Sri Lanka Brief
පාස්කු ඉරිදා ප්‍රහාර

පාස්කු ඉරිදා ප්‍රහාර

  • සිරිසේ්න සහ රනිල් වගඋත්තරකරුවන් කළ පාර්ලිමේන්තු කාරක සභාවේ සාධනීය ලක්ෂණ Read more >

    සිරිසේ්න සහ රනිල් වගඋත්තරකරුවන් කළ පාර්ලිමේන්තු කාරක සභාවේ සාධනීය ලක්ෂණ

    බලගතු පුද්ගලයන්ව වගවීමට බැඳ තැබෙන ආකාරයේ සැබෑ පාරදෘශ්‍යභාවයක් (කොයි කාටත් පෙනෙන ආකාරයෙන්) ඇති කරගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් පසුව ඒ පිළිබඳව සොයා බැලීමට පිහිටුවන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව යනු, ඒ කියන පාරදෘශ්‍යභාවය සහ වගවීමට බැඳගැනීම පිළිබඳ දුෂ්කර මාර්ගය ඔස්සේ තැබූ වැදගත් පියවරකි. එම තේරීම් කාරක සභාවේ අවසාන වාර්තාව පසුගිය බදාදා […]

  • කාත්තන්කුඩි සටහන්: සහරාන් බෝම්බ ගැහුවේ අපට! – සුනන්ද දේශප්‍රිය Read more >

    කාත්තන්කුඩි සටහන්: සහරාන් බෝම්බ ගැහුවේ අපට! – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය: කාත්තන්කුඩි ජනමාධ්‍ය සංසදයේ ක්‍රියාකාරීන් පිරිස. © Sunanda Deshapriya කාත්තන්කුඩි ජනමාධ්‍ය සංසදයේ මූලිකයෙක් වූ එකල අප සමඟ බොහෝ සමීපව කටයුතු කළ නූර්දීන් අප එහි යන විටම වාගේ පැමිණෙමින් සිටියේ ය. සුනාමි ව්‍යසනය සහ ඉන්පසුව පැමිණි ජනමාධ්‍ය මර්ධනයන් හමුවෙහි නැගෙනහිර ජනමාධ්‍යවේදීන් හමුවට ආගිය උදය කලුපතිරණ සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වන අතරම පරිවර්ථනයෙන් බෑ නොකියා උදව් වන සෙන්දිල් සිවඥානම් […]

  • තෝරා ගැනීම් දෙකක්: ගැටුම් චක්‍රයට තිත තැබීම හෝ එහිම ගිලී වැනසීයාම – සුලෝචනා රාජපක්ෂ Read more >

    තෝරා ගැනීම් දෙකක්: ගැටුම් චක්‍රයට තිත තැබීම හෝ එහිම ගිලී වැනසීයාම – සුලෝචනා රාජපක්ෂ

    නිදහස ලැබීමෙන් පසු අවුරුදු 72 ක් වූ ඉතිහාසය දෙස හැරී බලමු, ශ්‍රී ලාංකිකයන් ලෙස ඔබට මට ආඩම්බර විය හැකිද? නිදහස ලැබුණු දින සිට ආ ඒ දිගු ගමනේ මේ පුංචි දිවයින දේශපාලන ගැටුම්, විප්ලවයන් සහ වාර්ගික ගැටුම් යනාදී බොහොමයකට මුහුණ පා ඇත. කැරළි කලකෝලාහල සහ ගැටුම් ඉතිහාසය පුරාවට දැක ගත හැකිවීම ඛේදජනකය. මෙය චක්‍රයක් ලෙස නැවත […]

  • කාන්තා රාජ්‍ය සේවිකාවන්ගේ නිළ ඇඳුම් කතා වස්තුව නොහොත්  පය බරවායට පිටිකර බෙහෙත් බැඳීම  Read more >

    කාන්තා රාජ්‍ය සේවිකාවන්ගේ නිළ ඇඳුම් කතා වස්තුව නොහොත්  පය බරවායට පිටිකර බෙහෙත් බැඳීම 

    ඡායාරූපය: රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් පාර්ලිමේන්තු කාරක සභාව හමුවෙහි. කාන්තා නිල ඇඳුම වෙනස් කිරීම සම්බන්යෙන් රාජ්‍ය පරිපාලන ලේකම් පාර්ලිමේන්තු කාරක සභාවේදී ලබා දුන් සාක්ෂිය පිලිබඳ විමසුමක්. ලාංකික සමාජයේ සිදුව ඇති ආකල්පමය, දෘෂ්ටිමය සහ විනය පිරිහීම පිළිබඳ කැඩපතක් ලෙස පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ රාජ්‍ය පරිපාලන ලේකම් ලබා දුන් සාක්ෂිය සැලකිය හැක. “රජයට අයත් කාර්යාල පරිශ්‍ර වල […]

  • ආගමීක ප්‍රතිසංස්කරණ, ත්‍රස්තවාදය හා ගෝලීය යුධ පද්ධතිය  -ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන Read more >

    ආගමීක ප්‍රතිසංස්කරණ, ත්‍රස්තවාදය හා ගෝලීය යුධ පද්ධතිය -ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන

    ඡායාරූපය: ආයුධ ජාවාරම සහ ගෝලීය ත්‍රස්තවාදය එකනෙකා මත යැපේ, අප්‍රේල් 21 වෙනි දින සිදුවුනු භයානක, ම්ලේච්ඡ සිද්ධීන් පසුබිමේ ඉඳලා අපිට මේ රටේ ආගමික ප්‍රජාවට ප්‍රබලතම, දැවැන්තම අභියෝගයක් එල්ල වෙලා තියෙනවා. කෙනෙකුට කියන්න පුළුවන් මුස්ලිම් ප්‍රජාවට ඒ අභියෝගය බරපතලයි, නැත්නම් වඩාත් බැරෑරුම් සහ කෙනෙක් අවධාරණය කළ යුතුයි කියලා. අපි තේරුම් ගැනීමට අවශ්‍යයි මේ සන්දර්භයේ විවිධ පැති […]

  • සහරාන් බේරුවේ මෛත්‍රී Read more >

    සහරාන් බේරුවේ මෛත්‍රී

    ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයේ සැලසුම්කරු වූ මොහොමඩ් සහරාන් හෂීම් විවෘත වරෙන්තුකරුවෙකුව සිටියදී අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සම්බන්ධයෙන් සෘජුවම ජනාධිපතිවරයාද, අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ඔහු ඇතුළු ආණ්ඩුවද වගකිව යුතු බව අනාවරණය වී තිබේ. මොහොමඩ් සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීම සඳහා 2018 අගෝස්තු මාසයේදී විවෘත අධිකරණ වරෙන්තුවක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ලබාගෙන තිබිණි. එහෙත් නාමල් කුමාර […]

  • පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සජීවී විකාශය අත්හිටුවීම මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උදුරා ගැනීමක්- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය Read more >

    පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සජීවී විකාශය අත්හිටුවීම මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උදුරා ගැනීමක්- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

    2019 ජුනි 03 /නිවේදනය . පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ පළමු සජීවී විකාශය හදිසියේම අතරමග නතර කිරීම මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය කිරීමක් බැවින් එය දැඩි ලෙස හෙළා දකින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි. බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් මෙම ප‍්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූයේ කුමන කරුණක් නිසාදැයි යන්න පිළිබඳ ජනතාව අතර […]

  • බ්ලේක් – ගෝඨා ගැන වාසුගෙන් හෙළිදරව්වක් Read more >

    බ්ලේක් – ගෝඨා ගැන වාසුගෙන් හෙළිදරව්වක්

    ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ සහ ශ්‍රී ලංකාවේ හිටපු ඇමෙරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් වැනි පාර්ශ්ව එක්ව බරපතළ සැකසංකා මතු කරන දේශපාලන ප්‍රවණතාවක් ඇති කරමින් සිටින බව මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කරයි. පසුගිය 27 වනදා බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම […]

  • පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන් සඳහා හානිපූරණය සඳහා ඉල්ලුම් කළ හැකි අයුරු – සුලෝචනා රාජපක්ෂ Read more >

    පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන් සඳහා හානිපූරණය සඳහා ඉල්ලුම් කළ හැකි අයුරු – සුලෝචනා රාජපක්ෂ

    2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරු දින ආගමික වතාවත් වල යෙදී වුන් කිතුණු භක්තිකයන් සහ ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයකට සිදු වූ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලාංකිකයන් හට ත්‍රාසය සහ දුක කැඳවීමට සමත් විය. මෙම ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 253 වන අතර 485 කට අධික තුවාලකරුවන් රෝහල් ගත කර ඇත. මෙම මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට […]

  • ඡායාරූප කතාව: පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයෝ ඉතිරි කර ගියේ මොනවාද? Read more >

    ඡායාරූප කතාව: පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයෝ ඉතිරි කර ගියේ මොනවාද?

     Danish Siddiqui විසිනි.  Reuters  ඡායාරූප කතාවක දළ සිංහල පරිවර්තනයකි‍‍‍‍‍. ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ දරුවන් සෙල්ලම් කරන හඩින් පිරි ගිය පටු මාවතක අද නිහඩය. දරුවන් තිදෙනාද අතුළුව මුලු පවුලම පාස්කු ඉරිදා සන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගියහ. මේ නව වියැති බෙවන්, සය වියැති ක්ලවොන් සහ එකලොස් මසැති අවොන් ක්‍රිඩා කළ අද පාලු පටුමඟයි. පාස්කු ඉරිදා […]

  • පාස්කු ඉරිදාට පසු ලංකාවෙහි සිදුවිය හැකි දේශපාලන ප්‍රවණතාවයන් – චරිත හේරත් Read more >

    පාස්කු ඉරිදාට පසු ලංකාවෙහි සිදුවිය හැකි දේශපාලන ප්‍රවණතාවයන් – චරිත හේරත්

    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාව පිළිබඳව සාකච්ජා කිරීම වැදගත් වන්නේ ප්‍රධාන කාරණා කීපයක්ම නිසාය. පළමුවෙන්ම මේ සිද්ධියත් සමග මේ රටේ ආර්ථිකය බරපතළ කඩාවැටීමකට ලක්වූ බව පිළිගැනීම අනිවාර්ය බව විශේෂඥයන්ගේ මතය ය. ඒ කියන්නේ පසුගිය වසර 10 පමණ කාලයක් පුරා වෙළෙඳ ක්‍ෂේත්‍රය තුළ ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් ගොඩනැඟෙමින් තිබූ ධනාත්මක තත්ත්වය සම්පූර්ණයෙන්ම කඩාවැටුණු බවයි. […]

  • කිතුණුවනි ස්තූතියි! – සුලෝචනා රාජපක්ෂ Read more >

    කිතුණුවනි ස්තූතියි! – සුලෝචනා රාජපක්ෂ

    අප රටක් ලෙස නොයෙක් ජාතීන් ගෙන් නොයෙක් ආගම් වලින් හා සංස්කෘතීන් කිහිපයකින් පෝෂණය ලැබූ අවුරුදු 2500 ක ශිෂ්ට ඉතිහාසයකට උරුමකම් කියන සියලු ආගම් ජාතීන් එක්ව වාසය කල ස්වෛරී රාජ්‍යකි. ධම්මපදය, බයිබලය,වේද සහ කුරාණය යන සියල්ල මේ භුමිය තුල වෙනස් කමට ලක් නොවිණි. 2500 ශිෂ්ටාචාරයක් ,අවුරුදු 500ක යටත්විජිත වාදය, අවුරුදු 71ක් වූ නිදහස, 30 වසරක යුද්ධය, […]

  • මැයි ‘කලු ජූලිය’; වරද කාගෙද?  – සුනන්ද දේශප්‍රිය Read more >

    මැයි ‘කලු ජූලිය’; වරද කාගෙද? – සුනන්ද දේශප්‍රිය

    අප දැන් ශ්‍රී ලංකාවේ නූතන ඉතිහාසයට “මැයි කලු ජූලිය” ද එක්වී හමාර ය. පාස්කු ඉරිදා මනුෂ්‍ය ඝාතනයට මූලිකත්වය ගත් වහබි අන්තවාදයේ බලපෑමත් මුස්ලිම් තරුණ කණ්ඩායම් ප්‍රචන්ඩ මාවත් කරා තල්ලුවී යාමත් දේශපාලනිකව කල් අැතිව දැක ගත හැකිව තිබුණූ පරිද්දෙන් ම මේ ‘මැයි කලු ජූලිය’ ද මෝරා එන බව දේශපාලන අත දරුවකු නොවන ඕනෑම අයකුට පෙර දකින්නට […]

  • ආපදා අවකළමනාකරණය- අප කවුරුත් එකී අපක්‍රියාවේ කොටස්කරුවෝ ද? (1) – ජනක සෙනෙවිරත්න Read more >

    ආපදා අවකළමනාකරණය- අප කවුරුත් එකී අපක්‍රියාවේ කොටස්කරුවෝ ද? (1) – ජනක සෙනෙවිරත්න

    අප්‍රේල් 21 පාස්කු ඉරිදාව මුළු ශ්‍රී ලංකාවටම ඉරණම්කාරී දිනයක් විය. ඒ වනාහී, සාමයෙන් ජීවත් වීමේ අවශ්‍යතාවයෙන් යුත් අති බහුතරයකගේ අයිතීන්, පුද්ගලයන් කිහිප දෙනෙකුගේ තිරිසන් සහජාසයන් විසින් පැහැරගනු ලැබූ දිනයකි. ඒ දුෂ්ට මිනිසුන්ගේ දෘෂ්ටිවාද විග්‍රහ කිරීමට මම සුදුස්සෙකු නොවෙමි. මට කිව හැකි එකම දෙය වන්නේ, ඔවුන්ගේ ක්‍රියාවන් මගින් ශිෂ්ට මිනිස් චර්යාවන් සහ පිළිගත් සමාජ සාරධර්ම කෙලසා […]

  • ත්‍රස්ත ගරිල්ලා ව්‍යාපාරයක් සමඟ සටන සහ ප්‍රහාර මාලවක් පිළිබද නව අනතුරු හැඟවීම – සුනන්ද දේශප්‍රිය Read more >

    ත්‍රස්ත ගරිල්ලා ව්‍යාපාරයක් සමඟ සටන සහ ප්‍රහාර මාලවක් පිළිබද නව අනතුරු හැඟවීම – සුනන්ද දේශප්‍රිය

    පහත පළවන්නේ ඊයේ සරත් පොන්සේකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආක්ෂක අනතුරු හැගවිමකි. මෙම නිල ආක්ෂක අනතුරු හඟවීමෙන් කියවෙන පරිදි ලබන 13වනදා තවත් ප්‍රහාර මාලාවක් නාවල, පන්චිකාවත්ත, කොටුව දුම්රිය නැවතුම් පොල සහ වැල්ලවත්ත යන ස්ථානයන්හි සිදුවීමට පුලුවන. එය සිරිසේනගේ පම්පෝරියට සහමුලින්ම වෙනස් ය‍. සිය කතාවෙහි දී සරත් පොන්සේකා කියා සිටියේ මෙම ත්‍රස්තවාදී ජාලය පිළිබඳව සම්පූර්ණ තොරතුරු සොයා […]

  • අනේ ගුරුතුමනි, අප පැවත එන්නේ නිර්භීත මිනිසුන්ගෙන් මිස බෝම්බ පිපිරූ විට ගෙවල් ඇතුළේ සැඟවුන පරම්පරාවකින් නොවන බව මගේ දරුවන්ට උගන්වන්න..! Read more >

    අනේ ගුරුතුමනි, අප පැවත එන්නේ නිර්භීත මිනිසුන්ගෙන් මිස බෝම්බ පිපිරූ විට ගෙවල් ඇතුළේ සැඟවුන පරම්පරාවකින් නොවන බව මගේ දරුවන්ට උගන්වන්න..!

    ආදරණිය ගුරුතුමනි, මම ඊයෙත් අදත් මගේ දරුවන් පාසල් එවීමි. ඒ මගේ මිතුරන් හා පවුලේ ඇතැම් අයගේ විරෝධතාවයන් මැදය. ඔවුන්ගේ අදහස වූයේ රටේ ආරක්ෂක තත්ත්වය 100 % ක් සහතික කරන තෙක් දරුවන් පාසල් නොයැවිය යුතු බවයි. මම මගේ දරුවන් පාසල් යැවුයේ මට දරුවන් වැඩි නිසාවත් ඔවුන් අනතුරට ලක්වීමට බැලීමට හැකි නිසාවත් නොවේ. අපේ මාතෘ භූමිය ඉතා […]

  • අප  තුවාළ ලත් දේශයකි, තවමත් පිළිතුරු සොයමින් සිටින – කයාත්‍රි දිවකලාල Read more >

    අප තුවාළ ලත් දේශයකි, තවමත් පිළිතුරු සොයමින් සිටින – කයාත්‍රි දිවකලාල

    (ඡායාරූප අයිතිය දිනුක ලියනවත්ත‌) දිසි නීති තත්ත්වයක් – මගේ ගත සිත දැඩි බියකින් වෙළී ගොස් ඇත. වසර ගණනාවක් පුරා පැවැති හදිසි නීති තත්ත්වයන් තුළ අතීතයේදී මා අත්විඳි අමිහිරි අත්දැකීම් මත පදනම්ව මම නිරන්තරයෙන්ම විය හැකි නරකම දෙයඅපේක්ෂා කරන්නෙමි… මගේ මනස ඒවා ගැන සිතීම නතරකර නැත – මා වෙනුවෙන් පමණක් නොව සියලුදෙනාම වෙනුවෙන්, විශේෂයෙන්ම සුවිශේෂී අනන්‍යතාවන්ට […]

  • පාසල්හි ආරක්ෂාව සහ සාමය රැකගැනීමට මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ Read more >

    පාසල්හි ආරක්ෂාව සහ සාමය රැකගැනීමට මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ

    ඡායාරූපය අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශනයකිනි. අද සිට ආරම්භ වූ පාසල් අධ්‍යාපන කටයුතතු කරගෙන යෑමේ දී ආරක්ෂක පියවර සමඟ ජනවාර්ගින සාමය ආරක්ෂා වන පරිදි ගත හැකි සහ ගත යුතු නිර්දේශ ගණනාවක් ශ්‍රී ලංකා මානව හිමිකම්  කොමිසම ආණ්ඩුවට ඉදිරිපත් කර තිබේ. පාසල් සිසු සිසිවියන් ඇතුළත් ආක්ෂක කමුටු සෑදීමේ දී පාසළෙහි ඉගෙනුම ලබන සෑම ජනවර්ගයකින්ම ඊට එක් කර ගන්නා […]

  • ‘ප්‍රකාශනයට’ බලපැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව හදිසි නීති රෙගුලාසි මොනවාද? – ගෙහාන් ගුණතිලක  Read more >

    ‘ප්‍රකාශනයට’ බලපැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව හදිසි නීති රෙගුලාසි මොනවාද? – ගෙහාන් ගුණතිලක 

    කාටූනය අවන්ත ආටිගල විසිනි. 2019 අප්‍රේල් 22 වන දින සිට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් නව හදිසි නීති රෙගුලාසි මාලාවක් නිකුත් කර ඇත. මෙම ලිපිය හරහා ‘ප්‍රකාශනයන් පාලනයට’ ( control of publications ) බලපැවැත්වෙන අංක 15 දරන හදිසි නීති රෙගුලාසියේ අන්තර්ගතයන් සහ ප්‍රකාශනයට සම්බන්ධ අනෙකුත් සමහර රෙගුලාසි පිළිබඳ පැහැදිලි කිරීමක් කෙරේ. සාකච්ඡා කිරීමට තරම් වැදගත් වන […]

  • පාස්කුවේ කදුළු අන්තවාදයේ සැමරුමක් නොවීමට –  ධනුෂ්ක සිල්වා Read more >

    පාස්කුවේ කදුළු අන්තවාදයේ සැමරුමක් නොවීමට – ධනුෂ්ක සිල්වා

    (ඡායාරූපය ජැපෑන් ටයිම්ස් ‌වෙතිනි.) පාස්කු ඉරිදා ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය ලංකාව මෙතෙක් මුහුණ දුන් ප්‍රහාරවල නොතිබූ රුදුරුබවක් ගැබ්ව තිබේ. පශ්චාත් යටත්විජිත ශ්‍රී ලංකාව විවිධ හේතු නිසා උත්ගට්ත වූ ගැටුම්, අරගල මෙන්ම ප්‍රහාර රැසකට සංවර්ධනයේ කතාන්දරයෙන් පරිචෙඡේද කිහිපයක් වෙන් කළ රාජ්‍යයකි. පාස්කු ප්‍රහාරය එල්ල වූයේ රාජ්‍ය කේන්ද්‍රයේ නිශ්චිතව අර්ථදැකිවිය හැකි හේතුවක් නිසා නොව ගෝලීය අන්තවාදයේ කුරිරු ප්‍රකාශනයක් […]

  • මුස්ලිම් අන්තවාදය, ජාතික අරක්ෂාව හා ඡන්ද පෙට්ටි – නන්දන වීරරත්න Read more >

    මුස්ලිම් අන්තවාදය, ජාතික අරක්ෂාව හා ඡන්ද පෙට්ටි – නන්දන වීරරත්න

    රටක ආරක්ෂාව යනු ඒ රටේ ජනතාවය එම රටේ ඇති පොදු හා පුද්ගලික දේපොලය.  රටේ කීර්තිය හෙවත් නම්බුවය. නමුත් පසුගිය වසර හතර පුරාම ලංකාවේ රාජ්‍ය ආරක්ෂාව භාරදී තිබුනේ තුඩුගල වලව්වක දේශපාලනය උරුමය ගැනීමට නියමිත නිලමේ කෙනෙකුටය. රටේ රාජ්‍ය ආරක්ෂාව තබා භූගෝලීය සිතියමවත් කියවා ගැනීමට නොදන්නා මේ මරිමොඩ උරුමක්කාරයා දන්නේ ගම්පහ දිසාවෙහි චන්ද සිතියම කියවා ගැනීමට පමනි. […]

  • ප්‍රජාතන්ත්‍රවාදයට වින කටින ගෝලීය ත‍්‍රස්තවාදය සමග පොර බැදිය යුත්තේ ගෝලීය මට්ටමිනි (1) – ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන Read more >

    ප්‍රජාතන්ත්‍රවාදයට වින කටින ගෝලීය ත‍්‍රස්තවාදය සමග පොර බැදිය යුත්තේ ගෝලීය මට්ටමිනි (1) – ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන

    ඡායාරූපය: ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ නායක අල් බග්දාදි  ශ්‍රී ලංකාවේ කරන ලද ප්‍රහාර සිය සැළැස්මේ කොටසක් බව ප්‍රකාශ කරයි. පටු අගතීන් සහ පක්ෂපාතීත්වයන් පසෙක ලා නැගී සිටිය යුත්තේය. ‘ඉස්ලාමීය රාජ්‍යයට’ සම්බන්ධ අන්තවාදී ඉස්ලාම් කල්ලියක් විසින් ශ‍්‍රී ලංකාවේ අහිංසක සිවිල් වැසියන් බිහිසුණු ආකාරයෙන් ඝාතනය කරනු ලැබීම, මෙරට ආගමික, දේශපාලනික සහ සිවිල් ජන කණ්ඩායම් විසින් සේම ජගත් නායකයන් […]

  • තවත් ජනවාර්ගික හෝ ආගමික යුද්ධයක් එපා! සැකය වෛරය සහ ප‍්‍රචණ්ඩත්වය දුරලන්න!! – ස්ත්‍රී අයිතිවාසිකම් සංවිධාන Read more >

    තවත් ජනවාර්ගික හෝ ආගමික යුද්ධයක් එපා! සැකය වෛරය සහ ප‍්‍රචණ්ඩත්වය දුරලන්න!! – ස්ත්‍රී අයිතිවාසිකම් සංවිධාන

    2019 පාස්කු ඉරු දින සිදු වූ ප‍්‍රචණ්ඩකාරී සිදුවීම් පිළිබද ස්තී‍්‍ර අයිතිවාසිකම් සංවිධානයහි ප‍්‍රකාශනය. 2019 අපේ‍්‍රල් 21 පාස්කු ඉරිදා දින මීගමුව කොළඹ සහ මඩකලපුවේ කිතුනු දේවස්ථානවලට සහ වෙනත් ස්ථානවලට එල්ල කරන ලද බිහිසුණුු ප‍්‍රහාර අපි දැඩි සේ හෙලාදකිමු. මෙම ප‍්‍රහාරයෙන් දිවි අහිමි වූ සහ තුවාලලත් සියළු දෙනාගේ පවුල්වල සාමාජිකයින් සහ ඥාතිමිත‍්‍රාදීන් වෙත අප, අපගේ බලවත් ශෝකය […]

  • පාස්කු ඉරිදා වේදනාව: පිළිතුරු සෙවීම සහ සොයා ගැනීම – සිකුරාදා මණ්ඩපය Read more >

    පාස්කු ඉරිදා වේදනාව: පිළිතුරු සෙවීම සහ සොයා ගැනීම – සිකුරාදා මණ්ඩපය

    ජායරූපය:  සතියකට පසු සාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිට යඥා (Getty Images) පාස්කු ඉරිදා දේව මෙහෙය සඳහා බැතිමතුන් සහභාගී වෙමින් සිටි දේවස්ථානවලටත්, පාස්කු ඉරිදා පාතරාසය සපයමින් සිටි හෝටල් තුනකටත් සිදු කළ තිරිසන් ප්‍රහාර හෙලාදුටු සියලු දෙනා සමග ‘ෆ්‍රයිඬේ ෆෝරම්’ එක් වෙයි. අපේ සහෝදර රටවැසියන් සමග මේ මොහොතේ එකට සිට ගනිමින්, ඒ කුරිරු ප්‍රචණ්ඩත්වයෙන් ජීවිත අහිමි වූ සහ […]

  • ඉස්ලාම් ත්‍රස්තවාදය’ නම් විරෝධෝක්තිය (The oxymoron of islamic terrorism) – උදා දේශප්‍රිය Read more >

    ඉස්ලාම් ත්‍රස්තවාදය’ නම් විරෝධෝක්තිය (The oxymoron of islamic terrorism) – උදා දේශප්‍රිය

    උසස් පෙළ සඳහා කොළඹ පදිංචියට එන්නට පෙර අපි පදිංචිව හිටියේ අයේෂා වත්තේ ය. පාරෙන් එහා පැත්තේ තිබුනේ ගොවීන්ගේ සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ඇතුළු සමාජ සාධාරණත්වය වෙනුවෙන් වැඩ කල දේවසරණ සංවර්ධන කේන්ද්‍රයයි. මුල් කාලයේ එහි වැඩ කල බොහෝ දෙනා පදිංචි වූයේ අයේෂා වත්තේ ය.මුස්ලිම් පවුල් කිහිපයක්ම අපේ ගමේ ජීවත් වීය. මගේ කුඩා කල මිතුරිය වූ සාරි ආච්චි කතෝලික […]

  • පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන නොසැළකිලිමක් වූ රජයේ නිලධාරීන්ට එරෙහි පැමිණිල්ලක් කසුන් පුස්සෙවෙල බාරදෙයි Read more >

    පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන නොසැළකිලිමක් වූ රජයේ නිලධාරීන්ට එරෙහි පැමිණිල්ලක් කසුන් පුස්සෙවෙල බාරදෙයි

    “පෙර දැනුම්වත්ව තිබියදී ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මනුෂ්‍ය ඝාතනයන් 321කට හා 500කට අධික පිරිසක් තුවාල වීමටත්, සියලුම පුරවැසියන්ව ඉන් චේතාන්විතව පීඩාවට ලක්වීමටත් ඉඩහැර තම වගකීම, රාජකාරිය හා නෛතික බැඳීම අත් හරින ලද වගකිවයුත්තන් පිළිබඳ කරනු ලබන මූලික අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ල” යන පැමිණිල්ල අග්‍රවිනිශ්චයකාරවරයා හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය වෙත උක්ත පදනම යටතේ […]

  • අර්බුද හමුවේ බාධා නොකර ජනමාධ්‍යයට තම වගකීම ඉටු කිරීමට ඉඩ සලසන්න-  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය Read more >

    අර්බුද හමුවේ බාධා නොකර ජනමාධ්‍යයට තම වගකීම ඉටු කිරීමට ඉඩ සලසන්න- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

    Image credit: Mihajlo Maricic. පසුගිය පාස්කු ඉරිදා (අප්‍රේල් 21) මෙරට ආගමික මධ්‍යස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් සිදුකළ අමානුෂික ත්‍රස්ත ප්‍රහාර හමුවේ ලාංකික සමාජය මුහුණ දුන් කම්පනය තවමත් පහව ගොස් නැති අතර සිදුවීම්වලින් ඝාතනයට ලක්වූ සහ විපතට පත්වූ සියලු දෙනා වෙත නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සාතිශය සංවේගය ප්‍රකාශ කරන අතර ම, අසහනකාරී තත්ත්වය තව දුරටත් උග්‍ර කිරීමට […]

  • පාස්කු ඛේදවාචකය: මෙතැනින් කොතැනට ද?  – සුනන්ද දේශප්‍රිය Read more >

    පාස්කු ඛේදවාචකය: මෙතැනින් කොතැනට ද? – සුනන්ද දේශප්‍රිය

      ඡියාරූපය: AP Photo/Eranga Jayawardena. පාස්කු සිකුරාදා ඒසා සමූළ ඝාතනක් සිදුවූයේදැයි තවමත් විශ්වාස කරන්නට බැරි තරම් ය. අපි තිගැස්මට ද අත්‍යන්ත ශෝකයට ද පත්ව සිටිමු. අහෝ දෙවියනි! දරුවකුගේ හිස අත ගා ගොස් දරුවන් විසි තිස් ගණනාවක් ඝාතනය කරනනේ කෙසේදැයි සිතා ගන්නේ කෙසේ ද? මේසා විපතක් මුදා හැරීමට අප සමාජයේ ම තවත් පිරිසක් කුරිරු වූයේ කෙසේ දැයි […]

  • පාස්කු ඉරිදා ප්‍රහාර: බෙදී ගියොත් රට යයි සුන්වී! Read more >

    පාස්කු ඉරිදා ප්‍රහාර: බෙදී ගියොත් රට යයි සුන්වී!

    උත්සවශ්‍රියෙන් සමරන පාස්කු ඉරිදා කිතුණුවන් හට ඉතාම සුවිශේශී දිනයකි. ඒ ජේසුස් වහන්සේගේ මරණයෙන් උත්ථානය සිහිකරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් එය සමරන බැවිණි. වෙනදා මෙන්ම මෙවරද අප්‍රේල් 21වන පාස්කු ඉරු දින කිතුණුවන් ඉතා බැති සිතින් දේවස්ථාන සඳහා ඇදුණේ දේවස්ථානයන්හී පැවැත්වෙන දේව මෙහෙය සඳහා සහභාගී වන්නයි. හොඳින් සැරසී සිය පවුල් සමඟින් ඉතා බක්තිමත්ව දේවස්ථානයේ දේවමෙහෙය සඳහා සහභාගී […]

  • පාස්කු ඉරිදා ප්‍රහාර ‌ වැළැක්වීමට ‌නොහැකිවූයේ සිරිසේනගේ ලාමක හැසිරීම නීසයි- එක්සත් වාමාංශික පෙරමුණ Read more >

    පාස්කු ඉරිදා ප්‍රහාර ‌ වැළැක්වීමට ‌නොහැකිවූයේ සිරිසේනගේ ලාමක හැසිරීම නීසයි- එක්සත් වාමාංශික පෙරමුණ

    ඡායාරූපය: ප්‍රහාරයෙන් පසු යාඥා කරන අයෙක්! ( Picture: Getty) පසුගිය පාස්කු ඉරිදා (2019-04-21) කතෝලික දේවස්ථාන සහ අගනුවර සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර දියත්කරන ලද ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය එක්සත් වාමාංශික පෙරමුණේ අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකිමු. ඉතා ඉවසීමෙන් හා බුද්ධියෙන් යුතුව කටයුතු කරන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාවගෙන් අප ඉල්ලා සිටින අතරම මේ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් සියලුම […]

Back to Top