යුද ජයග්‍රහණයට අයිතිවාසිකම් පෑම දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රශ්නයට තුඩුදී ඇති කාරණයකි. 2009 සිට, සමහරවිට ඊටත් කලින් සිට, යුද ජයග්‍රහණය ප්‍රධාන දෙපාර්ශ්වයම පාවිච්චි කොට ඇත්තේ තම තමන්ගේ දේශපාලනික අවශ්‍යතා මුදුන්පත් කරගැනීමට ය. එම ජයග්‍රහණයේ සම්මානය ඉල්ලා සිටීම, මැතිවරණයක් ආසන්න වන විට, තව තවත් තීව්ර වෙයි. මෙවර සිදුවන්නේද එයමයි. ඒ නිසා, ජනාධිපතිවරණයේ ප්රචාරක අවියක් වශයෙන් යුද ජයග්‍රහණය […]
යුදකරණය
-
-
ගෝඨාභයට විරුද්ධව අමෙරිකාවෙහි දී වධහිංසා පැමිනවීම සම්බන්ධයෙන් තවත් නඩු දහයක්.
ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙසින් සිටියදී වධහිංසාවට ගොදුුරු වූ වින්දිතයන් විසින් වන්දි ඉල්ලා එක්සත් ජනපදගේ මධ්‍යම කැලිපෝනියා දිස්ත්‍රික්කගේ පවරා ඇති අලුත් නඩු දහයකට මුහුණ දීමට දැන් ඔහුට සිදුවී තිබේ. ආරක්ෂාව සළසා ගැනීමේ අවශ්‍යතාව නිසා නිර්නාමිකව සිටීමට සිදුවී ඇති පැමිණිළීකරුවන් විසින් ජූනි 26 වුනිදා අධිකරණයෙහි ගොනු කරනලෙද ලියකියවිලි මගින් මුළුමනින්ම රාජපක්ෂ මහතාගේ පාලනය යටතේ තිබූ පොලිස් ස්ථාන හා හමුදා කඳවුරු වලදී අත්විඳි බියකරු […]
-
හමුදා වෙළෙඳාම් නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ රැකියා අවදානමේ: සමීක්ෂණයක්
ආරක්ෂක අංශ විසින් පවත්වාගෙන යන වෙළෙඳාම් හා කෘෂිකර්මාන්ත ඒකාධිකාර බවට පත්වීමේ අවදානම හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙන්ම පොදු ජනතාවගේ ජීවිකාවටද එල්ලවී ඇති හානිදායක බලපෑම ගැන අනතුරු අඟවන සමීක්ෂණ ආයතනයක් එම ව්‍යාපාර රජයට හෝ පෞද්ගලික අංශයට පවරන ලෙස යෝජනා කරයි. ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති යුක්තිය නගා සිටුවීම අරමුණු කොටගත්, නීති අධ්‍යයනය සඳහා වන දකුණු ආසියා මධ්‍යස්ථානය […]
-
ඉරණතිවුහි නාවික හමුදා අල්ලාගෙන සිටින ඉඩම් නැවත ලබා ගැනීමේ වසරක අඛණ්ඩ උද්ඝෝෂණරුකී ප්‍රනාන්දු
2015 දී වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව, 1992 වර්ෂයේ සිට බලහත්කාරයෙන් අවතැන් කරන ලද ඉරණතිවුහි ජනතාව තමන්ට යළිත් ගෙදර එන්නට ලැබෙනු ඇතැයි සිතූහ. එනමුදු ලියුම් කන්දරාවක් ද, රජයේ නිලධාරීන් සහ දේශපාලනඥයන් සමග 2016-2017 වසරවල කරන ලද ඉහළ පෙළේ රැස්වීම් ගණනාවකට පසුවද කිසිදු ප්‍රතිඵලයක් නොවූයෙන්, මේ ප්‍රජාව 2017 මැයි 1 වැනිදා මහ පාරේ අඛණ්ඩව උද්ඝෝෂණයක් […]
-
බාධාවකින් තොරව ජනමාධ්‍යවේදයේ යෙදීමට ඉඩ සළසන බවට දෙමළ මාධ්‍යවේදියකුට හමුදාවෙන් පොරොන්දුවක්
ජායාරුපය: රේඩියෝ ගගන. උතුරේ වාර්තාකරණයේ යෙදී සිටියදී නිලධාරියකුගේ තර්ජනයට ලක්වූ දෙමළ මාධ්‍යවේදියකුට අනාගතයේ කිසිදු බාධාවකින් තොරව රාජකාරි කරගෙන යාමට ඉඩ සලසන බව ශ්‍රී ලංකා යුද හමුදාව මානව හිමිකම් කොමිසම හමුවේ පොරොන්දු වී තිබේ. අට අවුරුද්දකට අධික කාලයක් යුද හමුදාව විසින් වාඩිලාගෙන ඉන්නා මුලතිව් දිස්ත්‍රික්කයේ සුසාන භූමියක් ස්ථිර වශයෙන් පවරා ගැනීමට එරෙහිව මතුවන ජනතා විරෝධය වාර්තා […]
-
සංක්රමණීය යුක්තිය කුමක්ද, කෙසේද සහ කොයිබටද යත්… – පැබ්ලෝ ඩි ග්රිෆ්
ජායාරූපය: පැබ්ලෝ ඩී ග්රිෆ් ජනපති සිරිසේන හමුව. ( නිව්ස්ඩොට්එල්කේ ජායාරූපයක්) මෙම දිනවල ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදෙන පැබ්ලෝ ඩි ග්රිෆ් සංක්රමණීය යුක්තිය පිළිබඳ අන්තර් ජාතික විද්වතෙකි. පහත සඳහන් කතාවෙහි ඔහු සංක්රමණීය යුක්තිය යනු කුමක්ද යන්න කෙටියෙන් ද එය ලොව පුරා ලැබා ඇති අත්දැකීම් ද විසිතර කරයි. පශ්චාත්- යුද්ධ ශ්‍රී ලංකාවද යුද්ධයෙන් ඇති කළ තුවාල සුවපත් කිරීම […]
-
දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නේ නැහැ; දෙමළ සන්ධානය රට අවුල් කරනවා- එජාප ඇමැති රුවන් විජේවර්ධන
ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය ඇමැති දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස උද්ඝෝෂණය කරන දෙමළ ජාතික සන්ධානයට දෙහි කැපූ බවත් ඔවුන් ඉල්ලා සිටන කිසිදු සිරකරුවකු නඩු නොවිමසා නිදහස් නොකරන බව ප්‍රකාශ කළ බවත් ආණ්ඩුවේ හොරනෑවක් වන ඩේලි නිව්ස් පුවත් පත වාර්තා කර තිබේ. රැවන් විජේවර්ධන අගමැති රනිල් වික්‍රමසිංහගේ ළගම ඥාතියෙකු වේ. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ […]
-
සෑම දෙදෙනෙකුටම යුද සෙබළෙකු බැගින් සිටින මුලතිව්හි යුදකරණය – සුනන්ද දේශප්‍රිය
ජායාරූපය: 2017 ඔක්තෝබර් මාසය වන විට මුලතිව්හි පිිහිටුවා තිබූ යුද හමුදා කදවුරු කොළපාටින්ද, නාවික හමුදා කඳවුරු නිල් පාටින්ද, ගුවන් හමුදා කඳවුරු රතු පාටින්ද හෝටල තද දම් පාටින්ද බෞද්ධ විහාර ලා දම් පාටින්ද සීඑස්ඩී කඳවුරු සහ ගොවිපල කහ පාටින්ද දක්වා ඇත. අඩයාලම් කේන්ද්‍ර යේහි http://www.adayaalam.org/mapping-militarisation-in-mullaitivu/ පිවිස එම වර්ණ මත ක්ලික්කර වැඩි විස්තර දැකගත හැකිය. පසුගිය දිනෙක වැඩිදුර […]
-
ශ්‍රී ලංකාවේ සංහිදයා ගමන වේගවත් නම් මා වඩාත් සතුටුයි – මානව හිමිකම් කොමසාරිස් ජනපතිට කියයි
(PMD News)ශි‍්‍ර ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යයක් ලෙස එහි ප්රඥප්තීන්ට අනුකූලව, ශී‍්‍ර ලංකාවේ ජනයාගේ යහපත වෙනුවෙන් ඉතා වගකීමෙන් යුතුව, කටයුතු කරන බවත්, මනව හිමිකම් සහ සංහිඳියාව තහවුරු කිරීම වෙනුවෙන් වන කි‍්‍රයාපිළිවෙත පියවරෙන් පියවර ඉදිරියට යන බවත් , ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් හමුවේ […]
-
වීරවංශට ප්‍රශ්ණයක් – කොමදෝරු දසනායක රණවිරුවෙක්ද? විරුමරුවෙක්ද? – සුනිල් ජයසේකර
ජායාරූපය:කොමදෝරු දසනායක. දේශපාලනය කිරීම සඳහා හෝ වේවා අන් ඕනෑම කර්මාන්තයක නියැලීම සඳහා හෝ වේවා පළමුව රටක් තිබිය යුතුය. රටක් යනුවෙන් අදහස් කරන්නේ හුදු භූමි භාගයක්ම නොවේ. එහෙත් අප රටේ ඇතැමුන් සිතා සිටින්නේ රට යනු තම තමන්ට රිසි රිසි දේ කළහැකි භූමියක් වන බවය. රටක පැවැත්ම සඳහා තහවුරු වියයුතුව ඇති නීතියේ ආධිපත්‍යයට ද නීතියේ ආධිපත්‍යය තුළ […]
-
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තීරණය කළ යුතුව ඇති අවතැන්වුවන්ගේ භුමිකාව
මෙලනි මානෙල් පෙරේරා. මෙරට ජනතාවගේ ජීවත්වීමේ අයිතිය හා පරිසරය සුරැකීමේ අයිතිය ව්‍යවස්ථානුකුලව පිළිගත්තොත් ‘අවතැන්වීම’ තාවකාලික දෙයක් වේවි. පුරවැසියන්ගේ ගරුත්වය හා අයිතිය සුරැකේවී. පරිසරය ආරක්ෂාවී රට සංවර්ධනය වනවා පමණකුත් නොවෙයි රටක් විධියට අභිමානයකුත් ගොඩනැගේවී. අවතැන්වීම සහ පරිසර විනාශය යන වචනය මුලිනුපුටා දමමින් තවදුරටත් රටේ පුරවැසියන් ජිවත් කරවනවා ද නැතහොත් මරා දමනවා ද යන්න තීරණය කරනු ලබන්නේ […]
-
කිළිනොච්චිය: අතුරුදහන් වූ ඥාතීන්ට යුක්තිය ඉල්ලන විරෝධතාවයට දින 100 යයි. (ජායාරූප කතාව)
ජායාරූපය ස්වේ ඩොට් කොම් අනුග්රහයෙනි. අතුරුදහන් වු සිිය ඥාතීන් සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලමින් දෙමළ ජනයා කිළිනොච්චියෙහි පවත්වා ගෙන යන අඛන්ඩ විරෝධතාවය අද දින සියය ලකුණු කරයි. සියක් දිනක් විරෝධතාවයේ යෙදි සිටිද ආණ්ඩුවේ බලධාරීන් තවමත් සිටින්නේ නැසූ කන්වය. තමන්ට විසඳුමක් දෙන තුරු විසිර නෙයන බව කියමින් අද විරෝධතාකරුවෝ කලිනොච්චිය දිසා ලේකම්ට ලිපියක් බාර දුන්හ. මෙම උද්ඝෝෂණය සඳහා […]
-
උතුරේ පෙරපාසැල් නිල ඇදුමට හමුදා ලාංචන
ජායාරූපය: යුද හමුදාවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ලාංචනය සහිත නිල ඇදුම. උතුරු පළාතෙහි ආරක්ෂක අංශ විසින් පවතවා ගෙන යන පෙරපාසැල් තුරුවර ගුරුවරියනට ලබා දෙන නිල ඇදුමට දැන් යුද හමුදා සිවිල් ආරක්ෂක බලකායේ ලාංචනයද ඇතුළත් කොට තිබේ. මේබව පෙන්වන ජායාරූප ග්ලෝබල් ටැමිල් නෙට් නම් වෙබ් අඩවිය විසින් ප්‍රසිද්ධ කර තිබේ. එය කොලඹ සිට පවත්වා ගෙන යන වෙබ් අඩවියකි. […]
-
ආයෙත් ජන සංහාරක යුද්ධයක් එපා !
යුද්ධය අවසන් වී හරියටම අවුරුදු අටයි. එය විජයග්රහණයක් ලෙස පිරිසක් කතා කරයි. තවත් පිරිසක් එය මහා ජන සංහාරයක් ලෙස කතා කරයි. යුද ජයග්‍රහණ සැමරුම් මහ ඉහළින් නැති එක ගැනද බොහෝ අය බොහෝ කතා කියති. කවුරුන් මොනවා කිව්වත්, යුද්ධය අවසන් වීම සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ ජයග්‍රහණයකි. දෙමළ වේවා, සිංහල වේවා, මුස්ලිම් වේවා හැමෝම යුද්ධය අවසන් වීම ගැන […]
-
කිළිනොච්චියේ හමුදාව, බුද දහම සහ වෙසක් ගැන තවදුරටත් – සුනන්ද දේශප්‍රිය
ජායාරූපය: යාපනයේ පුස්තකාලය අසළ යුද හමුදාව ඉදිකළ වෙසක් තොරණ; credit: Garikaalan Twitter . යුද හමුදාව කිළිනොච්චියහි වෙසක් සැරසිළි කිරීම ප්‍රශ්ණ කරමින් මා යැවූ ටිවීට් පණිවිඩයක් විමල් වීරවංසට සම්බන්ධ වෙබ් අඩවියක පළ කිරීමෙන් පසු ඉතාම අසභ්‍ය වචන මුහුණූ පොතෙහි පුරවමින් ඝෝෂාවක් ඇති කර තිබේ. මා ට්වීට් පණිවිඩයෙහි ලියුවේ මෙයයි: ‘බෞද්ධයන් නැති කිළිනොච්චියේ යුද හමුදා වෙසක් සැරසිළි! කඳවුරු […]
-
‘‘මගේ ඉඩම මට දෙන්න‘‘: සෙල්ලම්මාගේ (83) කතාව – රැකී ප්‍රනාන්දු
සෙල්ලම්මාට වයස අවුරුදු 83 කි. ඇගේ ගෙවල් පිහිටා තිබෙන්නේ උතුරු පළාතේ, මුලතිව් දිස්ත්‍රික්කයේ, පුදුකුඩිඉරුප්පු නැගෙනහිර, අංක 7 කලාපයේ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එහා පැත්තේය. සති දෙකකටත් වැඩි කාලයක්, ඇය තම නිවස ඉදිරිපිට මහ පාරේ ගිනියම් අව්වත්, රාත්‍රියේ සීතලත් නොතකා අනේක දුක් ගැහැට විඳිමින් සිටියාය. ඒ ඇගේ ගෙදර සහ ඉඩම හමුදාවෙන් අල්ලා ගෙන සිටින බැවිනි. හැන්දෑවේ […]
-
“පුණ්‍යායතන භූමිය පොලිසියෙන් මුදාදෙන්න”
ජායාරූපය: 1990 වසරේ සිට වරින්වර හමුදාව සහ විශේෂ කාර්ය සාධක බලකාය වැනි ආරක්ෂක අංශ විසින් භාවිතා කරන ලද ගොඩනැගිල්ලක් සහිත අදාළ ඉඩම මේ වන විට පොලිසියේ ප්‍රයෝජනය සඳහා යොදා ගැනෙයි. මඩකලපුව ‘මයිලම්බාවේලි’ ප්‍රදේශයේ පුණ්‍යායතනයකට අයත් පොලිසිය විසින් දැනට පාවිච්චි කරනු ලබන ඉඩමක් නිදහස් කරන ලෙස ඉල්ලමින් එම පුණ්‍යායතනයෙන් සහනය ලද කාන්තාවන් ද ඇතුළු කණ්ඩායමක් බලධාරීන් […]
-
යතුරුපැදිකරුවන් ඝාතන: එදා පස්යාලේ; අද යාපනයේ – තරිඳු ජයවර්ධන
විජයකුමාර් සුලක්ෂන් නාට්‍යක් අතරතුර; ජයාරූපය ඩීබිඑස් ජෙයරාජ් අඩවියෙනි. පොලිස් පහරදීම් සහ පොලිස් වෙඩි තැබීම් උතුරේ මෙන්ම දකුණේ ද වරින් වර වාර්තා විය. අඟුලානේ තරුණයන් දෙදෙනකු පොලිසියෙන් වෙඩි තබා මරා දැමීමේ සිදුවීමෙන් පසු ප්‍රදේශවාසීහු අඟුලාන පොලිසියට පහර දී වැනසූහ. දොම්පේ පොලිසියේ දී තරුණයකුට පහර දී මරා දැමූ බව කියන සිදුවීමෙන් පසු ප්‍රදේශවාසීහු දොම්පේ පොලිසිය ගිනි තැබූහ. […]
-
අාවා කල්ලිය පිටිපස සිටින ජෙනරල් හෙළිකරන්න
ජායාරූපය: රාජපක්ෂ පාලන සමයේ උතුරු ආඥාපති වශයෙන් කටයුතු කළ මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ ආවා කල්ලිය ගොඩ නැගූ බව ලංකා නිව්ස් වෙබ් කියයි. ආවා’කල්ලිය හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අනුදැනුම මත බිහිවූවක් බවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති, සම කැබ්නට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරතන මහතා කරනලද ප්‍රකාශය උපුටා දක්වන විදේහගත දෙමළ ඊළාම් රාජයේ ප්‍රධනී රුද්රකුමාරන් මහතා එම […]
-
මීළඟ මහමැතිවරණයේ රාජපක්ෂ උපායන් තුනක් ! – නිලන්ත ඉලංගමුව
ව්‍යවස්ථානුකූලව මීළඟ මහා මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2020 දීය. දෝශාභියෝගයකින් පවතින ආණ්ඩුව පරාජය කිරීම ඊට පෙර මැතිවරණයක් ලබා ගැනීමේ එක් මූලික දේශපාලනික උපයාක් වේ. එය සාර්ථක වීම සඳහා වටපිටාවක් නිර්මාණය කරගත හොත් දැනට “ඒකාබද්ධ විපක්ෂය” නියෝජනය කරන පිරිසට අවශ්‍යය කාරණයක් ඉටු වනු ඇත. අන්ත දූෂිත සහ මුදල් වලට විකිණෙන දේශපාලනික අවභාවිතයක් ඇති මෙවැනි රටක එවැනි […]
-
ජිනීවා: ශ්‍රී ලංකාවේ අතුරුදහන්වීම් යළි කරළියට – සුනන්ද දේශප්‍රිය
(රාජපක්ෂගේ එදා භූමිකාව) මානව හිමිකම් කවුන්සිලයේ මෙම සැසිවාරය ඇරඹෙන්නේ රාජපක්ෂවාදී පිරිස් විසින් ආණ්ඩුවේ සංක්‍රාන්තික යුක්තිය සහ ප්රතිසංධාන වැඩ සටහන කඩාකප්පල් කිරීමේ රාජපක්ෂ කූටෝපායන් නග්න ජාතිවාදය කරා ඇදී යමින් තිබියදීය. එහි ප්‍රධානියකු වන බන්දුල ගුණවර්ධනට අනුව මෙම ඊනියා විපක්ෂයේ අලුත්ම පියවර වන්නේ අධිකරණය විසින් දඩුවම් කරන ලද යුද හමුදා මේජර්වරයකු විසින් ගෙවිය යුතු වන මිලියන දෙකක […]
-
යාපනයේ හමුදා බලය 2009 මට්ටමෙන් අඩුකර නැහැ! ආඥාපති ජෙනරල් මහේශ් සේනානායක
(උතුරු පළාත බාර ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක) යාපනයෙහි හමුදා බලය තවමත් 2009 මට්ටමෙහිම පවත්නා බව එහි අඥාපති ජෙනරල් මහේශ් සේනානායක ආණ්ඩුව විසින් පාලනය කරන දිනමිණ පුවත්පත සමඟ සාකච්චජාවනට එක්වෙමින් කියා තිබේ. ඔහු විසින් මෙසේ කියා තිබේ: ‘‘උතුරේ හමුදාව සීමාසහිත කරල කියලා චෝදනාවක් දකුණේ තියෙනව? සීමාසහිත කරලා නෑ. යුද්ධය පැවති වකවානුව තුළ මෙන්ම මේ ප්‍රදේශවල […]
-
මොකද්ද මේ ක්ලස්ටර් ( පොකුරු) බෝම්බ චෝදනාව ? – නිලන්ත ඉලංගමුව
( ඇමෙරිකාවේ නිශ්පාදිත පොකුරු බෝම්බයක්) ශ්‍රී ලංකා ආරක්ෂක අංශ, යුද්ධය අවසාන කිරීම සඳහා, ක්ලස්ටර් හෙවත් පොකුරු බෝම්බ භාවිතා කළ බවට වූ චෝදනාව අලුත් එකක් නොවේ. මෙය යුද්ධය අවසන් වීමට දිමාස කිහිපයකට පෙර, රසායනික අවි භාවිතා කිරීම හා සමානව නැගුනු චෝදනාවක් විය. එසේම, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය ( එල්. ටී. ටී. ඊ) සංවිධානය, කිලිනොච්චියෙන් පසු […]
-
උතුරේ යළි පදිංචි කිරීම් සඳහා ඉඩම් හඳුනා ගැනීම ජුනි 03දාට අවසන් කරන්න – ජනපති
උතුරේ අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් හඳුනා ගැනීමේ කටයුතු ලබන සිකුරාදා (ජූනි මස 03 වනදා) වන විට අවසන් කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දෙයි. උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන් වූ ජනතාව නැවත පදිංචි කරවීමේ කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා […]
-
නැගෙනහිර මහමැතිගේ වන්නමෙන් “දෙකොණ” පත්තුවෙයි – නිලන්ත ඉලංගමුව
දෙකොණ පත්තු වී ඇත. ඒ අදාළ සිදු වීම අරඹයා වීඩියෝ පටයක් නිකුත් වීමත් සමඟිනි. එමගින් ඇත්ත වටහා ගැනීමට වඩා සංවේදීව සිතීමට බොහෝ දෙනෙකුට අවස්ථාවක් ලැබී තිබේ. තමන්ට අවශ්‍ය තමන් ඉදිරියේ කලිසම වුව ගැලවිය හැකි පුද්ගලයෙකු අදාළ සංස්ථා සහ ආයතනවල ප්‍රධානීයා කිරීම, ප්‍රතිපත්තිය කරගෙන දසවරසකට වඩා මෙරට පාලනය කළ සංවේදී නායකයාද තම මතය ඉදිරිපත් කොට ඇත. […]
-
උතුරේ රෝහල් 10කට වෛද්‍යවරු නැහැ; ඉඩම් අාපසු දිය යුතුයි – රෙජිනෝලඩ් කුරේ
“උතුරේ රෝහල් 10ක කිසිම වෛද්‍යවරයෙක් නැහැ. යුද හමුදාව සිටින පෞද්ගලික ඉඩම් අයිතිකරුවන්ට දිය යුතුයි” යැයි උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ කියයි. යුද්ධය හේතුවෙන් ජාතික ආරක්ෂාව සඳහා උතුරේ නැවත පදිංචි වැසියන්ගෙන් අත්පත් කරගත් පෞද්ගලික ඉඩම් එහි අයිතිකරුවන්ටම ලබා දිය යුතු බවත් උතුරේ පිහිටි රෝහල් වලින් 10ක කිසිම වෛද්‍යවරයෙක් නැති බවට උතුරු පලාත් ආණ්ඩුකාරවරයා පැවසීය. ආණ්ඩුකාරවරයා මේ බව […]
-
කිලිනොච්චිය නගරය මැද හමුදා කඳවුරක් නෑ – TNA
( ‘එතන හමුදා කඳවුරකුත් නෑ. ඒක මහජනතාවගේ ඉඩම්. හමුදාව බලහත්කාරයෙන් අල්ලගෙන තියාගෙන ඉන්න ප්‍රදේශයක් ඒක’ – සුමන්දිරන්) කිලිනොච්චිය නගර මධ්‍යයේ හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට එල්ල වන චෝදනාව TNA සන්ධානය ප්‍රතික්ෂේප කරයි විපක්ෂනායක ආර් සම්බන්ධන් ඇතුළු පිරිසක් පසුගියදා කිලිනොච්චියේ හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට එල්ල වන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන දෙමළ ජාතික සන්ධානය, […]
-
යාපනේ ඉඩම් යළිත් අත්පත්කර ගන්නේ යැයි හමුදාවට චෝදනා
මෙම ක්‍රියාව නතර නොකරන්නේ නම් අඛණ්ඩව උද්ඝෝෂණ සිදු කරමින් රජයේ කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇති කරණ බව ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා පැවසයි. යාපනයේ කයිට්ස් පළාතේ සාමාන්‍යය වැසියන්ට අයත් ඉඩම් කීපයක් නාවික හමුදාවේ හා යුද හමුදාවේ ප්‍රයෝජනය සදහා අත්පත් කර ගැනීමට එරෙහිව යාපනය මිනින්දෝරු කාර්යාලය ඉදිරිපිටදී 8 වෙනි දා උද්ඝෝෂණයක් දියත් කොට තිබුණි. මෙම ඉඩම් මැනීමේ කටයුතු […]
-
කිලිනොච්චි පුද්ගලික සහ පොදු ඉඩම්වලින් හමුදාව ඉවත්විය යුතුයි – කිලිනොච්චිය සංවර්ධන සභා කමිටුව
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ හමුදාව විසින් පවරාගෙන සිටින පුද්ගලික හා පොදු ඉඩම්වලින් හමුදාව සම්පූර්ණයෙන් ඉවත්විය යුතු යැයි අද දින පැවැති කිලිනොච්චිය දිස්ත්‍රික්ක සංවර්ධන කමිටු රැස්වීමේදී පාර්ලිමෙන්තු මන්ත්‍රී සිවඥානම් සිරිදරන් මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කළ අතර එය උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් මහතා අනුමත කරමින් සම්මත වී තිබේ. අද (26) සෙනසුරාදා දින පෙරවරු 9ට කිලිනොච්චිය දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේදී […]
-
අපේ ඉඩම් අපට දෙන්න – මුලතිව්හි උද්ඝෝෂණයක්
පසුගිය ජනවාරි 18වන දින උදෑසන 09.30 ට පමණ වැලිඔය, කෝකිලායි, කොක්කුතුඩුවායි හා කර්නාටකේනි යන ප්‍රදේශයන්හි පදිංචි දෙමළ වැසියන් විසින් අපේ ඉඩම් අපට දෙන්න යැයි උද්ගෝෂණයක් පවත්වන ලදී, වැලිඔය ප්‍රදේශයේ ඔවුන්ට අයත්ව පැවති ඉඩම් අක්කර 2149 ක් (කුඹුරු අක්කර 929 ක්ද ඇතුලත්ව) පසුගිය යුද වාතාවරණය හේතුවෙන් අතහැර දමා යාමෙන් පසු මහවැලි සංවර්ධන අධිකාරිය මගින් සිංහල වැසියන්ට […]