දේශපාලනය ව්‍යාපාරයක් වෙනුවට මහජන සේවයක් බවට පරිවර්තනය කරන්න ඕනා. අපි මේ දේශපාලනයේ දීර්ඝ කාලයක් මේ පාර්ලිමේන්තුවේ අවුරුදු 20ක්, පුද්ගලිකව මම හැබැයි අපි මේ දේශපාලනයෙන් සතයක් හම්බකරපු මිනිස්සු නෙවෙයි. මේ දේශපාලනයෙන් දූෂිත භාවයේ, නාස්තියේ ගොදුරු බවට පත්වී තිබෙනවා. ඒ නිසා මේ දූෂිත, නාස්තියේ ගොදුරක් බවට පත්වී තිබෙන දේශපාලනය පිරිසිදු කරන්න ඕනා. අපි ඒවා කරලා තිබෙනවා. මොකද […]
රාජපක්ෂ භිෂණය
-
-
බලහත්කාරී අතුරුදහන් කිරීම්: ඊයේ දවස නැවත කිසි දවසක එපා!
ඡායාරූපය: අතුරුදහන්වවූවන් සඳහා වූ අන්තර් ජාතික දිනයෙහි තාවකාලික අනුස්මරණ පුවරුවක සිය සටහන තබන පියෙක්. © Sunanda Deshapriya බලහත්කාරී අතුරුදහන් කිරීම්වල වින්දිතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනය අගෝස්තු 30 වැනිදාට යෙදී තිබුණි. ලංකාවේ උතුරු, නැගෙනහිර සහ දකුණු පෙදෙස්වල අතුරුදහන් වූවන් සිය ගණනක් පිළිබඳ පරීක්ෂණ තවම සිදුවෙමින් පවතින තත්වයක් යටතේ, එම ජාත්‍යන්තර දිනය අපේ බලධාරීන්ගේ විශේෂ අවධානයට යොමු […]
-
ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති සහ ප්රජාතන්ත්රවාදය- රංජිත් හේනායකආරච්චි
දැන් නැවතත් ලංකාව ජනාධිපතිවරණයකට සූදානම් වන බව දේශපාලන කතිකාවතුලත්, මාධ්‍යයෙහි ප්‍රධාන මාතෘකාව බවට පත් වීම තුලිනුත් පෙන්නුම් කරයි. විධායක ජනාධිපති ක්‍රමය ඇති කළ දා පටන් මේ වන තුරුම එයට එරෙහිව විවිධ දේශපාලන පක්ෂ, දේශපාලන නායකයින් සහ සමාජ බලවේග සෑම එකක් ම පාහේ දිගින් දිගටම කරුණු ඉදිරිපත් කරනු ලැබීය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහාම තමන් […]
-
ගෝඨාභය රාජපක්ෂට වෙනස් විය හැකිද? – සුනන්ද දේශප්‍රිය
ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනස් පුද්ගලයකු වනු ඇතැයි කීවේ අන් කවරකුවත් නොව බැසිල් රාජපක්ෂ මහතාය. ඔහු දුෂණය කම්මුතු කරන්නකු වනු ඇතැයි කීවේ ද එම බැසිල් රාජපක්ෂම ය. කම්මුතු කරන්නකු යන වචනයම භයානක එකකි. ගෝඨාභය රාජපක්ෂ කාලයෙහි සුදු වෑන් මගින් බලහත්කාර අතුරුදහන්වීම් සිදු වූ බව කීවේ අන් කවරකුවක් නොව රාජපක්ෂ දේශපාලන වහලකු වන වාසුදේව නානායක්කාර […]
-
මෙරටට නෛතික භාවය කොහෙත්ම අවශ්‍ය ද? – එමිල් වැන්ඩපෝර්ටන්
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති අපේක්ෂකත්වය කෙරෙහි මහත් වු මාධ්‍ය අවධානයක් පසුගිය දිනවල යොමු වනු දක්නට ලැබුණි. ඔහු වෙනුවෙන් රට පුරා දියත් කෙරුණු සංදර්ශනයේ තරම දෙස බලන විට ඔහුගේ ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරයට පිටුබලය සපයන යෝධ මූල්‍යමය අනුග්‍රහයක වාසිය ඔහුට ඇති බවක් පෙනෙන්ට තිබේ. එහෙත්, රාජපක්ෂ-විරෝධියෙකු යැයි කොහෙත්ම හැඳින්විය නොහැකි ඩී. බී. එස්. ජෙයරාජ් මහතා වැන්නෙකු ගෝඨාභය […]
-
ඔබගේ ඡන්දය සාමය සමඟිය උදෙසාද ප්රචණ්ඩත්වයටද යන්න ඔබම තීරණය කරන්න – සුගන්ධිකා විමලරත්න
ඡායාරූපය: රතුපස්වල ජලය ඉල්ලූ ජනයාට වෙඩි උණ්ඩ දුන්නේ රාජපක්ෂ පාලනයයි. කන්න ඕනේ උනහම කබරගොයත් තලගොයා වීම 2015 මෙම රට භාර ගනිද්දී මෙය දෙකොන ගිනිගත් විලක්කුවක් මෙනි. දකුණ, නැගෙනහිර, බස්නාහිර සහ උතුර මේ සියලු පළාත් වල පීඩාවට පත් වූ වන්ගේ කඳුළු කතා බොහොමයි. ජීවිත හානි, දහස් ගණන් පුද්ගල අවතැන් වීම් සහ වටිනා දේපළ හානි එමෙන්ම ජිවෝනපාය […]
-
‘උං ඔබව වගේ කුණුවුන හු*** මාධ්‍යවේදිනියක්ව මරයි’ – ගෝටා පෙඩ්රිකා ජෑන්සට කළ තර්ජනයේ කතාව
ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේඛම්වරයාගේ බිරිදට සූරිච් සිට බලු පැටියෙකු ගෙන ඒම වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන්සේවා ආයතනය සැළසුම් කළ ගුවන් යානය වෙනස් කළේ දැයි යන්න විමර්ෂනය කල සන්ඩේ ලීඩර් පුවත්පත, පසුව ඒ පිළිබදව ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේඛම්වරයාගෙන් විමසූ විට එහිදී ඉතාමත් උණුසුම් ලෙස වචන හුවමාරැවක් සිදු වී අති බවට සන්ඩේලීඩර් පුවත්පත වාර්තා කරයි. සන්ඩේ ලීඩර් පුවත්පත වාර්තා […]
-
ජනාධිපතිවරණය: ගෝටාට විරුද්ධව කව්ද? – සුනන්ද දේශප්‍රිය
කාටූනය @awanthaartigala . අංක ගණිතය මගින් දේශපාලන අනාවැකි කීමට නොහැක. මන්ද යත් අංක ගණිතය යනු හුදෙක් එකයි එකයි දෙකයි කීමක් නිසා ය. ජනප්‍රිය නිදසුනක් ගන්නේ නම් වතුර බිංදු දෙකක් එකතු වූ විට වතුර බිංදු දෙකක් සෑදෙන්නේ නැත. සෑදෙන්නේ ටිකක් ලොකු එක් වතුර බිංදුවකි. එසේ නමුත් ආරම්භක ස්ථානයක් ලෙස එළඹෙන ජනාධිපතිවරණය දෙස බැලීමට අපට පහේ පංතියේ අංක ගණනක් […]
-
නම ගිය අපරාධකාරයකුට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම ලැජ්ජා සහගත කටයුත්තක් – මංගල සමරවීර
ජායාරූපය: ප්රජාතන්ත්රවාදය වෙනුවට පුද්ගලාභිවාදනය. මංගල සමරවීර විසිනි. අද දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහුගේ පවුලේ අලුත් දේශපාලන පක්ෂය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කළේය. අපේක්ෂකයා කවුද යන්න ගැන සති ගණනාවක් තිස්සේ ඇසුණු කටකතා ඔහු නොදන්නා බව ඇඟෙව්වේය. මා අවුරුදු ගාණක් තිස්සේ මහින්ද රාජපක්ෂ හොඳින් හඳුනමි. ජනාධිපති කුමාරතුංග යටතේ අපි දෙදෙනා ශ්‍රී […]
-
නිදහස් ප්රජාතන්ත්රවාදය ද, නැත්නම් දේශපාලනික අවීචිය ද? තේරීම දැන් තවත් පැහැදිලි ය.
Image courtesy of The Wallpaper. විශ්වමිත්ර 1984. “ජාතිකවාදය යනු, ආත්ම-වංචනයෙන් පණ පෙවූ බල පිපාසයයි” – ජෝර්ජ් ඕවල් එක්සත් ජාතික පක්ෂය ගොළු වී ඇත. ප්රජාතන්ත්රවාදයේ ධජය දරා සිටි පක්ෂයක හඬ අහිමිව ගොසිනි. සිල්ලර දේශපාලනය කෙරෙහි වන වැඩිමනත් නැමියාව විසින් නව යුගයේ දේශපාලනය තුළ එය යල්පීනූ ප්රපංචයක් බවට සහ නියමුවෙකු නැති යාන්ත්‍රණයක් බවට එය පත්ව ඇත. නියමුවා සේ […]
-
මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදුන් අය අල්ලා දඬුවම්දීම ඉක්මන් කරවමු!
ඡායාරූපය: උපාලි තෙන්නකෝන් ප්‍රහාරයට ලක්වීමෙන් පසු. (AP photo) මෙරට ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියකු සහ පුවත්පත් කතුවරයකු වන උපාලි තෙන්නකෝන් මහතාට පහර දී බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ යුද හමුදා සෙබළකු බව දැන් අනාවරණය වී තිබේ. එම සැකකාර කෝප්‍රල්වරයා සී.අයි.ඩිය මගින් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව ලබන 19 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයට […]
-
සත්‍යය වන්නේ, ඊළඟ ජනාධිපතිවරණයෙන්, උත්තරවලට වඩා තව තවත් ප්‍රශ්න බෝ කරන බවයි
කාටූනය: RCPradeep @RcSullan. 18 වැනි සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධන ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතුව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා තිබේ. ඔහු සිතන පරිදි ඒවායින් ශ්‍රී ලංකාවට අවැඩක් මිස වැඩක් සිදුව නැත. දැන් තවත් ජනාධිපතිවරණයක් පැමිණීමට නියමිතව ඇති තත්වයක් තුළ සහ ඒ සඳහා ඔහු ද අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීමට නියමිතව ඇතැයි කියන තත්වයක් තුළ, […]
-
දොස්තර සාෆි සිදුවීම: කතාව දුන්නේ ඩී.අයි.ජී – දිවයින; මං ඒහෙම කිව්වේ නෑ – ඩී.අයි.ජි; චෝදනා බොරු – රහස් පොලීසිය
සාෆි ශිහබ්දීන් වෛද්‍යවරයාට එරෙහි චෝදනා සනාථ නොවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) අධිකරණයට දැනුම් දුන්නේය. මහත් ආන්දෝලනයකට තුඩු දුන් වෛද්‍ය සාෆි ශිහබ්දීන් මහතා සැත්කම් අතරතුරදී සිංහල බෞද්ධ කාන්තාවන්ගේ සිසේරියන් සැත්කමට භාජනය කරද්දී ඔවුන්ගේ පැලෝපීය නාලය මිරිකා ඇතැයි දිවයින පුවත්පත කළ වාර්තා කිරීම අසත්‍ය බව ඔහු යටතේ සහ ඔහු සමඟ සේවය කළ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු […]
-
ඥාණසාර හිමිට දුන් ජනාධිපති සමාව කොතෙක් දුරට දූරදර්ශී ද? – “ස්පෙක්ටේටර්”
ගිය සතියේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපතිවරයා දුන් සමාව විශාල ආන්දෝලනයකට තුඩුදී තිබේ. බොදුබල සේනාවේ නායකයා වන මේ කලහකාරී භික්ෂුව කවදත් කුපිතකාරී ක්‍රියාවන්ට මැදිහත්ව ඇති අතර, හිර ගෙදරින් සමාව ලද සැණින් පසුව පවා, මුස්ලිම් මූලධර්මවාදී ත්‍රස්තවාදය පිළිබඳ වර්තමාන ප්රශ්නයේදී තවමත් හැසිරෙන්නේ එයාකාරයෙනි. අධිකරණයට අපහාස කිරීම පිළිබඳ වරදට බරපතල වැඩ සහිත 19 වසරක සිර දඬුවමකට නියම වූ […]
-
දර්ගා නගරයෙන් අත් අඩංවටගත් වඳ තිසරපට කතාව බොරු වෙයි !
බේරුවල, දර්ගා නගරයේ ව්‍යාපාරිකයකු අලෙවිය සඳහා ගෙනවිත් තිබියදී ඉකුත් බ්‍රහස්පතින්දා (23) පොලීසිය භාරයට ගත් තිසරපට තොගයේ ඇතුළත තිබූ ජෙල් වර්ගය මිනිසා වඳ භාවට පත්කරන හෝ මිනිස් සිරුරට හානි කර නොවන බව රස පරීක්ෂක විසින් තහවුරු කර ඇත. සැක සහිත ද්‍රව්‍යයක් ආලේප කර තිබූ තිසරපට 243ක් එහි හිමිකරු සමග අත්අඩංගුවට ගනු ලැබූ බව මාධ්‍ය මගින් වාර්තා […]
-
බ්ලේක් – ගෝඨා ගැන වාසුගෙන් හෙළිදරව්වක්
ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ සහ ශ්‍රී ලංකාවේ හිටපු ඇමෙරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් වැනි පාර්ශ්ව එක්ව බරපතළ සැකසංකා මතු කරන දේශපාලන ප්‍රවණතාවක් ඇති කරමින් සිටින බව මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කරයි. පසුගිය 27 වනදා බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම […]
-
මිනිස් සංහාරයක අස්වැන්න නෙලන අපේක්ෂකයෙක් – සරත් ද අල්විස්
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ‘නීතිය ඉදිරියේ සමානත්වය’ පිළිබඳ සංකල්පය, නන්දා මාලිනියගේ ගීතමය වැලපීමක නව අර්ථකථනයක් වශයෙන් මෙසේ ඉදිරිපත් කළ හැකිය: “අද්මිරාල්ලා, ජෙනරාල්ලා නීතියටත් ඉහළින් නම්- කුමට එරට අධිකරණය, නීතිය හා විනිසුරුන්?” ගෝඨාභයගේ ජනාධිපති අපේක්ෂා ප්‍රවර්ධනය සඳහා එළිපිට කැසකවන එක් රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට සහභාගි වෙමින්, තමාගේ ‘නීතියේ ආධිපත්‍යය’ පිළිබඳ සංකල්පය ගෝඨාභය රාජපක්ෂ පැහැදිලි කර දුන්නේය. ඉන්දීය […]
-
යුක්තිය පතා එකම ගමනක: වික්ටර් හාරා දියණිය සහ ලසන්ත වික්‍රමතුංග දියණිය
අහිම්සා වික්‍රමතුංග සිය පියාගේ මරණයට සාධාරණත්වය ලබා ගැනීම පිනිස ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව ඇමෙරිකා එක්සත් ජනපද අධිකරණය හමුවෙහි පවරණ ලද නඩුව ගැන විවිධ කතා බහ ඇතිව තිබේ. රාජපක්ෂ පවුලේ ඔටුන්න හිමි කුමරා වන නාමල් රාජපක්ෂ කියන්නේ මෙවැනි ප්‍රශ්න විදෙස් රටවලට නොගෙන යා යුතු බවය. එය විදෙස් රටකට ගෙන යෑමක් මෙහි සිදුව නැත. නඩුව පවරා ඇත්තේ ගෝඨාභය […]
-
ප්රජාතන්ත්රවාදී ආණ්ඩුකරණයේ අනාගතය සහ එළඹෙන ජනපතිවරණය – මහාචාර්ය ඒ.ඕ.ඒ. ද සොයිසා
මෙම වසරේ අග පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය මේ දිනවල නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන උණුසුම් දේශපාලන මාතෘකාවක් බවට පත්ව ඇත. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු පහකට සීමා කර තිබෙන බැවින් 2015 ජනවාරි 08 දින පැවැත් වූ ජනාධිපතිවරණයෙන් බලයට පත් වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ධුර කාලය 2020 වර්ෂයේ ජනවාරි 08 දා අවසන් වේ. ආණ්ඩුක්‍රම […]
-
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ගෝඨාභය චින්තනය – හරීම් පීරිස්
ශ්‍රී ලංකාවේ මාධ්‍ය, විශේෂයෙන් සිංහල මාධ්‍ය මේ දිනවල ඉතා උනන්දුවෙන් සොයා බලන කාරණයක් තිබේ. එනම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ගොඩනැගීමට යෝජිත සන්ධානයේ ඉදිරි වගතුග ය. එවැනි උනන්දුවක් ඇති වීමට හේතු වී තිබෙන්නේ, එම මාතෘකාව මැද්දේ එවැනි සන්ධානයකින් ඉදිරිපත් කෙරෙන ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න ඇමිණී ඇති බැවිනි. දැනට පවතින්නේ, ජනාධිපති […]
-
මොහොත තීරණාත්මකයි; අප කළ යුත්තේ කුමක්ද? – ජගත් සිරිවර්ධන
අප රට අද සේන්දුවී ඇත්තේ ඉතාම තීරණාත්මක දේශපාලන මංසන්ධියකට ය. රට ගමන් කරන්නට යන්නේ ආඥාදායකත්වයක් කරා ද, එසේ නැතහොත් අඩු වශයෙන් අවම ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් රැකෙන පාලන තන්ත්රයක් කරාද යන්න තීන්දු වන්නේ ඉදිරි මාස 10 ක පමණ කාල පරිච්ඡේදය තුළ ප්රජාතන්ත්රවාදීන් ප්රශ්නය තේරුම් ගන්නේ කෙසේද යන කාරණය මතය. පැහැදිලිවම ආඥාදායක ප්‍රවණතාවයක් හොල්මන් කරයි. බොහෝ ප්රජාතන්ත්රවාදීන්ට පවා […]
-
ප්‍රතිත්‍රස්ත පනත ඉල්ලා අස්කර ගනු! මාධ්‍ය සංවිධාන කියයි
2019 මාර්තු 15/මාධ්‍ය නිවේදනය: ත්‍රස්තවාදය වැළැක්විමේ පනත මෙන්ම ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතද භායනකයි.මාධ්‍ය සංවිධාන තුනක් ඒකාබද්ධව කියයි. පවතින ත්‍රස්තවාදය වැළැක්විමේ පනත මෙන්ම නව ප්‍රතිත්‍රස්ත පනත් (ත්‍රස්තවාදය වැළැක්වීමේ ) කෙටුම්පතද මෙරට ප්රජාතන්ත්රවාදයට හා ප්රකාශනයේ නිදහසට එරෙහි දරුණු මර්දනකාරි ප්රයත්නයක් ලෙස සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හා මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය යන සංවිධාන […]
-
අද්මිරාල්වරයා සහ අතුරුදහන් කළ පිරිමි ළමයි එකොළොස් දෙනාගේ නඩුව – මනෝජ් කොළඹගේ
2008 දී පිරිමි ළමයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කරන ලදි. නාවුක හමුදා නිලධාරීන් 14 දෙනෙකු ඊට සම්බන්ධ වී සිටි අතර ඉන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන මහේස්ත්රාත්වරයෙකු ඉදිරියට පමුණුවා තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා (7) මේ සිද්ධියේ 14 වැනි සැකකරු වන, යුද සමයේ හිටපු නාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වමින් රටේ ඉහළම අධිකරණය තීන්දුවක් දුන්නේය. සමහර […]
-
ජිනීවා යෝජනාව, ඝාතක භූමිය සහ ප්‍රතිත්‍රස්ත පනත – සුනන්ද දේශප්‍රිය
ජයාරූපය: පසුගිය 04දා සමාන්තර රැස්වීමකදී ප්‍රදර්ශනය කරන ලද මෙම සංක්ෂිප්ත වාර්තා විත්රපටියෙහි යුද සමයෙහිදී සිංහල සහ මුස්ලිම් ජනයාට එරෙහිව එල්ටීටී්ය සිදු කළ ප්රචන්ඩ ප්රහාරයන් ගැන වචනයක් හෝ නොතිබීීම විසින් විත්රපටය ඒකාංශික එකක් බවට පත් කර තිබුණි. මානව හිමිකම් කවුන්සිලයේ දෙවැනි සතිය ගෙවී යන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ සාකච්ජාව වඩා පුළුල් වන අතර ජනාධිපති සිරිසේන ගේ අලුත්ම […]
-
රවිරාජ් ඝාතනයට ගෝඨා කෝටි 5ක් දුන් බව බුද්ධි නිලධාරීයා අධිකරණයට කියයි !
යාපනය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රුපියල් කෝටි පහක මුදලක් කරුණා පාර්ශ්වයට ලබා දුන් බව බුද්ධි තොරතුරු ඒකකයේ හිටපු පොලිස් කොස්තාපල් ලියනාරච්චිගේ අභයරත්න කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ සාක්කි දෙමින් පැවසීය. මෙම ඝාතනය ගිය ආණ්ඩුවේ කුමන්ත්රණයකින් සිදුකර ඇති බවත්, එම මුදල් ආරක්ෂක […]
-
ආරක්ෂක මූලස්ථාන වංචාවෙන් ගෝඨා රකින්න මෛත්‍රීගෙන් කැබිනට් පත්‍රිකාවක්
(ලංකා ට්රුත්) අකුරේගොඩ ප්‍රදේශයේ ආරක්ෂක සේනා මූලස්ථානය ලෙස හඳුන්වමින් ඉදි කෙරෙමින් පවතින ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතුවලදී සිදු වී ඇති වංචා පිළිබඳ හෙළි වීමත් සමග එහි චූදිතයා බවට පත්ව ඇති ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගලවා ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විශේෂ කැබ්නට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. ආරක්ෂක අමාත්‍යාංශයේ මෙම ඉදි කිරීමට අදාළ උපදේශන […]
-
හේ ජිනීවා! සැරසේන්!! – සුනන්ද දේශප්‍රිය
අසාමාන්‍ය සීතල තවමත් ජිනීවා වසාගෙන ය. හිරු එළියක් පේනමානයක නැත. එනමුත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් අරභයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කෙමෙන් උණුසුම් වන්නට පටන් ගෙන තිබේ. සිය තනතුරෙහි වැඩ බාරගැනීමෙන් පසු නව මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ප්‍රථම වරට ශ්‍රී ලංකාව ගැන සඳහනක් කරන ලද්දේ පසුගිය 04දා පැවැති රුස්වීමක දී ය. ඇයගේ කතාවෙහි දී සදහන් […]
-
‘මිග් යානා ජාවාරමට’ තව තවත් බෝම්බ කඩා වැටෙයි (2)
ජායාරූපය: ගෝඨාභය රාජපක්ෂ මේ ජාවාරම සාධාරණ කිරීමට කිවේ බොරුය. විශේෂ ලේඛකයෙකු විසිනි. මේ යෝජනාව මගින් අමාත්‍ය මණ්ඩලය නොමග යවන ලද්දේ මෙයාකාරයෙන් පමණක් නොවේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ටෙන්ඩර් මණ්ඩලය ‘යුක්රින්මෑෂ්’ සමාගමේ යෝජනාව සඳහා වන තමන්ගේ අනුමැතිය පිළිබඳ තීරණය අමාත්‍ය මණ්ඩලයට දැනුම් දීමෙන් සති දෙකකට පසු, ‘යුක්රින්මෑෂ්’ සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන ඩී. ඒ. පෙරෙගුඩෝව් අපේ ගුවන් […]
-
ඥණසාරට සමාව දුන්නොත් එය අධිකරණයට හා නීතිපති දෙපාර්ථමේන්තුවට බියකරු බලපෑමක් – ප්රජාතන්ත්රවාදය සඳහා නීතිඥයෝ
නීතියෙන් තීන්දු වූ අපරාධකරුවෙකු වන ඥානසාර හිමිට සමාව ලබාදීම සම්බන්ධයෙන් නීතීඥවරු අවධානයෙන්. කලහකාරී හැසිරීම් සහ විශේෂයෙන් ප්‍රජා වෛරය අවුළුවාලීම හරහා ප්‍රචණ්ඩත්වයට අනුබල දීම සඳහා ප්‍රකට ඥානසාර හිමි හට ජනාධිපති සමාව ලැබීමේ ඉඩකඩ පිළිබඳ පළවන වාර්තා සම්බන්ධයෙන් ප්රජාතන්ත්රවාදය සඳහා නීතීඥයෝ Lawyers for Democracy- සිය අවධානය යොමු කරයි. ඥානසාර හිමි මේ රට තුළ වාර්ගික සහ ආගමික ආතතිය […]
-
ලසන්ත ඝාතනයට ගෝඨාභය සැක ඇයි? – කේ. සංජීව
‘ලසන්ත ඝාතනය: අණ ගෝඨාගෙන්ද? පරීක්ෂණ ඇරඹේ’ මේ අපේ ගියවර පුවත්පතේ මුල් පුවත. ඇත්තටම විමර්ශන අංශ මෙම ඝාතනයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයැයි සැක කරන්නේ ඇයි?.. ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නට තමන් සූදානම් යැයි කියන පසුබිමක මේ කරුණ සනාථ කරන තොරතුරු සොයා යෑම බෙහෙවින් වැදගත් ය. ආවාට ගියාට ඔහුට විරුද්ධව කරුණු කීම ඔහුට […]