Sri Lanka Brief
රාජපක්ෂ භිෂණය

රාජපක්ෂ භිෂණය

  • රාජ ඌෂ්ණය සහ ශිරන්ති රාජපක්ෂගේ ‘ අපි නොදන්න පාස්ෆෝට්‘ Read more >

    රාජ ඌෂ්ණය සහ ශිරන්ති රාජපක්ෂගේ ‘ අපි නොදන්න පාස්ෆෝට්‘

    ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම සිද්ධාන්තයක් වන්නේ නීතිය හමුවේ සියලු පුරවැසියන් සමානය යන්නයි. සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ අන්තර් ජාතික සම්මුතිය අනුව සියලු දෙනා නීතිය ඉදිරියෙහි සමාන ය. නීතිය අන්ධ විය යුතු යැයි කියැවේ. ඒ පාලක, පාලිත, වර්ගය. කුලය, පංතිය, වර්ණය, ස්ත්‍රී පුරුෂ භාවය යනාදී කිසිම කරුණක් මත අගතිගාමී හෝ පක්ෂග්‍රාහී නොවීමට නීතිය වග බලා ගත යුතු නිසා […]

  • පොලිස් නිලධාරීන් ගල් ගසා මරණ බවට තර්ජනයට කළ පළාත් සභා මංත්‍රී උපුල්ට වැඩ වරදී Read more >

    පොලිස් නිලධාරීන් ගල් ගසා මරණ බවට තර්ජනයට කළ පළාත් සභා මංත්‍රී උපුල්ට වැඩ වරදී

    ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති කරවීමෙන් පසු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයාගේ සිට නියෝජ්‍ය පොලිස්පතිවරයා දක්වා සියලු දෙනාම ගල්ගසා මරණ බවට පසුගිය දා තිස්සමහාරමයේ පැවැති හමුවකදී දකුණු පළාත් සභා ඇමති ඩී. වී. උපුල් සිදු කළ ප්‍රකාශය පිළිබඳව පොලිස්පතිවරයගේ අණින් පොලිස් මූලස්ථනයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. ඔහු සිදු කළ ප්‍රකාශය […]

  • මෙන්න රාජපක්ෂ සහ වහල්ලු ඉල්ලන යහ පාලනය! – සුනන්ද දේශප්‍රිය Read more >

    මෙන්න රාජපක්ෂ සහ වහල්ලු ඉල්ලන යහ පාලනය! – සුනන්ද දේශප්‍රිය

    ( ජොලි දවස්: රාජපක්ෂ පවුලේ විවාහයක්) සිය මෑණියන් වන හිටපු ජනාධිපති ආර්යාව මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශයට ( එෆ්අයිසීඩී) කැඳවීම සම්බන්ධයෙන් සමාජ ජාලයට පා.ම. නාමල් මැයි 26 දා රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් මුදා හැර තිබේ. ඔහු එහි මෙසේ කියයි: ‘‘ මගේ මවට පරීක්ෂණයක් සඳහා පැමිණෙන්නැයි එෆ්අයිසීඩීයෙන් මේ දැන් දැන්වීමක් ලැබණා. ඇය මෙවැනි වදයකට පැමිණවීම සුදුසු ද? ‘යහ […]

  • ටිරාන් අත්අඩංගුවට ගන්න ප්‍රබල කරුණු තිබෙනවා;  විමර්ශනවලින් හෙලිවූ බව නීතිපති කියයි Read more >

    ටිරාන් අත්අඩංගුවට ගන්න ප්‍රබල කරුණු තිබෙනවා; විමර්ශනවලින් හෙලිවූ බව නීතිපති කියයි

    ත්‍රස්තවාදී නායකයකු වන එමිල් කාන්තන් සමඟින් කටයුතු කරමින් ඔහුට මුදල් ලබාදී රජයේ මුදල් අපහරණය, සාපරාධී විශ්වාසය කඩකිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් රාඩා ආයතනයේ හිටපු සභාපති, ප්‍රධාන විධායක නිලධාරි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් ප්‍රබල කරුණු විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇතැයි නීතිපතිවරයා ඊයේ (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය. ඒ අනුව වරෙන්තුවකින් තොරව වුවද අලස් මහතා […]

  • මණ්ඩලේ කචල් – විමල්, ගම්මන්පිල, වාසු ගැටෙති Read more >

    මණ්ඩලේ කචල් – විමල්, ගම්මන්පිල, වාසු ගැටෙති

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද පිල නියෝජනය කරන පිරිස අතර යම් ගැටුම්කාරී තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ. වාර්තාවන අන්දමට මතුව ඇති වාතාවරණය අනුව ශ්‍රී ලංකා නිදහස්පක්ෂයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබා නො‍දෙතැයි ඔවුන් අතර දැඩි විශ්වාසයක් ගොඩ නැගීම හා ඒ අනුව මහින්ද පිල වෙනම මීලඟ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන්නේනම් එහි […]

  • බල්ලන් මොනතරම් බිරුවත් තවලම ඉදිරියට යනවා – නීතිඥ ජේ.සී. වැලිඅමුණ

    මුල්‍ය විමර්ශන කොට්ඨාසයට ගහන්නෙ  පදනමක් නැතුවයි ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයකු වන නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා සමඟ කාලීන දේශපාලනයට අදාළ මාතෘකා කිහිපයක් සාකච්ඡාවට භාජනය කරමින් “සිළුමිණ” පැවැත්වූ සංවාදයකි මේ. ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමෙන් වළකින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ලබාදුන්, තීන්දුව ගැන ප්‍රබල සංවාදයක් රටේ ඇතිව තියෙනවා. නීතිඥයකු හැටියට ඔබ මේ කාරණය කියවන්නේ මොන විදිහටද? මෙහෙමයි. දූෂණයට එරෙහිව […]

  • ශ්‍රීලංනිප තුන් කොන් සටන සහ යහ පාලන අනාගතය – සුනන්ද දේශප්‍රිය Read more >

    ශ්‍රීලංනිප තුන් කොන් සටන සහ යහ පාලන අනාගතය – සුනන්ද දේශප්‍රිය

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දේශපාලන වශයෙන් සහාය දක්වන කණ්ඩායම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය දක්වන කණ්ඩායම සහ පක්ෂයේ නාමයෙන් ජනාධිපති සිරිසේනට කකුල් මාට්ටු දමන කණ්ඩායම වශයෙන් ශ්‍රීලංනිපය දැන් පැහැදිළිව කොටස් තුනකට කැඩී තිබේ. මෙම කණ්ඩායම් තුන අතරින් තෙවැනිව කී කණ්ඩායම එනම් නිමල් සිරිපාල, සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා යනාදීන් ජනාධිපති සිරිසේන […]

  • ටිරාන් අලස් අත් අඩංඟුවට ගැනීම අද හෙටම Read more >

    ටිරාන් අලස් අත් අඩංඟුවට ගැනීම අද හෙටම

    ( සුනාමි ව්‍යසනය ලක්ෂ ගණනාවකට මහා විපතක් බවට පත් වී තිබියදී…) සුනාමි ව්‍යසනයෙන් විපතට පත් උතුරු නැ‍ඟෙනහිර ජනතාවට නිවාස ඉදිකිරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රාඩා ආයතනයට ලබා දුන් රුපියල් මිලියන 124ක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාඩා ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකරන්නේ යැයි පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ […]

  • උපුල් ජයසූරිය තමා ලද රු. 6,500,000 ක ත්‍යාගය සන්ධ්‍යා එක්නැළිගොඩට පිරි නමයි Read more >

    උපුල් ජයසූරිය තමා ලද රු. 6,500,000 ක ත්‍යාගය සන්ධ්‍යා එක්නැළිගොඩට පිරි නමයි

    (සන්ධ්‍යා එක්නැළිගොඩ: අතනෑර අරගලයේ යෙදී සිටින්නීය) නීතිඥ සංගමයේ හිටපු සභාපති උපුල් ජයසූරිය මහතා විසින් කරන ලද කාර්යභාරය අගයමින් පොදු රාජ්‍ය මණ්ඩලයේ නීතිඥ සංගමයෙන් පිරිනමන ලද සම්මානය සමඟ ලැබුණු මුදල් ත්‍යාගය වූ ඩොලර් 5000 (රැපියල් 6,50000.00) ක මුදල අතුරැදහන් කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ වෙත ප්‍රදානය කිරීමට තීරණය කොට ඇත. 2010 ජනවාරි 24 […]

  • වසර හයකට පසු ශ්‍රී ලංකාව: රෑ වැටුණු වලේ දවල් නොවැටෙනු පිණිස – නිලන්ත ඉලංගමුව Read more >

    වසර හයකට පසු ශ්‍රී ලංකාව: රෑ වැටුණු වලේ දවල් නොවැටෙනු පිණිස – නිලන්ත ඉලංගමුව

    ( වසර හයකට පෙර) වසර හයක් ගත වී ඇත. ඒ, එල්. ටි. ටි. ඊ. සංවිධානය පරාජය කිරීමෙන් පසු ලංකාවය. එම ඓතිහාසික සිදුවීමෙන් පසු රටේ දේශපාලන පසුබිම වෙනස් වී ඇති ආකරය සහ එහි ඇති බලපෑම සමාජය තුළට විසරණය වී ඇති අකාරය පිළිබඳව විමසීම වැදගත් වේ. මෙහි ඇති ඉතා වැදගත් කාරණය වූ කලී ලංකාවේ දේශපාලන ප්‍රවණතා වල […]

  • රාජපක්ෂවරුන්ට පොලිස් රාජ්‍යය, හිටලර්, මානව හිමිකම් මතක් වීම – සුනන්ද දේශප්‍රිය Read more >

    රාජපක්ෂවරුන්ට පොලිස් රාජ්‍යය, හිටලර්, මානව හිමිකම් මතක් වීම – සුනන්ද දේශප්‍රිය

    අම්මප ඇත්ත! රාජපක්ෂවරු දැන් පොලිස් රාජ‍්‍යයක් ගැන, හිට්ලර්වාදී අඥාදයක පාලනයක් ගැන, ජනමාධ්‍ය නිදහස ගැන සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් නඩු පැවැරීම ගැන කතා කරන්න පටන් අරං! ඔක්කාරය හැදුණත් මේ කතා ඇත්ත. තමන්ගේම අතීතය අමතකවීම ලෙඩක්! ඒකට කියන්නේ ඩිමෙන්ෂියාව කියළයි. සමහරුන්ට මේ අසනීපය හැදෙන්නේ කැමැත්තෙන්. රාජපක්ෂවරුන්ටත් එහෙම වෙන්න ඇති. ‘‘ මං ඔය අවලන් උසාවි වලට බය නැහැ. […]

  • ‘මාතලේ ජනාධිපති කොමිසමේ නිගමන වෘත්තීය විශේෂඥයන්ට කළ අවමානයක්’ Read more >

    ‘මාතලේ ජනාධිපති කොමිසමේ නිගමන වෘත්තීය විශේෂඥයන්ට කළ අවමානයක්’

    මාතලේ සමූහ මිනීවල සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමට පත්කරන ලද ජනාධිපති විශේෂ විමර්ශන කොමිසන් සභාවේ වාර්තාව එම මිනීවල සම්බන්ධයෙන් ‘පරීක්‍ෂණ පැවැත්වූ වෘත්තීය විශේෂඥයන්ට කරන ලද බලවත් අපහාසයකැ’යි පරීක්‍ෂණ කටයුතුවල නියැලූණු වෘත්තීයවේදීහු කියා සිටිති. මිනීවලේ කැනීම් මෙහෙයවූ වෝහාරික පුරා විද්‍යාඥයා සහ කැනීම් භාර ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා JDS සංවිධානය වෙත පවසා ඇත්තේ, තමන් මෙම ජනාධිපති කොමිසමේ වාර්තාව හා […]

  • ගෝඨාභයගේ පෙත්සමට උත්තර බඳින්න ඔක්තෝබර් තෙක් අවස්ථාව නොදීම ගැටලුවක් – අගමැති රනිල් Read more >

    ගෝඨාභයගේ පෙත්සමට උත්තර බඳින්න ඔක්තෝබර් තෙක් අවස්ථාව නොදීම ගැටලුවක් – අගමැති රනිල්

    පොදු රද මඬුලු අධිකරණ මතය ලබාගැනීම සුදුසුම ක්‍රමයයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම වෙනුවෙන් උත්තර බැඳීමට ඔක්තෝම්බර් මාසය වන තෙක් අධිකරණය තමාට සහ කැබිනට් මණ්ඩලයට අවස්ථාව ලබා දී නොතිබීම ප්‍රශ්නයක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. දේශපාලන දඩයමක් සිදු කරන බවට නඟා ඇති චෝදනාවලට පිළිතුරු දීමට තමාට ලෙහෙසියෙන් හැකියාව ඇති බව අවධාරණය කළ අගමැතිවරයා […]

  • එල්ටීටීඊය සමඟ සාකච්ජා කළ බව රාජපක්ෂ නිලධාරියෙක් පිළිගනී Read more >

    එල්ටීටීඊය සමඟ සාකච්ජා කළ බව රාජපක්ෂ නිලධාරියෙක් පිළිගනී

    උතුරු නැගෙනහිර සුනාමියෙන් වැනසුණු පෙදෙස්හි නිවාස තැනීම සඳහා පිහිටවූ “රාඩා” ආයතනයේ හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සාලිය වික්‍රමසූරිය 2005/2006 කාලයේ මුදා නොගත් ප්‍රදේශවලට ගොස් කොටි නායකයකු වූ එමිල්කාන්ත් සමඟ කාසච්ඡා කර ඇති බව ඔහු විසින් ප්‍රකාශ කළ බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද (12) කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතාට දැනුම් දී තිබේ. සැකකාර සාලිය වික්‍රමසූරිය […]

  • එක්සත් ජාතීන්ගේ අතුරුදන්වූවන් පිළිබඳ සෙවීමේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට . Read more >

    එක්සත් ජාතීන්ගේ අතුරුදන්වූවන් පිළිබඳ සෙවීමේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට .

    ( අතුරුදහන් වූ කාටූන් ශිලිපි ප්‍රගීත් එක්නැළිගොඩ) බලහත්කාරයෙන් හෝ අකමැත්තෙන් අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සිදු කරන සංචාරය මේ වසරේ අගෝස්තු මාසයේ දී සිදු කරන බව තහවුරු කර ඇත. ඒ අනුව විශේෂඥයින් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අගෝස්තු මස 03 වනදා සිට 12 වනදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත ය. මෙම […]

  • කෝටි ගණන් ගෙවා මිලට ගත් වීරවංශලාගේ ඉඩම් කෙරුවාව Read more >

    කෝටි ගණන් ගෙවා මිලට ගත් වීරවංශලාගේ ඉඩම් කෙරුවාව

      ටිරන් කුමාර බංගගමආරච්චි විමල් වීරවංශ යනු රාජපක්ෂ ආණ්ඩුවේ ඇමති වරයකු පමණක් නොව හොරණෑකාරයාද, කසළ ශෝධකයාද විය. අදද රාජපක්ෂ බේරාගනු වස් නැවත බලයට ඒම පිණිස හැකි උපරිම මෙහෙය කරන අතළොස්ස අතර ඔහු පෙරමුණේය. ඒ ඇයි? පසුගිය ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසුව ආණ්ඩුව වෙනස් විය. දැන් වීරවංශ මන්ත‍්‍රීවරයෙකි. අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් […]

  • අලූත් ව්‍යවස්ථාවක් ගැන සාකච්ඡා පුරවැසියන් පටන්ගත යුතුයි – ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

    ජනවාරි 8දා පටන්ගත්තේ සම්පූර්ණයෙන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කියලා. ඒත් 19වැනි සංශෝධනය නැවතුණේ ඊට මෙහායින්. ඒ දක්වා ආ ගමන් මාර්ගය කොහොමද? මැතිවරණ කාලේ වෙනකොටම මුල් අදහසට සීමා වැටෙන්න පටන් ගත්තා. වමේ පක්‍ෂ හා පුරවැසි ව්‍යාපාර පෙනීහිටියේ සම්පූර්ණ යෙන්ම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකරන්න. නමුත් පුළුල් දේශපාලන සහයෝගිතාව හැදෙන කොට සීමා වැටුණා. හෙළ උරුමයට වුවමනා වුණේ […]

  • වැලිඅමුණට ගහන්න රාජපක්ෂලාගෙන් අත්තිකාරම් ! Read more >

    වැලිඅමුණට ගහන්න රාජපක්ෂලාගෙන් අත්තිකාරම් !

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ අයථා කටයුතු විමර්ශනය කොට එළිදැක්වූ වාර්තාව නිසා මහත් අසීරුතාවයට පත්වී සිටින නාමල් රාජපක්ෂ, නිශාන්ත වික්‍රමසිංහ කණ්ඩායම, එම කොමිසමේ සභාපතිත්වය දැරූ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජේ.සී. වැලිඅමුණ මහතාට එරෙහිව මාධ්‍ය, වෘත්තීය සමිති, අධිකරණ ඔස්සේ ප්‍රහාරයක් එල්ලකිරීම සඳහා සැළසුම් සකස් කරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචිමාර්ගවලින් වාර්තා වේ. මේ යටතේ ‘වැලිඅමුණ කොමිසමට’ විරුද්ධව එහි නිර්දේශයන් ශුන්‍ය […]

  • මහින්ද-මෛත‍්‍රී අසාර්ථකයි! මහින්ද අලූත් පක්‍ෂයකින් මහ මැතිවරණයට – වාසුදේව

    එළැඹෙන මහ මැතිවරණය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නව සන්ධානයකින් තරඟ වැදීම අනිවාර්ය බව නව වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසා තිබේ. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සමඟ පැවති සාකච්චා අසාර්ථක වීම නිසා හිටපු ජනාධිපතරයා සන්ධානයේම නව එකමුතුවකින් මීළඟ මැතිවරණයට තරඟ වදින බවද ඔහු කියා සිටි බව විමල් වීරවංශගේ වෙබ් අඩවිය වාර්තා කරයි. […]

  • ගෝඨාභයගෙන් වටගලට එන්තරවාසියක් – බිලියනයක් ඉල්ලයි Read more >

    ගෝඨාභයගෙන් වටගලට එන්තරවාසියක් – බිලියනයක් ඉල්ලයි

    ජවිපෙ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතීඥ සුනිල් වටගල මහතා තමාට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවට පැමිණිලි ඉදිරිපත් කරමින් තම කීර්ති නාමයට හානි සිදු කලැයි පවසමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වන්දි වශයෙන් රුපියල් බිලියනක් සතියක් ඇතුළත ගෙවන ලෙස ඉල්ලා එන්තරවාසියක් යවා ඇති අතර එසේ නොගෙවන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කර තිබේ. […]

  • 19ට වෙස්සන්තර වූ මෛත්‍රී, මහින්දට බෙල්ල දී සිරිසඟබෝ වෙන එකක් නෑ! – උපුල් ජෝෂප් ප්‍රනාන්දු Read more >

    19ට වෙස්සන්තර වූ මෛත්‍රී, මහින්දට බෙල්ල දී සිරිසඟබෝ වෙන එකක් නෑ! – උපුල් ජෝෂප් ප්‍රනාන්දු

    1977ට පසු ශ්‍රී ල. නි. ප.ය සමරපු හොඳම මැයි දිනය සැමරුවේ 1994 මැයි පළමු වැනි දිනය. එදින මුළු කොළඹම නිල් පාටින් සරසා තිබුණි. මහජන ගංගාවක් ශ්‍රී ල. නි. ප. මැයි රැලියට ආහ. එකල බලයේ සිටි එ. ජා. ප. ආණ්ඩුව ප්‍රේමදාස ඝාතනයෙන් දුර්වල වී මැයි දිනයක් කළේ නැත. ඒ වෙනුවට එකල ජනාධිපති විජේතුංග මැයි දින සහන […]

  • මහින්ද-මෛත‍්‍රී හමුව මුළුමනින්ම අසාර්ථකයි – වෙල්ගම Read more >

    මහින්ද-මෛත‍්‍රී හමුව මුළුමනින්ම අසාර්ථකයි – වෙල්ගම

    ජනාධිපති මෛත‍්‍රිපාලසිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර පැවති සාකච්චා අසාර්ථක බව ඊට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. මේ බව වාර්තා කරන්නේ විමල් විරවංහගේ සී නිව්ස් වෙබ් අඩවිය යි එම සාකච්චාවේ ප‍්‍රගතිය සම්බන්දයෙන් මාධ්‍ය හමුවේ අදහස් පල කරමින් මන්ත‍්‍රිවරයා කියා ඇත්තේ රටම බලා සිටිනා අගමැති අපේක්‍ෂක ධුරය සම්බන්ධයෙන් සෑහීමකට පත් […]

  • මෙත් වඩන මෛත්‍රී කැකිල්ලේ රජු හමුවීම –  නිලන්ත ඉලංගමුව Read more >

    මෙත් වඩන මෛත්‍රී කැකිල්ලේ රජු හමුවීම – නිලන්ත ඉලංගමුව

    අපේක්‍ෂා කළ පරිද්දෙන් එය සිදු වූයේය. මොවුහු ප්‍රසිද්ධ විවාද වලට වඩා හොර දේශපාලන ගනුදෙනු වලට ඇලුම් කමක් දක්වති. අදාළ කතාබහා සිදු වූ භූමිය තුළ වශී ගුරුකම් කිරීමට කාලයක් තිබුණේදැයි දන්නේ නැත. නමුත් සුපුරුදු වශී බෝලය රැගෙන තමන් කැමති තීන්දුවට ප්‍රතිචාරය ලබා ගැනීම සඳහා පැමිණියේය. වශී බෝලය මෛත්‍රීගේ දෑස් වෙත ඉලක්ක කිරීමට අවස්ථා කිහිපයකදීම “රජුට” හැකි […]

  • රාජපක්ෂ කල්ලිය සැරසෙන නාඩගම කුමක්ද? – රංජිත් හේනායකආරච්චි Read more >

    රාජපක්ෂ කල්ලිය සැරසෙන නාඩගම කුමක්ද? – රංජිත් හේනායකආරච්චි

    ‘එනපොට හොඳ නැත කෙල්ල ගෙට ගන්’ කියා ගැමි වහරේ කියවෙන්නේ මතුවෙමින් තියෙන තත්වය අවදානම් බව පෙනෙන විට එයට එරෙහිව වහාම ක්‍රියාත්මක විය යුතුය යන්න හැඳින්විම සඳහායි. මහින්ද රාජපක්ෂ නැවත බලයට ගෙනඒම සඳහා හඬ දෙන හොරණෑ සහ ඒ පිළිබඳව වැඩපිලිවෙලවල් විවිධ මුහුණුවරින් නැවත නැවත මතුවෙමින් පවතී. පැරණි මහින්ද රෙජීමයේ සිටි විවිධ තරාතිරම්වල කොටස් නේක අයුරින් රටේ […]

  • ‘ජනපති සිය ස්ථාවරය හෙළි කළ යුතුයි’ – සුනන්ද දේශප්‍රිය Read more >

    ‘ජනපති සිය ස්ථාවරය හෙළි කළ යුතුයි’ – සුනන්ද දේශප්‍රිය

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපතිවරයා එකිනෙකා හමුවන්නේ එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමට නම් එය ජනවාරි අට වැනිදා වත්මන් ජනාධිපතිවරයාට ලැබුණු ‘ජන වරමට පිටුපෑමක්’ බව දේශපාලන විශ්ලේෂකයෙක් පවසයි. වසර දෙකක් යන තුරු ප්‍රධාන පක්ෂ දෙක ම එක් වී ජාතික ආණ්ඩුවක් පවත්වා ගෙන යාම මැතිවරණ පොරොන්දුවක් වූ බවත් ඒ සඳහා ලැබී තිබෙන ජන වරම ඉතා පැහැදිලි […]

  • හැංගිමුත්තන් නොකොට මෛත්‍රී  මහින්දට සමඟ ප්‍රසිද්ධ විවාදයකට යා යුතුයි – නිලන්ත ඉලංගමුව Read more >

    හැංගිමුත්තන් නොකොට මෛත්‍රී මහින්දට සමඟ ප්‍රසිද්ධ විවාදයකට යා යුතුයි – නිලන්ත ඉලංගමුව

    නීතිය ක්‍රියාත්මක කළ යුතු හරයාත්මක දෑ අමතකකොට දමා අනෙකාගේ සමච්චලයට සහ උපහාසයට ලක්වන දෑ පසුපස හඹා යමින්, තමාත් තම ජයග්‍රහණයට උරදුන් අයත්, මුළු රටත් විපාකයේ හෙළීම තරම් විලිලජ්ජා සහගත මෙන්ම අසමත් වැඩපිළිවෙලක් තවත් නැත. අනෙකාට කෘතගුණ සැලකීම, අනෙකා අභියස බාල්දු වීමෙන් සහ අනෙකාගේ උගුල්වලට හසු වී මාධ්‍ය ඉදිරියටවිත් විරිත්තීමෙන් කළ නොහැකිය. එය කළ හැකිවන්නේ සිහි […]

  • ජනාධිපති සිරිසේන, රාජපක්ෂ සමඟ නිදිවැදීමට පෙර….- සුනන්ද දේශප්‍රිය Read more >

    ජනාධිපති සිරිසේන, රාජපක්ෂ සමඟ නිදිවැදීමට පෙර….- සුනන්ද දේශප්‍රිය

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබන 06දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුjන්නේ එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීම පිණිස යැයි ඔහුගේම පක්ෂයේ ප්‍රකාශකයා වන ඩිලාන් පෙරේරා කියමින් යයි. මෛත්‍රීපාල සිරසේන පසුගිය ජනවාරි 08 දා තරඟ වැදුනේ මහින්ද රාජපක්ෂ සමඟය. ඔහු රටට කීවේ මහින්ද රාජපක්ෂ පරාජය කල යුත්තේ භිෂණය සහ දූෂනය තුරන් කිරීමට බවය. රාජපක්ෂ එංගලන්තයෙන් ගෙනැවිත් දුන් අශ්වයින්, […]

  • 19 වන සංසෝධනය: රාජපක්ෂ වහලුන්ගේ පරාජය – සුනන්ද දේශප්‍රිය

    මෛත්‍රී – රනිල් ආන්ඩුවේ 19වන සංසෝධනය සහාය නොදෙන බවට කටමැත දොඩවමින් සිටි රාජපක්ෂවාදී මංත්‍රී ‘වහලුන්’ කණ්ඩායමට පසුගිය 29දා ඊට විරුද්ධ වීමට ධෛර්‍යක් නැතිව ගියේ ය. ඒ වනාහී මැත කාලීන ශ්‍රී ලාංකික දේශපාලනය දුටු මාහැඟි ජයග්‍රහණයක අමිල මොහොතකි. 19වන සංශෝධනය පාර්ලිමේන්තුව මගින් සම්මත කිරීමේ ඇත්ත ජයග්‍රහණය රඳා පවතින්නේ එය ලද වැඩි ජන්ද ප්‍රමාණයෙහි නොව ඊට විරුද්ධව […]

  • රාජපක්ෂ නෂ්ඨාවශේෂ සහ ජර්මනියේ නාසි පරාජය – රංජිත් හේනායකආරච්චි

    සිසිර සමයේ වැටුනු හිම පියලි තාමත් ඈත කඳු මිටියාවත් මත තැනින් තැන රැදී තිබේ. ඉදහිට සයිබීරියාව පැත්තෙන් හමාඑන සීතල සුළග තාමත් ඇඟ හිරිගඩු නංවති. මුළු සීතකාලයම අහස් තලය වසාගෙන බැඳ තිබූ අලුපාට වියන් තැනින් තැන හිමිහිට ඈත් මෑත් කළ හිරු කිරණ එතුලින් එබී බලා පොලොව මත ගුලි ගැසී ඇති සීතලට විහිළු කරති. සිසිර සමයේදී සීතලට […]

  • සෑර් මාර සීන් එක නේ උනේ..! Read more >

    සෑර් මාර සීන් එක නේ උනේ..!

    ඊයේ මහ රෑ 19 සම්මත කොර ගත්තායින් පස්සේ, බොහෝම අමාරුවෙන්, මහින්ද මහත්තයා සම්බන්ධ කොර ගත්තේය.. සෑර් මාර සීන් එක නේ උනේ..! ඇයි මොකක්ද මාතේ සීන් එක…? මෙහෙටත් භූමී කම්පාවක්ද..? භූමීය කම්පා නොවෙයිද සෑර්…? ඇයි මක්කෙයි වෙලා තියෙන්නේ.. ? වෙලා තියෙන්නේ…?, ඔබ තුමා කොහෙද ඉන්නේ…? ඉන්න හිටින්න තැනක් නෑ බං.., අනික මම කොහේ හිටියම උඹට මොකටෙයි..? […]

Back to Top