Sri Lanka Brief
රාජපක්ෂ පාලනය

රාජපක්ෂ පාලනය

  • රටේ අනාගතයට රාජපක්ෂලා ඕනෑද? –  නිලන්ත ඉලංගමුව Read more >

    රටේ අනාගතයට රාජපක්ෂලා ඕනෑද? – නිලන්ත ඉලංගමුව

    මෙතරම් අවබෝධයකට පසු, මොන සමාවක්ද? – ටී. එස්. එලිඔට් ( ජෙරෝන්සන්) අපි අවබෝධ කර ගත් මූලික කාරණයක් තිබේ. ඒ වූ කලී, ‘ප්‍රජාතන්ත්‍රවාදයට’ මුවා වී රටේ ජනතාවගේ මූලික අයිතීන් කොල්ල කෑමෙන් සිදුවන විනාශය සහ තම කොල්ල කෑම “දේශහිතෛශී” ප්‍රචාරණ උපායන් මඟින් වසා දැමිය හැකි සීමාවන්ය. රාජපක්ෂලා දේශපාලනික වශයෙන් මුළු රටට පමණක් නොව ලෝකයටම ප්‍රායෝගිකව තේරුම් ගැනීමට […]

  • වසරකදී කෝටි 800ක් පාඩු කරමින් ශ්‍රී ලංකන් උලා කෑ හැටි: සවිස්තර වාර්තාව Read more >

    වසරකදී කෝටි 800ක් පාඩු කරමින් ශ්‍රී ලංකන් උලා කෑ හැටි: සවිස්තර වාර්තාව

    ජේ.සී. වැලිඅමුණ මහතා ඇතුළු මෙම විමර්ශන කමිටුව මඟින් ශ්‍රී ලංකන් ගුවන් සේවය තුළ සිදුවූ දූෂණ වංචා, දේපළ සහ මුදල් අයථා පරිහරණය කිරීම් සහ මහ පරිමාණයේ ගනුදෙනු සිදු කිරීමේ දී සිදුවූ අක්‍රමිකතා රැසක් හෙළිදරව් කර ඇත.එම වාර්තාව අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය තුළ දූෂණ අක්‍රමිකතා සිදුවී ඇත්නම් එම කරුණු නීති බලධාරීන්ට යොමුකර ‍නෛතික ක්‍රියාපටිපාටින් ඔස්සේ පරීක්ෂණ […]

  • ප්‍රියන්ත සිරිසේන සහ වැලි රාජු: ඝාතන සංස්කෘතිය – රංජිත් හේනායකආරච්චි Read more >

    ප්‍රියන්ත සිරිසේන සහ වැලි රාජු: ඝාතන සංස්කෘතිය – රංජිත් හේනායකආරච්චි

    ජනාධිපති මෛත්‍රීගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන සහ රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මහේෂ් පුෂ්පකුමාර ඝාතනයන් පිළිබඳව පසුගිය දිනවල පුවත්පත් මෙන්ම අන්තර්ජාල මාධ්‍ය තුලින්ද තොරතුරු ඉදිරිපත් කරනු දකින්නට ලැබුණි. ප්‍රදේශ දෙකකදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනයට ලක්වී ඇත. කුමන මිනිසෙකු හෝ ඝාතනය කිරීම සමාජයක් විසින් හෙලා දැකිය යුතු කාරණයකි. එමෙන්ම විවිධ මාධ්‍ය මගින් මේ ඝාතනයන් දෙක නොයෙක් ආකාරයට සාධාරණය කිරීම් […]

  • ජෙයකුමාරි, ශෂී විරවංශ, සින්නතම්බි උදේනි සහ ශිරන්ති රාජපක්ෂ – සුනන්ද දේශප්‍රිය Read more >

    ජෙයකුමාරි, ශෂී විරවංශ, සින්නතම්බි උදේනි සහ ශිරන්ති රාජපක්ෂ – සුනන්ද දේශප්‍රිය

    ලෝක කාන්තා දිනය ගෙවී ගියේ ය. ජෙයකුමාරි බාලේන්ද්‍රන් මාර්තු 08 දා වන විට දින 360ක් සිර ගතව සිට තිබුණි. ඇය මවක සහ මානව හිමිකම් ක්‍රියාකාරිනියකි. කන්තා දිනයෙන් දෙදිනකට පසු ජෙයකුමාරි බාලෙන්ද්‍රන් ඇප සහ කොන්දේසි පිට නිදහස් කෙරැණි. ඒ වන විට ඇය 362ක්ම ඇය රැඳවා තිබුනේ කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකර ය. අධිකරණය හමුවෙහි පොලීසිය දිගටම කියා […]

  • රාජපක්ෂගේ චීන පෙම්කෙළිය දොරේ ගලා යෑම – නිලන්ත ඉලංගමුව Read more >

    රාජපක්ෂගේ චීන පෙම්කෙළිය දොරේ ගලා යෑම – නිලන්ත ඉලංගමුව

    ඔහුට එරෙහිව එල්ල වී ඇති දුෂණ චෝදනා මත හිරේ නොදමා නිදහසේ කටයුතු කිරීමට ඉඩ ලබා දුන්නොත්, ඔහු යළිත් නැගිටිනු ඇත. එපමණක් නොව ඔහු පෙරට වඩා ප්‍රබල අගමැතිවරයෙකුද වනු ඇත, මන්ද දුර්වල ජනාධිපතිවරයෙක් සහ ප්‍රභල අගමැතිවරයෙකු තැනීම ජනාධිපති මෛත්‍රීගේ ඡන්ද පොරොන්දුව වන හෙයිණි. අද දින ( මාර්තු 12) පළ වූ “සවුත් චයිනා මෝර්නින් පොස්ට්”, පුවතපට හිටපු […]

  • මහින්ද රාජපක්ෂගේ (මැද) ඇඟිල්ල – රංජිත් හේනායකආරච්චි Read more >

    මහින්ද රාජපක්ෂගේ (මැද) ඇඟිල්ල – රංජිත් හේනායකආරච්චි

    ‘ දැන් මේ රජයෙන් දේශපාලඥයන්ගේ නෝනල සහ දරුවොත් බේරගන්න වෙලා තියෙනවා. මේ වෛරක්කාරී දේශපාලනය ඉවර කරන්න ඕනෙ. දේශපාලඥයන්ගෙන් පලිගන්න එහෙම කරන එක වැරදියි. මම කලේ නෑ. කාටවත් මට ඇඟිල්ල දික්කරන්න බෑ. මට පුළුවන් ඕන කෙනෙකුට ඇඟිල්ල දික්කරන්න’ මේ මහින්ද රාජපක්ෂ ශෂී වීරවංශ බලන්නට හිර ගෙදරට ගොස් කළ ප්‍රකාශයකි. මිනීමරුම් නඩුවක සැකකරැවෙක් වු චොකා මල්ලි බැලීමටද […]

  • මහින්දාගමනය සහ පාඩම් – රාවය Read more >

    මහින්දාගමනය සහ පාඩම් – රාවය

    [රාජපක්ෂ සිංහල අන්තවාදී මාර්ගය තෝරාගතහොත් මීට පෙර එම මාර්ගය තෝරාගත් අන් සියලූ නායකයන් අබිබවා යන තත්ත්වයක් ඔහුට පහසුවෙන්ම හිමි කරගත හැකිය.] මහින්දාගමනය වෙනුවෙන් නුගේගොඩ පවත්වන ලද රැලිය පසුගිය දින 10 තුළ සිදුවූ ලොකුම දේශපාලන සිදුවීම ලෙස සැලකිය හැකිය. මෙම රැස්වීම කැඳවා තිබුණේ ශ‍්‍රීලනිප විසින් නොව මහජන එක්සත් පෙරමුණ ඇතුළු සන්ධානයට සම්බන්ධ වෙනත් පක්ෂ හතරක් විසිනි. […]

  • තන්හා රතී රඟා : ශී‍්‍ර ලංකාවේ නාගරික පීඩිතයන්ගේ ජීවිතය දෙසට හෙලන සානුකම්පික බැල්මක්

    වසන්ත රූපසිංහ සහ පානිනී විජේසිරිවර්ධන විසිනි අධ්‍යක්ෂනය: නිලේන්ද්‍ර දේශපි‍්‍රය.තිර රචනය: කුමාර තිරිමාදුර හා සරත් කොතලාවල. සංගීතය: ගයාත‍්‍රී කේමදාස හා අනුපා කේමදාස. නිලේන්ද්‍ර දේශප‍්‍රියගේ ප‍්‍රථම සිනමා නිර්මානය, තන්හා රතී රඟා , මේ දිනවල ශී‍්‍ර ලංකාවේ තිරගත වෙයි. 2009 වසරේ බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) මිලිටරිමය වසයෙන් පරාජය කිරීමෙන් අවසන්වූ දීර්ඝ සිවිල් යුද්ධයෙන් අනතුරුව දිවයිනෙහි […]

  • යෝෂිත රාජපක්ෂ පැන්නේ ජවිපෙ ලිපියට බයේ Read more >

    යෝෂිත රාජපක්ෂ පැන්නේ ජවිපෙ ලිපියට බයේ

    හිටපු ජනාධිපති රාජපක්ෂ පුත් යෝෂිත රාජපක්ෂ අද අලුයම ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ආරක්ෂක ලේකම්වරයාට යවන ලද ලිිපියකට බියෙන් බව දැනගන්නට තිබේ. එම ලිපියෙන් ජවිපෙ කියා සිටින්නේ නාවික හමුදාවේ ලූතිනන් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව විමර්ශනයක් පැවැත්වෙමින් තිබියදී ඔහුට නිවාඩු අනුමත කර විදේශ ගත වීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් විරෝධය පල කරමිනි. එමෙන්ම රාජකාරියේ යෙදී […]

  • 2014: මානව හිමිකම් කෙළෙසීමේ රාජපක්ෂ වාර්තාව Read more >

    2014: මානව හිමිකම් කෙළෙසීමේ රාජපක්ෂ වාර්තාව

    (ප්‍රමුඛ මානව හිමිකම් ක්‍රියාධරයකු  වන රුකී ප්‍රනාන්දු,  දින තුනක් තිස්සේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන ලදී.) හියුමන් රයිට්ස් වොට්ච් සංවිධානයෙහි  මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්  2014 වාර්ශික වාර්තාවෙහි  ලංකාව සම්බන්ද පර්ච්ජේදය පහත දැක්වේ. යුද්ධය පැවති සමයේ සිදු වූ අපචාරයන් පිළිබඳ වගවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ප්‍රමාණවත් ප්‍රගතියක් දක්වා නැත. 2013 මාර්තු මාසයේදී, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය […]

  • රාජපක්ෂගේ ඒ ජනවාරිය සහ මෛත්‍රීපාලගේ මේ ජනවාරිය Read more >

    රාජපක්ෂගේ ඒ ජනවාරිය සහ මෛත්‍රීපාලගේ මේ ජනවාරිය

    ( පරාජිත විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් පොන්සේකාට එල්ල කළ තර්ජන  සහ අත්අඩංඟුවට ගැනීම රාජපක්ෂ දෙවැනි ධුර කාල මර්දනයේ අැරඹුම විය) සුනන්ද දේශප්‍රිය විසිනි- තමාට නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව ඉවරයක් නැතිව වද දෙන්නේ යැයි පරාජිත අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා පසුදාක ලිපියක් ප්‍රසිද්ධ කරමින් කියා සිටියේ ය. එම ලිපිය ලියා ඇත්තේ මාධ්‍ය මගින් ඔහුට එරෙහිව නඟා […]

  • නීතිය ක්‍රියාත්මක වූ දාට රාජපක්ෂට කොලඹ ගෙදර දොර ඇරේවි !- රංජිත් හේනානායකආරච්චි Read more >

    නීතිය ක්‍රියාත්මක වූ දාට රාජපක්ෂට කොලඹ ගෙදර දොර ඇරේවි !- රංජිත් හේනානායකආරච්චි

    ( රාජපක්ෂට ඇරෙන කොළඹ ගෙදර) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් තමාටත් ත පවුලේ අයටත් මඩ ගැසීමේ ව්‍යාපාරයක් දියත් කර ඇති බව පවසයි. ‘කාට හෝ එරෙහිව විෂමාචාර චෝදනා ඇත්නම් ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පිලිගත් ක්‍රියාමාර්ග ඇත. නමුත් මෙතන සිදුවන්නේ ජනමාධ්‍ය හරහා ද්වේශ සහගත මඩගැසීමක් බව කිව යුතුය’ මහින්දගේ ඉහත ප්‍රකාශය කියවූ මිනිසුන්ට සිනාව […]

  • ආරක්ෂක අමාත්‍යාංශ නිල වෙබ් අඩවියෙහි ගෝඨාභය තවමත් වැජබෙයි Read more >

    ආරක්ෂක අමාත්‍යාංශ නිල වෙබ් අඩවියෙහි ගෝඨාභය තවමත් වැජබෙයි

    (ගෝඨාභය තවමත් වැජබෙයි 25.01.2015) මෙයට පෙරද බොහා් දෙනෙකු පෙන්වා දී ඇති පරිදි ආරක්ෂක ලේකම් බස්නායක රාජපක්ෂ මතවදී ගැත්තකු බව ඔහු විසින් අධික්ෂනය කරන ආරක්ෂක අමාත්‍යාශයේ වෙබ් අඩවියෙන් පෙනේ. පසුගිය දා සිය ඇමැතිවරයා වන ජනාධිපති සිරිසේනගේ අනුමැතියක් නැතිව ගෝඨාභය රාජපක්ෂ සුද්ද කිරීම පිණිස ජනමාධ්‍ය නිවේදනයක් දුන්නේ ද මේ බස්නායකම ය.ඔහුට විරුද්ධව විනයානුකූල පියවර ගන්නා බවට කල […]

  • තීරණාත්මක උදෑසනකින්  වැළකී ගිය ශ්‍රී ලංකා ලේවිල – සුනන්ද දේශප්‍රිය Read more >

    තීරණාත්මක උදෑසනකින් වැළකී ගිය ශ්‍රී ලංකා ලේවිල – සුනන්ද දේශප්‍රිය

    රාජපක්ෂ ද රාජපක්ෂ බෑයන් ද පුත්‍රයන් ද දැන් සාන්තුවරයින් ය. රාජපක්ෂ ලැජ්ජාවක් නැතිව මේ ‘යහ පාලනයද’ යි අසන්නේ තම දුරාචාර පාලනය යටතෙහි විරුද්ධවාදීන් මත මුදා හැරි මෘග පාලනය මෙරට ජනයාට මෙළහකට අමතක වී ඇතැයි සිතා ගෙන විය යුතුය. ජනාධිපතිවරයාගේ පුතා වීම පාපයක් ද කියා නාමල් රාජපක්ෂ අසන්නේ පියාගේ බල මහිමයෙන් කරන ලද දුෂ්ඨ සහ නින්දිත […]

  • රට බේරුනේ අනූ නමයෙන්? – රංජිත් හේනායකආරච්චි Read more >

    රට බේරුනේ අනූ නමයෙන්? – රංජිත් හේනායකආරච්චි

    බණ්ඩාරනායක සම්මන්ත්‍රණ පරිශ්‍රයේ තිබූ අවිගබඩාවක් සොයා ගැනීම සමග ගාල්ලෙන් සහ තවත් තැන්වලින් ආයුධ ගබඩා හමුවෙමින් පවතී. ගාල්ලේ නැවක පවත්වාගෙන ගිය අවි ගබඩාවක් සොයාගනු ලැබූ අතර මෙම ආයුධ ගබඩා අයත් වන්නේ ‘රක්නා ලංකා’ සමාගම සහ ‘ඇවන් ගාඩ්’ ආදී පුද්ගලික සමාගම්වලට බව පැවසේ. මේ වන විට ගාල්ල වරායේ නාවික හමුදා භූමිය තුලද මෙවැනි අවි ගබඩා තුනක් සීල් […]

  • අරලියගහ මැදුරේ රාජපක්ෂ කුමන්ත්‍රණය වැළකී ගිය හැටි Read more >

    අරලියගහ මැදුරේ රාජපක්ෂ කුමන්ත්‍රණය වැළකී ගිය හැටි

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ අළුතින් පත්වූ ආණ්ඩුව අතර සාමකාමී අන්දමින් බලය හුවමාරු වූ බවට කියැවෙන කතාන්තරයක් මේ වන විට ප‍්‍රකාශයට පත්ව තිබේ. අවසාන ප‍්‍රතිඵල නිකුත් වීමටත් කලින්ම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉතා නිහතමානීව බලය අතහැර ගෙදර යන පින්තූරවලින් පුවත්පත්, රූපවාහිනී නාලිකා සහ අන්තර්ජාලය අරක්ගත්තේය. ඊට ටික වේලාවකට කලින් ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හදවතට බලවත් තැන්වලින් එල්ල […]

  • ඔරලොසු සමඟ විකිනෙන සලමන් ඛාන්ලාගේ මැතිවරණ දුරාචාරය Read more >

    ඔරලොසු සමඟ විකිනෙන සලමන් ඛාන්ලාගේ මැතිවරණ දුරාචාරය

    සුනන්ද දේශප්‍රිය– රාජපක්ෂ පාලනයේ දුරාචාර දේශපාලනය දවසක් පාසා ලාංකික ජනයා හමුවේ හෙළිදරව් වෙන්නේ ජයදේව උයන්ගොඩ කියා තිබූ පරිදි මෛත්‍රී ජනාධිපතිවරණ ව්‍යාපාරයට වාසි ලබා දෙමිනි. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක මුදුන් මල්කඩ වන්නේ සාධාරණ සහ නිදහස් මැතිවරණයන් ය. මන්ද යත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය යටතේ රටක බාරකරුවන් පත් කිරීමට මහා ජනයා සතු මෙවළම නිදහස් ජන්දය නිසා ය. මැතිවරණ නිදහස් සහ […]

  • දේශපාලුවන්ගෙන් පිරවූ රාජපක්ෂ ආණ්ඩුවේ රට කන විදේශ ප්‍රතිපත්තියේ රඟ Read more >

    දේශපාලුවන්ගෙන් පිරවූ රාජපක්ෂ ආණ්ඩුවේ රට කන විදේශ ප්‍රතිපත්තියේ රඟ

    (නමට විදේශ ඇමැති ජි.එල්.පිරිස්) අපේ ශ්‍රී ලංකාව පුංචි රටක්. ඒ වගේ රටකට ලෝකයේ තමන්ගේ ස්ථානය රැක ගන්න හොඳම පිළිවෙත තමයි නොබැඳි විදේශ පිළිවෙත‍. කාටවත් ගැති නැති කාටවත් බය නැති එනමුත් හැමට ගරු කරන සමබර පිළිවෙතක්. එවැනි පිළිවෙතක් අපට තිබුණා. කාලයකට කලින්. ඒ සඳහා කරුණු දෙකක් අවශ්‍ය යි. එක නොබැඳුණු  රාජ්‍ය ය. දෙක එම නොබැඳි පිළිවෙත […]

  • ලංකාවේ ස්වෛරීභාවය පිළි නොගනිමි – ගෝඨා, බැසිල්, ඩලස් ඇමරිකාවේදී දිවුරයි Read more >

    ලංකාවේ ස්වෛරීභාවය පිළි නොගනිමි – ගෝඨා, බැසිල්, ඩලස් ඇමරිකාවේදී දිවුරයි

    රාජපක්ෂලාට ඇත්තේ “ගී‍්‍රන් කාඩ්” අධිරාජ්‍ය විරෝධයක් බවත් ඔවුන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සියල්ල ආරක්ෂා කිරීම සඳහා ඕනෑම අවස්ථාවක අවි දැරීමට පවා දෙවියන් වහන්සේ ඉදිරියේ දිව්රා ශපථ කළ පිරිසක් බවත් ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පවසයි. ලංකා ඉරිදා පුවත්පත සමඟ කළ සාකච්ඡාවකදී ඔහු මේ බව අනාවරණය කර තිබේ. ඔහුගේ අනාවරණයට පදනම වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිකම […]

  • මැද මුලන මහින්දලා සහ බත්බැල විමල්ලා – රංජිත් හේනායකආරච්චි Read more >

    මැද මුලන මහින්දලා සහ බත්බැල විමල්ලා – රංජිත් හේනායකආරච්චි

    මරදානේ චොප්පේ, ගම්පහ මුණිදාස, මරදන්කඩවල යකඩයා, නාරාහේන්පිට චන්දරේ ආදී වශයෙන් හැදින්වෙන චන්ඩින් ගැන අප තරුණ කාලේ අසා ඇත්තෙමු. ඒවාගේම පසු කාලවලදී ගෝනවල සුනිල්, බැද්දගානේ සංජීව, ජුලම්පිටියේ අමරෙ ආදී නම් චන්ඩින් ලෙස අපට අසන්නට ලැබේ. මෙම චන්ඩින් කොටස් දෙකකට අයත් වේ. මුලින් සදහන් කළ චන්ඩින් තම ශරීර ශක්තියෙන් බලය පෙන්වූ චන්ඩින් වන අතර දෙවන කණ්ඩායම චන්ඩින් […]

  • මෙන්න ගණන් හිලවු: හම්බන්තොටට කිරි; රටට කැකිරි Read more >

    මෙන්න ගණන් හිලවු: හම්බන්තොටට කිරි; රටට කැකිරි

    (ගුවන් යානා නොඑන මත්තල ගුවන් තොටුපොලේ හිස් කවුන්ටර) ඒක පාක්ෂික රාජපක්ෂ සංවර්ධනය– මුලින් මේ සංඛ්‍යා ලේඛන දෙස බලමු. බස්නාහිර පළාත හැරුණහම ව ශ‍්‍රී ලංකාවේ වැඩිම ජනගහනය ඇති දිසා තමයි කුරුණෑගල (1,577,000) රත්නපුර (1,139,000) සහ ගාල්ල (1,096,000) . ජාතික ආර්ථිකයට බස්නාහිර පළාත හැරුණහම වැඩිම ආදායමක් එක් කරන්නේ වයඹ පළාත. තෙවැනි තැන ගන්නා දකුණු පළාතේ මාතර සහ […]

  • රාජපක්ෂගේ (පර)ලොව දිනන මග එළිදකී Read more >

    රාජපක්ෂගේ (පර)ලොව දිනන මග එළිදකී

    තම “ලොව දිනන මග”, රාජපක්ෂ වැරදිකරුවෙකු සහ අසමත් නායකයෙකුවන කාරණා සියල්ලම සූක්ෂමව වෙනස් කිරීමට ගොස් ආරවුලක පැටලී ඇත. එමඟින් ඔහු ජනතාවට ඔහුව වඩාත් හොඳින් තේරුම් ගැනීම සඳහා ලිඛිත සාක්ෂියක් ඉදිරිපත් කොට ඇත. නිලන්ත ඉලංගමුව විසිනි මෛත්‍රිපාල සිරිසේන මහතා පිටු 35 කින් වඩාත් සරලව හා තේරෙන බාසාවෙන් සඳහන් කළ දේ මහින්ද රාජපක්ෂ වෙනස් විදිහකට කීමට ගොස් […]

  • විධායකයේ ශාපය: දූෂණයේ ආශ්චර්ය කියවා බලන්න Read more >

    විධායකයේ ශාපය: දූෂණයේ ආශ්චර්ය කියවා බලන්න

    කියවිය යුතුමයි. ඔබට අවශ්‍ය නම් දෙවරක් කියවන්න. සෑම පේලියක්ම සෑම වචනයක්ම කියවන්න. ”ආසියාවේ ආශ්චර්ය” වෙනුවෙන් කියැවෙන්නේ මේවායි. විධායකයේ ශාපය 2009 දී එල්ටීටි ය ඉවත් කිරීමෙන් ලාංකිකයෝ ඉමහත් අස්වැසිල්ලකටත් උද්දාමයටත් පත්වූවා පමණක් නොව අති මහත් අභිවෘර්ධියක් සහ යහ පාලනයක් බලාපොරොත්තු විය. ව්රුද්ධ පක්‍ෂයේ දූෂිත දේශපාලඥයින් මිලදී ගැනීමෙන් පසුව වුවද පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයක් තුළින් ලංකාවට යහපතක් […]

  • මෛත්‍රී සේද සරම් දෙන එකක් නැහැ, නමුත් මහින්දගෙන් තියන අමුඩෙවත් බේරාගන්න ඕනෑ! Read more >

    මෛත්‍රී සේද සරම් දෙන එකක් නැහැ, නමුත් මහින්දගෙන් තියන අමුඩෙවත් බේරාගන්න ඕනෑ!

    නඩරාජා ගුරුබරන් (සංස්කාරක, ග්ලෝබල් ටැමිල් නිව්ස්) – 2005 ජනාධිපතිවරණය පැවැති කාලය, එය සාම සාකච්ඡාවන් අවසානය කරා ගමන් කරමින් තිබූ කාලයයි… නැවැත යුද්දයක් ඇතිවිය හැකි සාංකාවක් රට පුරා උග්‍රව තිබූ කාලයකි… ජනාධිපතිවරණයදී දරුණු මතවාදී පක්‍ෂයන් සියල්ල එක් පැත්තකට එක්රැස්වුණි. සාම සාකච්ඡාව නවතා දැමිය යුතුයි.. රනිල් – ප්‍රබා හවුල රට දෙකට බෙදීමට යනවා.. යැයි ජනතා විමුක්ති පෙරමුණ, […]

  • මේ සටන ශීලාචාරකම හා අශීලාචාරකම අතරයි!- රංජිත් හේනායකආරච්චි Read more >

    මේ සටන ශීලාචාරකම හා අශීලාචාරකම අතරයි!- රංජිත් හේනායකආරච්චි

    ජනාධිපතිවරණය කැඳවීමට අවශ්‍ය නැති කාලයක එය කැඳවා ඇති බව බැලූ බැල්මට පෙනුනා වුවත් සැබෑව නම් රාජපක්ෂ ජනාධිපතිවරයාට තව වසර 2ක් කාලය තිබියදීත් මෙසේ ජනාධිපතිවරණයක් කැඳවීමට සිදුවී ඇත්තේ එසේ කැඳවීම රටතුල ඇතිවී ඇති අත්‍යවශ්‍ය හේතුවක් වන නිසාවෙනි. රාජපක්ෂ කල්ලිය රට තම අතට ගැනීමෙන් පසුව කරගෙන ගිය දේශපාලනය (එය හැබෑ අර්ථයෙන් දේශපාලනයක් නොවූවා වුවත්) විසින් කරනු ලැබුවේ […]

  • වම පොදු අපේක්ෂක මෛත්‍රීට සහාය දිය යුත්තේ ඇයි? – වමේ කෙන්ද්‍රය

    (ඇන්. ඇමි. පෙරේරා: නිදහස සඳහා ආසාව නොසංසිදෙන ලැදියවකි) ‘වම ඇරඹු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලය පෙරටම’- වමේ ව්‍යාපාරය මෙරට ජනතාවගේ දේශපාලන ක‍්‍රියාකාරීත්වය උද්දීපනය කල මහජන ව්‍යාපාරයයි. ඉංග‍්‍රීසි පාලනයටත්, රදළ ප‍්‍රභූන්ටත්, ධනපති පංතියටත් එරෙහිව සටන් වැදුණු වමේ ව්‍යාපාරය ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස හා සාධාරණත්වය සිය දේශපාලනයේ පරමාදර්ශයන් ලෙස හැමවිටම සැලකීය. ජනතාව දේශපාලන ක‍්‍රියාකාරීත්වය තුල බැබලෙමින් ඇති ආකාරය ගැන සම සමාජයට වසර […]

  • රාජපක්ෂවරුන්ගේ ඇමරිකානු දේපළ හෙළිවෙයි

    ජනාධිපතිවරයාගේ බාල සොයුරන් දෙදෙනා වන ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් මිලියන ගණනක දේපළවලින් කොටසක විස්තර හෙළිදරව් වී තිබේ. මේ දේපළ අතරට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ නමින් කැලිෆෝනියාවේ පිහිටි නිවාස 04ක් ඇතුළත්ය. ඒවායේ ලිපිනයන් පහත පරිදිය. (1) 5581 Homecoming, Mira Loma, CA 91752 (2) 15067 Preston Dr, […]

  • මෙහෙමත් විගඩම් – රංජිත් හේනායකආරච්චි Read more >

    මෙහෙමත් විගඩම් – රංජිත් හේනායකආරච්චි

    (දේශපාලන සංගීත පුටු තරඟය විහිළුවක් ද? කපටිකමක් ද?) ‘අඳුරු කුටිය තුල දොරගුලු ලාගෙන කියන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නෑසේ.. පොලොව කොටන තැන නියර බඳින තැන ගිනියම් අව්වේ මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ’ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මේ ගීතය හෝ තාගෝර් කිවිදුන්ගේ මෙම කවි සංකල්පය අසා නැතුවා විය හැක. අසා ඇතුවා වුවත් එය තේරුම් ගැනීමට තරම් […]

  • කි.මී. එකකට  රු. කෝටි 717ක් වියදම් කරලා මේ රටේ පාරක් හදන්න ඕනැද?‘ Read more >

    කි.මී. එකකට රු. කෝටි 717ක් වියදම් කරලා මේ රටේ පාරක් හදන්න ඕනැද?‘

    (හකර වරං ගැහිලි) අපේ රටේ හදන පාරකට රැපියල් කෝටි 717ක් වියදම් කළ යුතුදැයි ජවිපෙ නායක අනුර දිසානායක මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (09) නිට්ටඹුව නගරයේ පැවැති ජන රැලියක් අමතමිනි. එහිදී වැඩිදුරටත් ඔහු පාරවල් සංවර්ධනය ගැන අදහස් දැක්වීය. ‘පාරවල් හදන එක ගැනත් එකක් කියන්න ඕනෑ. ඉංදියාවේ මුම්බායි සිට නාසික් දක්වා මේ […]

  • ජනාධිපතිවරණයෙන් රාජපක්ෂ පරදවා යහපත් සමාජයක් සඳහා සටන පෙරට ගෙන යමු – ජවිපෙ Read more >

    ජනාධිපතිවරණයෙන් රාජපක්ෂ පරදවා යහපත් සමාජයක් සඳහා සටන පෙරට ගෙන යමු – ජවිපෙ

    “ඒකාධිපති පාලනය පරදවමු! ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙළගැසෙමු! 2015 වසරේ ජනවාරි 08වැනි දාට ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව ප‍්‍රකාශයට පත්ව තිබේ. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ධුර කාලය අවසන්වීමට තව වසර 02ක් තිබියදී මෙම හදිසි ජනාධිපතිවරණය පවත්වනු ලබන්නේ, ඔහුට තවත් වසර 06ක ධුර කාලයක් ලබා ගැනීම සඳහා ජනතා කැමැත්ත විමසීමට ඔහු විසින් ගත් තීරණය නිසාය. එබැවින් මෙම ජනාධිපතිවරණය රාජපක්ෂ […]

Back to Top