Sri Lanka Brief
ප්‍රජාතන්ත්‍රවාදය

ප්‍රජාතන්ත්‍රවාදය

  • නම ගිය අපරාධකාරයකුට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම ලැජ්ජා සහගත කටයුත්තක් – මංගල සමරවීර Read more >

    නම ගිය අපරාධකාරයකුට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම ලැජ්ජා සහගත කටයුත්තක් – මංගල සමරවීර

    ජායාරූපය: ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට පුද්ගලාභිවාදනය. මංගල සමරවීර විසිනි. අද දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහුගේ පවුලේ අලුත් දේශපාලන පක්ෂය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කළේය. අපේක්ෂකයා කවුද යන්න ගැන සති ගණනාවක් තිස්සේ ඇසුණු කටකතා ඔහු නොදන්නා බව ඇඟෙව්වේය. මා අවුරුදු ගාණක් තිස්සේ මහින්ද රාජපක්ෂ හොඳින් හඳුනමි. ජනාධිපති කුමාරතුංග යටතේ අපි දෙදෙනා ශ්‍රී […]

  • ඇමැති පලනි දිගම්බරම් කඳුරට මාධ්‍යවේදියාට තර්ජනය කිරීම  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළා දකී. Read more >

    ඇමැති පලනි දිගම්බරම් කඳුරට මාධ්‍යවේදියාට තර්ජනය කිරීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළා දකී.

    මාධ්‍ය නිවේදනය/ 2019 අගෝස්තු 09. තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත භාවිතා කරමින් “ඉන්දියානු නිවාස යෝජනා ක්‍රමය මඟින් ඇමතිවරයාගේ ආහාර සඳහා අරමුදල් සපයන්නේද?” යන මාතෘකාව යටතේ ලිපියක් ලිවීම සම්බන්ධයෙන් කඳුකරයේ නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යය පලනි දිගම්බරම් විසින් මාධ්‍යවේදී කේ. ප්‍රසන්නට එල්ල කළ තර්ජනය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩි ලෙස හෙළා දකී. කඳුකරයේ නව ගම්මාන, […]

  • ”ගෙදර පරීක්ෂා කරන්න හාමුදුරුවරුත් ආවා” – රත්නපුර අවනීතීයේ කතාවෙන් බිඳක් Read more >

    ”ගෙදර පරීක්ෂා කරන්න හාමුදුරුවරුත් ආවා” – රත්නපුර අවනීතීයේ කතාවෙන් බිඳක්

    නිවැරදිකරුවන් අල්ලන නිසා ඇත්ත ත්‍රස්තයින්ට හැංගෙන්න පුළුවන්.-(තරිඳු ජයවර්ධන) රත්නපුර නගරයට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළැයි කියමින් අත්අඩංගුවට ගත් රත්නපුර තරුණයෝ තිදෙනෙක් නිදොස්කොට නිදහස් කරනු ලැබූහ.  ඒ අතුරෙන් අයෙක් සිංහල තරුණයෙකි. අනිත් දෙදෙනා මුස්ලිම් තරුණයෝය. නිරපරාදේ දින ගණනාවක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නට ඔවුනට සිදු විය. රත්නපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගේ මැදිහත්වීම මත සත්‍ය තත්ත්වය […]

  • පාලක පක්ෂය අමාත්‍ය මණ්ඩලය විශාල කිරීමට බැලීම දුෂ්ට ක්‍රියාවකි Read more >

    පාලක පක්ෂය අමාත්‍ය මණ්ඩලය විශාල කිරීමට බැලීම දුෂ්ට ක්‍රියාවකි

    ජායාරූපය: හ්‍රී ලංකාව ජනගහණයට සාපේක්ෂව විශාලතම ඇමැති මණ්ඩලයක් ඇති රටකි. වර්තමාන අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව 30 සිට 48 දක්වාත්, කැබිනට් නොවන අමාත්‍ය සංඛ්‍යාව 45 දක්වාත් වැඩි කිරීමට ආණ්ඩුව නැවතත් උත්සාහ ගනිමින් සිටින බව කියැවේ. එසේ කිරීමට යන්නේ, පාලක එක්සත් ජාතික පක්ෂය ‘ජාතික ආණ්ඩුවක්’ පිහිටුවා ගන්නේය යන තර්කය මත පදනම් වෙමිනි. මේ සඳහා වන යෝජනාවක් සභානායක ලක්ෂ්මන් […]

  • ගෝටා ගේ නීතිය නොහොත් නීතිය බලුකොට පුරවැසිකම් හා පාස්පෝට් ගත් හැටි Read more >

    ගෝටා ගේ නීතිය නොහොත් නීතිය බලුකොට පුරවැසිකම් හා පාස්පෝට් ගත් හැටි

    පුරවැසි පනත යටතේ ඉදිරිපත් කළ යුතු ඉල්ලුම් පත්‍ර දී නැහැ. නව ගමන් බලපත්‍රයක් ගත්තේ පෙනී සිටින්නේ නැතිව. නව ගමන් බලපත්‍රයට නව හැදුනම් පත් අංකයක් දමා කොළේ වහලා ගැහිල්ලක්. පසුගිය මැයි මාසයේ දී ගෝටාභය රාජපක්ෂල සිය ද්විත්ව පුරවැසි භාවය වසන් කොට  නව ගමන් බලපත්‍රයක් ආගමන සහ විගමන දෙපාර්ථමේන්තුවෙන් ලබා ගත්තේ කෙසේ දැයි කුකුසක් දැන් ඇතිව තිබේ. […]

  • සමස්ත ලංකා ජමියතුල් උලමලා ගේ අන්තවාදය නිසා වැළලෙන්නට යන මුස්ලිම් විවාහ හා දික්කසාද පනත Read more >

    සමස්ත ලංකා ජමියතුල් උලමලා ගේ අන්තවාදය නිසා වැළලෙන්නට යන මුස්ලිම් විවාහ හා දික්කසාද පනත

    ජායාරූපය: ශ්‍රී ලංකික මුස්ලිම් කාන්තාවක් © S.Deshapriya. පසුගිය සති කිහිපයේ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත (එම්එම්ඩීඒ) ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ ව දැඩි කතාබහක් ඇති විය. මේ පෞරාණික පනත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වු මුස්ලිම් කාන්තාවන්ගේ දශක තුනක අරගලය නොතකා, මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පසුගිය වසරේ මුල් භාගයේදී විනිසුරු සලීම් මර්සූෆ්ගේ කමිටුව විසින් ලබාදුන් නිර්දේශ ඛාණ්ඩ දෙකෙහි වෙනස්කම් ඉවත් කිරීමට […]

  • නව කමිටුව මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ආපසු හැරවීමේ උත්සාහයක් ද?-  සෆානා ගුල් බේගම් Read more >

    නව කමිටුව මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ආපසු හැරවීමේ උත්සාහයක් ද?- සෆානා ගුල් බේගම්

    මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ අමාත්‍යංශය හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගරු සලීම් මර්ශූ‍ෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුව විසින් සකස් කරන ලද වාර්තාව 2018 ජනවාරි මස 22 වැනිදා අධිකරණ අමාත්‍යවරයා වෙත බාරදෙනු ලැබීය. මුස්ලිම් ඇමැතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පරිශීලනය කරන ලද මෙම වාර්තාව, ඔවුන්ගේද යෝජනාවන් සහිතව ගරු […]

  • ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂකයා 18දා ගාලුමුවදොර ජනරැලියෙහි දී – ටිල්වින් සිල්වා Read more >

    ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂකයා 18දා ගාලුමුවදොර ජනරැලියෙහි දී – ටිල්වින් සිල්වා

    මේ වෙනකොට අපේ රටේ ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් දේශපාලන කතාබහක් ඇතිවී තිබෙනවා. සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික හැමපැත්තෙන්ම විශාල අර්බුදයක තිබෙන අවස්ථාවක තමයි අපි දැන් ඉන්නේ. වසර 71ක ධනේශ්වර පාලනයේ ශේෂ පත්‍රය තමයි ඉතා බරපතල ලෙස පැනනැගුන මේ සියලුම අර්බුද. ආර්ථිකය ගොඩනගන්න මේ පාලකයන් අසමත් වුණා වගේම සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව තුළ ජාතික සමගිය ගොඩනගන්නත් අසමත් වී […]

  • දහස් ගණන් කාන්තාවන්ගේ වඳ කතාව අවසානයේදී විකාරරූපී වීම (1) – පියුමී ෆොන්සේකා Read more >

    දහස් ගණන් කාන්තාවන්ගේ වඳ කතාව අවසානයේදී විකාරරූපී වීම (1) – පියුමී ෆොන්සේකා

    කාන්තාවන් රාශියක් වඳ භාවයට පත්කිරීම පිළිබඳ චෝදනා ලැබ සිටි දොස්තර ෂාෆි රුපියල් 250,000 ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 2.5 ක ශරීර ඇප දෙකක් මත ඊයේ නිදහස් කෙරුණි. මේ වෛද්‍යවරයා විසින් කරන ලද සිසේරියන් සැත්කම්වලින් පසු තමන් වඳ භාවයට පත්වී යැයි කියන අම්මලා 147 දෙනෙකුගේ කතාවක් ඔප්පු කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී තිබුණි. මේ […]

  • ශ්‍රී ලංකාවේ වෛර භාෂන විරෝධී නීති පාවිච්චි ‌වෙන්නේ විශම ‌ලෙසයි – එජා විශේෂඥ Read more >

    ශ්‍රී ලංකාවේ වෛර භාෂන විරෝධී නීති පාවිච්චි ‌වෙන්නේ විශම ‌ලෙසයි – එජා විශේෂඥ

    ශ්‍රී ලංකාවෙහි වෛර භාෂනයට විරුද්ධ නීති ක්‍රියාත්මක වන්නේ විශම ලෙස බවත් ප්‍රචන්ඩ ලෙස වෛර ප්‍රචාරයේ යෙදෙන බහුතර ප්‍රජාවට අයත් සමහරුන්ට විරුද්ධව ඒවා ක්‍රියාත්මක නොවන බවත් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ක්ලෙම්ට් වූලි ශ්‍රී ලංකාවෙහි කළ සිය සංචාරය අවසානයේ දී ප්‍රකාශ කළේ ය. ඔහු එසේ කියා සිටියේ සිය සංචාරව අවසානයේ කරන ලද ප්‍රකාශය මගිනි. එම නිවේදනය පහත […]

  • වෛද්‍ය සාෆි පිළිබඳ නඩුවෙහි 2019-07-25  දින සංක්ෂිප්ත  වාර්තාව Read more >

    වෛද්‍ය සාෆි පිළිබඳ නඩුවෙහි 2019-07-25 දින සංක්ෂිප්ත වාර්තාව

    වෛද්‍ය සෙයිගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොණු කරන ලද නඩුව කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මැතිතුමන් ඉදිරිපිට අද කැදවන ලදී. එහිදී පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී තිසේරා මහතා ඇතුලු නිලධාරීන් සමග නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය. විත්තිය වෙනුවෙන් නීතිඥ ජයප්‍රෙම බී තෙන්නකෝන් මහතා […]

  • එජා විශේෂ නියෝජිත හමුවට අවසර දුන්නේ අගවිනිසුරුමයි – කරු ජයසූරියගේ කණ පැලෙන විදේශ අමාත්‍යාංශ පිළිතුර Read more >

    එජා විශේෂ නියෝජිත හමුවට අවසර දුන්නේ අගවිනිසුරුමයි – කරු ජයසූරියගේ කණ පැලෙන විදේශ අමාත්‍යාංශ පිළිතුර

    ජායාරූපය: ඒජා විශේෂ  වාර්තාකරු ක්ලෙමන්ට් නියලෙට්සෝසි වෝල්. විදේශ කටයුතු අමාත්‍ය, ගරු තිලක් මාරපන මැතිතුමා විසින් පාර්ලිමේන්තුවේදී කරනු ලබන විශේෂ ප්‍රකාශය – 2019.07.25. නිදහසේ එකිනෙකා ඇසුරු කිරීමේ සහ සාමකාමීව එක්රැස්වීමේ අයිතිවාසිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු ක්ලෙමන්ට් නියලෙට්සෝසි වෝල් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට අදාළ ගැටලුව සම්බන්ධයෙන්  පසුගිය අඟහරුවාදා ( ජූලි 23 ) සහ  බදාදා ( ජූලි 24) දින  පාර්ලිමේන්තු […]

  • ජාතියක් වශයෙන් වඳවීම පිළිබඳ පීඩනෝන්මාදයේ යථාර්ථය (1) – චානක ගජනායක Read more >

    ජාතියක් වශයෙන් වඳවීම පිළිබඳ පීඩනෝන්මාදයේ යථාර්ථය (1) – චානක ගජනායක

    අපේ ආදිපුරුෂ විජය සහ ඔහුගේ 700 ක පිරිවර ‘සිංහල’ නොවුණි. ඔවුන් බෙංගාලි ජාතිකයන් ය. විජයගේ මිත්තණිය සහ සිංහයෙකු අතර පැවති පශුමෛථුන්‍යයක ප්‍රතිඵලයක් සේ ඔහුව සැලකීම, යම් ජනප්‍රවාදයක් චමත්කාරයට නැඟූ විචිත්‍ර කල්පනාවකි. සිංහ පියාව ඝාතනය කිරීමෙන් විජයගේ පියා පීතෘඝාතකයෙකු විණැයි ජනප්‍රවාදයේ කියැවේ. මෙය අපේ ආරම්භය ගැන නරක නාමයක් වන නිසා, මා කැමැත්තේ එය හුදු පුරාණෝක්තියක් වශයෙන් […]

  • එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකත්වයේ අවුල: කවුද වඩා හොඳ, සජිත් ද කරූ ද? – රංග ජයසූරිය Read more >

    එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකත්වයේ අවුල: කවුද වඩා හොඳ, සජිත් ද කරූ ද? – රංග ජයසූරිය

    එක්සත් ජාතික පක්ෂය මහ අමාරුවක වැටී සිටී. ජනාධිපතිවරණය සඳහා වන අපේක්ෂකයා පිළිබඳව විකට නාටකයක් රඟ දැක්වෙමින් තිබේ. මේ කාලකණ්ණි තත්වය දිගටම පැවතුණොත්, දැනටමත් පක්ෂය තුළ පවතින වෙනස්කම් වැඩි වර්ධනය වී එක්සත් ජාතික පක්ෂය, ජනාධිපතිවරණය පටන් ගැනීමටත් කලින් ඉන් පරාජයට පත්වන පක්ෂයක් බවට පත්විය හැකිය. එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා පිළිබඳව පවතින මේ දෙකටදෙවාරණය තීව්‍ර කරන එක […]

  • නීතිපති උපදෙස් නොදී ‌ලේඛක ශක්තික තවදුරටත් රිමාන්ඩ් කරවයි!  Read more >

    නීතිපති උපදෙස් නොදී ‌ලේඛක ශක්තික තවදුරටත් රිමාන්ඩ් කරවයි! 

    බෞද්ධාගමට අපහාසයක් වන අන්දමේ කෙටිකතාවක් ලියා පළකලේයැයි කියමින් ලේඛක ශක්තික සත්කුමාරට එරෙහිව පොල්ගහවෙල පොලීසිය විසින් ගොණුකොට ඇති නඩුව අද දිනයේද පොල්ගහවෙල මහේස්ත්‍රාත් නෙළුම් ප්‍රියදර්ශනී මැතිනිය ඉදිරිපිට කැදවන ලදී. පැමිණිල්ල වෙනුවෙන් පොල්ගහවෙල පොලිස් නිලධාරීන්ද, අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ උපුල්සරා ජයසිංහ මහත්මිය සමග නීතිඥ සරත් දසනායක මහතාද, සැකකරු වෙනුවෙන් නීතිඥ සී.ඩබ්.ඩබ්. රත්නායක, නීතිඥ බුද්ධදේව ගුණරත්න යන […]

  • දේශපාලඥයන්ගේ කූටෝපායයන් තිබියදීත් අධිකරණය කෙලින් සිටීම –  ‘ස්පෙක්ටේටර්’ Read more >

    දේශපාලඥයන්ගේ කූටෝපායයන් තිබියදීත් අධිකරණය කෙලින් සිටීම – ‘ස්පෙක්ටේටර්’

    මිනිස් ජීවිත 250 ට වැඩි ප්‍රමාණයක් විනාශ කළ පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී තව සතියකින් තෙමසක් ගතවෙයි. ඒ තිරිසන් ක්‍රියාවේ අපරාධකරුවන් හඳුනාගෙන ඇති මුත් එහි වරද භාරගත යුත්තේ කවුරුන්ද යන්න තවම නොවිසඳී පවතී. ඒ තත්වය තුළ, වරද පැටවීම සඳහා දඩමීමා කරගත හැකි පුද්ගලයන් සෙවීමත් මේ දිනවල ගජරාමෙට කෙරේ. ඒ තතු යටතේ, එම ඛේදවාචකයට අදාළව කොළඹ ප්‍රධාන […]

  • ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩ අන්තවාදය මැඬලීමේ පියවර ගැනීම: හෝඩි පොතක් -ආචාර්ය හරීන්ද විදානගේ Read more >

    ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩ අන්තවාදය මැඬලීමේ පියවර ගැනීම: හෝඩි පොතක් -ආචාර්ය හරීන්ද විදානගේ

    පාස්කු ඉරිදා ප්‍රහාරයට දැන් මාස තුනකට ආසන්නයි. උග්‍ර දේශපාලනික වාදවිවාද, අනාගත මැතිවරණ උණුසුම සහ කුමන්ත්‍රණ න්‍යායයන් තුළ, අනාගත ප්‍රහාරයන් වැළැක්වීම පිළිබඳ ඉදිරි උපායමාර්ග සහ ප්‍රතිපත්ති යටපත්ව ගොසිනි. එයින් සිදුව ඇත්තේ, සමාජයක් අන්තවාදයෙන් ඈත් කොට තබා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය වන එක්තරා සංයෝගයක් තව තවත් බිඳී යාමයි. එනම්, සමාජ සංගතිය හෙවත් ඒකාබද්ධතාවයි. ඒ තත්වය තුළ නීති සම්පාදකයෝ […]

  • ඉස්ලාම් දහම, සාමය සහ ත්‍රස්තවාදය – සුලෝචනා රාජපක්ෂ Read more >

    ඉස්ලාම් දහම, සාමය සහ ත්‍රස්තවාදය – සුලෝචනා රාජපක්ෂ

    ඔබේ රාගී මන කැලඹේ දෝ…. පිවිතුරු හදවත පෑරේදෝ…. එමවිට පවසණු මුවින් ඔබේ…. බුද්ධං සරණං ගච්ඡාමි…. මේ ඔබට මට, මේ වෙසක් පොසොන් සමයේ නොවරදවා ඇසෙන පද පෙළකි. මේ සුමධුර හඬ වෙන කාගේවත් නොව,ඔබ අප කවුරුත් ආදරය කරන මොහිදීන් බෙග් මහතාගේයි. මුස්ලිම් ගායකයෙකු වන එතුමා ඉතා සුමදුර හඬින් ගයන බොදු බැති ගී අප සියල්ලන් තුල පහන් සිතුවිළි […]

  • නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය ද, නැත්නම් දේශපාලනික අවීචිය ද? තේරීම දැන් තවත් පැහැදිලි ය. Read more >

    නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය ද, නැත්නම් දේශපාලනික අවීචිය ද? තේරීම දැන් තවත් පැහැදිලි ය.

    Image courtesy of The Wallpaper. විශ්වමිත්‍ර 1984. “ජාතිකවාදය යනු, ආත්ම-වංචනයෙන් පණ පෙවූ බල පිපාසයයි” – ජෝර්ජ් ඕවල් එක්සත් ජාතික පක්ෂය ගොළු වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදයේ ධජය දරා සිටි පක්ෂයක හඬ අහිමිව ගොසිනි. සිල්ලර දේශපාලනය කෙරෙහි වන වැඩිමනත් නැමියාව විසින් නව යුගයේ දේශපාලනය තුළ එය යල්පීනූ ප්‍රපංචයක් බවට සහ නියමුවෙකු නැති යාන්ත්‍රණයක් බවට එය පත්ව ඇත. නියමුවා සේ […]

  • වෛද්‍ය සාෆිට විරුද්ධව පොලීසිය සහ රෝහල් අධ්‍යක්ෂක ඇටවූ උගුල රහස් පොලීසිය හෙළිකරයි! මහේස්ත්‍රාත් ගැනත් සැක! Read more >

    වෛද්‍ය සාෆිට විරුද්ධව පොලීසිය සහ රෝහල් අධ්‍යක්ෂක ඇටවූ උගුල රහස් පොලීසිය හෙළිකරයි! මහේස්ත්‍රාත් ගැනත් සැක!

    පොලිස් අධිකාරී නියෝගයෙන් ව්‍යාජ සටහන් යොදලා – රිමාන්ඩ් කර ඇත්තේ චෝදනා ඉවත් කළ පසු! රතන හිමිට එරෙහිවත් පරීක්ෂණයක් -රෝහල් අධ්‍යක්ෂ විමර්ශන නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරලා! හෙදියගේ යූරින් නාල කැපී ඇත්තේ විශේෂඥයා අතින් -රෝහල් අධ්‍යක්ෂ යොමු කළ පැමිණිලි 9ක් බොරු! එච්එස්ජී පරීක්ෂණය ගැන උසාවියට බොරු කියලා  කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය  සේගු ශිහබ්දීන් මොහොමඩ් සාෆි […]

  • ගමේ දේශපාලනය සහ රටේ අනාගතය – සුනන්ද දේශප්‍රිය Read more >

    ගමේ දේශපාලනය සහ රටේ අනාගතය – සුනන්ද දේශප්‍රිය

    ඇට්ලස් සමාගම නිශ්පාදනය කරන ‘ඇට්ල්ස් චූටි’ නම් පැනකින් සිය සටහන් ලියමින් සිටි දරුවකුගෙන් එම පෑන උදුරා දෙකට කඩා විසිකරමින් මුස්ලිම් බඩු පාසලට නොගෙන ආ යුතු බවට තර්ජනය කළ ගුරුවරයකු ගැන පසුගිය සතියේ දී වාර්තා විය. එම සිදුවීම හෙළා දකිමින් මෙවැනි ක්‍රියා මගින් අපේ දරුවන්ගේ සිත් දූෂ්‍ය කරන්නට ඉඩ නොදිය යුතු බවට ප්‍රකාශයක් කරන ලද්දේ අමාත්‍ය […]

  • මුස්ලිම් විරෝධය නතර නොකළහොත් සංචාරක ව්‍යාපාරයට හානිදායකයි – සංචාරක හෝටල් සංගමය Read more >

    මුස්ලිම් විරෝධය නතර නොකළහොත් සංචාරක ව්‍යාපාරයට හානිදායකයි – සංචාරක හෝටල් සංගමය

    මෙරට පැතිරෙමින් පවත්නා මුස්ලිම් විරෝධී ක්‍රියා සහ වෛරය උසිගැන්වීම් නතර නොකළහොත් එය මෙරට සංචාරක ව්‍යාපාරයට අහිතකර ලෙස බලපානු ඇති බව ශ්‍රී ලංකාවේ සංචාරක හෝටල් සංගමය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසයි. එමගින් ශ්‍රී ලංකාව මිත්‍රශීලී සහ අනෙකා ඉවසනසුළු රටක් ලෙස පවතින පිළිගැනීම පළදුවනු ඇති බවද එය පවසයි. පසුගිය 04 දා  ප්‍රකාශයට පත් කළ  ප්‍රකාශය මගින්  වර්ධනය වන […]

  • බෞද්ධ අනන්‍යතාව ආරක්ෂා කර ගැනීම: මූලික ධර්මය වෙතට නැවතත් (1)-  නිරන්ජන් සෙල්වදුරෙයි Read more >

    බෞද්ධ අනන්‍යතාව ආරක්ෂා කර ගැනීම: මූලික ධර්මය වෙතට නැවතත් (1)- නිරන්ජන් සෙල්වදුරෙයි

    භාග්‍යවත් වූ බුදුන් රජාණන් වහන්සේ ආනන්ද තෙරුන් අමතා මෙසේ දේශනා කළහ: “ආනන්දය, ඔබ අතරින් ඇතැමෙකුට මෙසේ සිතෙන්නට පිළිවන: “භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ඉවරයි. අපට තවදුරටත් ගුරුදේවයෙකු නොමැත.” එසේ නොසිතන්න, ආනන්ද. මා දේශනා කොට ඇති ධර්මය සහ විනය, මා නැති කලෙක, ඔබේ ගුරුදේවයන් වන්නේය.” මේ විවරණය සඳහා යම් පාදක නියාමයක් අපි සකසා ගමු. පරිනිර්වාණයට කලින් බුදුන් වහන්සේම […]

  • ඉඩොසියා තෝමස් පුලිදෝ නොහොත් ලෝලා: ‘මගේ පවුලේ වහලිය’ Read more >

    ඉඩොසියා තෝමස් පුලිදෝ නොහොත් ලෝලා: ‘මගේ පවුලේ වහලිය’

    ඇලෙක්ස් ටීසොන් Alex Tizon විසිනි. පරිවර්ථනය සුනන්ද දේශප්‍රිය. (නව යොවුන් වියේ සිට මහළු විය තෙක්ම ගෘහස්ත මෙහෙකාර සේවය පිනිස වහලියක් සේ තබා ගන්නා ලද පිලිපින ජාතික ස්ත්‍රියක සහ ඇගේ ජිවිතය පිළිබද මෙම සත්‍ය රචනාවෙහි කතෘ ඇමෙරිකානු – පිලිපීන ජාතික ඇලෙක්ස් ටීසොන් ය. පුලිට්සර් ත්‍යාගලාභී මාධ්‍යවේදියකු වූ ඔහු Big Little Man: In Search of My Asian […]

  • දේශපාලන සහ සිවිල් සමාජයට කන් දී මරණ දඩුවම ඉවත් කරනු! – ලක්බිමේ මව්වරු සහ දියණියෝ Read more >

    දේශපාලන සහ සිවිල් සමාජයට කන් දී මරණ දඩුවම ඉවත් කරනු! – ලක්බිමේ මව්වරු සහ දියණියෝ

    ජනාධිපති සිරිසේන විසින් මරණ දඩුවම යළි පැනවීම ට ගෙන ඇති තීරණය ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානය හෙලා දකියි. නීති පොතෙහි තිබුණද 1976 වසරේ සිට, එනම් දීර්ඝතම කාලයක් මරණ දඩුවම ක්‍රියාත්මක නොකරන ලද රටක් ලෙස ශ්‍රී ලංකාව නමක් දිනාගෙන සිටියේ ය. දැන් මරණ දඩුවම යළි ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් ගෙන ඇති තීරණය පිළිබදව මානව හිමිකම් ක්‍රියාධරයන් […]

  • ග්‍රාමාරක්ෂකයින් ‌‌මෙහකාර ‌සේවයේ ‌‌යොදවා ගත්  නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි වසර 3ක් ඳඟගෙට Read more >

    ග්‍රාමාරක්ෂකයින් ‌‌මෙහකාර ‌සේවයේ ‌‌යොදවා ගත් නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි වසර 3ක් ඳඟගෙට

    2007 වසරේ දී සිය පෞද්ගලික නිවසේ සේවය සඳහා ග්‍රාම ආරක්ෂක නිලධාරීන් යොදවාගෙන ඇති බවට වන චෝදනා සනාථවීමෙන්, හිටපු නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතාට වසර 3ක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂ 3ක දඩයක් නියම කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(02) නියෝග කළාය. මාතලේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මිනුවන්ගොඩ ප්‍රදේශයේ […]

  • සත්‍යය වන්නේ, ඊළඟ ජනාධිපතිවරණයෙන්, උත්තරවලට වඩා තව තවත් ප්‍රශ්න බෝ කරන බවයි Read more >

    සත්‍යය වන්නේ, ඊළඟ ජනාධිපතිවරණයෙන්, උත්තරවලට වඩා තව තවත් ප්‍රශ්න බෝ කරන බවයි

    කාටූනය: RCPradeep @RcSullan. 18 වැනි සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධන ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතුව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා තිබේ. ඔහු සිතන පරිදි ඒවායින් ශ්‍රී ලංකාවට අවැඩක් මිස වැඩක් සිදුව නැත. දැන් තවත් ජනාධිපතිවරණයක් පැමිණීමට නියමිතව ඇති තත්වයක් තුළ සහ ඒ සඳහා ඔහු ද අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීමට නියමිතව ඇතැයි කියන තත්වයක් තුළ, […]

  • පියාට කළ හිංසාව වෙනුවෙන් ‌ අහිම්සාගේ සාධාරණ ගවේෂණ‌යේ කතාව – මනෝජ් කොළඹගේ Read more >

    පියාට කළ හිංසාව වෙනුවෙන් ‌ අහිම්සාගේ සාධාරණ ගවේෂණ‌යේ කතාව – මනෝජ් කොළඹගේ

    දිනය 2019 අප්‍රේල් 7, කැලිෆෝනියාවේ සාමකාමී අර්ධ නාගරික පෙදෙසක් වන මොන්ට්‍රෝස්හි පිහිටි සුපිරි වෙළෙඳසලක රථගාලක තමන් ගමන්ගත් වාහනය නවත්වා එයින් බිමට බැස්සේ මේ රටේ වැඩියෙන්ම කතාබහට ලක් වූ ආරක්ෂක ලේකම්වරයකු වූ ගෝඨාභය රාජපක්ෂයි. සුවිශේෂ අරමුණක් ඇතිව සමීපතමයන් සුළු පිරිසක් පමණක් දැනගෙන සිටි ස්ථානයක සිටි ඔහුගේ ගමන ගැන තවත් පිරිසක් සුපරීක්ෂාවෙන් සිටින බව ඔහු හෝ ඔහුගේ […]

  • මරණ දඩුවම ක්‍රියාවට නැගීම සිරිසේනගේ දේශපාලන සෙල්ලමකි. Read more >

    මරණ දඩුවම ක්‍රියාවට නැගීම සිරිසේනගේ දේශපාලන සෙල්ලමකි.

    කාටූනය: Sajith Bandara @tmdsbekanayaka . ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නැවත වරක් සැරසෙන බව වාර්තා වේ. මෙය, ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලනික සහ අධිකරණමය අංශ කෙරෙහි බරපතල ප්‍රශ්න මතු කළ හැකි ප්‍රතිපත්තියක් ක්‍රියාවේ යෙදැවීම පිළිබඳ ගැටළු නැවත ඇති කරවන කාරණයකි. මරණ දඬුවමට එරෙහිව ගෙනෙන ඉතා බරපතල එක් ප්‍රධාන චෝදනාවක් තිබේ. එනම්, මරණ දඬුවමට […]

  • විවේචකයින්ට තඩි බැම නවත්වා අස්ගිරි පංසල ඉදිරිපිටට ගොස් බුදුන්ව උපුටා දක්වන්න – සම්පත් සමරකෝන්  Read more >

    විවේචකයින්ට තඩි බැම නවත්වා අස්ගිරි පංසල ඉදිරිපිටට ගොස් බුදුන්ව උපුටා දක්වන්න – සම්පත් සමරකෝන් 

    ඡායාරූපය: බෞද්ධ සාහිත්‍යට අනුව තමා හමුවට රා පොවා එවූ නාලාගිරි දමනය කළා සහ දේවදත්ත සාසනයට ඇතුල් කර ගත්තා මිස ඝාතනයට බුදුන් අනුබල නොදුනේ ය. ‘සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා, සියලු සත්ත්වයෝ දුකින් මිදෙත්වා’ යන බුදුන් වහන්ගේ ධර්මය උදේ හවස අස්ගිරි විහාරයේ සෑම දිනකම අසන්නට සැලැස්වීම සිරිතකි. ඇසුවත්, නැතත් එසේ සිදුකිරීම තවත් සිරිතකි. […]

Back to Top