මෙම වසරේ අග පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය මේ දිනවල නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන උණුසුම් දේශපාලන මාතෘකාවක් බවට පත්ව ඇත. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු පහකට සීමා කර තිබෙන බැවින් 2015 ජනවාරි 08 දින පැවැත් වූ ජනාධිපතිවරණයෙන් බලයට පත් වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ධුර කාලය 2020 වර්ෂයේ ජනවාරි 08 දා අවසන් වේ. ආණ්ඩුක්‍රම […]
ව්‍යවස්ථා අර්බූදය
-
-
අමාත්‍යාංශ පවරා ගැනීමට ජනාධිපතිවරයා ගත් තීරණය පිළිබඳ විචාරාත්මක පරීක්ෂාවක් – හර්ෂ ගුණසේන
ජායාරූපය: ජනාධිපති සිරිසේන දිගටම ව්‍යවස්ථාව උල්ලංඝණය කරනු ඇත. ජනාධිපති සිරිසේන දිගටම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන බවක් පෙනී යයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට කලින් පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (2) වගන්තිය යටතේ “ජනාධිපතිවරයාට යම් විෂයයක් හෝ කාර්යයක් තමාටම පවරා ගැනීම කළ හැක්කේය.” 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා එකී වගන්තිය ඉවත් කොට ඇති නිසා ජනාධිපතිවරයාට කිසි අමාත්‍යාංශයක් […]
-
ජනාධිපතිවරයෙකුගේ මාරක ගමනක් නවතා ගැනීම සහ රටක් මඩ වගුරක් වීම
මහින්ද රාජපක්ෂ පසුගිය සෙනසුරාදා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමත්, අගමැති වශයෙන් රනිල් වික්‍රමසිංහ පසුගිය ඉරිදා පත් කරනු ලැබීමත් සමග, ඔක්තෝබර් මාසයේ සිට මේ රට ගැලී සිටි ව්‍යවස්ථා අර්බුදයේ අවසානයකට අප ළඟා වෙමින් සිටින බවක් පෙනේ. මේ අර්බුදය හටගත්තේ, ජනාධිපති සිරිසේන විසින්ම පාර්ලිමේන්තුව හරහා ගෙන එන ලද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පටහැනිව ඔහු විසින් හිටපු අගමැති රනිල් […]
-
අර්බුදය: අනපේක්ෂිත දෙවැනි වරයක් වශයෙන්? – තිසරණී ගුණසේකර
සුදෝසුදුවට දිදුළන නාවුක නිල ඇඳුමින් සැරසී, පදක්කම් ලෙළවමින්, මහේශාඛ්‍ය ලීලාවෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වැඩම කළ ආරක්ෂක මණ්ඩල ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න දණ්ඩමුක්තිය මේ යැයි මූර්තිමත් කෙළේය. ඔහු, අධිකරණ වරෙන්තු තුනක් මගහැර සිටි පුද්ගලයෙකි. අධිකරණයටත්, පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් එළිපිට අපහාස කරමින් සිටි පුද්ගලයෙකි. මේ පුද්ගලයාව ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා විසින්ම ආරක්ෂා කරමින් සිටි තත්වයක් තුළ, […]
-
අද දක්නට ලැබෙන මහා උත්ප්රාසය හෙවත් සරදම – මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර
ඡායාරූපය: නොවැ 28 දින ජනාධිපති කාර්යාලය කරා ගමන්ගත් ස්ත්‍රී විරොධතා පා ගමනේ අවස්ථාවක් ( විකල්ප ඡායාරූපයකි) විදේශ අතපෙවීම්. වර්තමාන අර්බුදය විදේශ රටවල අතපෙවීමක ප්රතිඵලයකැයි බොහෝ දෙනා කියති. විශ්‍රාමික තානාපතිවරුන් සහ ආචාර්ය පාලිත කොහොන වැනි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (ගිවිසුම් අංශයේම) සේවය කළ හිටපු නිලධාරීන් එවැනි අදහස් පතුරුවන විට ජනතාව කලබල වෙති. කුමන්ත්‍රණ කතාවල යම් ඇත්තක් ඇතැයි […]
-
ජනතා බලය, ව්‍යවස්ථාව සහ පාලකයන්ගේ බලය – මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර
රටේ පවතින වර්තමාන තත්වය පිළිබඳ ඉතා ප්‍රබල සංවාදයක් මේ දිනවල මුද්‍රිත මාධ්‍ය තුළ දියත්ව තිබේ. පාර්ලිමේන්තුවේ පසුගිය දා දක්නට ලැබුණු සතුරු සහ රොස්පරොස් බව සහ භික්ෂූන් වහන්සේලා පිරිසකගේ කලබැගෑනියට සමාන වාතාවරණයක් මුද්‍රිත මාධ්‍ය තුළ දක්නට නොවුණි. එහිදී, පෞද්ගලිකත්වයට නොගොස්, වෙනත් කෙනෙකු දක්වන අදහස් සම්බන්ධයෙන් තැන්පත්ව අදහස් දැක්වීමේ වාතාවරණයක් දක්නට ලැබුණි. වෙනස් අදහස් සහ දෘෂ්ටිකෝණ […]
-
කතා නායක අසුන සහ ජනාධිපති අසුන – වසන්ත සිරි වටෙගාඩ
කතානායක අසුන යනු පාර්ලිමේන්තුව තුල කතානායකට නිකංම නිකං ඉඳගෙන පුක රත් කර ගැනීමට ඇති ආසනය පමනක් නොවේ. එය මෙරට මිනිසුන්ගේ ව්‍යවස්ථාපිත බලතල හොබවන පාර්ලිමේන්තු ස්වාධිපත්යෙය් සංකේතය ය. කතානායකවරයා නොමැති විට එහි අසුන් ගත විය හැක්කේ ඔහුව නියෝජනය කරන නියෝජ්‍ය කතානායකවරයා ට හෝ කාරක සභා සභාපතිවරයා ට පමනි. නමුත් ඉපැරණි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්රදාය ට අනුව රාජාසන […]
-
සිරිසේන: තුරුම්පු දේශපාලනය සහ කේවට්ටයෝ – සුනන්ද දේශප්‍රිය
තුරුම්පු කියා සිරසේන ඇද්දේ ජෝකරයෙක් යැයි කියා තිබුණේ දඹර අමිල හිමිය. අමිල කියමනකි. දැන් බලන විට සිරිසේන ජෝකර තුරුම්පුවක් ඇද්දා පමණක් නොව තමාද ජෝකර අඳුමට බැස සිටින සෙයකි. අහන අහන හැමම අද මෙරට කියන අසන කතාව කුමක්ද? එනම් ‘ මේ මිනිසාට අන්ද කයිප්පු කැවුණේ කොහොමද?’ කියා ය. වෙස්වෙලා ගෙන මහ රෑ ගම්න් ගම යමින් රටෙහි […]
-
ජනපතිගේ අත්තනෝමතික පියවරෙන් පසු ව්‍යවස්ථා අරුබූදයක දණක් එරී කරක් එරී – ජයතිලක ද සිල්වා
ඉකුත් ඔක්තෝබර් 26 වැනිදා තමන් විසින් නව අගමැතිවරයකු පත් කිරීමෙන් ඇරැඹුනු අත්තනෝමතික ක්‍රියාදාමය තවදුරටත් ගෙන යමින් දැන් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව වාරාවසාන කර තිබියදීම විසුරුවා හැර ඇත. එහි ප්‍රතිඵලය ව්‍යවස්ථා අර්බුදයක දණක් එරී සිටි රට කරක් එරීමය. කෙසේ වෙතත්, ජනාධිපතිතුමන් ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව නීති විශාරදයෝ ප්රතිවිරෝධී අදහස් දක්වත්. එහෙයින් ඇත්ත නැත්ත තමන්ගේ පැත්ත අනුව පැහැදිලි කැරීමට ද […]
-
කතානායක ජයසූරියගෙන් සිරිසේනට පිළිතුරක්! : ‘මෙන්න ඔබට අමතක ඇත්ත.’
තමා රනිල් වික්‍රමසිංහ අගමැති පදවියට පත් කළ අන්දමටම රාජපක්ෂට එම තනතුරදීමට අයිතියක් ඇතැයි අනියමින් කියමින් ජනපති සිරිසේන කතානායක කරු ජයසූරිය වෙත යවන ලද ලිපියට පිළිතුරක් යවන ජයසූරිය, සිරිසේන ජනපති පදවියටත් වික්‍රමසිංහ අගමැති පදවියටත් පත් වූයේ එකම ජනවරමකින් බවත් රටපුරා පැවැති රැසිවීම් 140කදි සිරිසේන විසින්ම එම ජනවරම ඉල්ලා සිටි බවත් ප්‍රකාශ කරයි. රට මුහුණ දී සිටින […]
-
රාජපක්ෂ පාර්ලිෙම්න්තුවෙහිදී පරාජය වූ බව දන්වා ජනාධිපතිවරයාට යැවූ ලිපිය
ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද 2095/50 දරණ 2018 නොවැම්බර් 04 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව අද දින (2018-11-14) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව රැස් විය. ගරු කථානායකතුමන් විසින් දවසේ සාමාන්‍ය කටයුතු අනුව නිවේදන ඉදිරිපත් කිරීමෙන් පසු ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරම් මහතා විසින් ස්ථාවර නියෝග අත්හිටුවා ඉදිරි කටයුතු කර ගෙන යාමට යෝජනා කරන […]
-
ජනාධිපති සිරිසේන ජාතියෙන් සමාවගත යුතුය : බලන් එපුර පායා ඇති එසඳ බබලන සැටි සත්‍යයෙන් සහ යුක්තියෙන්
රාවණ විසිනි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් කැඳවීමේ නියෝගයට අදාළ තීන්දුව මීට ස්වල්ප මොහොතකට පෙර උපරිමාධිකරණයේ අගවිනිසුරු ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ලබා දෙනු ලැබීය. ජාතියේ අධිකරණය කෙරෙහි ජනතා විශ්වාසය පුළුල් කරමින් අගවිනිසුරු මේ අවස්ථාවේදී ලබා දිය හැකි උපරිම තීන්දුව යුක්තියේ නාමයෙන් ලබා දී ඇත. ඔහුට සහ අනෙකුත් විනිසුරුවරුන්ට රටේ ජනතාවගේ […]
-
රනිල් වික්‍රමසිංහ විසදුමේ නොව ප්‍රශ්ණයේ කොටසකි.
කෞටිල්‍ය විසිනි. මහින්ද අගමැති ලෙස පත කළ 26වනදායාන් පසු සිරිසේන විසින් නීතිවිරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බව තේරුම් ගැනීමට රොකට් විද්‍යාඥයකු වීමට අවශ්‍යතාවක් තිබුණේ නැත. විසුරුවා හරින තුරුම රනිල් වික්‍රමසිංහ සිතා ගෙන සිටියේ බටහිර රටවල් ප්‍රකාශ ගණනාවක් මගින් සිරිසේනගේ ව්‍යවස්ථා විරෝධී පිළිවෙත පරාජය කළ හැකි බවයි. දැන් සිරිසේනගේ ගැසට්ටුව අත් හිටවා ගැනීමට හැකිව ඇත්තේ 19වන […]
-
විධයකයේ වුව නීති විරෝධී නියෝග ප්‍රතික්ෂේප කරන්න – කතා නායක ජයසූරිය
ප්රවෘත්ති නිවේදනයයි පාර්ලිමේන්තුව නියෝජනය කළ විවිධ පක්ෂ නායකයන් සිදු වී ඇති පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ එය අභියෝගයට ලක්කරන බැව් මට දන්වා සිටියහ. ජනාධිපතිවරයාගේ ක්‍රියාවන් හි නීත්‍යානුකූලභාවය තීරණය කිරීමෙහි පාර්ලිමේන්තුව සතු වගකීම සහ අයිතිය ජනාධිපතිවරයා විසින් වලක්වනු ලැබීමේ හේතුවෙන් මෙම කරුණ පිළිබඳව අර්ථ නිරූපණයක් ලබා ගතයුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයෙනි. මහජනතාව තමන් නියෝජනය කරනු සඳහා තෝරා පත්කළ පාර්ලිමේන්තු […]
-
ශ්‍රී ලංකාව: අධිපතිවාදියෙකු ආපහු ඇවිත් – අනුර ගුණසේකර
‘දේශපාලනය තුළ සදාකාලික මිතුරන්වත්, සදාකාලික හතුරන්වත් නැත. ඇත්තේ සදාකාලික අවශ්‍යතා පමණි’ යන, අර පට්ට ගැසූ කතාව, ශ්‍රී ලංකාවේ මේ මොහොතේ දිග හැරෙමින් පවතින අභූතරූපී රංගනය තුළ තරම් මනාව විසද වෙන වෙනත් කිසි අවස්ථාවක් තිබී නැත. මීට වසර හතරකට පෙර, දිවි හිමියෙන් සුරකින් බවට ජනාධිපති සිරිසේන පොරොන්දු වූ නීතියේ ආධිපත්‍යය, ව්‍යවස්ථාමය ප්රජාතන්ත්රවාදය සහ යහපාලනය පිළිබඳ සකල […]
-
ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක් ද, අර්බුදයක් ද: ප්‍රශ්නෝත්තර මාලාවක් – මාස් එල්. යූසුෆ්
2018 ඔක්තෝබර් 26 වැනි දා මහින්ද රාජපක්ෂ මහතා අගමැති වශයෙන් පත්කිරීමත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමත් පිළිබඳ ආරංචියෙන් රට හෙල්ලුම් කෑවේය. දැන් හැමෝම කතා කරන්නේ, දේශපාලනය, ප්රජාතන්ත්රවාදය සහ නීතිය ගැන ය. දෙපැත්තේම පිරිස්, අගමැතිවරයා ඉවත් කිරීම සහ අලුත් අගමැතිවරයෙකු පත්කිරීම පිළිබඳව පක්ෂව හෝ විපක්ෂව කතා කරති. දේශපාලනික සහ නෛතික කාරණා අතර […]
-
සිරිසේන ව්‍යවස්ථාව අතපිහින කඩදාසියක් කරගනී.- රංජිත් හේනායකආරච්චි
රටක ව්‍යවස්ථාවක් තිබෙන්නේ රටේ පවතින දේශපාලන බලාධිකාරයට එම ව්‍යවස්ථාවට අනුව රට කරවීම සඳහායි. නමුත් දැන් ජනාධිපති සිරිසේන ඔහුගේ හිතුවක්කාරී මතයට අනුව ක්‍රියාකරමින් ව්‍යවස්ථාව තුට්ටුවකට මායිම් නොකර ක්‍රියා කරමින් පවතී. මෙම තත්ත්වය රටට කොතරම් විනාසයක් ලඟා කරනු ඇද්ද? පළමුවෙන්ම ඔහු පාර්ලිමේන්තුව මැද රෑ කල් දමා අලුත් අගමැතිවරයකු නීතිවිරෝධී ආකාරයෙන් තම හිතුමතයට පත් කරනු ලබයි. 26 වැනි […]
-
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපතිට නැති බලතල- ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
(මෙය, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කලින් ලියන ලද්දකි) පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට කතාබහක් තිබේ. ජනාධිපතිවරයාට තම අභිමතය පරිදි කැමති වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් තිබෙන බවට සහ නැති බවට තර්ක විතර්ක ඉදිරිපත් කෙරේ. ව්‍යවස්ථාවක් අර්ථ නිරූපණය කිරීමේදී අනුගමනය කරන ස්වර්ණමය රීතිය වන්නේ, එහි අඩංගු තනි විධානයක් හුදෙකලාව නොගෙන, ව්‍යවස්ථාව දෙස සමස්තයක් වශයෙන් බැලිය යුතු බවයි. ප්‍රශ්නයක් […]
-
පළිගැනීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම යනු ක්‍රියාවන් දෙකකි.- රන්ජිත් හේනායක ආරච්චි.
තමන් කිසිම ආකාරයකින් ජනාධිපති සිරිසේන ගෙන් පලි නොගන්නා බව රනිල් වික්‍රමසිංහ ඊයේ පවසා තිබුණි. මෙතරම් දෙය සිදු වී තිබෙද්දීත් අර්බූදවය විසඳා ගැනීමේ අරමුණින් තමන් ජනාධිපති සිරිසේන සමඟ එක්ව වැඩ කිරීමට සූදානම් බව රනිල් පවසා තිබීම ගරු කටයුතු ය. නමුත් රටක් නම් එහි නීතිය ක්‍රියාත්මක විය යුතුය. පළිගැනීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම යනු එකිනෙකට හාත්පසින්ම වෙනස් […]
-
දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි – ජයදේව උයන්ගොඩ
“මගේ රට නැවත පාවා දී තිබේ”- පැබ්ලෝ නෙරූදා (මතක සටහන්) රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කෙළේ මන්දැ යි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිළි කෙළේ ඔවුන් දෙදෙනා අතර පැවති ප්‍රතිපත්තිමය සහ පුද්ගල වෙනස්කම් ගෙනහැර පාමිනි. ඔහුගේ කතාව විමසා බලන විට, ප්‍රතිපත්තිමය හේතුවලට වඩා පුද්ගල හේතු වඩා ප්‍රබල බව පෙනී යයි. ඒ පුද්ගල හේතු බෙහෙවින් දේශපාලනික බවත් […]
-
සමනල්ලු සහ මාපිල්ලු – රංජිත් හේනායකආරච්චි
ඡායාරූපය: සිරා – මරා ව්‍යවස්ථා කුමංත්‍රණයට විරෝධතා දක්වන සිවිල් පුරවැසි ප්‍රජාව පහන් දල්වා සමණල රෑපයක් මෑවූහ, ‘ අප මෙහි නැගි සිටින්නේ මානව හිමිකම්ථ ප්රජාත්න්ත්රවාදය සහ සමණලුන් උදෙසාය’ එහි තිබූ වැකියයි. ( ට්විටර් ජායාරූපයකි) මම සමනලුන්ට ප්‍රිය කරමි. ඒත් මම මාපිලුන් ට බිය වෙනවා මෙන්ම ඔවුන් මට හිරිකිතය. ඊයේ ලංකාවේ ජනාධිපති සිරිසේන දස දහස් ගණන් මිනිසුන් […]
-
මෙහෙමත් රටක් හැබෑටම – සසංක පෙරේරා
කාටූනය: විනී හෙට්ටිගොඩ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 2018 ඔක්තෝබර් 26 වැනි දා අගමැති රනිල් වික්රමසිංහව තනතුරින් ඉවත් කොට, නොවැම්බර් 16 වැනි දා දක්වා පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමේදී, ශ්‍රී ලංකාවේ සංචාරක සංවර්ධන අධිකාරියේ ජගත් වෙළඳ ප්‍රචාරණ පාඨයක් වන “ලෝකෙන් එකම රට” යන්නට අලුත් අරුතක් එක් කෙළේය. ඇත්තෙන්ම, සති අන්තයක් එළැඹෙන එක් සිකුරාදා රෑක, අගමැතිවරයාට කිසිත් නොදන්වා ඔහුව එම […]
-
අගමැති පත් කිරීම පාර්ලිමේන්තුවට බාර නොදීම සිරිසේන කළ මුලික වරදයි – වෘත්තිකයෝ
ව්‍යවස්ථාමය අර්බුදය පිළිබඳ ප්‍රසිද්ධ ප්රකාශනය. ජනාධිපතිවරයා පසුගිය දා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති ධුරයෙන් ඉවත් කිරීමට යැයි කියමින් කරන ලද ක්‍රියාවන් නිසා ද, ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මහතාව එම අගමැති ධුරයේ පිහිටුවීමට යැයි කියමින් කරන ලද ක්‍රියාවන් නිසා ද, ව්‍යවස්ථාමය සහ දේශපාලනික අර්බුදයක් රටේ උද්ගතව තිබේ. ව්‍යවස්ථාමය ප්රජාතන්ත්රවාදය අගය කරන සහ ආරක්ෂා කරන වෘත්තිකයන් වශයෙන්, […]
-
සොරිසේනගේ සිහිනලන්තය
“හව් කැන් වි ට්‍රස්ට් දිස් ගයි,” වත්මන් අගමැති මෙන්ම දෙමල සංධානයේ නායක සම්බන්ධන් චන්ද්‍රිකා මැතිණියගෙන් ඇසුවාය. එවිට ඇය තම අත ඇගේ පපුවේ තබා සපත කරගනිමින්, ඔහු විශ්වාස කළ හැකි බවත්. ලෝකයේම අපවාදයට ලක් වී ඇති අපේ රට ඉන් ගලවා ගැනීමට ඔහුට හැකි බවත් තරයේ කියා සිටියාය. විශේෂ ලියුම්කරුවකු විසිනි/ශ්‍රී ලංකා ගාර්ඩියන් . රට අරාජික කොට […]
-
හොඳ මොළ එක්කර නව මාවතක් සොයමු! – ජයතිලක ද සිල්වා
පසුගිය 26 වැනි දා ජනාධිපති තුමන් විසින් නව අගමැතිවරයෙක් පත් කරනු ලැබීය. ඒ 2015 අගෝස්තුවෙහි පාර්ලිමේන්තු මැතිවරණයෙහි දී බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගත් හෙයින් පාර්ලිමේන්තුවෙහි බහුතර කැමැත්තෙන් තෝරා ගත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිටියදීම ය. අගමැති අස් කළ බව ජනාධිපතිතුමන් කීව ද ව්‍යවස්ථානුකූල ව තවමත් තමා අගමැති යැයි වික්‍රමසිංහ මහතා පවසයි. මෙහි ප්‍රතිඵලය වන්නේ එක්වර අගමැතිවරුන් […]
-
බලාපොරොත්තු වන්න: “මහින්ද මැජික්”
මහින්ද මාමා වෙතටයි, මෛත්‍රී ඔබව අගමැති කළ බව සැල වූ සැණින් මෙය ලිවීමට සිතුණේය. මීට සතියකට දෙකකට කලින් ඔය දෙන්නා දොරවල් වහගෙන රහසේ හමු වූ දා පටන්, එවැනි හමුවක් සිදු නොවුණු බව ඔබ දෙන්නාම කී දා පටන්, මොකක් හෝ මරාලයක් කඩා වැටෙන්ට යන බවට යම් හැඟීමක් තිබුණා තමයි. ඒත් ඔබව අගමැති කරපු ආරංචිය මේ පාරාදීසයේ […]
-
අවසානයේ ජනාධිපති සිරිසේන විසින් අගමැති රනිල් වඩාත් ශක්තිමත් කළේය
ජායාරූපය: අද කොළඹට ආ එජාප ජන පිරිස්. විශේෂ ලියුම්කරුවෙකු විසිනි. ජනාධිපති සිරිසේන මහතා ගත් මෝහ තීරණයේ ප්‍රතිඵලය ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලනය වඩාත් ශක්තිමත් වී ඇත. වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර වශයෙන් ප්‍රසාදයට ලක් වී ඇත. අගමැතිවරයා ජනාධිපතිවරයාට ස්තූති කළ යුතුය. මෙය තේරුම්ගෙන, රාජපක්ෂ සමග එකතු වීම විහිළුවටකලේ කළේ යැයි කියමින් යළිත් අගමැති වික්‍රමසිංහ මහතා සමග […]
-
නව අගමැතිවරයාගේ පත්කිරීම සහ පෙර අගමැති ඉවත්කිරීම පිළිබඳ සරල ව්‍යවස්ථානුකූල විමර්ශණයක්
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ක්‍රමය තුළ විධායකය හා අගමැතිවරයා අතර සම්බන්ධය සහ ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුව පෙන්වන සම්බන්ධකම් අඩු වැඩි වශයෙන් ප්‍රංශයේ ක්‍රියාත්මක වන ආණ්ඩුක්රමයට සමානකම් දක්වයි. මෙහිදී ජනාධිපතිවරයාට අගමැතිවරයා පත්කිරීමට ව්‍යවස්ථානුකුල ඉඩකඩක් ලැබේ. 78 ව්‍යවස්ථාවේ 42 (අ) වගන්තියට අනුව අගමැතිවරයා පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා ය. පසුගිය ඔක්තෝම්බර් 26 මෛත්‍රිපාල ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ […]
-
සිරිසේන ජනවරමට පයින් ගැහුවා; දැන් රාජපක්ෂ කලු යුගය ආයෙත් – අනුර කුමාර
මෛත්‍රී – රනිල් ආණ්ඩුව ආරම්භයේ සිටම 2015 ජනවරමට පයින් ගසා කටයුතු කරමින් සිටි බවත් එහි උච්චතම අවස්ථාව ඊයේ (26) මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පෙන්නුම් කළ බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ මේ වනවිටත් පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය […]