Sri Lanka Brief
මානව හිමිකම්

මානව හිමිකම්

  • අනාගත අවස්ථා කඩාකප්පල් නොවන ආකාරයට අතීතය යම්දුරකට අමතක කිරීමට හැකියාව ඇත – ලක්ෂ්මන් කදිරගාමර් දේශණය Read more >

    අනාගත අවස්ථා කඩාකප්පල් නොවන ආකාරයට අතීතය යම්දුරකට අමතක කිරීමට හැකියාව ඇත – ලක්ෂ්මන් කදිරගාමර් දේශණය

     “සංහිඳියාවක් ඇති කිරීමේදී වඩාත්ම දුෂ්කර සහ සංවේදී අවසන් මූලධර්මය පිළිබඳ විස්තර කරමි. අතීතය මකා දැමීමට නොහැක. නමුත් අනාගත අවස්ථා කඩාකප්පල් නොවන ආකාරයට අතීතය යම්දුරකට අමතක කිරීමට හැකියාව ඇත. අතීතය පරීක්ෂා කෙරේ නම් එය සිදුවිය යුත්තේ සත්‍යය සෙවීමට මිස පලිගැනීම සඳහා නොවේ.“ යි සාර්ථක සංහිඳියාවක් සඳහා වන  මූලධර්ම හතක් හඳුන්වා දෙමින් තම උතුරු අයර්ලන්ත අත්දැකීම් හෙලි […]

  • TNA ජයග්‍රහණය පසුපස ඇති රහස කුමක්ද?

    සාමිනාදන් විමල්,  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, යාපනය විශ්ව විද්‍යාලය. ලංකාවෙහි දේශපාලන සිතියම උතුර සහ දකුණ වශයෙන් වෙනස් පැහැයෙන් සලකුණු කිරීම නිදහසින් පසුව පැවැත එන සම්ප්‍රදායක් බවට පත්ව ඇත. මෙය ජනවාර්ගික සිතියමත් දේශපාලන සිතියමත් එකක් බවට පත් වීමකි. ජනවාර්ගික අනන්‍යතා දේශපාලනය අනුමත කරන්නෙකුට එය ස්වාභාවික මෙන්ම සාධනීය ලක්‍ෂණයක් ලෙසින් හැදින්විය හැකි වුවත් සමස්ත දේශපාලනයම තීරණය කරන ප්‍රධාන සාධකය […]

  • නව ව්‍යවස්ථාව, බලය බෙදීම සහ සම්මුති බද්ධ ආණ්ඩුකරණය ගැන අගමැති වික්‍රමසිංහ කතා කරයි Read more >

    නව ව්‍යවස්ථාව, බලය බෙදීම සහ සම්මුති බද්ධ ආණ්ඩුකරණය ගැන අගමැති වික්‍රමසිංහ කතා කරයි

    ශ්‍රී ලංකාවෙහි දෙමළ ප්‍රශ්ණයට කල් පවත්නා දේශපාලන විසදුමක් සඳහා පෙරට යෑම සඳහා සංකීර්ණ නමුත් වාසිදායක වාතාවරණයක් අගෝස්තු 17දින මහා මැතිවරණයෙන් පසු උදා වි ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ හින්දු පුවත්පත සමඟ පැවැති සාකච්ජාවක දී ප්‍රකාශ කර තිබේ. එවැනි කල් පවත්නා විසඳුමක් සූත්‍ර ගත කිරීමේහිලා ‘ප්‍රධාන පාර්ශවකරුවන් තිදෙනා’ වන්නේ  සිය එක්සත් ජාතික පක්ෂය හා  ශ්‍රී ලංකා […]

  • ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයට සම්බන්ධ ලුතිනන් කර්නල්ලා ඇතුලු යුද හමුදාවේ ඉහල නිලධාරීන් 4 ක් අත් අඩංගුවට Read more >

    ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයට සම්බන්ධ ලුතිනන් කර්නල්ලා ඇතුලු යුද හමුදාවේ ඉහල නිලධාරීන් 4 ක් අත් අඩංගුවට

    ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වගකිවයුතු ප්‍රධාන හමුදා නිලධාරීන් සිව් දෙනෙකු මීට ස්වල්ප වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඩිය) විසින් අත් අඩංගුවට ගන්නා ලදී. මෙසේ අත් අඩංගුවට ගන්නා ලද්දේ එවක ගිරිතලේ හමුදා කඳවුර බාරව සිටි ලුතිනන් කර්නල් කුමාරරත්න, ලුතිනන් කර්නල් සිරිවර්ධන, ස්ටාෆ් සාජන්ට් රාජපක්ෂ සහ කෝප්‍රල් ජයලත් යන සිව්දෙනාය. මීට […]

  • 2015 මහ මැතිවරණය (1): ජනපති සිරිසේන මුහුණ දෙන අභියෝග – සුනන්ද දේශප්‍රිය Read more >

    2015 මහ මැතිවරණය (1): ජනපති සිරිසේන මුහුණ දෙන අභියෝග – සුනන්ද දේශප්‍රිය

    අපේක්ෂිත පරදි 2015 ශ්‍රී ලංකා මහ මැතිවරණය එක්සත් ජාතික පෙරමුණට ජය අත්කර දී අවසන් විය. දේශපාලන, ආර්ථික සහ සමාජීය යන සියලු ක්ෂෙත්‍රයන්හිදී ම යහ පාලනය සහ සමානාත්මතාවය රජයන දේශයක් බවට ශ්‍රී ලංකාව ගෙනයාමේ දැවැන්ත අභියෝගයට දැන්  රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන  සාමූහිකව මුහුණ දිය යුතු ය. එහිලා ජනාධිපති සිරිසේන මුහුණ දෙන අභ්‍යන්තර අභියෝග පිළිබඳ හදිසි […]

  • සුදුවෑන් වලින් උස්සල මිනී මැරුවේ මහින්ද දැනුවත්ව ! ඩොනල්ඩ් පෙරේරා හෙළිකරයි

    රාජපක්ෂ යුගයේදී සුදුවෑන් වලින් කළ පැහැරගෙන යාම් සිය ගනනක් සිදුවිය. ඒ පැහැර ගෙන ගිය මිනිස්සු ආපසු ආවේ නැත. එහෙත් ආපසු එන්නට වාසනාව පෑදුන් ව්‍යාපාරික ඩොනල්ඩ් පෙරෙරේරා මහතා තමන් අත්වින්ද සත්‍ය ‘සත්හඬ ‘පුවත් පතට හෙළි කර ඇත. ඔහුගේ ප්‍රකාශය අනුව මෙම සුදුවෑන් මෙහෙයුම මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ අවබෝධය මත සිදුව ඇත. නම? අංගගේ ඩොනල්ඞ් රංජිත් පෙරේරා. […]

  • ජනාධිපති සිරිසේනගේ ලියුම සහ දේශපාලන වහලුන්ගේ පරාජය –  සුනන්ද දේශප්‍රිය Read more >

    ජනාධිපති සිරිසේනගේ ලියුම සහ දේශපාලන වහලුන්ගේ පරාජය – සුනන්ද දේශප්‍රිය

    රාජපක්ෂගේ දරදඩු පාලනයේ වහල්භාවයෙන් ගැලවීමට අවස්ථාවක් ලබා දී ඇතත් තවමත් වහලුන් ලෙස සිටීමට ලොල්වූවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් හදුන්වන ලද රාජපක්ෂ හෙංචයියන් සිය පරාජය දැන් බාර ගෙන තිබේ. ජනාධිපති සිරිසේන විසින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වීමට එක් දිනක් තිබියදී මහින්ද රාජපක්ෂ වෙ යවන ලද විවෘත ලිපිය එකී නියත පරාජය […]

  • තජුදීන් ගැන හිටපු එස්ටීඑෆ් ප්‍රධානී නිමල් ලෙව්කේ කියන සංවේදී කතාවක්..! Read more >

    තජුදීන් ගැන හිටපු එස්ටීඑෆ් ප්‍රධානී නිමල් ලෙව්කේ කියන සංවේදී කතාවක්..!

    ( වසීම් තාජුදීන් ) වසීම් තාජුදීන් සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඔහුගේ පාසැල් දිවියේ සිට රගර් පුහුණුකරු ලෙස ක්‍රියා කළ විශ්‍රාමික උතුරු පළාත් නියෝජ්‍ය පොලිස්පති හා විශේෂ කාර්ය බලකා ප්‍රධානී නිමල් ලෙව්කේ මහතා ජනපතිගෙන් ඉල්ලා සිටී. ඔහු ඒ බව සඳහන් කළ සංවේදී ඉංග්‍රීසි ලිපියේ සිංහල පරිවර්තනයක් පහත දැක්වේ. “මම පාසල්, සමාජ හා ජාතික යනාදි […]

  • දැන් රාජපක්ෂලාටත් ප්‍රගීත් මතක් වෙනවා – සන්ධ්‍යා එක්නැළිගොඩ Read more >

    දැන් රාජපක්ෂලාටත් ප්‍රගීත් මතක් වෙනවා – සන්ධ්‍යා එක්නැළිගොඩ

    තමා බලයට පත් වූව හොත් ජනාධිපති මෛත්‍රීපාල සමඟ එක්ව ප්‍රගීත් අත්රුදහන් කරවීම පිළිබඳ පරීක්ෂන ආරම්භ කරන බව කියන රාජපක්ෂගෙන් තමා අහන්නේ පහුගිය අව්රැදු පහ පුරා ඒ ගැන කළේ මොනවාද කියා යැයි සන්ධ්‍යා එක්නැළිගොඩ පවසයි. ඇය මේ බව කියා ඇත්තේ ඩේලි මිරර් පුවත්පත සමඟ පැවැති සාච්කච්ජාක දි ය.  පසුගිය වසර පහ පුරා රාජපක්ෂගේ සිට අරුන්දික ප්‍රනාන්දුලා […]

  • එජාපයේ සිහිනය සහ රටේ සිහිනය – නිලන්ත ඉලංගමුව

    මහමැතිවරණයට තවත් ඇත්තේ දින හයක් පමණි. එජාපයට අනුව ඔවුහු මේ වන විටත් ජයග්‍රහණය කොට ඇත. එසේම සන්ධානයට සහ මහින්ද රාජපක්ෂ මහතාට අනුව ඔවුහු මේ වන විටත් පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගෙන ඇත. මහින්ද අගමැති කිරීම “ඒ වෙලාවට” බලා ගන්නා කාරණයක් හෙවත් “චන්ඩියාගේ පාට්” එකකි.  අනෙක් පසින් ජවිපෙද තමන්ගේ බලාපොරොත්තු වලින් සුන්දර සිහිනලෝක තනාගෙන ඇත. මෙම මැතිවරණයේදී […]

  • රජ පවුලේ අම්මල තාත්තල පුතාල එකතුවෙලා මිනී මරපු රටක් ද මේක‍ ?  – සුනන්ද දේශප්‍රිය Read more >

    රජ පවුලේ අම්මල තාත්තල පුතාල එකතුවෙලා මිනී මරපු රටක් ද මේක‍ ? – සුනන්ද දේශප්‍රිය

    ( පරීක්ෂණය පිණිස ගොඩ ගත් තාජුඩීන් දේහය පසු පස යන මුස්ලිම්වරු, ලංකාදීප ජායාරූපය) හක්කේ බොදු රුස්, බොක්කේ දඩ මස්. රාජපක්ෂ හැම පෝයකට ම ශිරන්ති සහ දරු පවුල සමඟ සිල් ගත්තේ ය. එසේ සිල් සමාදන්වෙනු රෑපවාහිනියෙන් රටටම පෙන්නුවේ ය. එනමුත් බොක්කේ තිබුණේ දඩමස් ය. ඒ දඩමස් එළියට එන්න ගත්තේ ජනවාරි 08 දා කොන්ද වැදුනු පා පහරින් […]

  • ජනවාරි 08 ජයග‍්‍රහණය රැකගැනීමට ඇත්තේ එක් විකල්පයකි; තෙවැනි තෝරා ගැනීමක් නැත. Read more >

    ජනවාරි 08 ජයග‍්‍රහණය රැකගැනීමට ඇත්තේ එක් විකල්පයකි; තෙවැනි තෝරා ගැනීමක් නැත.

    අගෝස්තු 17 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ තීරණාත්මක දේශපාලන වැදගත්කම අප රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සාමය, සංහිඳියාව සහ යහපාලනය ගරුකරන ඡුන්දදායකයින් මෙන්ම දේශපාලන බලවේග හොඳින් අවබෝධකරගෙන සිටිති. මේ මැතිවරණයේ දී තෝරාගැනීම සඳහා ඡුන්දදායකයින් සහ දේශපාලන බලවේග ඉදිරියේ ඇති විකල්පය ඉතා පැහැදිලි ය. ජනවාරි 08වෙනිදා ලබාගත් ප‍්‍රජාතන්ත‍්‍රීය ජයග‍්‍රහණය ඉදිරියට ගෙනයනවා ද, නැතිනම් රාජපක්ෂ යුගයට ආපසුසට යනවා ද යන තෝරාගැනීම […]

  • එක්සත් ජාතීන්ගේ සංවිධානය යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයක් ඇතුලු ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට සහය දක්වයි Read more >

    එක්සත් ජාතීන්ගේ සංවිධානය යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයක් ඇතුලු ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට සහය දක්වයි

    එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව තුළ දෙමළ ප්‍රජාව සමඟ සංහිඳියාව ගොඩ නැඟීමේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා තාක්ෂණික සහ මූල්‍යමය සහය සැපයීමේ පුළුල් පැකේජයක් ලබා දීමට ක්‍රියා කරමින් සිටියි. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි-මූන් මහතාගේ මාධ්‍ය ප්‍රකාශක Stephane Dujarric පවසන පරිදි, ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත සියලුම ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ මෙම තාක්ෂණික […]

  • ජවිපෙට ප්‍රශ්ණයක්: අගෝස්තු 17 ජනවාරි 08න් වෙනස් ද? – සුනන්ද දේශප්‍රිය Read more >

    ජවිපෙට ප්‍රශ්ණයක්: අගෝස්තු 17 ජනවාරි 08න් වෙනස් ද? – සුනන්ද දේශප්‍රිය

    ( ජවිපෙ උද්ඝෝෂණයක්: නුතනත්වයේ අභියෝගයෙන් පලා යාම) එලඹෙන අගොස්තු 17 වනදා පැවැත්වෙන මහා මැතිවරණයෙහි තීරනාත්මක ප්‍රශ්ණය කුමක්ද? මෙම මහා මැතිවරණය සහ ජනවාරි 08 පැවැති ජනාධිපතිවරණය අතර ඇති වෙනස කුමක් ද? ජනවාරි 08 පැවැති ජනාධිපතිවරණයට අදාළ තර්ක මෙම මහා මැතිවරණයට අදාළ ද නැත්ද? ජනවාරි 08 දා පැවැති ජනාධිපතිවරණය රාජපක්ෂ භීෂණය සහ දූෂණය පිටු දැකීම සහ මෙරට […]

  • ජනවාරි 08 වෙනිදා ජයග‍්‍රහණය රැකගැනීමට ජන්දය දෙන්න – චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග Read more >

    ජනවාරි 08 වෙනිදා ජයග‍්‍රහණය රැකගැනීමට ජන්දය දෙන්න – චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

    එළෙඹන මැතිවරණය සහ රටේ අනාගතය. “2015 ජනවාරි 08 වෙනිදා ලංකාවේ නිහඬ විප්ලවයක් සිදුවිය. ඒ වූකලී ප‍්‍රජාතන්ත‍්‍රවාදය රට තුළ ස්ථාපිත කර ගැනීම උදෙසා පුරවැසියන් දිනාගත් අගනා ජයග‍්‍රහණයකි. ඒ ජයග‍්‍රහණයට දායක වූ කෙනෙකු ලෙස එළඹෙන තීරණාත්මක මැතිවරණය සම්බන්ධව මාගේ ස්ථාවරය මේ අවස්ථාවේ පැහැදිළි කිරීම යුතුකමක් ලෙස මම සළකමි. අවංකව රටට ආදරය කරන, නිදහසට, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන පුරවැසියන්, […]

  • පැහැර ගත් ප්‍රගීත් බාර දුන්නේ මින්නේරිය හමුදා කඳවුරට Read more >

    පැහැර ගත් ප්‍රගීත් බාර දුන්නේ මින්නේරිය හමුදා කඳවුරට

    ( තුරුදහන් වූ සිය සැමියා  සොයා දෙන ලෙස ඉල්ලා සටන් කරන ඔහුගේ බිිරිඳ වන සන්ධ්‍යාා එක්නැළිගොඩ) ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගෙන ඝාතනය කිරිමේ සුළමුළ ළගදීම හෙළිවනු ඇතියි ජනමාධ්‍ය වාර්තා කරයි 2010 ජනවාරි මාසයේ සිට අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් වාර්තා වී ඇතැයි අගමැති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ‘ශ්‍රී ලංකා මිරර්’ වෙත පවසා […]

  • සුදු වෑන්වලින් පැහැරගත් පුද්ගලයන් ඝාතනය කර මළ සිරුරු මුහුදේ ගිල්වා දැමුවා – හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක Read more >

    සුදු වෑන්වලින් පැහැරගත් පුද්ගලයන් ඝාතනය කර මළ සිරුරු මුහුදේ ගිල්වා දැමුවා – හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    පසුගිය රජය සමයේ සුදු වෑන්වලින් පැහැරගත් පුද්ගලයන් ඝාතනය කර එවක  ආරක්ෂක අමාත්‍යංශය යටතේ පාලනය වූ ඝාතක කල්ලි මළ  සිරුරු මුහුදේ ගිල්වා දැමූ බවට තොරතුරු තමන් සතු ව ඇතැයි  හිටපු ‍ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත  ජයකොඩි මහතා ද කලම්බු පෝස්ට් වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්  වෙමින් අද (4) සඳහන් කළේ ය. […]

  • වෙඩි ප්‍රහාරවලට යහපාලන ගමන නැවැත්විය නොහැක – එජාපය Read more >

    වෙඩි ප්‍රහාරවලට යහපාලන ගමන නැවැත්විය නොහැක – එජාපය

    (වෙඩි තැබීමෙන් පසු ස්ථානය දිස් වු අයුරු- ලංකාදීප ජායාරෑපයකි) යහපත් දේශපාලන සංස්කෘතියක් දැකීමට අකමැති පිරිස් භීෂණය වපුරා මැතිවරණය ජයග්‍රහණය කිරීමට දරණ උත්සහයේ ආසන්නතම සිදුවීම කොළඹ බ්ලූමැන්ඩල් පෙදෙසේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවෙන් පැහැදිලි වේ. අමාත්‍ය රවී කරුණානායක මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට එක්ව සාමකාමීව ගමන් කළ පිරිසකට එල්ල වූ මෙම ප්‍රහාරය එක්සත් ජාතික පක්‍ෂය තරයේ හෙළා දකියි. ශ්‍රී ලංකාවේ […]

  • රාජපක්ෂගේ අන්තිම පණ්ඩිතකම – සුනන්ද දේශප්‍රිය Read more >

    රාජපක්ෂගේ අන්තිම පණ්ඩිතකම – සුනන්ද දේශප්‍රිය

    ‘ මං මේ අව්රුදු දෙකක් තියෙද්දි පණ්ඩිතකමක් කර ගත්තනෙ’ යැයි දුක් සිනා මුහුණකින් යුතුව කීවේ කළක් මහ රජාණන් ලෙස සෙල්පියක් ( තමන්ම ගත් තමාගේ ජායාරෑපය) පැළද සිටි හිටපු ජනාධිපති රාජපක්ෂ ය. දැන් රාජපක්ෂ මුහණ දී සිටින්නේ ඔහුගේ දේශපාලන ජිවිතයේ දී කර ගත් දෙවන පන්ඩිතකමට ය. එනම් නැතිව ගිය ජනාධිපතිකම වෙනුවට අගමැතිකම හෝ ලබා ගනිමැයි අපේක්ෂාවෙන් […]

  • රාජපක්ෂගේ මාධ්‍ය නිදහසේ කතාවලට හිනායන තැන හිතා ගන්න බෑ – පෝද්දල ජයන්ත Read more >

    රාජපක්ෂගේ මාධ්‍ය නිදහසේ කතාවලට හිනායන තැන හිතා ගන්න බෑ – පෝද්දල ජයන්ත

    වර්තමානයේ ලංකාවේ මාධ්‍ය නිදහස නැති බවටත්, මාධ්‍ය අපක්ෂපාතී නැති බවටත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියන කතාවලට සිනා සෙන්නේ කොහෙන්දැයි සිතා ගන්නට බැරි බව මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා කියයි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තමා ගෙන්වා ‘වෙන දේ බලා ගනිව්‘ කියා තර්ජනය කළ බවත්, ඊට ටික දිනකට පසු සුදු වෑන්රියකින් පැහැරගෙන ගොස් අතපය කඩා දැමූ […]

  • මාදුළුවාවේ සෝභිත හිමි සිවිල් සමාජය නියෝජනය කරමින් එජාපෙ සමඟ ගිවිසුමකට යයි Read more >

    මාදුළුවාවේ සෝභිත හිමි සිවිල් සමාජය නියෝජනය කරමින් එජාපෙ සමඟ ගිවිසුමකට යයි

    ජනවාරි 08 දා ලද ජනතා ජයග්‍රහණය ආරක්ෂාකර ගනිමින් එය වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑම සඳහා වූ පොදු මහජන ගිවිසුම පසුගිය ආණ්ඩුව යටතේ පැවැති බිහිසුණු මර්දනකාරී දූෂිත පාලනය හේතු කොට ගෙන රටතුල පැවැති අසහනකාරී තත්ත්වය හමුවේ භීෂණ සංස්කෘතියෙන් සංකේතවත් වූ, නීතියේ ආධිපත්‍යය අධිකරණයේ ස්වාධීනත්වය, මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වූ පරිසරය තුල දේශපාලන හා සිවිල් සංවිධාන […]

  • ගම්මන්පිලට ප්‍රගීත් පුත් සංජය දුන් කිස් කන පිළිතුර Read more >

    ගම්මන්පිලට ප්‍රගීත් පුත් සංජය දුන් කිස් කන පිළිතුර

    උදය ගම්මන්පිල වෙත ලියමි, පළමුව, අපි බත් කන ගොනුන් නොවන වග ඔබට සිහිපත් කිරීමට කැමැත්තෙමි. අපේ තාත්තාව අපෙන් උදුරාගත්තේ 2010යෙ ජනවාරි 24 වෙනිදා. එතකොට බලයේ හිටියේ තමුන් හා දැනටත් තමුන් සහය දක්වන පිරිස බවත් එතැන් සිට පසුගිය ජනපතිවරණය දක්වා වන කාලය තුල මගේ තාත්තා ගැනවත් ලසන්ත වික්‍රමතුන්ග ගැනවත් සෙවීමට උඹලාට කිසිදු උවමනාවක් නොතිබුන බවත් අපිව […]

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය වෙනුවෙන් වන අරගලය ඉදිරියට ගෙන යා යුතු ය! – ලයනල් බොපගේ

    ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට රාජ්‍ය බලය හා රාජ්‍ය සම්පත් යොදා ගන්නට හැකියාවක් නැතත්, දේශීය හා විදේශීය මූලයන්ගෙන් ලැබෙන සල්ලි විශාල වශයෙන් විසි කරමින් ඡන්ද ප්‍රචාරය කිරීමේ හැකියාව ඔහුට තිබේ. කලින් පැවති ආණ්ඩුව බලය අයුතු ලෙස භාවිතා කළ ආකාරය හා දූෂණයේ යෙදුණු ආකාරය කවුරුත් දනිති. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් […]

  • බුදු බණ වෙනුවට කුඩු බණ දෙසන ඝනයෝ Read more >

    බුදු බණ වෙනුවට කුඩු බණ දෙසන ඝනයෝ

    බුදු රජානන් වහන්සේගේ බුද්ධ ධර්මය දේශනා කරනු වෙනුවට කුඩු බණ දෙසන චීවර ධාරී ඝනයින් රැළක් අද කොළඹදී දක්නට ලැබුණි. මෙම ඝනයින් පැමිණ තිබුණේ කුඩ්ඩෙකු ලෙස කුප්‍රසිද්ධ මිනී මැරුම් සැකකරැ දුමින්ද සිල්වාට රාජපක්ෂ යටතේ නාම යෝජනා ලබා දෙන ලෙස උද්ඝෝෂණය කිරිමට ය. එම ඝනයින් රැළ ඉහත සහ පහත දැක්වේ. මෙවැනි දුශ්ශිල මහණුන් දකින විට කියවෙන්නේ අනේ […]

  • මෛත්‍රීපාල සිරිසේන‍: කැතයි! තුච්චයි!! නින්දිතයි!!!  – සුනන්ද දේශප්‍රිය Read more >

    මෛත්‍රීපාල සිරිසේන‍: කැතයි! තුච්චයි!! නින්දිතයි!!! – සුනන්ද දේශප්‍රිය

    මෑත කාලීන ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවන්තතම කැතම කැත දේශපාලන පාවාදීම දැන් සිදුවී හමාරය. මහින්ද රාජපක්ෂ පාලනයේ භීෂණය සහ දූෂණය නැති කිරීමට මෙරට මහා ජනතාවගෙන් ජනවරමක් ලබා ගත් සිරිසේන දැන් එම ජනවරම සහමුලින්ම පාවා දී  තමා විසින්ම මෑත කාලීන ශ්‍රී ලංකාවේ භයානකම පාලකයා ලෙස හදුන්වන ලද රාජපක්ෂ සමඟ දැන් සිරිසේන යහන් ගත වී හමාරය. වඩාම තුච්ච සහගත […]

  • ජාත්‍යන්තර සහාය ශක්තිමත් ව ලබා ගැනෙන ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළිදක්වනවා  – මාවයි සේනාධිරාජා Read more >

    ජාත්‍යන්තර සහාය ශක්තිමත් ව ලබා ගැනෙන ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළිදක්වනවා – මාවයි සේනාධිරාජා

    ජාත්‍යන්තරයේ සහයෝගය තවඳුරටත් ශක්තිමත් කර ඩයස්පෝරා දෙමළ ජනතාවගේ ඒකමතික සහාය ලබා ගැනීමට හැකි අයුරින් දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වන බවට තමිලරසු පක්‍ෂයේ නායක මාවයි සේනාධිරාජා මහතා පවසයි. යාපනයේ පිහිටි තමිලරසු පක්‍ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පවසා සිටියේ ය. එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ දෙමළ ජාතික සන්ධානය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශණය නිකුත් […]

  • රාජපක්ෂලාගේ කාලේ නීතියේ ආධිපත්‍ය රැකුණාලු! Read more >

    රාජපක්ෂලාගේ කාලේ නීතියේ ආධිපත්‍ය රැකුණාලු!

    (රාාජපක්ෂ නීතිය රැක්ක හැටි: ප්‍රගීත් අතුරුදහන් කළ සිය ගණනාවෙන් එක් අයෙකි) තමන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන බවත් තම පාලන සමයේ නීතියේ ආධිපත්‍ය රැකුණු බවත් පළිගැනීම් කිසිවක් සිදු නොකළ බවත් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක නොවූ බවත් මහින්ද රාජපක්ෂ මහතා අද (01) සිය නිවසේ සිදු කළ විශේෂ ප්‍රකාශය අවස්ථාවේදී පවසා තිබේ. උපුටාගැනීම “අපේ කාලයේදී නීතියේ […]

  • ඇස්බැන්දුම් මවා පෑම් සහ යතාර්ථය – රංජිත් හේනායකආරච්චි

    ජනවාරි 08 වැනි දින ජනතා ජයග්‍රහණයෙන් පසු ඇතිවූ කම්පනය, තැතිගැන්ම නිසාම ඇතිවූ බිය ඉදිරියේ මද කලකට පසුබා සිටි මහින්ද කල්ලිය නැවත හිස එසවීම ඇරඹුවේ හෙමිහිට තමන් සැගව සිටි හුඹස්වලින් එලියට එන සර්පයන් මෙනි. ඒ අලුතින් පත්වූ ආණ්ඩුවත් තමන් මෙන්ම පිස්සන් කඩු ගත් ආකාරයෙන් ක්‍රියාත්මක වනු ඇත යන ඔවුන් තුල වූ බිය කෙමෙන් පහව යන්නට පටන් […]

  • රාජපක්ෂ උතුමාණෙනි…. මේ…කෝයි යාන්නේ ! – නිලන්ත ඉලංගමුව Read more >

    රාජපක්ෂ උතුමාණෙනි…. මේ…කෝයි යාන්නේ ! – නිලන්ත ඉලංගමුව

    මේ දක්වා ලංකා ඉතිහාසයේ බිහි වූ වඩාත් සංකීරණ සහ ව්‍යාකූල පරාජිතයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. ඔහුගේ කෙන්ද්‍රයට අනුව යමින් රටේ බොහොමයක් දෑ මෙන්ම තම බලය සමගද සෙල්ලම දැමූ හෙතමෝ, තවමත් සක්‍රීය පරාජිතයෙකි. ඔහු ඔහුට අනුව නිවැරදිය. ඔහුගේ සගයින්ට අනුවද ඔහු ඉතා නිවැරදිය. සිදුවූයේ ‘කුමන්ත්‍රණයක්’ බැවින් වීරයා ගෙදරට ගාල් වී සිටිය යුතු නැත. ඔහු සමග […]

  • නාවික හමුදාපති ත්‍රිකුණාමලයේදී, ජනාධිපති සිරිසේන ගොනාට අන්දවා යහපාලනය ඔලුවෙන් සිටුවයි- නිලන්ත ඉලංගමුව Read more >

    නාවික හමුදාපති ත්‍රිකුණාමලයේදී, ජනාධිපති සිරිසේන ගොනාට අන්දවා යහපාලනය ඔලුවෙන් සිටුවයි- නිලන්ත ඉලංගමුව

    තම “අති සාර්ථක” චීන සංචාරයෙන් පසු වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා අද දින ( ජුනි 28) විශාල මුදලක් වියදම් කරමින් උත්සවයක් ත්‍රිකුණාමලයේදී පවත්වනු ලැබීය. ඒ ත්‍රිකුණාමලයේ පිහිටි නාවික සහ සාගරීක විද්‍යාපීඨයේදීය. කොමදෝරු එම්. ජී. එස්. පෙරේරා මහතාගේ මුලිකත්වයෙන් 1967 ජූලී මාසයේ ආරම්භ කරනු ලැබූ අදාළ විද්‍යාපීඨය නාවික හමුදාවේ සේවය කළ කීර්තිමත් නිලධාරීන් කිහිපදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් දියුණු […]

Back to Top