Sri Lanka Brief
මරණ දඩුවම

මරණ දඩුවම

  • සිරිසේන:  මරණය සමඟ රමණය – සුනන්ද දේශප්‍රිය Read more >

    සිරිසේන:  මරණය සමඟ රමණය – සුනන්ද දේශප්‍රිය

    “ ඒ 1968 ගණන් හි මුල් වසරවල ය. මා ඒ වන විට බන්ධනාගාර සේවයේ යෙදී සිට තිබුණේ මාසයක් හෝ දෙකක් පමණි. පසුදා උදෑසන 8.00ට සිරකරුවකු එල්ලා මරණ බැවින් එම ක්‍රියාවළිය දැක ගැනීම පිණිස උදෑසන 7.00 ට වැළිකඩ බන්ධනාගාරයට පැමිණෙන ලෙස මට පණිවිඩයක් ලැබුණි. මා උදෑසන ගොස්, ඒ් වන විටත් කාර්යාලයට පැමිණ සිටි, එවකට වැළිකඩ බන්ධනාගාරයේ […]

  • මරණ දඬුවම ක්‍රියාත්මක කළොත්, බෞද්ධයෙකු වශයෙන් සිරිසේනට සාමයෙන් නිදන්ට බැරිවනු ඇත. – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න Read more >

    මරණ දඬුවම ක්‍රියාත්මක කළොත්, බෞද්ධයෙකු වශයෙන් සිරිසේනට සාමයෙන් නිදන්ට බැරිවනු ඇත. – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

    Cartoon by Jeffrey. මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට ජනාධිපති සිරිසේන ගෙන ඇති තීරණය විශාල විරෝධතාවකට තුඩුදී තිබේ. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි ආණ්ඩුවේ සහ විපක්ෂයේ සියලු ප්‍රධාන පක්ෂ එම තීරණයට විරෝධය දක්වයි. පුරවැසි සංවිධාන එය හෙළාදැක තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංවිධානය, මත්ද්‍රව්‍ය සහ අපරාධ […]

  • මරණ දඩුවම ක්‍රියාවට නැගීම සිරිසේනගේ දේශපාලන සෙල්ලමකි. Read more >

    මරණ දඩුවම ක්‍රියාවට නැගීම සිරිසේනගේ දේශපාලන සෙල්ලමකි.

    කාටූනය: Sajith Bandara @tmdsbekanayaka . ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නැවත වරක් සැරසෙන බව වාර්තා වේ. මෙය, ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලනික සහ අධිකරණමය අංශ කෙරෙහි බරපතල ප්‍රශ්න මතු කළ හැකි ප්‍රතිපත්තියක් ක්‍රියාවේ යෙදැවීම පිළිබඳ ගැටළු නැවත ඇති කරවන කාරණයකි. මරණ දඬුවමට එරෙහිව ගෙනෙන ඉතා බරපතල එක් ප්‍රධාන චෝදනාවක් තිබේ. එනම්, මරණ දඬුවමට […]

  • දුමින්ද සිල්වාගේ ඉරණම, දේශපාලනය හා මාධ්‍ය ප්‍රචණ්ඩත්වය – මහින්ද රූබසිංහ Read more >

    දුමින්ද සිල්වාගේ ඉරණම, දේශපාලනය හා මාධ්‍ය ප්‍රචණ්ඩත්වය – මහින්ද රූබසිංහ

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මහාධිකරණය ලබාදී තිබූ මරණ දඩුවම ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරුවන් ඒකමතිකව ස්ථිර කිරීම හුදු ප්‍රවෘත්තියක් පමණක් නොවේ. දුමින්දගේ දඩුවම යළි තහවුරු කිරීම දැකිය යුත්තේ ශ්‍රී ලංකා දේශපාලනයේ සහ මාධ්‍යයේද ඛේදවාචකයක් ලෙසය. නොඑසේ නම් එය මෙරට දේශපාලන ත්‍රස්තවාදයේත් මාධ්‍ය ත්‍රස්තවාදයේත් පිළිබිඹුවක් ලෙසය. එහෙත් දුමින්දගේ ඉරණම එකී ක්ෂේත්‍රයන්හි ප්‍රගමනය උදෙසා හැරවුම් ලක්ෂයක් කර […]

  • හැඟීම්බර, අතාර්කික සහ අවිද්‍යාත්මක තීරණ නිසා ආර්ථික සංවර්ධනය අඩාල වෙයි  – නිමල් සඳරත්න Read more >

    හැඟීම්බර, අතාර්කික සහ අවිද්‍යාත්මක තීරණ නිසා ආර්ථික සංවර්ධනය අඩාල වෙයි – නිමල් සඳරත්න

    ජායාරූපය: ග්ලයිෆොසේට් වෙනුවට වෙනත් වල්නාශකයක් පාවිච්චි කිරීම නිසා, තේ අපනයනය සඳහා එතෙක් අපට තිබූ වැදගත් වෙළඳපොලක් වන ජපානයත් අපට අහිමි වී ගියේය. තීරණ ගැනීමේදී දක්වන හැඟීම්බර, අතාර්කික, අවිද්‍යාත්මක බව මේ ආණ්ඩුවේ දක්නට ලැබෙන බරපතල දෝෂයකි. එවැනි තීරණ නිසා ආර්ථිකයට එල්ල වන්නේ බලවත් පහරකි. වැරදියට ගත් අවිද්‍යාත්මක තීන්දු, ආර්ථිකයට ඉතා නරක අන්දමින් බලපා තිබේ. එය රටේ ආර්ථික […]

  • ලංකාවේ මත්ද්‍රව්‍ය මැඩලීමේ සංග්‍රාමය: විද්‍යාවක් ද, ප්‍රබන්ධයක් ද?  – ආචාර්ය නිමේෂ් සමරසිංහ Read more >

    ලංකාවේ මත්ද්‍රව්‍ය මැඩලීමේ සංග්‍රාමය: විද්‍යාවක් ද, ප්‍රබන්ධයක් ද? – ආචාර්ය නිමේෂ් සමරසිංහ

    “සමහරු හිතන්න පුළුවන් මරණ දඬුවම දරුණු වැඩියි කියලා. මං එහෙම හිතන්නේ නැහැ. හුඟාක් රටවල් අද වෙන කොට මරණ දඬුවම අවශ්‍යයි කියලා පිළිඅරගෙන තියෙනවා.” – රනිල් වික්‍රමසිංහ, 1984 අගමැති රනිල් වික්‍රමසිංහ ඉහත සඳහන් ප්‍රකාශය කෙළේ, ‘විස ද්‍රව්‍ය, අබිං සහ භයානක මත්ද්‍රව්‍ය පිළිබඳ 1929 ආඥාපනත’ සංශෝධනය කිරීම පිළිබඳ 1984 මාර්තු 22 වැනි දා පැවති පාර්ලිමේන්තු විවාදයේ දී […]

  • මරණ දඩුවම අවසන් කරන ලෙස ඉල්ලා මානව හිමිකම් කොමිසම ජනපතිට යෑවූ ලිපිය Read more >

    මරණ දඩුවම අවසන් කරන ලෙස ඉල්ලා මානව හිමිකම් කොමිසම ජනපතිට යෑවූ ලිපිය

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මෙරට පවත්නා මරණ දඩුවම දීමේ නීති ඉවත් කරන ලෙස ඉල්ලා 2016 ජනවාරි 01 දින ජනාධිපති සිරිසේන වෙත යවන ලද ලිපිය සම්පූර්ණයෙන්ම පහත පලවේ.

  • මරණ දඩුවම ජීවිතයට ඇති අයිතිය කෙළෙසීමකි – මානව හිමිකම් කොමිසම Read more >

    මරණ දඩුවම ජීවිතයට ඇති අයිතිය කෙළෙසීමකි – මානව හිමිකම් කොමිසම

    2016 වර්ශයෙහි ජනවාරි 01 දින ජනාධිපති සිරිසේන වෙත මරණ දඩුවම දීම නොකළ යුතු ක්‍රියාවක්සේ දක්වමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත යවන ලද ලිපියක් එම කොමිසම විසින් යළි ජනමාධ්‍ය වෙත නිකුත් කර තිබේ. එම ලිපිය මෙසේ කියයි. ‘මරණ දඩුවම ජීවිතයට ඇති අයිතිය ද කෘර සහ අවමන් සහගත දඩුවම්වලින් මිදී සිටීමට ඇති අයිතියද වෙනත් මානව හිමිකම් […]

  • සේයා ඝාතකයාට මරණ දණ්ඩනය ! මින්පසු අවලං වැඩ, අපරාධ සිදුනොවේවි ද ? – මෙලනි මානෙල් පෙරේරා Read more >

    සේයා ඝාතකයාට මරණ දණ්ඩනය ! මින්පසු අවලං වැඩ, අපරාධ සිදුනොවේවි ද ? – මෙලනි මානෙල් පෙරේරා

    ( සේයා දැරිය කෙළෙසා දුෂණය කිරීම තිරශ්චීන අපරාධයක් බව නිසැකය) කොටදෙණියාව බඩල්ගම සේයා සඳෙව්මි දැරිය පැහැරගෙන ගොස් බරපතල ලෙස ලිංගිකව දූෂණයකොට මරා දැමීමේ අපාරධයට වරදකරුවු, ”ඝාතකයා” බවට ඔප්පු වුණු සමන් ජයලත් නැමැත්තා හට අද (මාර්තු 15) මීගමුව මහාධිකරණයේ්දි , මහාධිකරණ විනිසුරු චම්පා ජානකි රාජරත්න විසින් මරණ දණ්ඩනය නියම කළේය. ප‍්‍රධාන විත්තිකරුට එරෙහිව සේයා දැරිය පැහැරගෙන […]

  • මරණ දඩුවම ඉවත් කරන්න – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම Read more >

    මරණ දඩුවම ඉවත් කරන්න – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

    මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාවේ නිතියෙන් ඉවත් කරන සේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිර්දේශ කර තිබේ. 19වන ව්‍යවස්ථා සංසෝධනය යටතේ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමෙන් පසු මානව හිමිකම් කොමිසම සක්‍රීය ලෙස ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් මැදිහත්වන බවට මෙම නිර්දේශය තවත් උදාහරණයක් සපයයි. මරණ දඩුවම ඉවත් කිරීමේ නිර්දේශය කරුණූ ගණනාවක් යටතේ කරුණු දක්වා ඇති මානව […]

Back to Top