Sri Lanka Brief
රාජපක්ෂ දූෂණය

රාජපක්ෂ දූෂණය

  • සිරිසේන ජනපති පාලනය: සෝභිත හාමුදුරුවන් පෙරදුටු අසම්පාත දැක්මක් Read more >

    සිරිසේන ජනපති පාලනය: සෝභිත හාමුදුරුවන් පෙරදුටු අසම්පාත දැක්මක්

    සරත් ද අල්විස් විසිනි. වීරයා සහ ප්‍රතිවීරයා මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ සහ මැදගොඩ අභයතිස්ස හාමුදුරුවෝ ඔවුනොවුන්ගේ ලෝක දැක්මෙන් එකිනෙකාගෙන් වෙනස් වෙති. ඒ වෙනස්කම් කෙතෙක් බරපතලද යත්, ඒවා අතර සැසඳීමක් කිරීමට ගන්නා ප්‍රයත්නයම සපුරා දේවාපහාසයක් වනු නියති. හරියට, මහත්මා කෙනෙකු වූ ගාන්ධි සමග මූලධර්මවාදියෙකු වු බින් ලාඩෙන්ව සැසඳීමට යාමේ මිසදිටු කම වැන්න. ජනාධිපති සිරිසේන සහ මැදගොඩ අභයතිස්ස […]

  • ජනාධිපති මාධ්‍ය ප්‍රධානියෙක් රාජපක්ෂ සමඟ හවුලට රෙද්ද ඇඳගෙනම අතවනයි.   -සුනන්ද දේශප්‍රිය Read more >

    ජනාධිපති මාධ්‍ය ප්‍රධානියෙක් රාජපක්ෂ සමඟ හවුලට රෙද්ද ඇඳගෙනම අතවනයි. -සුනන්ද දේශප්‍රිය

    බලයට එන සෑම පක්ෂයකටම එකතු වී ආණ්ඩුවේ ලොකු තනතුරක් ලබා ගැනීමේ කලාව ප්‍රගුණ කර ඇති දැන් ජනාධිපති සිරිසේනගේ මාධ්‍ය ප්‍රධානියකු රාජපක්ෂවරුන් සමඟ හවුලකට මෛත්‍රීගේ නාමයෙන් අත වනමින් සිටී. ඒ රාජපක්ෂ සමයෙහි ආණ්ඩුව විවේචනය කළ එකළ ලංකාදීප ලියුම්කරුවකු වූ උපුල් ජෝෂප් ප්‍රනාන්දුට එරෙහිව එම ලිපිය පළවීමටත් පෙර තමාට ගෙන්වාගෙන රාජපක්ෂ වෙනුවෙන් පිළිතුරු ලියූ වසන්ත ප්‍රිය රාමනායකය. […]

  • ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම් දෙදරවන දේශපාලනික දූෂණය. Read more >

    ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම් දෙදරවන දේශපාලනික දූෂණය.

    කාටූනය අද දෙරණ අනුග්‍රහයෙනි. දූෂණය, විශේෂයෙන් දේශපාලනික දූෂණය, පිළිකාවක් සේ ඔඩුදුවමින් ඇති තත්වයක් තුළ, දෙසැම්බර් 11 වැනි දාට යෙදෙන ‘දූෂණ-විරෝධී ජාත්‍යන්තර දිනය’ අපේ රටේ සෑම පක්ෂයකම සහ සෑම තරාතිරමකම දේශපාලඥයන්ට වැදගත් පාඩම් කියා දෙන අවස්ථාවක් විය යුත්තේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව, සෑම වසරකම අල්ලස් වශයෙන් ලෝකය පුරා වැය කෙරෙන මුදල ඩොලර් ටි්‍රලියනයකි. එසේම, වාර්ෂිකව […]

  • ගෝඨාභය රාජපක්ෂ යනු භීතිය ද?  රීතිය ද? Read more >

    ගෝඨාභය රාජපක්ෂ යනු භීතිය ද? රීතිය ද?

    ‘ගෝඨා අපේ’ යනුවෙන් පසුගිය දිනවල කොළඹ දැන්වීම් පුවරුවල ලියා තිබුණි. ‘‘අපේ’’ යනුවෙන් හරියටම අදහස් කෙරුණේ කවුරුන් ද යන්න පැහැදිළි නැතත්, මේ වනාහී, ගෝඨාභය රාජපක්ෂ අනාගත දේශපාලන ගමනක් යාමට සකස් කර ගත් ප‍්‍රචාරක ව්‍යාපාරයක කොටසක් ය යන්න පැහැදිළි ය. එහෙත් එය ඇස් මානයේ පෙනෙන්ට ඇති තරම් ලේසිපාසු කාරියක් නොවේ. මන්ද යත්, මොන අරුතකින් ගත්තත්, ගෝඨාභය ඇමරිකානු […]

  • රාජපක්ෂවරු කුරහන් සාටකයට වත් සාධරණත්වය ඉටු කළේ ද? – සුනිල් ජයසේකර Read more >

    රාජපක්ෂවරු කුරහන් සාටකයට වත් සාධරණත්වය ඉටු කළේ ද? – සුනිල් ජයසේකර

      සමස්ත ආපදා තත්ත්වයන් හේතුවෙන් බරපතළම හානිය සිදු වූයේ මේ රටේ කෘෂිකර්මාන්තයටය. වාර්තා වන අන්දමට ශ්‍රී ලංකාවේ වගා කරන කුඹුරු ප්‍රමාණයෙන් 35%කට අධික ප්‍රමාණයක් ඒ හේතුවෙන් වගා කිරීමට නොහැකි වී තිබේ. පසුගිය කාලයට අදාළව සලකා බැලීමේ දී එය සැලකෙන්නේ පසුගිය වසර 30ක කාලසීමාව තුළ දක්නට ලැබුණු අඩුම වගා ප්‍රතිශතය ලෙසය. ඊට අමතරව පසුගිය මහ කන්නයේ […]

  • ගෝඨාභය හාහෝවේ යටිබිම් දේශපාලනය – සුනිල් ජයසේකර Read more >

    ගෝඨාභය හාහෝවේ යටිබිම් දේශපාලනය – සුනිල් ජයසේකර

    යහපාලනය පිළිබඳව අපේක්ෂාවන් දල්වාගත් මේ රටේ අති බහුතරයක් වූ ජනතාව එක්තරා අන්දමකට වික්ෂිප්ත කළ කාලයක් ලෙස පසුගිය සතිය දැක්විය හැකිය. පළාත් පාලන මැතිවරණයට අදාළව තීරණාත්මක බලපෑමක් ඇති කළ හැකි ආකාරයට අභියාචනාධිකරණය මගින් ලබාදී තිබූ මුල් නඩු තීන්දුව, එකී මැතිවරණයට අදාළව ශ්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්ෂය අතර සිදුකළ සාකච්ඡා වට කිහිපය මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට […]

  • ගෝඨාගේ ‘වියත් මග’ මිනීමැරීමට උසිගන්වන වේදිකාවක් – මංගල සමරවීර Read more >

    ගෝඨාගේ ‘වියත් මග’ මිනීමැරීමට උසිගන්වන වේදිකාවක් – මංගල සමරවීර

    පසුගියදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ‘වියත් මග‘ නම් වූ උත්සව සභාවක දී හිටපු හමුදා නිලධාරියෙකු පවසා ඇත්තේ අලුත් ව්‍යවස්ථාවට සහයෝගය දක්වන සියළු දෙනා මරා දැමිය යුතු බවය. 88-89 භීෂණ යුගය යළි සිහි ගන්වමින් ඔහු වැඩිදුරටත් ‘දේශද්‍රෝහීන්ට මරණය‘ යන ලේබලය ගසා එක කළ යුතු බවත්, එසේ මරා දමනවුන්ගේ දේහයන් දණහිසෙන් ඉහලට නොගත […]

  • උමාඔය සහන වැඩසටහන අවුලෙන් අවුලට;  ජනාධිපති බදුල්ල දිසාපතිට පිටින් ආපදා කළමනාකරණ යාන්ත්‍ර‍ණයක් පිහිටුවයි. Read more >

    උමාඔය සහන වැඩසටහන අවුලෙන් අවුලට; ජනාධිපති බදුල්ල දිසාපතිට පිටින් ආපදා කළමනාකරණ යාන්ත්‍ර‍ණයක් පිහිටුවයි.

    ඉදිරියේ දී සක්‍රීය විය හැකි මෝසම් වැසි තත්වයට මුහුණදීම සදහා බදුල්ල දිසාපති නිමල් අබේසිරි ගෙන් බාහිර යාන්ත්‍ර‍ණයක් සකස් කිරීම සදහා ජනාධිපතිවරයා කටයුතු කර ඇත.  එහි පළමු රැස්වීම් අද පැවැත්වේ.   රු. මිලියන 600 ක මුදලක් සහන කටයුතු සදහා ලබාදීමෙන් පසුව ද, සහක කටයුතු සිදු නොවීම හේතුවෙන් මේ වන විට උමාඔය සහන ව්‍යාපෘතිය අවුලෙන් අවුලට පත්වී […]

  • රාජපක්ෂ සමයේ  පලදාව ලද නිවාඩ් කබ්රාල් පවුල් ගහ! Read more >

    රාජපක්ෂ සමයේ පලදාව ලද නිවාඩ් කබ්රාල් පවුල් ගහ!

    ජායාරූපය: කබ්රාල්,  රාජපක්ෂ සමඟ. බැඳුම්කර කොමිසම හමුවේ පසුගිය 16දා හෙළිවූ කරුණූ අනුව රාජපක්ෂගේ මහ බැංකු අධිපති වූ අජිත් නිවාඩ් කබ්රාල් රටේ අනෙක් බැංකු හරහා සිය පවුල් ගහ සමෘද්ධිමත් කර තිබේ. මෙම තොරතුරු අනාවරණය වූයේ මුල්‍ය කොමිසමේ සමාජිකයකු වූ නිහාල් පොන්සේකාගේ සාක්ෂියෙනි. නිහාල් පොන්සේකා කබ්රාල්ගේ ළඟම මස්සිනාය. නිහාල් පොන්සේනාට අනුව කබ්රාල්ගේ ඥති සහෝදරයකු, ඥාති සහෝදරියක සහ ඔහුගේ […]

  • යුක්තිය ඉල්ලන සරත් නන්ද සිල්වාගේ අයුක්ති  වාර්තාවෙන් බිදක් – සුනිල් ජයසේකර Read more >

    යුක්තිය ඉල්ලන සරත් නන්ද සිල්වාගේ අයුක්ති වාර්තාවෙන් බිදක් – සුනිල් ජයසේකර

    පළාත් සභා ඡන්ද විමසීම පනත් කෙටුම්පතට පසුගිය දා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අතිබහුතරයක අනුමැතියකින් යුතුව එක්කරන ලද සංශෝධන අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ. එහිදී එකී පෙත්සම මගින් කියා සිටින්නේ පළාත් සභා ඡන්ද විමසීමේ සංශෝධන කෙටුම්පතේ කාන්තා නියෝජනයට අදාළ වගන්ති ඉවත් කර ඊට කිසිසේත් අදාළ නොවන කාරණා ඇතුළත් කර ඇති බවය. එමෙන්ම එම සංශෝධන සම්මත […]

  • දේශපාලඥයනි, පරිස්සම් වෙනු!  නුඹලාගේ නීති විරෝධී නියෝග කිසි රාජ්‍ය නිලධාරියෙකු ක්‍රියාත්මක නොකරනු ඇත. Read more >

    දේශපාලඥයනි, පරිස්සම් වෙනු! නුඹලාගේ නීති විරෝධී නියෝග කිසි රාජ්‍ය නිලධාරියෙකු ක්‍රියාත්මක නොකරනු ඇත.

    කාටූනය: දූෂණය සමඟ රාජපක්ෂගේ ආලයට වන්දි ගෙවන්නේ වැරදි නියෝග ක්‍රියාවට නැගූ ලලිත් වීරතුංගලාය. විශ්වමිත්‍ර විසිනි. ”තම නායකයාට උත්තර බැඳීම කෙනෙකු නතර කළ යුතු මොහොතක් පැමිණේ.  ඒ, තමාගේ හෘද සාක්ෂියට උත්තර බැඳීමට කෙනෙකුට සිදු වන මොහොතේ දී ය” – ඈන් තුසා (නියුරෙන්බර්ග් නඩු විභාග) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් පවරන ලද නඩුවක් පිළිබඳ ඉතා බරපතල […]

  • පිංඩපාත සල්ලි ද අභියාචනාවද?:  දොන් නම් දොන් ය – දොන්, සිමන් විය නොහැකිය – සුනිල් ජයසේකර Read more >

    පිංඩපාත සල්ලි ද අභියාචනාවද?: දොන් නම් දොන් ය – දොන්, සිමන් විය නොහැකිය – සුනිල් ජයසේකර

    ජායාරූපය: දූෂින දඩ ගෙවීමට පිංඩපාතයේ යන සිංහල බොෟද්ධාගම! ( economynext) රටේ ඉමහත් කතාබහට ලක්ව ඇති නඩු තීන්දුවක් මගින් වරදකරුවන් කරන ලද හිටපු ජනාධිපති ලේකම්වරයා සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා එකී අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. රටේ පවත්නා නීතියට අනුව අධිකරණයකින් ලබාදෙන දඬුවමකට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ඊට අදාළ ඕනෑම […]

  • සිල් රෙදි හොරා හොරෙක්ද? – සුනන්ද දේශප්‍රිය Read more >

    සිල් රෙදි හොරා හොරෙක්ද? – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය: ජනප්‍රිය ජනාධිපතිවරයකු වූ දිල්මා රූසෙෆ් රජයේ ගිණුම් තොරතුරු තමන්ට වාසිදායක ලෙස වෙනස් කළ බවට වූ  පරීක්ෂා කිරීම ආරම්භ වූයේ ඇය ජනාධිපතිනිය ලෙස සිටියදීමය. සිවුරු හොරා කියනනේ ලස්සන කුරුල්ලකුටය. අප කුඩා කාලයේ නම් ඉඳ හිට හෝ සිවුරු හොරා ඉත්තක වසා ඉන්නවා දක්නට ලැබුණි. අද සිවුරු හොරා දැක්ම දුලභය‍. සිවුරු හොරාට ඒ නම දෙන්නට ඇත්තේ සිංහල බෞද්ධ […]

  • ලලිත් වීරතුංග – අනූෂ පැල්පිට වරදකරුවන් ලෙස තීරණය කල සම්පුර්ණ නඩු තීන්දුව Read more >

    ලලිත් වීරතුංග – අනූෂ පැල්පිට වරදකරුවන් ලෙස තීරණය කල සම්පුර්ණ නඩු තීන්දුව

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ ලේකම් වූ ලලිත් කුමාර් වීරතුංග සහ විදුල සංදේශ නියාමන කොමිසමේ සභාපති වූ විතාන පැල්පිට කෝරාලාගේ අනූෂ පැල්පිට කොලඹ මහාධිකරණය විසින් වරදකරුවන් බවට පත් කරන ලද සම්පූර්ණ නඩු තීන්දුව පහත පළ කරමු. මෙම තීන්දුව දෙන ලද්දේ කොලඹ අධිකරණ කලාපයේ මහාධිකරණ විනිසුරු කේ.එම්.  ගිහාන් එච් කුලතුංග විසින් 2017 සැප්තැම්බර් 09වන දිනය. මෙම් නඩු තීන්දුව […]

  • දුෂණය එරෙහි ක්‍රියාන්විතය ‘යහපාලනය’ කරා  සුළු පියවරක් වෙතත්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්  එය විශාල පිම්මකි. Read more >

    දුෂණය එරෙහි ක්‍රියාන්විතය ‘යහපාලනය’ කරා සුළු පියවරක් වෙතත්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එය විශාල පිම්මකි.

    හිටපු අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ අවසාන ධුර කාලය තුළ සිදු කරන ලදැයි කියන දූෂණ චෝදනා විභාග කර බලනු වස්, 1978 දී එවක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විසින් පත්කරන ලද, එස්. ෂර්වානන්ද සහ ජේ. ජී. ටී. වීරරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සහ අභියාචනාධිකරණ විනිසුරුවරු කේ. සී. ඊ. ද අල්විස් යන අයගෙන් සමන්විත විශේෂ ජනාධිපති කොමිෂන් සභාව, සිරිමාවෝ […]

  • හාමුදුරුවනේ අපි සිවුරක්, සිල් රෙද්දක් බෙදා දුන්නාම මොකද? – දැන් හිරේ ගිහිල්ල එන්න! Read more >

    හාමුදුරුවනේ අපි සිවුරක්, සිල් රෙද්දක් බෙදා දුන්නාම මොකද? – දැන් හිරේ ගිහිල්ල එන්න!

    ජායාරුපය: සිල් රෙදි බෙදීම රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ අල්ලසක් විය. මංජුල ගජනායක විසිනි. රාජ්‍ය දේපළ අවභාවිත කරමින් තම මැතිවරණ ව්‍යාපාර මෙහෙයවීම මෙරටේ ආණ්ඩු බලය හිමි දේශපාලන පක‍්ෂවලට ආවේණික සම්ප්‍රදායක්ව පවතී. කළින් කළ පත්වන ආණ්ඩු රාජ්‍ය සම්පත් අවභාවිත කර ඇත්තේ ඉතා නිර්ලජ්ජිත අන්දමිනි. එවන් දූෂිත ක්‍රියාමාර්ග ප්‍රශ්ණ කිරීමට හා ඒවාට නිසි දඬුවම් ලබාදීම සඳහා ඉදිරිපත් වීමට මෙරටේ […]

  • සිල් රෙදි වංචාව‍: අනුෂ පැල්පිට – ලලිත් වීරතුංගට වසර තුනක සිරදඬුවම්, මිලියන 50 වන්දියකුත්! Read more >

    සිල් රෙදි වංචාව‍: අනුෂ පැල්පිට – ලලිත් වීරතුංගට වසර තුනක සිරදඬුවම්, මිලියන 50 වන්දියකුත්!

    රුපියල් මිලියන 600ක් වටිනා සිල් රෙදි බෙදාදීම සම්බන්ධයෙන් හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන දෙදෙනාට අවුරුදු  තුනක බරපතල සිරදඬුවම්   අද ( සැප්07) යම විය.  මෙම වංචාව කරන ලද්දේ 2015 ජනාධිපතිවරණයේදී රාජපක්ෂ ජයග්‍රහණය කරවනු පිණිසය. මෙම තීරණය දෙන ලදදේ  මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා  විසිනි. […]

  • උමා ඔය සීලවතී ගේ කදුළු හෙවත් ‘උමා ඔය‘ ඛෙදවාචයකයක් කළ බදුලු පරිපාලනයේ කථාව Read more >

    උමා ඔය සීලවතී ගේ කදුළු හෙවත් ‘උමා ඔය‘ ඛෙදවාචයකයක් කළ බදුලු පරිපාලනයේ කථාව

    රජිත් කීර්ති තෙන්නකෝන්. රු. මිලියන 300 කින් රු. 7500 ක් නොවටින ‘සුදු අම්මා ‘තවමත් ‘අගු පිලකය.‘ – බදුල්ල දිසාපති නිමල් අබේසිරි ‘ජනාධිපතිගේ අමාත්‍යාංශය‘ ඇන්දුවේ මෙහෙමයි. උමා ඔය හේතුවෙන් විපතට පත් පළමු කාන්තාව ගලහිටියාව සීලවතී (70) ය. ඇයටත්, ඇගේ පුතාටත් නිවාස දෙකක් තිබුණි. මෙයට වසර දෙක හමාරකට පෙර උමා ඔය කැණීම් ඇරඹී ටික කලකින් ඇගේ නිවස […]

  • සන්ධාන ගිවිසුම ඉවරයි; දැන් කොයිබටද? – සුනන්ද දේශප්‍රිය. Read more >

    සන්ධාන ගිවිසුම ඉවරයි; දැන් කොයිබටද? – සුනන්ද දේශප්‍රිය.

    ජායාරූපය: දෙවසරකට පෙර ගිවිසුම අත්සන් කිරීම දෙපාර්ශවයේ මහලේකම්වරුන් විසින්. ජනාධිපති සිරිසේන නායකත්වය දෙන ශ්‍රීලනිපය හා රනිල් වික්‍රමසිංහ නායකත්වය දෙන එජාපය අතර දෙවසරක කාලයක් සදහා අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම පසුගිය 22දා අවසන් විය. නව අවබෝධතා ගිවිසුමක් පිළිබඳ සාකච්ජාවක් ආරම්භ වී නැති අතර ඒ පිළිබඳ අදහසක් හෝ ඇති බව පෙනෙන්නට නැත. එබැවින් දැන් මෙම සන්ධානය පවතින්නේ […]

  • ආණ්ඩුවට ආපස්සට යෑමට ඉඩ දෙන්නේ නැහැ! සිවිල් සහ දේශපාලන නායකයෝ ශපථ කරති. Read more >

    ආණ්ඩුවට ආපස්සට යෑමට ඉඩ දෙන්නේ නැහැ! සිවිල් සහ දේශපාලන නායකයෝ ශපථ කරති.

    62 ලක්ෂයේ ජනතා සම්මුතිය රැක ගැනීමේ ව්‍යාපාරය විසින් අද (15) දින පවත්වන ලද මහජන රැස්වීම ඇමැතූ සිවිල් සහ දේශපාලන නායකයෝ දූෂණය සහ භීෂනය අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ජනතා සම්මුතියකින් බලයට පැමිණි මෙම ආණ්ඩුවට ආපස්සට හැරීමට ඉඩ නොදෙන බවට ශපථ කළහ. ආණ්ඩුව විසින් කර ඇති යහපත් දේ තමන් අගය කරන බව සෑම කතිකයකුම වාගේ […]

  • රවී ගතයුතු මග…- සුනිල් ජයසේකර Read more >

    රවී ගතයුතු මග…- සුනිල් ජයසේකර

    ජායාරූපය: පිනෝකියෝ වෙලාද කියළ නහය අත ගඟා හිටියට මදි! කරැණාකාර ඇත්ත කියන්න! හිටපු මුදල් අමාත්‍යවරයා මෙන්ම වර්තමාන විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා කේන්ද්‍ර කරගනිමින් සිදුවන අදහස් පළකිරිම් මෙන්ම වාද විවාදයන්හි ද නිමක් නැත. ඔහු මේ වනවිට රටේ ප්‍රමුඛතම මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විශේෂ ජනාධිපති කොමිසම ඉදිරියේ […]

  • රාජපක්ෂ මහබැංකු අධිපතිගේ නංගී සමඟ ආලෝසියස් හම්බ කල සැටි හෙළිවේ. Read more >

    රාජපක්ෂ මහබැංකු අධිපතිගේ නංගී සමඟ ආලෝසියස් හම්බ කල සැටි හෙළිවේ.

    අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ නැගණිය වන ශිරෝමී වික‍්‍රමසිංහ මහත්මිය පර්පචුවල් ටෙ‍්‍රෂරීස් හොල්ඩින්ස් සමාගමේ අධ්‍යක්‍ෂකවරියක ලෙස  2014 වර්ෂයේදී සේවය කළ බවත්  එම අවධියෙහි 400%ක ප‍්‍රාග්ධන ලාභයක් ලුබූ බවත් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් 08 වන දින සාක්ෂි දෙමින් පවසා තිබේ. පසුගිය රජය සමයේ මහ බැංකු අධිපතිවරයාව සිටියේ ජනාධිපති […]

  • හැට දෙලක්ෂය සීරුවෙන්: හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැක ගනිමු. Read more >

    හැට දෙලක්ෂය සීරුවෙන්: හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැක ගනිමු.

    2017 අගෝස්තු 17 වැනි දාට යහපාලන ආණ්ඩුවට වසර දෙකයි. 2015 ජනවාරි 8 වැනි දාත්, අනතුරුව 2015 අගෝස්තු 17 වැනි දාත්, මේ රටේ ජනතාව දෙවතාවක්ම මහින්ද රාජපක්ෂ පාලනය ප්‍රතික්ෂේප කළහ. වර්තමාන යහපාලකයන් ජන වරම ලබා ගත්තේ, එදා මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ සිදු වූ මහ පරිමාණ දූෂණ සහ වංචා ගැන මෙන්ම, සාහසික දේශපාලනික අපරාධ සම්බන්ධයෙන් වගකිව […]

  • මෙහෙම ගියොත් 2020 වෙනකම් එක දූෂණ නඩුවක්වත් ඉවර වෙන්නේ නෑ – නි. ඇමැති අජිත් පී. පෙරේරා Read more >

    මෙහෙම ගියොත් 2020 වෙනකම් එක දූෂණ නඩුවක්වත් ඉවර වෙන්නේ නෑ – නි. ඇමැති අජිත් පී. පෙරේරා

    “අද නඩු විභාග වන අන්දමට දිගමෙ ගියොත් 2020දී මේ ආණ්ඩුවේ කාලය ඉයර වන තුරු දූෂණ සම්බන්ධයෙන් පවරා ඇති එක් නඩුවක්වත් අසා ඉවර කරන්නට බැහැ” යැයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසයි. ඔහු මේ බව පැවසූයේ පසුගිය 03දා ජාතික පුස්තකාල සේවා මණ්ඩලය ශ්‍රවනාගාරයෙහි ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණත්වය සඳහා සංසදය විසින් පවත්වන ලද රුස්වීමකදී අදහස් දක්වමිනි. ඔහු […]

  • මුදල් ඇමැති රවි කරුණානායකට සුපිරි මහල් නිවස ගත්තේ කලු සල්ලිවලින්!  Read more >

    මුදල් ඇමැති රවි කරුණානායකට සුපිරි මහල් නිවස ගත්තේ කලු සල්ලිවලින්! 

    ජායාරූපය: කතා එපා! දැන් ඉතිං යන්න! රවි කරුණානායක පවුල සඳහා මොනාක් රෙසිඩන්පිසීස්  මහල් නිවස සංකීර්නයෙන් සුපිරි නිවස මිලදී ගැනීම සඳහා වැය කළ ලක්ෂ 160ක කෙතැනකින් පැමැණියේදැයි නොදන්නා ගිනුම් පොත්හි සඳහන් නොවූ ජවාරම්කාර මුදලක් බව අද බැදුම්කර කොමිසම හමුවේ හෙලිදරව් විය. මෙම මුදල ගෙවන ලද්දේ ග්ලෝබල් ට්‍රාන්ස්පොටේෂන් සහ ලොජිස්ටික් පෞද්ගලික සමාගමේ සභාපතිවරයා ඔහු සතු සේප්පුවක තබා තිබූ […]

  • රාජපක්ෂ සදාකාලයටම ගාලු මුවදොර ඉඩම් චීන සමාගමකට ලියා දුන් ලියැවිල්ල මෙන්න! Read more >

    රාජපක්ෂ සදාකාලයටම ගාලු මුවදොර ඉඩම් චීන සමාගමකට ලියා දුන් ලියැවිල්ල මෙන්න!

    කොළඹ යුධ හමුදා මුලස්ථානය පිහිටි ගෝල්ෆේස් ඉදිරිපිට ඉඩම ජනපති රාජපක්ෂ විසින්  සින්නක්කරවම ෂැංගිලා හෝටල්   සමාගමට විකුණා දැමු ලියැවිල්ල  පහත දැක්වේ. අද හම්බන්තොට චීනයට දෙන්නේ යැයි කෑමොර දෙන රාජපක්ෂවරුන් රටේ වැදගත්ම මර්මස්ථානයක් චීන සමාගමකට පවරා දුන්නේ එසේය. හෙක්ටයාර 2.4361 හෙවත් පර්චස් 963.15ක් රුපියල් මිලියන 8250ක  රාජපක්ෂවරු චීන සමාගමට ලියා දුන්නේ පර්චසයක් ලක්ෂ 85ක පමණ අඩු මිලකටය. මතක තබා ගන්න […]

  • ෂැංගිලා හෝටලයට ගොස් එන බණ්ඩාරනායක දුටුවෙහිද? – සුනිල් ජයසේකර Read more >

    ෂැංගිලා හෝටලයට ගොස් එන බණ්ඩාරනායක දුටුවෙහිද? – සුනිල් ජයසේකර

    මොස්කව් නුවර සූර්කොෂ් රාජ්‍ය කලායතනයේ ප්‍රධානීයා ද රුසියාවේ ඇකඩමියේ උප සභාපතිවරයා ලෙස ද කටයුතු කළ සෝවියට් දේශය බිහිකළ ශ්‍රේෂ්ඨ කලාකරුවෙකු ලෙස සැලකෙන ලෙව් කෙරබල් මූර්ති ශිල්පියා එවකට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ. මේ ශ්‍රේෂ්ඨ මූර්ති ශිල්පියාගේ ඉල්ලීම ඉතා සතුටින් පිළිගෙන ඇති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය එය එසේම වන බවට පොරොන්දුවක් […]

  • බැදුම්රකර මඟඩිකරුවන්ගෙන් යැපෙන  රවි කරුණානායක ඉල්ලා අස්විය යුතුයි! Read more >

    බැදුම්රකර මඟඩිකරුවන්ගෙන් යැපෙන රවි කරුණානායක ඉල්ලා අස්විය යුතුයි!

    ශ්‍රී ලංකාවෙහි මේතාක් සිදුව ඇති විශාලතම බැදුම්කර වංචාවට සම්බන්ධ අර්ජූන් ආලෝසියස්ගෙන්  කෝටි ගණනින් මුදල් ලබා ගත් බවට දැන් හෙළිදරව් වී ඇති එජාප පතාකයකු වන වත්මන් විදේශ ඇමැති රවි කරුණානායක ඇමැතිධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවටත් එසේ නොවන්නේ නම් මෙම විමර්ශණයෙන් පසු ඔහු ඉවත් කළ යුතු බවටත් ප්‍රබල මතයක් දේශපාලන අංශ අතර ගොඩ නැගෙමින් තිබේ. මීට අමතරව […]

  • ‘කුණු හබ්බ අහගන්න එපා මහත්තයෝ. කවදද යකෝ දික්උල්පත හිදුණේ?‘   Read more >

    ‘කුණු හබ්බ අහගන්න එපා මහත්තයෝ. කවදද යකෝ දික්උල්පත හිදුණේ?‘  

    ජායාරූපය: උමාඔය වැලිමඩ දික්කාපිටිය සොහොන් බිමක් කරයි. රජිත් කීර්ති තෙන්නකෝන්. උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතිය විසින් වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලස්සනම, සාරවත්ම, දික්කාපිටිය ප්‍රදේශයට සිදු කර ඇති විනාශය ඇදහිය නොහැකි තරම්ය.   වර්ග අඩි 479,160 ක ජල ධාරිතාවක් ඇති දික්උල්පත වැවේ වත්මන් ජල ධාරිතාව වර්ග අඩි 12,000 කට අඩුය. ඒ ද තැන තැන මඩ කඩිති මෙනි.  කුඹුරු […]

  • ජනපති සිරිසේන: මෙතැනින් කොතැනටද? – සුනන්ද දේශප්‍රිය Read more >

    ජනපති සිරිසේන: මෙතැනින් කොතැනටද? – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය ජනාධිපති වෙබ් අඩවියෙනි. ජනාධිපති සිරිසේන දැන් සිය දේශපාලන ජීවිතයේ තීරනාත්මකම අභියෝගයට මුහුණ දෙයි. ජනාධිපති රාජපක්ෂ පරාජය කර මෙරට ගමන් කරමින් තිබූ දූෂණයේ සහ භීෂණයේ පවුල් ඒකාධිපතිත්වයෙන් මෙරට නිදහස් කර ගත් දේශපාලන හවුල බිදී විසිරී යෑම, එය කුමන අවස්ථාවකදී සිදු වුවත් දැන් ස්ථිරය. එම පෙරළියට නොබා නායකත්වය දුන් මෛත්‍රීපාල සිරිසේන දැන් මුහුණ දෙන්නේ ගෙදර ගියොත් […]

Back to Top