Sri Lanka Brief
ජනාධිපතිවරණය 2015

ජනාධිපතිවරණය 2015

  • විමල් විරවංශගේ මැරයින්ට ප්‍රහාරයක්; සේවකයනුත් බිලිදෙයි Read more >

    විමල් විරවංශගේ මැරයින්ට ප්‍රහාරයක්; සේවකයනුත් බිලිදෙයි

    (මැරයන් රකින පොලිසිය) විමල් වීරවංශ ඇමතිවරයා මැරයින් පිරිසක් සහ අමාත්‍යාංශයට අයත් ආයතනවල සේවකයන් යොදවාගනිමින් එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොත ඉදිරිපිට උද්ඝෝෂණයක යෙදෙන මුවාවෙන් එම ගොඩනැගිලිවලට පහරදීම නිසා එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයින් පෙරලා පහරදී තිබේ. අද (24) දින සේවයට වාර්තා කළ එම සේවකයන් මෙවැනි ක්‍රියාවකට යොදාගැනීම පිළිබඳව එම සේවකයන්ගෙන්ම ඇමතිවරයාට බලවත් විරෝධයක් එල්ලවෙමින් තිබේ. මෙහිදී […]

  • මහින්ද වින්තනය: ප්‍රායෝගික ඇත්තම පිටපත Read more >

    මහින්ද වින්තනය: ප්‍රායෝගික ඇත්තම පිටපත

    (කර්තෘ අඥාතය) මම ජය ලබන්නට නම් විරුද්ධ පාර්ශවයට රැස්වීම් රැලි පවත්වමින් ජනතාව අතරට යන්නට ඉඩක් නොතබා රටේ සිය`ඵම පිට්ටනි සහ සභා ශාලා ක`ඵ සල්ලිකාරයින්ගේ මුදල් යොදා හෝ මගේ බලය යොදා හෝ ඡුන්දය නිම වනතුරු අවහිර කර තැබිය යුතුය. එය අපූරුවට සිදුකර තිබේ. විරුද්ධ පාර්ශවයේ කටවුට්, පෝස්ටර් ගැලවියයුතුය. ඒවා අලවන්නන් බිය වද්දා පලවාහැරිය යුතුය. මට කිසිම […]

  • මේ තිස්ස විතාරන සමසමාජ පක්ෂයේ 4වන සංවත්සරය මිස සමසමාජ 79 ය නොවේ! Read more >

    මේ තිස්ස විතාරන සමසමාජ පක්ෂයේ 4වන සංවත්සරය මිස සමසමාජ 79 ය නොවේ!

    මහාචාර්ය විජය කුමාර් විසිනි- ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය වන ලංකා සමසමාජ පක්ෂයේ 79 වැනි සංවත්සරය යෙදෙන්නේ දෙසැම්බර් 18 වැනි දාටයි. එන්. එම්. පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන සහ බර්නාඞ් සොයිසා වැන්නන්ගේ ලංකා සමසමාජ පක්ෂය අධිරාජ්‍ය-විරෝධී අරගලය තුළ ප‍්‍රධාන භූමිකාවක් රඟපෑවා පමණක් නොව, අද කම්කරු පංතියත් ලංකාවේ පොදු ජනතාවත් භුක්ති විඳින බොහෝ ප‍්‍රතිලාභ සාධනය […]

  • රාජපක්ෂගේ (පර)ලොව දිනන මග එළිදකී Read more >

    රාජපක්ෂගේ (පර)ලොව දිනන මග එළිදකී

    තම “ලොව දිනන මග”, රාජපක්ෂ වැරදිකරුවෙකු සහ අසමත් නායකයෙකුවන කාරණා සියල්ලම සූක්ෂමව වෙනස් කිරීමට ගොස් ආරවුලක පැටලී ඇත. එමඟින් ඔහු ජනතාවට ඔහුව වඩාත් හොඳින් තේරුම් ගැනීම සඳහා ලිඛිත සාක්ෂියක් ඉදිරිපත් කොට ඇත. නිලන්ත ඉලංගමුව විසිනි මෛත්‍රිපාල සිරිසේන මහතා පිටු 35 කින් වඩාත් සරලව හා තේරෙන බාසාවෙන් සඳහන් කළ දේ මහින්ද රාජපක්ෂ වෙනස් විදිහකට කීමට ගොස් […]

  • ප්‍රකාශණ නිදහසට එරෙහිව හම්බන්තොට මැර කල්ලියෙන් පිස්තෝල, යකඩ පොලූ හා දැලිපිහි Read more >

    ප්‍රකාශණ නිදහසට එරෙහිව හම්බන්තොට මැර කල්ලියෙන් පිස්තෝල, යකඩ පොලූ හා දැලිපිහි

    (සුනිල් ජයසේකර විසිනි) නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සම්පත් සමරකොන් සහ කලාකරු ජයතිලක බණ්ඩාර ඇතුළු පිරිසට එල්ල වූ ප‍්‍රහාරය නීතියේ පාලනය බිඳවැටීමේ සංකේතයකි සිවිල් සංවිධාන කිහිපයක් එක්ව රට පුරා පවත්වන ‘වීදියේ විරෝධය’ ප‍්‍රසාංගික වැඩසටහන ඊයේ (21) හම්බන්තොට නගරයේදී පැවැත්වෙමින් තිබියදී, ජනාධිපතිවරයාගේ සුරතලකු වන කුප‍්‍රකට නගරාධිපති විරාජ් ප‍්‍රනාන්දු ඇතුළු මැර කල්ලියක් ඊට කඩා වැදී එල්ල කළ නින්දිත […]

  • හම්බන්තොට වැනි ප්‍රහාර වැළැක්විමට අවදියෙන් සිටිමු – කිිතුණු සහයෝගිතා ව්‍යපාරය Read more >

    හම්බන්තොට වැනි ප්‍රහාර වැළැක්විමට අවදියෙන් සිටිමු – කිිතුණු සහයෝගිතා ව්‍යපාරය

    ( ජයතිලක බන්ඩාර වියරුවට එරෙහිව) පසු ගිය 21 වෙනිදා හම්බන්තොටදී ජේෂ්ඨ මාධ්‍යවේදී ජයතිලක බණ්ඩාර ඇතුළු ”වීදියේ විරෝධය” කණ්ඩායම පහර කෑමට ලක්වූ බව මාධ්‍ය මගින් අපි දැනුවත් වීමු. මාධ්‍ය තොරතුරු අනුව එම පහරදිම සිදු කර ඇත්තේ හම්බන්තොට නගරාධිපති එරාජ් ප‍්‍රනාන්දු විසින් නායකත්වය සපයා ඇති මැර කණ්ඩායමක් විසිනි. එම කණ්ඩායමට තමන්ගේ දේශපාලන මත ප‍්‍රකාශකිරීමට සම්පූර්ණ නිදහස ඇති […]

  • වීරවංශ වෙබ් අඩවියෙන් නිලන්ත ඉලංගමුවට අසත්‍ය චෝදනා Read more >

    වීරවංශ වෙබ් අඩවියෙන් නිලන්ත ඉලංගමුවට අසත්‍ය චෝදනා

    (බොරු කිමෙන් නහය දික් වූ පිනෝ කියෝ) විමල් විරවංශවාදි  ලංකා ස‍ි අබවියෙන් ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙබ් අඩවියෙහි සංස්කාකරක නිලන්ත ඉලංගමුවට අසත්‍ය චෝ්දනා නගමින මඩ ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඒ පිළිබඳව නිලනත ඉලංගමුව විසින්  එම වෙබ් අඩවියට යවන ලද පිළිිතුර පහත දැක්වෙ. සී නිව්ස් බොරු පළකිරීම සම්බන්ධයෙනි ඔබ විසින් මා හට යළි යළිත් අසත්‍ය කරුණු යොදා […]

  • විධායකයේ ශාපය: දූෂණයේ ආශ්චර්ය කියවා බලන්න Read more >

    විධායකයේ ශාපය: දූෂණයේ ආශ්චර්ය කියවා බලන්න

    කියවිය යුතුමයි. ඔබට අවශ්‍ය නම් දෙවරක් කියවන්න. සෑම පේලියක්ම සෑම වචනයක්ම කියවන්න. ”ආසියාවේ ආශ්චර්ය” වෙනුවෙන් කියැවෙන්නේ මේවායි. විධායකයේ ශාපය 2009 දී එල්ටීටි ය ඉවත් කිරීමෙන් ලාංකිකයෝ ඉමහත් අස්වැසිල්ලකටත් උද්දාමයටත් පත්වූවා පමණක් නොව අති මහත් අභිවෘර්ධියක් සහ යහ පාලනයක් බලාපොරොත්තු විය. ව්රුද්ධ පක්‍ෂයේ දූෂිත දේශපාලඥයින් මිලදී ගැනීමෙන් පසුව වුවද පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයක් තුළින් ලංකාවට යහපතක් […]

  • “අපි වේල් තුනෙන් වේල් දෙකයි කන්නෙ, මේක තමා ඇත්ත”-සරසවි සිසුහු කියති ! Read more >

    “අපි වේල් තුනෙන් වේල් දෙකයි කන්නෙ, මේක තමා ඇත්ත”-සරසවි සිසුහු කියති !

      (පොලිසිය නිරායුද සිසුන්ට වැඩ පෙන් වූ හැටි) ”අපි වේල් තුනෙන් වේල් දෙකයි කන්නෙ, මේක තමා ඇත මේ මහත්තුරු නොදන්න, ඔය මහත්තුරු අපිට ගහල එලවල, ඇත්ත ඒක, ඔය කෙල්ලන්ට අද යකඩ පොල්ලෙන් ගැහුව, ඔය නංගිට ගහනව ද? අවුරුදු 4ක්, අවුරුදු 4ක් නොකා නොබී අපි ඉගෙන ගන්නෙ, අපේ රිසාල්ට් ඒ 3යි, අපේ රිසාල්ට් ඒ 3යි අපේ […]

  • ලේක්හවුසියට එරෙහිව මාධ්‍යවේදීහු වීදි බසිති Read more >

    ලේක්හවුසියට එරෙහිව මාධ්‍යවේදීහු වීදි බසිති

    රජයේ මාධ්‍ය ආයතන නීති විරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල යෙදෙන බවට චෝදනා කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා පිවිතුරු හෙටක් සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන රැසක් උද්ඝෝෂණයක නිරත වෙති. කොළඹ ලේක්හවුස් ආයතනය ඉදිරිපිට පැවති උද්ඝෝෂණය සඳහා වෘත්තීය සමිති නියෝජිතයන්ද එක් වී සිටියහ. ‘ලංකාවේ මාධ්‍ය සංස්කෘතියට අනභිභවනීය දායකත්වයක් ලබා දුන් ආයතනයක් ඉදිරිපිට අද මේ උද්ඝෝෂණය පැවැත්වෙන්නේ. අපි දන්නවා […]

  • හම්බන්තොට මැර ප‍්‍රහාරයට ලංකා ජාත්‍යන්තරයේ විරෝධය Read more >

    හම්බන්තොට මැර ප‍්‍රහාරයට ලංකා ජාත්‍යන්තරයේ විරෝධය

    (මාධ්‍ය නිවේදනයකි) හෙලා දැකීම හා විරෝධය පෑම ද සාමාන්‍යකරණය වෙමින් හිංසනය සංස්කෘතියක්  වී ඇති ලංකා දේශපාලන සංස්කෘතිය විෂම චක‍්‍රයක් වී ඇත. ශිෂ්ට සම්පන්න සමාජයක් අවශ්‍ය යැයි නොහැගෙන  ලෙස මෝහනයකට පත් කර ඇති සමාජයක  ශිෂ්ට සම්පන්න මිනිසුන්ගේ වගකීම හා යුතුකම  වන්නේ සමාජයේ මරනින්ද බිඳ දැමීමය. ඒකාධිපති මහින්ද රාජපක්ෂ රෙජීමයේ අත්තනෝමතික ජඩ පාලනයට එරෙහිව මේ මොහොතේ නැගී […]

  • මහින්දට ජන්දය දෙන්නැයි, හමුදාව වන්නි මැතිවරණ ප්‍රචාරයේ Read more >

    මහින්දට ජන්දය දෙන්නැයි, හමුදාව වන්නි මැතිවරණ ප්‍රචාරයේ

    වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ජන්දය ලබා දෙන්නයි ඉල්ලා හමුදා සෙබළුන් වන්නි ප්‍රදේශයේ ප්‍රචාරක කටයුතුවල නිරතව ඇතයි ග්ලෝබල් ටැමිල් නිව්ස් වාර්තා කරයි. මහින්දට ජන්දය ලබා දෙන්නයි වන්නි ජනතාව වෙත හමුදාව විවිද ආකාරවලින් බලපෑම් කරන බවද අතුරුදහන්වූ පිරිසව මහින්ද රාජපක්‍ෂ මහතා නිදහස් කරනු ඇතයිද ඇතැම් ප්‍රදේශවල හමුදාව පවසා තිබේ. රනිල්ද? මහින්දද? යැයි තීරණය කරන ලෙසත්, කොටි […]

  • පොදු අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයන එළි දැක්වීමටත් බාධා: හමුදාව එයි;වයර් කපයි Read more >

    පොදු අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයන එළි දැක්වීමටත් බාධා: හමුදාව එයි;වයර් කපයි

    ( ප්‍රතිපත්ති ප්‍රකාශණය එලි දැක්විම අතරතුර) කැෆේ මැතිවරණ වාර්තා අංක 38– විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීමේ අවස්ථාව 2014 දෙසැ. 19 දින කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේ දී පැවැත්වුණි. මෙම උත්සවය සදහා අවසර ඉල්ලා 2014 දෙසැ. 16 දින යොමු කළ ලිපියකට එදිනම කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ නාගරික කොමසාරිස් […]

  • ‘සිය දිනකින් අලුත් රටක්‘ හදන පොදු විපක්‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ෂයේ දිනපොත සහ ක්ෂනික සහන 100 මෙන්න Read more >

    ‘සිය දිනකින් අලුත් රටක්‘ හදන පොදු විපක්‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ෂයේ දිනපොත සහ ක්ෂනික සහන 100 මෙන්න

    ජනවාරි 08 දින ජනාධිපතිවරණය ජයගැනිමෙන් පසු පොදු විපක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ක්‍රියාවට නංවන වැඩ සටහන දින වකවානු ඇතිව අද නිකුත් කරන ලදි. ඒ මෙසේ ය. 2015 ජනවාරි 10 සෙනසුරාදා නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවුරුම් දීම. 11 ඉරිදා පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් ඇතුළත් වන පරිදි පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් […]

  • ඩිව්, තිස්ස, වාසු, මේකත් ජන්දයක් ද? Read more >

    ඩිව්, තිස්ස, වාසු, මේකත් ජන්දයක් ද?

    සුනන්ද දේශප්‍රිය – පරණ වාමාංශයේ නායකයන් වශයෙන් ඉතිරිව සිටින ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ සහ වාසුදේව නානායක්කාර යන සහෝදර මහත්වරු මේ අවස්ථාවේදිත් මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමට දර දිය අදිමින් සිටිති. එය ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය යි. ඔවුන් රාජපක්ෂ බලයට වෙනුවෙන් පෙනී සිටින්නේ පසුගිය දස වසර තුළ කරන ලද කුමණ සාධනීය හේතු උඩ දැයි හරියාකාර පැහැදිළි කිරිමක් […]

  • අධිකරණය රාජපක්ෂගේ රූකඩයක් බව කැටගොඩ පෙන්වයි (විඩියෝ)

    ජනරාල් සරත් ෆොන්සේකා ගේ බෑණනුවන් වන ධනුන තිලකරත්න ඇප මත මුදා ගැනීමට හැකි වුණේ තමා ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමඟ පවත්වන ලද සාකච්ඡා නිසා යයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොබෙිබීසි සංහල සේවයට පවසා තිබේ. පසුගිය දා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් ඉවත්ව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට එක් වී සිටින මන්ත්‍රීවරයා බීබීසී සංදේශය සමඟ විශේෂ […]

  • මෛත්‍රී සේද සරම් දෙන එකක් නැහැ, නමුත් මහින්දගෙන් තියන අමුඩෙවත් බේරාගන්න ඕනෑ! Read more >

    මෛත්‍රී සේද සරම් දෙන එකක් නැහැ, නමුත් මහින්දගෙන් තියන අමුඩෙවත් බේරාගන්න ඕනෑ!

    නඩරාජා ගුරුබරන් (සංස්කාරක, ග්ලෝබල් ටැමිල් නිව්ස්) – 2005 ජනාධිපතිවරණය පැවැති කාලය, එය සාම සාකච්ඡාවන් අවසානය කරා ගමන් කරමින් තිබූ කාලයයි… නැවැත යුද්දයක් ඇතිවිය හැකි සාංකාවක් රට පුරා උග්‍රව තිබූ කාලයකි… ජනාධිපතිවරණයදී දරුණු මතවාදී පක්‍ෂයන් සියල්ල එක් පැත්තකට එක්රැස්වුණි. සාම සාකච්ඡාව නවතා දැමිය යුතුයි.. රනිල් – ප්‍රබා හවුල රට දෙකට බෙදීමට යනවා.. යැයි ජනතා විමුක්ති පෙරමුණ, […]

  • පොලීසියේ සිටි සැකකරුවන් පැහැර ගනී. සිනමා ශාලාවට ප්‍රහාරයක්. තැපැල් ජන්ද කොල්ල සූදානමක් Read more >

    පොලීසියේ සිටි සැකකරුවන් පැහැර ගනී. සිනමා ශාලාවට ප්‍රහාරයක්. තැපැල් ජන්ද කොල්ල සූදානමක්

    සිනමා ශාලාවට එල්ල වූ මැර ප්‍රහාරය) කැෆේ මැතිවරණ වාර්තා අංක 37 – වදුරඹ පොදු අපේක්ෂක වේදිකාව ගිණි තැබීම -මන්ත්‍රී මුතුහෙට්ටිගම සැකකරුවන් පැහැරගෙන යයි. ගාල්ල දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා විසින් මෙයට සුඵ වේළාවකට පෙර වදුරඹ එජාප වේදිකාව ගිණි තැබීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනා පැහැර ගෙන ගොස් ඇත. වදුරඹ ගිණි තැබීමට සම්බන්ධ සැකකරුවන් […]

  • මෛත්‍රී  ප්‍රතිපත්ති ප්‍රකාශය : ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක ඇරඹුම Read more >

    මෛත්‍රී ප්‍රතිපත්ති ප්‍රකාශය : ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක ඇරඹුම

    මෛත්‍රී ගේ සම්පුර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙතැනින් කියවන්න අද එළිදැක්වුනු මෛත‍්‍රී ප‍්‍රතිපත්තියෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහතික කරන ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කෙරේ. අත්තනෝමතික වත්මන් විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට, පාර්ලිමේන්තුව හා සම්බන්ධ විධායකයක් සහිත ආණ්ඩුක‍්‍රම ව්‍යූහයක් හඳුන්වා දීමට පියවර ගැනේ. එහිදී ජනාධිපතිවරයා අන් පුරවැසියන් මෙන්ම සමානව නීතිය ඉදිරියේ සැළකෙයි. නීතිමය වශයෙන් විශේෂ වරප‍්‍රසාද නව ආණ්ඩුක‍්‍රම ව්‍යූහය යටතේ ජනාධිපතිවරයාට නොලැබේ. සියලූම […]

  • මැතිවරණ කොමසාරිස්ගේ නිහඬතාවය ජාතියේ අවාසනාවක්..! එජාපය Read more >

    මැතිවරණ කොමසාරිස්ගේ නිහඬතාවය ජාතියේ අවාසනාවක්..! එජාපය

    (එක්සත් ජාතික පන්ෂයේ විශේෂ නිවේදනයකි) එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපතිවරණ අපේක්ෂක මහින්ද රාජපක‍්ෂ සිය මැතිවරණ ප්‍රචාර කටයුතු අතර, තම වාසිය පිණිස මැතිවරණ නීති දිගින් දිගට ම උල්ලංඝනය කරමින් සිටී. මේ සම්බන්ධව සිවිල් සංවිධාන පොදු විපක‍්ෂය හා එක්සත් ජාතික පක‍්ෂය පසුගිය කාලයේ අවස්ථා ගණනාවකදී මැතිවරණ කොමසාරිස්වරයාගේ අවධානය යොමු කර ඇත. එබඳු ප්‍රතිවිරෝධීතාවන් මධ්‍යයේ වුවද රාජපක්ෂ මහතා […]

  • එල්ටිටීඊ මනසැති කණ්ඩායම් ජන්ද වර්ජනයකට සැරසේ Read more >

    එල්ටිටීඊ මනසැති කණ්ඩායම් ජන්ද වර්ජනයකට සැරසේ

    ශ්‍රී ලංකාවතුල මෙන්ම විදෙස්ගතව ද සිටින එල්ටීටීඊ මනැසැති පිරිස් එළමෙන ජනාධිපතිවරණය වර්ජනය කිරීමට තීරණය කර තිබේ. ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් නායකත්වය දරන දෙමළ ජාතික මහජන පෙරමුණ නම් කුඩා පක්ෂ අද යාපනයේ දී ජන්දය වර්ජනය කරන ලෙස දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය. එළෙස තීරණයකට එම සංවිධානයට ඇති අයිතිය ප්‍රශණ කළ නොහැක. එමෙන්ම එම තීරණය පිටුපස ඇති හේතු […]

  • මේ ප්‍රචන්ඩත්වය හමුවේ බියෙන් සැඟ වෙමුද? – රංජිත් හේනායකආරච්චි Read more >

    මේ ප්‍රචන්ඩත්වය හමුවේ බියෙන් සැඟ වෙමුද? – රංජිත් හේනායකආරච්චි

    ( මුස්ලිම් ජනයාගේ ඉල්ලිම්වලට රාජපක්ෂවාදි ප්‍රතිචාරය වුයේ ප්‍රචණ්ඩත්වය යි) තම ජන කණ්ඩායම මෛත්‍රීට සහාය දුන්නොත් තමන්ගේ ආරක්ෂාව ගැන තමනට බියක් ඇතිබව මුස්ලිම් කොංග්‍රසය බීබීසී මාධ්‍ය සේවයට පවසා තිබුනි. ඒවාගේම තවදුරටත් බොදු බල සේනාව ප්‍රකාශ කර ඇත්තේ මුස්ලිම් ජනයා මේ පවතින රජයට විරුද්ධව ඡන්දය දුනහොත් 1915 දී වැනි තත්වයක් 2015 දී ඇතිවිය හැකි බවයි. මේ ගැන […]

  • මෛත්‍රී දිනන බව අන්තර් ජාල මත විමසුමෙන් 76%ක් කිය යි. Read more >

    මෛත්‍රී දිනන බව අන්තර් ජාල මත විමසුමෙන් 76%ක් කිය යි.

    විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයෙහි ජනමත විමසුම් අංශය වන සෝෂල් ඉන්ඩිකේටර් ආයතනය මගින් පවත්වන ලද අන්තර් ජාල මත විමසුමට අනුව මෙම අවස්ථාවෙහි ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නම් සියයට 76ක් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරනු ඇතැයි විශ්වාශ කරයි. මෙම මත විමසුමෙහි අරමුණ ජනාධිපතිවරණ ප්‍රතිපළ පූරෝකථනය කිරිම නොවන බවත් ජනාධිපතිවරණය පිළිබද මත රුස් කිරිම මගින් දැනට කෙරි ගෙන යන සාකච්ජා වැඩ […]

  • යුක්තිය කෝ මැකෝ ? විපක්ෂය උපවාසයේ Read more >

    යුක්තිය කෝ මැකෝ ? විපක්ෂය උපවාසයේ

    ඡන්ද නීතිය හරියට ක්‍රියාත්මක නොවෙතියි කියමින් එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා සිවිල් සංවිධාන රැසක් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ සිට උද්ඝෝෂණයක නිරත විය. කෝ මැකෝ යුක්තිය වැනි පුවරු ඔසවාගෙන දහසකට වැඩි පිරිසක් එහි රැස්ව සිටියේ. ඇතැම් පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය අමු අමුවේම ඡන්ද නීති කඩන නමුත් මැතිවරණ කොමසාරිස්වරයා ඒ සම්බන්ධයෙන් කිසිවක් නොකියන බවට ඔවුහු […]

  • අනුරාධපුරේ රැළියට ලංගමේ බස් කුලිය පමණක් ලක්ෂ 250; මුළු වියදම ලක්ෂ 700 පනී. Read more >

    අනුරාධපුරේ රැළියට ලංගමේ බස් කුලිය පමණක් ලක්ෂ 250; මුළු වියදම ලක්ෂ 700 පනී.

    (රාජපක්ෂ අනුරාධපුර රුස්වීමට සෙනඟ ඇදපු ලංගම බස් ) පසුගිය දා අනුරාධපුරයෙහි පැවැත් වූ ජනාධිපති රාජපක්ෂගේ ප්‍රථම ජනාධිපතිවරණ රැළිය සඳහා ලංගම බස් රථ සඳහා පමණක් රුපියල් ලක්ෂ 250ක් ගෙවූ බවට ආණ්ඩු පක්ෂය මැතිවරණ කොමසාරිස්වරයාගේ විමසුමකට පිළිතුරු වශයෙන් සඳහන් කොට තිබේ. බස් රථ කුලියට ලබා ගැනීමට අදාළව රුපියල් මිලියන 25ක් වටිනා ගෙවීම් ලේඛන තමා වෙත ලැබුණු බව මැතිවරණ […]

  • අලුත්ගම පිට්ටනිය මෛත්‍රීීට නෑ, මහනුවර අත්පත්‍රිකා තහනමක්, එජාප මංත්‍රීට තුවාල Read more >

    අලුත්ගම පිට්ටනිය මෛත්‍රීීට නෑ, මහනුවර අත්පත්‍රිකා තහනමක්, එජාප මංත්‍රීට තුවාල

    කැෆේ  වාර්තාව 36- පොදු අපේක්ෂකයාට අලුත්ගම පිට්ටනිය නෑ. විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා දෙසැ. 18 දින බේරුවල දී පැවැත්වීමට නියමිත ජන රැළියට අලුත්ගම මහජන ක්‍රීඩාංගනය ලබාදීම බේරුවල ප්‍රාදේශීය සභාව විසින් ප්‍රතික්ෂේප කොට ඇත. අලුත්ගම දී පැවැත්වෙන බොහෝ ජාතික මට්ටමේ මැතිවරණ රැස්වීම් පවත්වනු ලැබූවේ මහජන ක්‍රීඩාංගනයේ ය. ඒ ආරක්ෂාව සහ පහසුකම් සැලසීමට ඇති අවස්ථාවන් නිසාය. […]

  • අධිනිෂ්චිත දයලෙක්තිකයේ වාමාංශික අවිනිෂ්චිතය Read more >

    අධිනිෂ්චිත දයලෙක්තිකයේ වාමාංශික අවිනිෂ්චිතය

    (දිය යුතුද නැත්ද) උදය ආර්. තෙන්නකෝන්– පාර- පශ්චාත් යටත් විජිත ලංකාවේ ඉපදුන පුරවැසියෙක් වශයෙන් මම ඡන්දය භාවිත කර ඇත්තේ එක් වරක් පමණි. ඒ ප්‍රේමදාස යුගයේ මර්ධනකාරී භීෂණයෙන් පසුව රටේ ඇති විය යුතු යැයි විශ්වාස කළ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය පිණිසය. විශාල මර්ධනයකින් පසුව ජනතා විමුක්ති පෙරමුණ නැවත මරණයෙන් නැගිට දේශපාලනයේ නෛතිකභාවය ලබා ගැනීම පිණිස 1994 ජනාධිපතිවරණයට […]

  • ආණ්ඩුවේ මැරයෝ බද්දේගම වේදිකාව ගිණි තබයි. ගල්නෑවේ අහසට වෙඩි තබයි. Read more >

    ආණ්ඩුවේ මැරයෝ බද්දේගම වේදිකාව ගිණි තබයි. ගල්නෑවේ අහසට වෙඩි තබයි.

    අනුරාධපුර ගල්නෑවේ වෙඩි තැබීමක්. වාහන 5 කට අලාභ.– අනුරාධපුර ගල්නෑව මහවත්තේගම කලංකුට්ටිය හි පිහිටි නිවසක විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ට සහය පල කිරීම සඳහා පැවති රැස්වීමක් කඩා වැදුණු පිරිසක් අහසට වෙඩි තබා වාහන කිහිපයකට අලාභ කොට ඇත. ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ මැතිවරණ ව්‍යාපාරය පිළිබද සාකච්ඡා කිරීමට උතුරු මැද පළාත් සභා මනත්‍රී […]

  • වෙනසක් කරමු! මිනිස්කම රජයමු!! හිසටයි උදරයටයි දැනෙන විදිහට!!! Read more >

    වෙනසක් කරමු! මිනිස්කම රජයමු!! හිසටයි උදරයටයි දැනෙන විදිහට!!!

    අපට වෙනසක් අවශ්‍ය යි. වෙනසකට රට ලැහැස්ති යි. ජන ගග භීෂණයෙන් දූෂණයෙන් පිරුනු රාජපක්ෂ පාලනය පිසදා දෙගොඩ තලා යන්න හැඩ වෙනවා. ඇයි, අපට වෙනසක් අවශ්‍ය? අපට මිනිස්සු විදිහට ගරුත්වයක් ඇතිව බයක් නැතිව කාලා බිලා යහතින් යහපත්ව ජීවත් වෙන්න ඕන නිසා. මිනිස් ජිවිතයක් කියන්නේ වටිනා දෙයක්. ඒ වටිනාකමට සරිලන පරිසරයක් නිර්මානය කරන එක තමයි ආන්ඩුවක රාජකාරිය. […]

  • නීතියේ ආධිපත්‍ය නැති තැන භීතියේ ආධිපත්‍ය රජ වේ! – රංජිත් හේනායකආරච්චි

    නීතියේ ආධිපත්‍ය රටක් තුල සමාජයක සෑම පුරවැසියෙකුටම තමාට සුරක්ෂිත බවක් ඇත යන විශ්වාසය තහවුරු කරයි. නීතියේ පාලනය ඇතිබවට ඇතිවන හැඟීමම රටවැසියා තුල ආරක්ෂාව පිළිබඳ විශ්වාසයක් ඇතිකරනු ලබයි. එවිට එම රට තුල, ඒ සමාජය තුල පුද්ගලයාට බියක් නොදැනෙන අතර බියෙන් තොරභාවය මිනිසා සාමකාමී මානසික තත්වයකට පත්කරනු ලබන අතර එනිසාම සාමකාමී සමාජයක් එම රටතුල ඇතිවේ. මෙම තත්වය […]

Back to Top