Sri Lanka Brief
සුනන්ද දේශප්‍රිය

සුනන්ද දේශප්‍රිය

  • අගමැති වික්‍රමසිංහගේ ජනමාධ්‍ය සටන – සුනන්ද දේශප්‍රිය Read more >

    අගමැති වික්‍රමසිංහගේ ජනමාධ්‍ය සටන – සුනන්ද දේශප්‍රිය

    මෙයට මසකට පමණ පෙර අගමැති වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙහිදී මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගේ නම් සඳහන් කරමින් ගෙම්බා, රීරි යකා වැනි වචනයෙන් බැණ වැදුණ විට එය එතරම් සැළකිය යුතු කාරණයක් ලෙස පෙනුනේ නැත. මන්ද යත් ඔහුගේ විවේචනයෙහි සාධාරණත්වයක් පෙනෙන්නට තිබූ නිසාත් වික්‍රමසිංහ මාධ්‍ය නිදහසෙහි ආරක්ෂකයකු ලෙස යම් තරමක පිළිගැනීමක් පැවැති නිසාත්ය. නිදසුනක් ලෙස ඔහු අගමැති ධුරය හෙබවූ 2002 -2004 […]

  • 2016: තවත් මාධ්‍ය මර්දන කලු ජනවාරියක්ද? – සුනන්ද දේශප්‍රිය Read more >

    2016: තවත් මාධ්‍ය මර්දන කලු ජනවාරියක්ද? – සුනන්ද දේශප්‍රිය

    ( තවත් කලු ජනවාරියක් එපා! 2016 ජනවාරි) රාජපක්ෂ සමයෙහි නව වසරක් ඇරඹෙන ජනවාරි මාසය මෙරට ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදීනට බිය ජනක මාසයක් බවට පත්ව තිබුණි. ජනමාධ්‍ය ඝාතන, ජනමාධ්‍ය ආයතන ගිනි තැබීම් මෙන්ම එල්ල වූ ගර්ජන, තර්ජන සහ මර්දන යනාදියෙන් ජනවාරි මාසය පිරී තිබේ. එහෙයින්ම අපි රාජපක්ෂ සමයෙහි ජනවාරි මාසයට මාධ්‍ය මර්දනයේ කලු ජනවාරිය යැයි කීවෙමු. ආණ්ඩුව […]

  • අගමැති ගිය ඩාවෝස්, දුගීබව සහ අපි – සුනන්ද දේශප්‍රිය Read more >

    අගමැති ගිය ඩාවෝස්, දුගීබව සහ අපි – සුනන්ද දේශප්‍රිය

    අගමැති වික්‍රමසිංහ ලෝක ආර්ථික සමුළුවට සහභාගි වන ප්‍රථම ශ්‍රී ලාංකික අගමැතිවරයා ලෙස වාර්තාවක් තබා ඇතැයි යනුවෙන් ශිර්ෂ පාඨයක් වෙබ් මාධ්‍යයක පළ වී තිබුණි. අගැමතිවරයා තබා ඇතැයි කියන වාර්තාව කෙසේ වෙතත් මේ දිනවල ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වෙන එකි සමුළුව දැනටමත් ආන්දෝලනාත්මක එකක් බවට පත් වී තිබේ. ස්විස් හිම ක්‍රීඩා අපසුවක පැවැත්වෙන සමුළුවෙහි ආරම්භක සවුදිය පිරෙන්නටත් පෙරම […]

  • රාජ්‍ය මාධ්‍ය හීතල යුද්ධය සහ යහපාලන අනාගතය – සුනන්ද දේශප්‍රිය Read more >

    රාජ්‍ය මාධ්‍ය හීතල යුද්ධය සහ යහපාලන අනාගතය – සුනන්ද දේශප්‍රිය

    (නිළ ගීතය නිලමැසි නාදයක් වූ වග) 2002 -2004 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සහ ජනාධිපති කුමාරතුංග අතර වූ දේශපාලන සහජීවනය බිඳී යාමාට එක් හේතුවක් වූයේ රාජ්‍ය මාධ්‍ය කව්රුන් විසින් පාලනය කළ යුතු ද යන ප්‍රශ්ණය යි. අවසානයේ දී ජනමාධ්‍ය අමාත්‍යාංශය තමා යටතට ගත් කුමාරතුංග රාජ්‍ය මාධ්‍ය සිය පාලනයට නතු කර ගත්තා ය. පසුව ජවිපෙ, හෙළ උරුමය සහ […]

  • මෛත්‍රිපාල සිරිසේන අදුරු කුටියෙහි ප්‍රථම වසර අවසන් කරයි – සුනන්ද දේශප්‍රිය Read more >

    මෛත්‍රිපාල සිරිසේන අදුරු කුටියෙහි ප්‍රථම වසර අවසන් කරයි – සුනන්ද දේශප්‍රිය

    2015 ජනවාරි 9දා උදෑසන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් සැකපිට කුරුණෑගල පොල්වත්තක සිටිය දී අත් අඩංඟුවට ගත් ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම 09දා වන විට සිය අඳුරු කුටිය තුළ වසරක කාලයක් සම්පූර්ණ කරයි. හුදකලා කුටියක රඳවා සිටින ඔහු බැලීමට අවසර දී ඇත්තේ ඒ මහතාගේ බිරිඳට පමණි.  ඔහුගේ වැසිකිළය ද නිදන කාමරය ද සක්මන් මළුවද බවට […]

  • මාධ්‍ය නිදහස: මෙතැනින් කොතැනට ද? – සුනන්ද දේශප්‍රිය Read more >

    මාධ්‍ය නිදහස: මෙතැනින් කොතැනට ද? – සුනන්ද දේශප්‍රිය

    ජනවාරි විප්ලවයේ මුඛ්‍ය අරමුණක් වන යහ පාලනය ජනමාධ්‍ය ක්ෂෙත්‍ර යෙහි පිහිටවනු පිනිස අවශ්‍ය ජනමාධ්‍ය නිදහස පමණක් ප්‍රමාණවත් නැත. ජනමාධ්‍ය සංස්කෘතිය ප්‍රජාතන්ත්‍රීයකරණය ද ඒ සඳහා අත්‍යවශය වේ. මේ අදහස දෙස බලන්න: ‘මෙරට මාධ්‍ය නිදහස ඇති කිරීමට නම් කරුණු දෙකක් සම්පූර්ණ විය යුතු ය. අ). රාජ්‍යට අයත් ජනමාධ්‍යයන්හි අගතිගාමී නොවන වාර්තාකරණය ආ). පුද්ගලික හිමිකාරකම ඇති ජනමාධ්‍ය මාධ්‍ය […]

  • රාජපක්ෂ දේශපාලනය‘ මිනීමරුවන්’ සමඟ නිදිවැදීමද?  – සුනන්ද දේශප්‍රිය Read more >

    රාජපක්ෂ දේශපාලනය‘ මිනීමරුවන්’ සමඟ නිදිවැදීමද? – සුනන්ද දේශප්‍රිය

    හිටපු ජනාධිපති රාජපක්ෂ ඊයේ ( දෙසැ 22දා) වැලිකඩ හිර ගෙදරට ගියේ ය. ඒ දඩුවම් විදීමට නොවේ. ජනමාධ්‍ය වේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් ගාතනය කිරීම සම්බන්ධයෙන් සැක පිට බන්ධානාගාර ගත කොට සිටින යුදහමුදා නිලධාරීන්ට නීති උපදෙස් දීමට ය. ඔහු එම පිරිස් හදුන්වන ලද්දේ දේශපාලන සිරකරුවන් ලෙසය! ජනමාධ්‍ය වාර්තාවන්ට අනුව යුද හමුදාවට සම්බන්ධ පුද්ගලයින් විසින් පැහැර […]

  • මාධ්‍ය නිදහස සහ හිමිකරුවන්ගේ නිදහස (3) – සුනන්ද දේශප්‍රිය Read more >

    මාධ්‍ය නිදහස සහ හිමිකරුවන්ගේ නිදහස (3) – සුනන්ද දේශප්‍රිය

    2016 අයවැය සම්බන්ධයෙන් වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් දක්වන ලද විරෝධතාවයන් ආණ්ඩුවේ මහත් සැළකිල්ලට ලක් විය. අගමැති ඇතුලු මැති ඇමැතිවරු ගණනාවක්ම එම ප්‍රශ්ණ විසදීමට මැදිහත් වූ අන්දම අපි දුටුවෙමු. වෘත්තීය සමිති විසින් දියත් කරන ලද උද්ඝෝෂණයේ පදනම වූයේ වෘත්තීය අයිතිවාසිකම් ය. මෙම මැදිහත් වීම සිදුවන අතරවාරයේ වැඩවර්ජන දිනයට දින කිහිපයකට පෙර අයවැය සම්බන්ධ ජනමාධ්‍ය වැය ශිර්ෂය […]

  • ජනමාධ්‍ය ඇමැතිට මොකද ලෙඩේ?  සුනන්ද දේශප්‍රිය Read more >

    ජනමාධ්‍ය ඇමැතිට මොකද ලෙඩේ? සුනන්ද දේශප්‍රිය

    ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා දිගින් දිගටම කේවට්ට උපදේශකයින් නිසා ඇද ගෙනම නා ගනිමින් සිටීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයෙහි යහපාලනය ඔලුවෙන් සිටුවීමක් බවට පත්ව තිබේ. මුලිමන්ම ඔහු කිසිදු සොයා බැලීමකින් තොරව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංගමයට විරුද්ධව එහි කාර්යාල ගොඩනැගිල්ල පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළේ ය. එම කූට පියවර පසුපස සිටියේ ලේක්හවුසියේ කර්තෘවරුන්ගේ ද නමට කර්තෘවන පුද්ගලයා […]

  • රාජ්‍ය මාධ්‍ය ප්‍රතිසංස්කරණය සහ ජනාධිපති වගකීම (2) – සුනන්ද දේශප්‍රිය Read more >

    රාජ්‍ය මාධ්‍ය ප්‍රතිසංස්කරණය සහ ජනාධිපති වගකීම (2) – සුනන්ද දේශප්‍රිය

    වත්මන් රජය පසුගියදා කබරගොයා තලගොයා කර ගත් අප්‍රසන්න පුවතක් ජායාරූපයක් ද ඇතිව මාධ්‍යයෙහි පළවී තිබුණී. එහි දැක්වූයේ විජයානී එදිරිසිංහ නම් දිනමිණ කුලියට ලියන්නියට 2015 වසරේ හොදම ජනමාධ්‍යවේදිනිය ලෙස ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක විසින් ත්‍යාගයක් පිරි නමන අන්දමයි. රනිල් වික්‍රමසිංහ විසින් ජනමාධ්‍ය ඇමැති ලෙස පත් කරන ලද කරුණාතිලකට රාජපක්ෂ පාලනයේ කුලී ලියන්නන් සහ ඔවුන් විසින් ප්‍රජාතන්ත්‍රවාදී […]

  • මාධ්‍ය නිදහසේ කෝදුවක් ලෙස රාජ්‍ය මාධ්‍ය – සුනන්ද දේශප්‍රිය Read more >

    මාධ්‍ය නිදහසේ කෝදුවක් ලෙස රාජ්‍ය මාධ්‍ය – සුනන්ද දේශප්‍රිය

    ‘‘ආණ්ඩුවේ මාධ්‍ය අප දේශපාලන කර්යයන් සඳහා යොද ගෙන නැහැ. අතීතයේ අපේ කාර්යලයන් හී සේවය කරන නිලධරීන්ට පවා ආණ්ඩුවේ මාධ්‍යයන්හි දොරවල් වස දමා තිබුණා. පුද්ගලික මාධ්‍ය දැඩි පීඩනයකට ලක් කර තිබුණා. මාධ්‍යවේදීන් මරා දැම්මා. අතුරුදහන් කළා. අතපය කැඩුවා. මේ නිසා බොහෝ දෙනා රට හැර ගිය. සමහරු නිශ්ශබ්ද වුණා. තවත් අය හීලෑ වුණා.නමුත් අද ඒ නිදහසත් අප […]

  • ජනවාරි විප්ලවයට රුවලක් සවි කිරීමේ අභියෝගය –  සුනන්ද දේශප්‍රිය Read more >

    ජනවාරි විප්ලවයට රුවලක් සවි කිරීමේ අභියෝගය – සුනන්ද දේශප්‍රිය

    ( නෞකාව පදවනවා වෙනුවට එල්ලී යාම?) හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ.කේඩෑරි නොවූ නිරෝගිමත්ව ඇදී එන දල්ල, පැළය පුෂ්ඨිමත් බවට ලැබෙන මුල්ම ඉඟිය වේ. හවුල් ආණ්ඩුව, සමගි ආණ්ඩුව, සන්ධාන ආණ්ඩුව යන විවිධ නිමින් හැදින්වෙන මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ මුල් දලු කිසිවක් නිරෝගී ළකුණු පෙන්වා නැත. ඇත්තටම නම සමහරක් දලු කේඩැරී වී ගොසිනි. සමහරක් දලු මැස්සන් විසින් උරා […]

  • ශ්‍රී ලංකා සිවිල් සමාජය අභියස ටියුනීසියානු මොහොත! – සුනන්ද දේශප්‍රිය Read more >

    ශ්‍රී ලංකා සිවිල් සමාජය අභියස ටියුනීසියානු මොහොත! – සුනන්ද දේශප්‍රිය

    ( දෑ සමන් විප්ලවය) 2010 වසරේ දෙසැම්බර් මාසයේ ටියුනීසියාවේ දෑසමන් විප්ලවය ඇරඹුණි. අරාබි වසන්තය යන සුන්දර වදනින් ප්‍රචලිත වූ මැද පෙරදිග දේශපාලන මහෝගය සඳහා පෙර නිමිත්ත වූයේ එකී දෑසමන් විප්ලවයයි. දෑ සමන් එරට සුවඳවත් කැරෙන ජනප්‍රිය පැතිරුනු මලකි. ආරබි වසන්තය විප්ලවය ලිබියාවේදී සහෝදර ඝාතන කල්ලි යුද්ධයක් බවට ද ඊජිප්තු දී යුද්ධ අඥාදායක්ත්වයක් බවට ද යේමනයේදී […]

  • අනත්ර් ජාතික සහ දෙමළ බලපෑම හමුවේ වගවීමෙන් මඟ අරින්න ආණ්ඩුවට බැහැ – සුනන්ද දේශප්‍රිය

    එදා සිට අද දක්වාම ක්‍රියාකාරී දේශපාලනයේ හා ජනමාධ්‍යකරණයේ නිරත වෙමින් සිටින ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍ය වේදී සුනන්ද දේශප්‍රිය මහතා සමඟ ලංකා නිව්ස් වෙබ් අඩවිය සිදු කළ සාකච්ඡාවයි මේ,01.   අපි සරළ තැනකින් වගේම අතීතයෙන්ම පටන් ගමු.  සුනන්ද දේශප්‍රිය නම් වූ මාධ්‍ය වේදියා ස්වකීය මාධ්‍ය දිවිය ආරම්භ කළ අයුරු බොහොම කෙටියෙන් දැන ගන්න අපි කැමතියි. මට ඇත්තටම ඉස්කෝලෙ යන […]

  • පරණගම වාර්තාව: යුද අපරාධ චෝදනා විශ්වසනීය යි  –  සුනන්ද දේශප්‍රිය Read more >

    පරණගම වාර්තාව: යුද අපරාධ චෝදනා විශ්වසනීය යි – සුනන්ද දේශප්‍රිය

    හිටපු ජනාධිපති රාජපක්ෂ විසින් පත් කරන ලද මැක්ස්වෙල් පරණගම කොමිසමේ වාර්තාව ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධ කර ඇති බවට නැගෙන චෝදනා විශ්වසනීය බව ප්‍රකාශ කරයි. එමෙන්ම එම අපරාධයන්ට වගකිවයුතු යුද හමුදා ප්‍රධානීන්ට අපරාධ නඩු පැවැරිය යුතු බවත් වාර්තාව ප්‍රකාශ කරයි. ඒ අතරම වාර්තාව යුද මරණ සංඛ්‍යාව පොදුවේකියැවෙන 40,000ක් නොව 7,000ක් පමණ විය හැකි යැයි […]

  • පත්තරයකට ජනාධිපතිවරයෙක් අතුරුදහන් කරන්න පුළුවන් ද?  – සුනන්ද දේශප්‍රිය Read more >

    පත්තරයකට ජනාධිපතිවරයෙක් අතුරුදහන් කරන්න පුළුවන් ද? – සුනන්ද දේශප්‍රිය

    ( ප්‍රගීත් එක්නැළිගොඩ කාටූනයකි) පසුගිය දිනෙක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ටිකක් සැර කතාවක් කියා තිබුණි. ජනාධිපතිවරයා කියා තිබුණේ (ඩේලි මිරර් පුවත්පතට අනුව ) සමහර මාධ්‍ය ආයතන දැන් තමා දේශපාලන වශයෙන් අතුරුදහන් කරන්නට උත්හාස කරන බවයි. එය සැර කතාවක් වන්නේ රාජපක්ෂ භීෂණය අවසන් කොට මෙරට ජනමාධ්‍ය නිදහස තහවුරු කර ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය විවිර කිරීමට තීරණාත්මක දායකත්වය ලබා දුන් […]

  • ජවිපෙට සහාය දුන් සහෝදරවරුනි, දැන් කතා කරන්න! – සුනන්ද දේශප්‍රිය Read more >

    ජවිපෙට සහාය දුන් සහෝදරවරුනි, දැන් කතා කරන්න! – සුනන්ද දේශප්‍රිය

    ( මහා මැතිවරණ සමයෙහි ජවිපෙ වේදිකාවෙහි පෙනී සිටි වාමාංශික පිරිස්  –  ජායාරූපය. ජවිපෙ මුහුණු පොතෙනි) පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතා විමක්ති පෙරමුණ ප්‍රධාන විපක්ෂය බවට පත් කිරීමේ අරමුනින් දීර්ඝ කාලයක් මෙරට ප්‍රගතිශීලී ව්‍යාපාරයේ ඉදිරිපෙළ ක්‍රියාකාරීන් ලෙස කිර්තිමත් ඉතිහිසයක් තිබූ විශාල පිරිසක් ඊට සහාය පළ කළහ. ජවිපෙට සහාය දෙන ලෙස ඉල්ලා සිටි රුස්වීම්හි කතා පැවැත්වුහ. දැන්වීම්වල පෙනී සිටියහ. […]

  • ‘යුද අපරාධ වාර්තාවේ’ මේ කරුණු ඔබ දැන සිටියාද?- සුනන්ද දේශප්‍රිය

    වාර්තාව විස්තිර්ණය, වචන එක් ලක්ෂ තිස්දහස ඉක්මවන අතර ඉංග්‍රීසි බසින් ඒ 4 ප්‍රමාණයේ 261කි. තේමාත්මක පරිච්ඡේද එකළොසෙකි ශ්‍රී ලංකාවේ නූතන ඉතිහාසයෙහි අඳුරුතම යුගයක් පිළිබඳ වාර්තාව දැන් ලොව අබිමුවය. එනම් ශ්‍රී ලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන කමිටු වාර්තාව ය. එයට විවිධ නම් පටබැඳ ඇතත් මම එයට ජිනිවා වාර්තාව යැයි […]

  • ජාතික ආන්ඩුව කොයිබට ද? – සුනන්ද දේශප්‍රිය Read more >

    ජාතික ආන්ඩුව කොයිබට ද? – සුනන්ද දේශප්‍රිය

    (රනිල් වික්‍රමසිංහ දෙලොවක් අතර © s.deshapriya) නව ආණ්ඩු සම්බන්ධයෙන් දින සිසයේ ස්වරණමය රීතිය යැයි කියමනක් තිබේ. ඉන් අදහස් කැරෙන්නේ ඕනෑම ආණ්ඩුවක් දින සිසයෙන් පසු කුණු වන්නට පටන් ගන්නා බවයි. ඊටම අදාළ තවත් කියමනකි. එනම් බලයට පත් වන ආණ්ඩු මහජනයා වන අපගේ ඒවා නොවන බවයි. එය අපගේ වන්නේ විපක්ෂයේ සිටින තුරු පමණය. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අප […]

  • ජවිපෙ සහ මායාදුන්නේ දුටු මායාව – සුනන්ද දේශප්‍රිය Read more >

    ජවිපෙ සහ මායාදුන්නේ දුටු මායාව – සුනන්ද දේශප්‍රිය

    හිටපු විගනාකාධිපති සරත්චන්ද්‍ර මායාදුන්නේ පදගතාර්ථයෙන් ම මහත්මයෙකි. ඔහු අද තමාට හිමි වූ ජනතා පෙරමුණේ ජාතික ලැයිස්තු මංත්‍රී ධුරයෙන් ඉවත් විය. එම තීරණයට හේතු වශයෙන් ඔහු දක්වා ඇත්තේ මහාජනයාගේ වැරුද්ද ය. එම ප්‍රකාශය කියවූ මට 1971 කැරැල්ල පරාජය වෙමින් තිබියදී මා සමඟ අත් අඩංඟුවට පත් හිඟුරක්ගොඩ ‘සකළයා’ මතක් විය. අප තිදෙනෛකු පොලීසියට අල්ලා දන්නේ මා පියා […]

  • ජනාධිපති සිරිසේනගේ ලියුම සහ දේශපාලන වහලුන්ගේ පරාජය –  සුනන්ද දේශප්‍රිය Read more >

    ජනාධිපති සිරිසේනගේ ලියුම සහ දේශපාලන වහලුන්ගේ පරාජය – සුනන්ද දේශප්‍රිය

    රාජපක්ෂගේ දරදඩු පාලනයේ වහල්භාවයෙන් ගැලවීමට අවස්ථාවක් ලබා දී ඇතත් තවමත් වහලුන් ලෙස සිටීමට ලොල්වූවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් හදුන්වන ලද රාජපක්ෂ හෙංචයියන් සිය පරාජය දැන් බාර ගෙන තිබේ. ජනාධිපති සිරිසේන විසින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වීමට එක් දිනක් තිබියදී මහින්ද රාජපක්ෂ වෙ යවන ලද විවෘත ලිපිය එකී නියත පරාජය […]

  • ඇමෙරිකානු වලිගයේ එල්ලී රාජපක්ෂ ‘ගොඩයෑම’! – සුනන්ද දේශප්‍රිය Read more >

    ඇමෙරිකානු වලිගයේ එල්ලී රාජපක්ෂ ‘ගොඩයෑම’! – සුනන්ද දේශප්‍රිය

    ෂෝක්! රාජපක්ෂවරු දැන් සිය පිහිට පතා ඇමෙරිකානු වලිගයේ එල්ලී සිටිති. දෙව්ලොව යෑමට අලි වලිගයේ එල්ලුනු ගමරාළ මෙන් මෙවර රාජපක්ෂ සනුහරයම වෙනුවෙන් ඇමෙරිකානු වලිගයේ එල්ලී ඇත්තේ යුද්ධ හමුදාවෙන් ඉවත් වී සිය යහපත් ජිවිතයක් ගත කරනු පිනිස ඇමෙරිකාවට පලා ගිය ගෝඨාභය රාජපක්ෂ ම ය. එකී හාස්‍ය ජනක ජනප්‍රවාදයට අනුව දෙව්ලොව යනු වෙනුවට ගමරාළට සිදු වූයේ අලි වලිගය […]

  • ‘ජනවාරි විප්ලවය’ මෙතැනින් කොතැනට ද? – සුනන්ද දේශප්‍රිය

    විප්ලවය සැම විටම එහි දරුවන් ගිල දමන්නේ යැයි කියමනක් තිබේ. සෑම විට ම සත්‍ය නොවූවද එම කියමන සමාජ පෙරළියක කොටස්කරුවන් වන ප්‍රතිවිරෝධී බලවේග අතර නායකත්වය සඳහා ඇතිවන මාරක අරගලය සංකේතවත් කරයි. විප්ලවයේ ජයග්‍රහණයේ පදනම වන පුළුල්තම බලවේගයන්හි එකමුතුව, අවසානයේ දී නිවැරදි කළමණාකරණයක් නැතිව ගියහොත් විප්ලවයේ මාරකය බවට පත්වීමට ඉඩ තිබේ. දැන් පහළ වෙමින් ඇත්තේ එවැනි […]

  • පිදුරු ගස්වල එල්ලී රාජපක්ෂලාට ගොඩ යා හැකි ද? – සුනන්ද දේශප්‍රිය Read more >

    පිදුරු ගස්වල එල්ලී රාජපක්ෂලාට ගොඩ යා හැකි ද? – සුනන්ද දේශප්‍රිය

    ගිලෙන්න යන මිනිහාට පිදුරු ගහත් ගහකි. අද රාජපක්ෂ පරම්පරාවට සහ රාජපක්ෂ වහලුන්ට සිදුව තිබෙන්නේ ගලා ගෙන එන දූෂණ භිෂණ විරෝධී ප්‍රවාහයෙන් බේරෙනු පිනිස එල්ලෙන්නට පිදුරු ගස් සොයමින් කැ ගැසීමට ය. එකක් පසු පස එකක් බැගින් දිග හැරෙන රාජපක්ෂ දූෂණ වැල හමුවෙහි දිනක් පාසා බියපත් වෙමින් සිටින රාජ පරම්පරාව සහ එහි යටහත් වහල්ලු දැන් දිනක් පාසා […]

  • නොගිය ගමනක කටු සටහන – සුනන්ද දේශප්‍රිය Read more >

    නොගිය ගමනක කටු සටහන – සුනන්ද දේශප්‍රිය

    (සන්ධ්‍යා, එස්තෙලා සහ ජමීනා (C) සුනන්ද දේශප්‍රිය) මෙම සටහන ලිවීම පටන් ගන්නා අදට එනම් අප්‍රේල් 13දාට හරියටම මසකට පෙර උදෑසන 9.00 වන විට මා ක්ෂමා ජාත්‍යන්තරයේ වැඩ මුළුවකට යා යුතුව තිබුණි. ඒ මානව හිමිකම් කවුන්සිලයේ මාර්තු සැසිවාරයට සහභාගිවීමට පැමිණ සිටි ජමීනා සිත්ති සහ සන්ධ්‍යා එක්නැළිගොඩ යන දිරිමත් සහ අධිශ්ඨානශීලී ස්ත්‍රීන් දෙදෙනාගේ අදහස් ඉංග්‍රිසියට පෙරළා වැඩ […]

  • ජෙයකුමාරි, ශෂී විරවංශ, සින්නතම්බි උදේනි සහ ශිරන්ති රාජපක්ෂ – සුනන්ද දේශප්‍රිය Read more >

    ජෙයකුමාරි, ශෂී විරවංශ, සින්නතම්බි උදේනි සහ ශිරන්ති රාජපක්ෂ – සුනන්ද දේශප්‍රිය

    ලෝක කාන්තා දිනය ගෙවී ගියේ ය. ජෙයකුමාරි බාලේන්ද්‍රන් මාර්තු 08 දා වන විට දින 360ක් සිර ගතව සිට තිබුණි. ඇය මවක සහ මානව හිමිකම් ක්‍රියාකාරිනියකි. කන්තා දිනයෙන් දෙදිනකට පසු ජෙයකුමාරි බාලෙන්ද්‍රන් ඇප සහ කොන්දේසි පිට නිදහස් කෙරැණි. ඒ වන විට ඇය 362ක්ම ඇය රැඳවා තිබුනේ කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකර ය. අධිකරණය හමුවෙහි පොලීසිය දිගටම කියා […]

Back to Top