Sri Lanka Brief
බොදු බල සේනා

බොදු බල සේනා

  • ඥාණසාර හිමිට දුන් ජනාධිපති සමාව කොතෙක් දුරට දූරදර්ශී ද? – “ස්පෙක්ටේටර්” Read more >

    ඥාණසාර හිමිට දුන් ජනාධිපති සමාව කොතෙක් දුරට දූරදර්ශී ද? – “ස්පෙක්ටේටර්”

    ගිය සතියේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපතිවරයා දුන් සමාව විශාල ආන්දෝලනයකට තුඩුදී තිබේ. බොදුබල සේනාවේ නායකයා වන මේ කලහකාරී භික්ෂුව කවදත් කුපිතකාරී ක්‍රියාවන්ට මැදිහත්ව ඇති අතර, හිර ගෙදරින් සමාව ලද සැණින් පසුව පවා, මුස්ලිම් මූලධර්මවාදී ත්‍රස්තවාදය පිළිබඳ වර්තමාන ප්‍රශ්නයේදී තවමත් හැසිරෙන්නේ එයාකාරයෙනි. අධිකරණයට අපහාස කිරීම පිළිබඳ වරදට බරපතල වැඩ සහිත 19 වසරක සිර දඬුවමකට නියම වූ […]

  • නඩු අස්කර ගනී! ඥණසාරගේ වෛර භාෂාවට ආණ්ඩුවේ අනුමැතිය!! Read more >

    නඩු අස්කර ගනී! ඥණසාරගේ වෛර භාෂාවට ආණ්ඩුවේ අනුමැතිය!!

    ජායාරූපය: දැන් ඉතිං ඥාණසාරට සුලකර ජනයාට එරෙහිව ඇති තරම් කුණුහරැප වදාරන්නට ආණ්ඩුවෙන් ලයිසන් තිබේ. ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නඩු පැවරීමක්‌ සිදු නොකරන බවට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්‌ඨාසය පසුගිය 29 දා කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන් බව දිවයින වාර්තා කරයි. සංවිධානාත්මක අපරාධ නිවාරණ […]

  • ඥනසාර යනු සෝමාරාමගෙන් පසු මෙරට බුදුනුවන් මත පතිත මහම විපතය – කර්තෘ, ‘ගොටාගේ යුද්ධය’ Read more >

    ඥනසාර යනු සෝමාරාමගෙන් පසු මෙරට බුදුනුවන් මත පතිත මහම විපතය – කර්තෘ, ‘ගොටාගේ යුද්ධය’

    දි අයිලන්ඩ් පුවත්පතට සතිපතා දේශපාලන ලිපියක් ලියන සී.ඒ. චන්ද්‍රප්‍රේම පූනි 18වන දින සිය ලිපියෙන් ගලබොඩඅත්තේ ඥනසාර හදුන්වා ඇත්තේ බණ්ඩාරනායක ඝාතන මිනීමරුවා වූ තල්දූවේ සෝමාරාම සහ ඔහු උසිගැන්වූ මාපිටිගම බුද්ධරක්ඛිතගෙන් පසු මෙරට බුදු සසුනට පහත් වූ මහම ව්‍යසනය ලෙසය. එල්ටීටීඊය පරාජය කිරීමේ යුද්ධයේ ප්‍රධානියා ගෝඨාභය රාජපක්ෂ ලෙස වර්ණනා කරමින් ගොටාගේ යුද්ධය නමින් දීර්ඝ ග්‍රන්ථයක් රචනා කළ චන්ද්‍රප්‍රේම රනිල්- […]

  • ශ්‍රී ලංකාවේ අනාගමික රාජ්‍ය යේ කඩා වැටීම සහ අස්ගිරි පාර්ශවය නීතියට ඉහළින් යෑම Read more >

    ශ්‍රී ලංකාවේ අනාගමික රාජ්‍ය යේ කඩා වැටීම සහ අස්ගිරි පාර්ශවය නීතියට ඉහළින් යෑම

    ශ්‍රී ලංකාවේ ලෞකික රාජ්‍යයේ සීග්‍ර කඩා වැටීමේ කතාන්තරය, පසුගිය සතියේ දිග හැරුණු සිදුවීම් තුළින් පුරෝකථනය වෙයි. එක් බෞද්ධ භික්ෂුවකට එරෙහිව නිකුත් කළ අධිකරණ වරෙන්තු කිහිපයකට අදාළව ගොඩනැගුණු අති-නාටකයක් වටා ඒ සිදුවීම් පෙළ ගැසුණත්, එම භික්ෂුව විසින් කරන ලද අපරාධ පිළිබඳ පොලිසියේ චෝදනා මත නිකුත් කෙරුණු එම වරෙන්තු ක්‍රියාත්මක කිරීමට පවා ශ්‍රී ලංකා රජය අසමත් වූ […]

  • මුස්ලිම් විරෝධී ප්‍රහාර ඥනසාර සම්බන්ධ අන්තවාදීන්ගේ සංවිධානාත්මක  මෙහෙයුමකි – ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු. Read more >

    මුස්ලිම් විරෝධී ප්‍රහාර ඥනසාර සම්බන්ධ අන්තවාදීන්ගේ සංවිධානාත්මක මෙහෙයුමකි – ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු.

    ජායාරූපය: ඥනසාර සහ ගෝඨාභය. ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු විසිනි. දැනට දේවල් සිදුවෙමින් පවතින බව පෙනෙන්නේ අතරින්පතර ය. එහෙත් ඒවා උසිගන්වන්නන් මැඩලීම සඳහා දැඩි පියවර කඩිනමින් නොගත්තොත්, ඒ විසිරී පවතින සිදුවීම් ඒකරාශී වී, වඩාත් උග්‍ර විය හැකිය. ගංවතුරින් පීඩාවට පත් සියල්ලන් කෙරෙහි වන හෘදයාංගම සානුකම්පාව පළ කරන අතරේම, ස්වභාවික ව්‍යසනය සහ පරිපාලනමය නොසැලකිල්ල මගින් ඇති කරන ලද […]

  • ඥණසාර මැරවාදය සහ නීතියට අභියෝග කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදය – රංජිත් හේනායකආරච්චි Read more >

    ඥණසාර මැරවාදය සහ නීතියට අභියෝග කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදය – රංජිත් හේනායකආරච්චි

    අධිකරණයකට කඩා වැදී අධිකරණ කටයුතු කඩාකප්පල් කිරීම මොනයම්ම රාජ්‍ය ක්‍රමයක් තුල වුවද වහාම දඬුවම් ලබාදෙන වරදකි. එය ඒකාධිපති රාජ්‍යක, රාජාණ්ඩුවක හෝ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් ක්‍රියාත්මක වන රාජ්‍යයක කියා වෙනසක් නොමැත. එම රට තුල පවතින අධිකරණ ක්‍රමයට අවහිර කරමින් අධිකරණයකට පැන නාඩගම් නැටීමට කිසියම්ම රාජ්‍ය ක්‍රමයක් ඉඩ නොදෙන අතර එසේ ඉඩ හරිනවානම් එහි ඇත්තේ අරාජික බවකි. රාජාණ්ඩුවක් […]

  • රට වනසන, සසුන නසන අලජ්ජි භික්ෂූන්ට තැලිය යුත්තේ මොන වලිගයෙන්ද ජනපතිතුමනි? – ගාමිණී වියන්ගොඩ

    සෑම ඇඳුමකම පොදු ගුණාකාරය විළි වසා ගැනීමයි. පසුගිය දවසක, ගැහැනියක් තනපටය ගලවා වේදිකාවකට වීසි කළ විට, අදාළ පුද්ගලයන්ට මඩුවලිගයෙන් තැලිය යුතු යැයි ජනාධිපතිවරයා කීය. පසුගිය දා, ‘අපේ හාමුදුරුවෝ’ සිවුර ගලවා පාරට වීසි කොට, අඳනකඩයෙන් අමුඩය ගසා උසාවියක තාප්පයක් දිගේ බඩගෑවේය.  විළි වසා ගැනීමේ ප‍්‍රාථමික අර්ථයට අමතරව සෑම ඇªමක්ම යම් අදහසක්ද නියෝජනය කරයි. එදා ඉග්ලේසියාස්ට ‘බොඩියක්’ […]

  • අධිකරණ ඥාන සාරය Read more >

    අධිකරණ ඥාන සාරය

    (සන්ධ්‍යා ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයක් අතරතුර සමාන්තර රුස්වීමක් අමතයි) ඥානසාර ඊයේ අධිකරණයේදී අඩව්වක් ඇල්ලුවේ ය. ඥානසාර අරගලය මෙසේ කැටි කර දැක්විය හැකි ය. ප්‍ර‍ගීත් එක්නැලිගොඩ මරා දමනු ලැබුවේ ඔහු සිංහල ජාතිවාදියකු නො වූ නිසා ය. (ඔහු ත්‍ර‍ස්තවාදියකු වූ බවට කිසිදු සාක්ෂියක් නැත.) ඒ නිසා ඔහු මරා දැමීම නිවැරදි ක්‍රියාවකි. එබැවින් ප්‍ර‍ගීත් එක්නැලිගොඩ මරා දැමූවන් […]

  • ඥණසාර හැසිරීම: බෞද්ධයෝ හැටියට අපිට ලැජ්ජයි -රනිල් Read more >

    ඥණසාර හැසිරීම: බෞද්ධයෝ හැටියට අපිට ලැජ්ජයි -රනිල්

    ( අධිකරණයට අභියෝග කරන භික්ෂුවක්) සියලු දෙනා නීතියට යටත්ව කටයුතු කළ යුතු බවත් නැවතත් ‘සෝමාරාමලා බුද්ධරක්ඛිතලා’ බිහි කිරීමට මෙම ආණ්ඩුව ඉඩ නොතබන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පැවසීය. ඔහු එම ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී කළේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය දුන් තීන්දුව පිළිබඳව අදහස් දක්වමිනි. ‘නීතිය නීතියමයි. අපි හැම එක්කෙනාම නීතියට යටත් වෙන්න ඕන. බෞද්ධයෝ […]

  • හිමිනමක් උසාවි බිමේ ක්ලාන්ත වදාරති Read more >

    හිමිනමක් උසාවි බිමේ ක්ලාන්ත වදාරති

    (ක්ලින්ත වැදැරු හිමිනම) අධිකරණයට හා රාජ්‍ය නිලධාරීන්ට අපහාස කලැයි බොදුබල සේනාවේ මහ ලේකම් ගලබොඩ අත්තේ ඥානසාර හිමි පෙබරවාරි නමවැනිදා තෙක් රිමාන්ඩ් භාරයට වැඩම්මවීමෙන් පසු උසාවිය අසලට වැඩම කල තවත් භික්‍ෂූන් පිරිසක්ද තමන්වහන්සේලාත් රිමාන්ඩ්භාරයට  වඩම්මවන​ ලෙස වදාරන්නට වූහ​. ”අපිත් රිමාන්ඩ් කරපල්ලා” ”කොල්ලනේ වරෙල්ලා”යනුවෙන් උන්වහන්සේලා කුණුහරුප වැදෑරූහ.අව ජාතකය දේශනා කලේය​.​ බන්ධනාගාර රථය උසාවිය අසලට පැමිණි අතර ඊට […]

  • ප්‍රගීත් අතුරුදහන් කරවීමේ නඩුව: බොදු ඥාණසාර අධිකරණයේ යකා නටයි Read more >

    ප්‍රගීත් අතුරුදහන් කරවීමේ නඩුව: බොදු ඥාණසාර අධිකරණයේ යකා නටයි

    (ශ්‍රී ලංකා බ්‍රීෆ්) අද ( ජනවාරි 25) හෝමාගම අධිකරණයෙහි දී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්වීම පිළිබඳ හබයාස් කොපුස් නඩුව විභාගයට ගත් අවස්ථාවෙහි දී තවත් භික්ෂුන් කණ්ඩායමක් සමඟ එහි පැමිණ සිටි බොදු බල ඥාණසාර නම් චීවරධාරියා අධිකරණයට බාධා වන අයුරින් හැසිරුණු බව අපේ ආරංචි මාර්ග සඳහන් කරයි. එසේ කැකොස්සන් ගැසිමෙන් පසු අධිකරණයට කැඳවූ ඥාණසාර තමන්ගෙන් සිදුවූ වරදට සමාව […]

  • ඥාණසාරගේ ටිකිරි මොළේ: ඉන්දියානු ජාතික කොඩිය ගැන වල්බූත – මෙත්සිරි අම්බලන්ගොඩ Read more >

    ඥාණසාරගේ ටිකිරි මොළේ: ඉන්දියානු ජාතික කොඩිය ගැන වල්බූත – මෙත්සිරි අම්බලන්ගොඩ

    බොදු බල සේනා නායක ගලබොඩඅත්තේ ඥාණසාර නැවත වරක් සිය ටිකිරි මොළය එලියට දමා තිබේ. කොළඹ ප්‍රකාශයට පත් කැරෙන වෙබ් අඩවියකට ඥණසාර කියා ඇත්තේ ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය වෙනස් කළයුතු බවත් එහි ඇති ජනවාර්ගික වර්ණ තීරු ඉවත් කළ යුතු බවත් ය. ඊට උදාහරණයක් දෙමින් ඥාණසාර කියා ඇත්තේ එලෙස ජන වාර්ගික ප්‍රජාවන් සඳහා වෙනම තීරු ඇති කල […]

Back to Top