Sri Lanka Brief
ජනාධිපතිවරණය 2019

ජනාධිපතිවරණය 2019

  • දෙමළ ‌දේශපාලන පක්ෂ පහකින් ජනාධිපති අපේක්ෂකයින්ට අමාරු ඉල්ලීම් මාලාවක් Read more >

    දෙමළ ‌දේශපාලන පක්ෂ පහකින් ජනාධිපති අපේක්ෂකයින්ට අමාරු ඉල්ලීම් මාලාවක්

    ඡායාරූපය: යෝජනාවළියට තමිල අරසු කචචි පක්ෂයේ මාවෙයි සේනාධිරාජා අත්සන් තැබීම. යාපනේ සරසවි ශිෂ්‍ය සංගමය විසින් මූලිකත්වය ගනු ලදුව ඉලංගෙයි තමිල් අරිසු කච්චි (ලංකා ද්‍රවිඩ රාජ්‍ය පක්ෂය ), දෙමල මහජන පෙරමුණ, ටෙලෝ, ඊ. පී. ආර්. එල් එෆ් සහ ප්ලොට් යන දේශපාලන පක්ෂ විසින් එකඟ වී සියළු ජනධිපති අපේක්ෂකයින් වෙක ඉදිරිපත් කරන ලද මූලික ඉල්ලීම් පහත දැක්‌‌‌වේ. මෙම යෝජනාවන් පොදු ජන […]

  • ගෝඨාභය ජිනීවා යෝජනාව ද යුද සමයේ අතුරුදහන්විම් ද ප්‍රතික්ෂේප කරයි; සංක්‍රමණීය යුක්තියට තිත. Read more >

    ගෝඨාභය ජිනීවා යෝජනාව ද යුද සමයේ අතුරුදහන්විම් ද ප්‍රතික්ෂේප කරයි; සංක්‍රමණීය යුක්තියට තිත.

    තමා බලයට පත් වුවහොත් 30/1 දරණ ජිනීවා යෝජනාව ප්‍රතික්ෂේප කරන බව අද (15) පැවැති පුවත්පත් සාකච්ජාවකදී පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ ය. තමන් මුල සිටම ඊට විරුද්ධ වූ බව කී ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රශ්ණවලට විදේශික අතපෙවීම් අනවශ්‍ය බව ද කිවේ ය. මෙම යෝජනාව 2015 ඔක්තෝම්බර් මාසයේ පැවැති මානව හිමිකම් කවුන්සිලයේ 30වන සැසි […]

  • දෙවැනි මනාපය පාවිච්චි කිරීමට පටහැනිව ගෙනෙන ළාබාල විරෝධය – මහාචාර්ය කුමාර් ඩේවිඩ් Read more >

    දෙවැනි මනාපය පාවිච්චි කිරීමට පටහැනිව ගෙනෙන ළාබාල විරෝධය – මහාචාර්ය කුමාර් ඩේවිඩ්

    ලෝකයේ වෙනත් තැන්වල, මනාප ඡන්දය හෙවත් උපායශීලීව ඡන්දය පාවිච්චි කිරීම පක්ෂ විසින් ක‍්‍රමෝපායීව භාවිතයට ගන්නා ආකාරයත්, ඡන්දදායකයන් විසින් එම මනාපය මහත් උනන්දුවෙන් භාවිත කරන ආකාරයත් දැකගත හැකිය. ඒ වනාහී, ප්‍රශස්ත අවසාන ප‍්‍රතිඵලයක් ඇති කර ගැනීම සඳහා ඡන්දදායකයන් විසින් උපරිමයෙන් ප‍්‍රයෝජනයට ගන්නා, පැසුණු සහ බුද්ධිමත් මෙවලමකි. අනේ අපොයි, එහෙම තත්වයක් මේ සිරි ලංකාවේ දකිනට නැත. මෙවැනි […]

  • අනුර කුමාර‍: දෙමළ ජනතාවගේ ප්‍රශ්ණ වෙනුවෙන් අප පෙනි සිටියා මදි! Read more >

    අනුර කුමාර‍: දෙමළ ජනතාවගේ ප්‍රශ්ණ වෙනුවෙන් අප පෙනි සිටියා මදි!

    මෙරට දෙමළ ජනතාවගේ ප්‍රශ්ණ සම්බන්ධයෙන් ක්‍රියා කිරිමට තමන් අසමත් වූ බව පිළිගන්නා ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක එ පිළිබඳව සිය හදවතේ වේදනාවක ඇතැයි යාපනයේ දී ප්‍රකාශ කර තිබේ. එනමුත් රාජපක්ෂ  සමයේ යුද්ධයට  සහමුලින්ම සහාය දීම සම්බන්ධයෙන් ඔහු කිසිවක් කියන්නේ නැත. පසුගිය කාලයෙහි සිය අයතිවාසිකම් සඳහා මෙරට දෙමළ ජනයා ගෙන ගිය කිසිදු අරගලයකට […]

  • ජනා­ධි­ප­ති­ව­ර­ණයේ තේරීම් අතර නොපෙ­නෙන වෙන­ස්කම් දෙක Read more >

    ජනා­ධි­ප­ති­ව­ර­ණයේ තේරීම් අතර නොපෙ­නෙන වෙන­ස්කම් දෙක

    අන්ත­ර්ජා­තික සංව­ර්ධ­නය පිළි­බඳ විශේ­ෂ­ඥ­යකු වන මහා­චාර්ය එස්. ඩබ්ලිව්. ආර්. ද ඒ. සම­ර­සිංහ එළැ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණයේ වර­ණ­යන් පිළි­බඳ සියුම් දේශ­පා­ලන විග්‍ර­හ­යක යෙදෙ­මින් සම්පා­ද­නය කරන ලද ලිපි­යක් ඇසු­රෙනි. මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත්ව සිටින ප්‍රධාන අපේ­ක්ෂ­ක­යන් දෙදෙනා වන එක්සත් ජාතික පෙර­මුණේ සජිත් ප්‍රේම­දාස සහ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ගෝඨා­භය රාජ­පක්ෂ යන දෙදෙ­නාගේ ජාතික මට්ටමේ අර­මුණු සහ අව­ශ්‍ය­තා­වල ලොකු වෙන­සක් නැත. […]

  • ජනාධිපතිවරණ වාර්රතාකරණය සඳහා මැතිවරණ කොමිසමෙන් මාධ්‍ය උපමාන 31ක්! Read more >

    ජනාධිපතිවරණ වාර්රතාකරණය සඳහා මැතිවරණ කොමිසමෙන් මාධ්‍ය උපමාන 31ක්!

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ආ (5)(අ) අනුව්‍යවස්ථාව යටතේ වන මාධ්‍ය උපමාන. 01. සෑම මාධ්‍ය ආයතනයක්ම සිය ප්‍රවෘත්ති සංග්‍රහය සහ දේශපාලන කටයුතු හා සම්බන්ධ වෙනත් වැඩසටහන් ප්‍රචාරය හෝ විකාශය කිරීමේ දී හෝ ප්‍රසිද්ධියට පත් කිරීමේ දී නිවැරදි, සමතුලිත සහ අපක්ෂපාති තොරතුරු ලබා දිය යුතු වේ. මැතිවරණ පැමිණිලි පිළිබඳ නිත්‍ය නියෝජිත කමිටුව සහ මාධ්‍ය උපමාන […]

  • ද්විත්ව පුරවැසිභාවය සඳහා අවශ්‍ය කැලිපෝනියානු පොලිස් නිශ්කාෂණ සහතිකයක් ගෝටාභය රාජපක්ෂ ලබා ‌ගෙන නැහැ? Read more >

    ද්විත්ව පුරවැසිභාවය සඳහා අවශ්‍ය කැලිපෝනියානු පොලිස් නිශ්කාෂණ සහතිකයක් ගෝටාභය රාජපක්ෂ ලබා ‌ගෙන නැහැ?

    ඡායාරූපය: කැලිපෝනියානු ‌ ‌පොලීසිය ‌වෙනත් පුද්ගලයකුට ලා දී ඇති සහතිකයකිනි. ගෝටාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබද දැනට අභියාචනාධිකරණයේ විභාගවන නඩුවට අදාළ පෙත්සමේ විශේෂ කොට සදහන් කර නැති කරුණු කහිපයක් ඇතැයි, ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස්හී පදිංචි ශාන්ත කේ.ඩබ්. පතිරණ මහතා සදහන් කරයි. ඇමෙරිකාවෙ පුරවැසිභාවය ලබන ශ්‍රී ලංකාවේ ඕනෑම කෙනෙකුගේ (Retention Citizenship ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන නෙමැති) පෙර පුරවැසිභාවය ස්වයංක්‍රියව අහෝසිවේ. […]

  • ගෝඨාභයට එදිරිව වියන්ගොඩ සහ ‌‌තේනුවර රිට් පෙත්සමේ සඳහන් කරුණු කෙටියෙන් Read more >

    ගෝඨාභයට එදිරිව වියන්ගොඩ සහ ‌‌තේනුවර රිට් පෙත්සමේ සඳහන් කරුණු කෙටියෙන්

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලාංකීය පුරවැසිභාවයේ නීත්‍යානුකූල භාවය අභියෝගයට ලක්කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොණුකිරීමට පසුගියදා පියවර ගන්නා ලද අතර එය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ 2019 ඔක්තෝබර් 02 වැනිදා එනම් අද දිනයේදී සළකා බැලීමට නියමිතව ඇත. එකී පෙත්සමේ සඳහන් මූලික කරුණු සැකෙවින් […]

  • දේශපාලනය දූෂණයෙන් මුදවා මහජන සේවයක් කරන ජවිපෙ යෝජනා – අනුර කුමාර දිසානායක Read more >

    දේශපාලනය දූෂණයෙන් මුදවා මහජන සේවයක් කරන ජවිපෙ යෝජනා – අනුර කුමාර දිසානායක

    දේශපාලනය ව්‍යාපාරයක් වෙනුවට මහජන සේවයක් බවට පරිවර්තනය කරන්න ඕනා. අපි මේ දේශපාලනයේ දීර්ඝ කාලයක් මේ පාර්ලිමේන්තුවේ අවුරුදු 20ක්, පුද්ගලිකව මම හැබැයි අපි මේ දේශපාලනයෙන් සතයක් හම්බකරපු මිනිස්සු නෙවෙයි. මේ දේශපාලනයෙන් දූෂිත භාවයේ, නාස්තියේ ගොදුරු බවට පත්වී තිබෙනවා. ඒ නිසා මේ දූෂිත, නාස්තියේ ගොදුරක් බවට පත්වී තිබෙන දේශපාලනය පිරිසිදු කරන්න ඕනා. අපි ඒවා කරලා තිබෙනවා. මොකද […]

  • එජාපයේ ජනපති අපේක්ෂකයා සජිත් කිරීමට රනිල් ගෙනා කොන්දේසිවලට සජිත් බෑ කියයි! Read more >

    එජාපයේ ජනපති අපේක්ෂකයා සජිත් කිරීමට රනිල් ගෙනා කොන්දේසිවලට සජිත් බෑ කියයි!

    එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාව පළ කළ බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පවසා තිබේ. මේ පිළිබඳ වාර්තා කරන ‌ඩේලි නිවස් පුවත්පත කියන්නේ දිගටම අකිල විරාජ් කාරියවසම් පක්ෂයේ මහ ලේකම් ලෙස තබා ගන්නැයි රනිල් වික්‍රමසිංහ  කොන්දේසියක් […]

  • ජනාධිපතිවරණයට එහා බැල්මක්! – සුනන්ද දේශප්‍රිය Read more >

    ජනාධිපතිවරණයට එහා බැල්මක්! – සුනන්ද දේශප්‍රිය

      ඡායාරූපය: සජිත්ගේ පොස්ටර් පරණ පොස්ටර් උඩ ඇලවෙන්නේ කාගේ පෝස්ටර් විය හැකිද? ‘2020ට අපෙන් සජිත්’ පොස්ටර් දැන් ටිකක් පරණය. මංගලටවත් කියා අලුත් සටන් පාඨයක් හදා ගන්නට කල් හරි ය. සමහර විට එහි සිටින අලියා ගලවන්නටත් වෙන්න පුළුවන.  කරු ජයසූරියට පරණ පෝස්ටරයේ ඉතිරි වූ ඒවා ම අලවා ගත හැක. එහි කියැවුණේ ‘ආවොත් කරු- පායයි හිරු’ කියා […]

  • ගෝඨාභය වෙනුවෙන් ගින්නේ සහ රුධිරයේ පාලමක්? – තිසරණී ගුණසේකර Read more >

    ගෝඨාභය වෙනුවෙන් ගින්නේ සහ රුධිරයේ පාලමක්? – තිසරණී ගුණසේකර

    ඡායාරූපය: තිසරණි ගුණසේකර‌ෙගේ ගණිතමය තර්ක අනුව ‌ගෝඨාභය රාජපක්ෂයට සියයට 51 ගැනීම ඉතා දුෂ්කරය. “ඕනෑම දෙයක් හරහා බලය ගැනීමට තතනන්නා, ඒ සඳහා පාවිච්චියට ගත හැකි බිය නමැති සමාජ දුබලතාව හඳුනාගනී.” -කාල් සේගන් (“යක්ෂාවතාර ලෝකය: අන්ධකාරයට විලක්කුවක් වශයෙන් විද්‍යාව”) ශ්‍රී ලංකාවේ ඊළඟ ජනාධිපති වීමට ගෝඨාභය රාජපක්ෂ තුළ ඇති දැවෙන ආශාව සතපා ගැනීමට නම්, මිලියන 1.4 ක අමතර […]

  • වැඩකරන ජනතාව රට ‌ගොඩ නැගීමට හවුල් කර ගන්නවා – අනුර කුමාර දිසානායක Read more >

    වැඩකරන ජනතාව රට ‌ගොඩ නැගීමට හවුල් කර ගන්නවා – අනුර කුමාර දිසානායක

    ඡායාරූපය: ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර දිසානායක මහතා අද (12) සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී  පැවැති ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් අද පැවැත්වූ වැඩකරන ජනතා සමුළුව අමතයි. මැතිවරණ දිනපොත අනුව මේ වසර අග ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. සාමාන්‍යයෙන් මැතිවරණයකදී අපේක්ෂා කරන්නේ එලඹෙන වසර පහක කාලය සඳහා රටේ පාලනය සඳහා තෝරා ගන්නේ කවර කණ්ඩායමද යන්න තීරණය කර ගැනීමයි. මෙය […]

  • ජනාධිපතිවරණ සහ ජනතාව ඉදිරියේ ඇති විකල්ප තේරීම් – සිකුරාදා මණ්ඩපය Read more >

    ජනාධිපතිවරණ සහ ජනතාව ඉදිරියේ ඇති විකල්ප තේරීම් – සිකුරාදා මණ්ඩපය

    ඡායාරෑපය; ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ය. ජනාධිපති අපේක්ෂකයෙකු වශයෙන්, පක්ෂයක් විසින් නොව පවුලක් විසින් ප්‍රසිද්ධියේ නිර්දේශ කොට ‘අභිෂේක’ කරනු ලැබූ පුද්ගලයෙකු ලංකාවේ ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් කෙරෙන පළමු අවස්ථාව මෙයයි. ජාතියේ ඉදිරිමග පෙන්වන දේශපාලනික නායකත්වය පිළිබඳ තීරණ ගැනීමේ අවස්ථාව තව මාස කිහිපයකින් මෙරටට උදාවනු ඇත. මෑත අනාගතය තුළ අපේ රට ඉදිරියට යන […]

  • ගෝඨාභය සහ ජාතික ජන බලවේගය – සුනන්ද දේශප්‍රිය Read more >

    ගෝඨාභය සහ ජාතික ජන බලවේගය – සුනන්ද දේශප්‍රිය

      පසුගිය සති අන්තයේ පත්තර කඩයට ගිය අවස්ථාවෙහි මේ වන විට සිය ගණනාවකගෙන් මා අසා ඇති ප්‍රශ්නය යළි ඇසීමි. එනම් ඡන්දේ මොකද වෙන්නේ කියාය. වෙළද සැල් හිමි මා කලක සිට දන්නා අයෙකි. ඔහු මෙසේ කීවේ ය. ‘කව්රු ආවත් වැඩක් නෑ. අවුරුදු 71ක් ම රට කෑවා. දැන් ඉතිං මරල හරි රට හදන කෙනෙක් තමයි ඕන. එහෙම […]

  • දෙවැනි මනාපයෙන් ‌ගෝඨාභය රාජපක්ෂ නතර කරමු! – කුමාර් ඩේවිඩ් Read more >

    දෙවැනි මනාපයෙන් ‌ගෝඨාභය රාජපක්ෂ නතර කරමු! – කුමාර් ඩේවිඩ්

    මේ  කොලමේ කාරණා දෙකක් අවධාරණය කෙරේ: (1) එළැඹෙන ජනාධිපතිවරණයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්, වාමාංශිකයන් සහ ලිබරල්වාදීන් ඔවුන්ගේ පළමු සහ දෙවැනි මනාප ඡන්ද දෙකම පහත පරිදි පාවිච්චි කළ යුතුය. (2) දෙවැනි මනාපය පාවිච්චි කළ යුත්තේ ගෝඨාගේ පැමිණීම වැළැක්වීම පිණිස ය. ඒ මගින්, 20 වැනි සංශෝධනය හෝ ඊට ආසන්න ඉලක්කයක් ඉදිරියට ගැනීම සඳහා වන බලගතු පුද්ගලයන් දෙදෙනෙකුගේම අවශ්‍යතා පිරිමැසෙන අතරේම, එය […]

  • ජනාධිපතිවරණය: ගෝටාට විරුද්ධව කව්ද?  –  සුනන්ද දේශප්‍රිය Read more >

    ජනාධිපතිවරණය: ගෝටාට විරුද්ධව කව්ද? – සුනන්ද දේශප්‍රිය

    කාටූනය @awanthaartigala . අංක ගණිතය මගින් දේශපාලන අනාවැකි කීමට නොහැක. මන්ද යත් අංක ගණිතය යනු හුදෙක් එකයි එකයි දෙකයි කීමක් නිසා ය. ජනප්‍රිය නිදසුනක් ගන්නේ නම් වතුර බිංදු දෙකක් එකතු වූ විට වතුර බිංදු දෙකක් සෑදෙන්නේ නැත. සෑදෙන්නේ  ටිකක් ලොකු එක් වතුර බිංදුවකි. එසේ නමුත් ආරම්භක ස්ථානයක් ලෙස එළඹෙන ජනාධිපතිවරණය දෙස බැලීමට අපට පහේ පංතියේ අංක ගණනක් […]

  • නම ගිය අපරාධකාරයකුට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම ලැජ්ජා සහගත කටයුත්තක් – මංගල සමරවීර Read more >

    නම ගිය අපරාධකාරයකුට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම ලැජ්ජා සහගත කටයුත්තක් – මංගල සමරවීර

    ජායාරූපය: ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට පුද්ගලාභිවාදනය. මංගල සමරවීර විසිනි. අද දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහුගේ පවුලේ අලුත් දේශපාලන පක්ෂය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කළේය. අපේක්ෂකයා කවුද යන්න ගැන සති ගණනාවක් තිස්සේ ඇසුණු කටකතා ඔහු නොදන්නා බව ඇඟෙව්වේය. මා අවුරුදු ගාණක් තිස්සේ මහින්ද රාජපක්ෂ හොඳින් හඳුනමි. ජනාධිපති කුමාරතුංග යටතේ අපි දෙදෙනා ශ්‍රී […]

  • ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂකයා 18දා ගාලුමුවදොර ජනරැලියෙහි දී – ටිල්වින් සිල්වා Read more >

    ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂකයා 18දා ගාලුමුවදොර ජනරැලියෙහි දී – ටිල්වින් සිල්වා

    මේ වෙනකොට අපේ රටේ ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් දේශපාලන කතාබහක් ඇතිවී තිබෙනවා. සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික හැමපැත්තෙන්ම විශාල අර්බුදයක තිබෙන අවස්ථාවක තමයි අපි දැන් ඉන්නේ. වසර 71ක ධනේශ්වර පාලනයේ ශේෂ පත්‍රය තමයි ඉතා බරපතල ලෙස පැනනැගුන මේ සියලුම අර්බුද. ආර්ථිකය ගොඩනගන්න මේ පාලකයන් අසමත් වුණා වගේම සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව තුළ ජාතික සමගිය ගොඩනගන්නත් අසමත් වී […]

  • එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකත්වයේ අවුල: කවුද වඩා හොඳ, සජිත් ද කරූ ද? – රංග ජයසූරිය Read more >

    එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකත්වයේ අවුල: කවුද වඩා හොඳ, සජිත් ද කරූ ද? – රංග ජයසූරිය

    එක්සත් ජාතික පක්ෂය මහ අමාරුවක වැටී සිටී. ජනාධිපතිවරණය සඳහා වන අපේක්ෂකයා පිළිබඳව විකට නාටකයක් රඟ දැක්වෙමින් තිබේ. මේ කාලකණ්ණි තත්වය දිගටම පැවතුණොත්, දැනටමත් පක්ෂය තුළ පවතින වෙනස්කම් වැඩි වර්ධනය වී එක්සත් ජාතික පක්ෂය, ජනාධිපතිවරණය පටන් ගැනීමටත් කලින් ඉන් පරාජයට පත්වන පක්ෂයක් බවට පත්විය හැකිය. එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා පිළිබඳව පවතින මේ දෙකටදෙවාරණය තීව්‍ර කරන එක […]

  • නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය ද, නැත්නම් දේශපාලනික අවීචිය ද? තේරීම දැන් තවත් පැහැදිලි ය. Read more >

    නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය ද, නැත්නම් දේශපාලනික අවීචිය ද? තේරීම දැන් තවත් පැහැදිලි ය.

    Image courtesy of The Wallpaper. විශ්වමිත්‍ර 1984. “ජාතිකවාදය යනු, ආත්ම-වංචනයෙන් පණ පෙවූ බල පිපාසයයි” – ජෝර්ජ් ඕවල් එක්සත් ජාතික පක්ෂය ගොළු වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදයේ ධජය දරා සිටි පක්ෂයක හඬ අහිමිව ගොසිනි. සිල්ලර දේශපාලනය කෙරෙහි වන වැඩිමනත් නැමියාව විසින් නව යුගයේ දේශපාලනය තුළ එය යල්පීනූ ප්‍රපංචයක් බවට සහ නියමුවෙකු නැති යාන්ත්‍රණයක් බවට එය පත්ව ඇත. නියමුවා සේ […]

  • ජනාධිපති වීමට බලා සිටින අය ව්‍යවස්ථාවේ 43 වැනි වගන්තිය කියවා නැත්ද? –  නිහාල් ජයවික‍්‍රම Read more >

    ජනාධිපති වීමට බලා සිටින අය ව්‍යවස්ථාවේ 43 වැනි වගන්තිය කියවා නැත්ද? – නිහාල් ජයවික‍්‍රම

    ඊළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වන ඡන්දය මේ වසරේ නොවැම්බර් 8 වැනි දා සහ දෙසැම්බර් 8 වැනි දා අතර දවසක පැවැත්විය යුතුය. දැනට සිටින ජනාධිපතිවරයා නැවත ඡන්දය ඉල්ලීමට අදහසක් නැති බව මේ වන විට කියා ඇති නිසා, එළැඹෙන ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල ඡන්ද කොමසාරිස් විසින් ප‍්‍රකාශයට පත්කරන දවසේම අලුතෙන් තේරී පත්වන පුද්ගලයා ජනාධිපති වශයෙන් වැඩ බාර ගනු […]

  • ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ අනාගතය සහ එළඹෙන ජනපතිවරණය  – මහාචාර්ය ඒ.ඕ.ඒ. ද සොයිසා Read more >

    ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ අනාගතය සහ එළඹෙන ජනපතිවරණය – මහාචාර්ය ඒ.ඕ.ඒ. ද සොයිසා

    මෙම වසරේ අග පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය මේ දිනවල නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන උණුසුම් දේශපාලන මාතෘකාවක් බවට පත්ව ඇත. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු පහකට සීමා කර තිබෙන බැවින් 2015 ජනවාරි 08 දින පැවැත් වූ ජනාධිපතිවරණයෙන් බලයට පත් වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ධුර කාලය 2020 වර්ෂයේ ජනවාරි 08 දා අවසන් වේ. ආණ්ඩුක්‍රම […]

  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ගෝඨාභය චින්තනය – හරීම් පීරිස් Read more >

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ගෝඨාභය චින්තනය – හරීම් පීරිස්

    ශ්‍රී ලංකාවේ මාධ්‍ය, විශේෂයෙන් සිංහල මාධ්‍ය මේ දිනවල ඉතා උනන්දුවෙන් සොයා බලන කාරණයක් තිබේ. එනම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ගොඩනැගීමට යෝජිත සන්ධානයේ ඉදිරි වගතුග ය. එවැනි උනන්දුවක් ඇති වීමට හේතු වී තිබෙන්නේ, එම මාතෘකාව මැද්දේ එවැනි සන්ධානයකින් ඉදිරිපත් කෙරෙන ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න ඇමිණී ඇති බැවිනි. දැනට පවතින්නේ, ජනාධිපති […]

  • ජනපතිට අල්ලපු අත්තත් පය ගැසූ අත්තත් දෙකම අහිමි වන ලකුණු Read more >

    ජනපතිට අල්ලපු අත්තත් පය ගැසූ අත්තත් දෙකම අහිමි වන ලකුණු

    තමන් නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නොනිල නායකත්වය යටතේ පවතින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර පොදු සන්ධානයක් ඇතිකර ගැනීම සඳහා ජනපතිවරයා මහත් වෙහෙසක් දරමින් සිටී. එහෙත් එහි ප්‍රතිඵල නෙළාගැනීමට තවත් කාලයක් ගතවනු ඇත. පසුගිය සතියේ නොයෙක් කටකතා පළවුවත් ඒවායේ සදහන් වූ ආකාරයට ජනපතිවරයා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර […]

  • ජනාධිපතිවරණය සහ ජනාධිපතිවරයාට ඇති ‘කුරුවල්කාර බලය’ – එස්. අයි. කීතපොන්කාලන් Read more >

    ජනාධිපතිවරණය සහ ජනාධිපතිවරයාට ඇති ‘කුරුවල්කාර බලය’ – එස්. අයි. කීතපොන්කාලන්

      ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ මේ වන විට ඉදිරි ජනාධිපතිවරණය ගැන හිතාගෙන ඊට අදාළ කළමණා සකස් කරමින් සහ උපායික පියවර ගනිමින් සිටී. අගමැති රනිල් වික්‍රමසිංහ ගිය මාසයේ උතුරේ කළ සංචාරය එවැනි එක් උපායික පියවරකි. මන්ද යත්, දෙමළ ඡන්ද එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ගණන් බැලීම් තුළ ඇතුළත් ප්‍රධාන සාධකයක් විය යුතුව ඇති බැවිනි. ශ්‍රී ලංකා පොදුජන […]

Back to Top