Sri Lanka Brief
ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව

  • භාණ්ඩාගාර බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන ලෙස ඉල්ලීමක් Read more >

    භාණ්ඩාගාර බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන ලෙස ඉල්ලීමක්

    ‍ජනාධිපති සිරිසෙන වෙත ලිපියක් ලියන දුෂණ විරෝධී පෙරමුණ මහ බැංකුව විසින් සිදු කරනු ලැබූ භාණ්ඩාගාර බැදුම්කර නිකුතු සම්බන්ධයෙන් කොමිසන් සභාවක් පත් කරන ලෙස ඉල්ලා සිටී. එම ලිපිය පහත පළවේ. මහ බැංකුව විසින් සිදු කරනු ලැබූ භාණ්ඩාගාර බැදුම්කර නිකුතු සම්බන්ධයෙන් විනිවිද භාවයක් ඇති කර ගැනීම සහ දුෂණ වලක්වාගැනීම සම්බන්ධයෙනි. මහා භාණ්ඩාගාරය විසින් සිදු කරනු ලැබූ බැදුම්කර […]

  • නැවත නැවතත් මතුවන ෆෙඩරල් ෆෝබියාව – රංජිත් හේනායකආරච්චි Read more >

    නැවත නැවතත් මතුවන ෆෙඩරල් ෆෝබියාව – රංජිත් හේනායකආරච්චි

    ලංකා සමාජය මිත්‍යාවන්ගෙන් පිරුණ සමාජයකි. හදි හූනියම්, පෙරේතයන්, කුම්භාණ්ඩයන්, බලි තොවිල්, නූල් බැදීම්, යන්ත්‍ර මන්ත්‍ර ආදී මෙකී නොකී දේ පිළිබඳ විශ්වාස කිරීම ලංකා සමාජය පුරා පැතිර ඇති ව්‍යවසනයකි. මේ තත්වය සිංහල සමාජය තුල එයිනුත් එහා ගොස් තමන්ගේම භාෂාව, එනම් සිංහල භාෂාවේ වචන වල සැබෑ අරුත වෙනුවට සමාජයේ පැතිරුණු එක්තරා කණ්ඩායමක් තමන් ආරූඨ කර ගත් වෙනත් […]

  • ලංකා පාර්ලිමේන්තුවේ ගුටි කෙළි පුරාණය Read more >

    ලංකා පාර්ලිමේන්තුවේ ගුටි කෙළි පුරාණය

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පාර්ලිමේන්තු සභා ගර්භයේ, කොරිඩෝවේ, සහ ලොබියේ දී ඇති වූ ගුටි බැට හුවරමාර් පිළිබද කෙටි ඉතිහාසය අද (මැයි 4) සවස මරදාන සීඑස්ආර් හි පැවති පුවත්පත් සාකච්ඡාවක දී කීර්ති තෙන්නකෝන් විසින් ඉදිරිපත් කරනු ලැබීය. ලංකා ඉතිහාසයේ පළමුවරට සැලසුම් සහගතව, මන්ත්‍රීවරයෙකුට එරෙහිව තවත් මන්ත්‍රීවරුන් ප්‍ර‍චණ්ඩත්වය වැපිරවූ සහ සභාගර්භය තුල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තවත් මන්ත්‍රීවරයෙකුගේ ලේ සෙලවූ […]

  • පාර්ලිමේන්තු මදාවිකම් සමාව ලැබීමට යෝග්‍ය නැත –  සුනිල් ජයසේකර Read more >

    පාර්ලිමේන්තු මදාවිකම් සමාව ලැබීමට යෝග්‍ය නැත – සුනිල් ජයසේකර

    පාර්ලිමේන්තුව යනු රටේ උත්තරීතරම ආයතනය බව පුන පුනා කියන්නේ පාර්ලිමේන්තවේු මැති ඇමතිවරුන්ම ය. උත්තරීතර යන්නෙහි තේරුම විමසා බැලීමේදී පෙනී යන්නේ උතුම් වූ, වඩා උසස්, ශ්‍රේෂ්ඨතම, අතිශ්‍රේෂ්ඨ යන අරුත්ය. රටක පාර්ලිමේන්තුව තුළින් අපේක්ෂා කරනු ලබන කාර්යයභාරය පිළිබඳව සැලකීමේදී ජනතාව නියෝජනය කිරීම, ව්‍යවස්ථා සම්පාදනය කිරීම හෙවත් නීති සම්පාදනය හා රටේ මුදල් පාලනය කිරීම ප‍්‍රමුඛ වන්නේය. එමෙන්ම රාජ්‍ය […]

  • පාර්ලිමේන්තුවේ ‘ලේ සෙලවූ‘ මහජන නියෝජිතයින්ට එරෙහිව  විනය ක්‍රියාමාර්ග ගත යුතුයි Read more >

    පාර්ලිමේන්තුවේ ‘ලේ සෙලවූ‘ මහජන නියෝජිතයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතුයි

    පාර්ලිමේන්තුවම විශේෂ අධිකරණ කටයුත්තක් ලෙස සලකා මැරකම් කළ මන්ත්‍රීවරුන්ට දඩුවම් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සභා ගර්භය තුල පළමුවරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ‘ලේ හැලෙන‘ සේ දීම ‘අශිශ්ඨ, ලැජ්ජා සහගත, තිරිසන්‘ ක්‍රියාවක් ලෙස කැෆේ සංවිධානය හෙළා දකී. මහජන නියෝජිතයින් පාර්ලිමේන්තු සභාගර්ශයේ දීම මනුෂ්‍යත්වයට නිගා දෙන ආකාරයෙන් හැසිරීම කිසි ලෙසකින් හෝ බලාපොරොත්තු නොවන […]

  • මාධ්‍ය නිදහස ආපස්සට යන්නේ නැහැ- ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති Read more >

    මාධ්‍ය නිදහස ආපස්සට යන්නේ නැහැ- ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති

    කුමන අභියෝගය පැමිණිය ද මේ වන ලබා දී තිබෙන ජනමාධ්‍ය නිදහස ආපස්සට යන්නේ නැති බවත් සමාජ මාධ්‍ය සමඟ ජනමාධ්‍ය තුළ විශාල පරිවර්තනය සිදු වී තිබෙන බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය. ලෝක ජනමාධ්‍ය දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (03) සංවිධානය කළ රජයේ ප්‍රවෘත්ති […]

  • ජවිපේ පෙන්වන  කුණු සංස්කෘතියෙන් ජවිපෙටත් සහ කාට කාටත් පාඩම් – උදය ආර්. තෙන්නකෝන් Read more >

    ජවිපේ පෙන්වන කුණු සංස්කෘතියෙන් ජවිපෙටත් සහ කාට කාටත් පාඩම් – උදය ආර්. තෙන්නකෝන්

    ( මැයි රැලියේදී බත් පාර්සල් කන ජවිපෙ නායකත්වය) සිංහල බෞද්ධයා තුල ඇති සංස්කෘතියක් හා ශිෂ්ටත්වයක් නම් එය අපූරුවට පෙන්වා දෙනු ඇත්තේ මෛත්‍රීලාගේද මහින්දලාගේ ද රනිල්ලාගේ ද ජනයා තුලිනි. එය එසේ නොවන්නේ සිංහල හෝ බෞද්ධ හෝ වෙනයම් දෙයක් නිසා නොව ඔවුන්ගේ දේශපාලනයට ඇති සංස්කෘතිය වෙනස් නිසාය. වමකුඩා වුවත් ගැටලු ඇතැත් වම සමූහයක් ලෙස ගත් විට ඊට […]

  • සිවරාම් ඇතුළු ඝාතනය වූ මාධ්‍යවේදීන්ට ‘මේ රජයෙනුත් යුක්තිය නෑ’ Read more >

    සිවරාම් ඇතුළු ඝාතනය වූ මාධ්‍යවේදීන්ට ‘මේ රජයෙනුත් යුක්තිය නෑ’

    නව රජය බලයට පත්වීමට පෙර ප්‍රකාශ කල පරිදි මාධ්‍යවේදී සිවරාම් වැනි ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකිරීමට අපොහොසත්වී ඇති බව වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ පවසයි. ඔහු මේ බව පැවසුවේ මාධ්‍යවේදීන් ඝාතනය කිරීමට එරෙහිව පැවති උද්ඝෝෂණයකට සහභාගී වෙමින්. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඝාතනයට ලක්වූ ජනමාධ්‍යවේදීනට යුක්තිය ඉටුකරනවා වෙනුවට ඔවුන්ට සහන සැලසීමට කමිටුවක් පත් කර ඇති බවයි […]

  • ජයතිලක බණ්ඩාරට පහරදීමේ එප්පාවල  නඩුව කල් යයි Read more >

    ජයතිලක බණ්ඩාරට පහරදීමේ එප්පාවල නඩුව කල් යයි

    ( පහරදුන් දේශපාලකයා උදිත නිශාන්ත) එවකට පැවති මහින්ද රාජපක්‍ෂ රෙජීමය පලවා හැරීම සඳහා අපි පුරවැසියෝ නම් වු සංවිධානය විසින් සංවිධානය කරනු ලදුව, 2014 දෙසැම්බර් මස 05 වෙනිදා එප්පාවල නගරයේදි පැවති “වියරුවට එරෙහිව-වීදියේ් විරෝධය” මහජන දැනුවත් කිරීමේ කණ්ඩායමට පහරදීම සම්බන්ධයෙන් ආදාළ නඩු විභාගය ඊයේ, එනම් අප්‍රේල් 27 වන දින තඹුත්තේගම මහේස්ත‍්‍රාත් අධිකරණයේදි පැවැත්වුණු අතර, එම නඩුවේ […]

  • ජනමාධ්‍ය ලේකම් මාධ්‍යට දේශපාලන උපදෙස් දෙමින් යැවූ ඇමැති නොදන්නා ලිපිය Read more >

    ජනමාධ්‍ය ලේකම් මාධ්‍යට දේශපාලන උපදෙස් දෙමින් යැවූ ඇමැති නොදන්නා ලිපිය

    ජනමාධ්‍ය අමාත්‍යාංශයට මෑතදී පත් කරන ලද ලේකම් නිමල් බොපගේ මෙරට සියළුම ජනමාධ්‍ය වෙත දෙශපාලන උපදෙස් දෙමින් ලිපියක් නිකුත් කර තිබේ. එහි ඇත්තේ ජනමාධ්‍ය ආචර ධර්ම වෙනුවට දේශපාලන ස්ථාවරයක් ගන්නා ලෙස කැරෙන ඉල්ලීමකි. එම ලිපිය පහත පළවේ. මෙම ලිපිය පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරැණාතිලක පවසා ඇති බව ශ්‍රී ලංකා මිරර් වාර්තා කරයි. […]

  • එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෝ ශ්‍රී ලංකාවේ සංචාරයක Read more >

    එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෝ ශ්‍රී ලංකාවේ සංචාරයක

    (අධිකරණ ස්වාධීනත්වය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මොනිකා පින්ටෝ) වද හිංසා පැමිණවීම සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂඥයන් පිරිසක් අප්‍රේල් 29 වැනි දින සිට මැයි 07 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. අධිකරණ ස්වාධීනත්වය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මොනිකා පින්ටෝ සහ වද හිංසා පැමිණවීම සම්බන්ධ විශේෂ නියෝජිත […]

  • කිලිනොච්චිය නගරය මැද හමුදා කඳවුරක් නෑ – TNA Read more >

    කිලිනොච්චිය නගරය මැද හමුදා කඳවුරක් නෑ – TNA

    ( ‘එතන හමුදා කඳවුරකුත් නෑ. ඒක මහජනතාවගේ ඉඩම්. හමුදාව බලහත්කාරයෙන් අල්ලගෙන තියාගෙන ඉන්න ප්‍රදේශයක් ඒක’ – සුමන්දිරන්) කිලිනොච්චිය නගර මධ්‍යයේ හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට එල්ල වන චෝදනාව TNA සන්ධානය ප්‍රතික්ෂේප කරයි විපක්ෂනායක ආර් සම්බන්ධන් ඇතුළු පිරිසක් පසුගියදා කිලිනොච්චියේ හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට එල්ල වන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන දෙමළ ජාතික සන්ධානය, […]

  • HIV / AIDS සම්බන්ධ වැරදි මාධ්‍ය වාර්තාකරණය සඳහා නිදසුනක්‍ Read more >

    HIV / AIDS සම්බන්ධ වැරදි මාධ්‍ය වාර්තාකරණය සඳහා නිදසුනක්‍

    පසු ගිය පෙබරවාරියේදී කුලියාපිටියේ පාසල් සිසුවකු සම්බන්ධයෙන් ඇති වූ ආන්දෝලනාත්මක සිද්ධිය ඔබට මතක ද? එම සිද්ධියට භාජනය වූයේ වයස අවුරුදු පහ සපිරී පළමු ශ්‍රේණියට ඇතුළත් කරන ලද අසරණ දරුවෙකි. දරුවාගේ පියා මීට කලකට ඉහතදී මිය ගියේ AIDS රෝගයෙන් බවට සමාජයේ කටකතාවක් පැතිර ගියේ ය. එවකට මෙම දරුවා පෙර පාසලක අධ්‍යාපනය ලැබු‍වේ ය. ඔහු නිසි වයස […]

  • 72%ක් ම කාන්තාවන් වන ගුරු වෘත්තිය පිළිබඳ ජෝසප් ස්ටාලින් සමග කතාබහක් Read more >

    72%ක් ම කාන්තාවන් වන ගුරු වෘත්තිය පිළිබඳ ජෝසප් ස්ටාලින් සමග කතාබහක්

    2013 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන අනුව, ශ්‍රී ලංකාවේ පාසල් 10,012ක සිසුවෝ 4,037,157ක් උගනිමින් සිටිය හ. ඔවුන්ට ඉගැන්වීම සඳහා ගුරුවරුන් 226,983ක් සිටිය හ. ඒ අතරින් 163,860ක් හෙවත් 72%ක් ම ගුරුවරියෝ ය. ලංකාවේ මෙතරම් කාන්තාවන් පිරිසක් සේවයේ යෙදී සිටින වෙනත් වෘත්තියක් නැත. ගුරු වෘත්තිය තුළ කාන්තාව සවිබලගැන්වීම හා අධ්‍යාපනය සම්බන්ධ තවත් කාරණා රැසක් පිළිබඳ අපි ලංකා ගුරු […]

  • අපි වෙන්වී යෑමට කැමැති නැහැ – විග්නේෂ්වරන් Read more >

    අපි වෙන්වී යෑමට කැමැති නැහැ – විග්නේෂ්වරන්

    ( දෙමළ හජන රුස්වීමක්) අපි වෙන්ව නොගොස් එක්වී ජීවත්වීමට ඉදිරිපත්ව සිටින හෙයින් සිංහල ජනතාව අපට සියළු සහයෝගයක්ම ලබාදිය යුතුයි. මෙම අවස්ථාව මඟ හැරුණේ නම් මෙම රට විනාශයට පත්වනු ඇතැයි උතුරු පළාත් මහ ඇමැති සි.වි. විග්නේශ්වරන් මහතා පවසා තිබේ. උතුරු පළාත් සභාවේ ඊයේ දින (22) දෙමළ ජාතික සන්ධානය විසින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයේදී සැලකිල්ලට ගත යුතු කරුණු […]

  • යාන් බ්‍රවුන්ස්මා: සගයකුගේ සහයෝගිතා මතකය  – සුනන්ද දේශප්‍රිය Read more >

    යාන් බ්‍රවුන්ස්මා: සගයකුගේ සහයෝගිතා මතකය – සුනන්ද දේශප්‍රිය

    යාන් යනුවෙන් අප බොහෝ දෙනෙකු කීමට පුරුදුව සිටි  ඕලන්ද ජාතික යාන් බ්‍රවුන්ස්මා ( Jan Bruinsma 1950 ජූනි 26 – 2016 අප්‍රේල් 14) පසුගිය සති අන්තයෙහි අනපේක්ෂිත ලෙස ජිවිතයට සමු දුන්නේ ය‍. ඒ ඔහු හැට හයවන විය පසුකරමින් සිටියදී ය‍. 1970ව දශකයේ අවසන් භාගයෙන් පටන් ගෙන  2000 මැද භාගය දක්වා යාන් ශ්‍රී ලංකාවේ විවිධාකාර ප්‍රගතිශීලී ව්‍යාපාරයන්හි […]

  • විදේශගත ශ්‍රී ලාංකිකයන්ට මැතිවරණවලදී ඡන්දය දීමේ අවස්ථාව කාන්තාවන්ට බලපාන්නේ කෙසේ ද? Read more >

    විදේශගත ශ්‍රී ලාංකිකයන්ට මැතිවරණවලදී ඡන්දය දීමේ අවස්ථාව කාන්තාවන්ට බලපාන්නේ කෙසේ ද?

    විදේශගත ශ්‍රී ලාංකිකයන්ට මැතිවරණවලදී ඡන්දය දීමේ අවස්ථාව ලබා දීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීම පිණිස පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරීමට 2016 අප්‍රේල් 6දා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව එක්ච්ඡන්දයෙන් තීරණය කළේ ය. එම යෝජනාව ගෙන ආ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, නිහාල් ගලප්පත්ති, අනුර කුමාර දිසානායක, අජිත් පී. පෙරේරා, එරාන් වික්‍ර‍මරත්න, එඩ්වඩ් ගුණසේකර, දිලිප් වෙදආරච්චි, අජිත් මාන්නප්පෙරුම, කාංචාන විජේසේකර, ඩී.වී. […]

  • වීරයා සහ ද්‍රෝහියා – රංජිත් හේනායකආරච්චි Read more >

    වීරයා සහ ද්‍රෝහියා – රංජිත් හේනායකආරච්චි

    බොහෝ විට මිනිසුන් වීරයින් ලෙස නම් කරන පුද්ගලයාම ඊළඟ මොහොතේ ඔවුන් විසින්ම ද්‍රෝහියෙකු ලෙස නම්කර ගැනීමට ගත වන්නේ ඉතා සුළු මොහොතකි. එනිසාම වීරයෙකු සහ ද්‍රෝහියෙකු අතර ඇති පරතරය කෙස් ගහක් තරම්වත් නැති තරම්ය. බොහෝ විට වීරයාම ද්‍රෝහියෙකි. අප්‍රේල් කැරැල්ලෙන් පසු යාපනය සිර ගෙදරට ගාල් ව සිටි අපව අප්‍රේල් මාසයේ 22 වැනි දින ‘හැමන්හිල්’ දූපත් බන්ධනාගාරය […]

  • උතුරේ කිතුණු දේවසභා මිලිටරිකරණය හෙළා දකියි! Read more >

    උතුරේ කිතුණු දේවසභා මිලිටරිකරණය හෙළා දකියි!

    සිවිල් පාරිපාලනයේ හමුදා මැදිහත්වීම් වර්ධනයවීම ගැන අපි දැඩි ලෙස හෙලා දැකින්නෙමු. අයිතිවාසිකම් සහගත සහජීවනය උදාවන්නේ ශ්‍රී ලංකාවේ සියළු දෙනාම සාමාන්‍ය ජීවිතයක් ජීවත් විය හැකි පරිසරයක් බිහි කිරීමෙන්ය. කිසිඳු අනුමැතියකින් තොරව දකුණේ ධීවරයන් මුල්ලතීව්වල ධීවර කටයුතුවල නිරතව සිටිති. කොක්කුතුඩුවායි උතුර පිහිටි පුලිපායින්දකල් ප්‍රදේශයේ අනවසරයෙන් පදිංචි වී ධීවර කටයුතුවල නිරතවූවන් ගැන සොයා බැලීමට ගිය ග්‍රාම සේවා නිළධාරී […]

  • ආණ්ඩුව රතුපස්වල වින්දිතයිනට මිලියන 4.68 වන්දි ගෙවයි Read more >

    ආණ්ඩුව රතුපස්වල වින්දිතයිනට මිලියන 4.68 වන්දි ගෙවයි

    රතුපස්වල සිදුවීමෙන් තුවාල ලැබූ සහ ආබාධිත තත්ත්වයට පත් වූ පුද්ගලයින් 33 දෙනෙකු වෙනුවෙන් වන්දි ප‍්‍රදානය කිරීම ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 08දා  පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. අදාළ සිදුවීමෙන් පූර්ණ ආබාධිත, අර්ධ ආබාධිත සහ තුවාල ලබා ප‍්‍රතිකාර සඳහා රෝහල්ගත වූ ගම්පහ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පුද්ගලයින් 24 දෙනෙකු සහ මහර ප‍්‍රාදේශීය ලේකම් […]

  • මිලියන 15 මාසික කුලියට  සබීතාගේ ගොඩනැගිල්ල ගන්න රනිල්ගෙන් කැබිනට් පත්‍රිකාවක් Read more >

    මිලියන 15 මාසික කුලියට  සබීතාගේ ගොඩනැගිල්ල ගන්න රනිල්ගෙන් කැබිනට් පත්‍රිකාවක්

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක සිය අමාත්‍යාංශය සඳහා මිල ගණන් කැඳවීමකින් තොරව ප්‍රසම්පාදන පටිපාටියේ නීති රීති උල්ලංඝනය කර රුපියල් එක්කෝටි පනස් ලක්ෂ හැත්තෑ පන්දහසක (රු. 1,50,75,000) මාසික කුලියකට පෞද්ගලික ගොඩනැඟිල්ලක් ගැනීමට කටයුතු කරමින් පවතින බවට පසුගියදා පුවත් වාර්තා වූ අතර එහි සුළ මුළ මේ වනවිට හෙළි දරව් වෙමින් තිබේ. ඒ […]

  • පැනමා පත්‍රිකා කුමක්ද කෙසේද කවරෙක්ද? – රංජිත් හේනායකආරච්චි Read more >

    පැනමා පත්‍රිකා කුමක්ද කෙසේද කවරෙක්ද? – රංජිත් හේනායකආරච්චි

    පැනමා පත්‍රිකා  එළිදරව්ව ඇරඹෙන්නේ දක්ෂින ජර්මන් පුවත්පතෙහි (Süddeutsche Zeitung )ගවේෂණාත්මක මාධ්‍ය අංශයෙහි මාධ්‍ය වේදියෙකුට ලැබෙන ඊ-මේල් පණිවිඩයක් තුලිනි. එහි සඳහන් වන්නේ ‘හලෝ මේ කතා කරන්නේ ජෝන් ඩෝ. තොරතුරු දැන ගන්න කැමතිද? මම කැමතියි තොරතුරු දෙන්න’ මේ කෙටි පණිවිඩය ලැබීමත් සමග සාමාන්‍යයෙන් මාධ්‍යවේදියෙකු කරන ආකාරයෙන් මාධ්‍යවේදියා කරනු ලබන්නේ ‘ඔව් මොනවද තියෙන තොරතුරු?’ කියා විමසීමයි.ඊළඟ පණිවිඩයෙන් නිර්ණාමික පුද්ගලයා […]

  • 2004 – 2013 ශ්‍රී ලංකාවෙන් පැන්නූ මුදල බිලියන 2,800ක් Read more >

    2004 – 2013 ශ්‍රී ලංකාවෙන් පැන්නූ මුදල බිලියන 2,800ක්

    2004 – 2013 යන දශකය තුල ශ්‍රී ලංකාවෙන් රුපියල් බිලියන 2800  නොහොත් ඇමෙරිකානු ඩොලර් බිලයන 19.94ක් රහසින් නීති විරෝධීව පිට කර ඇති බව වොෂින්ටනයේ සිට ක්‍රියාත්මක වන  Global Financial Integrity  නම් ආයතනය වාර්තා කරයි. එකී ආයතනයෙහි කාර්ය භාරය වන්නේ මෙලෙස රහසිගතව හුවමාරු වන මුදල් පිළිබඳ සොයා බැලීමයි. බිලියන 2880ක් සංඛ්‍යාව  Global Financial Integrity  විසින් වාර්තා […]

  • විදුලි සභාපතිගේ කෙරුවාව මෙන්න Read more >

    විදුලි සභාපතිගේ කෙරුවාව මෙන්න

    විදුලි බල මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා එම ක්ෂේත්‍රයටම අදාළ විදුලි සේවා සපයන ආයතන 15ක සභාපති ධුරය දරන බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප්කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවට අනාවරණය කළේ ය. පාර්ලිමේන්තුවේ ඊයේ පැවති විදුලි අර්බුදය සකල්තැබීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසී ය. ලංකා ට්ර්ක්

  • යාපනේ ඉඩම් යළිත් අත්පත්කර ගන්නේ යැයි හමුදාවට චෝදනා Read more >

    යාපනේ ඉඩම් යළිත් අත්පත්කර ගන්නේ යැයි හමුදාවට චෝදනා

    මෙම ක්‍රියාව නතර නොකරන්නේ නම් අඛණ්ඩව උද්ඝෝෂණ සිදු කරමින් රජයේ කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇති කරණ බව ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා පැවසයි. යාපනයේ කයිට්ස් පළාතේ සාමාන්‍ය‍ය වැසියන්ට අයත් ඉඩම් කීපයක් නාවික හමුදාවේ හා යුද හමුදාවේ ප්‍රයෝජනය සදහා අත්පත් කර ගැනීමට එරෙහිව යාපනය මිනින්දෝරු කාර්යාලය ඉදිරිපිටදී 8 වෙනි දා උද්ඝෝෂණයක් දියත් කොට තිබුණි. මෙම ඉඩම් මැනීමේ කටයුතු […]

  • 71 සහෝදරත්ව සංසදය අප්‍රේල් කැරුල්ල සමරයි – ජායාරෑප කතාව Read more >

    71 සහෝදරත්ව සංසදය අප්‍රේල් කැරුල්ල සමරයි – ජායාරෑප කතාව

    ( සමරුවට දෙසියයක් පමණ සහභාගි වූහ) ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ දායකත්වය දුන් පිරිසගෙන් සැදුම් ලත් ‘71 සංසදය’ විසින් 1971 අප්‍රේල් 05 සිදුවූ සටනට වසර 45 ක් පිරීම නිමිත්තෙන් අද (05) දින මහවැලි කේන්ද්‍රයේදී සැමරුම් උත්සවයක් පවත්වන්නට යෙදුණි. අප්‍රේල් කැරුල්ලේදී  දිවිපිදූ සගයින් සිහිකරමින් පැමින සිටි පිරිස විනාඩියක නිහඩතාවයක් ගතකලහ.   උත්සවයේ මුලසුන මහින්ද ජයවර්ධන සහ සෝමපාල […]

  • 1971 අප්‍රේල් නැඟිටීම සහ වර්තමාන සමාජ ප‍්‍රශ්න – ලයනල් බෝපගේ Read more >

    1971 අප්‍රේල් නැඟිටීම සහ වර්තමාන සමාජ ප‍්‍රශ්න – ලයනල් බෝපගේ

    1971 අපේ‍්‍රල් නැඟිටීමෙන් වසර 45 ක් සැපිරෙන මෙම අවස්ථාව, එම නැඟිටීමට නොයෙක් අයුරෙන් දායක වූ, එහි කොටස් කරුවන් බවට පත්ව සිටි අප බොහෝ දෙනෙකුගේ පොදු අරමුණ වූයේ කුමක්දැයි මෙනෙහි කර ගන්නටත්, එම පොදු අරමුණ සිහිපත් කර ගනිමින් වර්තමාන සන්දර්භය තුළ පවතින සමාජ-ආර්ථික හා දේශපාලන ගැටළු දෙස බැලිය හැක්කේ කෙසේදැයි යන්න සලකා බලන්නටත් ඉඩ ප‍්‍රස්ථාවක් අපට […]

  • බකන් නිලූ සංහිදියා බලකාය යාන්ත්‍රණ සඳහා අදහස් ඉල්ලයි Read more >

    බකන් නිලූ සංහිදියා බලකාය යාන්ත්‍රණ සඳහා අදහස් ඉල්ලයි

    ශ්‍රී ලංකාවේ වගවීම, සංහිදියාව සහ මානව හිමිකම් සම්බන්ධයෙන් දෙස් විදෙස් බලපෑම් නකර කර ගැනීමේ මඟක් ලෙස පිහිටවූ බව පෙනෙන  සංහිඳියා යාන්ත්‍රණ උදෙසා වන මහජන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය දැන් ඒ සඳහා මහජනයාගේ අදහස් ඉල්ලා තිබේ. මෙම බලකාය පිහිටුවන ලද්දේ මහාජනයා හමුවී අදහස් උදහස් ලබා ගැනීමට වුවද පිහිටුවා මාස තුනක් ගතවි ඇතත් එකද හෝ මහජන අදහස් […]

  • ආණ්ඩුවේ ණය බර සහ ආර්ථික අර්බුදයේ කථාව Read more >

    ආණ්ඩුවේ ණය බර සහ ආර්ථික අර්බුදයේ කථාව

    ලංකා රජය පසුගිය වසර 10 තුල ලබාගත් අති විශාල ණය ප්‍ර‍මාණය හේතුවෙන් දැවන්ත ආර්ථික අර්බුදයකට මේ වන විට මුහුණ දී සිටී.  අල්ලස සහ දුෂණය විසින් මෙම ණය අර්බුදය උග්‍ර‍කොට ඇති අතර නිශ්චිත යහපාලන ක්‍ර‍මවේදයන් නොමැති නම් රට දැවැන්ත ආර්ථික අර්බුදයකට යොමුවීම නොවැලක්විය හැකිය. රජය පොරොන්දු වූ පරිදි ජාතික විගණන පනත, ප්‍ර‍සම්පාදන කමිටු ස්ථාපනය කිරීම සිදු […]

  • රතුපස්වල ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ට වන්දි! Read more >

    රතුපස්වල ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ට වන්දි!

    රතුපස්වල සිදුවීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 33 දෙනෙකු සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 4.68 ක මුදලක් ලබාදීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය අනුමැතිය ලබාදී තිබේ. මේ අනුව අදාළ සිදුවීමෙන් පූර්ණ ආබාධිත, අර්ධ ආබාධිත සහ තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත වූ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පුද්ගලයින් 24 දෙනෙකු සහ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පුද්ගලයින් […]

Back to Top