Sri Lanka Brief
සිවිල් සමාජය

සිවිල් සමාජය

  • විද්‍යා මේ ඔබ ගැන මතකයයි: ඇගේ ගුරුතුමා ලියූ සැමරුම් සටහනක් Read more >

    විද්‍යා මේ ඔබ ගැන මතකයයි: ඇගේ ගුරුතුමා ලියූ සැමරුම් සටහනක්

    (විද්‍යා වෙනුවෙන්් පාරට ආ ළමයි) 2010 වසරේ පුංකුඩුතිවු මහ විදුහලේ මගේ පන්තියට අලුතින් ළමයකු පැමිණ සිටින බව පාසලට ආ විගසම පන්තියේ සෙසු ළමයි මට දැනුම් දුන්හ. පන්තියේ අන්තිම පේලියේ වාඩිවී හුන් සිසුවිය අසුනින් නැගී සිටියේ බියට පත් වූ විලාසයකිනි. නම කුමක්දැයි ඇසූවිට ‘විද්‍යා’ යැයි හෙමින් උත්තර දුන්නාය. ඉංග්‍රිසි නම් විද්‍යා යැයි සිසු සිසුවියන් කියන තරමට […]

  • බල්ලන් මොනතරම් බිරුවත් තවලම ඉදිරියට යනවා – නීතිඥ ජේ.සී. වැලිඅමුණ

    මුල්‍ය විමර්ශන කොට්ඨාසයට ගහන්නෙ  පදනමක් නැතුවයි ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයකු වන නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා සමඟ කාලීන දේශපාලනයට අදාළ මාතෘකා කිහිපයක් සාකච්ඡාවට භාජනය කරමින් “සිළුමිණ” පැවැත්වූ සංවාදයකි මේ. ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමෙන් වළකින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ලබාදුන්, තීන්දුව ගැන ප්‍රබල සංවාදයක් රටේ ඇතිව තියෙනවා. නීතිඥයකු හැටියට ඔබ මේ කාරණය කියවන්නේ මොන විදිහටද? මෙහෙමයි. දූෂණයට එරෙහිව […]

  • මංගල සමඟ ගමනක; සුන්දර සිහිනයේ ඇති අවධානම  – නිලන්ත ඉලංගමුව Read more >

    මංගල සමඟ ගමනක; සුන්දර සිහිනයේ ඇති අවධානම – නිලන්ත ඉලංගමුව

    විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර මහතා නව පක්ෂ කාර්යාලයක් විවෘත කරනු ලැබීය. ඒ පසුගිය 19 වැනිදාය. දකුණේ සිරිකොත බඳු වූ එම ස්ථානය නව දේශපාලන ගමනක ආරම්භයක් බව , අදාළ ස්ථානයේ වටපිටාව සහ ඊට එක් වූ ජනතාව දෙස බැලීමේදී දක්නට ලැබිණි. ඊට එක් වූ ඇතැම් පාක්ෂිකයින් සතුව මීළඟ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් තිර […]

  • ශ්‍රීලංනිප තුන් කොන් සටන සහ යහ පාලන අනාගතය – සුනන්ද දේශප්‍රිය Read more >

    ශ්‍රීලංනිප තුන් කොන් සටන සහ යහ පාලන අනාගතය – සුනන්ද දේශප්‍රිය

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දේශපාලන වශයෙන් සහාය දක්වන කණ්ඩායම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය දක්වන කණ්ඩායම සහ පක්ෂයේ නාමයෙන් ජනාධිපති සිරිසේනට කකුල් මාට්ටු දමන කණ්ඩායම වශයෙන් ශ්‍රීලංනිපය දැන් පැහැදිළිව කොටස් තුනකට කැඩී තිබේ. මෙම කණ්ඩායම් තුන අතරින් තෙවැනිව කී කණ්ඩායම එනම් නිමල් සිරිපාල, සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා යනාදීන් ජනාධිපති සිරිසේන […]

  • පූංකුඩුතිව් සිසුවිය වෙනුවෙන් ‍යුක්තිය ඉල්ලා කල සටන, ප්‍රචණ්ඩ බවට පත් කළේ කව්ද? – මාවෙයි සේ්නාදිරාජා Read more >

    පූංකුඩුතිව් සිසුවිය වෙනුවෙන් ‍යුක්තිය ඉල්ලා කල සටන, ප්‍රචණ්ඩ බවට පත් කළේ කව්ද? – මාවෙයි සේ්නාදිරාජා

    (කළහකාරී පිරිස් අධිකරණයට ද පහර දුන්හ) පූංකුඩුතිව් සිසුවියට යුක්තිය ඉල්ලා සිටිමින් 2015.05.20 දින පෙරවරුවේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පවත්වන සාමකාමි විරෝධතාවයට සහභාගි වන ලෙස දෙමළ ගුරු සංගමය, යාපනය ව්‍යාපාරකයින්ගේ සංගමය, විශ්ව විද්‍යාල ප්‍රජාව, ශිෂ්‍ය සහ තරුණ සංවිධානය විසින් විවෘතා ආරධනාවක් කර තිබුණි. ඉන් පසු, විවිධ ක්‍ෂේත්‍ර වලට අයත් විද්වතුන්, ආගමික නායකයින්, ගුරුවරු, සිසුන්, කාන්තාවන් […]

  • දස දහස් ගණනින් යුද බිමේ මියගිය දෙමළ ජනයා උතුරු නැගෙනහිර පුරා අනුස්මරණය කෙරේ Read more >

    දස දහස් ගණනින් යුද බිමේ මියගිය දෙමළ ජනයා උතුරු නැගෙනහිර පුරා අනුස්මරණය කෙරේ

    මිට වසර හයකට පෙර මැයි 19දා අවසානයකට පැමිණී ශ්‍රී ලංකාවේ යුද්ධයේ දී මිය ගිය දහ දහස් ගණනාවක් වන දෙමළ ජනයා අනුස්මරණය කැරෙන උත්සව මාලාවක් අදින් ( මැයි 18) අවසන් වූ සතිය තුළ උතුරු නැගෙනහිර පුරා පවත්වන ලදී. අවසන් යුද ගැටුම පැවැති මුල්ලිවයික්කාල්හි පවත්වන්නට නියමිත වූ සමරු උත්සවයකට එරෙහිව පොලිසිය තහනම් අධිකරණ නියෝගයක් ගෙන තිබුණ ද […]

  • ඉහළ අධිකරණ විනිසුරුවරුන් ඉල්ලා අස්වි 19 ට ඉඩ දෙන්න – පුරවැසි බලය Read more >

    ඉහළ අධිකරණ විනිසුරුවරුන් ඉල්ලා අස්වි 19 ට ඉඩ දෙන්න – පුරවැසි බලය

    19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් නීතිගත වී ඇති බැවින් එයට අනුව රටේ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කළයුතු යැයි පුරවැසි බලය කියා සිටී. ඒ අනුව ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ එම ධූරවලට සුදුසු ගෞරවනීය පුද්ගලයන් පත්කර ගැනීම සඳහා ඉඩ ප්‍රස්ථාව සලසා […]

  • ඒකාධිපති රාජ්‍ය රටාවක් ප්‍රජාතන්‍ත්‍රකරණය: ලංකාව ඉගෙන ගත යුතු පාඩම් – රංජිත් හේනායකආරච්චි Read more >

    ඒකාධිපති රාජ්‍ය රටාවක් ප්‍රජාතන්‍ත්‍රකරණය: ලංකාව ඉගෙන ගත යුතු පාඩම් – රංජිත් හේනායකආරච්චි

    යම්කිසි රටක රාජ්‍ය බලය ඒකාධිපති හෝෆැසිසිට් කල්ලියක් තම ග්‍රහණයට යටපත් කරගෙන තිබූ පසු ඔවුන් විසින් හිතුවක්කාරී ආකාරයෙන් ඇතිකරන රාජ්‍ය ආයතන සහ නිලධර ස්ථර ක්‍රියාත්මක වන්නේ බලය ඩැහැගෙන සිටි කණ්ඩායමේ සුවච කීකරු දාසයින් අයුරිනි. එමෙන්ම යම් රටක මෙවැනි කල්ලියක් බලය ඩැහැගෙන ඔවුන්ගේ අයෝමය හස්තය තුල කොපමණ කාලයක් එම රට තබාගනු ලැබුවාද යන්න මෙම ආයතන සහ නිලධර […]

  • එක්සත් ජාතීන්ගේ අතුරුදන්වූවන් පිළිබඳ සෙවීමේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට . Read more >

    එක්සත් ජාතීන්ගේ අතුරුදන්වූවන් පිළිබඳ සෙවීමේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට .

    ( අතුරුදහන් වූ කාටූන් ශිලිපි ප්‍රගීත් එක්නැළිගොඩ) බලහත්කාරයෙන් හෝ අකමැත්තෙන් අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සිදු කරන සංචාරය මේ වසරේ අගෝස්තු මාසයේ දී සිදු කරන බව තහවුරු කර ඇත. ඒ අනුව විශේෂඥයින් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අගෝස්තු මස 03 වනදා සිට 12 වනදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත ය. මෙම […]

  • අලූත් ව්‍යවස්ථාවක් ගැන සාකච්ඡා පුරවැසියන් පටන්ගත යුතුයි – ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

    ජනවාරි 8දා පටන්ගත්තේ සම්පූර්ණයෙන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කියලා. ඒත් 19වැනි සංශෝධනය නැවතුණේ ඊට මෙහායින්. ඒ දක්වා ආ ගමන් මාර්ගය කොහොමද? මැතිවරණ කාලේ වෙනකොටම මුල් අදහසට සීමා වැටෙන්න පටන් ගත්තා. වමේ පක්‍ෂ හා පුරවැසි ව්‍යාපාර පෙනීහිටියේ සම්පූර්ණ යෙන්ම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකරන්න. නමුත් පුළුල් දේශපාලන සහයෝගිතාව හැදෙන කොට සීමා වැටුණා. හෙළ උරුමයට වුවමනා වුණේ […]

  • මට පහරදීම වාසුදේව අනුමත කරන බවක් පේනවා – ආචාර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි Read more >

    මට පහරදීම වාසුදේව අනුමත කරන බවක් පේනවා – ආචාර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි

    තමාට සහ ආචාර්‍ය කුමුදු කුසුම් කුමාරට සිය මැයි රැළියේ දී පහර දීම සම්බන්යෙන් වාසුදේව නානායක්කාර විසින් නිකුත් කරන ලද පුවත් පත් නිවේදනය මගින් එම ප්‍රහාරය ඔහු විසින් ද අනුමත කරන බවක් පෙනෙන්නේ යැයි ආචර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි වාසුදේව ඔහුගේ පුවත් පත් නිවේදනයෙන් කියා ඇත්තේ ‘ ඉඩ ලද සෑම අවස්ථාවකම ආචාර්‍ය දේවසිරි මහින්ද රාජපක්ෂට පැසිස්ට්වාදියකු […]

  • වතුර බෝතලයෙන් වෙඩි තැබීම සහ වාසු-විමල් ප්‍රචන්ඩත්වය – සුනන්ද දේශප්‍රිය Read more >

    වතුර බෝතලයෙන් වෙඩි තැබීම සහ වාසු-විමල් ප්‍රචන්ඩත්වය – සුනන්ද දේශප්‍රිය

    වීන ඔත්තු සේවා ඒජන්තයින්ට රජයේ විරුද්ධවාදින් යැයි සැළකුණු පිරිස් නොදැනෙන පරිදි ඝාතනය කිරීම පිණිස සුවිශේෂ ඉදිකටු වර්ගයක් සියම් බටයක අධාරයෙන් ඉතා වේගයෙන් විදීමට පුහුණු කර තිබූ බව කියනු ලැබේ. ඇමෙරිකානු සිඅයිඒ ඔත්තුකරුවෝ නයි විශ විදින පිස්තෝල ද ආසනික් වස පෙවූ මුදු ද සිය විරුද්ධවාදීන් ඝාතනයට යොදා ගත්හ. රුසියානු රාජ්‍ය ඔත්තුකරුවෝ 2006 තරම් මෑතදීත් විකිරණ විස […]

  • මහින්දගේ වෛර දේශපාලනය සහ මෛත්‍රී ගේ දේශපාලන අනාගතය – ආවාර්ය කුමුදු කුසුම් කුමාර

    මහින්ද රාජපක්ෂ පිළේ කිරුලපනේ මැයි රැළිය නරඹන්නට ගිය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිටත් මටත් විඳින්නට සිදු වූ අත්දැකීම දැන් මහජන කතිකාවේ මාතෘකාවක් බවට පත්ව ඇත. රැළිය නරඹමින් අප රැඳී සිටියේ රැස්වීම පැවති භූමියෙන් පිටත පදික වේදිකාවෙහිය. එයද විනාඩි කිහිපයකට පමණි. ඉන් අනතුරුව අපි පැමිණි දිශාවට ආපසු යාමට පිටත් වුනෙමු. එවිට සැණෙකින් අප මැදිවුනේ “මහින්ද මහත්තයා විනාශ […]

  • අපටත් දීපාවලි එනවා, තයිපොන්කල් එනවා ඒත්?- දෙමළ කතුවරයකුගෙන් ජනපති සහ අගමැතිට විවෘත ලිපියක් Read more >

    අපටත් දීපාවලි එනවා, තයිපොන්කල් එනවා ඒත්?- දෙමළ කතුවරයකුගෙන් ජනපති සහ අගමැතිට විවෘත ලිපියක්

    (අපටත් දීපාවලි එනවා, තයිපොන්කල් එනවා – අපේ් දරුවන් නිදහස් කරන්නේ නැත්ද?) නඩරාජා ගුරුපරන්ල කර්තෘ ග්ලෝබල් ටැමිල් නිව්ස් විසිනි. අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමනි,. අතිගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමනි,. යහපාලකයනි! “වෙනස“ සිඳුවී දින 100කින් පසු මෙලෙස ලිපියක් ඔබ වෙත ලිවීමේ අවශ්‍යතාවයක් ඇතිවී තිබේ. ජනතාවගෙන් ඔබ වෙත ඉංග්‍රීසි භාෂාවෙන් හෝ සිංහල භාෂාවෙන් ලැබෙන ලිපි ඔබද ඔබගේ සහකරුවන්ද […]

  • රාජපක්ෂ කල්ලිය සැරසෙන නාඩගම කුමක්ද? – රංජිත් හේනායකආරච්චි Read more >

    රාජපක්ෂ කල්ලිය සැරසෙන නාඩගම කුමක්ද? – රංජිත් හේනායකආරච්චි

    ‘එනපොට හොඳ නැත කෙල්ල ගෙට ගන්’ කියා ගැමි වහරේ කියවෙන්නේ මතුවෙමින් තියෙන තත්වය අවදානම් බව පෙනෙන විට එයට එරෙහිව වහාම ක්‍රියාත්මක විය යුතුය යන්න හැඳින්විම සඳහායි. මහින්ද රාජපක්ෂ නැවත බලයට ගෙනඒම සඳහා හඬ දෙන හොරණෑ සහ ඒ පිළිබඳව වැඩපිලිවෙලවල් විවිධ මුහුණුවරින් නැවත නැවත මතුවෙමින් පවතී. පැරණි මහින්ද රෙජීමයේ සිටි විවිධ තරාතිරම්වල කොටස් නේක අයුරින් රටේ […]

  • ‘ජනපති සිය ස්ථාවරය හෙළි කළ යුතුයි’ – සුනන්ද දේශප්‍රිය Read more >

    ‘ජනපති සිය ස්ථාවරය හෙළි කළ යුතුයි’ – සුනන්ද දේශප්‍රිය

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපතිවරයා එකිනෙකා හමුවන්නේ එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමට නම් එය ජනවාරි අට වැනිදා වත්මන් ජනාධිපතිවරයාට ලැබුණු ‘ජන වරමට පිටුපෑමක්’ බව දේශපාලන විශ්ලේෂකයෙක් පවසයි. වසර දෙකක් යන තුරු ප්‍රධාන පක්ෂ දෙක ම එක් වී ජාතික ආණ්ඩුවක් පවත්වා ගෙන යාම මැතිවරණ පොරොන්දුවක් වූ බවත් ඒ සඳහා ලැබී තිබෙන ජන වරම ඉතා පැහැදිලි […]

  • 19 වන සංසෝධනය: රාජපක්ෂ වහලුන්ගේ පරාජය – සුනන්ද දේශප්‍රිය

    මෛත්‍රී – රනිල් ආන්ඩුවේ 19වන සංසෝධනය සහාය නොදෙන බවට කටමැත දොඩවමින් සිටි රාජපක්ෂවාදී මංත්‍රී ‘වහලුන්’ කණ්ඩායමට පසුගිය 29දා ඊට විරුද්ධ වීමට ධෛර්‍යක් නැතිව ගියේ ය. ඒ වනාහී මැත කාලීන ශ්‍රී ලාංකික දේශපාලනය දුටු මාහැඟි ජයග්‍රහණයක අමිල මොහොතකි. 19වන සංශෝධනය පාර්ලිමේන්තුව මගින් සම්මත කිරීමේ ඇත්ත ජයග්‍රහණය රඳා පවතින්නේ එය ලද වැඩි ජන්ද ප්‍රමාණයෙහි නොව ඊට විරුද්ධව […]

  • නිර්මාල් රංජිත්ට පහරදීම: විරුද්ධ මතධාරීන්ට පහර දෙන්නට  දඬුවම් කළ යුතුය- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය Read more >

    නිර්මාල් රංජිත්ට පහරදීම: විරුද්ධ මතධාරීන්ට පහර දෙන්නට දඬුවම් කළ යුතුය- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

    (නිවේදනයකි) 2015 ලෝක කම්කරු දිනය සමරා විමල් වීරවංශ මහතාගේ පක්‍ෂය සහ හිටපු ජනාධිපතිවරයාට සහයෝගය දක්වන අනෙකුත් පක්‍ෂ හා කණ්ඩායම් කිහිපයක් එක්ව කිරුළපන, ලලිත් ඇතුලත්මුදලි පිටියේ පැවැත්වූ මැයි දින රැුළියට සවන් දෙමින් සිටි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති, ආචාර්ය නිර්මාල් රංජිත් දෙවසිරි මහතාට ප‍්‍රහාරයක් එල්ල කිරීම දැඩි සේ හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, බලයෙන් […]

  • සුනිල් ජයසේකර ජනාධිපතිගේ සහකාර මාධ්‍ය අධ්‍යක්ෂ ධූරයට Read more >

    සුනිල් ජයසේකර ජනාධිපතිගේ සහකාර මාධ්‍ය අධ්‍යක්ෂ ධූරයට

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහකාර මාධ්‍ය අධ්‍යක්ෂ වරයා ලෙස ප්‍රකට මාධ්‍ය සංවිධාන නායකයෙක් මෙන්ම පුවත් පත් කතුවරයෙක් වූ සුනිල් ජයසේකර මහතා පත්කර තිබේ. පසුගිය 17 වෙනිදා ඔහු මෙම ධූරය බාර ගත් අතර ඊට පෙර ඔහු දරමින් සිටි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු තනතුරින් ඉල්ලා අස්විය. රාජපක්ෂ රෙජීමය මාධ්‍ය නිදහසේ ගහලයා ලෙස පසුගිය කාලයේ ක්‍රියා කරද්දී බොහෝ […]

  • එල්ටීටීඊ ය ද උතුරේ අතුරුදන්වීම්වලට වගකිව යුතුයි – ජනාධිපති  කොමිෂන් සභාව Read more >

    එල්ටීටීඊ ය ද උතුරේ අතුරුදන්වීම්වලට වගකිව යුතුයි – ජනාධිපති කොමිෂන් සභාව

    එල්.ටී.ටී.ඊ සංවිධානය උතුරේ යුද්ධමය වාතාවරණයක් පැවැති සමයේ සිදු වූ අතුරුදහන්වීම්වලට වගකිව යුතු යයි වැඩි දෙනෙකු ප‍්‍රකාශකර ඇති බව අතුරුදහන් වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පවසයි. එම කොමිෂන් සභාවට සාක්ෂි ලබා දුන් ජනතාවගෙන් 60%ක් පමණ එල්.ටී.ටී.ඊ සංවිධානය අදාළ සිද්ධීන්වලට වගකිව යුතු බවට ප‍්‍රකාශ කර ඇති බව එම කොමිෂන් සභාවේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතා ඉන්දීය පුවත්පතකට […]

  • නොගිය ගමනක කටු සටහන – සුනන්ද දේශප්‍රිය Read more >

    නොගිය ගමනක කටු සටහන – සුනන්ද දේශප්‍රිය

    (සන්ධ්‍යා, එස්තෙලා සහ ජමීනා (C) සුනන්ද දේශප්‍රිය) මෙම සටහන ලිවීම පටන් ගන්නා අදට එනම් අප්‍රේල් 13දාට හරියටම මසකට පෙර උදෑසන 9.00 වන විට මා ක්ෂමා ජාත්‍යන්තරයේ වැඩ මුළුවකට යා යුතුව තිබුණි. ඒ මානව හිමිකම් කවුන්සිලයේ මාර්තු සැසිවාරයට සහභාගිවීමට පැමිණ සිටි ජමීනා සිත්ති සහ සන්ධ්‍යා එක්නැළිගොඩ යන දිරිමත් සහ අධිශ්ඨානශීලී ස්ත්‍රීන් දෙදෙනාගේ අදහස් ඉංග්‍රිසියට පෙරළා වැඩ […]

  • ශ‍්‍රී ලංකාවේ නව නායකයා ඉදිරියේ ඇති භාරඳූර කාර්යභාරය ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කිරීම – ටයිම් සඟරාව Read more >

    ශ‍්‍රී ලංකාවේ නව නායකයා ඉදිරියේ ඇති භාරඳූර කාර්යභාරය ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කිරීම – ටයිම් සඟරාව

    ශ‍්‍රී ලංකාවේ නව නායකයා ඉදිරියේ ඇති භාරඳූර කාර්යභාරය ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කිරීම සහ මහ බලවතුන් සමනය කිරීම බව ‘ටයිම්‘ සඟරාව පසුගියදා ලිපියක් පළ කරමින් සඳහන් කළේය. පසුගිය අප්‍රේල් 09 වැනි දින ජනපති ‘ටයිම්‘ සඟරාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවෙන් පසු ටයිම්ස් සඟරාව පළ කළ ලිපිය පහත දැක්වේ. ‘ශ‍්‍රීලංකාවේ ජනාධිපතිතුමාගේ මෝටර් රථ පෙළ මාර්ගයේ රතු සංඥාවක් දුටු […]

  • ජඩ බලයට එරෙහිව ජනබලය 27දා සතර දිගින් කොළඹට Read more >

    ජඩ බලයට එරෙහිව ජනබලය 27දා සතර දිගින් කොළඹට

    ( ඒ ජන බලය යලිත් කැඳවමු) දූෂිතයන්, තක්කඩියන්, ජවාරම්කාරයන් සහ වංචනිකයන් ආරක්ෂා කිරීම සඳහා විපක්ෂය 19 ව්‍යවස්ථා සංශෝධනය ප්‍රාණ ඇපයට ගැනීමට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ලබන 27 වෙනිදා සංවිධානය කිරීමට පොදු අපේක්ෂකයා ගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ සිවිල් සහ වෘත්තීය සංවිධාන 40ක් තීරණය කර තිබේ. 19 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට එරෙහිව එක්සත් ජනතා නිදහස් […]

  • යහපාලනය සහ වූදිතයන් අත්අඩංගුවට ගැනීම – රංජිත් හේනායකආරච්චි

    යහපාලනය යනු සියලුම හොරුන්ට තමනගේ සිතැගි පරිදි නිදැල්ලේ හැසිරීමට ඉඩ හැරීම නොවන බව නොදන්නා කම යහපාලනය ගැන අබමල් රේණුවක වැටහීමක් නැති කමයි. විශේෂයෙන්ම රාජ්‍ය බලය, මුදල් බලය සහ නිල බලය සහිතව මහාපරිමාණ වංචා දූෂණ, අල්ලස් හා වෙනත් අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන අය යහපාලනයක් තුල ප්‍රථමයෙන්ම කළ යුතු වන්නේ අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියේ ඔහු හෝ ඇය […]

  • මහින්ද රාජපක්ෂ යළිත් කොරන්න ඉල්ලීම සහ සාධාරණ නයාගෙන් දරමිටි බැදීම! Read more >

    මහින්ද රාජපක්ෂ යළිත් කොරන්න ඉල්ලීම සහ සාධාරණ නයාගෙන් දරමිටි බැදීම!

    මෙත්සිරි අම්බලන්ගොඩ විසිනි ආන්ඩු කරන්න බැරි නම් ඉවත් වී යන ලෙසත් තමන් කෙරන හැටි දන්නා බැවින් කරලා පෙන්වන්න පුළුවන් බවත් මහින්ද රාජපක්ෂ 22දා ගම්පහ පෙදෙසේ පන්සලකදී පවසා තිබේ. ඔහු කරන්න බැරි නම් දීලා යන්න යැයි කියන්නේ බහුතර ජන්දයෙන් හය වසරකට ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේනට ය. රාජපක්ෂගේ මේ කතාව සිහි ගන්වන්නේ ‘ නයා සාධාරණ වූ විට […]

  • 19ට විරුද්ධ වෙන්නේ ජනමතයට විරුද්ධ වන අයයි; පුරවැසි බලය අවධාරණය කරයි Read more >

    19ට විරුද්ධ වෙන්නේ ජනමතයට විරුද්ධ වන අයයි; පුරවැසි බලය අවධාරණය කරයි

    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් නියෝජනය වන්නේ ජනතා අභිලාශයන් බවත් එයට විරුද්ධවන්නන් ජනමතයට විරුද්ධවන්නන් ලෙස හැඳින්විය හැකි බවත් “පුරවැසි බලය” සංවිධානය පවසයි. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීම යනු මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත විමේ පළමු පියවරක් ලෙස සලකන බවද එම සංවිධානය පෙන්වා දෙයි. දහනම වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන ලෙස හා විධායක ජනාධිපති ධූරය සම්පූර්ණයෙන්ම […]

  • දැයට කිරුළෙන් මහජන මුදල් ගිල දැමු   ඔයාමඩුව අද සොහොන් බිමක්! Read more >

    දැයට කිරුළෙන් මහජන මුදල් ගිල දැමු ඔයාමඩුව අද සොහොන් බිමක්!

    18 වැනි දැයට කිරුළ පැවැත්වීමට ඊට පෙළ ගැසුණු දේශපාලකයන් හා රාජ්‍ය කළමනාකරුවන් ඇතුළු නිලධාරීන් කැසපට කවද්දී දින සීයේ වැඩසටහන යටතේ රටට ජනතාවට, රුපියලක්‌ නොවටිනා නමුත් රුපියල් මිලියන 22,000 ක්‌ පමණ වැයකළ දැයට කිරුළ වැඩසටහන මෛත්‍රි පාලනයෙන් අහෝසි කර දැම්මේය. මේ යහපාලනයේ ආරම්භයයි. කිසියම් ප්‍රදේශයක සේවය කරන මාධ්‍යවේදීන් යනු පත්‍රයකට වාර්තාවක්‌ ලියන වාර්තාකරුවකු පමණක්‌ නොවේ. ප්‍රදේශයේ […]

  • මිලියන 142 ක් නොගෙවීම නිසා ශ්‍රිලනිපයට එරෙහිව ලංගමයෙන් නඩු Read more >

    මිලියන 142 ක් නොගෙවීම නිසා ශ්‍රිලනිපයට එරෙහිව ලංගමයෙන් නඩු

    පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණය ප්‍රචාරක රැලි සඳහා ලංගමයේ බස් රථ යොදා ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 142ක් අය විය යුතු බවත් එම මුදල් මේ වනතුරු ගෙවා නොතිබීම හේතුවෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමර්ග ගන්නා බව ඊයේ (10) මාධ්‍ය හමුවකට එක් වෙමින් ලංගමයේ සභාපති රමල් සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ”පසුගිය […]

  • අනුරගේ වගේම ගුණරත්නම්ගේ මතයත් ජනතාවට වැදගත් – උපුල් ශාන්ත සන්නස්ගල

    ස්‌වාධීන රූපවාහිනි සේවය ඔස්‌සේ විකාශය කරනු ලබන “සත්‍යාගාරය” වැඩසටහන පසුගිය සතියේ විකාශය නොවිණි. එදින සත්‍යාගාරයට පැමිණෙන දේශපාලන චරිතය සම්බන්ධයෙන් පූර්ව දැනුම් දීමක්‌ කර නොතිබූ අතර හිටි හැටියේම සත්‍යාගාරය විකාශය නතර කර තිබුණි. එය වාරණයට ලක්‌ වූවාද? අප මේ පිළිබඳව සත්‍යාගාරය මෙහෙයවනු ලබන උපුල් ශාන්ත සන්නස්‌ගලගෙන් විමසුවෙමු. මේ දිග හැරෙන්නේ අප ඔහු සමඟ කළ සංවාදයයි. කිසිදු […]

  • යහපාලන ආණ්ඩුව මුකුත් කරන්නේ නෑනේ“ මිනිස්සු කියන කතාව ඇත්තද ?  – මහාචාර්ය ජයදේව උයන්ගොඩ Read more >

    යහපාලන ආණ්ඩුව මුකුත් කරන්නේ නෑනේ“ මිනිස්සු කියන කතාව ඇත්තද ? – මහාචාර්ය ජයදේව උයන්ගොඩ

    “යහපාලන ආණ්ඩුව හරියට වැනෙනවා නේ“ යනු මෛත්‍රීපාල සිරිසේන මහතාට පසුගිය මැතිවරණයේදී ඡන්දය දුන්, මගේ අසල්වාසියෙකු ළඟදී මා සමග කළ ප්‍රකාශයකි. දූෂණයට එරෙහිව පියවර ගැනීම, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ සිරිසේන මහතා නායකයා වන ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් වන බහුවිධ න්‍යාය පත්‍ර යන මේවා දෙස බලන විට, මගේ අසල්වාසියාගේ ප්‍රකාශය නිවැරදිය. අලුත් ආණ්ඩුවේ ඇති පැහැදිලි අරමුණක් නොපෙනෙන දේශපාලන […]

Back to Top