Sri Lanka Brief
මිලිටරිකරණය

මිලිටරිකරණය

  • මහවිරු සහ රනවිරු- හමුදා වන්දනීකරණය සහ ප්‍රජාතන්ත්‍රවාදය – රංජිත් හේනායකආරච්චි Read more >

    මහවිරු සහ රනවිරු- හමුදා වන්දනීකරණය සහ ප්‍රජාතන්ත්‍රවාදය – රංජිත් හේනායකආරච්චි

    පැවති සිවිල් යුද්ධයෙන් පසු ලංකා සමාජය විශාල වශයෙන් හමුදාවන් වන්දනීය කරන තත්ත්වයට පත්කරන ලද සමාජයක් බවට පත්වී හමාරය. එය උතුරේත් දකුණේත් දෙදිශාවේම එකම ආකාරයට සමාජගතවී ඇති අතර උතුරේදී එය මහ විරුවන් ලෙසත්, දකුණේ එය රණවිරුවන් ලෙසත් සමාජගත කර ඇත. මොනයම්ම සමාජයක් හෝ හමුදාකරණයට යටවීම, එසේ නැත්නම් හමුදාවන් උතුම් ත්ත්වයට පත්කිරීම හොඳ දෙයක් නොවේ. ඒ අන් […]

  • බුද්ධි අංශ වාර්තා තිබෙන බැවින්, මාධ්‍යට තොරතුරු නොදෙන බව යුද හමුදාව කියයි! Read more >

    බුද්ධි අංශ වාර්තා තිබෙන බැවින්, මාධ්‍යට තොරතුරු නොදෙන බව යුද හමුදාව කියයි!

    යුද හමුදාව විසින් පවත්වාගෙන යන වෙළද සැල්, ආපන ශාලා, හෝටල යනාදියේ සංඛ්‍යා ලේඛන ඉල්ලා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කරන ලද ඉල්ලීමක් ඉටු නොකරන ලද්දේ එම ඉල්ලීම කළ ජනමාධ්‍යවේදියා පිළිබඳව තමන්ට ලැබී ඇති රහස්‍ය වාර්තා නිසා යැයි යුද හමුදාව පවසයි. යුද හමුදාව මෙසේ පවසා ඇත්තේ තමන්ගේ තොරතුරු ඉල්ලීම ඉටු කිරීම වෙනුවට සිය ජාතික හැදුනුම් පත […]

  • පොලිසිය නොදන්න නීතිය සහ යාපනයේ වෙඩි තැබීම Read more >

    පොලිසිය නොදන්න නීතිය සහ යාපනයේ වෙඩි තැබීම

    ජායාරූපය: වැලි ලොරියකට යාපනයේදී පොලිස් වෙඩි තැබීමෙන් මිය ගිය අයකුගේ අවසන් කටයුතු. (ගරිකාලන්) තරිඳු ජයවර්ධන. පේදුරුතුඩුවේ දී වැලි පැටවූ ටිපර් රියකට වෙඩි තැබීමෙන් පුද්ගලයකු මිය යෑමේ සිද්ධිය සහ ඉන් පසු ප්‍රදේශවාසීන් කලබල කිරීමේ සිදුවීම මේ සතියේ වැඩි කතාබහකට ලක්විය. මේ වන විට වෙඩි තැබීම සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරනු […]

  • “විනය ගරුක හමුදාව” පුදිකුඩුඉරිප්පුවෙහි සෙල්ලම්මාගේ නිවෙසට කල විනාශය මෙන්න Read more >

    “විනය ගරුක හමුදාව” පුදිකුඩුඉරිප්පුවෙහි සෙල්ලම්මාගේ නිවෙසට කල විනාශය මෙන්න

    ජායාරූපය: සෙල්ලම්මාගේ නිවෙස: මෙැවැනි නිවෙසක් සතයක්වත් නොගෙවා බලයෙන් යුද හමුදාව වසර අටක් අල්ලා ගෙන සිටියොත් ඔබට කුමක් සිතෙයිද? පුදිකුඩුඉරිප්පුවෙහි 83 හැවිරිදි සෙල්ලම්මා සිය යුද හමුදාව බලහත්කාරයෙන් අල්ලාගෙන සිටි සිය නිවෙස සහ ඉඩම යළි ලබා ගැනීමට පසුගිය මාසය පුරා සටන් වැදි සිටියාය. දැන් ඇය සහ එම සටනෙහි නියතු වූ ජනයා ජය ලබා තිබේ. ඔවුන්ට සිය නිවෙස් […]

  • උතුරේ කිතුණු දේවසභා මිලිටරිකරණය හෙළා දකියි! Read more >

    උතුරේ කිතුණු දේවසභා මිලිටරිකරණය හෙළා දකියි!

    සිවිල් පාරිපාලනයේ හමුදා මැදිහත්වීම් වර්ධනයවීම ගැන අපි දැඩි ලෙස හෙලා දැකින්නෙමු. අයිතිවාසිකම් සහගත සහජීවනය උදාවන්නේ ශ්‍රී ලංකාවේ සියළු දෙනාම සාමාන්‍ය ජීවිතයක් ජීවත් විය හැකි පරිසරයක් බිහි කිරීමෙන්ය. කිසිඳු අනුමැතියකින් තොරව දකුණේ ධීවරයන් මුල්ලතීව්වල ධීවර කටයුතුවල නිරතව සිටිති. කොක්කුතුඩුවායි උතුර පිහිටි පුලිපායින්දකල් ප්‍රදේශයේ අනවසරයෙන් පදිංචි වී ධීවර කටයුතුවල නිරතවූවන් ගැන සොයා බැලීමට ගිය ග්‍රාම සේවා නිළධාරී […]

  • විද්‍යාගේ ඝාතනය: විකෘති සමාජයක පොදු ගැටලුව  – නිලන්ත ඉලංගමුව Read more >

    විද්‍යාගේ ඝාතනය: විකෘති සමාජයක පොදු ගැටලුව – නිලන්ත ඉලංගමුව

    විද්‍යා සිවලෝගනාදන් දැරිය පැහැරගෙනගොස්, වදහිංසා පමුණුවා, ලිංගික අතවරයට ලක් කොට, ගෙල සිරකොට මරා දමා දින කිහිපයක් ගත වී ඇත. මෙම අවාසනාවන්ත ඛේදවාචකය සම්බන්ධයෙන් වන විවාදය සහ කතාබහ රටේ සෑම කොනකම පැතිරෙමින් පවතින නමුත් කාරණයේදී අත්හරින සහ මඟහැරෙන කාරණා රාශියක් පවතින බව දක්නට ලැබේ. මෙය අතිශය සංවේදී කාරණයක් වන බව අමුතුවෙන් කිව යුතු නැත. එසේම අදාළ […]

  • විද්‍යා දියණිය, ලිංගික අපරාධ සහ පිරිමි අපි – රංජිත් හේනායකආරච්චි Read more >

    විද්‍යා දියණිය, ලිංගික අපරාධ සහ පිරිමි අපි – රංජිත් හේනායකආරච්චි

    විද්‍යා දියණියට මුහුණදීමට සිදුවූ ලිංගික බලහත්කාරය, එහි සාපරාධී බව, සාහසිකත්වය සහ අනුවේදනීයත්වය ගැන කීමට හෝ ලිවීමට වචනවලට නොහැකි වේය යන්න මගේ වැටහීමයි. එම සාපරාධී අපරාධය ඒ තරම්ම සාහසිකය. ඒ තරම්ම අනුවේදනීයය. ඒ තරම්ම ම්ලේච්ඡය. ලිංගික බලහත්කාරකම්වලින් සහ ලිංගික අතරවයන්ගෙන් අඩුවක් නොමැති ශ්‍රී ලංකාව තුල වුවද මෙම අපරාධය ඉතා දුර්ලභ ගනයේ එකකි. ලංකා සමාජය තුල දිනපතා […]

  • සාම්පූර් ඉඩම් අක්කර 818ක් යළි මුල් පදිංචිකරුවන්ට Read more >

    සාම්පූර් ඉඩම් අක්කර 818ක් යළි මුල් පදිංචිකරුවන්ට

    ආයෝජන කාලපයක් සඳහා ආක්‍රමණය කල ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සාම්පූර් ප්‍රදේශයේ මහජනතාවගේ ඉඩම් අක්කර 818ක් යළි එහි මුල් පදිංචිකරුවන්ට පැැරීමට ආන්ඩුව පියවර ගෙන තිබේ . මේ සඳහා වන ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, 2015.05.07 වන දින අත්සන් කර ඇති බව  දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කළ බව ටිමිල් ටී නිවිස් වාර්තා කරයි. එමෙන්ම සාම්පූර් නාවික […]

  • යුද හමුදා හෝටලයේ වෙසක් දා අරක්කු හොරට වික්කේ කවුද? Read more >

    යුද හමුදා හෝටලයේ වෙසක් දා අරක්කු හොරට වික්කේ කවුද?

    බලපත්‍ර රහිතව වසර ගණනාවක් තිස්සේ නීති විරෝධී ආකාරයෙන් දේශීය හා විදේශීය මත්පැන් අලෙවි කරනු ලැබූ වාද්දුව ලයා බීච් යුද හමුදා හෝටලය පසුගිය වෙසක් පොහොය දිනයේදී සුරාබදු නිලධාරීන් විසින් වටලනු ලැබූ අතර නීති විරෝධීව අලෙවි කරමින් තිබූ දේශීය හා විදේශීය මත්පැන් බෝතල විශාල ප්‍රමාණයක් එහිදී අත්අඩංගුවට ගෙන තිබේ. වෙසක් පොහොය දිනයේදී සියලුම සුරාසැල් වසා දමන ලෙස […]

  • යුදහමුදාව අල්ලාගෙන සිට වළිකාමම් උතුරෙහි ජනයාට මෑත දුන් ගේදොර ත්ත්වය මෙන්න Read more >

    යුදහමුදාව අල්ලාගෙන සිට වළිකාමම් උතුරෙහි ජනයාට මෑත දුන් ගේදොර ත්ත්වය මෙන්න

    දෙමළ ජාතික සන්ධානයේ පාම එම්. සුමන්දිරන් මැතදී යුද හමුදාව අල්ලාගෙන සිට ඒවායේ මුල් පදංචිකරුවන්ට නොබෝදා ලබා දුන් ඉඩ කඩම් සහ ගේදොර ද ඒවායේ පදංචිකරුවන්ද හමුවට ගිය බව දෙමළ ජාතික සන්ධානය පුවත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එම නිවාස කිසිසේත්ම යලි පදංචි විය හැකි තත්වයක නැති බවත් ඒවායේ පියස් සහ දොර ජනෙල් ගලවාගෙන ගොස් ඇති බවත් […]

  • මහින්ද රාජපක්ෂ යළිත් කොරන්න ඉල්ලීම සහ සාධාරණ නයාගෙන් දරමිටි බැදීම! Read more >

    මහින්ද රාජපක්ෂ යළිත් කොරන්න ඉල්ලීම සහ සාධාරණ නයාගෙන් දරමිටි බැදීම!

    මෙත්සිරි අම්බලන්ගොඩ විසිනි ආන්ඩු කරන්න බැරි නම් ඉවත් වී යන ලෙසත් තමන් කෙරන හැටි දන්නා බැවින් කරලා පෙන්වන්න පුළුවන් බවත් මහින්ද රාජපක්ෂ 22දා ගම්පහ පෙදෙසේ පන්සලකදී පවසා තිබේ. ඔහු කරන්න බැරි නම් දීලා යන්න යැයි කියන්නේ බහුතර ජන්දයෙන් හය වසරකට ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේනට ය. රාජපක්ෂගේ මේ කතාව සිහි ගන්වන්නේ ‘ නයා සාධාරණ වූ විට […]

  • ඕමන්ත මුරපොළ නිහඩවී උතුරු සභාවට නව ලේකම්වරයෙක් එයි Read more >

    ඕමන්ත මුරපොළ නිහඩවී උතුරු සභාවට නව ලේකම්වරයෙක් එයි

    (පුසතකාල ජායාරූපයකි) වවුනියාව ඕමන්ත සීමා මුරපොළේ සෝදිසි කටයුතු අද 2 දින සිට නවතා ඇතැයි ග්ලෝබල් ටැමිල් නිවිස් අද වාර්තා කළේ ය.  යුද කාලයදී ආරක්‍ෂක හේතු මත ඉදිකළ මෙම සෝදිසි මුරපොළ වසර ගණනක් තිස්සේ ක්‍රියාත්මකවූ අතර වවුනියාව ඕමන්ත සීමා මුරපොළ හරහා ගමන් කරන සාමාන්‍ය වැසියන්, රාජ්‍ය සේවකයන් සහ විදේශිකයන්ද දැඩි අපහසුතාවලට මුහුණ දුන් බව ද එස […]

  • මහින්දට ජන්දය දෙන්නැයි, හමුදාව වන්නි මැතිවරණ ප්‍රචාරයේ Read more >

    මහින්දට ජන්දය දෙන්නැයි, හමුදාව වන්නි මැතිවරණ ප්‍රචාරයේ

    වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ජන්දය ලබා දෙන්නයි ඉල්ලා හමුදා සෙබළුන් වන්නි ප්‍රදේශයේ ප්‍රචාරක කටයුතුවල නිරතව ඇතයි ග්ලෝබල් ටැමිල් නිව්ස් වාර්තා කරයි. මහින්දට ජන්දය ලබා දෙන්නයි වන්නි ජනතාව වෙත හමුදාව විවිද ආකාරවලින් බලපෑම් කරන බවද අතුරුදහන්වූ පිරිසව මහින්ද රාජපක්‍ෂ මහතා නිදහස් කරනු ඇතයිද ඇතැම් ප්‍රදේශවල හමුදාව පවසා තිබේ. රනිල්ද? මහින්දද? යැයි තීරණය කරන ලෙසත්, කොටි […]

  • මානව හිමිකම් දිනයේ යාපනේ තරුණයින්ට හමුදාවෙන් තහංචි Read more >

    මානව හිමිකම් දිනයේ යාපනේ තරුණයින්ට හමුදාවෙන් තහංචි

    (යාපනයේ හමුදා පිරිස් : පුස්තකාල ජායාරූපයකි) යාපනයේ පැවැති සම්මන්ත්‍රණයකට සහභාගි වීමට යමින් සිටි මන්නාරමේ දෙමළ තරුණ පිරිස් ඉන් වැළැක්වීමට යුද හමුදා පිරිස් උත්සාහ ගත් බව දෙමළ ජනමාධ්‍ය වාර්තා කරයි ප්‍රධාන ආරාධිතයා ලෙස උතුරු පළාත් සභා මහ ඇමැති විග්නේහ්වරන් සහභාගි වූ මෙම සම්මන්ත්‍රනය පවත්වන ලද්දේ AFRIEL නම් සංවිධානයක් විසිනි. AFRIEL හි මධ්‍යම කමිටු සාමාජික රවීන්ද්‍ර ද […]

Back to Top