Sri Lanka Brief
ජවිපෙ

ජවිපෙ

  • ජාතික ජන බලවේගය දිය කර හරින්න භීතිය තව තව වපුරලා, ඡන්ද කඩා ගන්න බලන උත්සාහයන් තියෙනවා – මහින්ද රත්නායක, වාමාංශික එක්සත් ‌පෙරමුණ Read more >

    ජාතික ජන බලවේගය දිය කර හරින්න භීතිය තව තව වපුරලා, ඡන්ද කඩා ගන්න බලන උත්සාහයන් තියෙනවා – මහින්ද රත්නායක, වාමාංශික එක්සත් ‌පෙරමුණ

    ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා තමන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කළේ අනතුරට හෙළා ඇති ජාතික ආරක්‍ෂාව තහවුරු කරන්න කියලා විශාල භීතියක් මවලයි. ඇත්තට ම ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළපු බොහෝ සිද්ධීන් නිර්මාණය කළේ ඒ ගොල්ලෝ. සහරාන් වගේ අය බිහි කරමින්, ජාතිවාදය, ආගම්වාදය ඇති කිරීමට මුලපිරුවේ ඒ ගොල්ලෝ. ඒක මර්දනය කරන්න ඡන්දය ඉල්ලන එක තේරුමක් නැති වැඩක්. එක්සත් ජාතික […]

  • දෙවැනි මනාපය පාවිච්චි කිරීමට පටහැනිව ගෙනෙන ළාබාල විරෝධය – මහාචාර්ය කුමාර් ඩේවිඩ් Read more >

    දෙවැනි මනාපය පාවිච්චි කිරීමට පටහැනිව ගෙනෙන ළාබාල විරෝධය – මහාචාර්ය කුමාර් ඩේවිඩ්

    ලෝකයේ වෙනත් තැන්වල, මනාප ඡන්දය හෙවත් උපායශීලීව ඡන්දය පාවිච්චි කිරීම පක්ෂ විසින් ක‍්‍රමෝපායීව භාවිතයට ගන්නා ආකාරයත්, ඡන්දදායකයන් විසින් එම මනාපය මහත් උනන්දුවෙන් භාවිත කරන ආකාරයත් දැකගත හැකිය. ඒ වනාහී, ප්‍රශස්ත අවසාන ප‍්‍රතිඵලයක් ඇති කර ගැනීම සඳහා ඡන්දදායකයන් විසින් උපරිමයෙන් ප‍්‍රයෝජනයට ගන්නා, පැසුණු සහ බුද්ධිමත් මෙවලමකි. අනේ අපොයි, එහෙම තත්වයක් මේ සිරි ලංකාවේ දකිනට නැත. මෙවැනි […]

  • රටේ ධනය ‌හොරා කෑම  නතර කරන්න පුළුවන් අපිට විතරයි. – අනුර කුමාර දිසානායක Read more >

    රටේ ධනය ‌හොරා කෑම නතර කරන්න පුළුවන් අපිට විතරයි. – අනුර කුමාර දිසානායක

    අසූ දෙකේ ජනාධිපතිවරණෙදි මෙතැන (තඹුත්තේගම) රැස්වීමක් තිබුණා. මමත් පොඩි කාලෙදි ඒ රැස්වීම බලන්න ආවා. ඒ රැස්වීමෙ මුලසුනේ හිටියෙ අපේ ඉස්කෝලෙ සෞඛ්‍ය ගුරුතුමා වුණු පෙරේරා සර්. ඔහු අදත් මේ වේදිකාවෙ ඉන්වා. ඒ වගේම මේ වේදිකාවේ සිටිය යුතු තවත් බොහෝ දෙනෙක් අද දකින්න නැහැ. අපේ පරම්පරාව මුහුණ දුන්නු ඛේදවාචකයන් හමුවේ ඔවුන් අපිව අත්හැර ගිහින් තිබෙනවා. යාල්දේවී දුම්රියේ […]

  • අනුර කුමාර‍: දෙමළ ජනතාවගේ ප්‍රශ්ණ වෙනුවෙන් අප පෙනි සිටියා මදි! Read more >

    අනුර කුමාර‍: දෙමළ ජනතාවගේ ප්‍රශ්ණ වෙනුවෙන් අප පෙනි සිටියා මදි!

    මෙරට දෙමළ ජනතාවගේ ප්‍රශ්ණ සම්බන්ධයෙන් ක්‍රියා කිරිමට තමන් අසමත් වූ බව පිළිගන්නා ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක එ පිළිබඳව සිය හදවතේ වේදනාවක ඇතැයි යාපනයේ දී ප්‍රකාශ කර තිබේ. එනමුත් රාජපක්ෂ  සමයේ යුද්ධයට  සහමුලින්ම සහාය දීම සම්බන්ධයෙන් ඔහු කිසිවක් කියන්නේ නැත. පසුගිය කාලයෙහි සිය අයතිවාසිකම් සඳහා මෙරට දෙමළ ජනයා ගෙන ගිය කිසිදු අරගලයකට […]

  • 71ක් වසරක ආර්ථිකය විවේචනය කිරීමට අනුර කුමාරට ඇති අයිතිය: විවේචනයට ‌‌පෙර සමාව ගන්න Read more >

    71ක් වසරක ආර්ථිකය විවේචනය කිරීමට අනුර කුමාරට ඇති අයිතිය: විවේචනයට ‌‌පෙර සමාව ගන්න

    ඡායාරූපය: 1988 – 89 අවධියේ ජවිපෙ සන්නද්ධ ‌පෙරමුණ වූ ‌දේශප්‍රේමී ව්‍යාපාරය ප්‍රචාරවක සටන් පාටයක්: ‌ජේ.ආර්.මරමු! ජවිපෙ ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරණුයේ විසි වසරකට පසුව වීම විශේෂයකි. 2018 අගෝස්තු 18 වන දින ශ්‍රී ලංකාවේ මාක්ස්වාදී ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක ජනාධිපති අපේක්ෂක ලෙස ගාලු මුවදොර පිටියේදී පැවති රැළියේදී ප්‍රකාශයට පත් කරන ලදී. ජවිපෙ හැමදාම […]

  • ජවිපෙ සමලිංගික අයිතීන්(එල්ජීබීටී+) වෙනුවෙන් සැබවින්ම පෙනී සිටීද? Read more >

    ජවිපෙ සමලිංගික අයිතීන්(එල්ජීබීටී+) වෙනුවෙන් සැබවින්ම පෙනී සිටීද?

    නොවැම්බර් 16, තීරණාත්මක දිනයක් වන්නට නියමිතව ඇති අතරම රට පුරා පැවති මැතිවරණ උණුසුම මැතිවරණ දින නියමයත් සමඟ තීව්‍ර වී ඇත. මේ එළඹෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අට වැනි ජනාධිපති තෝරා ගැනීමේ තීරණාත්මක ඡන්දයයි. ජේවීපී සහ තවත් දේශපාලන හා සිවිල් සංවිධාන 28 ක නායකත්වය යටතේ ජාතික ජන බලවේගය එළඹෙන ජනාධිපතිවරණයේදී තරඟ කිරීමට සූදානම් වේ. 2018 […]

  • ජනාධිපතිවරණයට එහා බැල්මක්! – සුනන්ද දේශප්‍රිය Read more >

    ජනාධිපතිවරණයට එහා බැල්මක්! – සුනන්ද දේශප්‍රිය

      ඡායාරූපය: සජිත්ගේ පොස්ටර් පරණ පොස්ටර් උඩ ඇලවෙන්නේ කාගේ පෝස්ටර් විය හැකිද? ‘2020ට අපෙන් සජිත්’ පොස්ටර් දැන් ටිකක් පරණය. මංගලටවත් කියා අලුත් සටන් පාඨයක් හදා ගන්නට කල් හරි ය. සමහර විට එහි සිටින අලියා ගලවන්නටත් වෙන්න පුළුවන.  කරු ජයසූරියට පරණ පෝස්ටරයේ ඉතිරි වූ ඒවා ම අලවා ගත හැක. එහි කියැවුණේ ‘ආවොත් කරු- පායයි හිරු’ කියා […]

  • ගෝඨාභය වෙනුවෙන් ගින්නේ සහ රුධිරයේ පාලමක්? – තිසරණී ගුණසේකර Read more >

    ගෝඨාභය වෙනුවෙන් ගින්නේ සහ රුධිරයේ පාලමක්? – තිසරණී ගුණසේකර

    ඡායාරූපය: තිසරණි ගුණසේකර‌ෙගේ ගණිතමය තර්ක අනුව ‌ගෝඨාභය රාජපක්ෂයට සියයට 51 ගැනීම ඉතා දුෂ්කරය. “ඕනෑම දෙයක් හරහා බලය ගැනීමට තතනන්නා, ඒ සඳහා පාවිච්චියට ගත හැකි බිය නමැති සමාජ දුබලතාව හඳුනාගනී.” -කාල් සේගන් (“යක්ෂාවතාර ලෝකය: අන්ධකාරයට විලක්කුවක් වශයෙන් විද්‍යාව”) ශ්‍රී ලංකාවේ ඊළඟ ජනාධිපති වීමට ගෝඨාභය රාජපක්ෂ තුළ ඇති දැවෙන ආශාව සතපා ගැනීමට නම්, මිලියන 1.4 ක අමතර […]

  • මුළු සිස්ටම් එකම කුණුවෙලා – සුනිල් හඳුන්නෙත්ති Read more >

    මුළු සිස්ටම් එකම කුණුවෙලා – සුනිල් හඳුන්නෙත්ති

    කෝප් කමිටුව මහජනතාවට විවෘත කිරීම, පාර්ලිමේන්තුව ඇමැතිවරුන්ගෙන් හිස්වීම, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය, රූපවාහිනී සංස්ථාව පවරාගැනීම, පොදුජන පෙරමුණේ අභියෝගය, බලය බෙදීම ගැන අගමැතිවරයාගේ යෝජනාව හා දෙවැනි මනාපය කාටද යන්න ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති ජ.වි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතායි. ප්‍රශ්නය:- වංචා දූෂණ හෙළිදරව් සමග පසුගිය දිනවල ජනමාධ්‍ය මගින් දිගින් […]

  • ගෝඨාභය සහ ජාතික ජන බලවේගය – සුනන්ද දේශප්‍රිය Read more >

    ගෝඨාභය සහ ජාතික ජන බලවේගය – සුනන්ද දේශප්‍රිය

      පසුගිය සති අන්තයේ පත්තර කඩයට ගිය අවස්ථාවෙහි මේ වන විට සිය ගණනාවකගෙන් මා අසා ඇති ප්‍රශ්නය යළි ඇසීමි. එනම් ඡන්දේ මොකද වෙන්නේ කියාය. වෙළද සැල් හිමි මා කලක සිට දන්නා අයෙකි. ඔහු මෙසේ කීවේ ය. ‘කව්රු ආවත් වැඩක් නෑ. අවුරුදු 71ක් ම රට කෑවා. දැන් ඉතිං මරල හරි රට හදන කෙනෙක් තමයි ඕන. එහෙම […]

  • ජාතික ජන බලවේගය සැබෑ සමාජ ව්‍යාපාරයකට අඩිතාලමක් – රංජිත් හේනායකආරච්චි Read more >

    ජාතික ජන බලවේගය සැබෑ සමාජ ව්‍යාපාරයකට අඩිතාලමක් – රංජිත් හේනායකආරච්චි

    කාලයක් තිස්සේ  සිදුවිය යුතු මෙන්ම රටේ ප්‍රශ්න විසඳා ගැනීමට අත්‍යවශ්‍ය දේශපාලන බලවේගයක් ගොඩනැගී ඇති බව පසුගිය 18 වැනි දින ගෝල්පේස් රැළියෙන් පෙන්නුම් කරනු ලැබීය. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සංවිධාන සහ පක්ෂ 28 කට එකතුවකින් පසුගියදා ගාලු මුවදොර පිටියේ පැවැත්වූ විශාල ජන රැළියෙන් යුගයට අත්‍යාවශ්‍ය අලුත් බලවේගයක් ගොඩනැගීම ආරම්භ වී ඇති බව පෙන්නුම් කළා යන්න මගේ […]

  • 71 අප්‍රේල් අරගලය: උගත්-නූගත් පාඩම් – සුනන්ද දේශප්‍රිය Read more >

    71 අප්‍රේල් අරගලය: උගත්-නූගත් පාඩම් – සුනන්ද දේශප්‍රිය

    ඡායාරූපය: 22,000 තර්ණ පිරිස් කැරැල්ල සම්බන්ධයෙන් සිර කඳවුරු ගත කෙරිණි. පෙරදා රුයෙහි ඇදිරි නීතියට හසුව අප කණ්ඩායම සිිටියේ හපුතලේ කදුවැටියක් පාමුල අතරමංව ය. එළිය වැටෙන්නට පෙර පා ගමනින් ම අතුරු මාවත් ඔස්සේ බණ්ඩාරවෙලට ආ අපි අප්‍රේල් පස්වනදා උදෑසන කදුකර අඩිපාරක් හරහා රක්ෂිත ස්ථානයක් සොයා ගමන් කරමින් සිටියෙමු. උදෑසන හයට නිවෙසක රේඩියෝවෙන් පිරිත් ඇසෙන්නට පටන් ගත්තේ […]

  • ජාතික ‍‍‍‍‍‍‍ ‍‍‍‍‍විද්වත් සංවිධානය සම්මත කළ ‌‌යෝජනා Read more >

    ජාතික ‍‍‍‍‍‍‍ ‍‍‍‍‍විද්වත් සංවිධානය සම්මත කළ ‌‌යෝජනා

    (ලංකා ට්රුත්) ජාතික ‍‍‍‍‍‍‍ ‍‍‍‍‍විද්වත් සංවිධානය රට පුරා ගමන් කරමින් ජනතා අදහස් ලබාගනිමින් රට සුබවාදී දිසානතියකට හැරවීම සඳහා පසුගිය කාලය තුළ සකස් කළ මූලික ප්‍රතිපත්ති මාලාව  ජනගත කිරීමේ මහ සමුළුව අද (19) පෙරවරු 10ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. මේ සඳහා රටේ විවිධ ප්‍රදේශවලින් ආචාර්ය මහාචාර්වයරු, කලාකරුවන්, ගොවි නායකයන්, ව්‍යාපාරිකයන් ආදී විශාල පිරිසක් ඊට එක්වී […]

  • බෝපගේද ටිල්වින්ද අදවත් ඇත්ත කිව යුතුයි..! ගින්නෙන් ඉපැදී සීතලෙන් මරාදමන සත්‍ය‌‌යේ කතාවක්..! Read more >

    බෝපගේද ටිල්වින්ද අදවත් ඇත්ත කිව යුතුයි..! ගින්නෙන් ඉපැදී සීතලෙන් මරාදමන සත්‍ය‌‌යේ කතාවක්..!

    විසල් කරුණාරත්න.   (ලංකා ඊ නිව්ස් )  “ගින්නෙන් උපන් සීතල” විජේවීරගේ චරිතය පාදක කරගත් චිත්‍රපටයක් හරහා වැදගත් දේශපාලන ප්‍රපංචයක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ වී තිබේ. මෙහිදී මූලික වශයෙන් අවධානය යොමුවී ඇත්තේ ජවිපෙ යටිබිම්ගත දේශපාලනයට යොමු වූයේ මන්ද යන කාරණාවයි. මේ වන විට චිත්‍රපටයෙන් අතහැරී ඇති දේශපාලන කාරණාවක් වන එනම් විජේවීර යටිබිම් ගත වීම ගැන බෝපගේ සහෝදරයා […]

  • වීරවංසට එරෙහි නඩුවෙන් ජවිපෙට ජය – මිලියන 10ක වන්දියකුත් ගෙවීමට අධිකරණය නියෝග කරයි Read more >

    වීරවංසට එරෙහි නඩුවෙන් ජවිපෙට ජය – මිලියන 10ක වන්දියකුත් ගෙවීමට අධිකරණය නියෝග කරයි

    විමල් වීරවංස විසින් ජනතා විමුක්ති පෙරමුණට අයත් ලිපි ලේඛණ භාවිතා කරමින් මුද්‍රණය කරන ලද “නැත්ත වෙනුවට ඇත්ත” කෘතියට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටි සියළු සහන සමගින් ජයග්‍රහණය කර ඇත. ඒ අනුව රුපියල් මිලියන 10ක වන්දියක් ජනතා විමුක්ති පෙරමුණට ගෙවීමටත් එම කෘතිය විකිණීම තහනම් කිරීමටත් අධිකරණය නියෝග කර ඇති අතර මෙම කෘතිය […]

  • පේරාදෙනියේ පහරදීම සහ ‘’පසුගාමී’’ දේශපාලනය – චරිත හේරත් Read more >

    පේරාදෙනියේ පහරදීම සහ ‘’පසුගාමී’’ දේශපාලනය – චරිත හේරත්

    පසුගිය සතියක පේරාදෙනිය විශ්වවිද්‍යාලය තුළ සිදුවූවා යැයි කියන පහරදිමක් පිළිබදව විවිධ ආකාරයේ අදහස් සමාජ මාධ්‍යයන් අතර මේ දිනවල හුවමාරු වෙමින් පවතී. ඊට අමතරව ප‍්‍රධාන මාධ්‍යවල ද, මේ කාරණය පිළිබද ප‍්‍රවෘත්තිය විවිධ ආකාරයෙන් වාර්තා වී තිබුණි. මේ සිදුවීමට හේතුව වශයෙන් අපට දැනගන්නට ලැබී ඇත්තේ ගලහ පාරේ හිල්ඩා ඔබේසේකර ශාලාව (හිල්ඩා ගහ අසල) ඉදිරිපිට ස්වකීය කාරය නවතාගෙන […]

  • අපේ ප්‍රජාතන්ත්‍රීය දේශපාලනික ඉඩහසර වැනසීම සහ අනාගතයට එහි ඇති බලපෑම (2) – දයාපාල තිරාණගම Read more >

    අපේ ප්‍රජාතන්ත්‍රීය දේශපාලනික ඉඩහසර වැනසීම සහ අනාගතයට එහි ඇති බලපෑම (2) – දයාපාල තිරාණගම

    ජායාරූපය: ජවිපෙ සටන්කාමියකු  1988-90 සමයෙහි බිත්තියක ලියූ කවියක්. වමේ පක්ෂ සහ ප්‍රජාතන්ත්‍රීය බහුත්වවාදය ශ්‍රී ලංකාවේ වාමාංශික පක්ෂවල භූමිකාව ඔස්සේ සහ උතුරු නැගෙනහිර පීඩිත දෙමළ ජනතාව මෙන්ම ඉන්දීය සම්භවයෙන් යුත් කඳුරට පීඩිත දෙමළ ජනතාව කෙරෙහි ඔවුන් තුළ පැවති කැපවීමේ ඌනතාව ඔස්සේ වැදගත් පාඩමක් සැපයේ. එනම්, ඒ හැසිරීම හේතුවෙන් දෙමළ ජනතාව අන්තවාදී සංවිධානවල ග්‍රහණයට තල්ලු කෙරුණේ කෙසේද […]

  • සිරිසේන: හිස සුන් කුකුළෙක් ද, පස්සෙන් සිට පිහියෙන් අනින්නෙක් ද? – මහාචාර්ය කුමාර් ඬේවිඞ් Read more >

    සිරිසේන: හිස සුන් කුකුළෙක් ද, පස්සෙන් සිට පිහියෙන් අනින්නෙක් ද? – මහාචාර්ය කුමාර් ඬේවිඞ්

    (සිරිසේන හෙංචයියාගෙන් තල්ලුව ලත් රාජපක්ෂලාට එරෙහිව යු.එන්.පී සහ එහි හවුල්කරුවෝ) මේ කොලමේ පාත්‍ර වර්ගය වන්නේ, කල් ඉකුත් වූ පතෝලයෙකු සහ බොරු පණ්ඩිතයෙකු, කුමන්ත්‍රණකාරී සහ මොළේ කචල් ග්‍රාම සේවකයෙකුත්, ඒ පස්සෙන් හොල්මන් කරන ප්‍රජාපීඩකයෙකුගේ සෙවනැල්ලකුත් ය. මෙය, ‘මැක්බත්’ රචනයකට ගැලපෙන පිටපතකි. “නිවැරැද්ද වැරැද්ද ය. වැරැද්ද නිවැරැද්ද ය. මීදුම් පටලය සහ දූෂිත වා ගැබ අස්සෙන් සුනංගු වීම.” […]

  • ජාතිවාදී භූතයා බෝතලෙන් එළියට ගැනීමට තරම් බෝතලය ඇතුළට දැමීම පහසු නැහැ – අනුර දිසානායක Read more >

    ජාතිවාදී භූතයා බෝතලෙන් එළියට ගැනීමට තරම් බෝතලය ඇතුළට දැමීම පහසු නැහැ – අනුර දිසානායක

    මෙම ජාතිවාදී ප‍්‍රවණතාවයන් ඕපපාතිකව ඇතිවෙනවා කියලා අපි හිතන්නේ නැහැ. ක්‍රියාකාරීව ඉතාම අවබෝධයෙන් යුක්තව ජාතිවාදයට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරන කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම එහි තිබෙන දේශපාලනය නොදැන අනවබෝධයෙන් එම ජාතිවාදී ප‍්‍රවණතාවයන්වලට ගොදුරු වෙන කණ්ඩායමක් සිටිනවා. රටේ ප‍්‍රධාන දේශපාලන පාර්ශ්වයන් දෙකටම මෙම ජාතිවාදී ප‍්‍රවණතාවය අවශ්‍ය වෙලා තිබෙනවා. සිය ආර්ථික අසමත්භාවය ආණ්ඩුකරණයේ අසමත්භාවය ජනතාවගේ වුවමනාවන් ඉටුකිරීමේදී ඇතිවී තිබෙන […]

  • පළාත් පාලන මැතිවර‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ණ: වටම ගිහින් ගෙටම  – සුනන්ද දේශප්‍රිය Read more >

    පළාත් පාලන මැතිවර‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ණ: වටම ගිහින් ගෙටම – සුනන්ද දේශප්‍රිය

    ජයාරූපය: අලුත් ගමනක්ද? අලුත් බෝතලයක පරණ වයින්ද? ( පුස්තකාල ජායාරූපය ජනාධිපති වෙබ් අඩවියෙනි) ජනාධිපති සිරිසේන වටම ගිහින් ගෙටම ආවේය. සතියක් පුරා ඇල්ලූ කුරුමාණම් අවසානයේදී වැඩකට නැති විය. වික්‍රමසිංහ ආණ්ඩුවට මක්ක වුනත් මට මක්කැයි කියා සිය අගමැති පුටුව රැක ගත්තේය‍. රාජපක්ෂ අගමැතිකරන බවට ශපථ කළ පොහොට්ටු පක්ෂය එම  ඉලක්කය අතහැර දමා නිල විපක්ෂය ලෙස පිළිගන්නැයි ඉල්ලා […]

  • සුනිල් මාධව ප්‍රේමතිලක, රොමාන්තික ගමනක වීරත්වය හා අවසානය Read more >

    සුනිල් මාධව ප්‍රේමතිලක, රොමාන්තික ගමනක වීරත්වය හා අවසානය

    සුනිල් මාධව ප්‍රේමතිලක යනු ලාංකේය ඉතිහාසයේ බෙහෙවින් කතා බහට ලක්වූ මිනිසෙකි. කතාබහට ලක්විය යුතු මිනිසෙකි. ඉතිහාසය තුළ කාර්යභාරයක් සිදුකළ මිනිසෙකි. වෘත්තියෙන් පුවත්පත් කලාවේදියෙකි, නැතිනම් ‘පත්තරකාරයෙකි’. රචකයෙකි. කවියෙකි. අගනා කෘතීන් ගණනක් සිංහලෙන් කියවන පාඨකයා වෙත ගෙන ආ පරිවර්තකයෙකි. ඒ සියළුම ක්‍රියාවන් තුළ ඔහු වාමාංශිකයෙකි.(ඒ ගැන වැඩිදුරටත් පසුව සාකච්ඡා කරමු.) ඇසුරු කළ – නොකළ සියල්ලන්ට අනුව ‘පපුවක් […]

  • ඇඹිලිපිටිය නගරසභාව සහ ප්‍රාදේශීය සභාව අපිට දෙන්න; අපි කරල පෙන්වන්නම්! ටිල්වින් Read more >

    ඇඹිලිපිටිය නගරසභාව සහ ප්‍රාදේශීය සභාව අපිට දෙන්න; අපි කරල පෙන්වන්නම්! ටිල්වින්

    ටිල්වින් සිල්වා. මැතිවරණයකදී නාමයෝජනා භාරදීම ඉතාම වැදගත් අවස්ථවක්. නාමයෝජනා නොතිබුනොත් මැතිවරණයක් පැවැත්වෙන්නේ නැහැ. මේ මැතිවරණයේදී එක්‍දු නාමයෝජනා පත්‍රයක්වත් ප්‍රතික්ෂේප නොවන අන්දමින් බාරදෙන්න ජනතා විමුක්ති පෙරමුණට හැකිවුණා. අපේ රට පාලනය කරපු පාලනය කරන හුග දෙනෙකුට නාමයෝජනා පත්‍රය හරියට බාරදෙන්න බැරි වුනා. මෛත්‍රී මහත්තයගෙ නාමයෝජනා දෙකක් ප්‍රතිකිෂේප වුණා. මහන්ද මහත්තයගෙ පහක් මුල් වටයේ ප්‍රතික්ෂේප වුණා. අපි හිතුව […]

  • ජවිපෙට ලව් කරන අයට වචනයක් – දයාපාල තිරාණගම Read more >

    ජවිපෙට ලව් කරන අයට වචනයක් – දයාපාල තිරාණගම

    පළාත්පාලන මැතිවරණය ලංකාවේ දේශපාලන අනාගත දිශානතිය තීරණය කරන්න වූ අතිශය තීරණාත්මක ජනමත විචාරණයක් ලෙස රාජ්‍ය බලය සඳහා කෙටි මාවත් සොයන්නන් ගේ සිහිනයේ චායාවක් ලෙස සනිටුහන් වී ඇති බවක් පෙනේ. යහපාලන ආණ්ඩුව ජනවාරි අටවෙනිදා පොරොන්දු පත්‍රය බොඳ කර දැමීමත්, මහා බැංකුව තුල කරන ලද රහසිගත කොල්ල කෑම මෙන්ම රාජපක්ෂ ලගේ හොර මැරකම් ගැන සෙවීම අත්හැර දැමීමත් […]

  • මහජන අප්‍රසාදයට ලක්වන අසාධාරණ අරගල ක්‍රම: ජනතා අයිතීන්ට එරෙහිව කම්කරු අයිතීන් – එම්. එස්. එම්. අයුබ් Read more >

    මහජන අප්‍රසාදයට ලක්වන අසාධාරණ අරගල ක්‍රම: ජනතා අයිතීන්ට එරෙහිව කම්කරු අයිතීන් – එම්. එස්. එම්. අයුබ්

    ජායාරූපය: සයිටම් අරගලය   විදී අරක්  ගැනීමෙන් මහජනයාට පහසුවක් වීද? පසුගිය 11 වැනි දා, දුම්රිය සේවකයන් විසින් හදිසියේ කැඳවන ලද වැඩ වර්ජනයක් අතරතුරේදී මගීන් විසින් දුම්රිය රියැදුරෙකුට පහර දුන් අවස්ථාවේ පොලීසිය මැදිහත් වී එම දුම්රිය රියැදුරාව බේරා ගත් අයුරු දැක්වන ඡායාරූපයක් මාධ්‍ය තුළ පළ විය. හදිසි වැඩ වර්ජනය නිසා, වැඩ අවසන්ව ගෙදර යා ගත නොහැකි වූ දුම්රිය […]

  • රොහින්ග්‍යා සරණාගතයින්ට පහරදීම අශිෂ්ඨයි – ජවිපෙ

    ජායාරූපය: බංගලාදේශයට පලා යන රොහින්ග්‍යා සරණාගත පිරිස්. ( අල් ජසීරා) එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ කොමිසමේ භාරකාරිත්වය යටතේ ලංකාවේ තාවකාලිකව රඳවා සිටින රෝහින්ග්‍යා සරණාගතයින්ට පසුගිය 26දින භික්‍ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් හිරිහැරකොට පහරදුන් බවට වාර්තා පළවී තිබේ. ජාතිවාදී හා ආගමික අන්තවාදී ගැටුම් නිසා අසරණභාවට පත්ව දිවි බේරාගැනීමට, රැකවරණ සොයා පැමිණ සිටි කුඩා ළමුන් හා කාන්තාවන් ඇතුලූ 30 […]

  • හතලිස් වසකට පසු ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙකු හමුවීම – රංජිත් හේනායකආරච්චි Read more >

    හතලිස් වසකට පසු ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙකු හමුවීම – රංජිත් හේනායකආරච්චි

    ජායාරූපය: 2020 ජවිපෙ ආණ්ඩුව අල්ලයිද? අනුර කුමාර දිසානායක මහතා බර්ලින් නගරයට විදේශගත ලාංකිකයන් ඇමතීමට පැමිණි අවස්ථාවේ මටද ඔහුට සවන් දීමට හා ඔහු සමග අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාවක් උදාවිය. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන නායකයෙකු මෙලෙස මට මුණ ගැසෙන්නේ හරියටම වසර 40 කට පසුවය. ඒ එදා 71 කැරළි කරුවන් ලෙස රෝහණ විජේවීර ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ එදා නායකයන් […]

  • වෙනිසියුලාවේ මදූරෝ පාලනය ආරක්ෂා කරන ජවිපෙ රාජපක්ෂ නොරකින්නේ ඇයි? Read more >

    වෙනිසියුලාවේ මදූරෝ පාලනය ආරක්ෂා කරන ජවිපෙ රාජපක්ෂ නොරකින්නේ ඇයි?

    ජායාරූපය: මර්දනකාරී මදූරෝ පාලනය රැකගැනීමට වීදි බැස සිටින ජවිපෙ. ( ලංකා ට්රුත් ජායාරූපයකි) ජනතා විමුක්ති පෙරමුණ වෙනිසිසුලාවේ ජනාධිපති මදූරෝගේ පාලනය රැක ගැනීම පිණිස විදී බැස ඇති බව ඔවුන්ගේ ලංකා ට්රුත් වෙබ් අඩවිය ප්‍රකාශ කරයි. දීර්ඝ කාලයක් පවත්නා දරුණූ ආර්ථික දුෂ්කරතා නිසා එරට ජනයා මුදුරෝගේ පාලනයට විරුද්ධව නිතිපතා උද්ඝෝෂණයන්හි නිරත වෙති. මදුරෝ පෙනී සිටින්නේ සමාජවාදී වෙනිසියුලාවක් […]

  • අප්‍රේල් 05 සහ තෙවැනි දේශපාලනය – සුනන්ද දේශප්‍රිය Read more >

    අප්‍රේල් 05 සහ තෙවැනි දේශපාලනය – සුනන්ද දේශප්‍රිය

    අප්‍රෙල් කැරුල්ලට වසර 46කි. සමාජවාදී ශ්‍රී ලංකාවක් අපේක්ෂාවෙන් සිය තරුණ දිවිය කැප කළ 71 පරම්පරාව දැන් ජීවිතයේ සැදෑ සමය ගතකරයි. එම පරම්පරාවෙහි සුලුතරයක් පමණක් තවමත් යහපත් ශ්‍රී ලංකාවක් සඳහා විවිධ තලයන්හි සිය දායකත්වය ලබා දෙමින් සිටිත්. අද මෙරට දේශපාලනය එක්තරා අන්දමකින් 1971ට සමානය. ඒ විකල්ප දේශපාලනයක් සඳහා ඇති අවකාශය අතිනි. එජාපයට සහ ශ්‍රීලනිපයට බැහැරින් තෙවැනි දේශපාලනයක අවශ්‍යතාවය […]

  • නවක වදය, ජවිපෙ සහ පිඩාවට පත්වන දුගී සිසු සිසුවියන් Read more >

    නවක වදය, ජවිපෙ සහ පිඩාවට පත්වන දුගී සිසු සිසුවියන්

    ජායාරූපය: ජවිපෙ දේශපාලනය අමුඩයට බැසිම ©Sanka Vidanagama  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසු පිරිසක් කුලී පදනම මත ලබාගත් වධකාගාරයක් තුල අපහරණය කිරීම හරහා නවක වධ කතිකාවත යලිත් සමාජ ගත වුනි. පසුගිය වසරේ කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුවියකට නවක වධය දීමත්, ඒ හා සම්බන්ධ සිසුන් අත් අඩංගුවට ගැනීමත් නිසා නවක වධයට විරුද්ධව සමාජ කතිකාවක් ගොඩනැගුණි. සුපුරුදු පරිදිම දැන් බොහෝ […]

  • එල්ටීටීඊය යළි ගොඩනැගීම – සුනන්ද දේශප්‍රිය Read more >

    එල්ටීටීඊය යළි ගොඩනැගීම – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය: යුද්දයෙහිදී  සහ මරා දමනු ලැබූ සගයින් සහ ඥාතීන් අනුස්මරණ උත්සව දැන් උතුරු දේශපාලනයේ නිත්‍ය අංගයකි. (AP photo by Eranga Jayawardena) එල්ටීටීඊ සංවිධානය යළි ගොඩනැගෙන බවට රාජපක්ෂ කඳවුර බිය ඝෝෂා නන්වන්නට පටන් ගෙන තිබේ. ඊට අලුත්ම නිමිත්ත නම් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක පාර්ලිමේන්තු මංත්‍රී සුමන්දිරන් ඝාතන සැළැස්මක් සම්බන්ධයෙන් හිටපු එල්ටීටීඊ සාමාජිකයන් කිහිප දෙනෙකු අත් අඩංඟුවට […]

Back to Top