Sri Lanka Brief
නිදහස් සහ සාධාරණ මැතිවරණ

නිදහස් සහ සාධාරණ මැතිවරණ

  • මහින්ද සල්ගාදුවෙන් යළි සල්ගාදුවට – නිලන්ත ඉලංගමුව

    මහින්ද රාජපක්‍ෂ මහතා අද ( ජූලී 17) තමන්ගේ පරාජය හෙවත් කුජීත වීම සඳහා වූ මුල් ගල යළිත් අලුත් කරනු ලැබීය. පරාජයෙන් පසු අඩුම තරමින් වසර පහක් හෝ නිවසට වී කාලය ගත කරමින් තමන්ට සිදු වූ දේ ගැන අධ්‍යනය නොකර අසමතුන්ගේ උසී ගැන්වීම් අනුව යමින් තම දේශපාලනය හාස්‍යජනක ලෙස උපහාසයට ලක් කරගත් නායකයින් අතර මුල් තැන […]

  • ජනාධිපති සිරිසේන, ඔබට ස්තුතියි, ඒත්…… –  සුනන්ද දේශප්‍රිය Read more >

    ජනාධිපති සිරිසේන, ඔබට ස්තුතියි, ඒත්…… – සුනන්ද දේශප්‍රිය

    පසුගිය 14වනදා ජනමාධ්‍ය හමුවෙහි ප්‍රකාශයක් කරමින් රාජපක්ෂ සහ සනුහරට එලඹෙන මැතිවරණය සඳහා නාම යෝජනා ලබා දීම සම්බන්ධයෙන් ඔබේ ස්ථාවරය පැහැදිළි කිරීම ගැන ස්තුති වන්ත වෙමි. රාජපක්ෂ මෙරට අගමැතිවීමට නුසුදුසු බවට ඔබ කළ දිරිමත් ප්‍රකාශය නිසැකයෙන්ම අද දවසට අවශ්‍ය තීරණාත්මක දේශපාලන නිගමනය වේ. ජනාධිපති වන ඔබ රාජපක්ෂ දූෂණ සහ භිෂණය සමඟ මුහුන් නොවන බව රටට පැවැසීම […]

  • ජනපතිගේ සම්පූර්ණ ප්‍රකාශය : රාජපක්ෂ සමඟ කිසිදු ගනුදෙනුවක් නැහැ! Read more >

    ජනපතිගේ සම්පූර්ණ ප්‍රකාශය : රාජපක්ෂ සමඟ කිසිදු ගනුදෙනුවක් නැහැ!

    කොළඹ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (14) පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිතුමා මාධ්‍යවේදීන් හමුවේ පැවැත්වූ සම්පුර්ණ කතාව පහත දැක්වේ. වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. පසුගිය ජනවාරී මස 8 වැනිදා මේ රටේ ජනතාවගේ ජනාධිපතිවරයා වශයෙන් පත්වීමට විශේෂයෙන් ජනතාවට ඉදිරිපත් කරන ලද මැතිවරණ ප්‍රකාශයේ කරුණු පිළිබඳ අපි අවධානය යොමු කළ යුතුයි යන […]

  • ජනපති මෛත්‍රී දේශපාලන හුදෙකලාවකද?

    සරෝජ් පතිරණ බීබීසී සිංහල සේවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක් ධුර කාලයක් හමාරයේ විශ්‍රාම ගන්නා පළමු විධායක ජනාධිපතිවරයා බවට පත්වීමට නියමිතයි එළැඹෙන මහ මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය නොදෙන බවත්, මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ස්වාධීනව කටයුතු කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අඟහරුවාදා කළ විශේෂ ප්‍රකාශය පිළිබඳව විවිධ ප්‍රතිචාර පළවෙමින් පවතී. හිටපු ජනපතිවරයාට නාම යෝජනා ලබාදීම මගින් […]

  • මෛත්‍රී මඟ හැරියේ මොනවාද? – නිලන්ත ඉලංගමුව

    ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ ( ජුලි 14) හදිස්යේ කැඳ වූ ජනමාධ්‍ය හමුවේදී තමන්ට එරෙහිව එල්ල වන චෝදනා වලට යම්කිසි පැහැදිලි කිරීමක් ලබා දෙනු ලැබීය. ප්‍රමාද වී හෝ එවැනි පැහැදිලි කිරීමක් හදිසියේ ලබා දීම ඉතිහාසය වෙනුවෙන් වැදගත් විය හැකිය. එහෙත් ඔහුගේ ප්‍රමාදය තුළ තම පරිපාලනයේ ප්‍රතිරූපයට සිදු වූ බොහෝ හානිදායක දෑ තිබේ. එවැනි දෑ එකිනෙක […]

  • මම මහින්දට විරුද්ධයි, මහින්ද යළිත් පරදිනවා – ජනපති Read more >

    මම මහින්දට විරුද්ධයි, මහින්ද යළිත් පරදිනවා – ජනපති

    “මම මහින්ද රාජපක්ෂට විරුද්ධයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කළ හොත් අගමැතිවරයා හැටියට පත් කරන්නට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනෙක් ඉන්නවා” ජනවාරි අට වැනි දින ජනපතිවරණයෙන් පරාජය වූ මහින්ද රාජපක්ෂ මහ මැතිවරණයේදී යළිත් පරාජයට පත් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. ඒ බව ප්‍රකාශ කිරීමට නක්ෂත්‍ර බැලීමට අවශ්‍ය නොවන බව පැවසූ ජනාධිපතිවරයා ඉතිහාසය දෙස බැලීමෙන් එය […]

  • හිටපු ජනපතිවරයා මුහුණ දෙන අභියෝග පහක්

    අසාම් අමීන් බීබීසී, කොළඹ එළඹෙන මහ මැතිවරණය යලිත් පසුගිය ජනවාරි 08 වෙනිදා නිමාවූ ජනාධිපතිවරණය තරම් උණුසුම් හා විවාද සම්පන්න මුහුණුවරක් ගනිමින් ඇතැයි අපට නිශ්චිතව සඳහන් කල හැකිය. එයට හේතුව මෙරට දේශපාලන කරළියේ විවාද සම්පන්න චරිතයක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නැවත දේශපාලන ආගමනයයි. විජයදාස රාජපක්ෂ හිටපු අධිකරණ අමාත්‍යවරයා ඉකුත්දා මාධ්‍ය හමුවකදී සඳහන් කලේ, හිටපු ජනාධිපතිවරයෙකු […]

  • නාම යෝජනා පූර්ව සමය – ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තාව; වැඩිම ප්‍රචණ්ඩ ක්‍රියා  එජනිසයෙන් Read more >

    නාම යෝජනා පූර්ව සමය – ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තාව; වැඩිම ප්‍රචණ්ඩ ක්‍රියා එජනිසයෙන්

    ( මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා මෙරට සුලභ ය; පුස්තකාල ජායාරූපයකි) (කැෆේ වාර්තා අංක 11) පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව කැෆේ සංවිධානය වෙත මේ දක්වා මැතිරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබද පැමිණිලි 17ක් ලැබී තිබේ. මැතිවණය ප්‍රකාශය පත්වීමෙන් පසුව නායෝජනා බාර ගැනීමේ අවසන් දිනය දක්වා කාලය සැලකීමේදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවන් සම්බන්ධයෙන් සාම්ප්‍රදායික ව්‍යවහාර රටාව මුළුමනින්ම වෙනස්වී ඇති බව […]

  • ජායාරූප වාර්තාව: කලු විරෝධය – ‘මහින්දලා නැවත එපා, ජනතා ජය පාවා නොදෙනු‘ Read more >

    ජායාරූප වාර්තාව: කලු විරෝධය – ‘මහින්දලා නැවත එපා, ජනතා ජය පාවා නොදෙනු‘

    ‘මහින්දලා නැවත එපා, ජනතා ජය පාවා නොදෙනු‘ යන තේමාව යටතේ 10 ok සවස 2ට, කොළඹ කොටුවේ, දුම්රියපොළ අසල දී පැවැත්වු විරෝධතාවයේ සහ රැස්වීමෙහි ජායාරූපමය වාර්තාවක් පහත පළවේ. ම විරෝධතාවය සදහා ලංකාවේ බෙහෝ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් සිවිල් ක්‍රියාකාරීන් 1000කට ආසන්න සංඛ්‍යාවක් සහභාගීවීමට වූ අතර, ඒ අතරට කලාකරැවන්, සාහිත්‍යෙව්දීන්, සිවිල් සංවිධානවල නායකයින්,පූජ්‍ය පක්ෂය, වෘත්තීය සමිති නායකයින් පිරිසක්ද සිටියහ. […]

  • මෛත්‍රීපාල සිරිසේන‍: කැතයි! තුච්චයි!! නින්දිතයි!!!  – සුනන්ද දේශප්‍රිය Read more >

    මෛත්‍රීපාල සිරිසේන‍: කැතයි! තුච්චයි!! නින්දිතයි!!! – සුනන්ද දේශප්‍රිය

    මෑත කාලීන ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවන්තතම කැතම කැත දේශපාලන පාවාදීම දැන් සිදුවී හමාරය. මහින්ද රාජපක්ෂ පාලනයේ භීෂණය සහ දූෂණය නැති කිරීමට මෙරට මහා ජනතාවගෙන් ජනවරමක් ලබා ගත් සිරිසේන දැන් එම ජනවරම සහමුලින්ම පාවා දී  තමා විසින්ම මෑත කාලීන ශ්‍රී ලංකාවේ භයානකම පාලකයා ලෙස හදුන්වන ලද රාජපක්ෂ සමඟ දැන් සිරිසේන යහන් ගත වී හමාරය. වඩාම තුච්ච සහගත […]

  • රාජපක්‍ෂ විසින් මෛත්‍රී මෙල්ල කිරීම – නිලන්ත ඉලංගමුව Read more >

    රාජපක්‍ෂ විසින් මෛත්‍රී මෙල්ල කිරීම – නිලන්ත ඉලංගමුව

    පසුගිය ජනවාරි 08 වැනිදා ශ්‍රී ලංකාවේ සිදු වූ මුලික දේශපාලන වෙනස්කම දෙස අවඥාවෙන් සහ උපේක්ෂාවෙන් බලන රැඩිකල් විචාරකයාට එක් මුලික කතාවක් මිමිනිය හැකිය. එනම්, මහින්ද යළිත් ප්‍රධාන ප්‍රතිකරුවා බවට පත්වී ඇත. මෛත්‍රී සිදු කිරීමට පොරොන්දු වූ යහපාලනය සඳහා මහින්ද චින්තනය  මුලික දර්ශනය ලෙස යොදා ගනිමින් සිටින්නේය. මෛත්‍රීගේ නායකත්වය දෙස බලා, “ අනේ මෙහෙමත් නිහතමානී නායකයෙක්….” […]

  • හම්බන්තොට දේපල අලාභ කිරීම් මාලාවක් Read more >

    හම්බන්තොට දේපල අලාභ කිරීම් මාලාවක්

    පැය 12 ක් තුල සිද්ධි තහවුරු කළ සිද්ධි 6 ක්. ආරක්ෂාව තහවුරු කරන්න. කැෆේ ඉල්ලයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාන ගණනාවක කොඩිවැල් සහ කටවුට් විනාශ කිරීමේ සිදුවීම් 6 ක් පසුගිය පැය 12 ක කාලය තුල වාර්තා වී ඇත.  හිටපු ජනපති මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ නාම යෝජනා ලබා දෙන බව සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ප්‍රකාශයට […]

  • රාජපක්ෂලාගේ කාලේ නීතියේ ආධිපත්‍ය රැකුණාලු! Read more >

    රාජපක්ෂලාගේ කාලේ නීතියේ ආධිපත්‍ය රැකුණාලු!

    (රාාජපක්ෂ නීතිය රැක්ක හැටි: ප්‍රගීත් අතුරුදහන් කළ සිය ගණනාවෙන් එක් අයෙකි) තමන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන බවත් තම පාලන සමයේ නීතියේ ආධිපත්‍ය රැකුණු බවත් පළිගැනීම් කිසිවක් සිදු නොකළ බවත් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක නොවූ බවත් මහින්ද රාජපක්ෂ මහතා අද (01) සිය නිවසේ සිදු කළ විශේෂ ප්‍රකාශය අවස්ථාවේදී පවසා තිබේ. උපුටාගැනීම “අපේ කාලයේදී නීතියේ […]

  • ඇස්බැන්දුම් මවා පෑම් සහ යතාර්ථය – රංජිත් හේනායකආරච්චි

    ජනවාරි 08 වැනි දින ජනතා ජයග්‍රහණයෙන් පසු ඇතිවූ කම්පනය, තැතිගැන්ම නිසාම ඇතිවූ බිය ඉදිරියේ මද කලකට පසුබා සිටි මහින්ද කල්ලිය නැවත හිස එසවීම ඇරඹුවේ හෙමිහිට තමන් සැගව සිටි හුඹස්වලින් එලියට එන සර්පයන් මෙනි. ඒ අලුතින් පත්වූ ආණ්ඩුවත් තමන් මෙන්ම පිස්සන් කඩු ගත් ආකාරයෙන් ක්‍රියාත්මක වනු ඇත යන ඔවුන් තුල වූ බිය කෙමෙන් පහව යන්නට පටන් […]

  • රාජපක්ෂ උතුමාණෙනි…. මේ…කෝයි යාන්නේ ! – නිලන්ත ඉලංගමුව Read more >

    රාජපක්ෂ උතුමාණෙනි…. මේ…කෝයි යාන්නේ ! – නිලන්ත ඉලංගමුව

    මේ දක්වා ලංකා ඉතිහාසයේ බිහි වූ වඩාත් සංකීරණ සහ ව්‍යාකූල පරාජිතයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. ඔහුගේ කෙන්ද්‍රයට අනුව යමින් රටේ බොහොමයක් දෑ මෙන්ම තම බලය සමගද සෙල්ලම දැමූ හෙතමෝ, තවමත් සක්‍රීය පරාජිතයෙකි. ඔහු ඔහුට අනුව නිවැරදිය. ඔහුගේ සගයින්ට අනුවද ඔහු ඉතා නිවැරදිය. සිදුවූයේ ‘කුමන්ත්‍රණයක්’ බැවින් වීරයා ගෙදරට ගාල් වී සිටිය යුතු නැත. ඔහු සමග […]

  • රාජපක්ෂ පෝෂණය කළ ගෝත්‍රික  දේශපාලනය අවසන් කිරීමේ අවසන් මෙහෙයුම ඇරඹේ!   –  නිලන්ත ඉලංගමුව Read more >

    රාජපක්ෂ පෝෂණය කළ ගෝත්‍රික දේශපාලනය අවසන් කිරීමේ අවසන් මෙහෙයුම ඇරඹේ! – නිලන්ත ඉලංගමුව

    තවත් සුළු මොහොතකින් ඇතැම් විට මෙය ප්‍රසිද්ධ වන හෝරාව එළඹීමටත් පෙර ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ජාතික (මහ) මැතිවරණයක් ප්‍රකාශ කිරීම සඳහා වන ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගයකට අනුව ප්‍රකාශයකට පත් වනු ඇත. මෙය අතිශය තීරණාත්මක තීන්දුවක් බව අමුතුවෙන් කිව යුතු නැත. නොයෙකුත් අවලාද සහ නින්දා මධ්‍යයේ තම පක්ෂය අවස්ථාවාදී ගෝත්‍රික දේශපාලනයෙන් ගොඩ ගැනීම […]

  • ‘ජනවාරි විප්ලවය’ මෙතැනින් කොතැනට ද? – සුනන්ද දේශප්‍රිය

    විප්ලවය සැම විටම එහි දරුවන් ගිල දමන්නේ යැයි කියමනක් තිබේ. සෑම විට ම සත්‍ය නොවූවද එම කියමන සමාජ පෙරළියක කොටස්කරුවන් වන ප්‍රතිවිරෝධී බලවේග අතර නායකත්වය සඳහා ඇතිවන මාරක අරගලය සංකේතවත් කරයි. විප්ලවයේ ජයග්‍රහණයේ පදනම වන පුළුල්තම බලවේගයන්හි එකමුතුව, අවසානයේ දී නිවැරදි කළමණාකරණයක් නැතිව ගියහොත් විප්ලවයේ මාරකය බවට පත්වීමට ඉඩ තිබේ. දැන් පහළ වෙමින් ඇත්තේ එවැනි […]

  • 20 ප්‍රජාතන්ත්‍රවාදය හැකිළීමේ උත්සාහයක්! – අනුර කුමාර Read more >

    20 ප්‍රජාතන්ත්‍රවාදය හැකිළීමේ උත්සාහයක්! – අනුර කුමාර

    මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් ගෙන ඒමට සූදානම් වන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බහු පක්ෂ ක්‍රමය අහෝසි කරන, ප්‍රජාතන්ත්‍රවාදය හකුළන, රටේ ඉදිරි ගමනට බාධා කරන සංශෝධනයක් වන්නේ නම් එය පරාජය කිරීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වය ගෙන කටයුතු කරන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (21) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණ, […]

  • ඡන්දදායකයා නැති මැතිවරණ ක්‍රම ප්‍රතිසංස්කරණ කාටද? – ශිෂ්ඨ ලංකා2015 Read more >

    ඡන්දදායකයා නැති මැතිවරණ ක්‍රම ප්‍රතිසංස්කරණ කාටද? – ශිෂ්ඨ ලංකා2015

    පවතින මැතිවරණ ක්‍රමය යහපත් අයුරින් වෙනස් කර ගැනීමේ දේශපාලන අවශ්‍යතාව මේ සමාජයට කලෙක සිට තිබුණකි. එය වෙනස් කිරීමේ මූලික අවශ්‍යතාව තිබූයේ වඩා පිරිසිදු හා ශක්තිමත් ජනතා නියෝජනයක් සහිත දියුණු පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමටය. ඒ සඳහා සමස්ථ මැතිවරණ කි‍්‍රයාවලිය දූෂණයෙන් තොර මැතිවරණ කි‍්‍රයාවලියක් විය යුතු අතර, තරග වදින දේශපාලන පක්ෂද පිරිසිදු මුදල් ගනුදෙනු සහිත ජනතාවට වග කියන්නාවූ […]

  • රාජපක්ෂ කෙබර එපා! කියන කතා සනාථ කරනු !! – එජාපය Read more >

    රාජපක්ෂ කෙබර එපා! කියන කතා සනාථ කරනු !! – එජාපය

    පසුගිය ජනවාරි 08 වන දා දේශයේ ප්‍රගතිශීලී ජනතාව සිදු කළ දැවැන්ත විප්ලවය නිසා ජනාධිපති පුටුවෙන් බිමට ඇද වැටුණු මහින්ද රාජපක්‍ෂ මහතා, දැන් නැවත නැවත අසත්‍යය හා මිත්‍යාව වපුරවමින් මේ රටේ ජාතීන් අතර වෛරය හා සැකය පැතිරවීමට උත්සාහ දැරීම කණගාටුවට කරුණකි. එරෙහිව නැගෙන චෝදනා කිසිවකට පිළිතුරු දීමට නොහැකි නිසා පරාජිත ජනාධිපති රාජපක්‍ෂ මහතා කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල […]

  • නව මැතිවරණ ක්‍රම කෙටුම්පත පුනි අග පාර්ලිමේන්තුවට Read more >

    නව මැතිවරණ ක්‍රම කෙටුම්පත පුනි අග පාර්ලිමේන්තුවට

    20 ගැන සුළුතර පක්ෂ මැසිවිලිවලට කාරක සභා අවස්ථාවේදී විසඳුම්! * තුනෙන් දෙකක බහුතරය දීමට ප්‍රධාන පක්ෂ එකඟයි * කෙටුම්පත සම්මත කිරීම ජුනි 23 වැනිදායින් පසුව නව මැතිවරණ ක්‍රමයට අදාළ 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සුළු පක්ෂ මතු කර ඇති සියලු ගැටලුවලට අවසාන විසඳුම් ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කාරක සභා අවස්ථාවේදී ලබාදෙනු ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් […]

  • මම මහින්ද නම් විශ‍්‍රාම ගන්නවා – ඩිව් ගුණසේකර (ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය)

    දැන් දින සීයේ කාලය අවසානයි. දින සියය ගැන මොකද හිතන්නේ? මම මීට පෙරත් කිව්වා ප‍්‍රතිපත්තිමය වශයෙන් අපට එකඟ විය හැකි ගොඩාක් දේවල් දින සියය වැඩසටහන තුළ තිබුණා. අපේක්ෂා කළ ආකාරයට නැතත් ජනාධිපතිවරයාගේ බලය අඩු කිරීම ඓතිහාසික කාරණයක්. සියලූ පාර්ශ්වයන් සතුටු වන ආකාරයට සිදු නොවුණත්, අවසාන මොහොත දක්වා සංශෝධන ආවත් 1978 ඉඳන් බලාපොරොත්තු වෙච්ච ප‍්‍රතිසංස්කරණ සිදුකිරීම […]

  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය : පරාජය වූ කලී ජයග්‍රහණයකි – නිලන්ත ඉලංගමුව Read more >

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය : පරාජය වූ කලී ජයග්‍රහණයකි – නිලන්ත ඉලංගමුව

    මහින්ද රාජපක්ෂගේ උපායන් හමුවේ දෙකොනක සිර වී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එහි ඇති වී ඇති අර්බුධය ගැන බොහෝ විචාරකයින් බොහෝ අදහස් මේ වන විටත් පලකොට ඇත. ඒ සියල්ලකම පාහේ අදාළ පක්ෂයේ ශක්තිමත් භාවය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා අත්‍යවශය බව පෙන්වා දී ඇත. ඇතැමෙක් රාජපක්ෂ, මෛත්‍රීට අගමැතිකම නොදී කරගත් දේ හා සමාන භයානක තත්වයක් […]

  • 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන්න. – කැෆේ Read more >

    20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන්න. – කැෆේ

    මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සදහා ඉදිරිපත් කොට ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙවර කැබිනට් මණ්ඩලයේ දී අවසන් සංශෝධනයන්ට යටත් කොට හැකි ඉක්මනින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස කැෆේ සංවිධානය ඉල්ලා සිටී. මනාප ක්‍රමය මගින් අන්ත දූෂිත තත්වයකට පත් කොට ඇති මෙරට දේශපාලන සංස්කෘතියේ වෙනසක් තහවුරු කෙරෙන මැතිවරණ ක්‍රමයේ සංශෝධන පරාජය කිරීම සදහා පාර්ලිමේන්තුවේ […]

  • සමහරුන්ට රනිල් විරෝධය කියලා ලෙඩක් හැදිලා තියෙනවා – ගාමිණී වියන්ගොඩ

    ශපාලන කරුණු කාරණා පිළිබඳ නිරතුරුවම අවදියෙන් සිටින සජීව දේශපාලන ක්‍රියාකාරිකයකු වන ගාමිණි වියන්ගොඩ මහතා සමඟ පැවැත්වූ මේ කතාබහේදී කාලීන දේශපාලනයට අදාළ වැදගත් මාතෘකා කිහිපයක්ම සංවාදයට බඳුන් විය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව පුළුල් සමාජ කතිකාවක් මේ වන විට නිර්මාණය වී තියෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව පිරිසක් කියත්දි තව කණ්ඩායමක් එසේ කිරිම අවශ්‍ය නොමැති බව කියනවා. […]

  • පාර්ලිමේන්තුවෙහි කාන්තා නියෝජනය ඉහළ නැංවීම සදහා යෝජනා හතරක් Read more >

    පාර්ලිමේන්තුවෙහි කාන්තා නියෝජනය ඉහළ නැංවීම සදහා යෝජනා හතරක්

      මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සදහා ඉදිරිපත්වී ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පතට කාන්තා නියෝජනය ඉහළ නැංවීම සදහා යෝජනා 3 ක් ඉදිරිපත් වී ඇත.  ව්‍යවස්ථා කෙටුම්පත් කමිටු සාමාජිකයින් කාන්තා සංවිධාන නියෝජිතයින්, සිවිල් සංවිධාන, බලපෑම් කණ්ඩායම් හා දේශපාලන සංවිධාන සමග සිදුකළ සාකච්ඡා ගණනාවකින් පසුව මෙම මූලික යෝජනා ඉදිරිපත් කොට ඇත.   පාර්ලිමේන්තුව නියෝජිත භාවය අනුව […]

  • මාදුළුවාවේ සෝභිත හිමි සංකීර්ණ පසුබිමක මතුවූ සැබෑ බෞද්ධ හඬ – ආචාර්ය ලියනගේ අමරකීර්ති Read more >

    මාදුළුවාවේ සෝභිත හිමි සංකීර්ණ පසුබිමක මතුවූ සැබෑ බෞද්ධ හඬ – ආචාර්ය ලියනගේ අමරකීර්ති

    ලංකාවේ සිංහල බෞද්ධයන්ගෙන් අති බහුරය තමන් ගැනත්, තමන්ගේ රට ගැනත් නිවී සැනසිල්ලේ කල්පනා කරන්නට සහ තමන් ගැන ස්වයංවිචාරයේ යෙදෙන්නට අවස්ථාවක් සොයමින් සිටියේය. එසේම ජනතාවගෙන් බොහෝ දෙනෙක් එම ස්වයං විචාර කාර්යයේ යෙදෙන්නට අවස්ථාවක් පමණක් නොව නායකත්වයක්ද සොයමින් සිටියහ. 2009 යුද්ධයේ අවසානයෙන් පසුව ජනතාව සැනසුම් සුසුමක් හෙලූ බව ඇත්තය. ඒ සැනසුම් සුසුමේ අර්ථය යනු ”අපි දෙමළා පැරද […]

  • ශ්‍රීලංනිප තුන් කොන් සටන සහ යහ පාලන අනාගතය – සුනන්ද දේශප්‍රිය Read more >

    ශ්‍රීලංනිප තුන් කොන් සටන සහ යහ පාලන අනාගතය – සුනන්ද දේශප්‍රිය

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දේශපාලන වශයෙන් සහාය දක්වන කණ්ඩායම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය දක්වන කණ්ඩායම සහ පක්ෂයේ නාමයෙන් ජනාධිපති සිරිසේනට කකුල් මාට්ටු දමන කණ්ඩායම වශයෙන් ශ්‍රීලංනිපය දැන් පැහැදිළිව කොටස් තුනකට කැඩී තිබේ. මෙම කණ්ඩායම් තුන අතරින් තෙවැනිව කී කණ්ඩායම එනම් නිමල් සිරිපාල, සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා යනාදීන් ජනාධිපති සිරිසේන […]

  • ඉදිරි මහ මැතිවරණයේදී එක පක්ෂයකටවත් බහුතරය ගන්න බෑ –  මහාචාර්ය ජයදේව උයන්ගොඩ Read more >

    ඉදිරි මහ මැතිවරණයේදී එක පක්ෂයකටවත් බහුතරය ගන්න බෑ – මහාචාර්ය ජයදේව උයන්ගොඩ

    (ජනපති සිරිසේනටයි හිටපු ජනපති රාජපක්ෂටයි එක ගමනක් යන්න බැහැ) රට තුළ මේ මොහොතේ සිදුවෙමින් ඇති දේශපාලන වර්ධනයන් ඔබ, කියවන්නේ මොන විදිහට ද? එතැනින් අපි, මේ කථාබහට ප්‍රවේශයක් ලබාගත්තොත්... මෙහෙමයි. 19 වන සංශෝධනය සම්මතවීමෙන් පසු ආණ්ඩුවේ දේශපාලන ස්ථාවරතාව සම්බන්ධයෙන් තිබූ සැකය, යම්කිසි දුරකට අඩු වී තියෙනවා. නමුත් ඒක සම්පූර්ණයෙන් නැති වෙලා නැහැ. ජනවාරි අට වැනිදා මැතිවරණයෙන් […]

  • මහින්ද රාජපක්ෂ යළිත් කොරන්න ඉල්ලීම සහ සාධාරණ නයාගෙන් දරමිටි බැදීම! Read more >

    මහින්ද රාජපක්ෂ යළිත් කොරන්න ඉල්ලීම සහ සාධාරණ නයාගෙන් දරමිටි බැදීම!

    මෙත්සිරි අම්බලන්ගොඩ විසිනි ආන්ඩු කරන්න බැරි නම් ඉවත් වී යන ලෙසත් තමන් කෙරන හැටි දන්නා බැවින් කරලා පෙන්වන්න පුළුවන් බවත් මහින්ද රාජපක්ෂ 22දා ගම්පහ පෙදෙසේ පන්සලකදී පවසා තිබේ. ඔහු කරන්න බැරි නම් දීලා යන්න යැයි කියන්නේ බහුතර ජන්දයෙන් හය වසරකට ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේනට ය. රාජපක්ෂගේ මේ කතාව සිහි ගන්වන්නේ ‘ නයා සාධාරණ වූ විට […]

Back to Top