Sri Lanka Brief
රාජපක්ෂ භිෂණය

රාජපක්ෂ භිෂණය

  • ගෝඨාභය ලෑස්තියි: ඒත්, ලංකාවත් ලෑස්ති ද? රාජන් පිලිප්ස් Read more >

    ගෝඨාභය ලෑස්තියි: ඒත්, ලංකාවත් ලෑස්ති ද? රාජන් පිලිප්ස්

    “මිනිසා ස්වභාවයෙන් සමාජ සත්වයෙකි”- ඇරිස්ටෝටල් “මිනිස් සත්තු කියන්නේ සමාජ සත්තු. ඒගොල්ලෝ පුද්ගලයෝ නෙවෙයි”- ගෝඨාභය රාජපක්ෂ ‘වෝටර්ස් එජ්’ හිදී්‍. ජනතාව ලැහැස්ති නම්, තමා ජනාධිපති අපේක්ෂකයා වීමට ලැහැස්ති යැයි ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කොට තිබේ. ඊට නොදෙවෙනි වීමට මෙන් ඔහුගේ වැඩිමහල් අයියා චමල් රාජපක්ෂත්, “ගෝඨා ලෑස්ති නං, මාත් ලෑස්තියි” කියා තිබේ. මේවා හුදෙක් අසම්භාව්‍ය ප්‍රකාශනයන් ද, මුට්ටිය දැමීමේ […]

  • ව්‍යවස්ථා කුමන්ත්‍රණය අපට කියා දුන් පාඩම් – තිසරණී ගුණසේකර Read more >

    ව්‍යවස්ථා කුමන්ත්‍රණය අපට කියා දුන් පාඩම් – තිසරණී ගුණසේකර

    “තනි මිනිසෙකු පාලනය කරන පුරවැසි නුවරක් මොන විදිහකවත් පුරවැසි නුවරක් නොවේ” – සොෆොක්ලීස් (ඇන්ටිගනී) මීට වසර හතරකට පෙර මෙරට වැසියන්ගෙන් බහුතරයක් මෛත්‍රීපාල සිරිසේනව විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගත්හ. අදින් වසරක පමණ කාලයක් තුළ ඊළඟ විධායක ජනාධිපතිවරයාව පත්කර ගැනීමට නියමිත ය. අතීතයේ කළ වැරදි අනාගතයේ නොකර සිටීමට අපට හැකි වේ ද? අතීතයේ කළ වැරදි කවරේ ද? […]

  • මාධ්‍යයෙන් හුස්ම සිර කොට සිටියදී අධිකරණයෙන් ජීව වායුව දුන් ප්‍රජාතන්ත්‍රවාදය – මාස් යූසුෆ් Read more >

    මාධ්‍යයෙන් හුස්ම සිර කොට සිටියදී අධිකරණයෙන් ජීව වායුව දුන් ප්‍රජාතන්ත්‍රවාදය – මාස් යූසුෆ්

      ‘වීරයන් සහ වීර වන්දනාව’ නැමැති සිය කෘතියේදී තෝමස් කාලයිල් මෙසේ කියයි: “පාර්ලිමේන්තුවේ පර්ෂද තුනක් ඇතැයි එඞ්මන්ඞ් බර්ක් කීවේය. එහෙත් ඊට එපිටින් වාර්තාකරුවන්ගේ ගැලරියේ අසුන් ගෙන සිටි සිව්වැනි පර්ෂදය ඒ තුනටම වඩා වැදගත් ය.” ඉන්දියාව ගැන සඳහන් කරමින් පණ්ඩිත් ජවහර්ලාල් නේරු, මාධ්‍ය ‘අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුරපල්ලා’ වන බව කියා ඇතැයි චිරප්‍රසිද්ධ ය. ඊට අයත් ආයතනික නාමකරණයට […]

  • කුමන්ත්‍රණය අවසානයි; මෙතැනින් කොතැනටද? (1) – සුනන්ද දේශප්‍රිය. Read more >

    කුමන්ත්‍රණය අවසානයි; මෙතැනින් කොතැනටද? (1) – සුනන්ද දේශප්‍රිය.

    ජායාරූපය: ව්‍යවස්ථා කුමන්ත්‍රණකරුවන්ට දඩුවම් දිය යුතු බවට උද්ඝෙ‌ෝෂනය කරන වාම ක්‍රියාධරයෙක්. (c) S.Deshapriya සිරිසේන භංග විය. මහින්ද පීචං විය. රනිල් නැගී ආවේය. මේ වනාහී මතුපිට පෙනෙන දැක්ම ය. මතුපිට පෙනෙන දේ ඇත්ත නම් විද්‍යාවක් අවශ්‍ය නැත. දැන් අප දේශපාලන විද්‍යාව දෙසට හැරී මේ සිදුවීම් දාමය තේරුම් ගැනීමටත් අනතුරුව මෙැතැනින් ඉදිරියට යා හැක්කේ කෙසේදැයි විමසා බලන […]

  • මහින්ද රාජපක්ෂට මන්ත්‍රී ධුරය අහිමි විය යුතු මෙන්න මේ නිසායි Read more >

    මහින්ද රාජපක්ෂට මන්ත්‍රී ධුරය අහිමි විය යුතු මෙන්න මේ නිසායි

    ජායාරූපය: තමා පොදු ජන පෙරමුණෙහි සාමාජිකත්වය ලබා ගත් බව මහින්ද රාජපක්ෂ ලොවට දැන්වූ අයුරු. ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන් 44ක පිරිසට ඉදිරියේදී මන්ත්‍රී පදවි අහිමි වන තත්වයක් නිර්මාණය වෙමින් තිබේ. ශ්‍රීලනිප මන්ත්‍රී පියසේන ගමගේ මහතා මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දැනටමත් ප්‍රකාශ […]

  • ලක්බිම මාධ්‍යවේදී සම්පත් ලක්මාල් ඝාතනය: යුද හමුදා සෙබළ චින්තක වර්ණ කුමාර රිමාන්ඩ් Read more >

    ලක්බිම මාධ්‍යවේදී සම්පත් ලක්මාල් ඝාතනය: යුද හමුදා සෙබළ චින්තක වර්ණ කුමාර රිමාන්ඩ්

    COLOMBO (News 1st) – ලක්බිම මාධ්‍යවේදී සම්පත් ලක්මාල් ද සිල්වා 2006 වසරේ ජුලි මස 02 වන දින වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් යුද හමුදා ගැමුණු රෙජිමේන්තුවේ හමුදා සෙබළ චින්තක වර්ණ කුමාර මහතා ලබන 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, සැකකරු අත්අඩංගුවට ගෙන අද ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා […]

  • අර්බුදය: අනපේක්ෂිත දෙවැනි වරයක් වශයෙන්?  – තිසරණී ගුණසේකර Read more >

    අර්බුදය: අනපේක්ෂිත දෙවැනි වරයක් වශයෙන්? – තිසරණී ගුණසේකර

    සුදෝසුදුවට දිදුළන නාවුක නිල ඇඳුමින් සැරසී, පදක්කම් ලෙළවමින්, මහේශාඛ්‍ය ලීලාවෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වැඩම කළ ආරක්ෂක මණ්ඩල ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න දණ්ඩමුක්තිය මේ යැයි මූර්තිමත් කෙළේය. ඔහු, අධිකරණ වරෙන්තු තුනක් මගහැර සිටි පුද්ගලයෙකි. අධිකරණයටත්, පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් එළිපිට අපහාස කරමින් සිටි පුද්ගලයෙකි. මේ පුද්ගලයාව ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා විසින්ම ආරක්ෂා කරමින් සිටි තත්වයක් තුළ, […]

  • සාක්කිකාර ලුතිනන් කමාන්ඩර්ට නාවික හමුදාව ඇතුළේදීම තර්ජනය කරලා Read more >

    සාක්කිකාර ලුතිනන් කමාන්ඩර්ට නාවික හමුදාව ඇතුළේදීම තර්ජනය කරලා

    තරිඳු ජයවර්ධන. තරුණයක් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන නඩුවේ ප්‍රධාන සැකකරුවකු වන නේවි සම්පත්ට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා නාවික හමුදා පරිශ්‍රයේ රැකවරණය දුන් බව කියන සිද්ධියේ සාක්කිකකරුවකු වන ලුතිනන් කමාන්ඩර් ලක්සිරි නම් නිලධාරියාට පිරිසක් තර්ජනය කළ බවට පැමිණිල්ලක් ලැබුණු බව කොටුව පොලිසිය කියයි.. තමා නාවික හමුදාවේ නිලධාරී නිවස්නයේ භෝජනාගාරයේ සිටිය […]

  • අපරාධ ලෝකයේ… මෛත්‍රී – මහින්ද නිරුවතින් !- ශාලික විමලසේන Read more >

    අපරාධ ලෝකයේ… මෛත්‍රී – මහින්ද නිරුවතින් !- ශාලික විමලසේන

    අපේ පොලිස් සහ උසාවි. පොලීසි වල තාප්ප කඩා මල් වැව්වාට, පොලිස්පති පූජිත් ජයසුන්දර භාවනා පන්ති කළාට පොලිසි ඇතුළේ තවදුරටත් සැකකරුවන්ට කෲර වධ හිංසා කෙරෙන්නේය. සැකකරුවන් මාංචු පිටින් ගංගා වලට පැනීම අඩු වූවාට අදටත් ඒ එකදු සිද්ධියක් සම්බන්ධයෙන් හෝ කිසිදු අධිකරණයක් පොලිස් ස්ථානාධිපතිවරයකුගෙන් ප්‍රශ්න කර නැත. අත්අඩංගුවට ගන්නා ඕනෑම සැකකරුවකුගේ වගකීම පොලිස් ස්ථානාධිපතිවරයා දැරිය යුතුය. ඒ […]

  • සිරිසේනගේ ළාමක හැසිරීම හෙවත් ඩඩ්ලි සිරිසේනගේ ආණ්ඩුකරණයට  වන්දි ගෙවන්නේ මුළු රටම ය. Read more >

    සිරිසේනගේ ළාමක හැසිරීම හෙවත් ඩඩ්ලි සිරිසේනගේ ආණ්ඩුකරණයට වන්දි ගෙවන්නේ මුළු රටම ය.

    මීට වසර තුන හතරකට කලින් තමන්ටත්, තමන්ගේ ආධාරකාරයන්ටත් මහත් වු අවදානමක් ඉදිරියේ තබාගෙන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව පරාජය කළ සිරිසේන විසින්ම පසුගිය ඔක්තෝබර් 26 වැනි දා රටේ අගමැති ධුරයට එම මහින්ද රාජපක්ෂව නැවත පත්කිරීම කාගේත් විමතියට කාරණයක් විය. තත්වය තවත් ව්‍යාකූල වීමට ගියේ දින කිහිපයකි. පාර්ලිමේන්තුවේ නියමිත වාර කාලය තව අවුරුදු දෙකක් පමණ ඉතිරිව තිබියදී […]

  • ෆැසිස්ට්වාදයට ඉඩ නොහැර ප්‍රජාතන්ත්‍රවාදය රැක ගනිමු. – රංජිත් හේනායකආරච්චි Read more >

    ෆැසිස්ට්වාදයට ඉඩ නොහැර ප්‍රජාතන්ත්‍රවාදය රැක ගනිමු. – රංජිත් හේනායකආරච්චි

    ඡායාරූපය: පාර්ලිමේන්තු රුස්වීම් කඩාකප්පල් කරනු පිනිස එහි ආරක්ෂවට පැමිණි පොලීසයට මිරිස් කුඩු ගැසූ රාජපක්ෂ දේශපාලනය‍.  පැවති රජය හිටිහැටියේ කුමන්ත්‍රණයකින් පෙරළා දමා හොරපාරෙන් අගමැතිවරයෙකු පත් කිරීම සහ දිගින් දිගට, හිතෙන හිතෙන ආකාරයට ඇමතිවරු පත් කිරීමේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම නීති විරෝධී සහ ලෝක ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායනට පටහැනිව කළ ක්‍රියාවකි. එහි ප්‍රධාන වගඋත්තරකරුවන් වන්නේ ජනාධිපති සිරිසේන සහ රාජපක්ෂයි. ඔවුන්ගේ මේ […]

  • ජන මැදිහත්වීමකින් ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය පරාජය කරමු!  ලාල් විජේනායක Read more >

    ජන මැදිහත්වීමකින් ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය පරාජය කරමු!  ලාල් විජේනායක

    මාධ්‍ය නිවේදනය: පසුගිය දින තුළ පාර්ලිමේන්තුවේ සිදුවීම් එක්සත් වාමාංශික පෙරමුණ පිළිකුලෙන් යුතුව තරයේ හෙලාදකින අතර, මෙම සිද්ධීන් වලට මග පෑදී ඇත්තේ ජනාධිපති හා මහින්ද රාජපක්ෂ අතර ඇති කරගන්නා ලද එකගතාවය අනුව සිදුකරන ලද ව්‍යවස්ථා විරෝධී හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාවලිය බව ඉතා පැහැදිලිය. පසුගිය ඔක්තෝම්බර් 26 වන දින අගමැති ඉවත්කර මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත්කිරීම තුළින් […]

  • මේ මොහොතේ වැදගත් වන්නේ ජනාධිපතිවරණයක් කැඳවීමයි! Read more >

    මේ මොහොතේ වැදගත් වන්නේ ජනාධිපතිවරණයක් කැඳවීමයි!

    ඡායාරූපය: විශ්වාස භංගය පැරදී අාපසු යන රාජපක්ෂ. (මුහුණූ පාෙතනි) රාවණ. ජනාධිපති සිරිසේන මහත්තයා නිර්මාණය කළ සමාජ සහ දේශපාලන ව්‍යාකූලතාවයේ බරපතළ ප්‍රතිඵලයක් මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සිදුවිය. මෙය ආරම්භය පමණක් විය හැකිය. පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ රීතීන් මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන වැදිබණ කියන ජනාධිපති සිරිසේන, පාර්ලිමේන්තුවේ සිටින තමන්ට හිතැති පාක්ෂිකයින්ටවත් විනයක් ඉගැන්වීමට සමත් වී නැත. එසේම මහින්ද […]

  • කතානායක ජයසූරියගෙන් සිරිසේනට පිළිතුරක්! : ‘මෙන්න ඔබට අමතක ඇත්ත.’ Read more >

    කතානායක ජයසූරියගෙන් සිරිසේනට පිළිතුරක්! : ‘මෙන්න ඔබට අමතක ඇත්ත.’

    තමා රනිල් වික්‍රමසිංහ අගමැති පදවියට පත් කළ අන්දමටම රාජපක්ෂට එම තනතුරදීමට අයිතියක් ඇතැයි අනියමින් කියමින් ජනපති සිරිසේන කතානායක කරු ජයසූරිය වෙත යවන ලද ලිපියට පිළිතුරක් යවන ජයසූරිය, සිරිසේන ජනපති පදවියටත් වික්‍රමසිංහ අගමැති පදවියටත් පත් වූයේ එකම ජනවරමකින් බවත් රටපුරා පැවැති රැසිවීම් 140කදි සිරිසේන විසින්ම එම ජනවරම ඉල්ලා සිටි බවත් ප්‍රකාශ කරයි.  රට මුහුණ දී සිටින […]

  • රාජපක්ෂ පාර්ලිෙම්න්තුවෙහිදී පරාජය වූ බව දන්වා ජනාධිපතිවරයාට යැවූ ලිපිය Read more >

    රාජපක්ෂ පාර්ලිෙම්න්තුවෙහිදී පරාජය වූ බව දන්වා ජනාධිපතිවරයාට යැවූ ලිපිය

    ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද 2095/50 දරණ 2018 නොවැම්බර් 04 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව අද දින (2018-11-14) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව රැස් විය. ගරු කථානායකතුමන් විසින් දවසේ සාමාන්‍ය කටයුතු අනුව  නිවේදන ඉදිරිපත් කිරීමෙන් පසු  ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  එම්.ඒ. සුමන්තිරම් මහතා විසින් ස්ථාවර නි‍යෝග අත්හිටුවා ඉදිරි කටයුතු කර ගෙන යාමට යෝජනා කරන […]

  • රාජපක්ෂ පොදු ජන පෙරමුණට; දැන් සිරිසේන කොයිබටද? Read more >

    රාජපක්ෂ පොදු ජන පෙරමුණට; දැන් සිරිසේන කොයිබටද?

    කෞටිල්‍ය විසිනි. රාජපක්ෂවරු සිරිසේනට කොකා පෙන්නීමට සූදානම් ය. මහ මැතිවරණයක් පැවැත්වුව හොත් සිරිසේනගේ කල්ලිය කුජීත කර තේරී පත්වනු ඇත්තේ රාජපක්ෂවාදී පොහොට්ටු නායකයින් ය. සිරිසේන රනිල් වික්‍රමසංහ සමඟ එක්ව රාජපක්ෂවරුන්ට පහර ගසත්දී රාජපක්ෂවරු සමඟ එක්වූ පොහොට්ටු සාමාජික සාමාජිකාවන් අත හැරීමට රාජපක්ෂවරු සූදානම් නැත. මෙම ජන්දය ජනවාරි මාසයේ නැත්නම් ලබන අගොස්තුවේදී පැවැත්වුවද රාජපක්ෂගේ සැළැස්ම එයමවනු ඇත. රාජපක්ෂට […]

  • ශ්‍රී ලංකාව: අධිපතිවාදියෙකු ආපහු ඇවිත්  – අනුර ගුණසේකර Read more >

    ශ්‍රී ලංකාව: අධිපතිවාදියෙකු ආපහු ඇවිත් – අනුර ගුණසේකර

    ‘දේශපාලනය තුළ සදාකාලික මිතුරන්වත්, සදාකාලික හතුරන්වත් නැත. ඇත්තේ සදාකාලික අවශ්‍යතා පමණි’ යන, අර පට්ට ගැසූ කතාව, ශ්‍රී ලංකාවේ මේ මොහොතේ දිග හැරෙමින් පවතින අභූතරූපී රංගනය තුළ තරම් මනාව විසද වෙන වෙනත් කිසි අවස්ථාවක් තිබී නැත. මීට වසර හතරකට පෙර, දිවි හිමියෙන් සුරකින් බවට ජනාධිපති සිරිසේන පොරොන්දු වූ නීතියේ ආධිපත්‍යය, ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය පිළිබඳ සකල […]

  • පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපතිට නැති බලතල- ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න Read more >

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපතිට නැති බලතල- ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

    (මෙය, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කලින් ලියන ලද්දකි) පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට කතාබහක් තිබේ. ජනාධිපතිවරයාට තම අභිමතය පරිදි කැමති වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් තිබෙන බවට සහ නැති බවට තර්ක විතර්ක ඉදිරිපත් කෙරේ. ව්‍යවස්ථාවක් අර්ථ නිරූපණය කිරීමේදී අනුගමනය කරන ස්වර්ණමය රීතිය වන්නේ, එහි අඩංගු තනි විධානයක් හුදෙකලාව නොගෙන, ව්‍යවස්ථාව දෙස සමස්තයක් වශයෙන් බැලිය යුතු බවයි. ප්‍රශ්නයක් […]

  • ප්‍රජාතන්ත්‍රවාදය කෙලසූ නොසන්ඩාලයා සහ 2019 මහමැතිවරණය – රාවණ Read more >

    ප්‍රජාතන්ත්‍රවාදය කෙලසූ නොසන්ඩාලයා සහ 2019 මහමැතිවරණය – රාවණ

    රිලවෙකුට දැලිපිහියක් ලැබුණු විට ඔහු ආගිය අතේ එය හසුරුවන අතර තමන්ගේ නැට්ට කැපුනද තමන් අතෙහි ඇත්තේ දැලිපිහියක් බව ඌට නොවැටහේ. ඒ ආකාරයෙන්ම බේබදු සිහිනයක පසුවෙන නායකයෙකු රටක නීති සහ රටේ ජනතාව සමග සෙල්ලම් කිරීමට යෑමේදී තමන්ගේ විනාශය තමන් විසින්ම උදා කර ගන්නා ආකාරය එම තැනැත්තා නොදන්නේය. නමුත් ඔහුගේ පව්වලට කර ගැසීමට සිදුවන්නේ රටේ අසරණ ජනතාවටය. […]

  • යක්ෂයාගේ හෝරාව ළගාවීමට පෙර – සුනන්ද දේශප්‍රිය Read more >

    යක්ෂයාගේ හෝරාව ළගාවීමට පෙර – සුනන්ද දේශප්‍රිය

    තුන් වැනියා පළමුවැනියා විය. ඒ වනාහී සිරිසේන මුහුණ දී සිටින දේශපාලන අබග්ගයේ තරම ය. සිරිසේන අගමැතිකමට මුලින්ම තෝරා ගන්නා ලද්දේ එජාප ප්‍රධානියකු වන කරු ජයසූරියයි. දෙවැන්නා ද එජාප නායකයකු වන සජිත් ප්‍රේමදාස ය. ඒ දෙදෙනාම සිරිසේන ගේ බිලි බෝයිස් වීම ප්‍රතික්ෂේප කළ විට ඔහු රාජපක්ෂ ළගට ගියේ ය. පිදුරු ගහක හෝ එල්ලී සිය ඥති ගණයා […]

  • දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි – ජයදේව උයන්ගොඩ Read more >

    දේශපාලනික දේ පුද්ගලික ද වේ- අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි – ජයදේව උයන්ගොඩ

    “මගේ රට නැවත පාවා දී තිබේ”- පැබ්ලෝ නෙරූදා (මතක සටහන්) රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කෙළේ මන්දැ යි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිළි කෙළේ ඔවුන් දෙදෙනා අතර පැවති ප්‍රතිපත්තිමය සහ පුද්ගල වෙනස්කම් ගෙනහැර පාමිනි. ඔහුගේ කතාව විමසා බලන විට, ප්‍රතිපත්තිමය හේතුවලට වඩා පුද්ගල හේතු වඩා ප්‍රබල බව පෙනී යයි. ඒ පුද්ගල හේතු බෙහෙවින් දේශපාලනික බවත් […]

  • සමනල්ලු සහ මාපිල්ලු – රංජිත් හේනායකආරච්චි Read more >

    සමනල්ලු සහ මාපිල්ලු – රංජිත් හේනායකආරච්චි

    ඡායාරූපය: සිරා – මරා ව්‍යවස්ථා කුමංත්‍රණයට විරෝධතා දක්වන සිවිල් පුරවැසි ප්‍රජාව පහන් දල්වා සමණල රෑපයක් මෑවූහ, ‘ අප මෙහි නැගි සිටින්නේ මානව හිමිකම්ථ ප්‍රජාත්න්ත්‍රවාදය සහ සමණලුන් උදෙසාය’ එහි තිබූ වැකියයි. ( ට්විටර් ජායාරූපයකි) මම සමනලුන්ට ප්‍රිය කරමි. ඒත් මම මාපිලුන් ට බිය වෙනවා මෙන්ම ඔවුන් මට හිරිකිතය. ඊයේ ලංකාවේ ජනාධිපති සිරිසේන දස දහස් ගණන් මිනිසුන් […]

  • අගමැති පත් කිරීම පාර්ලිමේන්තුවට බාර නොදීම සිරිසේන කළ මුලික වරදයි – වෘත්තිකයෝ Read more >

    අගමැති පත් කිරීම පාර්ලිමේන්තුවට බාර නොදීම සිරිසේන කළ මුලික වරදයි – වෘත්තිකයෝ

    ව්‍යවස්ථාමය අර්බුදය පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශනය. ජනාධිපතිවරයා පසුගිය දා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති ධුරයෙන් ඉවත් කිරීමට යැයි කියමින් කරන ලද ක්‍රියාවන් නිසා ද, ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මහතාව එම අගමැති ධුරයේ පිහිටුවීමට යැයි කියමින් කරන ලද ක්‍රියාවන් නිසා ද, ව්‍යවස්ථාමය සහ දේශපාලනික අර්බුදයක් රටේ උද්ගතව තිබේ. ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සහ ආරක්ෂා කරන වෘත්තිකයන් වශයෙන්, […]

  • සොරිසේනගේ සිහිනලන්තය Read more >

    සොරිසේනගේ සිහිනලන්තය

    “හව් කැන් වි ට්‍රස්ට් දිස් ගයි,” වත්මන් අගමැති මෙන්ම දෙමල සංධානයේ නායක සම්බන්ධන් චන්ද්‍රිකා මැතිණියගෙන් ඇසුවාය. එවිට ඇය තම අත ඇගේ පපුවේ තබා සපත කරගනිමින්, ඔහු විශ්වාස කළ හැකි බවත්. ලෝකයේම අපවාදයට ලක් වී ඇති අපේ රට ඉන් ගලවා ගැනීමට ඔහුට හැකි බවත් තරයේ කියා සිටියාය. විශේෂ ලියුම්කරුවකු විසිනි/ශ්‍රී ලංකා ගාර්ඩියන් . රට අරාජික කොට […]

  • රාජපක්ෂ අගමැතිකරවීමත් ඉන් පසු සිරිසේන ගත් පියවරත් බල රහිතයි – ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න Read more >

    රාජපක්ෂ අගමැතිකරවීමත් ඉන් පසු සිරිසේන ගත් පියවරත් බල රහිතයි – ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න

      පාර්ලිමේන්තූ මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා විසින් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය පිළිබඳව මාධ්‍ය හමුවලදී කරන ලද ප්‍රකාශවල සාරාංශය. 2018 ඔක්තෝම්බර් මස 26 වන දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන විසින් අගමැති ධූරයෙන් උද්දේශිතව ඉවත් කර මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස උද්දේශිතව පත් කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයක් පැන නැගී ඇත. 2015 […]

  • සිරිසේන සහ සිරිසේන: ගමනක අවසානය – සුනන්ද දේශප්‍රිය‍‍‍‍‍‍‍‍‍‍ Read more >

    සිරිසේන සහ සිරිසේන: ගමනක අවසානය – සුනන්ද දේශප්‍රිය‍‍‍‍‍‍‍‍‍‍

    සිරිසේන සහ සිරිසේන එකෙකි. දෙදෙනෙකි. හරියට රයිගමයයි ගම්පලයයි වගේ ය. දෙන්නෙකි. කරන්නේ එකම රැවටිල්ල ය. එනයින් සිරිසේන සහ සිරිසේන යනු නූතන ශ්‍රී ලංකික දේශපාලනයේ අරුමය සහ කරුමයයි. සිරිසේන සහ සිරිසේන 2015 ජනවාරියේ දී මහින්ද රාජපක්ෂ පවුල තමන් සහ දරුවන් මරා අඩි හයක් යට වළ දමන්නට හිටි බව කීවේ ය. රාපක්ෂ පවුල මහා පරිමාණ දූෂණ වංචාවන්ට සම්බන්ධ […]

  • බලාපොරොත්තු වන්න: “මහින්ද මැජික්” Read more >

    බලාපොරොත්තු වන්න: “මහින්ද මැජික්”

    මහින්ද මාමා වෙතටයි, මෛත්‍රී ඔබව අගමැති කළ බව සැල වූ සැණින් මෙය ලිවීමට සිතුණේය. මීට සතියකට දෙකකට කලින් ඔය දෙන්නා දොරවල් වහගෙන රහසේ හමු වූ දා පටන්, එවැනි හමුවක් සිදු නොවුණු බව ඔබ දෙන්නාම කී දා පටන්, මොකක් හෝ මරාලයක් කඩා වැටෙන්ට යන බවට යම් හැඟීමක් තිබුණා තමයි. ඒත් ඔබව අගමැති කරපු ආරංචිය මේ පාරාදීසයේ […]

  • සිරිසේන, ඔබ දිනවීමට දිවිදුන් රත්නපුර තරුණයාගේ මාපියන්ට ඔබ දැන් කුමක් කියන්නේද? – උපුල් කුමාරප්පෙරුම Read more >

    සිරිසේන, ඔබ දිනවීමට දිවිදුන් රත්නපුර තරුණයාගේ මාපියන්ට ඔබ දැන් කුමක් කියන්නේද? – උපුල් කුමාරප්පෙරුම

    ජනාධිපති තුමනි, මා මේ සටහන තබන්නේ ඔබ වෙනුවෙන් චන්දය ලබා දුන් ලක්ෂ 62ක ජනතාව වෙනුවෙනි. මා දන්නා තරමට ඔබට කතිරය ගැසූ ලක්ෂ 62ක ජනතාව 2015 ජනවාරි 8 දිනයෙහි එසේ ඔබට මනාපය පල කලේ තමන්ගේ චන්ද අයිතිය ප්‍රකාශ කල හැකි නිදහස් හා සාමකාමි පරිසරයක නොව තමන්ගේ වගකීමක් ඉටු කිරීමට පමනි. ඔබ සමහර විට නොදැන සිටි හැකි […]

  • සිරිසේන ජනවරමට පයින් ගැහුවා; දැන් රාජපක්ෂ කලු යුගය ආයෙත් – අනුර කුමාර Read more >

    සිරිසේන ජනවරමට පයින් ගැහුවා; දැන් රාජපක්ෂ කලු යුගය ආයෙත් – අනුර කුමාර

    මෛත්‍රී – රනිල් ආණ්ඩුව ආරම්භයේ සිටම 2015 ජනවරමට පයින් ගසා කටයුතු කරමින් සිටි බවත් එහි උච්චතම අවස්ථාව ඊයේ (26) මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පෙන්නුම් කළ බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ මේ වනවිටත් පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය […]

  • සිසිෆස්ගෙන් ඉගෙනීම – තිසරණී ගුණසේකර Read more >

    සිසිෆස්ගෙන් ඉගෙනීම – තිසරණී ගුණසේකර

    “තම රටේ පාලක රජ පවුලේ උදහසට ලක්වූ මාධ්‍යවේදියා”: ඒ, ගාර්ඩියන් පුවත්පතේ පළවූ ජමාල් කෂෝගිගේ මරණ දැන්වීම සඳහා යොදාගෙන තිබූ උද්ධෘතයයි. අරාබි ලෝකයට අද වැඩියත්ම අවශ්‍ය කරන්නේ ප්‍රකාශනයේ නිදහස බව, ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතේ පළවූ සිය අවසාන තීරු ලිපියේ ජමාල් කෂෝගි ලියා තිබුණි. බොහෝ මානවයන්ට මානව හිමිකම් අහිමි කෙරෙන ලෝකයක ජීවිතය සහ මරණය මොන වගේ ද යන්න, […]

Back to Top