Sri Lanka Brief
ගෝඨාභය රාජපක්ෂ

ගෝඨාභය රාජපක්ෂ

  • ගෝඨාභය රාජපක්ෂගේ ‘වියත් මඟ’ දෙසුම:  අධිකාරීවාදී ධාරණාවක් සහිත අනාගත දැක්මක් – ලක්සිරි ප්‍රනාන්දු Read more >

    ගෝඨාභය රාජපක්ෂගේ ‘වියත් මඟ’ දෙසුම: අධිකාරීවාදී ධාරණාවක් සහිත අනාගත දැක්මක් – ලක්සිරි ප්‍රනාන්දු

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයෙකු වශයෙන් තමා සතු ජාතික උපායමග හෙවත් අනාගත දැක්ම අධිකාරීවාදී පන්නරයකින් යුතුව ඉදිරිපත් කොට තිබේ. ඔහුගේ ‘වියත් මඟ’ දේශනාවෙන් එය පැහැදිලි වෙයි. කෙසේ වෙතත්, තමාගේ අදහස් සහ අරමුණු සෑහෙන දුරට නිරවුල්ව ඉදිරිපත් කිරීම ගැන ඔහුට ප්‍රශංසා කළ යුතුය. ආණ්ඩුකරණයක අරමුණ පිළිබඳ ඔහුගේ නිර්වචනය පහත පරිදි ය: “ඕනෑම ආණ්ඩුවක අරමුණ විය යුත්තේ, සෑහීමට […]

  • ජනාධිපතිවරණ සහ ජනතාව ඉදිරියේ ඇති විකල්ප තේරීම් – සිකුරාදා මණ්ඩපය Read more >

    ජනාධිපතිවරණ සහ ජනතාව ඉදිරියේ ඇති විකල්ප තේරීම් – සිකුරාදා මණ්ඩපය

    ඡායාරෑපය; ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ය. ජනාධිපති අපේක්ෂකයෙකු වශයෙන්, පක්ෂයක් විසින් නොව පවුලක් විසින් ප්‍රසිද්ධියේ නිර්දේශ කොට ‘අභිෂේක’ කරනු ලැබූ පුද්ගලයෙකු ලංකාවේ ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් කෙරෙන පළමු අවස්ථාව මෙයයි. ජාතියේ ඉදිරිමග පෙන්වන දේශපාලනික නායකත්වය පිළිබඳ තීරණ ගැනීමේ අවස්ථාව තව මාස කිහිපයකින් මෙරටට උදාවනු ඇත. මෑත අනාගතය තුළ අපේ රට ඉදිරියට යන […]

  • ජනාධිපතිවරණයේ යටත් වීමේ දේශපාලනය – අහිලන් කදිරගාමර් Read more >

    ජනාධිපතිවරණයේ යටත් වීමේ දේශපාලනය – අහිලන් කදිරගාමර්

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරය සරුවට කෙරීගෙන යයි. ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ අපේක්ෂකයා වශයෙන් අනුර කුමාර දිසානායක නම් කොට ඇත. එහෙත්, එක්සත් ජාතික පක්ෂය තමන්ගේ අපේක්ෂකයෙකු තෝරාගත නොහැකිව තවමත් අර්බුදයක පැටලී සිටී. ජනාධිපතිවරණ හරහා, අනාගත පාලකයන්ගේ බලය සරිකර ගැනීමට අමතරව, ජනාධිපතිවරණයෙන් දෘෂ්ටිවාදීමය වශයෙන් ජයගන්නා හෝ පරාජයට පත්වන බලගතු සමාජ කොට්ඨාශවල […]

  • ‘උං ඔබව වගේ කුණුවුන හු*** මාධ්‍යවේදිනියක්ව මරයි’ – ‌‌ගෝටා ‌පෙඩ්‍රිකා ජෑන්සට කළ තර්ජනයේ කතාව Read more >

    ‘උං ඔබව වගේ කුණුවුන හු*** මාධ්‍යවේදිනියක්ව මරයි’ – ‌‌ගෝටා ‌පෙඩ්‍රිකා ජෑන්සට කළ තර්ජනයේ කතාව

    ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේඛම්වරයාගේ බිරිදට සූරිච් සිට බලු පැටියෙකු ගෙන ඒම වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන්සේවා ආයතනය සැළසුම් කළ ගුවන් යානය වෙනස් කළේ දැයි යන්න විමර්ෂනය කල සන්ඩේ ලීඩර් පුවත්පත, පසුව ඒ පිළිබදව ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේඛම්වරයාගෙන් විමසූ විට එහිදී ඉතාමත් උණුසුම් ලෙස වචන හුවමාරැවක් සිදු වී අති බවට සන්ඩේලීඩර් පුවත්පත වාර්තා කරයි. සන්ඩේ ලීඩර් පුවත්පත වාර්තා […]

  • ජනාධිපතිවරණය: ගෝටාට විරුද්ධව කව්ද?  –  සුනන්ද දේශප්‍රිය Read more >

    ජනාධිපතිවරණය: ගෝටාට විරුද්ධව කව්ද? – සුනන්ද දේශප්‍රිය

    කාටූනය @awanthaartigala . අංක ගණිතය මගින් දේශපාලන අනාවැකි කීමට නොහැක. මන්ද යත් අංක ගණිතය යනු හුදෙක් එකයි එකයි දෙකයි කීමක් නිසා ය. ජනප්‍රිය නිදසුනක් ගන්නේ නම් වතුර බිංදු දෙකක් එකතු වූ විට වතුර බිංදු දෙකක් සෑදෙන්නේ නැත. සෑදෙන්නේ  ටිකක් ලොකු එක් වතුර බිංදුවකි. එසේ නමුත් ආරම්භක ස්ථානයක් ලෙස එළඹෙන ජනාධිපතිවරණය දෙස බැලීමට අපට පහේ පංතියේ අංක ගණනක් […]

  • ගෝඨාභය රාජපක්ෂට විරුද්ධ ඇමෙරිකානු නඩුවේ, ‌රෝයි සාමාදානම්ට වධහිංසා පැමිණවීම පිළිබඳ සාක්ෂිය මෙන්න! Read more >

    ගෝඨාභය රාජපක්ෂට විරුද්ධ ඇමෙරිකානු නඩුවේ, ‌රෝයි සාමාදානම්ට වධහිංසා පැමිණවීම පිළිබඳ සාක්ෂිය මෙන්න!

    ඡායාරූපය: ‌‌රෝයි සාමාදානම්. කැලිපෝනියා මධ්‍යම දිස්ත්‍රික්කයෙහි එක්සත් ජනපද අධිකරණය හමුවෙහි රොයි මනෝජ් සාමදානම් විසින් නන්දසේන ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව පවරා ඇති නඩුවෙහි තමාට වධහිංසා පැමිණවීම පිළිබඳ ඔහු විසින් දී ඇති සාක්ෂිය පහත සදහන් වේ. එය උපුටා ගන්නා ලද්දේ ITJP වෙබ් අඩවියෙනි.   සම්පූර්ණ පැමිණිල්ල පීඩීඑෆ් ගොනුවක් ලෙස කියවන්න:Amended-Complaint-Sinhala

  • මෝල්ලු සහ මෝරු – තිසරණී ගුණසේකර Read more >

    මෝල්ලු සහ මෝරු – තිසරණී ගුණසේකර

    ජායාරූපය: කෝමල කකුලට වඩා තඩි සපත්තු දාගෙන ලොකුවට ඇවිදින්ට ගිය ඉළන්දාරියෙකුගේ අබග්ගය. විධායක ජනාධිපති තනතුරට නාමල් රාජපක්ෂව කොහෙත්ම නුසුදුසු කරවන එකම සාධකය වයසම නොවේ. දේශපාලනික ප්‍රභාව ඇතිව සිටි කාලයේ මේ ගැටයා කළ කී කිසි දෙයකින්, වගකීමක් ඇති තනතුරක් දැරීමට අල්ප හැකියාවක්වත් ඇති බවක් පෙන්වා නැත. ජනබල මෙහෙයුමත්, එහි අනිවාර්ය අසාර්ථකත්වයත් සංකේතවත් කෙළේ, කෝමල කකුලට වඩා තඩි […]

  • ගෝඨාභය උභතෝකෝටිකය – සුනන්ද දේශප්‍රිය Read more >

    ගෝඨාභය උභතෝකෝටිකය – සුනන්ද දේශප්‍රිය

    රාජපක්ෂ පවුලට යළි බලය ලබා ගැනීමට ඇති හොඳම තුරුම්පුව ගෝඨාභය රාජපක්ෂ ය. එමෙන්ම ජාතික සහ අන්තර් ජාතික වශයෙන් රාජපක්ෂවරුන්නට ඇති අවාසිදායක ම තුරුම්පුව ද ගෝඨාභයම ය. මේ වනාහී අරුමයක් ලෙස පෙනෙන ඉතිහාසයේ සරදමකි. රාජපක්ෂ පවුලට යළි බලය ලබා ගැනීමට ඇති ප්‍රධාන සාධකය සිිංහල බෞද්ධ හැගීම් ඇවිස්සීමට එහි ඇති සූදානමයි. යුද ජයග්‍රහණය සහ ‘රණ විරුවන්’ ආරක්ෂා […]

  • එළියෙන් අඳුරට සහ විපත් මගකට – ද ෆ්‍රයිඬේ ෆෝරම් Read more >

    එළියෙන් අඳුරට සහ විපත් මගකට – ද ෆ්‍රයිඬේ ෆෝරම්

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන් දින උත්සවයකදී, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි ස්වාමීන් වහන්සේ කළ ප්‍රකාශයත්, යාපනේ පැවති ප්‍රසිද්ධ රැස්වීමකදී හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශයත්, විශ්‍රාමික රෙයාර් අද්මිරාල් සරත් වීරසේකර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනී ආචාර්ය දීපිකා උඩගමට එරෙහිව කළ ප්‍රහාරක ප්‍රකාශනයත්, අප සියල්ලන් විසින් ප්‍රසිද්ධියේ හෙළාදැකිය යුතු කාරණා වන්නේය. පූජ්‍ය උපාලි […]

  • ගෝඨාභය රාජපක්ෂ නොගන්නා ප්‍රශ්නය  – සුනන්ද දේශප්‍රිය Read more >

    ගෝඨාභය රාජපක්ෂ නොගන්නා ප්‍රශ්නය – සුනන්ද දේශප්‍රිය

    පසුගිය දිනෙක අප ත්‍රීරෝද රථයකින් නුගේගොඩ සිට මහරගම බලා යමින් සිටියේ අසනීප වූ වෛද්‍ය මිතුරෙකුගේ සුව දුක් බැලීමට ය. අප සමඟ ත්‍රී රෝද රථයේ තවත් වෛද්‍ය මිතුරෙකුද විය. ඔහු සැණින් ත්‍රීරෝද රථ රියදුරා සමඟ කතා බහක් පටන් ගත්තේය. ආරම්භය ඉන්ධන මිලෙනි. රියදුරා ඉන්ධන මිල යළිත් ඉහළ දැමීම ගැන කෝපයෙන් කතා කරමින් ඊළඟ පාර ඡන්දයෙන් ගෝඨාභය […]

  • ෂැංග්‍රී-ලා හෝටලේ සොමිය/ 2020 ප්‍රජාපීඩකයෙක් සහ ගෝත්‍රික නායකයෙක් – සරත් ද අල්විස් Read more >

    ෂැංග්‍රී-ලා හෝටලේ සොමිය/ 2020 ප්‍රජාපීඩකයෙක් සහ ගෝත්‍රික නායකයෙක් – සරත් ද අල්විස්

    “ලෝකයේ ආත්මය වන ඒ මහාධිරාජයා තම රාජ්‍යෝදය නැරඹීමට නගරයෙන් පිටතට යනු මම දුටුවෙමි. ලෝකය අරක්ගෙන සිටින අතරේ, අශ්වයෙකු පිට නැගී එක ඉරියව්වක් වෙත දෑස් යොමාගෙන යන එවැනි පුද්ගලයෙකුගේ රුව දැකීම සැබවින්ම මන බන්දනීයයි.” ජෙනා නගරයේ සුදු අසෙකු පිට නැගී යන නැපෝලියන් බොනපාට් ගැන මහා දාර්ශනික හේගල් ප්‍රකල්පිත වුණේ එලෙස ය. විසි වැනි සියවසේ දාර්ශනිකයෙකු වන […]

  • ප්‍රජා පීඩකයෙක් නිරුවත්ව -සරත් ද අල්විස් Read more >

    ප්‍රජා පීඩකයෙක් නිරුවත්ව -සරත් ද අල්විස්

    “විරෝධතාකරුවා සතුරෙකි. එදිරිවාදියා මළ කඳකි”- පොල්පොට් ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ පරීක්ෂණ පිළිබඳ පළවූ පුවත්පත් වාර්තාවක් නිෂ්ප්‍රභා කරන හිටපු ආරක්ෂක ලේකම් සහ 2020 දී ජනාධිපති වීමට බලාගෙන සිටින ගෝඨාභය රාජපක්ෂ, මේ ඝාතනය සිදුවන අවස්ථාවේ හමුදා බුද්ධි අංශය භාරව සිටියේ එකල හමුදාපති වශයෙන් සිටි සරත් ෆොන්සේකා බවත්, ඒ අලකලංචිවලට තමාගේ කිසි සම්බන්ධයක් නැති බවත් කියා තිබේ. ඔහු කියන්ට […]

  • ලසන්ත ඝාතනය ගැන ගෝඨාගේ අලුත් බයිලාව – සුරනිමල උමගිලිය Read more >

    ලසන්ත ඝාතනය ගැන ගෝඨාගේ අලුත් බයිලාව – සුරනිමල උමගිලිය

    පසුගිය පෙබරවාරි 27 වැනි දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වශයෙන් පළවූ “ලසන්ත ඝාතනය පිළිබඳ පරීක්ෂණ අවුලක” නැමැති ප්‍රවෘතියට ප්‍රතිචාර දක්වමින්, ලසන්ත වික්‍රමතුංගව තිරිසන් ලෙස ඝාතනය කර දැමූ අවස්ථාවේ ආරක්ෂක ලේකම් වශයෙන් සිටියා වූ ද, ඝාතනයෙන් ටික දිනකට පසු “ලසන්ත කියන්නේ කවුද?” මැයෙන් බී.බී.සී. ගුවන් විදුලියට කුප්‍රකට සම්මුඛ සාකච්ඡාවක් දුන්නා වූ ද ගෝඨාභය රාජපක්ෂ, සටකපට […]

  • ගෝඨාභය රාජපක්ෂ යනු භීතිය ද?  රීතිය ද? Read more >

    ගෝඨාභය රාජපක්ෂ යනු භීතිය ද? රීතිය ද?

    ‘ගෝඨා අපේ’ යනුවෙන් පසුගිය දිනවල කොළඹ දැන්වීම් පුවරුවල ලියා තිබුණි. ‘‘අපේ’’ යනුවෙන් හරියටම අදහස් කෙරුණේ කවුරුන් ද යන්න පැහැදිළි නැතත්, මේ වනාහී, ගෝඨාභය රාජපක්ෂ අනාගත දේශපාලන ගමනක් යාමට සකස් කර ගත් ප‍්‍රචාරක ව්‍යාපාරයක කොටසක් ය යන්න පැහැදිළි ය. එහෙත් එය ඇස් මානයේ පෙනෙන්ට ඇති තරම් ලේසිපාසු කාරියක් නොවේ. මන්ද යත්, මොන අරුතකින් ගත්තත්, ගෝඨාභය ඇමරිකානු […]

  • ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, දෙබිඩ්ඩෝ සහ පැසිස්ට්වාදය – සුනන්ද දේශප්‍රිය Read more >

    ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, දෙබිඩ්ඩෝ සහ පැසිස්ට්වාදය – සුනන්ද දේශප්‍රිය

    2015 පරාජයෙන් පසු තක්බීර්ව සිටි දේශපාලන දෙපත් නයි දැන් යළි අවධි වන්නට පටන් ගෙන තිබේ. මේ දෙපත් නයින්ගේ ප්‍රධාන කුරුමානම බවට පත්ව ඇත්තේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යි. රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍යවන්නේ ඇයිදැයි ප්‍රශ්ණ කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද ආණ්ඩුවට ප්‍රශ්ණ පත්‍රයක් එවා තිබේ. එමෙන්ම වෛද්‍ය වැඩවර්ජනයක් දියත්කර එදිනම පුද්ගලික රෝහලක සේවය සඳහා මුදල් ලබාගෙන […]

  • ශ්‍රීලනිපය: මහින්ද යටතේ උප සභාපති වූ කරුණා සහ මෛත්‍රී යටතේ උප නායකයා වෙන්න හදන ගෝඨා ! – නිලන්ත ඉලංගමුව Read more >

    ශ්‍රීලනිපය: මහින්ද යටතේ උප සභාපති වූ කරුණා සහ මෛත්‍රී යටතේ උප නායකයා වෙන්න හදන ගෝඨා ! – නිලන්ත ඉලංගමුව

    රටේ දේශපාලනය කැලතෙන ආකාරය කදිමය. ඇතැමුන් සමාජ ස්ථාවරත්වය අන්තවාදයක් ඔස්සේ මුදුන්පමුණුවා ගැනීමට හැකි යැයි සිහින දකිති. තවකෙකු, මීට මදක් වෙනස් මාර්ගයක ගමන් කරමින්, “ජාතිවාදය” ( නැෂනලිස්ම්) [ මෙය ජාතිකවාදය ලෙස ඇතැමුන් හඳුන්වමින් වර්ගවාදය ජාතිවාදය ලෙස හඳුන්වති] ඔස්සේ රට ස්ථාවර කළ හැකි යැයි කියනු ලැබේ. මේ අතර 2015 ජනවාරි සිට මෙරට ජනතාවගෙන් බහුතරයක කැමැත්තෙන් පිහිටුවා ගත් […]

Back to Top