිදුවිය හැකි හානිය වැඩි විය හැකිය“ – ආචාර්ය අම්බෙඩ්ස්කාර්- මේ අනුව හොඳ මිනිසුන් අතට බලය ලබා දීම ඉතා වැදගත් […]

  • ජනාධිපතිවරයකු යනු රජකු නොවන බවද, යටත්වැසියන් නොවන අපි පුරවැසියන් බවද Read more >

    ජනාධිපතිවරයකු යනු රජකු නොවන බවද, යටත්වැසියන් නොවන අපි පුරවැසියන් බවද

    මහින්ද අපට ඉගැන්වූ දේ.. හිටපු ජනාධිපතිතුමනි, වතුර ඉල්ලා වෙඩි කෑ රතුපස්වල මිනිසාගේ ලේ වන්දියෙ මිල , ධම්මික පෙරේරාගේ බැංකු ශේෂයට වඩා වැඩි බව ඔබ අපිට කියාදුන්නේය. ඇමොනියා වතුරෙන් පෙඟුනු පෙම්වතිය තුරුලු කොට, කාකි සපත්තුවෙන් බැට කෑ විශ්වවිද්‍යාලිය පෙම්වතා ගේ ආදරය, ග්‍රෙගරි වැවු තාවුල පර්සියන් අසු පිට සෙල්ෆී ගසන රෝහිතගේ ප්‍රේමයට වඩා පිවිතුරු බව ඔබ අපිට […]

  • ආරක්ෂක අමාත්‍යාංශ නිල වෙබ් අඩවියෙහි ගෝඨාභය තවමත් වැජබෙයි Read more >

    ආරක්ෂක අමාත්‍යාංශ නිල වෙබ් අඩවියෙහි ගෝඨාභය තවමත් වැජබෙයි

    (ගෝඨාභය තවමත් වැජබෙයි 25.01.2015) මෙයට පෙරද බොහා් දෙනෙකු පෙන්වා දී ඇති පරිදි ආරක්ෂක ලේකම් බස්නායක රාජපක්ෂ මතවදී ගැත්තකු බව ඔහු විසින් අධික්ෂනය කරන ආරක්ෂක අමාත්‍යාශයේ වෙබ් අඩවියෙන් පෙනේ. පසුගිය දා සිය ඇමැතිවරයා වන ජනාධිපති සිරිසේනගේ අනුමැතියක් නැතිව ගෝඨාභය රාජපක්ෂ සුද්ද කිරීම පිණිස ජනමාධ්‍ය නිවේදනයක් දුන්නේ ද මේ බස්නායකම ය.ඔහුට විරුද්ධව විනයානුකූල පියවර ගන්නා බවට කල […]

  • ඉල්ලං කෑමට පෙර හොර අග විනිසුරු පීරිස් පන්නන ජන බලය කැදවනු! – සුනන්ද දේශප්‍රිය Read more >

    ඉල්ලං කෑමට පෙර හොර අග විනිසුරු පීරිස් පන්නන ජන බලය කැදවනු! – සුනන්ද දේශප්‍රිය

    ( ඒ ජන බලය යළි කැඳවනු) හොර අගවිනිසුරු මොහාන් පිරිස් දැන් මෛත්‍රී – රනිල් ආන්ඩුව තුට්ටු දෙකකට දෑමිමට සැරසෙයි. තමා ඉල්ලා අස්වීමට කැමැති බව මෙම හොර දෙටුවා නව ආණ්ඩුවට දෙවරක්ම අඟවා සිටියේ පසුගිය දින දහය ඇතුළත ය. පළමුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිවේදියෝ පැවැත් වූ උද්ඝෝෂනය හමුවේ මොහාන් පීරිස් ඇඟවූයේ තමා පාප්තුමාගේ සංචාරයෙන් පසු ඉල්ලා අස්වන බවයි.ඉන් […]

Back to Top