Sri Lanka Brief
සිවිල් සමාජය

සිවිල් සමාජය

  • රංජන්ට ස්තුතියි – සුනන්ද දේශප්‍රිය Read more >

    රංජන්ට ස්තුතියි – සුනන්ද දේශප්‍රිය

    පාර්ලිමේන්තු මංත්‍රී රංජන් රාමනායකගේ් රඟපෑමේ චරිතය දේශපාලන චරිතය ඉක්මවා යන බව දැන් ප්‍රදර්ශනය වන ‘රංජන්පටි’ නාටකයෙන් පෙනේ. ප්‍රභාකරන් කී පරිදි දෙතුන් සතියකින් මේ පටි නාටකය අවසන් වී යන්නට බොහෝ ඉඩ තිබේ. කෙසේ වෙතත් ‘රංජන්පටි’ නාටකය ඉදිරිපත් කිරීම ගැන අප ඔහුට ස්තුතිවන්ත විය යුතු ය. ඒ් මන්ද යත් අප හැම දැන සිටි දෙයක් ඔහු විසින් සාක්ෂි සහිතව ඉදිරිපත් කරන […]

  • ‘මේක හම්බන්තොට උසාවිය” යැයි නීතිඥවරයෙක් අධිකරණයේදීම තර්ජනය කරයි! Read more >

    ‘මේක හම්බන්තොට උසාවිය” යැයි නීතිඥවරයෙක් අධිකරණයේදීම තර්ජනය කරයි!

    ජායාරූපය: වීදියේ විරෝධය කොලඹ පැවැත් වූ විරෝධතාවයක්ග ජූලි 2015. (c)s.deshapriya 2014 දෙසැම්බර් 21 දා ‘වීදියේ විරෝධය’ වැඩ සටහනට සහභාගිවීමට හම්බන්තොට නගරයට පැමිණි සංස්කෘතික කණ්ඩායමකට එල්ල කළ මැර ප්‍රහාරය පිළිබද නඩුව අද එනම් 2020 ජනවාරි 08 දා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයෙහි දී විභාගයට ගත් අවස්ථාවෙහි දී ‘මේක හම්බන්තොට උසාවිය’ යැයි එක් නීතිවේදියකු විසින් තර්ජනයක් කළ බව වාර්තා […]

  • කුඩා පක්ෂ අහොසිකර ගෝඨාභයට විධායක බලතල පැවරීමට ව්‍යවස්ථා සංසෝධනයක් Read more >

    කුඩා පක්ෂ අහොසිකර ගෝඨාභයට විධායක බලතල පැවරීමට ව්‍යවස්ථා සංසෝධනයක්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනා යටතේ ව්‍යවස්ථා සංසෝධන පනත් කෙටුම්පත් ඉදිරිපත් කර තිබේ. මෙම යෝජනා දැන් විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස නම්කර රජයේ ගැසට් පත්‍රයේ පළකර තිබේ. එම 21 වැනි සංශෝධනයෙන් මැතිවරණයකදී දේශපාලන පක්ෂයකින් හෝ […]

  • ඉදිරි කාලයෙහි සංඝ මාෆියාව අනෙකුත් සියලු මාෆියාවන්ට වඩා දරුණු වනුු ඇත – තිලක් දෙමටමල්පිටිය Read more >

    ඉදිරි කාලයෙහි සංඝ මාෆියාව අනෙකුත් සියලු මාෆියාවන්ට වඩා දරුණු වනුු ඇත – තිලක් දෙමටමල්පිටිය

    දෙවියන් පය නොතබන නැත  මෝඩයින් පිණුම් ගසන්නේ යැයි කියමණක් තිබේ. එළැඹ තිබෙන්නේ මෝඩයින් පිණුම් ගහනවා පමණක් නොව යක්ෂයා අඩව් අල්ලන  හෝරාවය. යක්ෂයාගේ හෝරාව තුළ ජාතිවාදය, ආගම්වාදය, දේශප්‍රේමය පමණක් නොව අන්තවාදය වැනි රටේ ඉදිරි ගමනට මෙන්ම සමාජයේ ප්‍රගමණයට කිසිසේත්ම හේතු නොවන කාරණා රැසක් ඉදිරිපත් වෙමින් තිබේ. මේ ආණ්ඩුව බලයට පත් කරන්නට කළ හැකි සියලුම ඇවිස්සීම් සිදු […]

  • 2020: ඇඟවීම් කිහිපයක්!  – සුනන්ද දේශප්‍රිය. Read more >

    2020: ඇඟවීම් කිහිපයක්! – සුනන්ද දේශප්‍රිය.

    ගංවතුරින් විතැන් වූ අනුරාධපුර ජන පිරිස්හි සුවදුක් බැලීමට ගිය ජනපති රාජපක්ෂ ‘චක්‍ර ලේඛන සහ අණ පනත් නෙසාළකා’ විපතට පත් ජනයාට සහය වන්නැයි කී බව වාර්තා කර තිබුණි. මේ වනාහී 2020ට ලිවිය හැකි හොඳම පෙරවදන ය. අණපනත් නැතිව කිසිදු කාර්යක් වගවීමක් ඇති පාරදෘශ්‍යබවකින් යුතුව කරගෙන යෑමට නොහැකිය. එවැනි කාර්ය පරිපාටියක් නැති විට තීන්දු තීරණ ගනු ලැබෙන්නේ […]

  • එන්ජී ඕ පාලනයට නව නීති ‌ගෙනඑන බව රාජපක්ෂවාදී වෙබ් අඩවියක් කියයි. Read more >

    එන්ජී ඕ පාලනයට නව නීති ‌ගෙනඑන බව රාජපක්ෂවාදී වෙබ් අඩවියක් කියයි.

    එන්ජී ඕ පාලනයට නව නීති . In Home, SinhalaDecember 23, 20191 Views Lanka Eyewitness Europe Correspondent ශ්‍රී ලංකාවේ සමාජ සේවා කටයුතු කරන බව කියමින් විදේශ රටවල් වලින් විවිධ මුදල් ආධාර ලබා ගෙන මෙරට දේශපාලන ආර්ථික හා සමාජ පරිසරය අවුල් කිරීමට ක්‍රියාකරන රාජ්‍ය නොවන සංවිධාන වලට වැට බැඳීමට ආණ්ඩුව තීරණය කර තිබේ . ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහාම නිර්මානය […]

  • සුදර්ශන ගුණවර්ධන වැලිකඩ සමූහ ඝාතනයේ සැකකරුවන් ‌‌වෙනුවෙන් උසාවි යයි! – ලැජ්ජයි ඕයි තමුසෙල ගැන! සුදේශ් නන්දිමාල් Read more >

    සුදර්ශන ගුණවර්ධන වැලිකඩ සමූහ ඝාතනයේ සැකකරුවන් ‌‌වෙනුවෙන් උසාවි යයි! – ලැජ්ජයි ඕයි තමුසෙල ගැන! සුදේශ් නන්දිමාල්

    වැලිකඩ සිරකරු ඝාතනය වූ කලී මෑත ඉතිහාසයේ මෙරට සිදුවූ දරුණුත ම සමූහ ඝාතන අතරට එක්වන්නකි. එය වඩාත් තිරශ්චීන එකක් වන්නේ රාජ්‍ය විසින් වගකීම් දැරිය යුතු නිරායුධ සිරගත පිරිසක් ආයුධ බලය යොදා නිරනුකම්ප සහ අනීතික ලෙස ඝාතනය කිරීම නිසාවෙනි. 2015 යහපාලන රජය බලයට පත්වීම කෙරෙහි බලපෑ සාධක අතර මේ සිදුවීම ද වඩා ඉහළින් තිබුණු බව රහසක් නොවේ. […]

  • ගෝටා යුදවාදී බිත්ති චිත්‍ර දිරිමත් කර ස්විස් තානාපති කාර්යාල නිලධාරීනිය ගැන මාධ්‍ය ආවරණය පසසයි. Read more >

    ගෝටා යුදවාදී බිත්ති චිත්‍ර දිරිමත් කර ස්විස් තානාපති කාර්යාල නිලධාරීනිය ගැන මාධ්‍ය ආවරණය පසසයි.

    ඡායාරූපය: රාජගිරිය පාලම යට මගී ආරක්ෂක කහ සහ කලු ඉරි මකා ඇඳ ඇති දසමහා යෝධයෝ. රට පුරා ගින්නක් සේ පැතිර යන පිළිවෙළක් නැති යුද්ධ වීරත්ව බිත්ති චිත්‍ර රටට ආදරය කරන තරුණ පිරිස් අතුරින් මතු වූ නිරිමාණහීලී වියාපාරයක් බව පවසන ජනාධිපති රාජපක්ෂ එම තරුණ පිරිස් දිරි ගැන්වීම ගැන ජනමාධ්‍යට ස්තුති කරයි. මෙතෙත් කළක් උතුරෙහි පමණක් තිබූ […]

  • 1977 සහ 2019: ඉතිහාසය කණපිට පෙරළිම – සුනන්ද දේශප්‍රිය Read more >

    1977 සහ 2019: ඉතිහාසය කණපිට පෙරළිම – සුනන්ද දේශප්‍රිය

    ඉතිහාසය ප්‍රනරුච්චාරණය වන්නේ ප්‍රථමයෙන් ඛේදාන්තයක් ලෙසත් දෙවනුව ප්‍රහසනයක් ලෙසත් යැයි කාල් මාක්ස් කීවේ මෙයට සිය වසකටත් පෙර ය. එනමුත් දැන් අප ඉදිරියේ දිග හැරෙමින් ඇති ඉතිහාසීය පුනරැච්චාරණයන් ප්‍රහසනයන් නොවනු ඇත. ප්‍රථම අවස්ථාවෙහිදී ඒ්වා සිදු වූයේ ඛේදවාචක ලෙස යි. දැන් සිදුවන්නට යන්නේ ප්‍රහසන ලෙස නොව භයංකාරත්වයන් ලෙස ය. දෙසතියකට පෙර අගමැති රාජපක්ෂ විශේෂ ජනාධිපති පරීක්ෂන කොමිෂමක් […]

  • උපුල් ජයසූරිය සහ ජේ.සී වැලිඅමුණ අතුලු පිරිසකට රාජද්‍රෝහී නඩු පැවරීමේ සූදානමක් Read more >

    උපුල් ජයසූරිය සහ ජේ.සී වැලිඅමුණ අතුලු පිරිසකට රාජද්‍රෝහී නඩු පැවරීමේ සූදානමක්

    2015 රාජපක්ෂ පාලනය පෙරලා දැමීමට මුල්වූ සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන නීතිඥ උපුල් ජයසූරිය සහ නීතිඥ ජේ.සී වැලිඅමුණට රාජද්‍රෝහී චෝදනා යටත් නඩු පැවරීමට වත්මන් රාජපක්ෂ ආණ්ඩුව තීරණය කර ඇතැයි රාජපක්ෂවාදී වෙබ් අඩවියක් වාර්තා කර තිබේ. මෙවැනි සූදානමක් ගෝඨාභය පාලනයට තිබිය හැකි යැයි සැක පහළ කරන වෙනත් නීතිඥයකු ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙත ප්‍රකාශ කළේ එවැනි නඩුවක් ඔප්පු […]

  • හඬනු මැන  ලංකා – රංජිත් හේනායකආරච්චි Read more >

    හඬනු මැන  ලංකා – රංජිත් හේනායකආරච්චි

    තමන් දේශපාලන බලය ඉසිලූ අවධියේ එම දේශපාලන බලය අවභාවිතා කරමින් මිනිසුන් මරා දැමීම,  රාජ්‍ය දේපළ පුද්ගලික උවමනාවන් සඳහා යොදා ගැනීම, තම දේශපාලනයට එරෙහිව මත ප්‍රකාශ කළ පුද්ගලයින් බලෙන් පැහැරගෙන ගොස් අතපය කඩා දැමීම, සහ අතුරුදහන් කිරීම වැනි බරපතළ චෝදනා රාශියකට වගඋත්තරකරු ලෙස රටේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ චෝදනා ගණනාවක් පවතින ඒ වාගේම ඔහුගේ පුරවැසිභාවය පිළිබඳව පවා පැහැදිලි […]

  • මානව අයිතිවාසිකම්; එදා සහ අද – අසංක අබේරත්න Read more >

    මානව අයිතිවාසිකම්; එදා සහ අද – අසංක අබේරත්න

    සෑම වසරකම දෙසැම්බර් 10 “මානව අයිතිවාසිකම් දිනය” ලෙස නම්කර ඇත. එයට හේතූවූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1948 දෙසැම්බර් 10 මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සම්මතකර ගැනීමයි. එතැන් සිට 21 වන සියවසේ දෙවන දශකයේ අවසන් දෙසැම්බර් 10 දිනට මානව අයිතිවාසිකම් විශ්ව ප්‍රකාශනයට හැත්තෑඑක් වසරක් සපිරේ. සාමාන්‍යයෙන් යම් පුද්ගලයෙකුගේ වයස අවුරුදු හැත්තෑවක් පමණ වන විට ‘එයාට දැන් […]

  • උතුරේ ඡන්දය හා ජාතික මැදිහත් වීම – අහීලන් කදිරගාමර් Read more >

    උතුරේ ඡන්දය හා ජාතික මැදිහත් වීම – අහීලන් කදිරගාමර්

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජය ගැනීම තුළ උතුරේ ඡන්දය වටහා ගන්නේ කෙසේ ද ? රටේ ජනගහනයෙන් සියයට 5 ක් පමණ නියෝජනය වන යාපනය හා වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයන්ට ඉතාම කිට්ටු තරගයක් පවතින අවස්ථාවක දී හැර මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරිමේ ලා දැක්විය හැකි දායකත්වය ඉතා සීමිතය. නමුත් සිවිල් යුද්ධයකට මැදිව තිබූ රටක් හැටියටත්, දශක ගණනාවක් පුරා ජාතික මැතිවරණ […]

  • ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥාප්තියේ තිස්වසරක සැමරුම සහ ශ්‍රී ලංකාවේ කැපවීම Read more >

    ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥාප්තියේ තිස්වසරක සැමරුම සහ ශ්‍රී ලංකාවේ කැපවීම

    සෑම වසරකම නොවැම්බර් 20 වන දින සමරනු ලබන විශ්ව ළමා දිනය ළමා වියේ ප්‍රීතිමත්භාවය හා අහිංසකත්වය හඳුනා ගැනීමටත් දරුවන්ගේ ජීවිත වැඩිදියුණු කිරීමටත් ආරක්ෂා කිරීමටත් යෙදී ඇති විශේෂ දිනයකි. එය ලෝකයේ සෑම දරුවෙකුගේම අයිතිවාසිකම් ශක්තිමත් කිරීමට හා පිළිගැනීම සඳහා ගෝලීය දායකත්වය සඳහා කෙරෙන ඇරයුමකි. 2019 විශ්ව ළමා දිනය විශේෂ වන්නේ; 1989 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය […]

  • මානව හිමිකම් නීතීඥ, යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය කුමාරවඩිවේල් ගුරුපරන් ට එරෙහිව  තර්ජන, හිංසන සහ පළිගැනීම් හෙළාදකිමු Read more >

    මානව හිමිකම් නීතීඥ, යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය කුමාරවඩිවේල් ගුරුපරන් ට එරෙහිව තර්ජන, හිංසන සහ පළිගැනීම් හෙළාදකිමු

    2019 නොවැම්බර් 15. මානව හිමිකම් නීතීඥ සහ යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය කුමාරවඩිවේල් ගුරුපරන් මහතාට එරෙහිව සිදුකළ තර්ජන, හිංසන සහ පළිගැනීම් හෙළාදකිමින් සිදුකරන ඒකාබද්ධ   ප්‍රකාශය. පහත අත්සන් තබන අපි, මානව හිමිකම් ආරක්ෂකයකු වන කුමාරවඩිවේල් ගුරුපරන්ට එරෙහිව ශ්‍රී ලංකා හමුදාව සහ විශ්වවිද්‍යාල අධිකාරීන් විසින් මෑතකදී සිදුකරන ලද තර්ජන, හිංසන සහ අසාධාරණ සැලකීම් තරයේ හෙළාදකින්නෙමු. ගුරුපරන් යනු ශ්‍රී […]

  • ජනාධිපතිවරණ නිමේෂයෙහි සැබෑ ජනතාවාදී විකල්පයකට ඉඩක් තිබේද? – අසංක අබේරත්න Read more >

    ජනාධිපතිවරණ නිමේෂයෙහි සැබෑ ජනතාවාදී විකල්පයකට ඉඩක් තිබේද? – අසංක අබේරත්න

    ඡායාරූපය ලංකා ට්රුත් වෙතිනි. විසිඑක් වැනි සියවසේ දෙවන දශකය කෙමින් කෙමින් අවසානය කරා ඇදෙන විට 2019 දින දර්ශනයට අනුව නොවැම්බර් 16 වන දිනය මීළග දශකයේ ලංකා රාජ්‍යයේ ගමන්මග තීරණය කරන දිනයක් වනු ඇති බවට බොහෝ අය මත පලකර සිටී. විවිධ මාතෘකා අතර දේශපාලනය ප්‍රශ්න කිරීම ජනතාවගේ පොදු මාතෘකාව බවට පත්ව තිබේ. විශේෂයෙන්ම එලබෙන ජනාධිපතිවරණය පිළිබඳව […]

  • යහපාලනයේ අඩුපාඩු නිසා අධිකාරීවාදියෙකුගේ තුරුළට අප වැටිය යුතු නැත – මනිලාල් දිසානායක Read more >

    යහපාලනයේ අඩුපාඩු නිසා අධිකාරීවාදියෙකුගේ තුරුළට අප වැටිය යුතු නැත – මනිලාල් දිසානායක

    පුරවැසියන් කෙලින් සිටගත යුත්තේ සහ තීරණාත්මක විය යුත්තේ ව්‍යසනකාරි කාලයන්හිදී ය. අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය එක්තරා සන්ධිස්ථානයකට පැමිණෙමින් සිටින බවක් පෙනේ. එය, අඳුර රජයන උපද්‍රවකාරී මංසන්ධියකි. එහිදී සියලු පුරවැසියෝ නැගී සිටිය යුත්තෝය. ඉරණම සියතට ගත යුත්තෝය. අතිශය බරපතල මර්දනකාරී රාජ්‍ය යන්ත‍්‍රයක් යටතේ පීඩාවට පත්ව සිටි පුරවැසියන් 2015 ජනවාරියේදී එසේ කෙලින් සිටගෙන ස්වකීය බලය සංඛ්‍යාත්මකවත් පෙන්නුම් කළ බව […]

  • මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව විත්ති කූඩුවට නංවා ගෝඨාභය ඇමරිකාවෙන් ‘නිදහස්’ වීම – ගාමිනී වියන්ගොඩ Read more >

    මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව විත්ති කූඩුවට නංවා ගෝඨාභය ඇමරිකාවෙන් ‘නිදහස්’ වීම – ගාමිනී වියන්ගොඩ

    සිය පියා වන ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මේ වසරේ ජුලි 15 වැනි දා ඇමරිකාවේ කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයේ නඩුවක් පවරා තිබුණි. එම නඩුවේ විත්තිකරු වශයෙන් නම් කොට තිබුණේ, ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කෙරෙන අවස්ථාවේ ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂයි. මේ ඝාතනය සිදුවන අවස්ථාවේ, එනම් 2009 ජනවාරි 8 වැනි දා, […]

  • ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදී සංගමයෙන් සියලු ජනාධිපති අපේක්ෂකයින්ට ඉල්ලීම් මාලාවක්!  Read more >

    ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදී සංගමයෙන් සියලු ජනාධිපති අපේක්ෂකයින්ට ඉල්ලීම් මාලාවක්! 

    ඡායාරූපය: © Sunanda Deshapriya. සියලුම ජනාධිපති අපේක්ෂකයන් වෙත, ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් දශක ගණනාවක සිට කටයුතු කරමින් සිටින අප සංගමය පාර්ලිමේන්තු පනතකින් සම්මත වූ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිතියකි. කලක් තිස්සේ මෙරට ජනමාධ්‍යවේදීහූ සිය වෘත්තීය කටයුතු කරගෙන යාමේදී ගැටලු රැසකට මුහුණ දෙමින් සිටිති. ඔවුන්ගේ නොවිසඳුණු ගැටලු විසඳීම වෙනුවෙන් […]

  • මේ අපේ තකතිරුකමද, කරුමයද, නැත්නම් ඒ දෙකමද? – සුරනිමල උමගිලිය Read more >

    මේ අපේ තකතිරුකමද, කරුමයද, නැත්නම් ඒ දෙකමද? – සුරනිමල උමගිලිය

    ඡායාරූපය: මේ මොහොතේ පවා ඔහුගේ බිරිඳ ඇමරිකානු ජාතික ය. ඔහුගේ පවුලේ සෙසු සාමාජිකයන්ද එසේ ය. සංඝ රත්නයට ඒ ගැන කිසි ගාණක් නැත. නාමයෝජනා භාර දී තිබේ. නොවැම්බර් 16 වැනි දාට අලුත් ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමට නියමිතයි. එය ව්‍යවස්ථාවේ පැනවෙන අවශ්‍යතාවක් වන අතර සියලු ශ්‍රී ලාංකිකයන්ටත්, විශේෂයෙන් පළමු වරට ඡන්දය පාවිච්චි කරන තරුණ පරම්පරාවටත් එය ඉමහත් වැදගත්කමක් ඇති අවස්ථාවකි. තිස් […]

  • ජනාධිපතිවරණය සහ අශ්වයා පණ අදිද් දී ජොකියා වීමට පොරකෑම – බැසිල් ප‍්‍රනාන්දු Read more >

    ජනාධිපතිවරණය සහ අශ්වයා පණ අදිද් දී ජොකියා වීමට පොරකෑම – බැසිල් ප‍්‍රනාන්දු

      පාලකයෙකු පත් කර ගන්නේ රාජ්‍ය තන්ත‍්‍රය ජනතා සුභසිද්ධිය සදහා කි‍්‍රයාත්මක කරවා ගැනීම සදහාය. දැන් කලක සිටම ලංකාවේ පවතින ප‍්‍රධානම ප‍්‍රශ්නය නම් රාජ්‍ය තන්ත‍්‍රය පණ අදින තත්ත්වයක පසුවීමය. මූල්‍ය කටයුතු පිළිබඳ අංශයේ වුවත්, නිෂ්පාදන අංශයේ වුවත්, ආරක්ෂක අංශයේ වුවත්, යුක්තිය පසිඳලීමේ යෙදී සිටින ආයතන වල වුවත්, සුබසාධන පිළිබඳ අංශයේ එනම් සෞඛ්‍ය, අධ්‍යාපනය, වැඩිහිටියන් හා දරුවන්ගේ […]

  • දහසක් දෙනා මැද හිට්ලර් ආචාරය නොකළ තනි මිනිසා – සුනන්ද දේශප්‍රිය Read more >

    දහසක් දෙනා මැද හිට්ලර් ආචාරය නොකළ තනි මිනිසා – සුනන්ද දේශප්‍රිය

    දහස් ගණනාවක් ජර්මානුවන් ‘හිට්ලර්ට ජයවේවා’ යන නාසි ආචාරය පුද කරත්දී එක් මිනිසකු දෑත් බැඳගෙන එම ආචාරය නොකර සිටියේ ය‍. කවරකු විසින් ගත්තේදැයි නිහ්චිත නැති ඒ ඡායාරූපයට දැන් අසූ වියැති ය. එනමුත් වටිනාකම මඳකුදු අඩුව ගොස් නැත. ඊටත් වඩා ඒම ඡායාරූපය සිය හෘදය සාක්ෂියට සවන් දීම පිළිබඳ සාදාකාලික ආදර්ශයක් බවට පත්ව තිබේ. මන්ද යත් අද පවා […]

  • මහවිරු සහ රනවිරු- හමුදා වන්දනීකරණය සහ ප්‍රජාතන්ත්‍රවාදය – රංජිත් හේනායකආරච්චි Read more >

    මහවිරු සහ රනවිරු- හමුදා වන්දනීකරණය සහ ප්‍රජාතන්ත්‍රවාදය – රංජිත් හේනායකආරච්චි

    පැවති සිවිල් යුද්ධයෙන් පසු ලංකා සමාජය විශාල වශයෙන් හමුදාවන් වන්දනීය කරන තත්ත්වයට පත්කරන ලද සමාජයක් බවට පත්වී හමාරය. එය උතුරේත් දකුණේත් දෙදිශාවේම එකම ආකාරයට සමාජගතවී ඇති අතර උතුරේදී එය මහ විරුවන් ලෙසත්, දකුණේ එය රණවිරුවන් ලෙසත් සමාජගත කර ඇත. මොනයම්ම සමාජයක් හෝ හමුදාකරණයට යටවීම, එසේ නැත්නම් හමුදාවන් උතුම් ත්ත්වයට පත්කිරීම හොඳ දෙයක් නොවේ. ඒ අන් […]

  • ජනා­ධි­ප­ති­ව­ර­ණයේ තේරීම් අතර නොපෙ­නෙන වෙන­ස්කම් දෙක Read more >

    ජනා­ධි­ප­ති­ව­ර­ණයේ තේරීම් අතර නොපෙ­නෙන වෙන­ස්කම් දෙක

    අන්ත­ර්ජා­තික සංව­ර්ධ­නය පිළි­බඳ විශේ­ෂ­ඥ­යකු වන මහා­චාර්ය එස්. ඩබ්ලිව්. ආර්. ද ඒ. සම­ර­සිංහ එළැ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණයේ වර­ණ­යන් පිළි­බඳ සියුම් දේශ­පා­ලන විග්‍ර­හ­යක යෙදෙ­මින් සම්පා­ද­නය කරන ලද ලිපි­යක් ඇසු­රෙනි. මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත්ව සිටින ප්‍රධාන අපේ­ක්ෂ­ක­යන් දෙදෙනා වන එක්සත් ජාතික පෙර­මුණේ සජිත් ප්‍රේම­දාස සහ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ගෝඨා­භය රාජ­පක්ෂ යන දෙදෙ­නාගේ ජාතික මට්ටමේ අර­මුණු සහ අව­ශ්‍ය­තා­වල ලොකු වෙන­සක් නැත. […]

  • ඒකාධිපතියෙකු ඉල්ලා සිටීම වැඩි වෙමින් තිබීම භයානක ලක්ෂණයකි (1) – ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන Read more >

    ඒකාධිපතියෙකු ඉල්ලා සිටීම වැඩි වෙමින් තිබීම භයානක ලක්ෂණයකි (1) – ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන

    ප්‍රගීත් ඒක්නැළීගොඩ‌ෙගේ කාටූනයකි. අද ලංකාවට අවශ්‍ය කරන්නේ මොන විදිහේ පාලකයෙකුද යන්න පිළිබඳ තම අදහස එක් ප්‍රධාන පෙළේ සමාගමක හිටපු ප්‍රධාන විධායක නිලධාරියෙක් පසුගිය දා මා හා කීවේය. මේ අවස්ථාවේ හැටියට, ලංකාවට ඒකාධිපතියෙකු අවශ්‍ය බව ඔහුගේ අදහසයි. එසේ සිතීම සඳහා වන හේතුද ඔහු මා සමග කීවේය. ඔහුට අනුව, දැන් ලංකාවේ සිටින ඉහළ පෙළේ නායකයන් හැමෝම රට […]

  • 71ක් වසරක ආර්ථිකය විවේචනය කිරීමට අනුර කුමාරට ඇති අයිතිය: විවේචනයට ‌‌පෙර සමාව ගන්න Read more >

    71ක් වසරක ආර්ථිකය විවේචනය කිරීමට අනුර කුමාරට ඇති අයිතිය: විවේචනයට ‌‌පෙර සමාව ගන්න

    ඡායාරූපය: 1988 – 89 අවධියේ ජවිපෙ සන්නද්ධ ‌පෙරමුණ වූ ‌දේශප්‍රේමී ව්‍යාපාරය ප්‍රචාරවක සටන් පාටයක්: ‌ජේ.ආර්.මරමු! ජවිපෙ ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරණුයේ විසි වසරකට පසුව වීම විශේෂයකි. 2018 අගෝස්තු 18 වන දින ශ්‍රී ලංකාවේ මාක්ස්වාදී ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක ජනාධිපති අපේක්ෂක ලෙස ගාලු මුවදොර පිටියේදී පැවති රැළියේදී ප්‍රකාශයට පත් කරන ලදී. ජවිපෙ හැමදාම […]

  • දරුවන් වෙනුවෙන් ජිනීවා කොමිසමට ගිය ශ්‍රී ලාංකික වෛද්‍යවරිය Read more >

    දරුවන් වෙනුවෙන් ජිනීවා කොමිසමට ගිය ශ්‍රී ලාංකික වෛද්‍යවරිය

    “ශ්‍රී ලංකාවේ ආණ්ඩු රටේ දරුවන්ට සලකන්නේ දෙවිධියකට. ඔවුන් රජයේ පාසල් දරුවන් සහ පෞද්ගලික පාසල් දරුවන් විදිහට දරුවන් දෙකට බෙදලා සලකන්නේ,” එලෙස පවසන්නේ සිය දරුවා මුහුණ දුන් ශාරීරික දඬුවමකට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ ශ්‍රී ලාංකික මවකි. “දරුවන් කියන්නේ මේ රටේ පුරවැසියන්. ඔවුන් සියලු දෙනා රජයට අයිතියි. පාසල් රජයේ සහ පෞද්ගලික වශයෙන් […]

  • ජනාධිපතිවරණය 2019: මෙය සුවිශේෂී දේශපාලන මොහොතකි. – රංජිත් හේනායකආරච්චි Read more >

    ජනාධිපතිවරණය 2019: මෙය සුවිශේෂී දේශපාලන මොහොතකි. – රංජිත් හේනායකආරච්චි

    ඡායාරූපය: ජාතිත ජන බලවේගයේ මහජන රැස්විමක දී. ( ලංකා ට්රුත් ජායාරූපයකි) ලංකා දේශපාලනයට මේ ළඟා වෙමින් තිබෙන ජනාධිපතිවරණය සුවිශේෂී අවස්ථාවකි. අප ඉතා හොඳින් දන්නා පරිදි මෙතෙක් බලය ලබාගත් දේශපාලන බලවේග රටේ ප්‍රශ්නවලට විසඳුම් සොයනවා වෙනුවට බලයට ආ කණ්ඩායමේ, ඔවුන්ගේ පක්ෂයේ, ඔවුන්ගේ අනුගාමිකයින්ගේ, අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කර. එය ලංකා දේශපාලනයට අලුත් යමක් නොවන බවද අප දනිමු. […]

  • බදු ගෙවන්නාගේ මුදල් දේශපාලඥයන් කාබාසිනියා කරන්නේ  කෙසේද යත්.. (2) Read more >

    බදු ගෙවන්නාගේ මුදල් දේශපාලඥයන් කාබාසිනියා කරන්නේ කෙසේද යත්.. (2)

    ඡායාරූපය: වජාර අබේවර්ධන විසි්හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් 421 දෙනෙකුට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා දීම සඳහා අවසර පතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම නින්දාසහගත ය. සංජීව ජයවීර‍‍. මේ ලිපිය ලියන අවස්ථාව වන විට, නෙළුම් කුලුන විවෘත කරමින් ජනාධිපතිවරයා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කොට තිබේ. නෙළුම් කුලුන ගොඩනැගීම සඳහා ලංකා රජය චීන සමාගමකට ගෙවූ රුපියල් බිලියන 2 මුදලක් ආගිය […]

  • ශ්‍රී ලංකා දේශපාලන කලු කුහරය සහ ජනාධිපතිවරණය  – සුනන්ද දේශප්‍රිය Read more >

    ශ්‍රී ලංකා දේශපාලන කලු කුහරය සහ ජනාධිපතිවරණය – සුනන්ද දේශප්‍රිය

    ‘කලු කුහරයක් කියන්නේ අවට තියන හැමදෙයක්ම උරා ගන්න, නැත්නම් තමා දෙසට ඇදලා ගන්න පුලුවන් තරම් විශාල ගුරුත්වාකර්ශන බලයක් තියන අව්කාශයේ පවතින ස්ථානයි. මේවා කොතරම් ප්‍රභලද කියනවනන් මේවට පුලුවන් ආලෝකය පවා මෙය තුලට ඇදලා ගන්න…මේ කලු කුහර වලින් ආලෝකය උරා ගැනීම නිසා අපට කවදාවත්ම මෙය දැකගැනීමට නම් නොහැකියි. මොකද අපිට වස්තුවක් දකින්න නම් එහි වැදිලා පරාවර්තනය වෙල […]

Back to Top