Sri Lanka Brief
යහ පාලනය

යහ පාලනය

  • 19ට විරුද්ධ වෙන්නේ ජනමතයට විරුද්ධ වන අයයි; පුරවැසි බලය අවධාරණය කරයි Read more >

    19ට විරුද්ධ වෙන්නේ ජනමතයට විරුද්ධ වන අයයි; පුරවැසි බලය අවධාරණය කරයි

    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් නියෝජනය වන්නේ ජනතා අභිලාශයන් බවත් එයට විරුද්ධවන්නන් ජනමතයට විරුද්ධවන්නන් ලෙස හැඳින්විය හැකි බවත් “පුරවැසි බලය” සංවිධානය පවසයි. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීම යනු මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත විමේ පළමු පියවරක් ලෙස සලකන බවද එම සංවිධානය පෙන්වා දෙයි. දහනම වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන ලෙස හා විධායක ජනාධිපති ධූරය සම්පූර්ණයෙන්ම […]

  • දැයට කිරුළෙන් මහජන මුදල් ගිල දැමු   ඔයාමඩුව අද සොහොන් බිමක්! Read more >

    දැයට කිරුළෙන් මහජන මුදල් ගිල දැමු ඔයාමඩුව අද සොහොන් බිමක්!

    18 වැනි දැයට කිරුළ පැවැත්වීමට ඊට පෙළ ගැසුණු දේශපාලකයන් හා රාජ්‍ය කළමනාකරුවන් ඇතුළු නිලධාරීන් කැසපට කවද්දී දින සීයේ වැඩසටහන යටතේ රටට ජනතාවට, රුපියලක්‌ නොවටිනා නමුත් රුපියල් මිලියන 22,000 ක්‌ පමණ වැයකළ දැයට කිරුළ වැඩසටහන මෛත්‍රි පාලනයෙන් අහෝසි කර දැම්මේය. මේ යහපාලනයේ ආරම්භයයි. කිසියම් ප්‍රදේශයක සේවය කරන මාධ්‍යවේදීන් යනු පත්‍රයකට වාර්තාවක්‌ ලියන වාර්තාකරුවකු පමණක්‌ නොවේ. ප්‍රදේශයේ […]

  • රටේ අනාගතයට රාජපක්ෂලා ඕනෑද? –  නිලන්ත ඉලංගමුව Read more >

    රටේ අනාගතයට රාජපක්ෂලා ඕනෑද? – නිලන්ත ඉලංගමුව

    මෙතරම් අවබෝධයකට පසු, මොන සමාවක්ද? – ටී. එස්. එලිඔට් ( ජෙරෝන්සන්) අපි අවබෝධ කර ගත් මූලික කාරණයක් තිබේ. ඒ වූ කලී, ‘ප්‍රජාතන්ත්‍රවාදයට’ මුවා වී රටේ ජනතාවගේ මූලික අයිතීන් කොල්ල කෑමෙන් සිදුවන විනාශය සහ තම කොල්ල කෑම “දේශහිතෛශී” ප්‍රචාරණ උපායන් මඟින් වසා දැමිය හැකි සීමාවන්ය. රාජපක්ෂලා දේශපාලනික වශයෙන් මුළු රටට පමණක් නොව ලෝකයටම ප්‍රායෝගිකව තේරුම් ගැනීමට […]

  • මිලියන 142 ක් නොගෙවීම නිසා ශ්‍රිලනිපයට එරෙහිව ලංගමයෙන් නඩු Read more >

    මිලියන 142 ක් නොගෙවීම නිසා ශ්‍රිලනිපයට එරෙහිව ලංගමයෙන් නඩු

    පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණය ප්‍රචාරක රැලි සඳහා ලංගමයේ බස් රථ යොදා ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 142ක් අය විය යුතු බවත් එම මුදල් මේ වනතුරු ගෙවා නොතිබීම හේතුවෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමර්ග ගන්නා බව ඊයේ (10) මාධ්‍ය හමුවකට එක් වෙමින් ලංගමයේ සභාපති රමල් සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ”පසුගිය […]

  • 19 වන සංසෝධනය ගැන එජාපයෙන් වම්පික රණවකට ප්‍රහාරයක් Read more >

    19 වන සංසෝධනය ගැන එජාපයෙන් වම්පික රණවකට ප්‍රහාරයක්

    ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමටත් පෙර සිටම පොදු විපක්ෂයේ ප්‍රමුඛතම සටන් පාඨය වූයේ විධායක ජනාධිපති ක්‍රමය මුළුමණින්ම අහෝසි කිරීමය. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පෙරටු කොටගත් විවිධ වූ විද්වතුන්, කලාකරුවන්, වෘත්තිකයින් ඇතුළු ප්‍රබල සිවිල් සංවිධාන ජාලයක්ම නිර්මාණය වී එකී තේමාව ඔස්සේ පෙළ ගැසෙමින් දිගින් දිගටම කියා සිටියේ රටට ශාපයක් වුණු විධායක […]

  • ටිරාන් අලස් සුනාමි මුදල් මංකොල්ල කැ හැටි පොලීසිය හෙළි කරයි Read more >

    ටිරාන් අලස් සුනාමි මුදල් මංකොල්ල කැ හැටි පොලීසිය හෙළි කරයි

    පසුගිය සුනාමි ව්‍යසනයෙන් නිවාස අහිමිවූ උතුරු නැගෙනහිර ජනතාවට නිවාස සාදා දීමේ අරමුණින් එවකට ජනාධිපති ලේකම් කාර්යාලයේ අනුමැතිය මත රාධා ආයතනය නැමැති ආයතනයක් 2006 වර්ෂයේදී ආරම්භ කර ඇත. මෙම ආයතනයේ සභාපති ලෙස කටයුතු කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාය. මහා භාණ්ඩාගාර වැය ශීර්ෂ 803 යටතේ මහා භාණ්ඩාරගාරය විසින් ජනාධිපති කාර්යාලය හරහා මෙම රාධා ආයතනයට මුදල් […]

  • “ජෙයකුමාරි නිදහස් කරන්න. නැති නම් නඩු දමන්න “ – කැෆේ Read more >

    “ජෙයකුමාරි නිදහස් කරන්න. නැති නම් නඩු දමන්න “ – කැෆේ

    මේ වන විට වැඩිම අවධානයට යොමුව සිටින දේශපාලන සිරකාරිනිය වන්නේ බාලේන්ද්‍රන් ජෙයකුමාරි බව කැෆේ / ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ අදහසයි. වසරකට ආසන්න කාලයක් රැඳවුම් නියෝග මත වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින බාලේන්ද්‍රන් ජයකුමාරිට එරෙහිව චෝදනා ඇත්නම් ගොනු කරන ලෙස සහ එසේ නොමැති නම් ඇය නිදහස් කරන ලෙස කැෆේ සංවිධානය සහ ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රය (CHR) රජයෙන් […]

  • යක්ෂාවගමනයට පෙර: වාසුදේව-වීරවංශ දෙබෑයන්ට ප්‍රශ්ණ දහයක් Read more >

    යක්ෂාවගමනයට පෙර: වාසුදේව-වීරවංශ දෙබෑයන්ට ප්‍රශ්ණ දහයක්

    වාසුදේව නානායක්කාර සහ විමල් විරවංශගේ අශුද්ධ සන්ධානය මහින්ද රාජපක්ෂ යළි බලයට ගෙන ඒමට පවත්වන බලියෙහි දී පිළිතුරු දිය යුතු ප්‍රශ්ණ දහයක් මෙන්න. ජනාධිපතිවරනයෙන් පැරදීමෙන් පසු රාජපක්ෂ මහතා තමට විරුද්ධව අසත්‍ය චෝදනා කැරන්නේ යැයි කියා ඊට පිළිතුරු ලෙස පුවත් පත් නිවේදන දෙකක් නිකුත් කළේ ය. එම නිවේදන දෙකෙන්ම පිළිතුරු නොදුන් පහත සඳහන් ප්‍රශ්ණ දහයකට පිළිතුරු දෙන […]

  • ජනපතිවරණයෙන් පසු ආණ්ඩුකරණය හා ආයතන යළි ගොඩනැගීම – මහාචාර්ය ජයදේව උයන්ගොඩ Read more >

    ජනපතිවරණයෙන් පසු ආණ්ඩුකරණය හා ආයතන යළි ගොඩනැගීම – මහාචාර්ය ජයදේව උයන්ගොඩ

    මහින්ද රාජපක්ෂ පාලනයෙන් පසු ලංකාවේ ආණ්ඩුකරණ න්‍යාය පත‍්‍රයේ ඇති ප‍්‍රධාන තේමාවක් වන්නේ, ආණ්ඩුකරණ ආයතන යළි ගොඩනැගීමයි. කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව, අධිකරණය, මහා භාණ්ඩාගාරය හා විශ්වවිද්‍යාලවල සිට ගමේ ග‍්‍රාම නිලධාරී හා සමෘද්ධි කාර්යාල දක්වා ”ආයතන යළි ගොඩනැගීමේ” අභියෝගය විහිදී තිබේ. මෙම කරුණ ගැන ආණ්ඩුවේ කොටස් අතර අවබෝධයක් සහ වුවමනාවක් තිබෙන බව පෙණුනත්. එය කොතරම් ශක්තිමත් එකක් ද […]

  • අත්අඩංගුවේ මිය ගිය මාරිමුත්තුගේ මරණය ගැන පරීක්ෂනයක් ඕනෑ -ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ Read more >

    අත්අඩංගුවේ මිය ගිය මාරිමුත්තුගේ මරණය ගැන පරීක්ෂනයක් ඕනෑ -ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ

    ඉකුත් 31 වන දින තලවකැලේ නගරයේදී තලවකැලේ පොලීසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකු වූ විසි හැවිරිදි මාරිමුත්තු මනෝජ් නැමැති සැකකරු පොලීස් අත්අඩංගුවේ සිටියදී මියයෑමේ සිද්ධිය පිළිබඳව අප දැඩි කණස්සල්ලයට පත් වෙමු. මෙම මරණය පිළිබඳ පොලිස් ප්‍රකාශණයේ දක්වා ඇත්තේ මෙම සැකකරු ජීප් රථයෙන් රැගෙන යාමේදී ජීප් රථයෙන් පැන දුවගොස් ජලාශයකට පැන මරණයට පත් වූ බවය. එහෙත් […]

  • මහජන සේවාව පෙරදැරිකරගත් ජනමාධ්‍ය සංස්කෘතියක් සඳහා සටහනක්

    විද්‍යුත් මාධ්‍ය (ගුවන්විදුලි හා රූපවාහිනී) නියාමනය. අප විද්‍යුත් මාධ්‍ය වශයෙන් හඳුන්වන ගුවන් විදුලි හා රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍ර‍ය නියාමනය කිරීමේදී මුද්‍රිත මාධ්‍ය වලට වඩා දැඩි නියාමන විධිවිධාන අනුගමනය කිරීම ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී සමාජවල ලක්ෂණයකි. මුද්‍රිත මාධ්‍ය මෙන් නොව විද්‍යුත් මාධ්‍ය ප්‍ර‍චාරය කරන්නේ සීමිත මහජන දේපළක් වන ගුවන්විදුලි තරංග සංඛ්‍යාත උපයෝගි කර ගැනීමෙනි. ඒ අනුව කිසියම් භූගෝලීය කලාපයක පැවැතිය […]

  • මොහාන් පිරීස් පරදවා සත්‍යය ජය ගත්තේය – කේ. ඩබ්ලිව්. ජනරංජන Read more >

    මොහාන් පිරීස් පරදවා සත්‍යය ජය ගත්තේය – කේ. ඩබ්ලිව්. ජනරංජන

    යුක්තිය වෙනුවෙන් රටේ ජනතාව විසින් කරන ලද තවත් අරගලයක නිමාව අවුරුදු දෙකකට පසු ව සිදු විය. තත්ත්වාකාර අගවිනිසුරු වෙනුවට නීත්‍යනුකූල අගවිනිසුරුවරිය නැවත ධුරයේ පිහිටුවන්නට හැකි විය. එසේ කළ හැකි වූයේ ‘සත්‍යය කවදා හෝ ජය ගනීවියැ’යි පතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ නිකුත් කළ නිවේදනයක් මාධ්‍යවල පළ වී තිබුණු දිනයේ දී ම වීම උත්ප‍්‍රාසජනක ය. තත්ත්වාකාර අගවිනිසුරුට […]

  • ඕමන්ත මුරපොළ නිහඩවී උතුරු සභාවට නව ලේකම්වරයෙක් එයි Read more >

    ඕමන්ත මුරපොළ නිහඩවී උතුරු සභාවට නව ලේකම්වරයෙක් එයි

    (පුසතකාල ජායාරූපයකි) වවුනියාව ඕමන්ත සීමා මුරපොළේ සෝදිසි කටයුතු අද 2 දින සිට නවතා ඇතැයි ග්ලෝබල් ටැමිල් නිවිස් අද වාර්තා කළේ ය.  යුද කාලයදී ආරක්‍ෂක හේතු මත ඉදිකළ මෙම සෝදිසි මුරපොළ වසර ගණනක් තිස්සේ ක්‍රියාත්මකවූ අතර වවුනියාව ඕමන්ත සීමා මුරපොළ හරහා ගමන් කරන සාමාන්‍ය වැසියන්, රාජ්‍ය සේවකයන් සහ විදේශිකයන්ද දැඩි අපහසුතාවලට මුහුණ දුන් බව ද එස […]

  • නව අගවිනිසුරු සමානාත්මතාවයේ සංකේතයක් – උතුරේ මහ ඇමති Read more >

    නව අගවිනිසුරු සමානාත්මතාවයේ සංකේතයක් – උතුරේ මහ ඇමති

    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කනගසබාපති ශ්‍රීපවන් ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරුවරයා ලෙස පත් කිරීම රජය ශ්‍රී ලංකාවේ සියලුම ජාතීන්ට සමානාත්මතාවකින් යුතුව සලකන බවට ඉඟියක් පලවීමක් බව උතුරු පළාත් මහා ඇමති.වී.විග්නේස්වරන් ප්‍රකාශ කරයි. ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණ නව අගවිනිසුරුවරයා වශයෙන් කේ. ශ්‍රීපවන් පත් කිරීමට රජය ගෙන ඇති තීරණය තුලින් රටේ නීතිය හා සාධාරණය පැහැදිලිව ඉස්මතු වන බවත් ඒ තුළින් ශ්‍රී […]

  • පීරිස් ගෙදර;ශිරාණි බණ්ඩාරනායක යළිත් අගවිනිසුරු (ජායාරෑප) Read more >

    පීරිස් ගෙදර;ශිරාණි බණ්ඩාරනායක යළිත් අගවිනිසුරු (ජායාරෑප)

    දෝෂාභියෝග යෝජනාවක් මගින් ධුරයෙන් පහ කෙරුණ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක, යළිත් අගවිනිසුරුවරිය ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කරනු ලැබ තිබේ. පත්වීම ලැබීමෙන් පසුව අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයට පිවිසි ශිරාණි බණ්ඩාරනායක අග්‍රවිනිශ්චයකාරවරිය නීතිවේදීන් සහ රැස්ව සිටි ජනතාව විසින් උණුසුම් ආකාරයෙන් පිළිගනු ලැබිණ. පසුව සිය නිල කාමරයට පිවිසි අගවිනිසුරුවරිය සිය වැඩ කටයුතු ආරම්භ කළාය. හිටපු අග්‍රවිනිශ්චයකාර මොහාන් […]

  • ජාතික විධායක කමිටුවේ අද වාර්තාව ( වීඩියෝ) Read more >

    ජාතික විධායක කමිටුවේ අද වාර්තාව ( වීඩියෝ)

    (පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස් වධ දී මියයාමට අතහැර දැමීමෙන් පසු) ජාතික විධායක කමිටුව අද රුස්වී ගත් තිරණ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා වීඩියෝ ප්‍රකාශයක් මගින් ප්‍රසිද්ධ කර තිබේ. එම ප්‍රකාශයට අනුව දින සියයේ වැඩ පිලිවෙළ සාර්ථක කර ගැනීමට හැති යැයි කම්ටුව විශ්වාශ කරන බවත් පසුගිය කාලයේ සිදු වූ පැහඅර ගඅනීම් සහ අතුරුදහන්වීම් සම්බන්ධයෙන් කඩිනම් […]

  • මන්නාරම: අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීම් තුනක් Read more >

    මන්නාරම: අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීම් තුනක්

    (මන්නාරමේ විරෝධතාවය) අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් ඉල්ලීම් තුනක් මුල් කරගෙන අද 26 සඳුදා දින මන්නාරමදී දැවැන්ත සාමකාමි විරෝධතාවයක් පවතවන ලදී. මන්නාරම  සිවිල් සමාජ කණ්ඩායම විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි. දේශපාලනික සිරකරුවන්ව නිදහස් කරන ලෙසත්, අතුරුදහන්වූවන් හා පැහැරගැනීමට ලක්වූවන්ව සොයා දෙන ලෙසත්, තිරුකේදීස්වරම් සමූහ මිනීවලේ විභාග කටයුතු කඩිනමින් පවත්වන ලෙසත් ඉල්ලා මෙම විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ. 26වන […]

  • අරලියගහ මැදුරේ රාජපක්ෂ කුමන්ත්‍රණය වැළකී ගිය හැටි Read more >

    අරලියගහ මැදුරේ රාජපක්ෂ කුමන්ත්‍රණය වැළකී ගිය හැටි

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ අළුතින් පත්වූ ආණ්ඩුව අතර සාමකාමී අන්දමින් බලය හුවමාරු වූ බවට කියැවෙන කතාන්තරයක් මේ වන විට ප‍්‍රකාශයට පත්ව තිබේ. අවසාන ප‍්‍රතිඵල නිකුත් වීමටත් කලින්ම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉතා නිහතමානීව බලය අතහැර ගෙදර යන පින්තූරවලින් පුවත්පත්, රූපවාහිනී නාලිකා සහ අන්තර්ජාලය අරක්ගත්තේය. ඊට ටික වේලාවකට කලින් ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හදවතට බලවත් තැන්වලින් එල්ල […]

  • බත්බැලයන් ‘රජෙකු’ කලේ බෙලහීනයෙකි! – රංජිත් හේනායකආරච්චි Read more >

    බත්බැලයන් ‘රජෙකු’ කලේ බෙලහීනයෙකි! – රංජිත් හේනායකආරච්චි

    ‘මහරජානෙණි’යනුවෙන් ගීතයක් ලියුවේ අඳබාලයෙකු නොවේ. එම ගීය ගයනු ලැබුවේ ගැමි ලියකද නොවෙති. මෙසේ ‘රජතුමානෝ’ මෙන්ම ‘රජතුමාගේ පින් පාට’ ගැන එමෙන්ම ‘අපට රජෙක්’ ලැබුනා වැනි වදන් ලංකා සමාජ මනසට නිදන්ගත කිරීමට ලංකාවේ උගත් නාගරික මැද පන්තිය විශාල මෙහෙවරක් කරනු ලැබීය. තමනට යමක් ලබා ගැනීම සඳහා එනම් ‘පඬුරු පාක්කුඩම් දී තාන්න මාන්න’ ලැබීමේ ක්‍රමවේදයට අනුව මොවුන් ක්‍රියාත්මක […]

  • මේ සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලයයි! – රංජිත් හේනායකආරච්චි Read more >

    මේ සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලයයි! – රංජිත් හේනායකආරච්චි

    මින් පෙර නොවූ විරූ උද්යෝගයක් මුළු මහත් රටේම ජනයා තුල මෙවර ජනාධිපතිවරණය සහ ඉන්පසු පසුවෙමින් පවතින කාල පරිච්ඡේදය තුල රටේ දේශපාලනය සහ එහි වෙනස්වීම් ගැන ඇතිවී තිබේ. මෙම උද්යෝගය හුදෙක් පාලනයේ සිටි ආණ්ඩුව වෙනස් කර වෙනස් ආණ්ඩුවක් පත්කිරීම වැනි සරල වෙනසක් ගැන ඇතිවූ උනන්දුවක් නොවෙති. එතුල ඇත්තේ සමාජයේ මෙතෙක් පැවති පිරිහුණු ක්‍රමය, නැතිනම් නිදහසින් පසු […]

  • ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට විවෘත ලියුමක් – නාලක ගුණවර්ධන Read more >

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට විවෘත ලියුමක් – නාලක ගුණවර්ධන

    ජනාධිපති මහතාණෙනි, යුක්තිය, සාධාරණත්වය සහ යහපාලනය උදෙසා පෙනී සිටිමින් ඔබ ලැබූ මැතිවරණ ජයග‍්‍රහණයට සුබ පැතුම්! බොහෝ බාධක, කම්කටොලූ හා අභියෝග මැද ඔබ ප‍්‍රතිපත්ති ගරුකව මැතිවරණ ව්‍යාපාරය කර ගෙන ගිය සැටි අප බලා සිටියා. එසේම ඔබ මතු කළේ හඬක් නැති සුවහසක් ලක් ජනතාවගේ අහිසංක අපේක්ෂා හා බලාපොරොත්තුයි. ඔබ දැන් අප රටේ හැම තැනෙකම වෙසෙන සියලු ජනයාගේ […]

  • සීරුවේන් සිටින්!  – සුනන්ද දේශප්‍රිය Read more >

    සීරුවේන් සිටින්! – සුනන්ද දේශප්‍රිය

    වෙනස පටන් ගන්නේ තමන්ගෙනි. යහපත සඳහා වුවත් අයහපත සඳහා වුවත් වෙනස පටන් ගන්නේ එළෙස ය. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ යැයි කියන්නේ එනිසා ය. පළමු දලු දෙකෙන්ම පැලය හොඳද නරකදැයි කීමට ගොවියාට ගෙවිලියට හැකි ය. ගොවි පවුලකින් එන ජනාධිපති සිරිසේනටත් ඒ හැකියාව නොතිබෙන්නට හේතුවක් නැත. රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට අවශ්‍ය වූ පුළුල් පෙරමුණ සඳහා සිමෙන්තිය ද […]

  • නීතියේ ආධිපත්‍ය පිහිටවීම පලිගැනීමක්ද? – රංජිත් හේනායකආරච්චි Read more >

    නීතියේ ආධිපත්‍ය පිහිටවීම පලිගැනීමක්ද? – රංජිත් හේනායකආරච්චි

    ( ජවිපෙ මංත්‍රී සුනිල් හදුන්නෙත්ති රාජපක්ෂ ජෙිමයේ රහස් අඩංගු ලිපි ගොනු පරීක්ෂා කරයි. ජායාරූපය ඒසියන් මිරර්) රටක් නම් එහි රාජ්‍යක් පවතී. රාජ්‍යක් පවතින්නේ නීතියක පාලයක් ඇති භූමිභාගයකයි. සෑම වැසියෙකුටම සමානව ක්‍රියාත්මක වන නීතියක් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් තුල පවතින අතර එම නීතියේ ආධිපත්‍යය මෙම භූමි භාගය තුල යහපාලනයක පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කාරණයකි. නීතියේ ආධිපත්‍ය නැති තැන යහපාලනයක් […]

  • රාජපක්‍ෂ ආණ්ඩුව තුළ තියන්නේ බොරුව වංචාව දුෂණය හා ඒකාධිපති වාදය විතරයි – මෛත‍්‍රී

    රාජපක්‍ෂ ආණ්ඩුව තුළ බොරුව වංචාව දුෂණය හා ඒකාධිපති වාදය ඕනෑවටත් වඩා ඇති බව පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල කියයි! අද, එනම් දෙසැම්බර් 10 වෙනිදා ට යෙදෙන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය මූලිකකොට ගෙන, ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙරට යළි ස්ථාපිත කරවීමෙහිලා ශ‍්‍රි ලංකාවේ සිවිල් සංවිධාන එ්කරාශී වෙමින් සකස් කරන්නට යෙදුණු සිවිල් සමාජ ප‍්‍රතිපත්ති ප‍්‍රතිසංස්කරණ යෝජනා විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වන මෛත‍්‍රි‍්‍රිපාල සිරිසේන […]

Back to Top